Monthly Archives: February 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3ajNyDX
උපසෙන ථෙර ගාථා

“ජනයාගෙන් වෙන්වූ, නිශ්ශබ්දවූ, වල්සතුන් විසින් සෙවුනාලද සෙනසුන භික්ෂුව විසින් හිත මනාකොට පිහිටුවා ගැණීමට සේවනය කටයුතුය.

“කසල ස්ථානයෙන් හෝ සොහොන් පිට්ටනියෙන් හෝ වෙන අන් තැනකින් හෝ ගනුලබන රෙදි කැබලිවලින් මසාගන්නාලද රූක්ෂ චීවරයක් දැරිය යුතුයි.

“නිහතමාන සිතින් යුක්තව පිළිවෙළින් භික්ෂුතෙමේ වසනලද සදොර ඇතුව මනා සංවරයෙන් යුක්තව පිඬු පිණිස හැසිරිය යුතුය.

“ස්වල්පවූ දෙයින්ද සතුටු වියයුතුය. අන්‍යවූ මිහිරි බොහෝ දේවල් බලාපොරොත්තු නොවිය යුතුය. රසයෙහි ගිජුවූ පුද්ගලයාගේ සිත ධ්‍යානයෙහි නොඇලේ.

“ඥානවන්ත පුද්ගලයා ස්වල්ප ආශා ගුණයෙන්ද, යථාලාභාදී වශයෙන් පවත්නා සන්තොෂ ගුණයෙන්ද, හුදකලා වාසයෙන්ද වෙසෙයි. ඒ ඥානවන්ත පුද්ගලයා ගිහියන් හා පැවිද්දන් සමගත් එකතුවීම් නැති වූයේ වෙසෙයි.

“තමා ගොළු බිහිරි නොවූයේම, ගොළු බිහිරි භාවය පෙන්නුම් කළ යුතුය. පණ්ඩිතතෙම සංඝයා සමගද මද පමණට බිණියයුතුය.

“කියනලද පිළිවෙතින් යුක්තවූ භික්ෂුව කිසිවෙක්හට අපවාද නොකටයුතුය. කයින් වෙහෙසීමද නොකළයුතුය. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවිය යුතුය. ඔහු විසින් භොජනයෙහිද පමණ දැනගත යුතුය.

“මනාකොට ගන්නාලද නිමිති ඇත්තෙක්ව යහපත් සිතිවිලි ඉපදවීමෙහි දක්ෂයෙක්ව සමථ භාවනාවෙහි යෙදිය යුතුය. සුදුසු කාලයෙහි විදර්ශනා භාවනාද වැඩිය යුතුය.

“ඒ පණ්ඩිත භික්ෂුව නිතර පවත්නා වීර්යයෙන් යුක්තව හැමකල්හි භාවනානුයෝගීව විසිය යුතුය. දුක් කෙළවර නොකොට විශ්වාසයකට නොපැමිණිය යුතුය.

“මෙසේ විවේක සෙනසුන්හි වාසය කරන්නාවූද, ඥානදර්ශන විශුද්ධිය කැමැත්තාවූද, භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ක්ෂය බවට යෙත්. (නැතිවෙයි) හෙතෙම දෙයාකාරවූ නිවනටම පැමිණෙයි.”

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2VpsZSl
වේදල්ල (සිවුවන කොටස)

බුද්ධානුස්සති භාවනාව – සම්මා සම්බුද්ධ ගුණය

අරහං ගුණ භාවනාව කරන විදිය ගැන අපි කලින් කතා කළා. අද අපි සම්මා සම්බුද්ධ ගුණය භාවනා කරන විදිය ගැන ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු. අවසරයි ස්වාමින් වහන්ස!
පිළිතුර : හොඳයි, තෙරුවන් සරණයි! මේ සම්මා සම්බුද්ධ ගුණය භාවනාවක් විදියට හුරු කරද්දිත් කලින් අරහං ගුණය සම්බන්ධව මතක් කළ ආකාරයෙන්ම පූර්වකෘත්‍යය ආදියෙන් සිත තැන්පත් කරගෙන අරමුණු කළ බුද්ධරූපය වෙත හිත යොමු කරල “සම්මා සම්බුද්ධ” ගුණයේ අර්ථ මෙනෙහි කරන්න. මේ සම්මා සම්බුද්ධ ගුණයේ අර්ථ මේ විදියට ධර්ම ග්‍රන්ථවල පෙන්වල තියෙනවා.
“ඉමෙසං ඛො, භික්‌ඛවෙ, චතුන්‌නං අරියසච්‌චානං යථාභූතං අභිසම්‌බුද්‌ධත්‌තා තථාගතො ‘අරහං සම්‌මාසම්‌බුද්‌ධො’ති වුච්‌චති.”
(මහණෙනි! මේ හතරක් වූ ආර්යය සත්‍යයන් තත් වූ පරිදි විශිෂ්ඨ ඤාණයෙන් අවබෝධ කළ බැවින් තථාගතයින් වහන්සේ “අරහං සම්මා සම්බුද්ධ” යැයි කියනු ලැබේ.) යනුවෙන් සංයුත්ත නිකායේ සම්‌මාසම්‌බුද්‌ධ සූත්‍රාදියෙහිත් වදාරළ තියෙනව. ඒ වගේම,
“‘‘අභිඤ්‌ඤෙය්‍යං අභිඤ්‌ඤාතං, භාවෙතබ්‌බඤ්‌ච භාවිතං;
පහාතබ්‌බං පහීනං මෙ, තස්‌මා බුද්‌ධොස්‌මි බ්‍රාහ්‌මණ.”
(බ්‍රාහ්මණ තුමනි! මා විසින් විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු සියල්ල විශිෂ්ඨ ඤාණයෙන් දැනගන්නා ලද්දේය, භාවනා වශයෙන් වැඩියයුතු සියලු ධර්ම භාවනාවශයෙන් වඩන ලද්දේය, ප්‍රහාණය කළයුතු ධර්ම ප්‍රහාණය කරන ලද්දේය, එබැවින් මම බුද්ධ නම් වෙමි.) යනුවෙන් මජ්ඣිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රාදියෙහිත් වදාරළ තියෙනවා.
ඒ වගේම මේ කරුණු තවදුරටත් විශුද්ධි මාර්ගය ආදී ධර්ම ග්‍රන්ථවල මේ විදියට විස්තර කරනවා.
“සම්‌මා සාමඤ්‌ච සබ්‌බධම්‌මානං බුද්‌ධත්‌තා පන සම්‌මාසම්‌බුද්‌ධො. තථාහි එස සබ්‌බධම්‌මෙ සම්‌මා සාමඤ්‌ච බුද්‌ධො, අභිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ අභිඤ්‌ඤෙය්‍යතො බුද්‌ධො, පරිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ පරිඤ්‌ඤෙය්‍යතො, පහාතබ්‌බෙ ධම්‌මෙ පහාතබ්‌බතො, සච්‌ඡිකාතබ්‌බෙ ධම්‌මෙ සච්‌ඡිකාතබ්‌බතො, භාවෙතබ්‌බෙ ධම්‌මෙ භාවෙතබ්‌බතො.”
(ඒ භාග්‍යවතුන් වහන්සේ මනාව සියලුම ධර්මයන් අනුන්ගේ උපදෙස් නොමැතිව තමන් වහන්සේම අවබෝධ කළ සේක. එබැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. එය එසේමය :- ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධර්‍මයන් අවබෝධ කළ සේක්ම ය. උන්වහන්සේ විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු චතුරාර්ය සත්‍ය ධර්ම විශිෂ්ඨ ඤාණයෙන් දැනගැනීම් වශයෙන් අවබෝධ කළ සේක. අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳ දත යුතු දුඃඛ සත්‍යය පිරිසිඳ දැනගැනීම් වශයෙන් ද, ප්‍ර‍හාණය කළයුතු සමුදය සත්‍යය නම් වූ තෘෂ්ණාව ප්‍ර‍හාණය කිරීම් වශයෙන් ද, සාක්ෂාත් කළයුතු දුක්ඛනිරෝධය නම් වූ නිර්වානය සාක්ෂාත් කිරීම් වශයෙන් ද, භාවනා වශයෙන් වැඩියයුතු මාර්ග සත්‍යය වැඩීම් වශයෙන් ද අවබෝධ කළ සේක.)
ඉහත කරුණු සියල්ල කැටි කරල මේ කරුණු භාවනාවට ගැලපෙන ආකාරයට, හොඳින් හිතට දැනෙන ආකාරයට පහත පරිදි භාවනා වාක්‍ය විදියට ගුරුවරු උගන්වනව. ඒ ටික හොඳින් අර්ථ දැනෙන විදියට හුරු කරගන්න ඕන.
1. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො,
2. සො භගවා අභිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ අභිඤ්‌ඤෙය්‍යතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
3. සො භගවා පරිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ පරිඤ්‌ඤෙය්‍යතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
4 සො භගවා පහාතබ්‌බෙ ධම්‌මෙ පහාතබ්‌බතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
5, සො භගවා සච්‌ඡිකාතබ්‌බෙ ධම්‌මෙ සච්‌ඡිකාතබ්‌බතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
6. සො භගවා භාවෙතබ්‌බෙ ධම්‌මෙ භාවෙතබ්‌බතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
සො භගවා සබ්‌බම්පි ඤෙය්‍යං සබ්‌බාකාරතො අවිපරීතං සයමෙව අභිසම්‌බුද්ධොති ඉතිපි සම්මා සම්බුද්ධො.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ මෙසේ ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් දතයුතු වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් විශිෂ්ඨ ඥානයෙන් දැන වදාළ හෙයින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ හෙයින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු වූ සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ යුතු වූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින් ද, සම්මා බුද්ධ නම් වන සේක,
සංඛාර, විකාර, ලක්‍ෂණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥානයෙන් සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක.
පාළි පාඨ නොතේරෙනව නම් සිංහලෙන්ම විතරක් මෙනෙහි කරන්න. ඒ පදවල අර්ථය හිතට හොඳින් දැනීම තමයි වැදගත් වෙන්නෙ. මේ පාඨවල සමස්ථ අර්ථය තේරෙන තරමට හුරු උනායින් පසුව “සම්මා සම්බුද්ධො, සම්මා සම්බුද්ධො, සම්මා සම්බුද්ධො” කියල ඒ පදය පමණක් තේරුම දැනෙන විදියට මෙනෙහි කරන්න. මේ විදියට හොඳින් මෙනෙහි කරගෙන යනවිට මේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව මනා වැටහීමක් හිතට දැනෙනවා. ඉන්පසු ඒ අරමුණේම හිත හොඳින් තැන්පත් වෙනවා. මේ විදියට අරහං ගුණය ගැන අපි සඳහන් කළා වගේම මේ ගුණය මෙනෙහි කිරීමෙනුත් උපචාර සමාධි කියන උසස් සමාධි මට්ටමට හිත දියුණු කරගන්න පුලුවන්.
ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මේ වචන අතර කියැවෙනවා දුක්ඛාර්යය සත්‍යය ආදී වචන. සමහර කෙනෙකුට මේ වචනවල අර්ථය එතරම් නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා උපදේශයක් ලබාදෙන සේක්වා.
පිළිතුර : ඒ විදියට නොතේරෙන කාරණයක් තියෙනව නම් හොඳින් භාවනාව ප්‍රගුණ කරල තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් මේ වචනවල තේරුම් දැනගන්න එක හොඳයි. රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සෙගෙ සූවිසි මහගුණය කියන පොතෙනුත් මේ ගැන වැඩිදුර කරුණු දැනගන්න පුලුවන්. ඒ විදියට හොඳින් අර්ථ දැනගෙන භාවනාව කරනව නම් ප්‍රතිඵල ඉක්මනින් ලබන්න පුලුවන්.
ප්‍රශ්ණය : මේ සම්මා සම්බුද්ධ ගුණය ගැන විස්තර කරද්දි බොහෝ ස්වාමින් වහන්සේලා සර්වඥතා ඤාණය ගැනත් දේශනා කරනව අපි අහල තියෙනවා, පොත් වලත් දැකල තියෙනවා. ඒ ගැනත් අපට කෙටියෙන් පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : ඔව්. ඒකට හේතුව, සම්මා සම්බුද්ධත්වය ලැබීම කියල කියන්නේ සියල්ල දැනගැනීමේ ඤාණය කියන “සර්වඥතාඤාණය” ලැබීමයි. අපි කලින් සඳහන් කළා පාළි පාඨයක් “සබ්‌බම්පි ඤෙය්‍යං සබ්‌බාකාරතො අවිපරීතං සයමෙව අභිසම්‌බුද්ධොති සම්මා සම්බුද්ධො” කියල. ඒකෙ තේරුම මතක් කළා “සංඛාර, විකාර, ලක්‍ෂණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥානයෙන් සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක” කියල. මෙතන කියැවුනා “සංඛාර, විකාර, ලක්‍ෂණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය” කියල පාඨයක්. “ඤෙය්‍ය” කියන පාළි පාඨයේ තේරුම “දැනගතයුතු” කියන එකයි. මෙතැන කියැවුන ඒ සංඛාර ආදී දැනගතයුතු කරුණු පහට සියලුම ධර්ම ඇතුලත් වෙනව. ඒ නිසා මෙසේ සර්වඥතා ඤාණයෙන් දැනගතයුතු සියලු ධර්ම මනාව අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියල හඳුන්වනවා. මේ සර්වඥතා ඤාණය ලැබෙනවාත් හා සමගම දසබලඤාණත් පහළ වෙනව. ඒ නිසා ඒ ඤාණ ගැනත් පොත්වලින් දැනගෙන තියෙනව නම් ශ්‍රද්ධාව දියුණු කරගන්න ඒ කරුණුත් උපකාර වේවි. මේ විදියේ ධර්ම සාකච්ඡා සහ භාවනා කිරීම් නිවන දක්වාම අඛණ්ඩව දියුණු කරගන්න හැමෝටම හැකියාව ලැබේවා කියල අපි මෛත්‍රියෙන් සෙත් පතනවා. තෙරුවන් සරණයි.

from Path to Nirvana https://ift.tt/380z4r3
වේදල්ල (තෙවන කොටස)

බුද්ධානුස්සති භාවනාව – අරහං ගුණය
————————————————————–

භාවනාව ආරම්භ කරන විදිය ගැන අපි කලින් කතා කළා. අද අපි සතර කමටන් වලින් පළමු වන බුදුගුණ භාවනාව කරන විදිය ගැන දැන ගනිමු.
ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! සතර කමටහන් කියන වචනය අපට නිතර අහන්න ලැබෙනවා, ඒකෙ තේරුමත් එහි වටිනාකමත් කෙටියෙන් පැහැදිලි කර දෙන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : තෙරුවන් සරණයි! බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණානුස්සති කියන භාවනාවන්ට අපි සතර කමටහන් එහෙම නැත්නම් චතුරාරක්ෂක භාවනා කියල කියනවා. භාවනාවට ගැලපෙන විදියට සිත නිරවුල්ව තියාගන්න, කෙලෙස් වලින් ආරක්ෂා කරගන්න උපකාරක නිසයි ඒ නම කියන්නෙ. අපේ හිතේ ශ්‍රද්ධාව අඩුවෙලා භාවනාව ගැන සැක සංකා හෝ අකමැත්ත ඇතිවෙද්දි එ් වගේ කෙලෙස් වලින් හිත ආරක්ෂා කරගන්න, ශ්‍රද්ධාව දියුණු කරගන්න බුද්ධානුස්සතියත්, තරහ ඇතිවීමෙන් සිතේ වන නොසන්සුන් බව දුරු කරන්න මෛත්‍රියත්, රාගය ඇල්ම නිසා වන පීඩා දුරු කරන්න අසුභයත්, සිතේ වීර්යාදිය අඩු වෙලා පසුබහිනව නම් මරණානුස්සතියත් සිතේ ආරක්ෂාව සඳහා නිතර භාවිතා කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ආධුනික අය සෑම භාවනා වාරයකදීම ආරම්භයේදි කෙටියෙන් නමුත් මේ හතර කරන එක ඉතාම වැදගත්. ටිකක් පුහුණු වූ කෙනෙක් නම් අවශ්‍යතාවය පරිදි යොදාගන්න පුළුවන්.
ප්‍රශ්ණය : මේ භාවනා හතර අතුරින් බුදුගුණ භාවනාව කරන විදිය අපට පැහැදිළි කර දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : ඇත්තටම මේ බුදුගුණ භාවනාව කියන්නෙ පුදුමාකාර අනුසස් තියෙන භාවනාවක්. කටකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේට වගේ අර්හත්වය ලබන්නත් උපකාර වන භාවනාවක්. ඒ ස්වාමින් වහන්සේට බාධා කරන්න ආව මාර දිව්‍යපුත්‍රයා විසින් මැවූ බුද්ධ රූපය බලමින් බුද්ධානුස්සතිය ඇසුරින් ශ්‍රද්ධාව උපදවා ගෙන විපස්සනා වඩා ස්වාමින් වහන්සේ අර්හත්වයට පත්වුනා. ඒ නිසා නිවැරදිව මේ භාවනාව කරනව නම් බොහෝම වටින ප්‍රතිඵල ලබන්න පුලුවන්.
“බුද්ධානුස්සති” එහෙම නැත්නම් බුදුගුණ භාවනාව කියන එකේ සරල තේරුම “බුදුගුණ අරමුණු කොට ඇති සිහිය” කියන එකයි. ඒ බව “බුද්‌ධං ආරබ්‌භ උප්‌පන්‌නා අනුස්‌සති බුද්‌ධානුස්‌සති ” කියල විශුද්ධිමාර්ගය වගේ දහම් පොත්වල දක්වල තියෙනව. ඒ නිසා මේ භාවනාව කරද්දි ඒ ඒ ගුණ හොඳට හිතට දැනෙන විදියට ප්‍රගුණ කරන්න ඕන. මේ භාවනාවත් පටන් ගන්න කලින් පූර්වකෘත්‍ය විදියට අපි මතක් කළ කටයුතු සම්පූර්ණ කරල වැඩි වෙලාවක් පහසුවෙන් ඉන්න පුලුවන් ඉරියවුවකින් ඉඳගන්න ඕන. ඊට පස්සෙ තමන්ට වැඩිපුරම ප්‍රසාදය ඇතිවුන බුද්ධ රූපයක් අරමුණු කරන්න. බුද්ධ රූපය ප්‍රකට වන්නේ නැත්නම් වැඩි වේලාවක් බලා සිටින්න, ඒ වගේම රූපයේ අංග කොටසින් කොටස, කොටස් වශයෙන් මෙනෙහි කළාමත් පහසුවෙන් වැටහෙනව. ඊට පස්සෙ ඒ රූපය ජීවමාන බුදුරජුන් ලෙස සලකා ජීවමාන බුදුරජුන් තමා ඉදිරියේ වැඩ සිටින්නේය කියන අදහස ඇතිව අරහං ආදී බුදුගුණ එකින් එක තේරුම සහිතව සිහි කරන්න.
මෙහෙම කරද්දි අපි ඒ ඒ ගුණයෙ තේරුම දැනගෙන ඉන්න ඕන. උදාහරණයක් විදියට අරහං ගුණයේ ප්‍රධාන අර්ථ 5ක් දහම් පොත්වල පෙන්වල තියෙනව. ඒ අර්ථ හොඳට හිතට දැනෙන විදියට මුලින් හුරු කරගන්න. ඊට පස්සෙ “අරහං” කියල හිතද්දි ඒ කරුණු 5 අතරින් තමන්ට වඩාත් හොඳට හිතට දැනෙන, වැඩිපුරම ශ්‍රද්ධාව ඇතිවෙන කරුණ තෝරගන්න. තෝරගෙන ඒ කරුණට හිත යොදමින්, ඒ අර්ථය හිතට දැනෙන විදියට “අරහං, අරහං” යනාදී විදියට දිගට මනසිකාර කරන්න. එහෙම කරගෙන යද්දි ඒ බුදුගුණ අරමුණේම හිත ශාන්තව තැන්පත් වෙන බව ප්‍රකට වේවි. මේ වෙලාවෙදි බුද්ධ රූපය නොපෙනී ගොස් බුදුගුණම ප්‍රකටව වැටහේවි. ඒ වෙලාවට බුද්ධ රූපය ගැන හොයන්න යන්න එපා. ඒ හොඳින් හිතට වැටහෙන බුදුගුණය වෙතම හිත තබාගෙන පැයක්, පැය එක හමාරක් විතර කාලයක් පහසුවෙන් ඉන්න පුලුවන් විදියට හුරු කරගන්න. මේ ක්‍රමයටම ඉතිරි බුදුගුණත් ප්‍රගුණ කරගන්න.
මේ බුදුගුණ භාවනාවෙදි උපරිම වශයෙන් ලැබෙන්නෙ උපචාර සමාධි කියන සමාධි මට්ටමයි. ධ්‍යාන සමාධි ඇතිවෙන්නෙ නෑ. මෙය පරමාර්ථ භාවනාවක් නිසාත්, ගුණයන්ගේ ගැඹුරුබව නිසාත්, ගුණයන්ගේ බොහෝබව නිසාත් ධ්‍යාන උපදවන්න බැහැ. ධ්‍යාන සමාධි සහ උපචාර සමාධි අතර වෙනස්කම් කීපයකුත් මෙතනදි පැහැදිලි කරගමු. ධ්‍යාන සමාධිය කියන්නෙ ධ්‍යාන අංග ලෙස සලකන “විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා” කියන චෛතසික ශක්තිමත් බවට පත්වුන අවස්ථාවයි. ඒ නිසා මේ ධ්‍යාන කුසලය කාමාවචර තත්වය ඉක්මවා රූපාවචර හෝ ඊට ඉහළ තත්වයේ කුසලයක් බවට පත් වෙනවා. රූපාවචර කුසලයකින් රූපාවචර බ්‍රහ්මලෝකයකත් අරූපාවචර කුසලයකින් අරූපාවචර බ්‍රහ්මලෝකයකත් උපදින්න හේතු සැකසෙනව.
උපචාර සමාධිය කියන්නෙ ධ්‍යාන සමාධියට ආසන්න බලවත් කාමාවචර සමාධියක්. මේ අවස්ථාවෙදි ධ්‍යාන අංග ධ්‍යානයකදි තරම්ම ශක්තිමත් නෑ. මෙවැනි කුසලයකින් මනුෂ්‍ය ලෝකයේ හෝ කාමාවචර දේවලෝක හය අතුරින් එකක උපතක් ලබා දෙන්න සමත් හේතු සකසනව. ඒත් බෞද්ධයින් විදියට අපි මේ භාවනාවන් කරන්නෙ සමාධි උපදවන්නෙ දෙව් ලොවට හෝ බ්‍රහ්මලෝකයට යන අදහසින් නෙවෙයි. බලවත් සමාධියක් අවශ්‍යයි ලෝකයේ සැබෑ තත්වය දකින්න, ඒ කියන්නෙ විපස්සනාවට. ඒ බව “සමාහිතො, භික්‌ඛවෙ, භික්‌ඛු යථාභූතං පජානාති” කියල සංයුත්ත නිකායෙ සමාධිසූත්‍ර ආදී තැන්වල දේශනා කරල තියෙනව. ඒ නිසා අපි මේ සමාධි උපදවන්නෙ ප්‍රඥාව ලබන්න උපකාර පිණිසයි.
දැන් එහෙනම් අපි “අරහං” ගුණයේ තේරුම දැනගනිමු. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ,
මාර්ගඤාණයන්ගෙන් වාසනා (නරක සසර පුරුදු) සහ සියලු කෙලෙස් දුරුකළ නිසාත්,
මාර්ගඤාණයන්ගෙන් කෙලෙස් සතුරන් නැසූ නිසාත්,
සංසාර චක්‍රයේ අර (සසර පැවැත්මට හේතු වන අවිද්‍යාදී පටිච්ච සමුප්පාද අංග) ඤාණයෙන් සිඳ දමා දුක් සහිත සසර ගමන නිමාකළ නිසාත්,
ආමිස හා සියලු ප්‍රතිපත්ති පූජා ලබන්නට සුදුසු නිසාත්,
රහසකින් හෝ පවක් සිදු නොවන ලෙස පවු සිදුවීමේ හේතු චිත්ත සන්තානයෙන් පහවී ඇති නිසාත් “අරහං” නම් වන සේක.

මේ කියපු විදියට අරහං ගුණයේ තේරුම් දැනගන්න. මෙතනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනෙක් රහතන් වහන්සේලාටත් මේ ගුණ තියෙනව නේද කියල. ඒ ගුණ තිබුණත් බුදු රජාණන් වහන්සේගේ මේ ගුණයන්ගේ විශේෂයක් තියෙනව. ඒ කීපයක් මම කියන්නම්. සියලුම රහත් උතුමන්ගේ සිත්වල කිසිම ක්ලේෂයක් නැතත් ඇතැම් විට සසර පුරුදු වශයෙන් සමාජයේ නරකයි කියල හඳුන්වන දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ තමන්ගේ හිතේ කිසිම ක්ලේෂයක් නැතත් අන් අයට වසලවාදයෙන් කතාකිරීම පෙන්වන්න පුළුවන්. ආසන්න ආත්මභාව ගණනාවකදි ඉහළ කුලවල ඉපදිලා තිබීම ඒකට හේතුවුනා. එවැනි සිදුවීම් ඉතාම අඩුයි, නමුත් එවැනි දෙයක් වත් බුදු රජාණන් වහන්සේගෙන් සිදුවෙන්නෙ නෑ.
සියලුම රහත් උතුමන් වහන්සේලා පූජා ලබන්න සුදුසුයි. ඒ පූජා මහත්ඵල කරන්න සමත්. නමුත් යම් කෙනෙක් බුදුබව පතා කරන පූජාවක් පිළිගෙන ඒ සඳහා නියත විවරණ දෙන්න සමත් වෙන්නෙ තවත් සම්මා සම්බුදු උතුමෙක්ම පමණයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේට කරන පූජාවෙ ආනිසංස අතිශයින්ම ඉහලයි. මේ විදියෙ වෙනස්කම් තියෙන නිසා පූජාවන් ලබන්නට හා ඒවා මහත්ඵල කරන්නට සමත් උතුමන් අතරින් ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේව “අරහං” කියන ගුණ නාමයෙන් හඳුන්වනව. මේ බුදුගුණ ගැන වැඩි විස්තර රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ “සූවිසි මහගුණය” හා නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ “බුදුගුණ භාවනාව” කියන පොත් වලිනුත් දැනගන්න පුළුවන්.
මේ විදියට පිළිවෙලට කරුණු දැනගෙන බුදුගුණ භාවනාව පුහුණු කිරීමෙන් රාගාදී කෙලෙස් පීඩා හා බිය තැතිගැනීම් දුරුවීම, ඇතැම් අකුසල විපාක නිසා වන පීඩා දුරුවීම, නිහතමානී ගුණ ඇතිවීම, විදර්ශනා වැඩීමට උපකාරවන නිසා නිවන් අවබෝධයට උපකාර වීම ආදී බොහෝ ආනිසංස රාශියක් තමන්ට මෙලොවදිම අත්දකින්න පුළුවන්. ඒ නිසා සියලුම සත්වයින්ට මේ බුදුගුණ භාවනාව තුලින් සිත් නිවා ගන්නට හැකියාව ලැබේවා කියල අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3ceWtIk
💛💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ කතාව නොහොත් බුද්ධවංශ කතා පුවතේ සමාලෝචනය සහ පුණ්‍යානුමෝදනාව. 💛💙💚💜

සම්මා සම්බුදුරජානන් වහන්සේ බුද්ධ වංශය දේශනා කරන ලද්දේ බුද්ධත්වයෙන් වසරකට පසුව එළබුන වෙසක් මස පුන් පොහෝදින කිඹුල්වත් පුරයට වැඩ රුවන් සක්මන්හි යමක මහා පෙළහර පෑමෙන් පසු සැරියුත් මහ තෙරුන්ගේ ආරාධනයෙන් පසුවයි. බුද්ධ වංශය සම්පුර්ණයෙන් ගාථාවලින් යුක්තයි. එය රතන වංකමන කාණ්ඩය, සුමේධකථා, බුද්ධ වංශය,බුද්ධ පිකිණ්ණක කාණ්ඩය,ධාතු භාජනිය කථා යයි පරිච්ජේද පහකට බෙදා තිබෙනවා.

දීපංකර බුදුන්ගේ සිට ගෞතම බුදුන් දක්වා බුදුරජාණන් වහන්සේලා විසිපස් නමකගේ චරිත කථා බුද්ධ වංශයට ඇතුලත්. තණ්හංකර බුදුරජුන් මේධංකර බුදුරජුන්, සහ සරණංකර බුදුරජුන් යන බුදුරජාණන් වහන්සේලාගේ චරිත කථා බුද්ධ වංශයට ඇතුලත් නොවීමට හේතුව ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසතුන්වහන්සේ ලෙස පෙරුම්පුරනා විට එම බුදුරජාණන් වහන්සේලා තුන් නමගෙන් නියත විවරණ නොලැබූ නිසා විය යුතුයි. එහෙත් අපි අටවිසි බුද්ධවන්දනාව කරනු ලබද්දී ඉහතින් සඳහන් අනෙකුත් බුදුරජාණන් වහන්සේලා තුන්නමද එකතුකරගනු ලබන්නේ දීපංකර බුදුන් පහළවූ සාරමණ්ඩ කල්පයටම උන්වහන්සේලාත් අයත් නිසාවෙන්. එහෙත් මා විසින් ලියූ දුරේ නිධානයට අයත්වුයේ බුද්ධවංශ අට්ට කතාවෙහි සඳහන් බුදුරජාණන් වහන්සේලා විස්පස්දෙනා ගැන පමණයි. ඊට හේතුවද දුරේ නිධාන කතා වස්තුවේ ආරම්භයද එතැනම නිසා.

සෑම බුදුවරයෙකුගේම චරිතය විස්තර කිරීමේදී ප්‍රධාන කරුණු විසිදෙකක් සදහන් වෙනවා. .ඒවානම්

1.කල්පය 2. නාමය 3. ගෝත්‍රය 4. ජාතිය 5. නගරය 6. පියා 7. මව 8. බෝධිය 9. ධම්සක් පැවැත්වීම 10. අභිසමය 11. ශ්‍රාවක සමුහය 12. අග්‍ර ශ්‍රාවකයන් 13. අග්‍ර ශ්‍රාවිකාවන් 14. උපස්ථායකයන් 15. පරිවාර භික්ෂුන් 16. රස්මිය 17. ශරීර ප්‍රමාණය 18. බෝධි සත්ව අධිකාරිය 19. විචාරය 20. ප්‍රධන් වීර්යය 21. ආයුෂ 22. පරිනිර්වාණය යන කරුණුයි.

මා විසින් ලියනු බුද්ධවංශ කතාවේ මේ සියලුම කරුණු හැකි උපරිමයෙන් සඳහන් කොට තිබුණා.

ඒ අතර තුර පෙළට නොනගන ලද වාරයන් ද මෙහිලා දැක්විය යුතුයි. එනම්
1. අගාරවාස පරිච්ඡේදය, 2. ප්‍රාසාදත්‍රය පරිච්ඡේදය 3. නාටක ස්ත්‍රී පරිච්ඡේදය 4. අග්‍රමහේශී පරිච්ඡේදය 5. පුත්‍ර පරිච්ඡේදය 6. යාන පරිච්ඡේදය 7.අභිනිශ්ක්‍රමන පරිච්ඡේදය 8.ප්‍රධාන් පරිච්ඡේදය 9. උපස්ථායක පරිච්ඡේදය 10.විහාර පරිච්ඡේදය යි ය දස ආකාරයෙන් වෙන් කරන ලද පරිච්ඡේද පෙළෙහිද ඇතුලත් නැහැ.
ඒ නිසාම මා විසින් ලියූ බුද්ධවංශ කතාවේ ද එම විස්තර සඳහන් වන්නේ නැහැ.

මේ වනවිට අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ පළමු කොටස නොහොත් දුරේ නිධානය නොහොත් බුද්ධවංශ කතාව කොටස් 141කින් යුක්තයි. A 4 කොළ 279කුත්, වචන 82357කුත්, වචන හිස්තැණුත් සහිතව 527653කුත්, අකුරු හිස්තැන් රහිතව 444111ත් ලියා තිබෙනවා. ඒ ඔබගේ ආශිර්වාදයත් සමග.

මේ සඳහා මා හට ගිහි පැවිදි බොහෝදෙනා උදවු උපකාර කළා. ඒ අතරින් අපගේ ගුරුදේවයාණන් වහන්සේ නමක්වන කම්මට්ඨානාචර්ය, අභිධර්ම විශාරද පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමින්වහන්සේද, “දුරේ නිධානය” යන වචනයේ අර්ථය මා අසා දැනගත් රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපානන්ද, අප මහා බෝසතාණන් වහන්සේගේ ස්ත්‍රී ආත්මභාවය මා හට මතක් කර දුන් පුජ්‍යපාද මැදවච්චියේ අරියවිමල හිමිපානන්ද, මෙය ලිවීමේදී මාහට පැමිණි අනේක අප්‍රමාණ කරදර කම්කටොලු දුරුවීම සඳහා නිරන්තරයෙන්ම ශ්‍රී මහා බෝධිරාජයාණන් අභියස මා වෙනුවෙන්ද මගේ පුතුණුවන් වෙනුවෙන්ද ආශීර්වාදාත්මක පුද පුජා පැවැත්වූ වරුණ හිමිපාණන් වහන්සේටද,

මාගේ කල්‍යාණ මිත්‍ර වින්සන් අලහකෝන් මහතාටද, ජයන්ත රත්නායක මහතාටද, Path to Nirvana නිර්මාතෘ ජනකට සහ එහි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාටද, නම සඳහන් කිරීමට අකමැති මිතුරු මිතුරියනද මුහුනුපොතේ මාගේ ලිපි කියවා නිරන්තරායෙන්ම මා හට ආශීර්වාද කරමින් බෙදාහරිමින් මාව තව තවත් දිරිමත්කළ ඔබ සැමද, මෙය pdf කිරීමට බාරගත් ප්‍රමෝද් මල්ලිද, මෙහි කොටස් මුද්‍රණය කොට පසුගිය සතිඅන්තයේ රුවන්වැලිසෑ රජාණන්හට පුජා කර මා ඇතුළු පවුලේ සැමට ආශීර්වාද කරනු ලැබූ පින්වත් මුදිත් මල්ලිද, තුෂාර නැගෙණියද, එරන්දි නැගෙණියද, දහසකුත් එකක් දුක්පීඩා ඉවසා දරාගෙන මාහට මේ සියල්ල නිමකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් මාගේ සදාදරණීය බිරිඳද, මා හට ශිල්ප සතර කියාදුන් ගුරුවරුන්ද, දෙමාපියන්ද මෙහිළා ගෞර්වපුර්වකව සිහිපත්කොට පුණ්‍යානුමෝදනා කර සිටින්නෙමි.

මෙතැන් සිට ඉදිරියට අවිදුරේ නිධානය නොහොත් තුසිත දෙවුලොවින් නික්ම බුද්ධත්වය දක්වා පැමිණි ඒ අසිරිමත් බෝසත් කතාපුවත බලාපොරොත්තු වන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.!!!

මේ පින් මාහට බුදුසසුණ බැබළවීමටම හේතුවාසනා වේවා !!!

සාදු සාදු සාදු

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
25-02-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2PtOc9U
1ජරා 2මරණ 3සෝක 4පරිදේව 5දුක්ඛ 6දෝමනස්ස 7උපායාස

ඉපදීම නිසා හටගන්නා වූ ජරාමරණාදි දුක් සත විභංග ප්‍ර‍කරණයේ දක්වා තිබෙන්නේ මෙසේය.
🌸“තත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං? අත්ථි ජරා, අත්ථි මරණං, තත්ථ කතමා ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති වචනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේඛරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං වුව්චති මරණං, ඉති අයං ච ජරා ඉදං ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරා මරණං”🌸
එහිතේරුම
🌹“එහි ජාතිය නිසා වන්නා වූ ජරාමරණය කවරේද යත්? ජරාවක් ඇත, මරණයක් ඇත, එහි ජරාව කවරේද යත්? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් ජරාවක් දිරන බවක් කඩතොලු බවක් පැසුණු බවක් සම රැලි වැටෙන බවක් ආයුෂයාගේ හානියක් ඉන්ද්‍රියයන් ගේ මේරීමක් වේ ද මෙය ජරාව ය යි කියනු ලැබේ. එහි මරණය කවරේ ද යත්? ඒ ඒ සත්ත්වනිකායයෙන් යම් පහවීමක් පහවන බවක් බිඳීමක් අතුරුදහන්වීමක් මච්චුය යි කියන ලද මරණයක් මරහු ගේ ක්‍රියාවක් ස්කන්ධයා ගේ බිඳීමක් මළසිරුර තැබීමක් ජීවිතේන්ද්‍රියයා ගේ සිඳීමක් වේ ද මෙය මරණය ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය ජාතිය නිසා වන්නා වූ ජරාමරණය යි කියනු ලැබේ ය” යනු යි.
🌸“තත්ථ කතමෝ සෝකෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ චේතසෝ පරිජ්ඣායනා දෝමනස්සං සෝකසල්ලං, අයං වුච්චති සෝකෝ.”🌸
තේරුම :-
🌹“එහි ශෝකය කවරේ ද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ, එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් මඩනා ලද්දහුගේ යම් ශෝකයක් ශෝක කරන ආකාරයක් ශෝක කරන බවක් අභ්‍යන්තරයෙහි ශෝකයක් චිත්තයා ගේ දැවෙන ආකාරයක් දුඃඛිත සිත් ඇති බවක් ශෝක නමැති හුලක් වේ ද, මෙය ශෝකය” යි කියනු ලැබේය යනුයි.
🌸“තත්ථ කතමෝ පරිදේවෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්ං වාචා විප්පලාපො පලාපො ලාලප්පනා ලාලප්පිතත්තං අයං වුච්චති පරිදේවෝ”🌸
තේරුම :-
🌹“එහි පරිදේවය කෙසේද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩනා ලද්දහු ගේ මේ මගේ පුතා මගේ දූ ය යි කිය කියා හැඬීමක්, ගුණ කිය කියා හැඬීමක් මගේ පුතා මගේ පුතා ය යි කිය කියා අඬන ආකාරයක් ගුණ කිය කියා අඬන ආකාරයක්, මගේ පුතා මගේ දූ ය යි කියා අඬන බවක් ගුණ කිය කියා අඬන බවක්, කීමක් නිරර්ථක වචන කීමක් නැවත නැවත කීමක් නැවත නැවත කියන ආකාරයක් නැවත නැවත කියන බවක් වේ ද, මෙය පරිදේවය” යි කියනු ලැබේය යනුයි.
🌸“තත්ථ කතමං දුක්ඛං? යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දුක්ඛං.”🌸
තේරුම :-
🌹“එහි දුක්ඛය කවරේ ද යත්? යම් කායික වූ අමිහිරක් කායික වූ දුකක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා අමිහිරි වූ දුක් වූ වේදයිතයක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ වේදනාවක් වේ ද මෙය දුඃඛය” යි කියනු ලැබේ.
🌸“තත්ථ කතමං දෝමනස්සං? යං චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං චේතෝසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං චෙතෝසම්පස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දෝමනස්සං.”🌸
තේරුම :-
🌹“එහි දෞර්මනස්‍යය කවරේ ද යත්? යම් සිතෙහි වූ නො මිහිරක් සිතෙහි වූ දුකක් සිතෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මෙය දෞර්මනස්‍යය” යි කියනු ලැබේය යනුයි.
🌸“තත්ථ කතමෝ උපායාසෝ? ඤාතිව්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස සීලව්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්තාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති උපායාසො.”🌸
තේරුම :-
🌹“එහි උපායාසාය කවරේ ද යත්? ඤාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් පීඩිත වූවහු ගේ සිතෙහි වෙහෙසක් සිතෙහි බලවත් වෙහෙසක් වෙහෙසුණු සිත් ඇති බවක් බොහෝ වෙහෙසුණු සිත් ඇති බවක් වේ ද, මෙය උපායාසය” යි කියනු ලැබේය යනුයි.
🌹කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි කොතැනක වුව ද ඉපදීමක් වුවහොත් උපන් සත්ත්වයාට ජරා මරණ දෙක ඒකාන්තයෙන් ඇති වන්නේය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන පස ඇතැම් සත්ත්වයෝ බහුල වශයෙන් ද ඇතැම් සත්ත්වයෝ අල්ප වශයෙන් ද ලබති. රූපාරූප ලෝකවල සත්ත්වයෝ ඒවා නො ලබති. ජරා මරණාදි සියල්ලම සෑම සත්ත්වයන් විසින් ම නො ලබතත් යමෙක් යමෙක් ලබත් නම් ඔවුන් ඒවා ලබනුයේ උපන් නිසාම ය. නූපන හොත් නො ලබති. එබැවින් ජාතිය නිසා ජරා මරණාදීහු වෙතැ යි කියනු ලැබේ.
🌹නාමරූප ධර්මයන් ගේ හෙවත් සංස්කාර ධර්මයන් ගේ මෝරන පැසෙන දිරන ස්වභාවය ජරාව ය. තමා විසින් වැළඳ ගන්නා ලද අභ්‍යන්තරයට වැද ගන්නා ලද දෙය දවා දුබල කොට විනාශය කරා ගෙනයාම ගින්නේ ස්වභාවය ය. ජරාවේ ස්වභාවය ද එයම ය. ගලක් අහසට ගැසූ කල්හි එහි නැවතීමක් නො වෙත හොත් එය අහසෙහි ම යනු මිස නැවත කිසි කලෙක පොළොවට නො පැමිණේ. එය නැවත පොළොවට වැටෙනුයේ අහසෙහි නැවතීම සිදුවන නිසාය. ගල අහසට නැගෙන්නේ නවතින ස්වභාවයත් අරගෙනම ය. 🌹 එබැවින් එය මඳක් ගොස් අහසේ නැවතී නැවතුණු තැන් පටන් බිමට බසින්නට පටන් ගනී. එමෙන් උපදනා වූ සංස්කාරය ඉපදීමේ වේගයෙන් ම පවතිත හොත් එය කිසිකලෙක භංගයට නො පැමිණේ. භංගයට පැමිණෙන්නේ ඉපදීමේ වේගය නැවතීම නිසා ය. ඉපදීමේ වේගය සිඳෙන්නේ ජරාව නිසා ය. ජරාවෙන් ඉපදීමේ වේගය සිඳිනු ලැබූ කල්හි ඒ සංස්කාරය භංගයට හෙවත් අභාවයට පැමිණේ.
🌹මෙසේ ගින්නක් මෙන් උපදින සංස්කාරය දුබල කොට විනාශ මුඛයට ගෙන යන බැවින් ජරාවට ජරාගින්නය යි කියනු ලැබේ. ජරාගින්න තමන් ගේ අභ්‍යන්තරයට පිවිසෙනු වළක්වාලිය හැකි ශක්තියක්, ජරාගින්නට තමන් වැළඳ ගන්නට නො හැකි වන ආනුභාවයක්, ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ හෝ කිසිම සංස්කාරයකට නැත. සකල සංස්කාරයෝම ජරාගින්නෙන් දැවී විනාශයට යෙති. 🌹ජරාවට නො පැමිණ බිඳෙන සංස්කාරයකුත් නැත. එසේ ම ජරාවට නො පැමිණ මියන සත්ත්වයෙක් ද නැත. මව්කුස තුළදී ම මිය යන සත්ත්වයා මිය යන්නේ ද ජරාගින්නෙන් දවනු ලැබීමෙනි. බිහි වූ සත්ත්වයාගේ මරණය ගැන කියනු ම කිම?
🌹ජරාව ඇසට පෙනෙන දෙයක් නො වේ. ඇසට පෙනෙනුයේ සත්ත්ව සන්තානය ජරා ගින්නෙන් දවනු ලැබීම නිසා පහළ වූ ලකුණු පමණෙකි. දත් නැති බව, කෙස් ලොම් පැසුණු බව, ඇඟ රැලි වැටුණු බව, කුදු ගැසුණු බව යනාදිය ඒ ලකුණු ය. ඒ ලකුණු ජරාව නොව ජරාවේ ඵලයෝ ය. ඒවා ජලස්කන්ධයක් ගලාගිය තැන දක්නට ලැබෙන්නා වූ ද, ලැව්ගින්නක් ඇවිළුණු තැනක දක්නට ලැබෙන්නා වූ ද, සැඩ සුළඟක් හමාගිය පෙදෙසක දක්නට ලැබෙන්නා වූ ද සලකුණු සේ දත යුතු ය.
🌹ජරා ගින්නෙන් දවනු ලැබූ ලකුණු සෑම වස්තුවකම සෑම ශරීරයකම සම කාලයකින් පහළ වන්නේ නො වේ. ඒ ඒ වස්තුවල ශරීරවල ශක්තියේ සැටියට ලකුණු පහළවීමේ කාලය වෙනස් වේ. බුරුල් බිමක මිනිසුන් ගමන් කළහොත් මාර්ග සලකුණු ඉක්මනින් පෙනෙන්නට වේ. තද බිමක ගමන් කළහොත් සලකුණු පෙනෙන්නට ඊට වඩා දීර්ඝ කාලයක් ගත වේ. ගලක් උඩින් ගමන් කළහොත් මඟ සලකුණු පෙනෙන්නට ඉතා දීර්ඝ කාලයක් ගත වේ. එමෙන් දුබල වස්තු දුබල ශරීරවල ජරාවෙන් දැවුණු ලකුණු කෙටිකලෙකින් පෙනෙන්නට වේ. බලවත් වස්තුවල හා බලවත් පුද්ගලයන් ගේ ශරීරවල ඒ ලකුණු පෙනෙන්නට වැඩි කාලයක් ගත වේ. දිව්‍යබ්‍ර‍හ්මයන්ගේ ශරීරවල ජරාවෙන් දැවීම ඇත ද ලකුණු පහළ නො වේ.
🌹සත්ත්වයා භවයෙහි පිළිසිඳ ගත් තැන පටන් ම සත්ත්වසන්තානයට ජරාගින්න වැද, එයින් සන්තානය වැළඳ ගෙන දවන්නට පටන් ගන්නේ ය. පිළිසිඳ ගැන්මෙහි පටන් ම ඒ සන්තානයට කර්ම – චිත්ත – සෘතු – ආහාර යන හේතූන්ගෙන් උපදනා අලුත් රූප එක් වීමෙන් එහි වැඩිවීමක් ද වේ. උපන් සත්ත්වයාගේ සන්තානය ජරාවෙන් දවා දුබල කිරීම මරණය කරා ගෙන යාම එක් කරුණෙකි. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා අභිනව රූප එක්වී වැඩීම අනෙක් කරුණෙකි. බාල කාලයේ දී සත්ත්වසන්තානයට බහුල වශයෙන් එකතු වන අභිනව රූපයන්ගෙන් පරණ රූප දිරා දුබලවීමේ ලකුණු වැසේ. එබැවින් බාලකාලයේ දී ජරාව ප්‍ර‍කට නො වේ. ශරීරය වැඩී සම්පූර්ණ වූ පසු අභිනව රූප පරම්පරාවන් එයට එක්වීම මඳ වේ. එකල්හි ජරා ලකුණු ප්‍ර‍කටව පෙනෙන්නට වන්නේ ය.
🌹අභිනව රූප පරම්පරාව එක්වීමෙන් ශරීරයේ වැඩීමය, උපන් සැම සංස්කාරයක් ම ජරාවෙන් දවන බවය යන මේ දෙකරුණ දෙකරුණක් සැටියට – දෙමඟක් සැටියට තේරුම් ගත් කල්හි බාලකාලයේ පටන් ම ජරාවට පැමිණෙන බව හා ජරාවට නො පැමිණ නො මියන බව ද, තේරුම් ගත හැකි වනු ඇත. ජරාව ඇත්තේ රූප කයට පමණක්ම නො වේ. චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ට ද එය ඇත. එබැවින් ජරාව රූපී සත්ත්වයන්ට පමණක් නොව අරූපී සත්ත්වයන්ට ද ඇති බව දත යුතු ය.
🌹ආයු පරිච්ඡේද ජරාව ය. 🌹සන්තති ජරාවය, 🌹ක්ෂණික ජරාවය යි (ජරාව ත්‍රිවිධ වේ.) සත්ත්වයන් ගේ ජීවන කාලය පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරා නමි. 🍂වියළි කොළයක් ගින්නට දැමුව හොත් සැණෙකින් අලු වේ. 🌿අමු කොළය එයට වඩා මදක් ගින්නට ඔරොත්තු දෙයි. 🥢වියළි ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි, 🌵අමු ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි. ⚓යකඩ කැබෙල්ල එයට වඩා බොහෝ කලක් ගින්නට ඔරොත්තු දෙයි. 🏅තඹ කැබෙල්ල එයට ද වඩා කලක් ඔරොත්තු දෙයි. එමෙන් දුබල වූ කර්මාදි හේතූන්ගෙන් උපන්, උකුණු – මකුණු – මැසි – මදුරු ආදි ඇතැම් කුඩා සත්ත්ව කෙනෙක් ජරාවෙන් දවා දුබල කරනු ලැබ සතියකින් මිය යෙති. මඳක් බලවත් වූ කර්මාදි ප්‍ර‍ත්‍යයන් නිසා උපන්නාවූ ඇතැම් සත්ත්ව කෙනෙක් ජරාගින්නට උකුණු මකුණු ආදීන්ට වඩා දීර්ඝ කාලයක් ඔරොත්තු දෙති. දැවීම උසුලා සිටීමට සමත් වෙති. බලවත් කර්මාදි හේතූන් නිසා උපන් සත්ත්වයෝ බොහෝ කල් ජරා ගින්නෙන් දැවීම උසුලන්නට සමත් වෙති. වැඩි කල් ඒ දැවීමට ඔරොත්තු දෙන්නා වූ සන්තාන ඇති සත්ත්වයෝ බොහෝ කල් ජීවත් වන්නාහු ය.
උකුණු මකුණු ආදි දුබල කුඩා සතුන් ගේ ජීවන කාලය සතියක් වන්නේ ඉදිරියට ජීවත් නො විය හැකි පමණට ඒ සන්තානයන් ජරාගින්නෙන් සතියක් තුළදීම දවන නිසා ය. මතුවට ජීවත් නො විය හැකි පමණට සත්ත්වසන්තානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගතවන්නා වූ කලාය ඒ ඒ සත්ත්වයන්ගේ පරමායුෂය ය. සත්ත්වයන් ගේ ආයු නියමය ජරාව පිළිබඳ වූවකි. ජරාගින්නට අසුව මසකින් මතු ජීවත් විය නොහෙන පමණට ශරීරය දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ මසෙකි. ජරාගින්නට වර්ෂයකින් මතු ජීවත්වීමේ ශක්තිය නැති වන ලෙස දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ වර්ෂයකි. බලවත් කර්මයෙන් ජනිත ප්‍ර‍ණීත රූපයන්ගෙන් නිර්මිත දේව බ්‍ර‍හ්මයන් ගේ ශරීරයන් දවා දුබල කිරීමට ජරාගින්නට බොහෝ කලක් ගත වේ. එබැවින් ඔවුහු දීර්ඝායුෂ්කයෝ ය. මෙසේ ඒ ඒ සත්ත්ව ජාතීන් ගේ ආයුෂ පිරිසිඳින ජරාව ආයුපරිච්ඡේද ජරාව ය.
🌹එක් එක් සත්ත්ව ශරීරයක මරණය තෙක් නො ප වත්නා වූ වරින් වර චිත්ත – සෘතු – ආහාරයන්ගෙන් ඇති වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවෝ ද වෙති. අනේක හේතූන්ගෙන් හටගැනී එක්තරා කාලයක් පැවැතී සිඳී යන ආගන්තුක චිත්තපරම්පරාවෝ ද වෙති. ආහාරයක් නො ලද කල්හි ශරීරය දුබල ව පවතී. ආහාර නො ලැබූ තැනැත්තා ගේ හිසද ඔසවා කෙළින් තබා ගත හැකි සැටියට පණ නැත. උගුරෙහි හා කටෙහි තෙත් ගතිය නැත. කෙළින් තබා ගෙන සිටීමට කඳ පණ නැත. වැඩක් කිරීමට අත් පණ නැත. ගමන් කිරීමට පා පණ නැත. මෙසේ දුබල ව සිටින තැනැත්තා ගේ ශරීරයට ආහාරයක් වැටුණු පසු ඔහු ගේ අත් පාවලට නැවත පණ එන්නේ ය. ඔහු ගේ උගුර කට නැවත තෙත් වන්නේ ය. එසේ වන්නේ ආහාරය නිසා අලුත් රූප කොටසක් ඔහු ගේ ශරීරයේ පැතිර පහළ වීමෙනි.
🌹ආහාරයෙන් නිපන් ඒ ආගන්තුක රූපයෝ ද ජරාවෙන් තොර වූවාහු නො වෙති. ජරාව ඒවා සමග ඇති වී ඒවා වියළවන්නට දවන්නට දුබල කරන්නට පටන් ගන්නේ ය. ඒ හේතුවෙන් පැය ගණනක් තුළ දී හිසෙහි පහළ වූ ආහාරජ රූප පරම්පරාවෝ හිසෙහි ම සිඳී යෙති. කඳෙහි පැවති රූප පරම්පරාවෝ කඳෙහිම සිඳී යෙති. අත්පාවල පැවති රූප පරම්පරාවෝ අත්පාවලම සිඳී යෙති. පැය ගණනකින් පසු සත්ත්වයා නැවතත් දුබල බවට පත් වන්නේ එහෙයිනි. මෙසේ පහළ වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවන් ගේ දිරීම සන්තතිජරාව ය. ඒවායේ සිඳී යාම සන්තතිමරණය යි. ශීතය උෂ්ණය ධාතු කෝපය නානාප්‍ර‍කාර සිතිවිලිය යන ආදියෙන් සත්ත්වසන්තානයෙහි මෙසේ නොයෙක් විට නානාවිධ රූපසන්තතීහු පහළ වී දිරා සිඳී යෙති. ඒ සියල්ලේ ම දිරීම සන්තතිජරාව ය. සිඳීම සන්තති මරණය ය.
🌹සත්ත්වසන්තානයෙහි සමහර අවස්ථාවල දී යම් කිසි ඉෂ්ටාරම්මණයක ප්‍ර‍තිලාභයෙන් ප්‍රීති සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ශෝක සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී භයසහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ක්‍රෝධසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ඊර්‍ෂ්‍යාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ලෝභසහගත සිතිවිලි පරම්පරාවෝ ද, කරුණාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, මෛත්‍රීසහගත සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. තවත් නොයෙක් ආකාර සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. මම මෙතෙක් කල් ප්‍රීතියෙන් විසුවෙමි යි කියනුයේ ප්‍රීති සහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් ශෝකයෙන් සිටියෙමි ය යි කියනුයේ ශෝකසහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් බියෙන් සිටියෙමි ය, කෝපයෙන් සිටියෙමි ය යනාදිය කියනුයේ ද ඒ ඒ සිත් පරම්පරාවල පැවති කාලය ගැන ය.
🌹ප්‍රීතිසහගත චිත්තපරම්පරාවක් ඇති වන්නට පටන් ගත් කල්හි පටන් ගැන්මේ සිට ම එය ජරාවෙන් දුබල කරන්නට වන්නේ ය. එයින් කල් යත් යත් ප්‍රීතිය මඳ වෙවී ගොස් අන්තිමට සම්පූර්ණයෙන් ම සිඳී යන්නේ ය. පළමුවෙන් ඉතා මිහිරි බවක් දැනෙන ලෙසට ඉතා බලවත් ලෙසට පටන් ගත් ප්‍රීතිය කෙමෙන් හීන වනුයේ මඳ වූවා සේ දැනෙනුයේ දිරීමෙන් එය දුබල වන බැවිනි. එසේ කෙමෙන් ජරාවෙන් දුබල වී ගොස් අන්තිමට ඒ ප්‍රීතිය සර්වාකාරයෙන් නැති වන්නේ ය. පටන්ගත් ප්‍රීතිය කෙමෙන් දුබලවීම සන්තතිජරාව ය. අන්තිමේ දී සර්වාකාර යෙන් ප්‍රීතිය සිඳී යාම සන්තති මරණය ය.
🌹යම් කිසි කරුණක් නිසා උග්‍ර‍ කෝපයක් පහළ වූ කල්හි ජරාව එය දුබල කරන්නට පටන් ගනී. තරමක් කාලය ගත වූ පසු කෝපය මඳ වූවා සේ දැනෙනුයේ ඒ දුබල වීම නිසා ය. කෙමෙන් දුබල වී ගොස් අන්තිමේ දී කෝපය නැති වී යයි. එකල්හි කෝපය සන්සිඳුණේ යයි කියනු ලැබේ. කෝපය සන්සිඳීමය යි කියනුයේ ක්‍රෝධ සහගත සිත් පරම්පරාවේ සන්තති මරණයට ය. කෙමෙන් සන්සිඳීම නම් සන්තති ජරාවය. මෙසේ චිත්ත පරම්පරාවන් ගේ සන්තති ජරා මර දෙක සලකා ගත යුතු ය.
🌹එක් නාමරූප ධර්මයකට ඇත්තා වූ ජීවන කාලය හෙවත් පවත්නා කාලය ඉතා කෙටි කාලයකි. ඒ කාලය උත්පාදය – ස්ථිතිය – භඞ්ගය යි තුනට බෙදනු ලැබේ. ඒ තුන් කාලයෙන් එක් එක් කාලයක් ඇසි පිය හෙලන කාලයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් දිග නැත. පෙර නො තුබුණා වූ යම්කිසි නාම රූප ධර්මයක පැන නැඟීම, මතු වීම, පහළ වීම එක්තරා වේගයකි. උත්පාදය යි කියනුයේ ඒ වේගයට ය. ඒ වේගයට ජරාවට පැමිණීමෙන් සිටී. නවතී. වේගය නැවතී පවත්නා අවස්ථාවට ස්ථිතිය යි කියනු ලැබේ. ඉපදීමේ වේගය සන්සිඳෙනු සමඟ ම එය බිඳ වැටේ. එයට භඞ්ගය යි කියනු ලැබේ.
🌹ඉපදීමේ වේගය නවත්වා උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ සංස්කාරයන් ගේ මේරීම පැසීම වූ ස්ථිතිය ක්‍ෂණික ජරාව ය. එය නිසා වන්නා වූ සංස්කාරයන්ගේ බිඳ වැටීම අතුරුදහන් වීම ක්‍ෂණික මරණය යි. ක්ෂණික ජරා මරණ දෙක අභිධර්මය උගත හොත් හොඳින් වැටහෙනු ඇත. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස යන මේ පස පටිච්චසමුප්පාදයේ අංග නො වන නිසා ද තේරුම් ගැනීමට අපහසු නො වන නිසා ද ඒවා ගැන විස්තරයක් නො කරනු ලැබේ.
🌹මෙම ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය අවිද්‍යාවෙන් පටන් ගෙන තිබෙනුයේ අවිද්‍යාව අහේතුක ව ඇති වන්නක් නිසා හෝ අන් සැමට පළමුව ලෝකයෙහි එය ඇති වූ නිසා හෝ නො වන බව පෙර කියා ඇත. “ජාතිපච්චයා ජරාමරණං, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති” යි ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය අවසන් කර තිබෙනුයේ ද ජරා මරණයෙන් මේ හේතු ඵල පරම්පරාව කෙළවර වී යන නිසා නො වේ. අවිද්‍යා තෘෂ්ණා ප්‍ර‍හාණයෙන් මේ චක්‍ර‍ය අර්හත්මාර්ගඥානය නමැති කඩුවෙන් සිඳින තුරු කාල නියමයක් නැති ව මේ හේතු ඵල පරම්පරාව ඉදිරියට නො සිඳී පවත්නේ ය. එසේ පවත්නා බව දැක්වීම පිණිස මෙහි පටන් ගැනීමේ දී දැක් වූ අවිද්‍යාව නැවතත් දැක්විය යුතු ය.
🌹ඒ අවිද්‍යාව නැවත දේශනය නො කරනලදුයේ යම්කිසි කරුණක් නිසා ය. එනම් – ජරා – මරණ ශෝක පරිදේව-දුඃඛ – දෞර්මනස්‍ය – උපායාසයෝ ද මේ සංසාර චක්‍ර‍යට ඇතුළු කොට දැක්විය යුතු ම ය. මේ හේතුඵල පරම්පරාව පිළිබඳ සෙවිය යුත්තේ ද, මෙය දතයුත්තේ ද ජරා මරණාදි දුක් රැස ඇති නිසා ය. ජාතියට අනතුරු ව මේ ස්ථානයේ දී ජරා මරණාදිය නො දක්වා මුලට සම්බන්ධ කිරීමට “ජාතිපච්චයා අවිජ්ජා” යි අවිද්‍යාව දක්වත හොත් ජරාමරණාදිය දක්වන්නට තැනක් නො ලැබේ.
🌹එබැවින් තථාගතයන් වහන්සේ වරක් වදාළ අවිද්‍යාව නැවත නො ගෙන “ජාතිපච්චයා ජරාමරණං” යි වදාළ සේක. ජරා මරණයන් වදාරා, ජරාමරණ පච්චයා අවිජ්ජා යි දේශනය කළත් යෙදෙන්නේ නො වේ. එබැවින් එසේ ද නොවදාළ සේක. ශෝක – පරිදේව දුඃඛ – දෞර්මනස්‍ය – උපායාසයෝ අවිද්‍යාවෙන් වෙන් නො වන අවිද්‍යාව හා බැඳී උපදනා ධර්‍මයෝ ය. එබැවින් ශෝකාදිය වදාළ කල්හි අවිද්‍යාව ද දැක්වූයේ වන්නේ ය. ජාතිය නිසා ඇති වන්නේ ජරාමරණාදි ධර්ම සත පමණක් ම නො වේ. සත්ත්වයකු ගේ ඉපදීමේ පටන් මරණය දක්වා කාලය තුළ සත්ත්ව සන්තානයෙහි යම් යම් ධර්ම කෙනෙක් ඇති වෙත් නම් ජාතිය ඒ සියල්ලටම හේතු වේ. නූපන්නා නම් ඒවා ඇති නො වන බැවිනි.
🌹සත්ත්වයකු උපනහොත් ඔහුට ස්වසන්තානයට අයත් ස්කන්ධයන් නිසා ද, ඔහුගේ ඉන්ද්‍රියයන්ට හමු වන රූප ශබ්දාදි ආරම්මණයන් නිසා ද, අවිද්‍යාව ඒකාන්තයෙන් ඇති වන්නේ ය. එබැවින් දේශනා භේදය වන නිසා තථාගතයන් වහන්සේ විසින් නමින් ගෙන අවිද්‍යාව නො වදාළේ වී නමුත් මෙහි අවිද්‍යාව ද ගැනෙන බව දත යුතු ය. අවිද්‍යාව ඇති වූ කල්හි නැවතත් කර්ම රැස්කරන බැවින් කර්ම නිසා නැවත උපදින බැවින් මේ හේතුඵල පරම්පරාව නො සිඳී පවතින්නේ ය යි දත යුතු. එහි මුලක් ද නැත්තේ ය. ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය ජාති තුනකට සම්බන්ධව පවත්නා සැටි මේ සටහන බලා දත යුතු.🙏🙏🙏

උපුටා ගැනීම-(පටිච්ච සමුප්පාද විවරණය)

ග්‍රන්ථ කතෘ-(පූජණීය රේරූකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ.. )

තෙරුවන් සරණයි!!!