Monthly Archives: October 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/34LR3Df
_______කාම මිථ්‍යාචාරය_______

කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

උතුම් තෙරුවන් සරණයි !

උපුටාගැනීම : බෞද්ධයාගේ අත්පොතෙන්.
කර්තෘ : පරමපූජණීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්.

ධර්ම දානය පිණිස බෙදා හරින්න…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/37UdfNn
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ 255 💙💚💜
සන්තිකේ නිධානය

හැඳින්වීම

අද වප් පුර පසළොස්වක පොහොය දිනය. අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ තුන්වන කොටස වන “සන්තිකේ නිධානය” අද දිනයේ අරඹන්න ඕනේ කියලා තදින්ම සිතා ගත්තා. අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළ ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්තයි. එය දූරේ නිධානය, අවි දූරේ නිධානය, සහ සන්තිකේ නිධානය නම් වනවා. දූරේ නිධානය කියන්නේ අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ප්‍රථම විවරණයේ සිට පිළිවලින් සුවිසිවිරණ ලැබීමෙන් පසු බුදුවීමට පෙර අවසන් වශයෙන් මනු ලොව ඉපදුන (වෙස්සන්තර ජාතකය) ආත්මභාවය දක්වා වූ කතා වෘතන්තයයි. ඉන් අනතුරුව උන්වහන්සේ තුසිත දෙවුලොව ඉපෙදෙනවා. ඒ කොටස ත්‍රිපිටක අට්ට කථාවෙහි දූරේ නිධානය නොහොත් දුර නිදානය වශයෙන් හඳුන්වනවා. එය කොටස් 141 කින් ලියා අවසන් කළා.

අවිදුරෙ නිධානය කියන්නේ දුරේ නිධානයෙන් පසු තුසිත දෙවුලොවින් පිට වී බුද්ධත්වය දක්වා පැමිණි ගමන් මගටයි. එය අවිදූරේ නිධානය නොහොත් දුර නැති නිධානය වශයෙන්ද හඳුන්වනවා. එය කොටස් 142 සිට දෙසිය පනස් හතර තෙක් කොටස් 112 කින් ලිය අවසන් කළා.

දැන් ඇත්තේ සන්තිකේ නිධානයි. එනම් එනම් ළඟ නිධානය නොහත් බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා පැමිණි ඒ වස් හතළිස් පහක් වූ කාලයෙහි විස්තර කතාවයි. දැන් අද දින සිට ඔබ වෙත දිග හැරෙන්නේ ඒ අති රමණීය බුදු පිය සටහන් පෙළයි .

බෝ මැඬ දී උදාන වාක්‍ය පහළ කොට වැඩ සිටි බුදුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ විය. මම මේ බෝමැඩ පළඟ සඳහා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර ගමන් කළෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහා අලංකාර කළ හිස බොටුවෙන් සිඳ දුනිමි. අදුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි. ජාලිය කුමරු වැනි පුතුන් ක්‍රිෂ්ණජිනා කුමරිය වැනි දියණියන් මද්රි දේවි වැනි බිරියන් අනුන්ගේ බැලමෙහෙ සඳහා දුනිමි. මේ පළඟ මගේ නොපැරදුණු පළඟයි. බුදු බව ලබා ගත් උතුම් පළඟයි. මෙහි වැඩ හුන් මගේ සියලු ප්‍රාර්ථනා සඵල විය. තවදුරටත් මෙයින් නොනැගිටිමි. යනුවෙන් සිතමින් නොයෙක් කෙළ සිය ගණන් සමවත් වලට සම වදිමින් සත් දිනක් එහිම වැඩ සිටියා. ඒ පිළිබඳව ඊලග ලිපියෙන් කියවන්නට ලැබේවි.
බෝ මැඬ දී උදාන වාක්‍ය පහළ කොට වැඩ සිටි බුදුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ වුණා. මම මේ බෝමැඩ පළඟ සඳහා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර ගමන් කළෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහා අලංකාර කළ හිස බොටුවෙන් සිඳ දුනිමි. අදුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි. ජාලිය කුමරු වැනි පුතුන් ක්‍රිෂ්ණජිනා කුමරිය වැනි දියණියන් මද්රි දේවි වැනි බිරියන් අනුන්ගේ බැලමෙහෙ සඳහා දුනිමි. මේ පළඟ මගේ නොපැරදුණු පළඟයි. බුදු බව ලබා ගත් උතුම් පළඟයි. මෙහි වැඩ හුන් මගේ සියලු ප්‍රාර්ථනා සඵල විය. තවදුරටත් මෙයින් නොනැගිටිමි. යනුවෙන් සිතමින් නොයෙක් කෙළ සිය ගණන් සමවත් වලට සම වදිමින් සත් දිනක් එහිම වැඩ සිටියා. ඒ පිළිබඳව ඊලග ලිපියෙන් කියවන්නට ලැබේවි.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව 01.

විශේෂ පුණ්‍යානුමෝදනාව – ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද පූජ්‍යපාද දිගන සුගතවංශ හිමිපාණන් වහන්සේහට, රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, ගෞරවණිය පණ්ඩිත අරියවිමල හිමිපාණන් වහන්සේට, ගෞරවනීය අමරවංශ හිමිපාණන් වහන්සේට Path to Nirvana වෙබ් පිටුව නිර්මාතෘ පින්වත් ජනක මහතාට, ඇතුළු මෙය අන්තර් ජාලය තුල බෙදාහරින පින්වත් ඔබ සැමට.
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
30-10-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HQUP5i
බුද්ධ ශබ්දයේ තවත් යෙදීම්

7. ‘යමක් කෙරෙහි’ යන අර්ථයේ (ආධාරාර්ථය)
ඒකවචන – බුද්ධෙ/බුද්ධම්හි/බුද්ධස්මිං
බහුවචන – බුද්ධෙසු

බුද්ධෙ (බුදුරජාණන් වහන්සේ කෙරෙහි)
උදා: යෙ, භික්‌ඛවෙ, බුද්‌ධෙ පසන්‌නා, අග්‌ගෙ තෙ පසන්‌නා. (මහණෙනි, යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම්, අග්‍රස්ථානයක පැහැදුණේ වෙයි)

බුද්ධෙසු (බුදුරජාණන් වහන්සේලා කෙරෙහි)
උදා: දිට්‌ඨෙව ධම්‌මෙ පාසංසො, යො බුද්‌ධෙසු සගාරවො (යමෙක් බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිත නම්, මෙලොව ම ප්‍රශසංසා කළ යුතු වෙයි)

මෙය ‘කල්හි’ යන අර්ථය දැක්වීමට ද යෙදේ.
උදා: බුද්‌ධෙ පරිනිබ්‌බුතෙ (බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි)

ඇතැම්විට ‘අතරින්’ යන අර්ථය දැක්වීමට ද යෙදේ.
උදා: බුද්ධෙසු වා පච්චෙකබුද්ධබුද්ධසාවකෙසු (බුදුරජාණන් වහන්සේලා හෝ පසේබුදු, බුද්ධශ්‍රාවකයන් වහන්සේලා අතරින්)

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.

1. සො බුද්‌ධෙ අවෙච්‌චප්‌පසාදෙන සමන්‌නාගතො …
(සිං) හෙතෙම ………………. ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ ..

2. නත්‌ථි ඉමස්‌මිං භික්‌ඛුසඞ්‌ඝෙ එකභික්‌ඛුස්‌සාපි කඞ්‌ඛා වා විමති වා බුද්‌ධෙ වා ධම්‌මෙ වා සඞ්‌ඝෙ වා මග්‌ගෙ වා පටිපදාය වා.
(සිං) මේ භික්ෂු සංඝයා අතරෙහි එක් භික්ෂුවකට නමුදු ………………….. හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාග්රය කෙරෙහි හෝ ප්‍රතිපදාව කෙරෙහි සැකයක් හෝ විමතියක් නැත.

3. කස්‌මා අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු බුද්‌ධෙසු වෙරමකාසී’’ති ආහ.
(සිං) කවර හෙයකින් අතීත අනාගත වර්තමාන ………………… වෛර කළේදැ යි ඇසීය.

4. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්‌භකාරො බුද්‌ධෙ අවෙච්‌චප්‌පසාදෙන සමන්‌නාගතො
(සං) මහරජ ඝටීකාර කුම්භකාර තෙමේ …………………… නොසැලෙන පැහැදීමකින් යුතු වූයේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන ධනඤ්‌ජානී නාම බ්‍රාහ්‌මණී මණ්‌ඩලකප්‌පෙ පටිවසති අභිප්‌පසන්‌නා බුද්‌ධෙ ච ධම්‌මෙ ච සඞ්‌ඝෙ ච.
(සං) එසමයෙහි ධනඤ්ජානී නම් බැමිණිය ……………. ද ධර්මයෙහි ද සංඝයා කෙරෙහි ද විශේෂයෙන් පැහැදුනී මණ්ඩලකප්ප නම් ගමෙහි වාසය කරයි.

6. සොළසකප්‌පසහස්‌සබ්‌භන්‌තරෙ බුද්‌ධෙසු උප්‌පන්‌නෙසුයෙව උප්‌පජ්‌ජන්‌ති
(සිං) සොළොස් කල්ප ලක්ෂයක් ඇතුළත ………………… උපන් කල්හි ම උපදිති.

7. යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද්‌ධෙ පරිනිබ්‌බුතෙ
(සං) යම් තැනක තථාගතයන් වහන්සේ අතීත ……………….. පිරිනිවි කල්හි…

8. අථ ඛො චිත්‌තො ගහපති මිත්‌තාමච්‌චෙ ඤාතිසාලොහිතෙ බුද්‌ධෙ ච ධම්‌මෙ ච සඞ්‌ඝෙ ච චාගෙ ච සමාදපෙත්‌වා කාලමකාසීති.
(සිං) ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ මිතුරු ඇමතියන් ද සහලේ නෑයන් ද ……………….. ද ධර්මයෙහි ද සංඝයා කෙරෙහි ද ත්‍යාගයෙහි සමාදන් කරවා කලුරිය කළේය.

9. කතමෙසානන්‌ති අතීතෙසු විපස්‌සීආදීසු බුද්‌ධෙසු කතමෙසං.
(සිං) කතමේසානං යනු අතීත විපස්සී ආදි …………………. කවරෙක් ගේ ද යනුයි.

10. පරිබ්‌බාජකා කිර බුද්‌ධෙසු වා බුද්‌ධසාවකෙසු වා අත්‌තනො සන්‌තිකං ආගතෙසු…
(සිං) පරිබ්‍රාජකයෝ ………………….. හෝ බුද්ධශ්‍රාවකයන් තමන් සමීපයට පැමිණි කල්හි..

උපුටා ගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/31Kg1kr
බුද්ධ ශබ්දයේ තවත් යෙදීම්

4. යමක් ‘ලබන්නා’ ලෙස (සම්ප්‍රදානය)
ඒකවචන – බුද්ධස්ස/බුද්ධාය
බහුවචන – බුද්ධානං

බුද්ධස්ස (බුදුරජාණන් වහන්සේට)
උදා: නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස (ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා)

බුද්ධානං (බුදුරජාණන් වහන්සේලාට)
උදා: බුද්‌ධානං පන එත්‌තකන්‌ති පරිච්‌ඡෙදො නත්‌ථි, යාවතකං ආකඞ්‌ඛන්‌ති, තාවතකං අනුස්‌සරන්‌ති. (බුදුරජාණන් වහන්සේලාට වනාහි මෙපමණක් යැයි පිරිසිඳීමක් නැත. යම්තාක් කැමති වෙත් ද, ඒ තාක් සිහි කරත්.)

5. ‘යමකින්’ වෙන් වීමේ අර්ථයේ
ඒකවචන – බුද්ධා/බුද්ධම්හා/බුද්ධස්මා
බහුවචන – බුද්ධෙහි/බුද්ධෙභි

මෙය බුද්ධ ශබ්දය සම්බන්ධයෙන් යෙදීම ඉතා අඩුය. එහෙත් මේ හා සමාන වෙනත් ශබ්දවල දී හමු වන බැවින් දැන සිටිය යුතුය.

6. ‘අයිතිය’ හැඟවීමේ අර්ථයේ (ස්වාමි)
ඒකවචන – බුද්ධස්ස
බහුවචන – බුද්ධානං

බුද්ධස්ස (බුදුරජාණන් වහන්සේගේ)
උදා: බ්‍රහ්‌මදත්‌තො මාණවො අනෙකපරියායෙන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති. (බ්‍රහ්මදත්ත මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට/බුදුරජාණන් වහන්සේගේ ගුණ කියයි)

බුද්ධානං (බුදුරජාණන් වහන්සේලාගේ)
උදා: අථ යා බුද්‌ධානං සාමුක්‌කංසිකා ධම්‌මදෙසනා තං පකාසෙසි (අනතුරුව යම් බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්කංසික ධර්මදේශනයක් වේ ද එය වදාළ සේක)

මෙය සම්ප්‍රදාන හෝ ස්වාමි යන කුමන අර්ථයේ යෙදී ඇද්ද යන්න යෙදී ඇති අවස්ථාව අනුව තීරණය කළ යුතු ය.

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.

1. අත්‌තසන්‌නිය්‍යාතනං නාම ‘‘අජ්‌ජ ආදිං කත්‌වා අහං අත්‌තානං බුද්‌ධස්‌ස නිය්‍යාතෙමි, ධම්‌මස්‌ස, සඞ්‌ඝස්‌සා’’ති එවං බුද්‌ධාදීනං අත්‌තපරිච්‌චජනං.
(සිං) අත්‌තසන්‌නිය්‍යාතනය නම් අද පටන් මම ආත්මය …………………පවරා දෙමි. ධර්මයට, සංඝයාට (පවරා දෙමි) යැයි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාගය කිරීම.

2. ඛීණාසවා අරහන්‌තො, බහූ බුද්‌ධස්‌ස සාවකා
(සිං) ……………… ක්ෂීණාශ්‍රව අර්හත් ශ්‍රාවකයෝ බොහෝය.

3. අනුපුබ්‌බං පරිචිතං, යථා බුද්‌ධෙන දෙසිතං.
(සිං) ………………. දේශනා කරන ලද ආකාරයට අනුපිළිවෙළින් පුරුදුකරන ලද්දේ…

4. කම්‌මං ඛො පන මෙ කරොන්‌තෙන න සුකරං බුද්‌ධානං සාසනං මනසි කාතුං
(සිං) කර්මාන්ත කරන්නා වූ මට …………………… ශාසනය මෙනෙහි කිරීම පහසු නොවේ.

5. තිස්‌සො විජ්‌ජා අනුප්‌පත්‌තා, කතං බුද්‌ධස්‌ස සාසනං.
(සිං) ත්‍රිවිද්‍යාවන්ට පැමිණෙන ලදී. ……………….. ශාසනය කරන ලදී.

6. බුද්‌ධෙන ධම්‌මො විනයො ච වුත්‌තො
(සිං) ………………. ධර්මය ද විනය ද වදාළ සේක් ද …

7. බුද්‌ධස්‌ස වා ධම්‌මස්‌ස වා සඞ්‌ඝස්‌ස වා අවණ්‌ණෙ භඤ්‌ඤමානෙ…
(සිං) ………………….. හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියන කල්හි …

8. කතමෙසානං ඛො බුද්‌ධානං භගවන්‌තානං බ්‍රහ්‌මචරියං න චිරට්‌ඨිතිකං අහොසි.
(සිං) කවර නම් භාග්‍යවත් ………………… බඹසර චිරස්ථායී නො වී ද?

9. චෙතියං වන්‌දිත්‌වා බොධියඞ්‌ගණං පත්‌තෙනාපි බුද්‌ධස්‌ස භගවතො සම්‌මුඛා විය නිපච්‌චකාරං දස්‌සෙත්‌වා බොධි වන්‌දිතබ්‌බො.
(සිං) චෛත්‍යය වැඳ බෝධි අංගණයට පැමිණියහු විසින් ද භාග්‍යවත් ……………. සම්මුඛ වූවාක් මෙන් ගෞරව දක්වා බෝධිය වැඳිය යුතුය.

10. ආචිණ්‌ණං ඛො පනෙතං බුද්‌ධානං භගවන්‌තානං ආගන්‌තුකෙහි භික්‌ඛූහි සද්‌ධිං පටිසම්‌මොදිතං.
(සිං) ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කථා කිරීම භාග්‍යවත් ……………….. ආචීර්ණ ධර්මතාවයකි.

උපුටාගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HE3oQE
පදයෙන් පදය පාලි සහ සිංහල අර්ථය සමග නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් පිරිත් 43 ක්.

අර්ථය මෙනෙහි කරමින් හැකිතාක් සජ්ඣායනා කරන්න.
Web -> https://ift.tt/2w6WxtO

Android -> https://ift.tt/36yNj5F

iOS -> https://ift.tt/35EWeUL

අපි අපේ සෑම සාමාජික මහත්මයෙකුගෙන් ම සහ සාමාජික මහත්මියකගෙන් ම ඉතා ඕනෑකමින් හා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ:
ඔබට දිනකට හැකි වතාවක් “රතන සූත්‍රය” මුලු හදවතින් ම සජ්ඣායානා කරන ලෙස, හා/හෝ
ඔබගේ ජංගම දුරකතනයේ / උපාංගයේ / නිවසේ / පරිගණකයේ / … ආදියෙහි, ඔබට දිනකට හැකි වතාවක් “රතන සූත්‍රය” බාහිරට ඇසීමට සලස්වන ලෙස, හා/හෝ
ඔබේ යහළුවන් / හිතවතුන් / නෑයන් / කණ්ඩායම් / වැඩපොළවල් / පන්සල් / … ආදී ඔබට හැකි සෑම කොටසක්/ආයතනයක් ම ඒ සඳහා පොළඹවන/දිරි ගන්වන ලෙස යි

මෙම මෘදුකාංගයේ ඕනෑ ම පිරිතක් නැවත නැවත සජ්ජායනා කරවීමේ (Repeat) පහසුකම සලසා අත.
උපදෙස් සහිත වීඩියෝ එක https://www.youtube.com/watch?v=XFpYqlgT-a0

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3kxNV3e
අද දින ඉදිරිපත් කරන පාලි වචනය…

බුද්ධ ශබ්දයේ තවත් යෙදීම්

2. වාක්‍යයක කර්මය ලෙස:
ඒකවචන – බුද්ධං
බහුවචන – බුද්ධෙ

බුද්ධං (බුදුරජාණන් වහන්සේ): මෙහි දී වාක්‍යයක කර්මය වශයෙන් යෙදේ.
උදා: බුද්ධං සරණං ගච්ඡාමි (බුදුරජාණන් වහන්සේ සරණ යමි) – මෙහි සරණ යන්නේ ‘මම’ යි. ඒ සරණට බඳුන් වන්නේ බුදුරජාණන් වහන්සේයි.

3. ‘විසින් / කරණ කොටගෙන’ යන අර්ථයේ:
ඒකවචන – බුද්ධෙන
බහුවචන – බුද්ධෙහි/බුද්ධෙභි

බුද්ධෙන (බුදුරජාණන් වහන්සේ විසින්)
උදා: යථා බුද්ධෙන දෙසිතං (බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට)

බුද්ධෙහි (බුදුරජාණන් වහන්සේලා විසින්)
උදා: වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති ආරඤ්ඤිකො හොති (බුදුරජාණන් වහන්සේලා විසින්, බුද්ධශ්‍රාවකයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යක වෙයි)

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.

1. යෙකෙචි බුද්‌ධං සරණං ගතාසෙ (මහාසමය සූත්‍රය)
(සිං) යම් කිසිවෙක් …………. සරණ ගියා නම්..

2. බුද්‌ධං අප්‌පටිපුග්‌ගලං; අහං වන්‌දෙ (සක්කපඤ්හ සූත්‍රය)
(සිං) මම අප්පටිපුග්ගල වූ ……………… වදිමි.

3. යදා බුද්‌ධො අභිඤ්‌ඤාය, ධම්‌මචක්‌කං පවත්‌තයි (සීහ සූත්‍රය)
(සිං) යම් කලෙක ………………. අවබෝධ කරලෙන ධර්මචක්‍රය පවත්වන ලද සේක් ද…

4. විජ්‌ජාචරණසම්‌පන්‌නං, බුද්‌ධං වන්‌දාම ගොතමං (ආටානාටිය සූත්‍රය)
(සිං) විජ්ජාචරණසම්පන්න වූ ගෞතම ………….. වදිමු.

5. විහාරදානං සඞ්‌ඝස්‌ස, අග්‌ගං බුද්‌ධෙන වණ්‌ණිතං (චුල්ලවග්ගපාළි)
(සිං) සංඝයාට විහාර පූජා කිරීම ……………….. අග්‍ර යැයි වර්ණනා කරන ලදී.

6. විගරහි බුද්‌ධො භගවා
(සිං) භාග්‍යවත් ……………. ගැරහූ සේක.

7. තත්‌තකං කාලං අතික්‌කමිත්‌වා බුද්‌ධෙහි දින්‌නනයෙ ඨත්‌වා (මහාපදානසූත්‍ර අටුවාව)
(සිං) එපමණක් කාලයක් ඉක්මවා ………………. දුන් නයෙහි පිහිටා…

8. තස්‌ස චෙ, ආවුසො, භික්‌ඛුනො එවං බුද්‌ධං අනුස්‌සරතො (මහාහත්‌ථිපදොපමසුත්‌තං)
(සිං) ඉදින් ඇවැත්නි මෙසේ ……………….. සිහි කරන්නා වූ ඒ භික්ෂුවට

9. බුද්‌ධෙහි පච්‌චෙකබුද්‌ධෙහි සාවකෙහි අඤ්‌ඤෙහි ච පණ්‌ඩිතෙහි බහුස්‌සුතෙහි ගරහිතා. (මහාසුදස්සන සූත්‍ර අටුවාව)
(සිං) …………………….. පසේ බුදුවරුන් විසින් ශ්‍රාවකයන් විසින් අන් නුවණැති බහුශ්‍රැතයන් විසින් ගර්හා කරන ලදී.

10. විනයස්‌ස කති මූලානි, යානි බුද්‌ධෙන පඤ්‌ඤත්‌තා (පරිවාරපාළි)
(සිං) විනයට යම් මූලයක් ……………. පනවන ලද්දේ ද ඒ මූලයෝ කොතෙක් ද?

උපුටාගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3jtXA9J
අද දින ඉදිරිපත් කරන පාලි වචනය ‘බුද්ධ’ යන්නයි.
බුද්ධ = බුදුරජාණන් වහන්සේ

මෙම පදය නොයෙක් ආකාරයෙන් ත්‍රිපිටකයේ යෙදී ඇති අවස්ථා හමු වේ. ඒවා වෙන වෙන ම හදුනාගත යුතු වේ. මේ සියලු ආකාර දක්වා ඇත්තේ සෙසු මීට සමාන පදවල ඇති යෙදීම ද සලකා බැලීමෙනි. එබැවින් මේ සියල්ල ත්‍රිපිටක පාලියේ දැකිය නොහැකිය. දැකිය හැකි උදාහරණ කිහිපයක් සමඟ මෙසේ දැක්විය හැකිය.

1. වාක්‍යයක උක්තය ලෙස:
ඒකවචන – බුද්ධො
බහුවචන – බුද්ධා

බුද්ධො (බුදුරජාණන් වහන්සේ)
උදා: තෙන සමයෙන බුද්ධො භගවා (එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ)

බුද්ධා (බුදුරජාණන් වහන්සේලා/බුදුවරු)
උදා: ද්‌වෙමෙ, භික්‌ඛවෙ, බුද්‌ධා. කතමෙ ද්‌වෙ? (මහණෙනි බුදුවරු දෙදෙනෙකි. ඒ කවර දෙදෙනෙක් ද යත්?)

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.
1. ඉති බුද්‌ධො අභිඤ්‌ඤාය (මහා පරිනිර්වාණ සූත්‍රය)
(සිං) යැයි …………… අවබෝධ කොටගෙන

2. ගන්‌ත්‌වාන බුද්‌ධො නදිකං කකුධං (මහා පරිනිර්වාණ සූත්‍රය)
(සිං) …………….. කකුධං නදියට ගොස්

3. බුද්‌ධො හවෙ කප්‌පසතෙහි දුල්‌ලභොති. (මහා පරිනිර්වාණ සූත්‍රය)
(සිං) …………….. ඒකාන්තයෙන් කල්ප සියයකිනුදු දුර්ලභය.

4. සුපණ්‌ණතො ඛෙමමකාසි බුද්‌ධො (මහාසමය සූත්‍රය)
(සිං) ………….. සුපර්ණයා කෙරෙන් නිදහස් කළසේක.

5. බුද්‌ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති. (චූලසච්චක සූත්‍රය)
(සිං) ඒ භාග්‍යවත් ……………… අවබෝධය පිණිස ධර්මය දේශනා කළ සේක.

6. නිබ්‌බානං පරමං වදන්‌ති බුද්‌ධා (මහාපදාන සූත්‍රය)
(සිං) ……………….. නිර්වාණය උතුම් යැයි වදාරත්.

7. යෙ ච අතීතා සම්‌බුද්‌ධා, යෙ ච බුද්‌ධා අනාගතා (ගාරව සූත්‍රය)
(සිං) යම් අතීත …………………. කෙනෙක් වෙත් ද, යම් අනාගත …………………… කෙනෙක් වෙත් ද

8. ගාථාභිගීතං පනුදන්‌ති බුද්‌ධා (කසීභාරද්වාජ සූත්‍රය)
(සිං) …………….. ගාථාභිගීත භෝජනය පිළිකුල් කරති.

9. රූපං න ජීවන්‌ති වදන්‌ති බුද්‌ධා (ඉන්දක සූත්‍රය)
(සිං) ………………. රූපය ජීවත් නොවෙත් යැයි කියත්.

10. යඤ්‌ඤමෙතං පසංසන්‌ති, බුද්‌ධා යඤ්‌ඤස්‌ස කොවිදා. (උදායී සූත්‍රය)
(සිං) මේ යංඥය (දානය) යංඥය පිළිබඳ දක්ෂ වූ ………………….. ප්‍රශංසා කරත්.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/37AYLlr
🌹වැඩි මුදලක් වියදම් නොකොට කළ හැකි මහ පින්කම් කිහිපයක්..

⚡කුසල් දහම් දියුණු කරගන්නා අතරම ඉඩක් ලද විගස මේ පිං කම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා.
1) බුදු ගුණ මෙනෙහි කිරීම
2)දම් ගුණ මෙනෙහි කිරීම
3)සඟ ගුණ මෙනෙහි කිරීම
4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.
5)අට සිල් සමාදන් වී රැකීම
6)නිති පන්සිල් රැකීම
7)භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.
8)ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)
9)ධර්මය කියවීම
10)වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය )
11)දුගීව සිටද , බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
12)දුගීව සිටද , මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
13)පින් දීම
14)සත්‍ය කථා කිරීම
15)දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම
16)සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම
17)ගිලානෝපස්ථානය
18)මල් පූජා කිරීම
19)මොහොතක් හෝ මෙත් වැඩීම
20)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම
21)දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම
22)ධර්මය හැදෑරීම
23)අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම
24)අභිධර්මය හැදෑරීම
25)ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම
26)ධර්මය වන පොත් කිරීම
වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම
27)නෙක්කඛම්මය
28)සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභවයට පෙර යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. අවසාන ආහාර පිඩද එසේම කරන්න. ඒ අවස්ථා දෙකේදි ආනිශංස 200 ක් සිදුවෙන බව අසා ඇත. වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.
29)ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. පුරා වස් කාලයක්ම, ආශ්‍රවයන්ගෙන් තොරව වැඩ සිටි බවක් වරක්, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් ලියා තිබූ බව කියවේ
30)පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන , රටේ නිත්‍යනුකූල බදු ගෙවීම උදාහරණ වේ)
31)ප්‍රත්‍යවේක්ෂා කිරීම
උදාහරණයක් ලෙස
අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය බලන්න.
ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂාව විවිධ විදිහට තියෙනවා. මරණය ආදිය තමාට එන බව සිහි කිරිමත් ප්‍රත්‍යවේක්ෂාව වෙනවා. සිවු පසයත් ප්
‍රත්‍යවේක්ෂාවෙන් (අවශ්‍යතා සිහි කරමින්) වැලඳිය යුතුයි. නිවන් පසක් කල පසු ප්‍රත්‍යවේක්ෂා කරනවා. සමාධියට සම වැදීමෙන් පසුත් ප්‍රත්
‍යවේක්ෂා කරනවා.
32)සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.
33)තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.
34)අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.
35)මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.
36)දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.
37)සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම.
38)බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.
39)අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම.
40)මල් ආසන පවිත්‍ර කිරීම.
41)බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.
42)පන්සල් පිරිසිදු කරදීම.
43)අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.
44)නින්දට පෙර පන්සිල් සමාදන් වීම.
45)නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.
46)පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.
47)අන්‍යයන් ට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.
48)සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.
49) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.
50) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම
51) තෙරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම
52) දෙමව්පියන් ලවා උපක්‍රමශීලීව පිං කුසල් සිදු කරවීම.
53) ත්රිපිරක අටුවා ටීකා ධර්ම ග්‍රන්ථ ආදිය අඩංගු මෘදුකාංග ස්ථාපනය කර දීම
54) ධර්ම මෘදුකාංග, වෙබ්අඩවි භාවිතා කරන අයුරු ඉගැන්වීම