Monthly Archives: October 2016

New photo from Facebook October 30, 2016 at 12:00PM

එක් දරුවෙකුගේ උපකරණ කට්ටලයක් වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් වැයවේ. මෙම උපකරණ කට්ටලය වෙනුවෙන්, පාසැල් බෑගය, නිල ඇදුම, සපත්තු ජෝඩුව, පොත් පෑන් පැන්සල්, කවකටු පෙට්ටිය, වතුර බෝතලය සහ කුඩය ඇතුලත් වේ.
ගොවිතැන් බතින් ජීවත් වන අසරණ මිනිසුන් බොහෝමයක් පොළොන්නරුව ප‍්‍රදේශයේ ජීවත් වෙති. මෙකළ පවතින අධික නියඟය නිසාවෙන් බොහෝ සෙයින් පීඩාවට පත්වන්නට පොළොන්නරුව ප‍්‍රදේශයේ මේ අසරණ ජනතාවට සිදු වුණා.
මේ අසරණ තත්වයට පත්වූ මිනිසුන් අතර ගැබිණි මව්වරුන් ද, වයසක ආච්චිලා සීයලාද ගොදුරු වුණා. එපමණක් ද නොව මේ අතර විශාල පිරිසක් පාසල් දරුවන් සිටියා. මේ පිරිස වෙනුවෙන් ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් සිදුකරන්නට යෙදුණා.
ලීටර් දහසේ ජල ටැංකි 76ක් පොළොන්නරුව ප‍්‍රදේශයට ලබා දී ඒ ඒ ස්ථානයන් හී ස්ථාපිත කර ජල ලීටර් ලක්ෂ අටකට අධික ප‍්‍රමාණයක් බෙදා දීමටත් ලීටර් විස්සේ ජල බෝතල් දහසක් පමණ බෙදාදීමටත් අපට හැකියාව ලැබුණා.
මෙම ජලය බෙදාදීමේ උතුම් පින්කම සිදුවෙමින් පවතින අතරතුර අපට දැනගන්නට ලැබුණේ මෙම ප‍්‍රදේශයේ විශාල පාසල් දරුවන් පිරිසක් අසරණව අධ්‍යාපන කටයුතු පවා සිදුකරගත නොහැකි මට්ටමක සිටින බවයි. ඇතැම් දරුවන්ගේ මව මියගොස් ඇත. ඇතැම් දරුවන්ගේ පියා මියගොස් ඇත. මෙසේ අසරණ වූ දරුවන් ඉතා දුකසේ පාසැල් අධ්‍යාපනය හදාරමින් සිටී.
තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් මෙසේ අසරණ වූ දරුවන් වෙනුවෙන් පිහිට වීම පිණිස, එළඹෙන නව වර්ෂයේ දී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීමේ අරමුණින් මෙසේ අසරණ භාවයට පත් දරුවන් 250 දෙනෙකුන් තෝරාගෙන ඒ ඒ දරුවන් උදෙසා පාසැල් පොත්, පාසැල් බෑග්, පෑන් පැන්සල්, කවකටු පෙට්ටි, සපත්තු සහ නිළ ඇ`දුම් කට්ටල ආදිය ලබාදීමේ පුණ්‍ය ව්‍යාපෘතියක් සංවිධානය කරමින් පවතිනවා.
අධික රස්නයෙන් පෙළෙමින් කුඩා පැල්පත් වල ජීවත් වන මෙම දරුවන් වෙනුවෙන් අපට පිහිට වන්නට හැකි නම් ඔවුන් ලබන විශාල භාග්‍යක් වනවා නොඅනුමානයි. හෙට අපගේ මේ සො`දුරු ධර්මද්වීපය සුරැුකීමට පෙරට පැමිණෙන දරුවන් වෙනුවෙන් පිහිට වන්නට ඔබත් කැමති නම් තාවතිංස යාත‍්‍රා සංවිධානය සමඟින් එක්වන්නට ඔබටත් අවස්ථාව සැලසෙනවා.
ඔබ මුදලින් දායකත්වය ලබාදෙන්නේ නම්, මාළඹේ හැටන් නැෂනල් බැංකුවේ තාවතිංස යාත‍්‍රා ගිණුමෙහි, ගිණුම් අංක 156020034034 ගිණුමට ඔබගේ මුදල් බැර කිරීමෙන් ඔබට සහාය ලබාදෙන්නට පුළුවන්.
මේ අසරණ පුංචි මල් කැකුළු වන් දරුවන්ගේ අනාගත ලෝකය සුරක්ෂිත කරන්නට සවර්ණමාලී මහා සෑ රජුන් ප‍්‍රධාන සියළු සෑ රජාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය සැලසේවා…! උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් මේ අසරණ දරුවන්ගේ අනාගත ලෝකය සුරක්ෂිත වේවා…!
සිසු දිරිය අධ්‍යාපන ශිෂ්‍යාධාරය…. සාර්තක
නිය`ගයෙන් පීඩාවට පත් පොළොන්නරුවේ අසරණ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම පිණිස දියත් කෙරෙන සෙනෙහසේ සත්කාරයට ඔබත් දායක වන්න…
ගිණුම : තාවතිංස යාත‍්‍රා
ගිණුම් අංකය : 156020034034
හැටන් නැෂනල් බැංකුව – මාළඹේ.
ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන, ඇතැම් දරුවන්ගේ මව් අහිමි වූ, ඇතැම් දරුවන්ගේ පියා අහිමි වූ අහිංසක දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරමු…. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 29, 2016 at 01:00PM

අති පාරිශුද්ධ සමනල අඩවිය විජාතිකයින්ගෙන් බේරා ගන්නා අතරම එහි පිරිසිදු කම ගැනත් විදිමත් වැඩ පිළිවෙලක් යෙදුවොත් හොඳයි නේද?
නිදා සිටින බලධාරීන් අවදි කරන්නට හැකිතාක් share කරන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 28, 2016 at 12:00PM

ඇසුරු නොකළ යුතු මිතුරන් හතර දෙනෙක්
http://ift.tt/2fd82GB
මිත්තපතිරූපකා
254
“ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි.
255
“ගෘහපති පුත්‍රය, අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තේ මේ කරුණු සතරින් දතයුතු.
“හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි. සුලු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමහට බියක් ඇතිකල්හි ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයොජනය පිණිස කටයුතු කරයි.”
“ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන නැතැත්තා දතයුතුයි.”
256
“ගෘහපති පුත්‍රය, වචීපරම නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තා කරුණු සතරකින් දතයුතු. ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමිණ සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් වචීපරම නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දත යුතුයි.
257
“ගෘහපති පුත්‍රය, අනුප්පියහාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දතයුතුයි. මිතුරාට පව් කිරීමද අනුමත කරයි. කුසල් කිරීමද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුප්පියභාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුයි.
258
“ගෘහපති පුත්‍රය, අපාය සහාය නම්, මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දත යුතුයි. මත්වීමට හා ප්‍රමාදයට කාරණාවූ මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංචාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. ප්‍රමාදයට කරුණුවූ සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අපාය සහාය නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුය”යි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
259
සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මේ කාරණය වදාරා නැවතද මෙසේ කීවාහුය.
“අඤ්ඤදත්ථුහර, නම් (හිස් අතින් අවුත් මිතුරාගෙන් යමක් ගෙනයන) යම් මිතුරෙක් වේද? වචීපරම නම් වචනයෙන් පමණක් සලකන) යම් මිතුරෙක් වේද? අනුප්පියභාණී නම් (කරන හොඳ නරක දෙකට ඉදිරිපිටදී ගුණ කියන, නැති තැන අගුණ කියන) යම් මිතුරෙක් වේද, අපාය සහාය නම් (පව් කටයුතුවල යොදවන) යම් මිතුරෙක් වේද යන මේ අමිත්‍රයන්වූ මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙන, මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.” via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 28, 2016 at 12:00PM

ඇසුරු නොකළ යුතු මිතුරන් හතර දෙනෙක්
http://ift.tt/2fd82GB
මිත්තපතිරූපකා
254
“ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි.
255
“ගෘහපති පුත්‍රය, අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තේ මේ කරුණු සතරින් දතයුතු.
“හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි. සුලු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමහට බියක් ඇතිකල්හි ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයොජනය පිණිස කටයුතු කරයි.”
“ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන නැතැත්තා දතයුතුයි.”
256
“ගෘහපති පුත්‍රය, වචීපරම නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තා කරුණු සතරකින් දතයුතු. ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමිණ සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් වචීපරම නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දත යුතුයි.
257
“ගෘහපති පුත්‍රය, අනුප්පියහාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දතයුතුයි. මිතුරාට පව් කිරීමද අනුමත කරයි. කුසල් කිරීමද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුප්පියභාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුයි.
258
“ගෘහපති පුත්‍රය, අපාය සහාය නම්, මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දත යුතුයි. මත්වීමට හා ප්‍රමාදයට කාරණාවූ මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංචාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. ප්‍රමාදයට කරුණුවූ සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අපාය සහාය නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුය”යි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
259
සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මේ කාරණය වදාරා නැවතද මෙසේ කීවාහුය.
“අඤ්ඤදත්ථුහර, නම් (හිස් අතින් අවුත් මිතුරාගෙන් යමක් ගෙනයන) යම් මිතුරෙක් වේද? වචීපරම නම් වචනයෙන් පමණක් සලකන) යම් මිතුරෙක් වේද? අනුප්පියභාණී නම් (කරන හොඳ නරක දෙකට ඉදිරිපිටදී ගුණ කියන, නැති තැන අගුණ කියන) යම් මිතුරෙක් වේද, අපාය සහාය නම් (පව් කටයුතුවල යොදවන) යම් මිතුරෙක් වේද යන මේ අමිත්‍රයන්වූ මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙන, මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.” via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 26, 2016 at 12:00PM

මෙවැනි අනාගත ලෝකයෙක් නිර්මාණය කිරීමට පෙළ ගැසෙමු.
බුදුදහමේ හරයාත්මක පැත්ත ගවේෂණය කර ලොවට දායාද කිරීමට පෙළ ගැසෙමු. ලාමක කරුණු බුදු දහම හා සම්බන්ධ කර ප්‍රචාරය කිරීමෙන් වළකිමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 25, 2016 at 12:00PM

(පහත ලිපියේ දැක්වෙන්නේ දේශකයාණන් වහන්සේගේ පෞද්ගලික අදහස බව සලකන්න. මෙහි සඳහන් සමහර ක්‍රියාවන් පව් ද නැතිද යන්න නිශ්චය කිරීම ඉතා දුෂ්කර බව ද, පාපයක් සිදුවීමට අවශ්‍ය කරුණු මේ සමහර ක්‍රියාවලදී සම්පුර්ණ වන බව ද අපගේ හැඟීමයි. ඔබගේ අදහස් පහතින් comment කරන්න)

චේතනාව සහ කර්මය
.
තුන්ලෝකාග්‍ර වූ අමා මෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ නියාම ධර්මයන් අතර සම්බුද්ධ නියාමයක ලෙසට “චේතනාවම” “කර්මය” ලෙස වදාරා ඇත.
.
ඉතාමත්ම සැදැහැ සිතින් අප පන්සිල් අටසිල් සමාදන් වෙනවා. බුදුපියාණන් වහන්සේගේ සීලය, උන්වහන්සේ අපට වදාළ සීලය සහ සීලය නමින් අප හඳුන්වාගෙන සමාදන් වන්නා වූ සීල සම්පන්නභාවය ගළපාගන්නේ කොහොමද? අප සමාදන් වන පන්සිල් වලින් එක නිදර්ශනයක් ලෙස “සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යන සිල් පදය විශ්ලේෂණය කරමු. රහමෙර පානය කිරීමෙන් වැළකී සිටිමි යන්නයි. සුරාපානය කළ විට සිල් කැඩීමෙන් පව් සිදුවෙනවා නම්, ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යන සිල් පදය කැඩෙන කෙතරම් ප්‍රමාණයක් සුරාපානය කළ යුතුද? සුළු ප්‍රමාණයක් බිව් විට පව් සිදුවෙනවාද? නැද්ද? සුළු ප්‍රමාණයක් බිව්වත්, පවම තමයි කියා ඔබ ප්‍රකාශ කරාවි. වැඩි ප්‍රමාණයක් බිව්වත් පව් සුළු ප්‍රමාණයක් බිව්වත් පව් නොදැනුණවත්ම බිව්වත් පව් දැනුවත්ව බිව්වත් නොදැණුවත්ව බිව්වත් පව් යන්න ඔබ ප්‍රකාශ කරාවිය. යම් කිසි කෙනෙක් ඇල්කොහොල් බීපු විට පව් සිදු වෙනවා නම්, ඇල්කොහොල් නොවන දෙයක් ගත් විට පව් සිදුවන්නේ නැත්නම්, මේ දෙකේදීම ශ්‍රද්ධාව සමගම ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු කරුණු බොහොමයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ වදාළේ
.
“අත්තවියාභාධති සංවත්තති
පරවිව්‍යාභාධායිති පිස්සං වත්තති
උභයවිව්‍යා භාධායති පිස්සං වත්තති
තං අකුසළං “
.
තමන්ට අහිත පිණිස පවතින අනුන්ට අහිත පිණිස පවතින දෙපාර්ශ්වයටම අහිත පිණිස පවතින දීම, ගැනීම, කිරීම එයට අදාළ කටයුතු කිරීම අකුසලයකි. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයට ඉතාමත්ම අහිතකර සුරානොවන දෙයක්, ගතහොත් එයින් යහපතක් වන්නේ නැහැ .අර අකුසලයයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු සමහර විට ඉතාම රසවත් මත්වන්නෙක් නැති හොඳ ලේබලයක් ද සහිත ඉතාම ජනපි‍්‍රය කිසියම් බීම වර්ගයකින්ම අපට ලැබෙනවා නම් එයත් සුරාපානය කිරීමක් වැන්නක් නොවන්නේද? ඇල්කොහොල් නමින් විද්‍යාඥයන් විසින් වෙන්කර ගන්නට පුළුවන්කම තියෙන්නා වූ කිසියම් සංඝටකයක් භාවිත කිරීමමද පව? ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය සහිත මද්‍යසාර සහිත තව බොහෝ නිෂ්පාදන තිබෙන්නට පුළුවන. මද්‍යසාර ආශි‍්‍රතව නිෂ්පාදනය කළ කේක් වර්ගයක් අනුභව කළා නම් එයින් මද්‍යසාර ශරීරගත වීම පව්ද? මද්‍යසාර මිශ්‍රකොට දෙන ලද යම් යම් කේක් විශේෂ ආහාරයට ගන්නේ කේක් කෑමේ බලාපොරොත්තුවෙන් මිස මද්‍යසාර ගැනීමේ බලාපොරෙත්තුවෙන් නොවේ. ඒ මද්‍යසාර භාවිත කරමින් නිෂ්පාදනය කරන යම් යම් ඖෂධ විශේෂ භාවිත කිරීම පව්ද? බෙහෙත් භාවිත කරයි. භාවිත කරන ලද බෙහෙත්වල මද්‍යසාර අඩංගුයි. ඒ අනුව බෙහෙත් පාවිච්චි කිරීමේදි මද්‍යසාර ශරීර ගතවෙයි. මද්‍යසාර ශරීර ගතවීම පාපයක් නම්, එයද පාපයක් වෙයි. බෙහෙතක් වශයෙන් මද්‍යසාර සහිත සාදන ගලි විශේෂයක්, අරිෂ්ට වර්ග බී විට පව්. සුළු ප්‍රමාණයක් හෝ ඇල්කොහොල් ශරීර ගතවීම, පාපයකි කියන තර්කය අප පැහැදිලි කරගත යුත්තේ කොහොමද?
.
බොරුකීම, හොරකම් කිරීම පාපයක් නම් අපට එහි විදි විරෝධතා හෝ අතුරු ව්‍යවස්ථා හෝ විශේෂතා හෝ දකින්නට ලැබෙන්නේ නැහැ. යම් කිසි ගෙදරක මිනිස් ඝාතනයක් කළ හැකි ආයුධයක් තිබෙනවා යැයි සිතමු. එම ගෙදර කෙනෙකුම මෙම ආයුධය සොරකම් කළා යැයි සිතමු.ගෙදර ආරවුලක්,අර්බුදයක් ඇති වූ විට භාවිත කළ හොත් මිනිස් ඝාතනයක් සිදු වුවහොත්, ඝාතනයක් සිදුවීමේදී ඝාතනය වන්නාගේ් ජීවිතය නැති විය හැකි සේම, ඝාතකයාද සිරගත විය හැකි යැයි කල්පනා කර යමෙකු මෙම ආයුධය සොරකම් කරයි.සොරකම් කිරීම පාපයක් නම්, මෙම ආයුධය සොරකම් කිරීමද පාපයක් නොවන්නේ ද? මෙය පාපයක් නොවේය යන්න අප කෙසේ තර්ක කළ යුතුද? මෙය පාපයක් කියා කෙසේ සිත හදාගත හැකිද?
.
යහපත් සොරකම සහ අයහපත් සොරකම ලෙස වර්ග දෙකක් තිබේද? යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා නමින් හඳුන්වනු ලබන ක්‍රියාවන් පිළිබඳ අපට නැවත වතාවක් ආපසු බැලිය යුතු වන්නේ එම යහපත් සහ අයහපත් ක්‍රියා මොනවාද යන්නයි.
.
බොරුකීම ඉතාමත් අයහපත් දෙයක්. යම්කිසි කෙනකු බොරුවක් කී විට එය අසන්නා රැවටෙනවා. අසන්නා රැවටෙනවා නම්, රැවටෙන්නේ බොරුවට නම් බොරුව කියන්නා කරන්නේ රැවටීම නම් කොහොමද බොරුකීම යහපත් වන්නේ ? බොරු කීමට අනුබලයක් කෙසේ ලබාදිය හැකිද? එම බොරුවල යහපත් බොරු සහ අයහපත් බොරු වශයෙන් බොරු දෙවර්ගයක් අප අසා නැහැ.
.
ඔබ ඔබේ ආදරණීය පුංචි දරුවා වඩාගෙන ගෙදර වටේ ඇවිදිමින්, විවිධ දේවල් පෙන්වමින්, පුංචි දරුවාට බත් කවන්නේ ඇතැම් ප්‍රකාශ කරමින්ද? ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂණීය ප්‍රමාණයන් පිළිබඳව එහි වැදගත්කම නිරෝගී ආහාර පද්ධතියක ඇති අවශ්‍යතාවය කියාදෙමින් සත්‍ය වටහා දෙමින් ආහාර ලබාදෙනවාද?
.
කුඩා දරුවාගේ කුස පුරවාගැනීමට එක කෑම කටක් ගානේ් බොරු කියන එම ආදරණීය අම්මාට දරුවාගේ කුස පිරෙන වේගයට සමාන්තරවම පව් පිරෙනවාද? එහෙම වෙන්න පුළුවන්ද? දරුවාගේ කුස පිරෙන සාපේක්‍ෂ වේගයට අම්මාට පව් පිරෙනවා නම්,එය ආගමිකව නිර්වචනය කිරීමේදි මහත් ගැටලුවක් වෙනවානේ.
.
ජනපද කල්‍යාණිය සුන්දරිය විවාහ ප්‍රාප්ත වන්නට බලාපොරෙත්තුවූයේ නන්ද කුමාරයා සමඟ බව ඔබ අසා ඇති . එම සුන්දරිය විවාහ කරගැනීමට ගිය නන්ද කුමාරයාට බුදුපියාණන් වහන්සේ දිව්‍ය අප්සරාවන් ලබාදීමට පොරොන්දු වීම ඔබ හොඳට අසා ඇති. එම පොරොන්දුව සත්‍යයක්ද? එහිදි නන්ද කුමාරයාට සැබවින්ම දිව්‍ය අප්සරාවන් පෙනුනාද? පෙන්නුවාද? ලැබුවාද? ලබාදුන්නාද? කතන්දර ය ඉහත කී බොරුකීම “පව්” යැයි කියන පොදු ප්‍රකාශය” දෙස බලාගෙන මෙය නිගමනය කළහොත් බුදුපියාණන් වහන්සේ බොරුවක් ප්‍රකාශ කළ යැයි අපට වැරැදියට පෙනෙයි.
.
යම් කිසි ක්‍රියාවක හොඳ නරක මනින්නේ කුමන නිර්ණායක මත සිටද? යන්න ඔබ තීරණය කළ යුතුයි.මෙම නිර්ණායකයන් විය යුත්තේ මොනවාද? වඩාත් තේරුම් ගත හැකිය.
.
මෙම කාරණාව පැහැදිලි කරගැනීම සඳහා සොරකම් කිරීම, සුරාපානය කිරීම, බොරුකීම, නන්ද- සුන්දරී කතා ප්‍රවෘත්තිය යන හැම නිදර්ශනයකින්ම අප වටහාගත්තා ඉතාමත්ම හොඳ හිතින් කරන වැඩ විය හැකි වුණත් අපි සාමාන්‍ය පොදු ඥානයේදි දන්නා දේ අනුව නිර්ණය කිරීමේදි අයහපත් යැයි සම්මත බොහෝ ක්‍රියාවන් එසේ නොවිය හැකිය. මෙම කරුණ තවදුරටත් උද්දීපනය කළහොත් රෝහල් ගත කර සිටින රෝගීන් දෙදෙනෙක් අතරින් ඉතාමත් දරුණු ලෙස කපා කොටා තිබූ රෝගීන් දෙදෙනෙක් සිටියා. ඔවුන්ගෙන් එක් අයෙකු කිසියම් ආරවුලකින් කපා කොටා රෝහල් ගත කර සිටී. අනෙක් රෝගියා දරුණු ලෙස ශල්‍යකර්ම කර ඇත්තේ වෛද්‍යවරයා විසිනි. ඉතාමත් සාහසික ලෙස ඝාතනය කිරීමට භාජනය වූ එම රෝගියාත් අසාධ්‍ය තත්ත්වයේ සිටියා. මෙම පුද්ගලයන් දෙන්නාම කපා අත්තේ තියුණු අවිවලින් වුවත් වෙද්‍යෙවරයකු රෝගියකු ගේ ශරීරය ශල්‍යකර්මයක් සඳහා කපා කොටා දමන ලදදේ ඉතාමත් යහපත් චේතනාවෙනි. හිත හොඳින් ලේ හලන්න හැකි නම්, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ යන්න චේතනාවම කර්මය යන්න අප අවබෝධ කර ගත යුතුය.
.
“චේතනා හං භික්ඛවේ කම්මං වදාමි “ සුරාපානය කළ අයගෙන් සමහර අයකු සුරාපානය කළේ සුරාපානය කිරීම සඳහාමයි. චේතනාව සුරාපානයයි. අරිෂ්ට බීපු පුද්ගලයකු එය පානය කරන ලැබුවේ, සුරාපානය කිරීමේ චේතනාවෙන් නොවන අතරම එය යම් ශාරිරික රෝගයකට ඖෂධයක් සඳහාම වශයෙන් පමණයි “ චේතනාව කර්මය “නම් මද්‍යසාර සහිත බෙහෙතක් රෝගයක් සඳහා පාවිච්ච කිරීම පාපයක් නොවේ. මත්වීම සඳහාම පමණක් බෙහෙතක් පාවිච්ච කරනවා නම් එයද පාපයකි. ආදරණීය මවක් දරුවාට කෑම කවන්නේ බොරු කියමින් වුණත්, එහි අපේක්‍ෂණය වන්නේ දරුවාට ආදරය පෙන්වමින් ආහාර ලබාදීම “චේතනාව“ නම් එය පාපයක් වන්නේ නැහැ සොරකම් කිරීම වරදක් වුවත්, අනතුර ක් හෝ ඝාතනයක් සිදුවිය හැකි යැයි සිතන ආයුධද සොරකම් කිරීම පවක් නොවන්නේ එහිද “චේතනාව “ ඉතාම පිරිසුදු නිසාය.
.
ලෝක ස්වාමි බුදුපියාණන් වහන්සේ සුන්දරී නන්ද ප්‍රවෘත්තියේදි නන්ද කුමාරයා ට දිව්‍ය අප්සරාවන් පෙන්වා දෙනු ලැබුවේ ඉතාමත්ම හොඳ යහපත් චේතනාවෙනි. “චේතනාව“ කර්මය වන අවසථාවේදී අවබෝධ කරගත යුතු වැදගත් දෙය සුන්දරී කතා ප්‍රවෘත්තියේදී බුදුපියාණන් වහන්සේගේ ක්‍රියා කලාපය ඉතාමත් යහපත් දෙයක් ලෙස මිස එය වැරැදි දෙයක් ලෙස අපට අර්ථකථනය කළ නොහැකිය. ශරීරයක ලේ සෙලවීම පිළිබඳ නිදර්ශනයේදී ඉතාම අයහපත් දෙයක් වුණද, ඉන් වෛද්‍යවරයා ලේ සෙලවනු ලැබුවේ ඉතාමත් යහපත් චේතනාවෙන් බව තේරුම් ගත යුතු සේම අනෙකුත් සාහසික පුද්ගලයා පව්කාරයකු ද ලෙසය.
.
‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ චේතනාවට අනුවයි කර්මය හෙවත් ක්‍රියාව සිදු කරනු ලබන්නේ. යම් ක්‍රියාවක් යහපත හෝ අයහපත තීරණය කරනු ලබන්නේ චේතනාව මතයි. යම් කෙනෙකුට හැකියාව තිබෙනව ආශිර්වාද පූර්වකව හිස අතගාන්න. සිත ඇතුළෙන් අයහපතක් වේවායි යමෙකුට ආශිර්වාද කළ හැකිය. ඒ තැනැත්තාට යහපතක් හෝ අයහපතක් සිතේ තබා නොගෙන නරක සිතින් ආශිර්වාද කිරීමටත් හොඳ සිතින් දොස් කීමටත් හැකි බව අමතක නොකරන්න. ඔබේ දරුවන්ට ඔබ පහරදීමට ඔබ කැමති නෑ. ඔබේ දරුවාට ඔබ පහර දෙනවා නම් එය නූතන යම් යම් අත්තනෝමතිකව අන්තගාමී නිර්වචනයන් සමග නොගළපා දරුවන්ට දඩුවම් කරන්නේ කෙතරම් ආදරයෙන්ද යන්න බැලිය යුතුයි.
.
දෙමාපියන් හා ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරන්නේ ඇත්ත වශයෙන්ම අයහපත් චේතනාවකින් නොවේ. මෙම දරුවන්ට දඬුවම් කරන්නේද වැරැදි කරුවන්ට දඬුවම් කරන්නේද? ඉතාම ආදරයෙන්. ඒ අනුව බැලූ විට කොයිතරම් නම්, රිද්දවන්න නරක වැඩක් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද හොඳ හිතකින්.
.
අයහපත්ම චේතනාවක් හිතේ තබාගෙන මුව සරසාගත් සිනහවකින් ආසිරි පැතිය හැකි බවත්, රුදුරු වූ මුවකින් රුදුරු වූ පෙනුමකින්, යහපත් සිතකින් දඬුවම් කළ හැකි බවත් අමතක නොකරන්න. යමක් යහපත් හෝ අයහපත් ලෙස නිශ්චය නිර්ණය කිරීමේදි නිර්ණායකය විය යුත්තේ ක්‍රියාව නොවේ. ක්‍රියාවට පාදක වූ සිත බවයි . එනිසා යම් ආකාරයක ක්‍රියාවක් යහපත් ක්‍රියාවක් ලෙස හෝ අයහපත් ක්‍රියාවක් ලෙස තීරණය කරනු ලබන්නේ ක්‍රියාවට නොව ක්‍රියාවට මුල් වුණ සිත අනුවයි. යහපත් පෙනුම සහිත නරක වැඩ අයහපත් පෙනුම සහිත හොඳ ක්‍රියා අයහපත් සිතින් කරන හොද වැඩ, යහපත් සිතින් කරන අයහපත් වැඩ තේරුම් ගැනීම යහපත් හිතින් කරන යහපත් ක්‍රියා හා අයහපත් සිතින් කරන අයහපත් ක්‍රියා දැන් වඩාත් පැහැදිලියි. බුදුපියාණන් වහන්සේගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන ප්‍රකාශය අවබෝධයෙන් තේරුම් ගත යුතුයි.මින් මතුවට එසේ ක්‍රියා කිරීමට ඔබට හැකියාව ලැබේවාය ප්‍රාර්ථනා කරමු.
.
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
.
ලිපිය උපුටා ගත්තේ බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි
http://ift.tt/1PKxk5o via Facebook Pages http://ift.tt/1GMS4Lf