Monthly Archives: April 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2XXtz7V
පෘථග්ජනයන්ගේ නියත මිත්‍යා දෘෂ්ටිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

1. නත්ථි දින්නං
දන් දීම තුළින් ප්‍රයෝජනයක් නැත.

2. නත්ථි යිට්ඨං
පූජා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත.

3. නත්ථි හුතං
පුද පඬුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.

4. නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ
පින් පව් කර්මයන්ට අනුව විපාකයක් නැත.

5. නට්වයං ලොකො
පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.

6. නත්ථි පරො ලොකො
මෙලොව සිට පරලොව යලි ඉපදීමක් නැත.

7. නත්ථි මාතා
මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.

8. නත්ථි පිතා
පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.

9. නත්ථි සත්තා ඕපපාතිකා
ඕපාපාතිකව උපදින සත්වයන් නැත.

10. නත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යේ ඉමඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්නවා පවේදෙන්ති

තමන්ගේම නුවණින් ලෝකය අවබෝධ කොට ලොව යථා ස්වභාවය ඒ අයුරින්ම පෙන්වා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් හෙවත් බුදුවරයන් ලොව නැත.

කියන මිථ්‍යාදෘෂ්ටිය තුළයි අශ්‍රැතවත් පෘතග්ජන කෙනා රැඳිලා ඉන්නේ . අශ්‍රැතවත් පෘතග්ජන කෙනාට මෙලොව පරලොව විශ්වාසයක් නැහැ . පින් පව් ගැන විශ්වාසයක් නැහැ . කර්ම කර්මඵල ගැන විශ්වාසයක් නැහැ .

ඒ විතරක් නෙවෙයි අශ්‍රැතවත් පෘතග්ජන කෙනා නිරය ප්‍රේත ලෝකය, දිව්‍ය ලෝකය ආදී ඕපාපාතික ව සත්වයන් උපදින ලෝකයන් තිබෙනවා කියලා පිළිගන්නේ නැහැ . සංසාර ගමන ගැන සතර අපාය ගැන භයක් තමන් තුළ ඇති නොවන නිසා ම ඔහු කිසි ම දවසක තිසරණයට පැමිණෙන්නේ නෑ .

බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ නියත මිථ්‍යාදෘෂ්ටිය තරම් මේ සත්වයාට අහිත පිණිස දුක් පිණිස හේතු වන වෙනත් දෙයක් තථාගතයන් වහන්සේගේ බුදු නෙතටවත් පෙනෙන්නේ නැහැ කියල යි . ඒ වගේ ම නියත මිථ්‍යාදෘෂ්ටිය කියන්නේ ආනන්තරීය පාපකර්මයකටත් වඩා බලගතු අකුසලයක්. ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙකුට මරණින් මත්තේ කල්පයක් නිරයේ විපාක විඳින්න කර්මයක් සකස් වුණත්, නියත මිථ්‍යාදෘෂ්ටික කෙනාට නිරයේ විඳවන්න වන කාලය කොපමණ දැ යි සීමා කරන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා . ඒකට හේතුව තමයි මිථ්‍යාදෘෂ්ටියේ තිබෙන ප්‍රභලතාවය අනුව නිරයේ ආයුෂ කල්ප දෙක තුන දක්වා වැඩි වෙන්න පුළුවන් . නමුත් යමෙක් මිථ්‍යාදෘෂ්ටිකව ඉඳල ඒක අත්හැරලා සම්මා දිට්ඨියට පැමිණියොත් මිථ්‍යාදෘෂ්ටිය නිසා සකස් වෙන නිරයාගාමී අකුසල ප්‍රහාණය වෙලා යනවා.

සංසාර දුකින් නිදහස් වීම පිණිස තෙරුවන් සරණ යන බුද්ධිමත් මිනිසුන්ට පෘතග්ජනභාවයෙන් නිදහස් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වීමේ දුර්ලභ වාසනාව උදාවේවා !

(උපුටා ගැනීම මේ ජීවිතයේ දී ම මඟ ඵල ලබන මඟ ග්‍රන්ථයෙනි)

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාදන කාලය තුළ කුසල් දහම්හි නිරත වී සසරෙන් එතෙරව ලබන සදාකාලික නිවන් සුව ලබාගැනීමට මේ උතුම් ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය . මෙම සදහම් පණිවිඩය සියලු දෙනා අතර බෙදාහැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

තෙරුවන් සරණයි!

Unfulfillingly constant infidelity
~~~~~~~~~~~~~~~~~~~~

1. natthi win
No benefit from donating.

2. natthi yiṭṭhaṁ
Not benefit from the sacrifices.

3. natthi hutaṁ
Sending gifts, not sacrifice.

4. natthi sukaṭadukkaṭānaṁ kammānaṁ phalaṁ reward
Pin sins are souls to Carmel.

5. naṭvayaṁ loko
Hereafter is not born to this world.

6. natthi paro loko
Why not re-born to the world.

7. natthi Mata
, Not treating the mother.

8. natthi Pulpit
Father, not discrimination.

9. Animal natthi ōpapātikā
Ōpāpātikava not born animals.

10. natthi samaṇa Brahmin samaggatā Samma paṭipannā world. Any imañca lōkaṁ sayaṁ closet sacchikatnavā pavēdenti

The nature of the world and the world to understand their own way showed no sensible world erudition by Brahmins or bliss.

Aśrætavat unbelief within one ordinary stay by that. Aśrætavat ordinary person in this world do not believe in the Hereafter. Pin no faith in sin. Karma does not see the taxpayer.

Moreover aśrætavat ordinary man love the world of hell, do not believe that the world is born of divine beings and the world ōpāpātika. Because they are not in fear of hell in four of samsara journey he did not come any day cuckoo.

Buddha has shown absolute unbelief, as this is something that does not seem to cause suffering to the sight of Tathagata Buddha harmful to animals. It is the absolute unbelief, burns more powerful pāpakarmayakaṭat conceive. Sin a person who burns in hell totemic thought to suffer the consequences of surgery, even a Buddha showed that more superstitious person can not know how to limit the time in hell suffer. Because life can be up to two to three Kalpa by Raoult’s pagan hell. But whoever it go away is eradicated mithyādṛṣṭikava Tribune strict nirayāgāmī adjusts so Samma Ditthi comes unbelief.

Samsara Triple Refuge and intelligent people pṛtagjanabhāvayen be free for all the rare fortune to become disciples of the Buddha a chance to upset the free!

(Source guide the direction of the fruit in this life granthayeni)

The reward buddhōtpādana time engaged Sunday received a great human spirit kṣaṇasampattiya sasaren cross the eternal Nirvana to be given hētuvāsanā the Dharma!

All while giving alms to Buddhist terminals will. The Dhamma message distributed among all the (share) Subscribe you Dharma greater meritorious alms.

Triple Gem!

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2UOhnEd
පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපේ සිද්ධාර්ථ කුමාරයාගේ පවුලේ තොරතුරු ඔබ සෑහෙන්න දන්නවා. මහමායා බිසවුන් වහන්සේ කළුරිය කළේ සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතේදී. එයට හේතුව සිදුහත් කුමාරයා ඉපදීම නොවෙයි. තුසිත දෙව්ලොව මහා බෝසතාණන් වහන්සේ වැඩසිටිද්දී පස් බැලුම් බැලූ වග ඔබ දන්නවානේ. එතැනදි මව් කවුද කියාත් බැලුවා. බෝසතුන් පිළිසිඳ ගන්නා මවට ඒ පිළිසිඳ ගත් දිනයේ සිට මාස දහයකුත් දවස් හතක් ආයුෂ තිබිය යුතුයි. එබඳු මව් කෙනෙක් තමයි ඕනම බුදුවරයෙකුට බුද්ධ මාතාව වන්නේ. ඒක ධර්මතාවයක්. එහෙම නැතිව සිදුහත් කුමරුන් උපන්න නිසා අසනීප වෙලා මියගියා නොවෙයි. ආයුෂ ඉවර වීමෙන්මයි මහාමායා බිසව මියගියේ. එතුමිය ඉපදුනේ තුසිත දෙව්ලොව දිව්‍ය කුමාරයෙක් වෙලා. ඊට පස්සෙ බිසව බවට පත් වුනේ ප්‍රජාපතී ගෞතමී දේවියයි. එතුමිය ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. තමන්ගේම දරුවෙකුට වගේ සිදුහත් කුමාරයාටත් කිරි පොවා සැළකුවා. ඒ ප්‍රජාපතී ගෞතමී දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුනා. පුතා තමයි නන්ද කුමාරයා. දුවට කිව්වේ නන්දා කුමරිය කියලයි. සම්බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කළ බව අපි කලින් කතා කළා නෙ. සුද්ධෝදන රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටිය සිදුහත් කුමාරයා පැවිදි වුනාට පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට පත්වුනේ නන්ද කුමාරයායි. නන්ද කුමාරයාගේ ඔටුනු පළඳින අභිෂේක මංගල්‍යයත්, අලුතෙන් රජමැදුරට පිවිසීමේ මංගල්‍යයත්, කුමාරියක් සරණපාවා ගැනීමේ මංගල්‍යයත් එක දවසේම කිරීමටයි ඔවුන් කටයුතු සංවිධානය කරමින් සිටියේ. ඔය අතරේ තමයි බුදුරජාණන් වහන්සේ මාළිගාවට වැඩම කරලා ධර්ම දේශනා කළේ. ඒ ධර්මය ඇසූ සුද්ධෝදන රජතුමාත් ප්‍රජාපතී බිසවත් මඟඵල ලැබූ බව ඔබ දන්නවා.

ඉතින් එදා බුදුරජාණන් වහන්සේ රජමාළිගාවේ දහම් දෙසලා ආපසු නිග්‍රෝධාරාමයට වඩින්න සූදානම් වුනා. නන්ද කුමාරයා උන්වහන්සේ ළඟින් හිටගෙන සිටියා. “පින්වත් නන්ද, මේ පාත්‍රය ගන්න” කියලා නන්ද කුමාරයාගේ අතට බුදුරජාණන් වහන්සේ තම පාත්‍රය දුන්නා. නන්ද කුමාරයාට හරි සතුටුයි. තමන්ගේ සහෝදරයා බුදුරජාණන් වහන්සේ නමක් නිසා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් සමඟ හෙමින් හෙමින් නිග්‍රෝධාරාමයට වඩිනවා. නන්ද කුමාරයා හිතුවේ මාලිගාවේ පඩිපෙළ ළඟදී හෝ දොරටුව ළඟදී හෝ පාත්‍රය ආපසු ගනීවි කියලයි. නමුත් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ආපසු ගත්තේ නැහැ. ඒ නිසාම උන්වහන්සේත් සමඟම පසුපසින් යන්නට නන්ද කුමාරයාට සිදුවුනා.

ඔය අතරේ නන්ද කුමාරයා සමඟ සරණ බන්ධනයට පැමිණුන ජනපද කල්‍යාණී නම් අතිශයින්ම ලස්සන කුමාරිය මාළිගාවේ උඩුමහලේ සඳළුතලයේ සිටි බලාසිටියා. ඇය නන්ද කුමාරයාට අතිනුත් ඇස්වලිනුත් හඟවලා කිව්වා ආපසු ඉක්මනින්ම එන්න කියලා. ඇය ආදරයෙන් සිනහ වෙවී බලාගෙන සිටියා. නන්ද කුමාරයා ඇයගේ රූපයට වසඟ වෙලයි හිටියේ. ඔහුත් ඇය දිහා බලලා ඉක්මනින්ම එනවා කියන අදහසින් සිනහ වුනා. අන්තිමේදී නන්ද කුමාරයා පාත්‍රයත් අරගෙන නිග්‍රෝධාරාමය දක්වාම ගමන් කළා. නිග්‍රෝධාරාමයේදී පාත්‍රය බුදුරජාණන් වහන්සේගේ අතට දුන්නා.

බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් මෙහෙම අසා වදාළා. “පින්වත් නන්ද, ඔයත් මේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි වුනොත් හොඳයි නේද?” නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ජනපද කල්‍යාණීව මතක් වෙන්න ගත්තා. ආපසු මාළගාවට දුවගෙන යනකල් සිහි නැතුව හිටියේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේම පැවිදි වෙන්න කියනවා. තමන්ගේ ආදරණීය සහෝදරයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැවිදි වෙන්න කියා කියද්දී මඟ හරින්නේ කොහොමද? ඒක කොහොමත්ම කරන්න බැහැ. නන්ද කුමාරයා “හොඳයි ස්වාමීනී” කියලා කැමති වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බැලූ බැල්මට පෙනෙන්නේ නන්ද කුමාරයාට මහා අසාධාරණයක් වුනා වගේ. ඔටුනු පළඳින්න සිටිය, ලස්සනම කුමාරිකාවක් සමඟ විවාහ වෙන්න හිටිය කුමාරයෙකුට ඒ අවස්ථාව නැති වුනා නේද කියලා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් අප මෙතැනදී සිතිය යුත්තේ අපි බලන පිළිවෙළට නොවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ජීවිතය දිහා බලන පිළිවෙළටයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සංසාරය කියල කියන්නේ සතර අපායෙහි වැටි වැටී යන ගමනක්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට අවබෝධ කරගෙන තියෙනවා. යම් කෙනෙක් සක්විති රජවෙලා උපන්නොත් ඒක මේ සාමාන්‍ය රජකමකට වඩා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකට හේතුව නම් ඒ සක්විති රජතුමා ධර්මයෙන් මිසක්, අධර්මයෙන් රජ කරන්නේ නැතිකමයි. ඔහු අවි ආයුධවලින් තොරව රටවැසියා සීලයෙහි පිහිටුවලා, ධර්ම රාජ්‍යයක් බිහි කරනවා. එක විශාල පිනක්. ඒ පින නිසාම ඒ සක්විති රජුත් මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. නමුත් ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ අවසන් වුනාට පස්සේ නිරයේ උපදින්න වුනත් පුළුවනි. තිරිසන් අපායේ උපදින්න වුනත් පුළුවනි. පේ‍්‍රත ලෝකයෙහි උපදින්න වුනත් පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනා ඕනම අපායක උපදින්න පුළුවන් බවයි. ඔහුට තිබෙන්නේ එවැනි අනතුරක් නම්, එ් සක්විති රජකම ඉතාම තාවකාලික එකක් නොවේද?

නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතා දිළිඳු කෙනෙක් වුනත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සෝවාන් වුනොත් එයා මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. ඉතින් ඒ කෙනා එ් දිව්‍ය ආයුෂ අවසන් වුනාට පස්සේ එක්කෝ මිනිස් ලෝකෙට ඒවි. එහෙමත් නැත්නම් ආයෙමත් දෙවියන් අතර උපදීවි. ඒ කෙනා කිසිසේත්ම සතර අපායේ වැටෙන්නේ නැහැ. එහෙම නම් වඩාත්ම රැකවරණයක් තියෙන්නේ කාටද? සක්විති රජතුමාටද? සෝවාන් වුණු දුප්පත් කෙනාටද? මේ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමමයි වඩාත් ශ්‍රේෂ්ඨ ලෙස දැක්කේ. උන්වහන්සේ මෙහෙම වදාළා. “මේ මහා පොළොවේ අධිපතිකම ලබනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සියලු ලොවට අධිපති වනවාටත් වඩා, සෝවාන් වීම උතුම්” කියලා. එ් නිසා නන්ද කුමාරයාගේ පැවිදි වීම ගැන අපි සිතන්න ඕන ඔය විදිහටමයි. එහෙම නැත්නම්, අපට මේ වෙනස තේරුම් ගන්න බැරිව යනවා. නන්ද කුමාරයාත් ජනපද කළ්‍යාණිත් හැමෝම මහණ වෙලා රහත් වෙන්න පින් තිබුණ අය. ඒක දන්නෙ බුදුරජාණන් වහන්සේ විතරයි.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, නන්ද කුමාරයා පැවිදි වුනා. දැන් නන්ද ස්වාමීන් වහන්සේ ලස්සන සිවුරු පොරොවනවා. වටිනා පාත්‍රයක් පරිහරණය කරනවා. ඇතැම් විට ඇස්වල අඳුන් පවා ගානවා. මෙයා පැවිදි වුනාට ලස්සනට ඉන්නමයි කල්පනාව. වනයට ගියත්, ගස් සෙවනට ගියත්, තනි වුන හැම වෙලාවෙම ජනපද කල්‍යාණියගේ රූපය ගැන හිත හිතා ඉන්නවා මිසක්, ධර්මය සිහි කරන්නේ නැහැ. එතකොට නන්ද ස්වාමීන් වහන්සේගේ සිහි නුවණ පිරිහෙනවා. රාග සිත් ඇති වෙනවා. අන්තිමේදී ජනපද කල්‍යාණිය ගැන හිතල හිතල හොඳටම විසිරුනා. සිහිනෙන් පෙනෙන්නෙත් ජනපද කල්‍යාණි ඔහුට අඬගසන ආකාරයයි.

අන්තිමේදී සිත හදාගැනීම හොඳටම බැරි වුනා. සිවුරු හැර යන්න තීරණය කළා. ස්වාමීන් වහන්සේලාට කිව්වා. “අනේ… මට හරි අමාරුයි. ඇඟ බරයි. සිතට සැහැල්ලුවක් නෑ. කරන්න ඕන කුමක්ද කියලා මට තේරෙන්නෙ නෑ. මං මේ සිල් රකින්නේ සතුටින් නොවේ. මං අාපසු මාළිගාවට යනවා.” මෙය ඇසූ ස්වාමීන් වහන්සේලාට මහත් අනුකම්පාවක් හටගත්තා. ශරීරයක් තුළ තිබෙන්නේ අපවිත්‍ර දේවල් ගොඩක්මයි. ඇස්වලින් කදුළු ගලනවා. කබ ගලනවා. කනින් කලාඳුරු ගලනවා. නාසයෙන් සොටු ගලනවා. කටින් කෙළ ගලනවා.ඇඟෙන් දහඩිය ගලනවා. මල මුත්‍ර ගලනවා. මේවා හැර මේ සිරුරින් කවදාවත් සුවඳක් හමන්නේ නැහැ. අපවිත‍්‍ර දේවල් පිරී ගිය පිට පෙනුම විතරක් අලංකාර භාජනයක් වගේ. ඒ පිට ඔපයට තමයි සියලු දෙනාම රැවටෙන්නේ.

රහතන් වහන්සේලාට, නන්ද ස්වාමීන් වහන්සේ ගැන මහත් අනුකම්පාවක් හටගත්තා. ස්ත්‍රියගේ රුවට වසඟ වී සිතෙහි හටගත් රාගයට මුලා වී අමාරුවේ වැටෙන්නයි යන්නේ. අයෙ අයෙමත් මැරෙන උපදින සංසාරෙටමයි වැටෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේට නන්ද ස්වාමීන් වහන්සේගේ මේ කලකිරීම ගැන සැළ කළා.

එදා බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට අඬ ගසා වදාළා, “පින්වත් නන්ද, මෙහෙ එන්න… අපි ගමනක් යමු” කියලා නන්ද ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලා ගත්තා. එතකොටම බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ සමඟ දෙව්ලොව පහළ වුනා. නන්ද ස්වාමීන් වහන්සේට හරිම පුදුමයි. “ෂා…! එහෙනම් මේක තමයි දිව්‍ය ලෝකෙ කියන්නේ. හා… හරිම පුදුමයි. අන්න… අන්න… දිව්‍ය අප්සරාවන් එනවා. අන්න… දිව්‍ය අප්සරාවන් එන්නේ මේ පැත්තටයි. ෂා…! හරිම ලස්සනයි. හිස කෙස් රන්වන් පාටයි. දෑස් නිල්වන් පාටයි. පාවල යටිපතුල් රෝස පාටයි. හැබෑම ලස්සනයි.” නන්ද ස්වාමීන් වහන්සේගේ අසංවර හිතට වැටහුනේ මේ දිව්‍ය අප්සරාවන්ගේ රූප ශෝභාව විතර මයි. නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ දිව්‍ය අප්සරාවන් හැමෝම ඈත සිටන්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් නැමි නැමී ආවා. ඉතාමත් ආදර ගෞරවයෙන් වන්දනා කළා. කතාබස් කළා.

නන්ද ස්වාමීන් වහන්සේගේ සිත ඒ දිව්‍ය අප්සරාවන් කෙරෙහි මුලුමනින්ම වසඟ වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුනා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදුරජාණන් වහන්සේ දිහා ඇස් පිය නොහෙළා බලා සිටියා.

“පින්වත් නන්ද, දැන් ඔබට මෙකක්ද හිතෙන්නේ? වඩාත්ම ලස්සන කවුද? ජනපද කල්‍යාණිද? දිව්‍ය අප්සරාවන්ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට තවමත් පුදුමයි. තවමත් සිතාගන්න බැහැ. තවමත් සිහිනයක් වගේ. එතරම්ම ලස්සන අප්සරාවන් මේ ලෝකේ ඉන්නවාද කියලා මං දෙව්ලොව යනකල්ම දැනගෙන හිටියේ නැහැ. ස්වාමීනී, මේ දිව්‍ය අප්සරාවන් ගැන සිතද්දී ජනපද කල්‍යාණී ගැන මට හිතෙන්නේ හේනක පිළිස්සුණු වැදිරියක් වගේ කියලයි. අප හිතන තරම් ලස්සනක් මිනිස් ශරීරවල නැහැ. ඒක තේරෙන්නේ දිව්‍ය ශරීර දැක්ක විටයි.”

බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම වදාළා. “එහෙම නම් පින්වත් නන්ද, මා ඔබට පොරොන්දු වෙන්නම්. මා කියන ආකාරයට මා දෙන උපදෙස් පරිදි ඔබ සිල් රැක්කොත්, ධර්මයෙහි හැසිරුනොත් ඔබ දෙව්ලොව උපදීවි. එතකොට ඔය අප්සරාවන් පන්සියයක පිරිවරක් ඔබට ලැබේවි.”

නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත් වුනා. සතුටින් හිනා ගියා. වචන පැටලූනා. “ස්… ස්වාමීනී, …. ඇ….. ඇත්තක්මද? දිව්‍ය අප්සරාවන් පන්සියයක්ම ලැබෙනවාද?”

“ඔව් පින්වත් නන්ද, දිව්‍ය අප්සරාවන් පන්සියයක්ම ලැබෙනවා.”

නන්ද ස්වාමීන් වහන්සේ තුන් වතාවක්ම අහලා තහවුරු කරගත්තා. ආයෙනම් සිවුරු අරින්නේ නැහැ කියලා සිත දැඩි කරගත්තා. සිල් පද ටික පිරිසිදුවට රැක ගන්නවා කියල අදිටන් කර ගත්තා. ලස්සන සිවුරු අත්හැරියා. පාංශුකූල සිවුරක් පොරොවා ගත්තා. මැටි පාත්‍රයක් අතට ගත්තා. ඇස්වල තවරාගෙන සිටි අඳුන් සෝදලා දැම්මා. සාමාන්‍ය පැවිද්දෙක් බවට පත් වුනා. හැමෝටම පුදුමයි. කොහොමද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මනින් වෙනස් වුනේ? ටිකෙන් ටික ආරංචි වුනා.

ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්‍රශ්න කළා. “හා… ආයුෂ්මත් නන්දයන් ගනුදෙනුවක් කරගත්තලූ නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්‍ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවාලු නේද?” රහතන් වහන්සේලාගේ මේ කතාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලජ්ජාවට පත් වුනා. දිව්‍ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුනා. දිව්‍ය අප්සරාවන්ව එපා වුනා. ජනපද කළ්‍යාණිවත් එපා වුනා. අන්තිමේදී උන්වහන්සේ හුදෙකලා වුනා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරුකරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියලු කෙලෙසුන් දුරුකරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුනා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ද නන්ද ස්වාමීන් වහන්සේ අන්තිමේදි ජයගත්තා. ආශාව පරාජයට පත් වුනා. මෙය නිමිති කොට බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් මේ අයුරින් වදාළා.

යථාගාරං දුච්ඡන්නං – වුට්ඨී සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති

නිසි අයුරින් පිළිවෙළකට – වහළ සෙවිලි කොට නැතිවිට
වැසි වසිනා කාලෙට එ් – වහළින් ගෙට ගලයි වතුර
භාවනාව තුළින් හොඳට – සිත රැකගෙන නොමැති කලට
සංවරකම නැති එසිතට – ගලයි රාග කෙලෙස් කසට

යථාගාරං සුච්ඡන්නං – වුට්ඨී න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං – රාගෝ න සමතිවිජ්ඣති

නිසි අයුරින් පිළිවෙළකට – වහළ සෙවිලි කොට ඇතිවිට
වැසි වසිනා කාලෙට ඒ – වහළින් ගෙට නොඑයි වතුර
භාවනාව තුළින් හොඳට – සිත රැකගෙන සිටිනා විට
සංවර වී තිබෙන සිතට – නොඑයි රාග කෙලෙස් කසට

පින්වතුනේ, පින්වත් දැරුවනේ, නොවටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආසයි. ඒ නිසාම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තිබෙන මාර්ගය නැති කරගන්නවා. අන්තිමේදී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කලෙ පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවා ගැනම කතාබස් කර කර ඉන්නවා. ඒ තුළින්ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේදී ඒ නිසාම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා.

සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවලදී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේදී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්‍රයන් පිරිවරා ගන්නවා. ශරීර සෞඛ්‍ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආසයි. මේ නිසාම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා.

මේ හැමදෙයින්ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තිබෙන නිසාමයි මෙවැනි දෙය සිතට අතුළු වන්නේ. වහලේ හොඳට හෙවිලි කරලා නැති නම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වා ගන්නේ කොහොමද? පිරිහුණු සිතක් ඇති කෙනාගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොමද? ඒක ඉතාම අමාරු දෙයක්. මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුවයි. ඒ නිසා තමන්ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමාව විනාශ කර දමන්නේ තමා නොදැන සිටිද්දීමයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීයයි. බාහිර කෙනෙකුට මොනම ක්‍රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වන්නේ රාගය, ද්වේෂය, මුලාව, ආඩම්බරකම, ඊර්ෂ්‍යාව, පිළිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නොදැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නොඇලීම, මෛති‍්‍රය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුනත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්‍රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේමයි. යහපතක්ම සැලසෙනවා. අයහපතින් වළකිනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2UI80Gj
මගේ මව්බිමටත්, ක්‍රියාන්විත රාජකාරීයේ යෙදී සිටින තිවිධ හමුදාවේ හා පොළිසේ මහත්වරුන්ටත්, අසිරිමත්, ස්වර්ණමාලී මහ සෑ සමිඳුන්ගේ ආනුභාවයෙන්, රැකවරණ සැලසේවා

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Gzj9nK
මේ සසරේ ස්වභාවය දැක දැන මිථ්‍යාදෘෂ්ටිය ඉතා ප්‍රබල පාපකර්මයක් බවත් එහි මහා සාවද්‍ය බවත් දැන මේ සසර කලකිරීම පිණිස ම මේ කෙටි ලිපිය උපකාරයක් කරගනිත්වා.

මනුෂ්‍ය ජීවිතයේදී අනිත් මිනිසුන්ගේ ශරීර කූඩු වන සේ ගිනිගෙන දැවෙන සේ යම්කිසි සිතුවිලි සමුදායක් සහිතව සකස් කරගත් කර්මය හේතු කරගෙන ඒ පුද්ගලයන්ට ද ඒ සත්වයන්ට ද එවැනිම කර්ම විපාකයක් පරලොවදී සකස් වේ. එනම් තමන්ගේ ශරීර නැවත නැවත ගිනිගෙන දැවෙමින් අළු වෙමින්, අඟුරු වෙමින් ගත කරන ජීවිතයන්ය. එවැනි උප්පත්තින් ලැබෙන්නේ අවීචිමහා නිරය වැනි බරපතල අකුසල් සකස් කර ගත් සත්වයන් උපදින ස්ථානවලය. නමුත් කර්මය ගෙවී අවසන් වන තෙක් ඒ ලොවින් චුත වීමක් සිදුනොවේ. නැවත නැවත එහි උපදිමින් ශරීරය දැවෙමින් දෙමින් විලාප නගමින් ගතකරන ජීවිතයක් වේ.
අවුරුදු කෝටි ලක්ෂ ගනනක් ගතවීමෙන් පසු ඒ අවීචි මහ නිරයෙන් චුත වේද එවිට නැවත ඊට වඩා දුක් අඩු නිරයක උපදී. එහිදී ද ශරීර දැවෙමින් අලුවෙමින් ගිනිගනිමින් නොයෙක් කෘර කටුක දුක් විඳිමින් ගතකරන ජීවිත සකස් වේ. ඒ සියලු අපාය ගාමි කර්ම ගෙවී අවසන් වී යම් දිනක මනුෂ්‍ය ජීවිතයක් ලබයි ද ඉතින් එදිනටද තමන්ගේ ශරීර කූඩු වී, දැවී කෙටි කලකින් අල්පායුෂව ජීවිතය බොහෝ වාර ගණනක් අවසන් කිරීමට සිදුවේ.

සසරේ ස්වභාවය මේ බැවින් මෙවැනි අරමුණුවල දැඩි ලෙස ගැටෙමින් බියජනක ලෙස ජීවිත ගත කිරීමට සිදුවීම ලාංකික අප සැමගේ පැරණි අකුසල කර්ම මතුවීමකි. මෙවැනි සමාජ වටපිටාවන් මනුෂ්‍යයන්ගේ පුණ්‍ය ශක්තිය හීන කරවන බැවින්ද අලුත් පින් කර ගැනීමේ අවස්තාවන් අහුරාලන බැවින්ද මේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කර තම තමන්ගේ සන්තාන තුළ ඇති ද්වේශය යටපත් කරගෙන මෛත්‍රිය උපේක්ෂාව ආදි උතුම් ගුණධර්ම සිත්සතන් තුළ වර්ධනය කරගැනීමට හැකි වේවා. නැවත කල්පාන්තරයකට දුක් විඳීමට සිදුවන නොයෙක් අකුසල කර්මයන්ගෙන් වැළකීමට සිත් පහළ වේවා.

මිථ්‍යාදෘෂ්ටිය මාරයා විසින් අටවන ලද මාළු අල්ලන උගුලක් වැනිය. ඇතුලට යන්නට පහසු වුනත් එලියට එන්නට පහසු නොවේ. බොහෝ අකුසල් සඳහා හේතුවේ. බොහෝ දුක් ගෙනදීම පිණිස හේතුවේ. ඒ නිසා හැකිතාක් ධර්ම දානයද ලබාදෙමින් සත්වයන් මේ මර උගුල් වලින් ගලවා ගැනීමට කරුණා සිතින්ද උත්සාහ කරමු.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2IS2MoZ
ජිවත් වෙන කෙටි කාලයට නොයෙක් සතර මහා ධාතු කොටස් වලට අම්මා තාත්තා පුතා වගේ නම් දාගෙන හිටියට ඒ සියල්ල පොලවට පස් වෙන්නට මොහොතයි ගත වෙන්නේ.
මේ සියලු සංස්කාර නිමිති ගැන කලකිරෙන්නට මයි වටින්නේ.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2INQUV3
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය මුල් කොනත් නොපෙනෙන්නේය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. මහණෙනි, කුමක් සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප වූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූ වැළපෙන්නාවූ තොපගෙන් ගැලු යම් කඳුලක් වේද, සතර මහා සාගරයෙහි යම් ජලයක් වේද, මේ දෙකින් කුමක් වනාහි වැඩිවේද?”
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ අපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, තොප මා විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දැනගැනීම යහපත්ය. මහණෙනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් හා මනාපවූවන් ගෙන් වෙන්වීමෙන්ද, හඬන්නාවූ, වැළපෙන්නාවූ තොපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. මවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි පියාගේ මරණයෙන් වූ දුක විඳින ලදී. පියාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
‘මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන් ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි පුත්‍රයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. පුත්‍රයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි දුවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. දුවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි නෑයන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. නෑයන්ගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝකලක් මුළුල්ලෙහි වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන්, වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි රෝගයන් නිසාවූ විනාශය විඳින ලදී. රෝගයන් නිසාමවූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
http://bit.ly/2Gzti4Y