Monthly Archives: June 2016

New photo from Facebook June 30, 2016 at 12:00PM

පඤ්ච පුත්‍රඛාදක ප්‍රේතියගේ කථාව

1. “වස්ත්‍ර නැතිව නපුරු වර්ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය, මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?”
2. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලොකයෙහිවූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලොකයට ගියේ වෙමි.
3. “උදය කාලයෙහි පුත්‍රයන් පස්දෙනෙක්ද සවස නැවත අනික් පස්දෙනෙක්ද වදා කන්නෙමි. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.
4. “මාගේ හෘදය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. පැන් බොන්නට නොලබමි. විපතට පැමිණි මා බලන්න.
5. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?”
6. “මාගේ සැතිරිය ගැබ්ගත්තාය, ඇට පාපයක් සිතුවෙමි. ඒ මම දූෂිතවූ සිතින් ගැබ් හෙලීම කළේය.
7. “ඇගේ දෙමාසයක්වූ ගර්භය ලේම වැගිරවූයේය ඇගේ ඒ මව තරහවූවා මගේ ඤාතීන් කැඳවූයේය. මා (ii) දිව්රීමද කරවූයේය. මට නින්දාද කළේය. ඒ මම බොරුවූ දරුණු දිව්රීමක් දිවුරුවෙමි. ඉදින් මා විසින් එය කරණ ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.
8. “ඒ කර්ම විපාකයෙන්ද මුසාවාදයෙන්ද යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන්ගේ මස්කමි.”

මේ දරුණු පාප කර්මය ගැන හැමදෙනාම දැනුවත් කරන්නට හැකිතාක් share කරන්න via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 30, 2016 at 08:47AM

හිමිදිරි උදැසනක සිල්වත් ස්වාමීන්වහන්සේ දකින්නට ලැබීම කොතරම් සතුටක්ද? උන්වහන්සේ ලාට දන්දෙන්නට ලැබීම කොතරම් සැපක්ද?

කෙලෙස් වලින් දුෂණය වූ සිත පිනෙන් ප්‍රීතියෙන් පිරිසිදු කරගමු.

———————————
අපේ fan කෙනෙක් එවූ ලිපියක් පහත දැක්වේ

“අපදාන පාලි නම් උතුම් පොත් වහන්සේ පරිහරණය කරමු-සාංඝික දානයකින් උපරිම පිනක් රැස්කරගනිමු”
බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේලාගෙන් මෙවන් ප්රශ්නයක් අසනවා. “මහණෙනි,වඩා අනුසස් ගෙනෙන්නේ තථාගතයන් වහන්සේට සැරියුත් තෙරුන් පූජා කරන දානයද නැත්නම් සැරියුත් තෙරුන්ට තථාගතයන් වහන්සේ පූජා කරන දානයද?” එවිට භික්ෂූන් වහන්සේලා පවසනවා “සැරියුත් තෙරුන් තථාගතයන් වහන්සේට පූජා කරන දානය වඩා අනුසස් ගෙනෙයි” කියා. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා “මහණෙනි එසේ නොකියන්න.සැරියුත් තෙරුන් ට වඩා කර්ම විපාක පිලිබඳ තථාගතයන් වහන්සේ බොහෝ සෙයින් දන්නා බැවින් තථාගතයන් වහන්සේ සැරියුත් තෙරුන්ට පූජා කරන දානයම වඩා ආනිශංස ගෙන දෙයි ” යනුවෙන්.
රහතන් වහන්සේලාට කර්ම රැස් වීමක් සිදුනොවුනත් බුදුරජාණන් වහන්සේ අපට පහදා දීමට උත්සාහ කල ඒ වැදගත් කරුණ කුමක්ද ??
එනම් කිසියම් දානයක් හෝ පූජාවක් මහත්ඵල මහානිශංස වීම සඳහා “පූජා බුද්ධිය”(මහත් කර්ම ඵල දන්නා බව සහ ඒ පිලිබඳ විශ්වාස කරන බව) කොතරම් බලපෑමක් සිදුකරන්නේද යන්නයි.
ගෞතම සසුනේ වැඩසිටි රහතන් වහන්සේලාගේ අතීත කතා ඇතුලත් “අපදාන පාලි” නම් උතුම් පොත් වහන්සේ පින් කැමති ලෝවැස්සන් කෙරෙහි අනුකම්පාවෙන් රහතන්වහන්සේලා ඉතිරි කල මහා නිධානයක් බඳුය.එලෙසම එය තුණුරුවන සතු “අනන්ත ගුණස්කන්ධ “කියාදෙන අචාර්යවරයෙක් බඳුය.
පින් කැමති මනුෂ්යයන්ගේ තුණුරුවන කෙරෙහි ඇති චිත්ත ප්රසාදය සහ පූජා බුද්ධිය වඩ වඩාත් වර්ධනය කිරීමට එයින් ලැබෙන්නේ මහත් උපකාරයකි.

පින් කැමති මනුෂ්යයන්ට ආර්ය මහා සංඝරත්නය තරම් පින් කෙතක් තවත් නැත.ඒ පින් කෙත ලෝකයේ අද ජීවමානව පවතී.අප බොහෝ දෙනා සාංඝික දන් දුන්නද ,බුද්ධ ප්රමුඛ සංඝරත්නය විෂයෙහි දෙන දානයකින් රැස්කරගතහැකි උපරිම පින රැස්කරගන්නවාද යන්න ප්රශ්නයකි.දානයක් මහත්ඵල මහානිශංස වීම සඳහා චිත්තප්රසාදයත්,පූජා බුද්ධියත් ඉතා වැදගත් බැවින් අපදාන පාලියේ එන කතාවල සඳහන් ආනිශංස ගැන කියවා ඒ ලබා ඇති දැනුම අප පූජා කරන දානය මහත්ඵල මහානිශංස වීමට බලවත් උපකාරයක් කරයි. දානය සඳහා සූදානම් වන මොහොතේ පටන් ,පිලියෙල කරන කාලයේත්,පූජා කරන වේලාවේත්,ඉන් පසුවත් ඒ කතා වල සඳහන් කරුණු මෙනෙහි කිරීම තුලින් නිම් නැති අති ප්රබල ආනිශංස ලැබීමට හේතු වේ.මෙලෙස සාංඝික දානයකින් ජනිතවන පින වඩ වඩාත් ප්රබල කරගැනීමට අපි අනුගමනය කරන ක්රමයක් ඔබටද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේට එක් දන් වේලක් පූජා කල පිනෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලේ දුගතියකට නොගොස් අවසානයේ අරහත්වයටද පත්වූ රහතන් වහන්සේ ලාගේ කතා වලින් ද අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට බෙහෙත් පූජා කර ඒ පිනෙන් ගෞතම බුද්ධ සාසනය දක්වා සුගතියෙහි ම ඉපදුන රහතන්වහන්සේලා ගේ කතා වලින්ද එක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පිලිබඳ අනුමානයෙන් හෝ සිතාගත හැක.ඇතැම් කෙනෙක් අතීත භවයක දී කොණ්ඩඤ්ඤ බුදු රජාණන්වහන්සේට ඇඟ ගල්වන තෙල් පූජා කොට කොණ්ඩඤ්ඤ බුද්ධෝත්පාදයේ පටන් ගෞතම බුද්ධෝත්පාදය දක්වා දුගතියකට නොගිය බව සඳහන් වේ.මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ දුගතියෙන් මුදවාලීමට තරම් ඒ දානයෙන් රැස්වූ පින මොන තරම් ප්රබල ඇතිද?එසේනම් එක් බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ ගුණස්කන්ධය කොපමණ වනු ඇතිද ?
නමුත් මා මේ දානය පූජා කරන්නේ මගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ .උන්වහන්සේද ඇතුලු අතීතයේ ලොව පහල ව ,සියලු බුදුකිස නිමවා පිරිනිවන් පෑ ගණන් කල නොහැකි තරම් අතීත ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ලා වෙනුවෙන්ද ,අනාගතයේ ලොව පහල වන ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ලා වෙනුවෙන්ද ,මේ තුන් කාලයට අයත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලාගේ බුදු සසුන්වල වැඩ සිටිනා තුන් කාලයට අයත් ආර්ය මහා සංඝරත්නයද යන සියල්ල වෙනුවෙනි.
මෙයින් සාරාසංඛෙය්ය කල්ප ලක්ෂයකට පෙර ලොව පහල වූ බුදුරජාණන් වහලාට වන්දනා කිරීමෙන් අදටත් පින් රැස් වේ නම් බුදුවරුන් ගේ ගුණ කවදා නම් නිමවේද?අනන්ත අපරිමාණ කල්ප ගණන් ගත වුවත් නිම නොවේමය.එසේ නම් තුන් කාලයට අයත් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කිරීමෙන් මා මේ රැස් කරගන්නා පින් කවදා කෙසේනම් ගෙවී අවසන් වනු ඇතිද? ”
මේ ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන්ම අප්රමාණ පින් රැස් වන බව අපගේ විශ්වාසයයි.පින් කැමැත්තෝ මේ ලිපියෙන් ප්රයෝජන ලබත්වා. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 29, 2016 at 12:00PM

එය සසර පුරුද්දකි
සිටු බවෙන් මිදිලා – සුනඛයකු වීලා
.
මහා කරුණා සමාපත්තියට සමවැදිල ලෝ බලා වදාරණ මහා කාරුණිකයාණන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වුණේ නිර්වාණාවබෝධයට පෙර පින් තිබූ සුභ මානවකයා. සුභ කියන්නෙ එකල දඹදිව සිටි ධන කුවේරයෙක්‌ වූ තොදෙය්‍ය සිටුතුමාගෙ පුතා.

සුභට පිහිට වෙන්න බුදු හාමුදුරුවො තොදෙය්‍ය සිටු මාළිගාව අසලට යන විට සිටුපුත් සුභ සිටු ගෙදර සිටියෙ නැහැ. බුදුරජාණන් වහන්සෙ එතනට වැඩියෙ ඒ බව දැනගෙනමයි. සිටුගෙදර හිමිකරු නැතිනම් තොදෙය්‍ය සිටුතුමා මියගිහින් සුළු කාලයයි.

තොදෙය්‍ය සිටුතුමා කියන්නෙ මට්‌ඨකුණ්‌ඩලීගෙ පියාට හරියන ජාතියෙම මසුරන්ගෙත් මසුරෙක්‌. ගේදොර වතුපිටි ඉඩකඩම් ධන ධාන්‍ය නෙවි තොදෙය්‍යට හිමි මුතු මැණික්‌වල වටිනාකම පමණක්‌ මසුරන් අසූහත් කෝටියකට වැඩියි. ඒත් ඔහු කෑමට ගත්තෙ කාඩිහොදියි බතුයි. ඇන්දේ ඉතාම ලාභ සළු පිළි හා දිරාගිය පාවහන්. එකම පුතා සුභට නිතරම බණ කියන්නා සේ කීවේ මුදල් ඉපයීම හා ධනය රැස්‌ කිරීම ගැන. වේයන් ටිකෙන් ටික තුඹසක්‌ බඳින්නා සේ. මීමැස්‌සන් බිඳෙන් බිඳ පැණි රැස්‌කර මීවදයක්‌ හදන්නා සේ ධනය රැස්‌ කරන ක්‍රම හා විධි ගැනයි පියාගෙන් පුතාට හැමවිටම ලැබුණ උපදෙස්‌ වූවේ.

තොදෙය්‍ය සිටුතුමා දැඩි මසුරෙක්‌ වුණා සේම මිථ්‍යාදෘෂ්ටිකයෙක්‌ද වුණා. ජීවත්ව සිටින කාලෙ නිතරම බුදුරදුන්ට බැන්නා. අපහාස කළා. සිටුවරයා මියගිය මේ සිටු මාළිගයෙ මෑතක සිට බලු පැටියෙක්‌ හදනවා. ඌට ලැබෙන සැලකිලි ගෙදර කිසිම කෙනකුට ලැබෙන්නෙ නැහැ. කෑම බීම මිල අධිකම ඒවා. ඒත් රන් හා රිදී තැටිවල. නිදාගන්න විල්ලුද පලස්‌. බලාගන්න සේවකයෝ. මේ සියල්ල මෙහෙම වුණේ සිටුපුත් සුබ මේ බලු පැටියාට දක්‌වන අධික ස්‌නේහය ආදරය නිසයි.

බුදුරජාණන් වහන්සේ සිටු ගේ ළඟින් වඩින විට අර බලු පැටියා බුරාගෙන ඉදිරියට ගියා. ඒ මොහොතේ අවට සිටි සේවකයො බලා ඉන්දදීම බුදුරජාණන් වහන්සේ තොදෙය්‍ය තොප පසුගිය ආත්මේ මනුෂ්‍යයකු ලෙස ඉපදී සිටියදීත් මට නින්දා අපහාස කළා. දැන් සුනඛ ආත්මයක ඉපදී සිටියදීත් තවදුරටත් පව් පුරවා ගන්න බුරනවා නේදැයි වදාළා. මේ බුදු වදන් සමගම පැටියකු වුවත් බල්ලාට දැඩි ලඡ්ජාවක්‌ උපන්නා. ආපසු කෙළින්ම ගිහින් නැවතුණේ තමාගේ විල්ලුද සයනයේ නෙවි මුළුතැන්ගෙයි ළිපේ අළුගොඩේ.

හවස බැහැරක ගිය සිටුපුතා සුභ ආපසු නිවසට ආවා. වෙනදා පෙරමඟට එන බලු පැටියා එදා නැහැ. ඌ වෙනදා ඉන්න ස්‌ථානයෙ බැලුව එතැනත් නැහැ. අන්තිමේ සොයා ගත්තා ළිප ළඟ අළු ගොඩේ දෙපා අස්‌සෙ මුහුණ හොවාගෙන ඉන්න බලු පැටියා. ඒ විතරක්‌ නෙවි සේවකයන්ගෙන් දිවාකළ සිදු වූ සිද්ධියත් දැනගත්තා.

සුභට හරියට හිතට අමාරුයි. රටේ ඉහළම ධන කුවේරයකුව සිට මියගිය සිය පියා බල්ලෙකු වෙලා ඉපදිලා මේ නිවසෙම ඉන්නවා යෑයි බුදු හිමි කළ ප්‍රකාශයට පෑරුණ වේදනා බර කෝප ගැන්වුණු සිතින් ඔහු බුදු හිමියන් හමුවන්න ගියා. අකමැත්තෙන් බුදු හිමියන්ට වැඳල සේවකයන් ගෙන් අසා දැනගත් දිවා කල සිදුවීම පවසලා ඒ ගැන බුදුරදුන්ගෙන් විමසා සිටියා. මුළු නුවරම ප්‍රසිද්ධ සිටුවරයකු වූ තම පියා එසේ සුනඛ ජන්මයක්‌ ලබා ඇතැයි බුදු හිමියන් කළ ප්‍රකාශය ගැන සිය අප්‍රසාදය හා කනගාටුවද ඒ සමගම ඔහු ප්‍රකාශ කළා.

සම්බුදු රජාණන් වහන්සේ තම පුත් රාහුල හිමියන්ට පෙන්වන මුදු කරුණා ලතෙත් ගුණයෙන්ම සුභ මානවකයා ඇමතුවා.

සිටු පුත්‍රයාණනි, බුදුවරු කිසි කලෙක මුසාබස්‌ හෝ නිසරු බස්‌ නොකියති. ඔබේ පියා එසේ සුනඛ ජන්මයක්‌ ලබා ඇත්තේ ධනය පිළිබඳ තෘෂ්ණාවෙන් මියගිය නිසයි. නෙළුම්, මානෙල්, ඕලු වැනි මල් පිපෙන්නෙ ජලය ආශ්‍රයකරගෙන යි. ජලය නොමැති නම් ඒ මල් පිපෙන්නේද නැත. අන්න ඒ වගෙ ඔබ ඒ සුනඛයාට දැඩි ආදරයක්‌ දක්‌වන්නේ ඇයි? ඒ පෙර සම්බන්ධය නිසයි.

නැත ස්‌වාමිනී. ඒ බල්ලාට මම සලකනවා සැබෑය. ආදරය බව ඇත්තය. එය මගේ කරුණාවයි.

නැත මානවකය. ඒ ඔබේ පියාට ඇති ලැදිකමයි. ස්‌වාමිනී ඔබ වහන්සේ එසේ පවසන්නේ කෙළෙසද?

හොඳයි මානවකය. එසේ නම් මට කියන්න ඔබේ පියා ජීවත්ව සිටියදී ඔබට නුදුන් දෙයක්‌ නොකී දෙයක්‌ සඟවා ඇති දෙයක්‌ තිබේද?

එසේය ස්‌වාමිනී, අපේ පියා ජීවත්ව සිටියදී පැළ» මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රන් මිරිවැඩිසඟලක්‌, මගේ මවට පරම්පරා හතක්‌ පුරා අයත්ව තිබූ මැණික්‌ යෙදූ අගනා රන් මාලයක්‌ පිය පරම්පරාවෙන් පැවත එන අමිල වූ රන් තැටියක්‌ වැනි දේවල්. කොතැන තැබුවාදැයි පියා මට කියා නැත. ඒවා සෙවීමට මා උත්සාහ ගත්තද මට සොයා ගැනීමටද බැරිවිය.

එසේ නම් සුභ මානවකය, දැන් ඔබ ආපසු සිටු මළිගයට යන්න. බලු පැටවා හොඳින් නාවා, රසවත් කෑම ලබාදී ඌ නිදියන විල්ලුද සයනයේ නිදි කරවන්න. ඌ නිදා ගන්නා තුරු උගේ හිස පිරිමදින්න. බලු පැටවා නින්දත් අඩ නින්දත් අතරදී සෙමෙන් උගේ කණට මුව ළංකර පියාණෙනි, ඔබතුමා මට රන් මිරිවැඩි සඟල, රන් මාලය, රන් තැටිය තැබූ ස්‌ථානය කීවේ නැහැ. ඒවා සඟවා ඇත්තේ කොහේද? මේ ලෙසට කීප වරක්‌ කියන්න. ඉන්පසු බල්ලා දක්‌වන ප්‍රතික්‍රියාව අනුව තීරණය කරමු මේ සුනඛයා වී ඇත්තේ ඔබේ පියාද වෙන අයකුද කියා.

නැවත සුභ සිටු පුත්‍රයා බුදුරදුන් දකින්නට පැමිණියේ හිතේ පිරුණ සංතෝෂයෙන්. බුදුපියාණන්ට පසඟ පිහිටුවා වැඳ වැටුන සුභ බුදු හිමියන් හමුවේ මෙහෙම කීවා.

ස්‌වාමිනී මම ඔබ වහන්සේ කී පරිදිම කළා. කිසිම දිනක නොකළ අයුරින් බලු පැටියා මට කීප වරක්‌ ගෙරවුවා. ඊළඟට නැගිට ගෙවත්තට ගියා. මමද පසුපසින් ගියා. බලු පැටවා තැනෙක පහුරු ගෑවා. මා එතන හාරා බැලුවා. එතැන රන් මිරිවැඩිසඟල සඟවා තිබුණා. තව තැනෙක පහුරු ගෑවා. එතැන හෑරූ විට රන් මාලයත්, තව තැනෙක පහුරු ගා හෑරූ විට රන් තැටියත්, තවත් ධනයත් ලැබුණා. මම දැන් පිළිගන්නවා ඔබ වහන්සේ වදාළ පරිදිම අධික තෘෂ්ණාව නිසා මගේ පියා අපේ ගෙදරම බලු පැටවකුව ඉපදුන බව.

මහා කාරුණිකයාණන් වහන්සෛa සුබ මානවකයාට තෘෂ්ණාවේ ආදිනවත් කර්මයේ විපාකත් පිළිබඳ දහම් දෙසූහ. දේශනාව අවසානයේ මාර්ග ඵල ලැබූ සුබ ආපසු සිටු මාලිගයට ගියේ මිල කළ හැකි භෞතික ධනයක්‌ පමණක්‌ නොව මිල කළ නොහැකි ලෝකෝත්තර නිධානයක්‌ද සතුකර ගත් අයෙකු ලෙසිනි.

උපුටා ගැනුම මුදුන පිටුවෙන් via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 28, 2016 at 12:00PM

අභය දානයෙහි අනුසස්
.
තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි.

බුදුදහමින් අනුමත ප්‍රමුඛ ආගමික සංස්කාර විධියක් ලෙස දානය අර්ථ ගැන්විය හැකිය. දානය පාරමිතාවක් ලෙස ද දස රාජ ධර්මයේ එක් රාජධර්මයක් ලෙසද සිව් සඟරාවතෙහි එක් අංගයක් ලෙස ද දැක්වේ. දස පින් කිරියවත්වල එක් අංගයක් වශයෙන්ද සැලකේ. දානය පිළිබඳ වර්ගීකරණ රාශියක් පෙළ දහමෙහි සඳහන් වෙයි. අංගුත්තර නිකායේ දානය දෙයාකාර වර්ගීකරණයකට ලක්කොට තිබේ’. ආමිස දානය, ධර්ම දානය යනුවෙන් දානය දෙයාකාර වන බවත් මේ අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන බවත් එහි සඳහන් වෙයි. (ද්වෙමානි භික්ඛවෙ දානානි කතමානි දේවෙ, ආමිස දානංච ධම්ම දානංච ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ දානානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති ) එහෙත් තවත් තැනෙක ආමිස දාන, ධර්ම දාන හා අභයදාන වශයෙන් දානයෙහි ත්‍රිවිධාකාර වර්ගීකරණයක් ද දක්වා ඇත.

හින්දු ආගමික සාහිත්‍යයෙහි ද දානය සම්බන්ධයෙන් විවිධාවස්ථාවන්හි කරුණූු සඳහන් වේ. භගවත් ගීතාව වැනි මූලික හින්දු ආගමික සාහිත්‍යයෙහි යාගය ප්‍රධාන සංස්කාර විධිය ලෙස සඳහන් වුව ද පසුකාලීන හින්දු සාහිත්‍යාගත ග්‍රන්ථයන් හි දානය සම්බන්ධයෙන් ද දානානිශංස සම්බන්ධයෙන්ද කරුණුූ සඳහන් වෙයි. ඒ අතරින් අභය දානය පිළිබඳවද විශේෂ අවධානයක් යොමුකොට තිබේ. ව්‍යාසකාරයෙහි අභය දානයෙහි ආනිශංස දක්වා ඇත්තේ මෙසේය.’ ආහාර අඩු කාලයෙහි ආහාර දෙයි නම් ආහාර පාන සුලභ කළ රන් රිදී දෙයි නම් බියක් , තැති ගැන්මක් අත් වු විට අභය දෙයි නම් ඔවුහු දිව්‍ය ලෝකයෙහිදි ත් පිදීමට හා බහුමානයට පත් වෙති” . යනුවෙන් සඳහන් වේ.

අභය දානය සම්බන්ධයෙන් විවිධාර්ථයන් මෙන්ම විවිධ අර්ථ විග්‍රහයන්ද විද්‍යමාන වෙයි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි අභය යන වචනයට නොබිය, බිය නැති, සැවැන්න යනාර්ථද අභයදාන යන්නට අභය දීම, දඬුවම් හෝ මරණය වැළැක්වීම යනාර්ථ ද ලබා දී තිබේ. සිංහල ශබ්දකෝෂයෙහි නිර්භය , සුරක්ෂිත, ක්ෂේම, පූජා, භය රහිත බව, ආරක්ෂාව, ක්ෂේම යනාර්ථ විද්‍යමානය. අභය දානය යන්නේ ආරක්ෂාව නොහොත් රක්ෂාවරණය සලසා දීම, ක්ෂමාව දීම, මරණයට නො පමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ ගම්‍යමාන වෙයි. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂයෙහි අභය යන්නට ආරක්ෂා සහිත, නිර්භය , භය නැති, අභීත යනාර්ථද අභය දානය යන්නට ක්ෂමාව දීම, දඬුවම් ඉවත් කර සමාව දීම, මරණයට පත් නොකර ජීවිත දානය දීම, රැකවරණය සලසා දීම, ආරක්ෂාව ලබා දීම යනාර්ථද විද්‍යමාන ය. ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයෙහි භය රහිත, සුරක්ෂිත, නිර්භීත අභීත , භය නැති, භය රහිත, ආරක්ෂාව, රැකවරණය, රක්ෂා ස්ථානය, ක්ෂමාව, පණ බේරා ගැනීම, සැවැන්දන, සැවැන්දරා ආදී අර්ථ අභය යන්නටද ආරක්ෂාව සලසා දීම, මරණයට නොපමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ අභය දානය යන්නට ද යෙදේ. ශබ්ද කෝෂයන්ට අමතරව විශ්ව කෝෂයන්හි ද අභය දාන යන්නට අර්ථ විවරණ දක්වා තිබේ. බෞද්ධ විශ්වකෝෂයෙහි සඳහන් වන පරිදි සංස්කෘත භාෂාවෙහි මෙම වචනයට the gift of fearlessness යනාර්ථය දක්වා තිබේ.

යථෝක්ත නිර්වචනයෙන් සමස්තයක් ලෙස ගැනීමෙන් පැහැදිලි වන්නේ අභය දානය යනු ජීවිතය දීමයි. ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේත් නැතහොත් ජීව දානයයි. බුදුසමය තරම් සත්ත්වයාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන වෙනත් ආගමක් හෝ දර්ශනයක් ලොව නැත. දණ්ඩනයෙන්, මරණයෙන් අන්‍ය සත්ත්වයන් මුදවා අභයදානය දිය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ සහේතුක පදනමක් මත පිහිටාය. ධම්ම පදයේ දණ්ඩ වග්ගයෙහි අන්‍යයන්ට ජීවිත දානය දිය යුත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලිව ම දක්වා තිබේ. සියලු සත්ත්වයෝම කායික හා මානසික දණ්ඩනයට තැති ගන්නා බවත්, අකමැති බවත් සියලු සත්ත්වයෝම මරණයට බිය වන බවත් අවධාරණය කරන බුදුසමය තවදුරටත් දක්වන්නේ “මම යම් සේ දණ්ඩනයට බිය වේද එසේම සියලු සත්ත්වයෝද දණ්ඩනයට බිය වෙති. මාගේ ජීවිතයට මම යම් සේ පි‍්‍රය ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයෝද තමාගේ ජීවිතයට පි‍්‍රයය.” එබැවින් තමා උපමාකොට කිසිඳු සත්ත්වයෙකුට අතින්, පයින්, දඬු , මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හිංසාකොට අන්‍ය කිසිඳු සත්ත්වයකු නොමැරිය යුතුය. අනුන් ලවා හෝ නොමැරවිය යුතුය යන්න බුදුදහමෙහි ස්ථාවරයයි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ

මෙබඳු අත්තුපනායික ධර්ම පර්යාය දේශනාවක් මත පදනම් වූ ප්‍රවේශයක් අභය දානය සම්බන්ධයෙන් බුදුදහම ඉදිරිපත් කරයි.

අභය දානයෙහි අනුසස්

මජ්ක්‍ධිම නිකායේ චූළ කම්මවිභංග සූත්‍රයේ ප්‍රාණඝාතයෙහි යෙදිමේ ආදීනව දක්වමින් අභය දානයෙහි අනුසස් විස්තර කර තිබේ. තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි. තවද මෙම සූත්‍රයේදී සත්ත්ව හිංසනයෙහි ආදීනව මෙසේ දක්වා තිබේ.

මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇතිව සතුන් වැනසීමෙහි යෙදුනේ සියලු සත්ත්වයන් කෙරෙහි අකාරුණික බවට පැමිණි හේ ප්‍රාණවධ කරන සුලු වූයේද හේ එම කර්මය හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ලත් වූ විවසවැ පතිත වන නිරයෙහි උපදී. යම් හෙයකින් නිරයට නොපැමිණ මිනිස් ලොව උපත ලැබුයේ නම් අල්පායුෂ්කව උපදී. තවද මානවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රාණඝාතය අත්හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහා තැබු දඬු ඇත්තේ වෙයි. බහා තැබු අවි ආයුධ ඇත්තේ වෙයි. අකුසල් කෙරෙහි ලජ්ජාවක් ඇති දයාවන්ත වූ සත්ත්වයන්ට හිතානුකම්පි වූ ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපත ලබයි. ඉඳින් මිනිස් බවෙහි උපන්නේ වී නම් දීර්ඝායුෂ්කව උපදී.

තවද මානවකය,මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් හෝ කැට කැබලිත්තෙන් හෝ, දඬු මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හෝ අන්‍යයන්ට හිංසා පීඩා පමුණුවයිද එම අකුසල විපාකය නිසා මරණින් මතු නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිස් ලොව උපත ලැබූයේ නම් බොහෝ ආබාධ ඇතියේ වෙයි. එසේ නොකරන්නා මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපත ලබන අතර මිනිස් ලොව ඉපදුණේ වී නම් අල්පාබාධ ඇත්තේ වෙයි.

ප්‍රාණඝාතයෙන් තොර වී අභය දානය ප්‍රගුණ කළ පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකවල උපදින බව මහාකම්මවිභංග සූත්‍රයේද සඳහන් වෙයි. එසේම විමානවත්ථූ පාලියෙහි ප්‍රාණඝාතයෙන් මිදුණු අය දිව්‍ය විමානවල උපත ලැබ සැප සම්පත් අත්විඳින ආකාරය විමානවත්ථූවෙහි හා උත්තරවිමානවත්ථුවෙහි දැක්වේ. එබඳුම පුවතක් ලබු මා විමානවත්ථුවෙහිද දැක්වේ. ප්‍රාණවධ කිරීමෙහි ආදීනව තව දුරටත් දක්වන බුදුසමය එයින් මිදි අභය දීමේ අගය පැහැදිලි කරයි. යම් සේ ගොපලු තෙම දඬු මුගුරුවලින් පහර දෙමින් ගවයන් ගොදුරු බිමට හෙවත් තණ බිම් කරා පමුණුවන්නේද එපරිද්දෙන් ම ජරා මරණ දෙක ප්‍රාණීන් පෙළෙමින් ඔවුන්ගේ ජීවිතය ක්ෂය කරන බවත් දක්වයි. ප්‍රාණවධ ආදී පව්කම් කරන අඥානයා තමා කරන ලද පාප කර්මයාගේ විපාක නිසා ගින්නෙන් දැවෙන නිරයෙහි උපත ලැබ දැඩි සේ තැවීමට පත් වන බවත් සඳහන් වේ.

අභය නොදි කාය දණ්ඩ, වචී දණ්ඩ හා මනෝ දණ්ඩ ආදියෙන් අන්‍යයන් පෙළෙමින් කටයුතු කරන පුද්ගලයාට විපාක වශයෙන් දසවිධ දුක්ඛයන්ට පත්වීමට සිදුවන බවද සඳහන් වේ. කර්කෂ වූ අත් පා බිඳීම් ආදියෙන් හෝ ඇස් ආශි‍්‍රත රෝග කන් ආශි‍්‍රත රෝග හෝ වෙනත් බලවත් කායික වේදනාවන්ටද මහා පරිමාණව සම්පත් හානියකට හෝ අත පා සිඳීම් , බිදීම් , හිස පැළීම් ආදි වූ කායික හානියකට හෝ කාස රෝග, ස්වසනය හා සම්බන්ධ රෝග, පීනස් රෝග, අතීසාර රෝග, උදර රෝග, දද, කුෂ්ඨ, ගෙඩි ආදි බොහෝ රෝගයන්ට පත්වේ. එබඳු බලවත් රෝග දුකකට පත්වනවා පමණක් නොව බිහිරි , කොර, කුදු ආදි කායික අඩු පාඩුකම් සහිත බවට හෝ යක්ෂෝන්මාදය, පිත්තෝන්මාදය වැනි බොහෝ විපත්තීන්ට පැමිණෙන බවද දැක්වේ. ඊට අමතරව රජුන්ගෙන්, සොරුන්ගෙන් , මං පහරනන්ගෙන්, පේත, පිසාච, වන මෘගාදීන්ගෙන් උවදුරු පැමිණීම මෙන්ම ඥාති හිත මිත්‍රාදීන්ට පීඩා පැමිණීම වැනි විපත්තීන්ට මුහුණ දීමට සිදුවේ. රත්රන් අඟුරුවීම, මුතු කපු ඇට වීම, කහවනු කැට කැබිලිති වීම, යනාදි වූ භෝග විනාශයකටද පත්වන්නේය. එසේම ගින්න, ජලය හෝ සුලඟ වැනි ස්වාභාවික දෙයින් ලෞකික වශයෙන් විපත් පැමිණෙන බවද පාරලෞකික වශයෙන් මරණින් මතු නිරයට පැමිණෙන බවද දැක්වේ. අභය දානය නොදීමෙහි ආදීනව සම්බන්ධයෙන් තවදුරටත් දක්වන්නේ නම් පුද්ගලයෙක් තමාහට කායික මානසික සුව කැමතිව අනුන් තළා පෙළා මරණයට පත් කරයි ද පීඩාවට පත් කරයිද අන්‍යයන් කාය, වාග් දණ්ඩනයෙන් පෙළන ඔහු පරලොව දෙව් මිනිස් සුව නොලැබ නිරාගත වන බවද දැක්වෙයි.

දණ්ඩනයෙන් මිදී අන්‍යයන්ට අභය දීම් වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු ආකාරය ඛුද්දක පාඨ පාලියෙහි මෙත්ත සූත්‍රයෙහි සඳහන් වෙයි. මව යම් සේ තමාගෙන් ජාත වූ එකම ඖරස පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් රක්නේද එපරිද්දෙන් ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රි සහගත සිත් වැඩිය යුතු බව මෙත්ත සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයෙහි තවදුරටත් විස්තර වන්නේ පියවි ඇසට පෙනෙන සත්ත්වයන්ටද නොපෙනෙන සත්ත්වයන්ටද දුර වසන සත්ත්වයන්ටද ළඟ වසන සත්ත්වයන්යටද මතු උපතක් සොයන සත්ත්වයන්ටද යන සියල්ලන්ටම එක සේ මෛත්‍රිය වැඩිය යුතුය. නාගාදි දිග් ශරීර ඇත්තෝද, මත්ස්‍ය, හස්ති, අසුරාදි මහත් ශරීර ඇත්තෝ ද අශ්ව, ගව, මහිස ආදි මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද වාමන ආදි මිටි ශරීර ඇත්තෝද, පියවි ඇසට නොපෙණෙන ඉතා සියුම් සත්ත්වයෝද යන සියල්ලන්ටම එකසේ මෙත් වැඩිය යුතු බව මෙම සූත්‍රයෙහි තවදුරටත් දැක්වේ. තවද ඛන්ධ පරිත්තයෙහි දැක්වෙන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා ආදි සියලු සත්ත්වයන්ට හිංසා කිරීමෙන් වැළකිය යුතු බවයි.

ඛුද්දක පාඨ පාලියෙහි දණ්ඩ සූත්‍රයෙහි දණ්ඩනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැරූ ආකල්පය මැනවින් පැහැදිලි වේ. සැවැත් නුවරටත් ජේතවනයටත් අතර බුදුරජාණන් වහන්සේ වැඩම කරන විට බොහෝ කුඩා දරුවන් දණ්ඩකින් නයකු පෙළන ආකාරය දිටීය. එකල්හි බුදුරජාණන් වහන්සේ යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමති සතුන් දඬුවමින් පෙළා ද හේ පරලොව සුව නොලබන බව පවසමින් ඔවුන්ට ධර්මය දේශනා කළහ. සුත්ත නිපාතයේ සූත්‍රයෙහි වසල දැක්වෙන්නේ යමෙක් ඒකජ හෝ ද්විජ ඕනෑම සත්ත්වයෙකු දිවියෙන් තොර කරයිද යම්’ ප්‍රාණියකු හට දයාවෙන් තොර ද එබඳු පුද්ගලයා වසලයකු ලෙසද දක්වයි.

අංගුත්තර නිකායේ දසක නිපාතයේ භය සූත්‍රයෙහිද අභය නොදෙන්නාට අත්විඳීමට සිදුවන බිය පහක් සඳහන් වේ. “ගෘහපතිය ප්‍රාණඝාතයෙහි නිරත වන්නාට දිට්ඨධම්මික බියද, සම්පරායික බියද ලබේ. මානසික දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදුවේ. ප්‍රාණඝාතයෙන් මිදුනා වූ පුද්ගලයාට දිට්ඨධම්මික සම්පරායික යන ද්විවිධ බියත් මානසික දුක්ඛ දෝමනස්සයනුත් නොමැති අතර ඔහුගේ බිය හා වෛරය සංසිඳුනේ වෙයි යනුවෙන් සඳහන් වෙයි.

ගහ කොළ ආදි අජීවි වස්තුන්ගේ පටන් මිනිසා දක්වා සෑම වස්තුවකටම මෙන්ම සතත්වයකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බුද්ධ දේශනාවේ සඳහන් මූලික ඉගැන්වීමකි. ගස් වැල් කඩා බිඳ දැමීම, අතු ඉති සිඳීම ආදි දෑ උපසම්පදා භික්ෂූන්ට ඇවතක් සිදුවීමට හේතුවක් බව දේශනා කළ උන්වහන්සේ කුඩා ප්‍රාණීන් විනාශ වන බැවින් ජලයට කෙළ ගැසීම, මළ මුත්‍රා කිරීම, වනයෙහි ගිනිදැල්වීම වැනි දෑ ද තහනම් කර ඇත. දස සක්විති වත් වල දී සතා සිව්පාවුන්ට අභය දීම රජුගේ ප්‍රමුඛ වගකීමක් බව දැක්වීම තුළින්ද උන්වහන්සේ අභය දානය සම්බන්ධයෙන් කෙබඳු ආකල්පයක් දැරූයේද යන්න මැනවින් පැහැදිලි වෙයි.

අප කළ යුතුව ඇත්තේ අභය දානය දානයක් ලෙසින්ම සිදු කිරීමයි. සමස්ත සත්ත්වයාගේම මානව අයිතිවාසිකම් සුරැකෙන දහමක් වන බුදුදහම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමෙහි ලා කෙබඳු ආකල්පයක් දැරුවේ ද යන්න යථෝක්ත කරුණූ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මැනවින් ප්‍රතීයමාන වේ.
.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය
ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි
.
උපුටා ගත්තේ බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි
http://ift.tt/28ZttHF via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 27, 2016 at 12:00PM

මනුෂ්‍ය ජීවිතයක් ලැබීමේ දුෂ්කරභාවය.

පෘතුවියේ මහා සමුද්‍රයන්හි වර්ගඵලය වර්ග කිලෝමීටර් 361,900,000 වන බැවින්, විය සිදුරක වර්ගඵලය වර්ග මිලිමීටර් එකක් ලෙස සැලකුවහොත් මෙය සිදුවීමේ සම්භාවිතාවය 3.6*10^20 න් එකක් පමණ වේ.
මේ සංඛ්‍යාවේ විශාලත්වය අපිට හිතාගන්නවත් බැහැ. උදාහරණයකින් පැවසීම කොතරම් උචිතද? මේ අති දුර්ලභ අවස්ථාව මග හැර ගන්නා මෝඩයකු නොවන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

කායානුපස්සනාව හා වේදනානුපස්සනාව තුලින් විඥානය අරමුණේ නොපිහිටන ආකාරයට මනස වඩන අයුරු මනාව පැහැදිලි කරන දේශනාවකි.

2016-02-06 විඥානය නොපිහිටන සේ සතිපට්ඨානය – Mankadawala Sudassana Thero
විඥානය ථිති නොවන සේ කායානුපස්සනාව හා වේදනානුපස්සනාව වඩන ආකාරය – නුවරදී කළ දේශනාව. mp3 භාගත කිරීම සඳහා sudassana.org වෙත පිවිසෙන්න
More info @ https://www.youtube.com/watch?v=QZJZKqdLL6g
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
June 27, 2016 at 09:10AM