
කාමයෙන් දැවෙමින් සිටින ලෝකයට මේ වචන සිහිල් දිය බිඳක් වගේ via Facebook Pages http://ift.tt/1GMS4Lf
ප‍්‍රාතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප‍්‍රාතිහාර්ය ඥානය ලෙස හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබිය හැකි සුවිශේෂී ඥානයකි. අතිශය දුෂ්කර කාර්යයක් වන ප‍්‍රාතිහාර්ය පෑම රහතන් වහන්සේලාට අර්හත්වයේ අනුහසින් කළ නොහැකිය. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප‍්‍රාතිහාර්ය පෑමට අසමත් හූ වෙති.
“ඉධ තථාගතො යමක පාථිහීරං කරෝති අසාධාරණං සාවකෙහි, උපරිම කායතෝ අග්ගික්ඛෙන්‍ධා පවත්තති, හෙට්ඨිමකායතො, උදකධාරා පවතතාති, හෙටඨිම කායතො අගගිකඛෙන්‍ධා පවත්තති, …… පවත්තති….”
“මෙහි තථාගත තෙම ශ‍්‍රාවකයන් හා අසාධාරණ වූ යමක ප‍්‍රාතිහාර්ය ය කෙරෙයි. උඩුකයින් ගිනි කඳ පවත්වයි, යටි කයින් දිය දහර පවත්වයි, යටි කයින් ගිනි කඳ පවත්වයි, පසු පසින් දිය දහර පවත්වයි, පසු පසින් ගිනි කඳ පවත්වයි ….
(පටිසම්භිදා මග්ග, මහා වග්ග ඥාන කථා) -> http://ift.tt/2aE3FSB
බුද්ධ චරිතයේ කිහිප අවස්ථාවෙක දීම යමාමහා පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ සත්වයන් සුමගට යොමු කළ අයුරු දැකිය හැකිය. ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේගේ වයස් බාල බව සලකා මහත් මානයෙන් හැසිරුණු අවස්ථාවෙහි දී තථාගත බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර හා වදාළ බව සඳහන් වේ. විද්‍යා චක‍්‍රවර්තීන් බුත්සරණෙහි බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යමක මහා ප‍්‍රාතිහාරිය විස්තර කරනුයේ මෙපරිද්දෙනි.
“ශී‍්‍ර ශරීරයෙන් නාභියෙන් මත්තෙහි තුන්ලොව බබුලුවන්නා වූ මහා ගිනි කඳක් නැගෙන්නට වන. නැවත නාභියෙන් පාත ශී‍්‍ර ශරීරයෙන් ආකාශ ගංගා ප‍්‍රවාහයක් සේ මහා දිය කඳක් හෙන්නට වන. නැවත ගිනි කඳ නැගී ඌර්ධ්ව කායෙන් දිය කඳෙක් නැගෙන්නට වන…”
මහා වංශාගත තොරතුරුවලට අනුව බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහියංගණයේ දී යක්‍ෂයන් දමනය උදෙසා යමා මහ පෙළහර පෑ බවට තතු විස්තර සපයාගත හැකිය.
තේජෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් ගිනි කඳක් ද, ආපෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් මහා ජල කඳක් ද පිට කිරීමට මෙම ඥානයේ බලයෙන් හැකිවේ. ධ්‍යානලාභී වූ ඇතැම් පෘථග්ජනයන් විසින් ද ප‍්‍රාතිහාර්ය කරනු ලැබේ. එහෙත් ධ්‍යානලාභී වූ පමණින්ම ප‍්‍රාතිහාර්ය කළ නොහැකිය. ප‍්‍රාතිහාර්ය කිරීම සඳහා තුදුස් ආකාරයෙන් පුරුදුකොට ගත් රූපාවචර අරූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය අවශ්‍ය බව යමක ප‍්‍රාතිහාර්ය ඥානය පිළිබඳ තම “සූවිසි ගුණය” ග‍්‍රන්ථයේ දී රේරුකානේ චන්දවිමල නා හිමියෝ මෙසේ සඳහන් කරති.
“එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥාචිත්ත නම් වේ. යමක ප‍්‍රාතිහාර්ය ඥානය යැයි කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභභිඥාචිත්ත සම්ප‍්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියෙකුට මෙබඳු දෙයක් වේවායි නිකම්ම සිතීමේ මාත‍්‍රයෙන් යම්කිසි ප‍්‍රාතිහාර්යයක් නොකළ හැකි ය. ඒ ඒ ප‍්‍රාතිහාර්යයන් කිරීමට ද, වෙන වෙනම පුරුදු කළ යුතුය. යම්කිඪි ප‍්‍රාතිහාර්යයක් කිරීමට වුවමනා ඒ කරුණ සිදු කිරීමට නිසි කසිනයෙක් හී පඤ්ඤමධ්‍යානයට සමවැදිය යුතුය.”
මෙහිදී ගිනි කඳක් මැවීමට තේජෝ කසින පඤ්චමධ්‍යානයට සමවැදිය යුතුය. එසේම ජල කඳක් මැවීමට ආපෝකසිනය සමාපත්තියට සම වැදිය යුතුය. ඒ ඒ ප‍්‍රාතිහාර්ය පෑමේ දී අදාළ සමවතට සම වැදී ඉන්නැගීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතුය. ඉන් අනතුරුව සිතෙහි පවතින අධිෂ්ඨාන ශක්තියේ බලයෙන් රූපාවචර අභිඥාචිත්තය නැවත ඇති වී අධිෂ්ඨාන කළ ප‍්‍රතිහාර්ය ඇති වේ.
එකකට එකක් මාරුවෙන් මාරුවට සමාපත්ති වල, සම වැදීම, නැගිටීම, අධිෂ්ඨානය ඉතා වේගයෙන් සිදු කරන නිසා බලා සිටින්නෙකුට හැඟෙනුයේ ගිනි කඳක් සහ ජල කඳක් එකවිට පිට වන්නාසේ ය. එකකට එකක් අනතුරුව සමාපත්ති මාරුකිරීමේ ඉතා වේගය සතුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සතුව පමණි. ධ්‍යානයෙහි වශී භාවය මද අයට ඉක්මනින් ප‍්‍රාතිහාර්ය කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සතුව සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් පවතින බැවින් එක විටෙක සිඳුවන්නක් ලෙස විද්‍යාමාන වන සේ ප‍්‍රාතිහාර්යදවයම සිදු කළ හැකිය.
“ලොම කූපතො ලොම කූපතො අග්ගිඛකෙන්‍ධ¤ පවත්තති, ලෝමකුපතො ලෝමකුපතෝ උදකධාරා පවත්තති ජනනං වණ්ණානං නීලානං, පීතකානං, ලෝහිතකානං, ඕදාතානං මඤ්ජිට්ඨානං පභස්සරානං…”
තේජෝ හා ආපෝකසිනයන් හී අතිශය වශීභාවයෙන් දිය කඳෙන් හා ජල කඳෙක් පිට කරමින් සිදු කරන ප‍්‍රාතිහාර්ය අතර තථාගතයන් වහන්සේ මුළු සක්වලම මැඩගෙන දිවෙන සේ, නීල, පීත, ලෝහිතාදී ෂඩ් වර්ණයන් ගේ රැස් මාලාවන් උත්පාදනය සඳහා ඒ ඒ කසින වලට ද සම වදින බව පටිසම්භිදා මග්ගයෙහි සඳහන් වේ. බුත්සරණ කතුවරයා ඒ පිළිබඳව සඳහන් කරනුයේ පහත අයුරිනි.
“…. එකී එකී ජලස්කන්‍ධයට ආපෝකසින සමවත් සමවදිනා සේකෑ. සවනක් ඝන බුදු රැස් පිණිසැ වෙන වෙන නීල කසින, පීත කසිනා දී සමවත් සමවදනා සේකැ….”
මුළු ලොවම විශ්මයාවහ ලෙස සාධුකාර දෙමින් රැඳීහුන් කල තථාගතයන් වහන්සේ තවත් ප‍්‍රාතිහාරියක් දැක්වූ බව සඳහන් වේ. විද්‍යාචක‍්‍රවර්තීන් එය අපූරු උපමාවකින් විස්තර කරයි. එක ඇතෙකු සිටින තැනෙක තවත් ඇතෙකු නගාසිටුවන්නාසේ තවත් නිර්මිත බුදුරුවක් මවා පා දැක්වූ අයුරු පටිසම්භිදා මග්ගයෙහි මෙසේ සඳහන් වේ.
“භගවා චවකමති, නිමමිතො තිටඨති මා නිසීදති වා සෙය්‍යං වා කපෙපති…”
බුදුහු සක්මන් කෙරෙති. නිර්මිත බුදුහු සිටිති. හිඳිති. සයනය හෝ කෙරෙති…
මෙලෙස සමාපත්තීන් හී අතිශය වශීභාවයෙන් ප‍්‍රාතිහාර්ය පෑම හුදෙක් සත්ව සන්තාන බියෙන් අළලා ළාමක අරමුණු උදෙසා සිදු නොවන්නකි. සත්වයින් ගේ මෙලොව පරලොව සුගතිගාමීත්වය උදෙසා මහා කාරුණිකයන් වහන්සේ අවැසි තැන අවැසි පරිදි යමා මහා පෙළහර පා වදාළ බව පෙන්වාදිය හැකිය.
පොල්ගොල්ල ශාස්ත‍්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය
ඕපල්ගම චන්දරතන හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf
===මහමෙර, සුර ලොව හා අසුර ලෝකය===
සත්කුළු පව් වළලු මතින් ලිපියේදී අප විස්තර කළ පරිදි ඉහලින් බැලූ කල සක්වළ මධ්‍යයේ පිහිටා ඇත්තේ මහාමේරු පර්වතයයි. මහාමේරුව පිරිවරා සප්ත කුඨ පර්වතය සහ සප්තමහා සාගරය වෙයි. ඒ වටා සිව් දිසාවේ සතර මහාද්විපයෝ වෙති. අවසාන සක්වළ ගල වෙයි. පැත්තෙන් බැලූ කළ මෙහි තවත් දේ පවතී.
මහමෙර වටා පිහිටි යුගන්ධර පර්වතය තරම් උසින් මහාමේරුව සිට සක්වළගල දක්වා තලයක පිහිටියේ චාතුර්මහාරාජිකයයි. මහාමේරු පර්වත මස්තකය තරම් උසින් සක්වළගල දක්වා විහිදී පැතිරී පවතින්නේ තව්තිසා දෙව් ලොවයි – හෙවත් තිදස පුරයයි. ඊට ඉහලින් අභ්‍යවකාශයේ පිළිවෙලින් යාමය, තුසිතය, නිම්මානරති සහ පරනිම්මිත වසවර්ති යන දෙව් ලෝ පවතී. සදෙව් ලොවට ඉහළින් පිහිටන්නේ බ්‍රහ්ම ලෝක වේ.
මහමෙර පාමුල (මහමෙර යනු සාගරයේ අඩක් ගිලුණු දණ්ඩක් – වඩාත් නිවැරදිව කිවහොත් මධ්‍යය සිහින් අග කෙළවර මහත් වන බෙරයක් – වැනි වස්තුවක් බව මතක ඇතැයි සිතමි.) සාගර පතුලේ තව්තිසා දෙව් ලොව වැනිම දෙව් ලොවකි. එය අසුර ලෝකයයි. අසුර ලෝකය ඇති වීම පිලිබඳ කතාව ද රසවත් එකකි. ‘මඝ මානවක කතා’ ලිපියේ විස්තර කළ පරිදි කුලාවක ජාතකය තුල මේ විස්තරය අඩංගු වේ. නපුරු ගති ඇති සුරයන් සමග බෙදා හදාගෙන විඳින ශක්‍ර සැප කුමටදැයි සිතූ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සුරාව පොවා මත් කළ දෙවියන් දෙකකුලින් අල්ලා මුහුදට විසි කළ බවත් මුහුදට වැටුණු දෙවියන්ගේ පිං හේතුවෙන් මහාමේරු පර්වතයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ තව්තිසා දෙව්ලොවට සමාන දෙව් ලොවක් මැවී ගිය බවත් එහි සඳහන් ය. සුරයන් කෙරෙන් පළවා හරින ලද හෙයින් උහු අසුර නම් වී. ශක්‍රයා විසින් සුරාවෙන් මත් කර තමන් රවටන ලද බව දැන ගත් මේ අසුරයන් දිව්යාශ්ත්‍ර ගෙන තව්තිසා වැසි දෙවියන් හා යුධ වන් අයුරු කුලාවක ජාතකය වැඩිදුරටත් අපට කියා දෙයි. සුරාසුර යුද්ධය නම් එයයි. ධජග්ග සූත්‍රයට වස්තු බීජය සපයන්නේ මීට බොහෝ කාලයකට පෙර සිදු වූ මේ සුරාසුර යුද්ධයයි.
චාතුර්මහාරාජිකය, තාවතිංසය යන දෙදෙව් ලොවම ශක්‍ර දේවේන්ද්‍රයාගේ අධිපතිත්වය යටතේ පවතී. සතර වරම් රජ වරු ඒ චාතුර්මහාරාජික දෙව් ලොව සතර දිශාවට අධිපතීත්වය දරන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා යටතේය. අසුර ලෝකය තව්තිසා භවනට සැපයෙන් හා මහේශාක්‍ය බවින් සමාන වන මුත් මහමෙර පත්ලේ පිහිටි බැවින්දෝ නොහොත් නපුරු අදහස් හා නපුරු ක්‍රියා ඇති ‘පින්වතුන්’ උපදනා තැන බැවින්දෝ සුගති ගනයේ ලා නොසැළකෙයි. එසේ වුවත් රාහු අසුරෙන්ද්‍රයා, වේපචිත්ති අසුරේන්ද්‍ර ආදී අසුරයින් ගැන සාහිත්‍යයේ සඳහන් වේ. පහාරාද අසුරයා බුදුන් සරණ ගිය උපාසකයෙකි. එහෙත් අසුර නිකාය සැළකෙන්නේ සතර අපායෙන් එකක් ලෙසයි. සතර අපාය යනු නරකය, ප්‍රේත නිකාය, තිරිසන් යෝනිය හා අසුර නිකාය වේ. මින් නරකය පොළොව යට පිහිටයි. අසුර ලෝකය මහමෙර පත්ලේ පිහිටයි. තිරිසන් ලෝකය සහ ප්‍රේත ලෝකය මිනිස් ලොව ඇසුරේ වෙයි.
අසුරයින් විසින් රණකාමීව සුරයන් මථනය පිණිස මහමෙර නගින්නට වන් කළ පළමු බලසෙන් හමුව චාතුර්මහාරාජික දෙවියන් සමග වේ. එනයින් ගත් කළ ධ්‍රැතරාෂ්ඨ, විරූඪ, විරුපාක්ෂ සහ වෛශ්‍රවන යන සතර වරම් දෙවිවරු ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආරක්ෂක සෙන්පති වරු වේ. ධ්‍රැතරාෂ්ඨ වරම් රජු පෙරදිග දිශාව ආරක්‍ෂා කරන්නේ තමන්ගේ ලක්‍ෂ ගණන් ගාන්ධර්ව සේනාව පිරිවරාගෙනය. ගාන්ධර්වයින් යනු සංගීත සහ නෘත්‍ය ශාස්ත්‍රයේද කෙළ පැමිණියෝ ය. දෙව් ලොව මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා ස්වකීය රූප විලාසයෙන් සහ නර්තන ලීලාවෙන් මත් කළ සූරියවච්චසා නම් දිව්‍යාංගනාවක් ගැන අපේ සාහිත්‍යයේ හමු වේ. ඈ තිම්බරූ නම් ගාන්ධර්ව දිව්‍යරාජයාගේ දියණියයි. දකුණු දිග ආරක්ෂා කරන්නේ විරූඪ නම් දෙවි රජ වේ. හෙතෙම නොයෙක් ලක්‍ෂ ගණන් තමාගේ කුම්භාණ්ඩ සේනාව පිරිවරා සිටී. විරුපාක්ෂ දෙවි රජ අපරදිග දිශාව රකින්නේ තමන්ගේ ලක්‍ෂ ගණන් නාග සේනාව පිරිවරාගෙනය. අනන්ත නම් නාග රාජයා, මුචලින්ද නම් නාග රාජයා, ඒරකපත්ත හා ඔහුගේ දියණිය වන අරුන්දතිය පමණක් නොව චූලෝදර-මහෝදර, මණිඅක්ඛිත ආදී නාගයින් පවා අයත් වන්නේ මෙකී විරුපාක්‍ෂ රජු යටතටය. උතුරු දිග ආරක්‍ෂා කරන වෛශ්‍රවන හෙවත් වෙසමුණි රජු මේ සියල්ලන් අතර වඩාත් ප්‍රසිද්ධ දෙවියන් වේ. හෙතෙම තමන්ගේ යක්‍ෂ පිරිවර සහිතව සිටී. සාතාගිර-හේමවත, ආලවක ආදීහු, එසේම කාලි නම් යක්ඛිනිය මේ වරම් රජුගේ පිරිවරට අයත් වේ. දැහැමි සිරිසඟබෝ රජ සමයේ ලක්දිව වසංගතයක් ඇති කළ රත්තකරාක්ෂයා පවා මේ ගණයට අයත් වේ. එපමණක් නොව සෝවාන් වී සිටී ඉතාම භක්තිමත් උපාසකයෙකු වූ බිම්බිසාර රජතුමා උපන්නේද වෙසමුණි රජුගේ යටතේ ජනවසභ නම් යක්‍ෂ සේනාධිපතියෙකු ලෙස බව දීඝ නිකායේ එනම ඇති සූත්‍රයෙන් හෙළි වේ.
=== කාම ලෝක, රූප ලෝක හා අරූප ලෝක===
ඉහත විස්තර කළ සදෙව් ලොව සහ මනුෂ්‍ය ලෝකය ගත් කළ ඒවා කාම සුගති වේ. සතර අපායද කාම ලෝකයටම අයත් වුවත් ඒවා දුගති ලෙස හඳුනා ගැනේ. සතර අපාය සැළකූ කළ නරකය විශේෂ තැනක් ගන්නේ මෙහි දුකම මිස කිසි සැපයක් නැති බැවිණි. මහා නරක අටකි. ඒවා සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචිය ලෙස නම් කෙරේ. මේවා එකිනෙකට පහළින් සමාන දුරින් පිහිටයි. දේවදත්ත තෙර, සුප්පබුද්ධ රජ ආදීහු කල්පයක් කල් පැසෙන්නේ මේ අවීචි මහා නරකාදියේ ය. මේ එක එක මහා නරකයක් පිරිවරා ඔසුපත් නරක ද සොළොස බැගින් වෙයි.
=කාම සුගති=
මනුෂ්‍ය ලෝකය සහ පහත දැක්වෙන දිව්‍ය ලෝක කාම සුගති නම් වේ.
1. චාතුර්මහාරාජිකය
2. තාවතිංසය
3. යාමය
4. තුසිතය
5. නිම්මානරති
6. පරනිම්මිත වසවර්ති
මෙයින් යාම නම් දෙව්ලොව පටන් අවසන් දෙව් ලෝ සතර මහාමේරු පර්වතයට ඉහලින් අභ්‍යවකාශයේ පිහිටයි.
= රූප ලෝක =
රූප ලෝක සහ අරූප ලෝක යනු බ්‍රහ්ම ලෝක වේ. මේවා සදිව්‍ය ලෝක වලට ඉහළින වඩාත් ඈතින් අභ්‍යවකාශයේ පිහිටා ඇත. රූප ලෝක සොළොසකි.
1. බ්‍රහ්ම පාරිසජ්ජය
2. බ්‍රහ්ම පුරෝහිතය
3. මහාබ්‍රහ්මය – වශයෙන් ප්‍රථම ධ්‍යාන භුමි තුනකි.
1. පරිත්තාභය
2. අප්පමාණභය
3. ආභස්සරය – වශයෙන් ද්ව්තිය ධ්‍යාන භුමි තුනකි.
1. පරිත්තසුභ
2. අප්පමාණසුභ
3. සුභකිණ්ණය – වශයෙන් තෘතිය ධ්‍යාන භුමි තුනකි.
1. වෙහප්ඵලය
2. අසඤ්ඤතලය – වශයෙන් චතුර්ථ ධ්‍යාන භුමි දෙකකි.
අවිහ
අතප්ප
සුදස්ස
සුදස්සී
අකනිට්ඨ – යනු පංච ශුද්ධාවාස වේ.
ප්‍රථම, ද්විතීය, තෘතිය හා චතුර්ථ ධ්‍යාන වැඩූ ඒ ධ්‍යානයෙන් නොපිරිහී මිය ගිය යෝගීන් මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබත්. අනාගාමි ඵලයට පත් වී මරණප්‍රාප්ත වූ සත්ත්වයෝ ශුද්ධාවාස වල උත්පත්තිය ලබා එහිදී රහත් බැව් ලබා පිරිනිවෙත්. බුදුබව (හෝ පසේ බුදුබව) පතන බෝධිසත්ත්වයෙක් කිසි විටෙක පංච ශුද්ධාවාසයේ නූපදිත්.
= අරූප ලෝක =
සියලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම පිහිටන්නේ අරූප ලෝක වේ. සංඛ්‍යා වශයෙන් සඳහන් නොකළත් ඉතාම අධික ආයුෂක් සහිත මේ බ්‍රහ්ම ලෝකයන්හි ඉපදුණා වූ සත්ත්වයෝ අරූප ලෝක හෙයින් බොහෝ බුදුවරු ඉපදී දහම් දෙසා කෙළ ගණන් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පිරීනිවී ගියත් දහම් ශ්‍රවනයක් නොලබති. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ තවුස් වෙස් ගෙන දුෂ්කර ක්‍රියා කරන සමයේ ගුරු වූ ආලාර කාලාම හා උද්දකරාමපුත්ත යන දෙදෙනා වහන්සේ ධ්‍යාන උපදවා මේ ලෝක වල උපන් බැවින් උන්ට මේ බුදු සසුන තුල නිර්වානාවබෝධයක් හිමි නොවිණි.
ආකාසානඤ්චායතනය
විඤ්ඤාණඤ්චායතන
ආකිඤ්චඤ්ඤායතන
නේවසඤ්ඤානාසඤ්ඤයතන යන සතර අරූප ලෝක වේ.
මෙසේ අරූප බ්‍රහ්ම ලෝක (4), රූප බ්‍රහ්ම ලෝක (16), සදිව්‍ය ලෝකය (6), සතර අපාය (4) සහ මනුෂ්‍ය ලෝකය ගත් කළ සත්ත්වයන් උපදනා භූමි හෙවත් තල එක්තිසක් (31) සළකන ලද එක සක්වළක් තුල පවතී. වෙනත් අයුරකින් පැහැදිළි කළොත්, බෞද්ධ සූත්‍ර ධර්ම ඇසුරේ අප ඉගෙන ගන්නා සක්වළ යනු ඉහත විස්තර කළ එක් තිස් ලෝක වල එකතුවයි. මේ සක්වළ අප බටහිර විද්‍යාවෙන් ඉගෙන ගන්නා පෘතුවි ගෝලය ලෙස හඳුන්වන ග්‍රහලෝකය සමගවත්, සූර්යයා මධ්‍ය කොට ගත් සෞරග්‍රහ මණ්ඩලය සමගවත්, ක්‍ෂිරපථ නම් මන්දාකිණිය සමගවත් සමපාත නොවේ – තුල්‍ය නොවේ.
http://ift.tt/2aBGdEk via Facebook Pages http://ift.tt/1GMS4Lf
අචාර්ය බි.ආර්. අමිබෙක්කාර් නිදහස් ඉන්දියාවේ ප්රථම අධිකරණ ඇමැතිවරයා මෙන්ම ඉන්දියානු ආණ්ඩු ක්රම ව්යායවස්ථාවේ නිර්මාර්තෘවරයාය. ඔහුට නිති විද්යාවට කොලොම්බියා සරසවියෙන් මෙන්ම ලන්ඩන් ආර්ථ ශාස්ත්රාලයෙන් ද ආචාර්ය උපාධිය බැගින් උපාධි දෙකක් තිබුනේය. බමුණු ආධිපත්තවයෙන් යුතු භාරතයේ උපන් කෙසේවත් නිවැරදි කළනොහැකි වරදට 1891 මාහාරාෂ්ඨ ප්රාතන්තයේ දිළිදු නමුත් උගත් මාහාස් චංඩාල කුලයේ පවුලකදී මෙලොව එළිය දුටු අමිබෙක්කාර්ට මුලු ජිවිත කාලය පුරාම කුල හිංසාවන්ට අවමානයන්ට හා වෙනස්කම් කිරීම් වලට ලක්වීමට සිදුවුයේය. වාසනාවනට ලංකාවේ උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නැමැති තරුණයෙක් අනගාරික ධර්මපාල නමින් ප්රකටව අමිබෙක්කාර් උපදින්නටත් ප්රමථම ලංකාවේ සුරැකිව තිබු නේපාලයේ උපන් සිද්ධාර්ත ගෞතමයන්ගේ ධර්මය පෙරළා ඉන්දියාවට ගෙන ගොස් තිබුණේය.
ඉන්දියානු ජනගහනයෙන් සියයට 25 ක් සහ ජනගනත්වයෙන් දසලක්ෂ තුන්සියක් පමණ වන ඉන්දිය චන්ඩාලයන් හෙවත් දලිත්වරුන් අතරින් වසර තුන්දහසක් පමණ බමුණු මනුස්මෘතියට අභියෝග කල මුල්ම චන්ඩාලයා ආචර්ය අමිබෙක්කාර් ය. ජාතක පොතේ එන බමුණු දිටිඨ මංගලිකා සර්ණ පාවාගත් මාතාංග චණ්ඩාලයා බෞද්ධ විරයකු වුවත් එය ජන මතකයේ එන කතාන්දරයක් පමණි. නමුත් ක්රිග.පු 5 වන සියවසේ දී ශස්ත්රිරය වංශික සිද්ධාර්ත ගෞතමයන් බමුණු කුලවාදයට ප්රුථමයෙන් අභියෝග කල පසු එතුමන්ට දෙවැනි වු ආචර්ය අමිබෙක්කාර් ට එම අභියෝගය ගෙන ඒමට සිදුවුයේ වසර 2500 කට පසුය.
‘‘යුක්තිය අපේ පැත්තේය. අපේ සටන පරාජය විය හැකි ක්රරමයක් මට නොපෙනෙයි. මේ සටනේ නියැලිමෙන් මට සතුටක් දැනෙයි. සටනෙන් අපි ධනය හෝ බලය ලැබීමට බලාපොරොත්තු නොවෙමු. අපි නිදහස සදහා සටන් කරන්නෙමු. එයින් අපි මානව පෞර්ෂය ගොඩනංවන්නෙමු…‘‘
කුලවත් අවිහිංසාවදි මහත්මා ගාන්ධි මෙන්ම ප්රනජාතාන්ත්රවවාදී ජවහර්ලාල් නේරු සමඟ උරෙන් උර ගැටී ඉන්දිය නිදහස් සටනේ නියමුවෙකු වෙමින්, ආචාර්යඅ අම්බෙක්කාර් යටත් විජිත ඉන්දියාවේ තබා නිදහස් ඉන්දියාවේදිවත් ඉතාමත්ම ලිබරල් බමුණෙකු පවා කුලවාද විරෝධියෙකු කිරීමට නොහැකි බව 1935 තරම් ඈතදි තේරුම් ගත් ඔහු ඒ සඳහා විකල්ප මාර්ගයක් සෙව්වේය. ස්වකීය පීඩිත ජනයා සමඟ උපතින්ම ලබන කුලවාදි හිංසනයෙන් බේරිමට හින්දු ආගමෙන් කැඩි වෙන්වීමට අවශ්යැ වුණේය.
මේ සඳහා සුදුසු ආගම කුමක්දැයි ඔහු දිගින්දිගටම විභාග කළේය. ඔහු ඉන්දිය මුස්ලිම්වරුන්, ක්රිඳස්තියානින් මෙන්ම සීක් ආගමිකයන් සමඟද සාකච්ඡා කළේය. වාසනාවකට මේ සියලුම ආගමිකයන් ඉන්දියාව තුළදි කුලවාදය ස්වකිය ආගම තුළ පැළපදියම් කරගෙන සිටියේය. ආචාර්යක අම්බෙක්කාර්ගේ සරණට සිටියේ අනාගාරික ධර්මපාලයන් ඒ වන විටත් යළි ඉන්දියාව තුළ පුනර්ජීවනය කර තිබු බුදුදහමය .
බටහිර ආධ්යාේපනය ලබා ඉන්දියාවට යළි පැමිණි තැන් පටන් එනම් බැරෝඩා නගරයේ නිතිඥයෙකු හැටියට ජීවිතය ඇරඹු තැන පටන් ඔහු බමුණන්ගේ කුලවාදි හැසිරිමෙන් අපමණ දුෂ්කරතාවයන්ට පත් වී සිටියේය. ඔහු උසාවියට ගිය විට සෙසු නිතිඥයෝ ඔහු සමඟ වාඩි විමට අකැමැති වූහ. උසාවි ආපනශාලාවේදි සෙස්සෝ ආහාර ගැනීමට ඔහු සමඟ සම අසුන් නොගත්හ. අඩුම තරමින් උසාවි ලිපිකරුවෝ පවා ඔහුගේ චණ්ඩාල දෑතින් ලියු ලිපිගොණු ඇල්ලිම ප්රහතික්ෂේප කළහ.
1940 දි ආචාර්යණ අම්බෙක්කාර් මෙසේ ලිව්වේය. .. කාලය අනුව වෙනස් විය හැකි ලෝකයේ ඇති එකම දහම බුදුදහම පමණී. මේ ගුණය වෙන කිසිඳු ආගමක නැත. ඔබ පරිස්සමින් අධ්ය්නය කළොත් බුදුදහමේ හරය සොයා ගත හැකිය. එය හේතුඵලවාදයයි. එහි වෙනස්වීමේ උරුමය ඇත්තේ මේ මූලධර්මය මතයි. එය වෙනත් කිසිදු ආගමක නැත.. 1940 දි ආචාර්යර බිම්රාඕ රාමාජි අම්බෙක්කාර් බෞද්ධයෙකු වීමට තිරණය කළේය.
නමුත් ඉන්දියන් නිදහස් සටනේ වගකිම් මෙන්ම 1947 නිදහසින් පසු අනාගත ඉන්දියාවට අවශ්යත ආණ්ඩුක්ර්ම ව්යසවස්ථාව නිර්මාණය කිරිම පැවරුණේ ආචාර්ය අම්බෙක්කාර්ටය. ඔහු මේ වගකිම අකුරටම ඉටු කරමින් කුල විරෝධී, අනාගමික, නවීන ව්ය වස්ථාවක් නිදහස් ඉන්දියාව වෙනුවෙන් නිර්මාණය කළේය.
1955 දී ඔහු භාරතිය බෞද්ධ මහා සභාව සංවිධානය කළේය. මෙය අනගාරික ධර්මපාලයන්ගේ මහා බෝධි ව්යාකපාරය තවත් ඉදිරියට ගෙන යාමකි. පසුකලෙක ආචාර්ය අම්බෙක්කාර්ගේ නවයාන බුදදහමේ අනුප්රායප්තිකයා වන එංගලන්තයේ සංඝරක්ෂිත හිමියන් මේ ව්යා.පාරයට එකතු වන්නේ මේ සමාජය හරහාය.
හරියටම මීට අවුරුදු 59 කට උඩදී එනම් 1956. ඔක්තෝම්බර් 14 වැනිදා නාග්පූර් හිදි ආචාර්ය අම්බෙක්කාර් හාරලක්ෂයක් දලිත් අනුගාමිකයන් සමඟ බුදුදහම වැළදගත්තේය. මෙදින ඉතිහාසයේ පුනරුච්චාරණය කෙතරම් බලවත්ද කිවොත් එදින අම්බෙක්කාර් ඇතුළුව ලක්ෂ සංඛ්යා ත අනුගාමිකයන් පංච ශීලයේ පිහිටවූයේ අනගාරික ධර්මපාලයන්ගේ ගෝල එවකට සාංචි විහාරාධිපතිව වැඩ සිටි තොටගමුවේ මැටිවෙල සංඝරතන නා හිමියන්ය.
අම්බෙක්කාර් අනුව යමින් එතැන් පටන් ලක්ෂ ගණනින් ඉන්දීය චණ්ඩාලයෝ (දලිත්වරු) විටින් විට බුදුදහම වැළඳගත්හ. මෑතකදී භාරතිය ජනතා පක්ෂය මැදිහත් වීමෙන් ඉන්දියාව තුළ බලහත්කාරයෙන් ආගම මාරු කිරීම අපරාධයක් කරන තෙක්ම මේ ආගම වැළද ගැනීම සිදුවුණේය. ලොව පුරාම විසිරී සිටින මේ බෞද්ධයන් අදත් පොදුවේ හදුන්වන්නේ අම්බෙක්කාර් බෞද්ධයන් නමිනි. එසේත් නැතිනම් නවයානවරුන් හැටියටය.
නවයාන බෞද්ධයෝ විසි වැදෑරුම් ශිලයක් සමාදන් වෙති. මුල් යුගයේ ලංකාවෙන් ඉන්දියාවට ධර්ම ප්රාචාරයට ගිය භික්ෂුන්ගේ සහයෙන් ස්වකීය භික්ෂු සමාජය පිහිටුවා ගත් නවයානිකයෝ දැන් තමන්ගේම බෞද්ධ සම්ප්රිදායක් නිර්මාණය කරගෙන සිටි.
—————–
uputaganima umanga bandarus pituveni via Facebook Pages http://ift.tt/1GMS4Lf
1.පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගියේද පිහිට ලබයි.
2. සතුරන්ට මැඩලිය නොහැක්කේ වේ.
3. ලැබෙන වස්තුව හොරු පැහැර නොගනිත්
4. අන් අය අවමන් නොකරත්
5. සතුරු බලවේග ජයගත හැකිවේ
6. එළිමහනේ ගියේද දැඩි අවුවෙන් තැවුනේ ද දුක් වේදනා නොදැනේ
7. දෙවිමිනිස් දෙගතියෙ කැමතිපරිදි ඇත් වාහන පහළවේ
8. අවසන නිවන් දැකීමටද මේ පින උපකාර වන්නේය.
එබැවින් ඔබත් මෙවැනි උතුම් කුසල කර්ම සිදුකර ගැනීමට අදිටන් කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
.
…. ධර්ම දානය පිණිස …
———————-
muduna pituveni via Facebook Pages http://ift.tt/1GMS4Lf
දිනක් තථාගතයන් වහන්සේ අලුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්: එදින ම මැරී අපායෙහි උපදින්නට සිටින රොඩී මැහැල්ලක් දැක, ඇය ලවා තමන් වහන්සේට වන්දවා ඒ පිනෙන් ඇය ස්වර්ගයට පැමිණවීමේ අදහසින් බික්සඟන පිරිවරා රජගහනුවරට පිඬු සිඟා වැඩි සේක. සැඩොල් ගැහැණිය ද සැරයටියක ආධාරයෙන් පෙර මඟ එනවා තථාගතයන් වහන්සේට මුණගැසිණ. උන්වහන්සේ ඇය ඉදිරියේ නැවතුණු සේක. එහෙත් තමන් වහන්සේට වැඳ පින් සිදුකර ගනුව’යි නො වදාළ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ ගේ අදහස දැන, ඇය ලවා තථාගතයන් වහන්සේට වන්දවනු පිණිස :-
“චණ්ඩාලි වන්ද පාදානි ගොතමස්ස යසස්සිනො,
තවෙව අනුකම්පාය අට්ඨාසි ඉසිසුත්තමො,
අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනි.
ඛිප්පං පඤ්ජලිකා වන්ද පරිත්තං තව ජීවිතං” යි
වදාළ සේක. ඕ තථාගතයන් වහන්සේට වැඳ එදින ම කලුරිය කොට දෙව්ලොව උපන්නා ය.
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ගාථා කී නිසා කසීභාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ භෝජනය ද නො පිළිගත් සේක. සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ ආහාරය ද නො පිළිගත් සේක. තමන් වහන්සේටත් වැඳුම් පිදුම් කරන්නට නියම නො කරන තථාගතයන් වහන්සේ උන් වහන්සේ ගේ පිළිරුව තනා එයට වැඳුම් පිදුම් කරන්නය’යි කෙසේ නම් නියම කරන සේක් ද? නො කරන සේක් ම ය. බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරු බුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන නුමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූ ද, පිරිනිවියා වූ ද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නාහ.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf
1. ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
2. ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
3. අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි
ආක්‍රෝශ කරල සිත රිද්දන්න කෙනෙක් නැතිව සිත රිද්දන වචන තනියම කිව්වට පරුෂ වචන කීමේ අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින් නැතිනම් කෝපයෙන් තොරව පරුෂ වචන කිව්වත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඒත් එහෙම කියල යාළුවන්ට ආදරෙන් කුණු හරැප කියන්න යන්න එපා මොකද කෝපයෙන් තොරව කිව්වත් අහන කෙනා මොන මානසිකත්වයකින් ඒක අහනවද දන්නෙ නෑනෙ. සමහර විටක ඒක යාළුකම් නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.
ආක්‍රෝශ කිරීමේ ආකාර දහය
අක්‍රෝශ කිරීමේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වෙනව. අපි බලමු ඒව මොනවද කියල.
1. ජාතියෙන් අක්‍රෝශ කිරීම.
පහත්යයි සම්මත ජාති ඇති අයෙකුට අවමන් කරන්න රිදවන්න ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීමත්, උසස් යයි සම්මත ජාති ඇති අයෙකුට පහත් ජාතියක නමකින් කතා කිරීමත් පහත් ජාති ඇති කෙනාට අවමන් පිණිස උසස් ජාති ඇති අයට කියන නම් භාවිත කිරීමත් මේ යටතට අයත් වෙනව.
2. නාමයෙන් අක්‍රෝශ කිරීම.
ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල උසස් කොට සලකන පහත් කොට සලකන නොයෙක් ආකාරයෙ නම් තියනවනෙ. පහත් යයි සම්මත නමක් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නම් ගෙන කතා කිරීමත් උසස් කොට සලකන නම් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නමක් කීමත් පහත් නම් ඇති අයෙකුට නිග්‍රහ කරන්න උසස් නමක් ගෙන කතා කිරීමත් මෙයට අයත් වෙනව.
3. ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම.
ගෝත්‍ර කියල කියන්නෙ ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම් වලින් ඇති පරම්පරාවන්. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ කරන්න එම ගෝත්‍රයේ නාමය ගෙන කතා කිරීමත් උසස් යයි සම්මත ගෝත්‍රයේ කෙනෙකුට නින්දා කරන්න පහත් ගෝත්‍ර නාමයක් අරගෙන කතා කිරීමත් පහත් ගෝත්‍රයේ කෙනෙකුට ඉහල ගෝත්‍රයේ නම් ගෙන කතා කිරීමත් මෙයින් අදහස් කරනව.
4. කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම.
ඒ ඒ රටවල් වල උසස් කොට සලකන කර්මාන්ත තියනව පහත් කොට සලකන කර්මාන්ත තියනව. කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද කරන වැනි කර්මාන්ත කරන කෙනෙකුට අවමන් කරන්න ඒවා ගැන සඳහන් කරමින් කතා කිරීමත් වෙළඳාම් ගොවිකම් වැනි උසස් කර්මාන්ත කරන් අයට පහත් කර්මාන්ත කරන අයගේ නමින් කතා කිරීමත් පහත් කර්මාන්ත කරන අයෙකුට අවමන් කරන්න උසස් කර්මාන්තයක් ගෙන කතා කිරීම මෙයට අයත් වෙනව.
5. ශිල්පයෙන් අක්‍රෝශ කිරීම.
වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම වගේ පහත් යයි සම්මත ශිල්පයකින් ජීවත් වන කෙනෙකුට නින්දා කරන්න එම ශිල්පයන්ට අයත් නමින්ම කතා කිරීමත්. උසස් යයි සම්මත ශිල්පයන් කරන අයට අවමන් කරන්න පහත් ශිල්පයන්ට අයිති නම් වලින් කතා කිරීමත් පහත් ශිල්ප කරන අයට උසස් ශිල්ප කරන අයට භාවිතා කරන දොස්තරයා ඉංජිනේරැවා වැනි වදන් භාවිත කිරීමත් මෙයින් අදහස් කරනව.
6. ආබාධයෙන් අක්‍රෝශ කිරීම.
යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට නින්දා කරන්න කබරයා, ලාඳුරැවා, බීරා, තට්ටයා වැනි වචන වලින් කතා කිරීමත් එවැනි අබාධ නැති අයට අපහාස කිරීමට එම වචන යොදා ගැනීමත් මෙයට අයත් වෙනව.
7. ලිංගයෙන් අක්‍රෝශ කිරීම.
කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා, බඩා, තඩියා, නපුංසකයා වශයෙන් ශරීරආකාරයන් ගෙන අනුන්ට අපහාස කිරීම මෙයට අයත් වෙනව
8. ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම.
පෙරේතය, මසුරා, හිවලා, සල්ලාලය යකා ගොනා යන නම් වලින් ඒ තැනැත්තාගේ කෙලෙස් ගැන නැතහොත් ගති ගුණ ගැන සඳහන් කරමින් නින්දා කිරීම මේ යටතට වැටෙනව.
9. ආපත්තියෙන් අක්‍රෝශ කිරීම.
කරපු හරි නොකරපු හරි වරදක් අල්ලගෙන නින්දා කිරීම මෙහිදී විස්තර කරනව.
10. ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම.
ලෝකයේ අනුන්ට රිදවීමට අපහාස කිරීමට පොදුවෙ කියන නොයෙක් වචන තියනවනෙ බූරැව, බල්ල ගෙන් පටන් අරගෙන මවගෙ නිමිත්ත දක්වා යන. එක එක කාලෙට වෙනස් වෙන වචනත් තියනව. ඉතින් ඒවගේ දේවල් කියල කෙනෙකුගෙ හිත රිද්දන එක තමා මෙහිදී අදහස් කරල තියෙන්නෙ. ඒව මෙතන කියන්න බැහැ දන්නෝ දනිති නෙ.
පරුෂ වචනයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය හෙවත් අකුසල් වල කුඩා විශාල බව.
ගුණවත් අයට පරුෂ වචනයෙන් බැණ වැදීමෙන් විශාල අකුසලයක් කරගන්න පුළුවන්. ගුණයෙන් හීන අයට බැණ්නට එච්චර අකුසල් සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන් තමා හා සම වුන අයට බණින කොට හරි නින්දා කරනකොට හරි තමන්තුල කේන්තිය වැඩි නම් විශාල අකුසලයක් සිදුවෙනව. කේන්තිය අඩුනම් අකුසල් අඩුයි. සිදුවන විපාක මුසාවාද අකුසලයේ විපාකයන්ට සමානයි.
▬▬▬▬▬▬▬▬
මුසාවාද අකුසලයේ විපාක
මුසා යනු නො සිදු වූ දැය යි. වාද යනු කීම යි. නො වූවක්, වූයේ යැ යි. නැති දැයක් ඇතැයි අන්හට පිළිගන්වන අදහසින් වචනයෙන් හෝ හිස සෙලැවීම් ආදි නියායෙකින් හෝ ඇඟැවීම මුසාවාදා නමි.
නො සිදු වූවක් බව ය, රවටමි යන අදහස ය, එය ඇඟැවීමට උපක්‍රම ය, අසන්නහු එය පිළිගැන්මය යන අංග සතර ඇති වූ විට මුසාවාද අකුසලය සම්පූර්ණ වේ.
බොරු කීමේ විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස ලැබීම, ලොවට අප්‍රිය වීම් යන ආදිය වේ. මරණින් මතු අපායේ උපදී. ඉන් මිදී මිනිසකු වූ කල්හි මුව දුගඳ වේ ලෙඩ බහුල මුඛය ඇත්තෙක් වේ. දරුවන් නැත්තෙක් වේ. ලබතත් ගැහැණු දරුවන් ම ලබයි.
.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ via Facebook Pages http://ift.tt/1GMS4Lf