Monthly Archives: April 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JFAwTZ
චේතනාව = කර්මය . මේ පින්කම හරියට අන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරන්න කියලා හිතලා පිලිම වහන්සේ නමක් හදලා පින් රැස්කර ගන්නවා. ඇස් තියන අය ඒ පිලිම වහන්සේ විරූපී කියලා අර අන්ධ මිනිසාට බැනලා පව් රැස්කරගන්නවා. නමුත් අර අන්ධ කෙනා සිදුකලේ පිරිසිදු සිතින් චේතනාත්මකව ගෞරව කිරීමක් නිසා ඔහු පිනක්මයි රැස් කරගත්තේ. මේක පින් මේක පව් කියලා මේ ලෝකේ පින් පව් පොතක් තියාගෙන ලකුනූ දාන්න කව්රුත් නැති බවත් ඔබගේ චේතනාවම කර්මය වන බවත් මතක තබා ගන්න. ( පින්කම කරපු අය අන්ධ අය බවක් කිව්ව නෙමේ) නමුත් අන්ධ මනුස්සයා තුළ තිබ්බේ භාග්‍යවතුන් වහන්සේගේ විරූපි රූපයක් හදලා ගරහන අදහස නම් ඔහුට නිරයගාමී පවක් පිරෙනවා.

කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් සෑවහන්සේ නමකට ගෞරව කරනවා කියලා පිරිසිදු චේතනාවෙන්ම හිතාගෙන එම සෑවහන්සේ මතුපිට සුන්දර හිත පහදවන graffiti ඇන්දත් ඔහුට පිනක්මයි සිදුවෙන්නේ.මොකද ඒ මනුස්සයා ගෞරව කරන්න දන්නේ graffiti ඇදලා නිසා. පංචසිඛ වීණාව වයමින් බුදුගුණ දහම් ගුණ සඟගුණ ගැයුවා. ඒ කියන්නේ සින්දුවක් වගේ කිව්වා. ඒ විදිහට ගෞරව කරන එක තමා එයා දන්නේ. නමුත් ගෑනු ළමයෙක් එක්ක යාලු වෙන්න තිසරණය ගැන සිංදු කියන එක ඇත්තටම උසස් වැඩක්ද? මේ තුළින් පංචසිඛට සිදු වුණේ පිනක්ද පවක්ද ? මේවා ගැන ඔබම හිතන්න. චේතනාව = කර්මය ලෙසින් හිතන්න ඕනි අපි.අන්න ඒකයි කිව්වේ පිරිසිදු සිතින් භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරන අදහසින් මේ පින්කම කල අය පින් කරගත්තා. බනින අය පව් පුරෝගන්නවා ඒ අයගේ චේතනාත්මක පිනට ගරහලා,මොකද බනින අයගේ දැක්මට, view එකට, දෘෂ්ටියට පින්කම කරපු අයගේ දෘෂ්ටිය නොගැලපෙන නිසා.

පෙළක් අය පහදීවි.පෙළක් අය අපහදීවි. මෙතන ඇත්තටම පිනක් හෝ පවක් සිදු වන්නේ ඔබගේ චේතනාව මතයි. භාග්‍යවතුන් වහන්සේගේ මහා සෑ වහන්සේට විශාල රෙදි කඤ්චුක වහන්සේ නමක් පලදවලා පූජා කරා වගේම තමා ආලෝක ධාරාවන් ගෙන් සෑවහන්සේ වැසුවාම. මතකනේ මහියන්ගන සෑවහන්සේව රතුපාට කන්චුක වහන්සේ නමකගෙන් වැසුවා. ඒවගේම තමා.නමුත් ඊට වඩා ලේසියි.

මෙතැන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහාගෙන ශ්‍රද්ධාවට පත් වෙලා චිත්ත ප්‍රීතිය ඇති කරගන්න අය පින් රැස් කර ගනීවි . අනිත් අය පව් රැස් කර ගනිවී ද්වේශයෙන් චේතනා පහළ කරලා. මේ පින්කම කරපු අය කරන්න ඇත්තේ ශ්‍රද්ධාවෙන්. ඉතිං ඒ මිනිස්සුන්ට බැනලා පව් පුරෝගන්ට එපා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නා වූ කුටිය සුන්දර වෛවර්ණ රටාවලින් සුන්දර කලා කියා කෙනෙක්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් . තවත් කෙනෙක්ට සෑ වහන්සේව අපිරිසිදු කළා කියලා හිතලා සිත අපිරිසිදු කරගන්ට පුළුවන්.සියලුම සත්වයෝ කර්මය දායාද කරගෙන සිටිති!

තරහ ගිය අයට

ඔබට මහා සෑවහන්සේ මෙලෙසින් වෛවර්ණ රටාවලින් සරසලා තිබෙද්දී පටිඝය ගැටීම ක්‍රියාත්මක වුණා. වෙන කෙනෙකුට ශා ..ලස්සනයිනේ …භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමමයි කියලා සිතිලා හදවත පිනා යාමක් ඇතිවන්න පුලුවන්. ඒ කෙනාට පින රැස් වෙනවා. අද මම මහ සෑවහන්සේගේ මහ මලුව සම්පුර්ණයෙන්ම මීපැණි වලින් වැහුවොත් මිනිස්සු කොහොම බනීවිද? ඒ වගේම සෑ වහන්සේව මුතුවලින් සම්පුර්ණයෙන්ම සරසලා ඒ මුතු පිච්චලා අලු වලින් සෑවහන්සෙගේ හුනු ගෑවොත් කොහොම බනීද? ඔය දේවල් දෙකම අතීතයේ අපේ රජවරු කලා. මිනිස්සු පින් අනුමෝදන් වුනා. මම සංස්කෘතියට අනුකූලව මේ රටා වලින් ඔප දැමීම හරිද හෝ වැරදිද කියන්න නොදනිමි. නමුත් සිදුවී හමාර වුනු පින්කම ගැන සිත පහදවා ගත්තොත් පින් සිදුවන බව කියමි. 2562 කියන්නෙ බුද්ධ වර්ෂ දැක්වීමයි.

මට නම් පෞද්ගලිකව මේ පින්කම දැක්කම සතුටක් උපන්නා. සාදු සාදු කියා අනුමෝදන් වුනා.

— අදහස ඉඳුරුව රවීන්ද්‍ර

මේ පිලිබඳ සාකච්චාවට එක්වන්න -> https://ift.tt/2jeGtMa

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Fr8bxZ
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.

මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.

කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.

බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.

බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමාමහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවැති යමක සාල වෘක්‍ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ ‘අප්පමාදේන සමිපාදේථ’ යනුවෙන් නිවන් සුව ළඟා කර ගැනීම සඳහා අප්‍රමාදිව ක්‍රියා කරන්න’ යයි තම ශ්‍රාවකයනට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයක ය.

සම්බුදුරදුන් දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛිත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනළ කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. මෙවර ලංකාවට වැඩමවූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද වැඩමවා ඒවා පූජණීයත්වයෙන් උසස් තත්ත්වයකට පත් කළහ.

සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පිය රජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත්, එහි දී ශාක්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.

සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩ සිට රෝහිණී නදිය මධ්‍යයේ පිරිණිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.

බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයක ය.

සතුරු බලයන් පරදා බොදු බලයෙන් රට බැබළ වූ දුටුගැමුණු රජු රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරැඹුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

මහා විහාර භික්‍ෂූන් වහන්සේ වසරක් පුරා සපුරන උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවනපෑතිස් රජතුමා ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්ය අභිෂේකය සිදු කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.

අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුදු තෙමඟුල ප්‍රධාන මෙහි දැක් වූ වෙසක් පුන් පොහෝ දිනයන්හි වැදගත් සිදුවීම් සිහියට නගා ගනිමින්, බුදු වදනේ අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්‍රඥාවෙන් සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට සෑම දෙනාම සැදැහැබර ගෞරවයෙන් පිරිපුන්ව අධිෂ්ඨාන කර ගනිමු.

තෙරුවන් සරණයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ධර්මදානය : https://ift.tt/1NO2uXY

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HAFwbP
මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ

ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන්නේ බුරුම ජාතික මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේය. උන් වහන්සේ 1954 දී රැන්ගුන් නුවර දී මහ ජනයා හා ගිනස් ආයතනයේ සාමාජිකයන් ඉදිරියේ ත්‍රිපිටක කෝවිද විභාගය සදහා සම්පූර්ණ ත්‍රිපිටකයේ පිටු 16000 එක දිගට මතකයෙන් සජ්ජායනය කළ සේක. බුරුමයේ භික්ෂූන්ට තනතුරු නම්බුනාම ලැබෙන්නේ රජුන්ට සමීප වීම මගින් නොව විභාග මගිනි. මේ සදහා පළමුව ධර්ම කථික විභාගය සමත් විය යුතුය. ධර්ම කථික විභාගය අසමත් කිසිවෙකුට බණ කීම නීතියෙන් වරදකි. ඉන් පසු විභාග තුනක් පැවැත්වේ. මෙය ඉතා දිගු විභාග වේ. ත්‍රිපිටකය ආශ්‍රයෙන් පැවැත්වෙන මෙම විභාග පඨමග්‍යාන විභාග වේ. මේවාගෙන් ඉහලම ලකුණු ලබන පිරිස ධම්මාචරිය විභාගයට සුදුසුකම් ලබයි. ධම්මාචරිය විභාගය ඉතා අසීරුය. දින නමයක් තිස්සේ පවත්වනු ලබන මෙම විභාග වලින් පාලි භාෂාවේ ඉතා ගැඹුරු ව්‍යාකරණය හා අභිධර්මය පිළිබද හසල දැනුම පරීක්ෂා කරයි. මෙම විභාගය සමත් වන්නේ සහභාගී වන්නන් ගෙන් 3% ට අඩු පිරිසකි.

ධම්මාචරිය විභාගය සමත් වූ වස් 40 පිරිපුන් . ධර්ම විශාරද , ග්‍රන්ථ කාරක , චෝදනා නැති ස්වාමින් වහන්සේලා හට අග්ග මහා පණ්ඩිත යන ගෞරවෝපාධිය බුරුම රජය පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේද එම උපාධිය ලද ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩ සිටි බව ඔබ දන්නවා ඇත.

ධම්මාචරිය විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ අය ත්‍රිපිටක කෝවිද විභාගයට සුදුසුකම් ලබයි.

මෙහිදී සමස්ත ත්‍රිපිටකය. සියලු අටුවා , සියලු ටීකා , සන්න , ගැට පද , ආදිය පිළිබද දැණුම පරීක්ෂා කරන අතර වසර 70 ක් තුළ මෙම විභාගයෙන් සමත්ව ඇත්තේ ස්වාමින් වහන්සේලා 12 දෙනෙක් පමනි. ( මෙම විභාගයට අග්ග මහා පණ්ඩිත උපාධිය ලද ලාංකික ස්වාමින් වහන්සේලා පෙනී සිටි අතර ඔවුන්ගෙන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නා හිමියන් පමණක් මෙහි කොටසක් පමණක් සමත් විය . අන් සියල්ලෝම අසමත් වූහ. ) මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම එය අවසන් කළ ස්වාමින් වහන්සේලා දෙනම අතරින් මිංගුන් සයදේව් හිමි පළමුවැන්නාය. විභාගය සම්පූර්ණ වීමට මුළු ත්‍රිපිටකය කට පාඩමින් කිව යුතුය. ත්‍රිපිටකයෙන් අසන අහඹු ප්‍රශ්න වලට අටුවා ටීකා ගැටපද වලින් ව්‍යාකරණය කරමින් පිළිතුරු දිය යුතුය.

බුරුමයේ පැවති 6 වන ධර්ම සංගායනාවේදි මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.මහා කාශ්‍යප ආසනය දැරීය. තවත් ත්‍රිපිටක ධර වූ මහාසි සයදේව් ස්වාමින් වහන්සේ උපාලි ආසනය දරා ප්‍රශ්න විචාළ අතර මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්හ. මෙතෙක් ඒ දෙනම තරම් ත්‍රිපිටක ධර ස්වාමින් වහන්සේලා ථේරවාද රටවල් හතරේම බිහිවී නැත. එනිසා හත්වන ධර්ම සංගායනාවක් කිරීමට නොහැකිව පවතී.

ධර්ම සංගායනා, විනය සංගායනා සුදුස්සන් කළ යුතු අතර නුසුදුස්සන් විසින් සංගායනා කරන විට ඒවා විහිළුවක් වේ. ඒවා ඉබේම නිෂ්ප්‍රභ වේ. ඒවා සංඝ සන්නිපාත පමණි. දන් වළදා විසිර යා හැකිය. එනිසා ධර්ම සංගායනා කිරීමට නොහැඛි සැබෑ හේතුව ත්‍රිපිටක කෝවිද භික්ෂූන් නැති වීම බව සියල්ලෝම දැන ගනිත්වා.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2r0pMro
ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙලවර වන කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සියළු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහහ්සේ තුළ එක් රැස් ව අවසානයේ ජය ශ්‍රී මහ බෝ මැඬට නා ලොව, බඹ ලොව හා දෙව් ලොව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද අබැටක් පමණකුදු නොනැසී රැස් ව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද, අසූවක් අනුව්‍යංජනයෙන් ද, ව්‍යාමප්‍රභායෙන් ද පිරිපුන් බුදුරුවක් මැවී, සවණක් බුදුරැස් විහිදුවමින්, යමා මහ පෙළහර දක්වන සේක.
දස දහසක් සක්වල දෙවියන් හඬමින් පුදසත්කාර කරත්දී, ශ්‍රී ධාතු ශරීරයෙන් තේජෝ ධාතුව පැන නැගී, ධාතු පරිනිර්වාණය සිදුවන්නේය. එතෙක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ සිටින සේක.

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ –
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වණ්ණමාලීති පතීත නාමං –
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බුහුමානයෙන් නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා….!

————————————
රුවන්මැලි සෑය ගැන ජනප්‍රවාදයේ එන කතා වස්තුවක් පහතින් දැක්වේ.

වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.

දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය.

සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

“ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා” මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් “සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි” අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FfTDRW
වෙසක් දිනය යෙදෙන්නේ මේ සතිය තුලයි (තව දින 2 යි).

මුළු සතිය මුළුල්ලේම පිළිවෙතින් පෙලගැසෙමු. කුසල් අරමුණුම මෙනෙහි කරමු. දෙලොවම එලිය කරන පින් කටයුතුවලම නියැලෙමු.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JkPI8A
== බුදු සසුන බැබළ වු අසූ මහා ශ්‍රාවකයෝ ==

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි.මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි…
මේ භද්‍රකල්ප යේ බුදුවරුන් පස්දෙනෙකු බිහි වන්නේය. කල්පයේ මුලින්ම කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට හතලිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. දෙවනුව කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට තිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. තුන්වෙනුව කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට විසි දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. සතර වෙනුව අප ගෞතම භගා්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. ගෞතම බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ.මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන
ශ්‍රාවක පිරිසක්ද වුහ.එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි.අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.
2. සාරිපුත්ත මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට පමණි.
3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි.
4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ
ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
5. අනුරුද්ධ මහරහතන් වහන්සේ
දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.
6. භද්දිය මහරහතන් වහන්සේ
උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය.
7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.
8. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.
9. මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
10. මහා කච්චායන මහරහතන් වහන්සේ
බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.
11. මහාපන්ථක මහරහතන් වහන්සේ
අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.
12. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
13. සුභූති මහරහතන් වහන්සේ
නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.
14. රේවත මහරහතන් වහන්සේ
ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
15. කංඛාරේවත මහරහතන් වහන්සේ
ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
16. සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේ
පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
17. සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේ
යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
18. සීවලී මහරහතන් වහන්සේ
ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
19. වක්කලී මහරහතන් වහන්සේ
ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
20. රාහුල මහරහතන් වහන්සේ
ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
21. රට්ඨපාල මහරහතන් වහන්සේ
ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ
පළමුවෙන් සලාකගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
23. වංගීස මහරහතන් වහන්සේ
වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
24. උපසේන මහරහතන් වහන්සේ
ප්‍රසාද එලවුණු සුලු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
25. දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ
මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
26. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ
දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
27. මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ
මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
28. කුමා රකස්සප මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ
චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
30. ආනන්ද මහරහතන් වහන්සේ
උපස්ථායකින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.
31. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ
මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
32. කාඵදායි මහරහතන් වහන්සේ
කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.
33. බක්කුල මහරහතන් වහන්සේ
නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
34. සෝභිත මහරහතන් වහන්සේ
පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
35. උපාලි මහරහතන් වහන්සේ
විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
36. නන්දක මහරහතන් වහන්සේ
මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
37. නන්ද මහරහතන් වහන්සේ
ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
38. මහාකප්පින මහරහතන් වහන්සේ
භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
39. සාගත මහරහතන් වහන්සේ
තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
40. මෝඝරාජ මහරහතන් වහන්සේ
රඵ සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
41. රාධ මහරහතන් වහන්සේ
මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
42. නාලක මහරහතන් වහන්සේ
නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහරහතන් වහන්සේලා
43. භද්දිය මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
44. වප්ප මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
45. මහානාම මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
46. අස්සජි මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
47. කිම්බිල මහරහතන් වහන්සේ
ශාක්‍ය වංශික කුමාරයෙකි.කෙතරම් සැප සම්පත් තිපුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.
48. භගු මහරහතන් වහන්සේ
අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.
49. චුන්ද මහරහතන් වහන්සේ
සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ.කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.
50. සේලුදායි (සේල) මහරහතන් වහන්සේ
බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.
51. නාගිත මහරහතන් වහන්සේ
කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය
අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.
52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.
53. කප්ප මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.
54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරනමෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.
55. පෝසාල මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි.පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.
56. පුණ්ණක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.
57. ධෝතක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි
අසා පැවිදිව රහත් වූහ.
58. නන්ද (දුතීය) මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ
කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.
59. අජිත මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.
60. තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ
වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.
61. මෙත්තගු මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන්
පැවිදිව රහත් වූහ.
62. උපසීව මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව
රහත් වූහ.
63. හේමක මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබද
විමසා පැවිදිව රහත් වූහ.
64. භද්‍රාවුධ මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ අතවැසියෙකි.පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන්
මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.
65. උදය මහරහතන් වහන්සේ
සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම
පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.
66. පිංගිය මහරහතන් වහන්සේ
මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරු‍න්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ
හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය.පසුව බාවාරි
ගුරුතුමාට දේශනා කල ධර්හයක් අසා රහත් බව ලැබූහ.
67. මේඝිය මහරහතන් වහන්සේ
කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටුයුතු කළේය.
බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.
68. පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේ
සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා
කර රහත් වූහ.
69. උපවාන මහරහතන් වහන්සේ
ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට
විදර්ශනා වඩා රහත් වූහ.
70. යස මහරහතන් වහන්සේ
පළමුව ධර්මය අසා සෝවාන් වී මව් පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ.බුදු සසුනේ ප්‍රථම තෙරුවන්
සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.
71. විමල මහරහතන් වහන්සේ
බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.
72. සුභාහු මහරහතන් වහන්සේ
ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.
73. පුණ්ණජි මහරහතන් වහන්සේ
පුණ්ණජි මානවකද,යස,විමල,සුභාහු යන මිතුරන් ගිය මගම ගොස් පැවිදිව රහත් වූහ.
74. ගවම්පති මහරහතන් වහන්සේ
යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමාද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ.ඍද්ධි
ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ වූහ.
75. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය.උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහුද
පිරිසත් සමග පැවිදිව රහත් වූහ.
76. ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය.සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු
තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.
77. මහා උදායි මහරහතන් වහන්සේ
කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන්ට නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට
ඇතුලු වී රහත් වූහ.
78. අංගුලිමාල මහරහතන් වහන්සේ
ඇසුරු කලවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ
මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.
(අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)
79. යසෝජ මහරහතන් වහන්සේ
ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ.පසුව කලකිරී පැවිදි විය.විදර්ශනා වඩා රහත්වූහ.
80. සභිය මහරහතන් වහන්සේ
මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි.තරුණ වයසේදී පරිභ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන්
අපසම්පදාව ලබා කෙලෙස් තවන වීර්ය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.
බුදු සසුනේ ස්ථානාන්තර ලාභී තෙරණියෝ,උපාසකයෝ,උපාසිකාවෝ හා බුදු සසුනේ දීර්ඝායුෂ ලාභීන් ගැන විස්තරයක්
මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න..
තෙරුවන් සරණයි…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qWpmlT
මහ බෝසත් කෙනෙකු විසින් ම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතු ය. සිහිනයෙන් වත් ක්‍රෝධය නූපදනා ලෙස ඒවා දියුණු කළ යුතු ය. එසේ කළ කල්හි ප්‍රාණඝාතයෙන් වැළකීම ඉබේම සිදු වේ. පරෝපකාර කිරීමේ අදහස තහවුරු කර ගෙන අනුන් අයත් වස්තුව සර්පයන් සේ ස්පර්ශ නො කළ යුතුය. ලෝභය දුරු කොට අන් සතු වස්තුව කැට කැබිලිති සේ සැලකිය යුතු ය. පරෝපකාරයට සිත නමා ගැනීමෙන් හා ලෝභය දුරුකිරීමෙන් අදත්තාදානයෙන් වැළකීම ඉබේම සිදුවේ.

ගිහිව වෙසෙන බෝසතුන් විසින් පරදාරාවන් මවුවරුන් මෙන් ද, සහෝදරියන් මෙන් ද, සැලකිය යුතු ය. එසේ සලකා පරදාර සේවනයෙන් වැළකිය යුතු ය. පැවිදි බෝසතුන් විසින් කය අශුභ වශයෙන් සලකමින් සප්ත මෛථුනයෙන් හා අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකිය යුතු ය. කථා කිරීමේ දී සත්‍ය වූ ද, ප්‍රයෝජනවත් වූ ද, අනුන්ට ප්‍රිය වන්නා වූ ද, වචන පමණක් ප්‍රමාණ යුක්ත කොට කියන්නට පුරුදු කර ගත යුතු ය. එසේ පුරුදු කර ගැනීමෙන් මෘෂාවාද – පෛශුන්‍ය වචන – පරුෂ වචන කීමෙන් ද වැළකීම ඉබේ ම සිදු වේ. තමාගෙන් දීමට ම මිස අනුන්ගෙන් ගැනීමට නො සිතිය යුතුය. අනුන්ට යහපතක් ම මිස නපුරක් නො සිතිය යුතුය. කම්පල දන්නා නුවණ ඇති කර ගත යුතු ය. ගුණවතුන් භජනය කරන ගුණවතුන් ප්‍රිය කරන කෙනකු විය යුතු ය. මෙසේ සතර අපායට මාර්ගය වන දශ අකුශල කර්ම පථයෙන් වැළකී, ස්වර්ග මෝක්ෂයන්ට මාර්ග වූ දශ කුශල කර්ම පථයට බැස ගත් තැනැත්තා හට පාරමීහු පිරෙති.

ශීලය ඉබේ ම රැකෙන, ඉහත කී ගුණයන් නැත්තා වූ තැනැත්තා හට සිල් රැකීම මහ දුකෙකි. ඔහුට ශීල සමාදානය සිර ගෙයකට හසු වීමක් වැනිය. ඔහු විසින් දුකින් රක්‍ෂා කරන ශීලය දුබල ය. දුකින් සිල් රකින්නා වූ එබඳු පුද්ගලයන් ගේ ශීලය අස්ථිර ය. බිඳෙන සුලු ය. දුසිල් බවට ප්‍රතිපක්ෂ වූ ඉහත කී මෛත්‍රී කරුණාදී ගුණ ඇතිකර ගත් තැනැත්තාට සිල් රැකීමට අපහසුවක් නැත. සිල් රැකීම ඔහුට සුවයෙකි. ශීලය බිඳීම ම ඔහුට දුකෙකි. ඔහුගේ ශීලය ස්ථිරය. ඉබේ ම ඔහුගෙන් සිල් රැකෙන්නේ ය. උසස් ශීලය වනුයේ එබඳු පුද්ගලයාගේ ශීලය ය. ප්‍රාණඝාතාදිය කිරීමේ කැමැත්ත ඇති ව සිට, ශීලය නමැති වැටෙන් නො පැන යා හැකි බව නිසා, දුසිරිතෙන් වළක්නා තැනැත්තාගේ ශීලය හීනය.

ශීලාලංකාරයෙන් විනේය ජනයන් අලංකාර කරනු කැමති මහබෝසතුන් විසින් ද පරම පාරිශුද්ධියට පැමිණෙනු කැමති ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන් විසින් ද ආදියෙහි ම ශීලය පිරිසිදු කරගත යුතු ය.

“කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියංව පුත්තං නයනංව එකකං
තථෙව සීලං අනුරක්ඛ මානකා
සුපෙසලා හොථ සදා සගාරවා”

යන ගාථාවෙන් දැක්වෙන පරිදි කිරල් දෙන ජීවිත පරිත්‍යාගයෙන් බිජු රක්නාක් මෙන් ද, සෙමර මුවා ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රක්නාක් මෙන් ද, එක් පුතු ඇති මව පුතා රක්නාක් මෙන් ද, එක් ඇසක් ඇති තැනැත්තා එය රක්නාක් මෙන්ද පරමාදර ගෞරවයෙන් ශීලය රැකිය යුතු ය. ප්‍රමාදයෙන් සික පදයක් බිඳී ගියහොත් ගිහියන් විසින් මතු ඒ වරද නො කෙරෙමි යි ඉටා ගැනීමෙන් හෝ නැවත ශීලය සමාදන් වීමෙන් හෝ සිල් පිරිසිදු කර ගත යුතු ය. පැවිද්දන් විසින් විනය කර්මාදියෙන් නැවත ශිලය පිරිසිදු කර ගත යුතු ය.

හානභාගිය ශීලය ය, ඨිතිභාගිය ශීලය ය, විසේසභාගිය ශීලය ය, නිබ්බේධභාගිය ශීලය යයි ශීලය සිව් වැදෑරුම් වේ. පිරිහෙන අතට බර වී නැමී තිබෙන ශීලය හානභාගිය ශීලය නමි. තිබෙන සැටියට තිබෙන ශීලය ඨිතිභාගිය ශීල නමි. ධ්‍යානාදී විශේෂයන්ට බර වුණු නැමුණු ශීලය විසේසභාගිය ශීල නමි. ලෝකෝත්තර මාර්ගයට බර වුණු – නැමුණු ශීලය නිබ්බේධභාගිය ශීල නමි.

“යොච සෙවති දුස්සීලෙ සීලවන්තෙ න සෙවති,
වත්ථු වීතික්කමෙ දොසං න පස්සති අවිද්දසු.

මිච්ඡාසංකප්ප බහුලො ඉන්ද්‍රියානි න රක්ඛති.
එවරූපස්ස වෙ සීලං ජායතෙ හානභාගියං”

යමෙක් දුශ්ශීලයන් සේවනය කෙරේ ද, සිල්වතුන් සේවනය නො කෙරේ ද, සිකපද ඉක්මවීමේ දෝශය නො දකී ද, නුවණ නැත්තේ වේ ද, මිථ්‍යා කල්පනා බහුල කොට ඇත්තේ ද, ඉන්ද්‍රියයන් නො රකී ද එබඳු තැනැත්තා ගේ ශීලය ඒකාන්තයෙන් හානභාගිය වන්නේ ය.

“යෙ පනත්තමනො හොති සීලසම්පත්තියා ඉධ, කම්මට්ඨානානුයොගම්හි න උප්පාදෙති මානසං

තුට්ඨස්ස සීලමත්තෙන අඝටන්තස්ස උත්තරිං
තස්ස තං ඨිතිභාගීයං සීලං භවති භික්ඛුනො”

මේ සස්නෙහි යමෙක් තමාගේ ශීලසම්පත්තියෙන් ම සතුටු වේ ද, කර්මස්ථානානු යෝගය ගැන නො සිතා ද ශීලමාත්‍රාදියෙන් සතුටුවන්නා වූ මතු විශේෂයකට පැමිණීමට වෑයම් නො කරන්නා වූ ඒ භික්ෂුව ගේ ශීලය ඨිතිභාගිය වේ.

“සම්පන්න සීලෝ ඝටති සමාධත්ථාය යො පන,
විසෙසභාගියං සීලං හොති ඵතස්ස භික්ඛුනො”

යමෙක් වනාහි ශීලයෙන් සම්පූර්ණ වූයේ සමාධිය පිණිස උත්සාහ කෙරේ ද, ඒ භික්ෂුවගේ ශීලය විසේසභාගිය වේ.

“අතුට්ඨො සීල මත්තෙන නිබ්බිදං යොනුයුඤ්ජති,
හොති නිබ්බෙධ භාගියං සීලමෙතස්ස භික්ඛුනො”

යම් භික්ෂුවක් තෙමේ ශීලමාත්‍රයෙන් සතුටු නො වී විදර්ශනා වැඩීමෙහි යෙදේ ද, ඒ භික්ෂුවගේ ශීලය නිබ්බේධභාගිය ශීලය වේ.

ශීල පාරමිතාව පුරන බෝසතුන් විසින් ශීලය පිළිබඳ වූ මේ ආකාර සතර සලකා සුදුසු සේ පිළිපැදිය යුතුය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Fc4ufv
ඔබත් මෙහෙම වෙනකන්ද බලාගෙන ඉන්නේ.
මරණානුස්සතිය වඩන්න. මරුවා කවදා එයිද දන්නේ නැහැ නේද? අප්‍රමාදීව කුසලයේ නිරත වෙමු

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Hpeggi
යස්ස කායෙන වාචාය, මනසා නත්ථි දුක්කටං;
සංවුතං තීහි ඨානෙහි, තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

ජේතවනාරාමයේදී මහා ප්‍රජාපතී ගෞතමී භික්ෂුණී අරභයා වදාළ ගාථාවකි