Monthly Archives: January 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2UbnbIl
“යුගයේ මහා ධර්ම දානමය පිංකම”

දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්ම චර්‍යාව සුරකිමින් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්‍ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීම හා පිරිසිදු පෙල දහම ලොව පුරා බෙදාහැරීම අරමුණු කරගනිමින් “පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධානයෙන්”, අතිපුජනීය අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා අතිපුජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ 2019 වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිත විභජ්ජවාද ධර්ම සම්භාෂණයේදී උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ඇතුලත් tablet (Ebook Readers) 5000 ක් මහා සංඝරත්නය වෙත බෙදා දීමට අරමුණු කර ඇත. මෙමගින්,

– දුෂ්කර වන සෙනසුන්හී වැඩ සිටිමින් අසූහාරදහසක් ධර්මස්කධය ඇතුලත් ධර්ම ග්‍රන්ථ සියල්ල එකවර පරිශීලනය කිරීමේ අපහසුතා වලකමින්, මුලු ත්‍රිපිටක පොත් වහන්සේම එකම මොහොතක එක් තැනකදීම පරිශීලනය කරන්නට හැකියාව උදාවේ.

– භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය අන්තර්ගත කල Tablet උපකරණය ඉතාමත්ම පහසු ලෙස එහා මෙහා ගෙන යා හැකිවීම.

– ත්‍රිපිටකය ඉතා පහසුවෙන් පරිශීලනය කල හැකි බැවින් ස්වාමීන්වහන්සේලාගේ ත්‍රිපිටක දැනුම වර්ධනයට හේතු පාදක වීම.

– ත්‍රිපිටකය භාවිතා කිරීම සුලභ කිරීම තුලින් අනාගතයේ ශාසන විකුර්තිකයන්ගෙන් අකුරකින් හෝ සිදු විය හැකි හානිය අවම කිරීම.

– මෙම tablet උපකරණය තුල ත්‍රිපිටක app එකට අමතරව වෙනත් කිසිඳු app එකක් download කල නොහැකි වන ලෙස සකසන ලද්දකි.

– හුදෙක් ත්‍රිපිටකය පමණක් පරිශීලනය කල හැකි මෙම tablet පරිඝණකය Camera, Internet පහසුකම් වලින් තොරව නිර්මාණය කරන ලද්දකි.

– ඇස් වලට පහසු දර්ශන තිරයක් භාවිතා කරන හෙයින් පින්වත් ස්වාමින් වහන්සේලාට අපහසුවකින් තොරව ත්‍රිපිටකය බොහෝ වෙලාවක් කියවිය හැකි වීම.

බෙදා දීමට නියමිත tablet උපකරණ ප්‍රමාණය – 5000
එක් tablet එකක් සඳහා ඇස්තමේන්තු ගත මුදල – රු 8000/=
ඔබට හැකි පමණින් දායක විය හැකිය.

ඔබේ පුණ්‍යාධාර පහත ගිණුම් අංකයට බැර කල හැක.
102161004187 – Labunoruwa kanda aranya senasana sanwardhana samithiya
සම්පත් බැංකුව, අනුරාධපුර

ඔබේ මුදල් තැන්පතුවේ රිසිට් පතක photo එකක්, සහ ඔබේ නම සහ ලිපිනය සදහන් කර කරුණාකර thripitaka.pooja@gmail.com වෙත එවන්න ”

සියලුම විමසීම් –
ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනය – 0762541413 / 0772774640
නිමන්ත – 0779455569

ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියල්ලන්ටම ශාස්තෲන් වහන්සේ කොට පිරිනිවන් පෑ සේක. ඒ උතුම් ශාස්තෲන් වහන්සේ එක් දිනක් හෝ අහිංසක ලෝකයාගේ දුක් ගිනි නිවීම පිණිස ජීවමාන කරවීම ගිහි පැවිදි අපගේ පරම යුතුකම වේ. උතුම් මහා සංඝරත්නයට මේ උතුම් පෙළ දහම අනාගතය උදෙසා රැකගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට පරිසරය සකසමින් උන්වහන්සේලාගේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගැනුමට ඉඩහසර සලසමින් අපගේ සංසාර විමුක්තියද සාක්ෂාත් කරගැනුමට මේ කුසල් ශක්තිය පාරමිතාවක් කරගැනුමට අප සියල්ලන්ටම හැකිවේවා…!!!

තෙරුවන් සරණයි….!!!

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2MlOwon
හැකිතාක් share කරන්න

[ සංඝෝපස්ථානය ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මයකි ]
———————————
ත්‍රිකුණාමලය දිස්‌ත්‍රිකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පුල්මුඩේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරළ තීරයට මුහුණලා මෙම සුන්දර ආරණ්‍යය පිහිටා තිබේ.
———————————
විවිධ ප්‍රදේශවලින් පැමිණ තම අධ්‍යාත්මික දියුණුව පමණක්‌ම අරමුණු කරමින් අප්‍රසිද්ධියේ බවුන් වඩන ස්‌වාමීන් වහන්සේලා විශාල පිරිසක් මෙම සෙනසුන්වල භාවනානුයෝගීව වාසය කරති.
———————————
නමුත් අවාසනාවකට මෙන් මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ සිංහල පවුල් අතලොස්‌සක්‌ වන අතර ඔවුන්ද ඉතා දිළිඳු තත්ත්වයක පසුවේ.
———————————
මෙම සෙනසුන් අවට පදිංචිව සිටිනුයේ අන්‍යාගමික පිරිසක්‌ බැවින් සෙනසුනට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලැබෙනුයේ ඉතා අවම මට්‌ටමකිනි.
———————————
දිනකට එක්‌ වේලක පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යැපෙන උන්වහන්සේලාගේ දහවල් දානය සඳහා ඔබට දායක විය හැකි නම් එය උත්තරීතර පුණ්‍යකර්මයක් වනු ඇත.

දැන්ම සම්බන්ධ වෙන්න…. ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න… ඒ උතුම් හිමිවරුන් රැකගැන්ම අපේ පරම යුතුකමකි….

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Mic2m2
බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම, බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම, බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම, ජාතික ආගමික සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය. දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි. එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ. බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු රට පිඬු සිඟා වැඩි ‍සේක.

අනවතත්ත විල් තෙරදී දන් වළඳ සමවත් සුවයෙන් වැඩසිට බුදු ඇසින් ලොව දෙස බැලූ සේක. එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක. ලක්දිවට වඩා හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ විවිධ නගරවල චාරිකා කිරීමට තිබියදී විදේශ චාරිකාවක් ලෙස ලක්දිවට වැඩම කිරීම, ලක්වාසීන් ලද මහා භාග්‍යයකි.

ඌව පළාතේ් බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමට අයත්ම මහියංගනය පිහිටා ඇත. මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව පතුරුවමින් ලක්දිව පහළවූහ. එදා යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක. බුදුසසුනේ අනාගත පැවැත්ම උදෙසා මංපෙත් සොයා දෙමින් දෙව් මිනිස් සිත්සතන් සනසමින් සදහම් අමාවැසි වස්වා සැම සිත් පහන් කළ සේක. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූහ. වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් දෙවියෝ ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් උස විසි රියන් වට ඉන්ද්‍රනීලමය සෑයක් කරවීය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.

ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සර්වඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

මහියංගන විහාරවාසීව සිටි නන්ද තෙරණුවන් තම බෑණනුවන් වූ සංඝබෝධි කුමරු භික්ෂූන් වහන්සේ ඇසුරේ ඇතිදැඩි කර දසරාජ ධර්මය අවබෝධකර දුන් පසු ඔහු රාජාභිෂේකය ලැබුවේ ද මෙම ඓතිහාසික භූමියේදී ය. සිරිසඟබෝ රජු බෝසත් ගතිගුණ ඇති, ඉතා ප්‍රසිද්ධ වූ සිය කැමැත්තෙන් හිස දන් දුන් උතුමෙකි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනයෙන් පසු මගධ රට රජගහනුවර බිම්සර රජුගේ ඇරැයුමක් පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කළේ මසදී ය. බිම්සර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට පූජා කරන ලදී. මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව විය. මෙතැන් පටන් ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.

බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත් අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු. ‘කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු’.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Dlt1ku
සුපින්බර දුරුතු පෝය දිනයක් වේවා.
අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න, බන අහන්න. දවස පිනෙන් පුරවා ගන්න.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2HlNASb
සුනීතගේ කථාව

පෙර බුදුවරුන්ගේ සසුන්වල නිවන් පතා නොයෙක් පින්කම් කළ පුද්ගලයෙක් බුඬශූන්‍යකාලයක දී මිනිස්ලොව කුලගෙයක ඉපද වැඩිවිය පැමිණ බාලජනයන් හා එකතුව සෙල්ලමින් කල් යවන්නේ ගමෙහි පිඩුසිඟා වඩනා පසේබුඳු කෙනෙකුන් දැක ‘ඇඟ සැම තැන වණ සෑදුණු එකකු මෙන් මුළු සිරුර වසා පොරවා ගෙන ඔබ කුමට පිඬු සිඟන්නෙහි ද? මිනිසකු විසින් ගොවිකම් වෙළඳාම් ආදියෙන් දිවි පැවැත්විය යුතු නො වේ ද? ඔබට ඒවා කරන්නට බැරි නම් ගෙවල මලමුත්‍රාදිය ඉවත් කරමින් ගෙවල පිළිකනු ශුඬකිරීමෙන්වත් ජීවත් වන්නය’ යි උන්වහන්සේට අපහාස කෙළේ ය.
ඔහු ඒ පවින් බොහෝ කලක් නරකයෙහි පැසී අවශේෂ කර්මයෙන් මිනිස්ලොව ජාති සිය ගණන් සැඩොල් කුලයෙහි ඉපද අවසානවරට අප බුදුරදුන්ගේ කාලයේ රජගහනුවර සැඩොල් පවුලක උපත ලැබුවේ ය. ඔහු සුනීත නම් විය. ඔහු සෑහෙන පමණට අහාරයකුදු නො ලබමින් නගරයේ කසල ඉවත් කරමින් තමා පහත් කොට සලකන පිළිකුල් කරන සෙස්සන්ට යටහත් බව දක්වමින් වඳිමින් ඉතා දුකින් ජිවත් විය. එහෙත් ඒහිභික්ෂුභාවයෙන් පැවිද්ද ලැබීමට නිසි, රහත්වීමට නිසි, දේව බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබීමට නිසි පින් ඔහුට ඇත්තේ ය. ඒ බව අන්‍යයන් තබා ඔහු ද නොදන්නේ ය.

එක් දිනක මහාකරුණාසමාපත්තියෙන් නැඟී ලොව බලා වරදන්නා වු තථාගතයන් වහන්සේට සුනීත පෙනිණ. ඔහුගේ පුණ්‍ය සම්පත්තිය ද පෙනිණ. තථාගතයන් වහන්සේ ඔහුට පිහිට වනු පිණිස භික්ෂුසංඝයා ද සමඟ රජගහනුවර සුනීත පිරිසිදු කරන විථියට පිඬු සිගා වැඩි සේක. කසළ කදක් කර තබා ගෙන වන සුනීතට පෙර මඟ බුදුරදුන් වඩිනු පෙනිණ. සැමට ම යටත්ව සැමටම අයින් වී යන සුනීතට ලෝකාග්‍ර වු බුදුරදුන් වඩනා කල්හි අයින් වී යාමට තරම් චිත්ත ශක්තියන් නො විණ. බුදුරදුන් මුණ නො ගැසෙන ලෙස පළා යාමට මඟක් ද නො තිබිණ. ඔහු කලබල වී කළ හැකි දෙයක් නැත්තෙන් කසළ කද පසෙක තබා බිත්තියකට හේත්තු වී වැඳ ගෙන සිටියේ ය. තථාගතයන් වහන්සේ ඔහු සමීපයට පැමිණ, ‘සුනීත’ යි අමතා ඔහු ධෛර්‍ය්‍යමත් කොට ‘නුඹට මේ දුක්ඛ ජීවිකාවෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට පැවිදිවන්නට නරකදැ’ යි අසා වදාළ සේක. තථාගතයන් වහන්සේ වචනය අසා සුනීත කිසි කලෙක නො ලැබූ තරම් ප්‍රීතියක් ලබා ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා වැනි අයටත් පැවිද්ද ලැබිය හැකි නම් මා පැවිදි නොවන්නේ කිම්ද? භාග්‍යවතුන් වහන්ස මා පැවිදි කරනු මැනව’ යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ ‘ඒහි භික්ඛු’ යි වදාළ සේක. ඒ වචනයෙන් සුනීත පැවිද්ද හා උපසම්පදාව ලැබ පෙර පිනෙන් පහළ වු සිවුරු හැඳ පොරොවා සියවස් ගත කළ මහතෙර කෙනෙකුන් සේ සුන්දර ශ්‍රමණාකල්පයෙන් තථාගතයන් වහන්සේ සමීපයේ සිටියේ ය.

ඉක්බති තථාගතයන් වහන්සේ සුනීත භික්ෂුව විහාරයට කැඳවා ගෙන ගොස් කමටහන් දුන්හ. හෙතෙමේ විවේකස්ථානයකට එලඹ තථගතයන් වහන්සේ දුන් උපදෙස් අනුව භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා අනතුරු ව විදර්‍ශනා කොට සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියේ ය. රහත් වු සුනීත තෙරුන් වහන්සේ වෙත ශක්‍රයා ද බ්‍රහ්මයෝ ද බොහෝ දෙවියෝ ද පැමිණ,

‘නමො තෙ පුර්සාජඤ්ඤ
නමො තෙ පුරිසුත්තම,
යස්ස තෙ ආසවා ඛීණා,
දක්ඛිණෙය්‍යො’ සි මාරිස’

යනුවෙන් පුරුෂාජානීයයන් වහන්ස, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස, ඔබට නමස්කාර වේවා! නිදුකාණන් වහන්ස, ඔබගේ ආශ්‍රවයෝ ක්ෂය වූහ. ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුසු වූවහුය යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කළෝ ය.
(ථෙරගථා අට්ඨකථා 540)

ඇතැම්හු අතීතයෙහි කළ බොහෝ පව්කම් ඇත්තෝ ද සමහර විට මහත් යස ඉසුරෙන් මහා සම්පත්තියෙන් කල් යවති. ඔවුන්ගේ පව්කම් ඇති බව ඔවුහු ද නො දනිති. සෙස්සෝ ද නො දනිති. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේ චරිත දන්නාහ.
අධිමුක්තිය පස්වන තථාගත බලය විස්තර කිරීමේදී කියැවිණ. අධිමුක්ති දැනීම වෙන ම තථාගත බලයක් ව තිබියදී මේ ඉන්ද්‍රියපරෝපරියත්තඤණයට එය නැවත ඇතුළු කොට දක්වා තිබෙන්නේ ඉන්ද්‍රයයන්ගේ තත්වය අනුව ද අධිමුක්තිය දැනෙන බැවිනි.
ලෝභ දෝස මෝහ මාන දිට්ඨී විචික්ච්ඡා ථින උද්ධච්ච අහිරික අනොත්තප්පය යි ක්ලේශ නම් වු ධර්ම දශයක් ඇත්තේ ය. දූවිල්ල වැටුණ හොත් එයින් ඇස වැසෙන්නාක් මෙන් යමෙකුගේ සන්තානයෙහි රාගාදි කෙලෙසුන් උපදිත හොත් ඒවායින් ඔහුගේ නුවණැස වැසෙන්නේය. එබැවින් කෙලෙසුන්ට දූවිලිය යි ද කියනු ලැබේ. ඇතමුන්ට නිතර කෙලෙස් ඇති නො වේ. ඇති වන කෙලෙස් ද ඝනව ඇති නො වේ. ඔවුහු නුවණැසෙහි කෙලෙස් රජස් අධික ව නැති බැවින් අප්පරජක්ඛ නම් වෙති. ධර්මයෙන් ඈත් ව වෙසෙන සත්පුරුෂ සේවනයක් නැති ව වෙසෙක ඇතැමුන්ට නිතරම කෙලෙස් ඇති වේ. ඇතිවන කෙලෙස් ද ඉතා ඝනව ඇතිවේ. කෙලෙස් දූවිල්ලෙන් වැසී ගිය නුවණැස ඇති ඔවුහු මහාරජක්ඛ නම් වෙති. තථාගතයන් වහන්සේ අල්පරජස්කයන් ද දන්නාහ. මහාරජස්කයන් ද දන්නාහ.

සද්ධින්ද්‍රිය – විරියින්ද්‍රිය – සතිධින්ද්‍රිය – සමාධින්ද්‍රිය – පඤ්ඤින්ද්‍රිය කියා මඟපල ලැබීමට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම පසක් ඇත්තේ ය. නැවත නැවත සේවනය කිරීමෙන් තමන්ගේ සන්තානයෙහි නිතර නිතර ඇති කර ගැනීමෙන් දියුණු කර ගන්නා ලද ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තෝ තික්ඛින්ද්‍රිය නම් වෙති. එසේ ඉන්ද්‍රියයන් දියුණු කර නො ගත්තෝ මුදුන්ද්‍රියයෝ නම් වෙති. තථාගතයන් වහන්සේ තික්ඛින්ද්‍රිය වු ද මුදුන්ද්‍රිය වු ද සත්ත්වයන් දන්නාහ.

යහපත් වු ආශය චරිත අධිමුක්ති ඇත්තා වු අල්ලරජස්ක වු තියුණු ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය ඇත්තා වූ සත්වයෝ ස්වාකාර නම් වෙති. ලාමක වු ආශය අනුශය චරිත අධිමුක්ති ඇත්තා වූ මහාරජස්ක වු නො දියුණූ ඉන්ද්‍රිය ඇත්තා වු සත්වයෝ ද්වාකාර නම් වෙති. තථාගතයන් වහන්සේ ස්වාකාර ඇත්තා වූ ද ද්වාකාර ඇත්තා වු ද සත්ත්වයන් දන්නාහ.

ස්වාකාර ඇත්තා වු සත්ත්වයනට හොඳ නරක තේරුම් කරදීම, ස්කන්ධාදි ගැඹුරු ධර්ම තේරුම් කර දීම පහසු ය. එබැවින් ඔවුහු සුවිඥාප්‍ය නම් වෙති. ද්වාකාර ඇත්තා වු සත්ත්වයනට හොඳ නරක තේරුම් කර දීම, ගැඹුරු ධර්ම තේරුම් කර දීම අපහසු ය. ඔවුහු දුර්විඥාප්‍ය නම් වෙති. තථාගතයන් වහන්සේ සුවිඥාප්‍ය සත්ත්වයන් ද දන්නාහ. දුර්විඥාප්‍ය සත්ත්වයන් ද දන්නාහ.

දහම් ඇසීමෙන් භාවනාවෙහි යෙදීමෙන් වර්තමාන භවයෙහිදී ම මඟපල ලැබීමට සුදුසු පුද්ගලයෝ ද ඇත. ඔවුහු භව්‍ය නම් වෙති. කොතෙක් දහම් ඇසුව ද කෙතෙක් භාවනා කළ ද ඒ භවයේදී මඟපල ලැබිය නො හෙන පුද්ගලයෝ ද ඇත. ඔවුහු අභව්‍ය නම් වෙති.

“යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා කිලෙසාවරණෙන සමන්නාගතා විපාකාවරණෙන සමන්නාගතා අස්සඬා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මේසු සම්මත්තං ඉමෙ තෙ සත්තා අභබ්බා”
(විභඬ්ග පාළි 267)

කර්මාවරණය ඇති, ක්ලේශාවරණය ඇති, විපාකාවරණය ඇති, ශ්‍රඬාව නැති, මඟපල ලැබීමේ ඕනෑකම නැති, නුවණ නැති, කුශලධර්මවිෂයෙහි සම්මත්තනියාම නම් වු ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට සුදුසුකම් නැති සත්ත්වයෝ අභව්‍යයෝය යි එයින් දක්වන ලදී.

මවු මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ලොවුතුරා බුදුන්ගේ ශරිරයෙහි ලේ ඉපදවීම, සංඝයා භේද කිරීම යන දෙවන ජාතියේ විපාක දීමෙහි නියත කර්ම පස අතුරෙන් යම්කිසිවක් කළ පුද්ගලයකුට ඒ ආත්මභාවයේදී මඟපල නො ලැබිය හැකි ය. ඒවා ලෝකෝත්තර මාර්ගය ආවරණය කරන කර්මයෝ ය. කර්මාවරණය යි කියනුයේ ඒ කර්ම පසට ය. නාස්තික අහේතුක අක්‍රිය යන නම් ව්‍යවහාර කරන කර්මය හා කර්මඵලය ප්‍රතික්ෂේප කරන දෘෂ්ටි තුනෙන් යම්කිසි දෘෂ්ටියක් ගෙන සිටින්නහුට ඒ ජාතියේදී මඟපල නො ලැබිය හැකි ය. එය ලෝකෝත්තර මාර්ගය වසන ක්ලේශයෙකි. එබැවින් එය ක්ලේශාවරණ නම් වේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපනුන්ට ඒ ජාතියේදී මගපල නො ලැබිය හැකි ය. ප්‍රතිසන්ධිය කර්ම විපාකයකි. ලෝකෝත්තර මාර්ගය වසන විපාකයක් බැවින් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධිය විපාකාවරණ නම් වේ.

ආවරණය කරන ආනන්තය්‍යීකර්ම නැති, ආවරණය කරන නියත මිථ්‍යාදෘෂ්ටිසංඛ්‍යාත ක්ලේශය නැති, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇති, ශ්‍රඬාව ඇති, බලවත් ජන්දය ඇති, නුවණ ඇති, පෙර පින් ඇති පුද්ගලයෝ ඒ ජාතියේ මඟපල ලැබීමට භව්‍යයෝ ය. සුදුස්සෝ ය. තථාගතයන් වහන්සේ මොවුහු භව්‍යයෝ ය, මොවුහු අභව්‍යයෝ යයි භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නාහ.

අන්‍ය සත්තවයක්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා වූ ද අල්පරජස්ක, මහාරජස්ක, තීක්ෂණේන්ද්‍රිය, මෘද්වින්ද්‍රය, ස්වාකාර, ද්වාකාර, සුවිඥාප්‍ය, දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නා වූ නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණ නම් වු තථාගත බලය ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව : https://goo.gl/3Z3uWk

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2HnbyfC
== ලොව පුරා බුදු දහම ==
ලොව පුරා බෞද්ධයින් මිලියන 500 ක් (ලෝක ජනගහනයෙන් 7%) පමණ මේ වන විට සිටින බවට ලෝක ප්‍රසිද්ධ Pew පර්යේෂණ ආයතනය වාර්තා කරන අතර ඉගැන්වීම් සහ පිළිපැදීම් මූලික කොටගෙන බුදු දහම ප්‍රධාන ආකාර තුනකට ලොව පුරා පැතිරී තිබේ.

1. ථේරවාදී බුදු දහම.
2. මහායාන බුදු දහම.
3. වජ්‍රයාන බුදු දහම.

== ලෝකයේ වැඩිම බෞද්ධයින් වෙසෙන රටවල් ==
ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රට ලෙස චීනය වාර්තා වන අතර livepopulation වෙබ් අඩවියට අනුව මේ වන විට චීනයේ බෞද්ධයින් 249,984,513 ක් වෙසෙන අතර එය චීන ජනගහනයෙන් 18.2% ක් ලෙස සඳහන්.

ලොව දෙවැනි ඉහළම බෞද්ධයින් වෙසෙන රට ලෙස ජපානය සැලකෙන අතර මේ වන විට ජපානයේ බෞද්ධයින් 84,637,025 වාසය කරයි. එය ජපාන ජනගහනයෙන් 66.8% කි.

එම ලයිස්තුවේ තුන්වන තැන උසුලන්නේ වියට්නාමය වන අතර මේ වන විට වියට්නාමයේ බෞද්ධයින් 80,859,275 වාසය කරයි. එය වියට්නාමයේ ජනගහනයෙන් 9.3% කි.

තායිලන්තය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් සිව්වන තැනට පත්ව ඇති අතර මේ වන විට එහි බෞද්ධයින් 60,383,597 ක් වාසය කරයි.

බෞද්ධයින් 50,063,246 ක් වෙසෙන මියන්මාරය හෙවත් බුරුමය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් පස්වන තැනට පත්ව තිබෙන්නේ මුළු ජනගහනයෙන් 89% ක් බෞද්ධ වෙමිනි.

ශ්‍රී ලංකාවට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ පස්වන ස්ථානය වේ. ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණන වෙබ් අඩවියට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ බෞද්ධයින් 14,272,056 ක් වෙසෙන අතර එය ශ්‍රී ලංකා ජනගහනයෙන් 70.1% ක් ලෙස සඳහන්.

== ජනගහනයට සමානුපාතිකව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන රටවල් ==
ජනගහනයට සමානුපාතිකව ලොව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන ප්‍රමුඛ රටවල් 5 පහත පරිදි වන අතර ශ්‍රී ලංකාව එහි පස්වන ස්ථානයේ පසුවෙයි.

1) කාම්බෝජියාව – 96.9%
2) තායිලන්තය – 93.6%
3) මියන්මාරය – 89.0%
4) භූතානය – 75.3%
5) ශ්‍රී ලංකාව – 70.1%

ලොව ප්‍රධාන බෞද්ධ රටවල සිදු කෙරෙන ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් සහ පිළිපැදීම්
== මහායාන බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
චීනය
ජපානය
නේපාලය
භූතානය
වියට්නාමය
තායිවානය
කොරියාව
මැලේසියාව
සිංගප්පූරුව

== ථේරවාදී බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
කාම්බෝජියාව
තායිලන්තය
මියන්මාරය
ශ්‍රී ලංකාව
ලාඕසය

== වජ්‍රයාන බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
ටිබෙටය
මොන්ගෝලියාව

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Cldi3u
ඔබ අත් දෙකම හොඳට තිබිලත් මලක් පූජා කරගන්නේ නැත්තේ ඇයි?
සසරේ දිනක ඔබටත් මෙහෙම වුනා, සසරේ ඉදිරියටත් මෙහෙම වෙයි. අද අදම කුසල් කර ගන්න.