Monthly Archives: May 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3cqjl6V
ශ්‍රී ලංකාව පුරා වෙසෙන ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන සංවිධානාත්මකව විවිධ ආකාරයේ අභූත චෝදනා එල්ල කොට චරිත ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ තැතක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ. නොයෙක් තාක්ෂණික ක්‍රම යොදාගෙන සකස් කරන ලද ව්‍යාජ හඬ පට නිර්නාමික email හරහා යැවීමේ තැතක් ද රහස් පොලිසියට අනාවරණය කිරීමට සුදානම් කර ඇත.

මේ පිළිබඳව අවධානයෙන් සිටින්න!!!!
නිර්මල බුද්ධ භාෂිතය රකින්නා වූ ඒ බුද්ධ පුත්‍රයානන් වහන්සේලා රැක ගැනීම ඔබෙත් මගෙත් වගකීමයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gyL3RX
වතුර බුබුලක් මෙන් හරයක් නැති වේදනා උපාදානස්කන්ධය. – ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය

මහණෙනි, යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දියෙහි දිය බුබුළෙක් හටගන්නේත් වේ ද, නැසෙන්නේත් වේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බුබුළ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පුනපුනා පිරික්සන්නේ ය. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ. හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, දිය බුබුළෙහි හරයක් වන්නේ ද?

මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි වේදනාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් වේදනාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, වේදනායෙහි සාරයක් ඇත්තේ ද?

https://ift.tt/2ZQ7gVI

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZTGc8h
පෙණ පිඬක් මෙන් හරයක් නැති රූප උපාදානස්කන්ධය. – ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය

95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?

මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?

https://ift.tt/2ZQ7gVI

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zuUJMH
කරුණා නිධාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි.

1.ස්වස්තිකය
2.ශ්වේතොත්ඵල
3.රක්තොත්ඵල
4.ශ්වේතපද්ම
5.රක්තපද්ම
6.පූර්ණ පාත්‍ර
7.පූර්ණ ගටය
8.නීලෝඵල
9.නදවට
10.පුන්කලස
11.වල්විදුනා
12.සොවැති
13.සිරිවස
14.පිල්කලජ
15.අවතංස
16.නළල්පට
17.හිමාලවනය
18.මගුල් තොරණ
19.මිණි තොරණ
20..මගුල් කඩුව
21.ප්‍රාසාදය
22.කෛලාස පර්වතය
23.ශ්වේතඡත්‍ර
24.සේසත
25.ස්වර්ණ වාල විජිනි
26.තරාදිය
27.භද්‍රපීඨ
28.චාමර
29.ජම්බුද්දීප
30.පූර්ව විදේහ දිවයින
31.පශ්චිම දිවයින
32.උතුරු කුරු දිවයින
33.කිරි මුහුද
34.යුගන්ධර පර්වතය
35.සප්ත මහා සීදන්ත සාගරය – 1
36.ඊශ්වර පර්වතය
37.සප්ත මහා සීදන්ත සාගරය – 2
38.කුරවික පර්වතය
39.සප්ත මහා සීදන්ත සාගරය – 3
40.සුදර්ශන පර්වතය
41.සප්ත මහා සීදන්ත සාගරය – 4
42.නෙමින්දර පර්වතය
43.සප්ත මහා සීදන්ත සාගරය – 5
44.විනතක පර්වතය
45.සප්ත මහා සීදන්ත සාගරය – 6
46.අශ්ව කර්ණ පර්වතය
47.සප්ත මහා සීදන්ත සාගරය – 7
48.සූර්ය මණ්ඩලය
49.චන්ද්‍ර මණ්ඩලය
50.ධජ
52.ස්වර්ණ මත්ස්‍ය යුගල
53.පතාක
54.වඩමං
55.චක්‍රායුධය
56.දක්ෂිණාවෘත ශ්වේත සංඛ
57.සපිරි වාර සප්ත රත්නයන්
58. 59. 60. 61. 62. 63. 64. 65. චාතුර් මුඛ ස්වර්ණ නෞකා
66.කිමිපුරුෂය
67.කින්නරාංගනාව
68.චක්‍රවර්තී රාජයෝ
69.ස්වර්ණ හංස රාජයෝ
70.කුරවික රාජයා
71.ගරුඬ රාජයා
72.මයුර රාජයා
73.වාසුඛී නාග රාජයා
74.ස්වර්ණ මකර රාජයා
75.සිංහ රාජයා
76.වෘෂභ රාජයා
77.ව්‍යාඝ්‍ර රාජයා
78. වළාහක අශ්ව රාජයා
79.එෙරාවණ නම් හස්ති රාජයා
80.අනවතප්ත විල
81.ඡද්දන්ත විල
82.කර්ණ මුණ්ඩ විල
83.රථකාර විල
84.සිංහ ප්‍රතාප විල
85.මන්දාකිණි විල
86.කුණාල විල
87.චාතුර්මහාරාජික දෙව් ලොව
88.තව්තිසා දෙව්ලොව
89.යාම දෙව්ලොව
90.තුසිත දෙව්ලොව
91.නිම්මාණරති දෙව්ලොව
92.පරනිම්මිත දෙව්ලොව
93.රූපාවචර බ්‍රහ්ම පාරිෂද්‍යා බඹලොව
94.බ්‍රහ්ම පුරෝහිත නම් බඹලොව
95.මහා බ්‍රහ්ම නම් බඹලොව
96.පරිත්තාභ නම් බඹලොව
97.අප්‍රමාණාභ නම් බඹලොව
98.ආභස්සර නම් බඹලොව
99.පරිත්ත සුභ නම් බඹලොව
100.අප්‍රමාණ සුභ නම් බඹලොව
101.සුභකිණ්හ නම් බඹලොව
102.වේහප්ඵල නම් බඹලොව
103.අසඤ්ඤ සත්ත නම් බඹලොව
104.අවිහ නම් බඹලොව
105.අතප්ප නම් බඹලොව
106.සුදස්ස නම් බඹලොව
107.සුදස්සී නම් බඹලොව
108.අකනිට්ඨක නම් බඹලොව

මේ ආදී වශයෙන් සිරිපතුලේ මංගල ලක්ෂණ දෙක බැගින් මංගල ලක්ෂණ 216 කි.

සාදු සාදු සාදු…

තෙරුවන් සරණයි!

උපුටා ගත්තකි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2TyOJJG
_______පත්ත නික්කුජ්ජන කර්මය_______

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවී පුත්‍ර‍යාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.

“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො, භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කෝසති පරිභාසති, භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවේ ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං”

එහි තේරුම මෙසේ ය:

මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.

භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො විසිය හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
බුදුන්ගේ අගුණ කියා ද,
ධර්මයේ අගුණ කියා ද,
සංඝයාගේ අගුණ කියා ද,
මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.

පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.

උපුටාගැනීම : බෞද්ධයාගේ අත්පොතෙන්.
කතෘ : පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3edmmbW
ගිලානෝපස්ථානය පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ මෙම බුද්ධවචනය වරදවා තේරුම් ගෙන සමහර කෙනෙක් ගිලනෝපස්ථානය බුද්ධ උපස්ථානයට සමාන කරති. එහෙත් මෙම දේශනා පාඨයේ නිවැරදි අර්ථය වන්නේ ‘බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව කටයුතු කරන, එයට ගරු කරන, බුදුරජාණන් වහන්සේට අවවාද පිළිගැනීම් වශයෙන් උවටැන් කරන යම් කෙනෙක් වේ නම්, හෙතෙමේ ගිලානෝපස්ථානය කළ යුතු බව’ යි.
ඒ බව සමන්තපාසාදිකා විනයාර්ථකථාව මෙසේ අර්ථ දක්වයි.
“යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනීකරණෙන උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය’ මම ඔවාදකාරකෙන ගිලානො උපට්ඨාතබ්බොති අයමෙවෙත්ථ අත්ථො. භගවතො ච ගිලානස්ස ච උපට්ඨානං එකසදිසන්ති එවං පනෙත්ථ අත්ථො න ගහෙතබ්බො.”
‘යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය ඉති, යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය” සො ගිලානං උපට්ඨහෙය්‍ය’ යනු; යො, යමෙක්; ඔවාදානුසාසනීකරණෙන, අවවාද අනුශාසනා ඉටු කිරීම් වශයෙන්; මං උපට්ඨහෙය්‍ය, මට උවටැන් කරන්නේ නම්; සො, හෙතෙමේ; ගිලානං උපට්ඨහෙය්‍ය, ගිලානෝපස්ථානය කරන්නේ ය. මම ඔවාදකාරකෙන, මගේ අවවාදය ඉටු කරන්නා විසින්; ගිලානො උපට්ඨාතබ්බො ඉති, ගිලනාට උවටැන් කළ යුතු යැයි; එත්ථ, මෙම දේශනාවෙහි; අයං එව අත්ථො, මේ අර්ථය ම ය. භගවතො ච, භාග්‍යවතුන් වහන්සේට ද; ගිලානස්ස ච, ගිලනාට ද; උපට්ඨානං, උවටැන් කිරීම; එකසදිසං ඉති, එක සමාන යැයි; එවං පන, මෙසේ වනාහි; එත්ථ, මේ දේශනා පාඨයෙහි; අත්ථො, අර්ථය; න ගහෙතබ්බො, නො ගත යුතු ය.’
එබැවින් භාග්‍යවතුන් වහන්සේට කරන උපස්ථානය ගිලානෝපස්ථානයට සමාන කිරීම බුද්ධ දේශනය වරදවා ගැනීමකි. අනන්ත ගුණයෙන් සමන්වාගත බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය, බුද්ධ පූජාව තරම් වටිනා අන් කිසිදු පූජාවක් නැත්තේම ය.