Monthly Archives: August 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gsWmdg
සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය.

අපි අකමැති දෙයක් ඇසුණා දුටුවා යැයි සිතමු. එවිට නිරායාසයෙන් සිතට තරහක් එයි. ඒ පුද්ගලයා ගැන නොරිස්සීමක් හටගනී
කෙළවරක් නැති සිතිවිලිවල පැටළෙමින් අකුසලය රැස්වන්නේ නොදැනුවත්වමය

රූපවාහිනි නාට්‍ය,සංගීත, ගමන් බිමන් මැද අපට මේ සත්‍යය නොදැනුවත්වම වැසී යන්නේ සිහි නැතිකම නිසාමය

සිත දියුණු තියුණු කරවන දේවල් නොව, කෙලෙස් ආගාධයේ ගිලෙමින් තව තවත් සිත මොට කරවන අරමුණු වැහි වැහැලාය..

රූපවාහින්යේ ප්‍රවෘත්ති විකාශයක් බැලූ විට කොතෙක් නම් හිස් ලෝකයක, හිස් අරමුණුවල මිනිසා ගිළී ඇද්දැයි සිතේ. චන්ද ව්‍යාපාර, මිනී මැරුම්, සොරකම්, අනතුරු, අපරාධ,ලෙඩ රෝග, ස්ත්‍රී ළමා දූෂණ ආදී කෙළවරක් නැති ඒ පුවත් සිහිය නැතිකරන්නේය

මොහොතක් තුල ඔබ සිතේ ජනිත වන ( උපදින)කෙලෙස් සිතිවිලි කල්ප ගණනකට දුකින් පිරුනු සසර සාදන්නේය.

උතුම් දුර්ලභ මනුස්ස ජීවීතයේ ගතවී ගෙවෙන තත්පරයද අහක දැමිය යුතු නොවේ.
මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයකි.
අද පවතින දේ හෙට පවත්නේ නැත.
එක මොහොතක් අපතේ හරින්නට වේලාවක් නොවේ.. ඒ අප්‍රමාදී බව සෑම මොහොතකම මෙනෙහි( සිහි) කරන්න..

සිත මුලාකරවන කෝටියක් දේවල් අතර, සිත හරි මඟට ගෙන්වන දේ අති දුර්ලභ බව නිතර හිතන්න. එය ඉදිරියට තව තවත් දුලභ වෙනවා හැරෙන්නට…
සුලභ නම් නොවනු ඇත…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3aSpSYS
පූජ්‍ය සද්ධානන්‍ද ස්වාමීන් වහන්සේව අමතන්න. 071 4141869

* මහව අස්ගිරිපව්ව ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනය (Google Map)👇
https://ift.tt/3giL5w9

ස්වාමීන් වහන්සේට කතා කරල තීරනය කරන්න වෙයි…තව උදව් කරන අය හිටියොත් ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන අහගෙන…එයාලත් එක්කම කල හැකි වේවි…එතකොට තවත් පහසු වෙයි…

සැක වගේ නම් කවුරු හෝ යවල සොයා බැලිය හැක…
ඔයාලට හැකිනම් බොහොම වටිනව වගේ පිං…
ගොඩක්ම තියෙන තැනටම ලැබෙනව මිසක නැති තැනට කිසිවක් නෑ…
අරණෙ තත්වෙ දතහැකි එහි දින 2 හෝ 3ක් ඉදල බැලුවනම්…. පායන කාලෙට සියලු ගස්කොලන් වියලී යයි..ලිඳ සිඳීයයි..(එය දැන් ආරම්භවීඇත)මේ සෑම කුටියකම වහලය බොහොම පහත් ඒකත් හේතුවක්…

සියලු දෙනා එකතු වී මේ ආරණ්‍යයේ කුටි ටික හදා දෙමු. ස්වාමීන් වහන්සේලා මුදල් භාවිතා නොකරන නිසා…හොරුන්ගෙන් ප්‍රවේසම් වීම වටී…(සෑම දේ ගැනම දායක පිරිස හා..
ස්වාමීන් වහන්සේ දැනගන්නා පරිදි විවෘතව කරන්න…)
තෙරුවන් සරණයි…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30VKf3H
…..ගලිගමුවේ ඤාණදීප හිමි. …….. අවුරුදු දහයක් විතර මම බණ කිව්වෙ හරිම අමාරුවෙන් මට පෙනහලු වල දිගු හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ ඇදුම රෝගය. බණට යන්න කලින් නෙබියුලයිස් කරනවා. ඉන්හේලර් දෙකතුනක් තියාගෙන බණ කිව්වෙ. බණ කියද්දී හුස්ම රදවගන්න අමාරුයි නවත්තගන්න බැරි කැස්සක් එනවා. සමහර දවස්වලට පැයක් බණ කියල ඉවරවෙද්දී පපුව හිරිවැටිල. ඉස්සර මම මාස තුන හතරකට සැරයක් රෝහල් ගතවෙනවා හුස්ම ගැනීමේ අපහසුව නිසා. අමාරුවෙන් හුස්ම පාලනය කරමින් බණ කියල බණ ඉවරවෙලා සිහිනැතිව වැටිලත් තියනව.

ඒ කර්මයට මම අභියෝග කලේ “සීල සුව අරණ” හදල. ගිලන් භික්ෂූන්ට අද මම නොමිලේ ප්‍රථිකාර කරන අංගසම්පූර්ණ රෝහලක් බදු මධ්‍යස්ථානයක් ඉතාදුක් මහන්සි වෙලා ගොඩනැගුව. අද නේවාසිකව 35 නමක් විතර ගිලන් භික්ෂූන් ප්‍රථිකාර ලබනව. ගිලන්රථ සහ හතලිස් දෙනෙක් පමණ රෝහල් කාර්ය මණ්ඩලයක් මගේ යටතේ අද සේවය කරනවා. ආයුර්වේද පංචකර්ම ප්‍රථිකාර ක්‍රම බටහිර ප්‍රථිකාර දෙකම සිදුකරනව. ඊට අමතරව මම රෝහල් රැසකට වෛද්‍ය උපකරණ රෝහල් ඇදන් බෙහෙත් වාර්ෂිකව පරිත්‍යාග කරනවා.

නිරෝගී භික්ෂූන් අතර අගතැන්පත් බක්කුල මහරහතන්වහන්සේ නාමයෙන් දෙව් මිනිස් ලෝකයාට අඩි 130 උස චෛත්‍යයක් මම ඉදිකරගෙන යනව. ඒ කර්මයත් මම ජයගත්තා දැන් මට බණකියද්දි ඒ අපහසුතා කිසිවක් නැහැ. දිට්ඨධම්මවේදනීය පිනම තමයි.
අකුසල කර්ම විපාක බලවත් නම් කොච්චර බෙහෙත් බීවත් ලෙඩ හොදවෙන්නෙ නැහැ. හොඳ වෙද්‍යවරු වෙලාවට මුණගැසීමත් පිනක වෙස් වලාගත් ආශිර්වාදයක්.

හිටපු සේනාසන වලින් මාව එලියට දැමීම. ඉන්න ආයතනයක් නැතිව සිවුරු පාත්තර අරගෙන ආරණ්‍ය ගානෙ ඇවිද්ද. පංසල් වලින් ආරණ්‍ය වලින් මාව බාරගත්තේ නැහැ. කුලියට පුංචිගෙයක් අරගෙන තනියම බණකියමින් අවුරුදු තුනහතරක් ටික ටික ආයෙ උස්සහයෙන් නැගිට්ට. දානයක් නැතිව දවසම බඩගින්නේ හිටපු දවස් අනන්තයි. මට කියල ආයතනයක් හදාගන්නෙ නැතිව ඒ අමාරුම කාලෙ බණ කියද්දී ලැබුණු දහම් පරිශ්කාර මුදල් වලින් ගෙදර ගිනිඅරගෙන ඉන්නතැනක් නැතිව සොහොනක හිටපු පවුලකට ගෙයක් හදල දුන්න. අදවෙද්දි මම අසරණ පවුල් වලට ගෙවල් විස්සක් විතර හදල පරිත්‍යාග කරල තියනවා. ඒ පිං වල දිටඨධම්මවේදනීය විපාක අද මට ලැබෙනවා.
නිවන් දකිනකම් සිව්පසයෙන් මට ආයෙ අඩුවක් නම් වෙන්නෙ නැහැ කියල මට ලොකු විශ්වාසයක් තියනවා.

අද මාධ්‍යවල බණකියන ගොඩක් ප්‍රසිද්ධ තරැණ ස්වාමීන්වහන්සේලාට දක්ෂතා මතුකරගෙන ඉදිරියට යන්න මම උදව්කරල තියනවා. ඉගනගන්න පාසල් දරැවන් දසදහස් ගනනකට මම උදව්කරල තියනවා. Colombo Tv මෙත් සදහම් විකාශය තුළින් ගොඩක් දක්ෂ ධර්ම දේශකයන් වහන්සේලාට ඉදිරියට යන්න මම අවස්ථාව හදල දීල තියනවා. දක්ෂයන්ට ඊරිසියා කරල කුහකකම් කරල ඉදිරියට යන්න බැහැ. ඒ විපාක තමන් කරා එනවා. මේ වෙද්දී මම රටවල් තිහකට පමණ වැඩම කරල ධර්ම දේශනා කරල තියනව. අද මා තුල දහම් දැණුමක් තියනවනම් , ධර්ම දේශනා කිරීමේ කුසලතාවයක් තියනව නම් ඒ මම වපුරපු අස්වැන්න. මම කවදාවත් බණකියද්දි අනුන් විවේචනය කරන්නෙ නැහැ. කාවවත් පහත් කරන්නෙ නැහැ. මගේ බණක් නිසා කිසිවෙකුගේ සිතක් නොරිදේවා කියන අදහසින් මම බණ කියන්නේ.

ඔය කිව්වෙ මම කර්මවිපාක වලට පිනෙන් අභියෝග කල ටිකක් විතරයි.

කරැමෙ. කරැමෙ කිය කියා ඉන්නෙ නැතිව. හැදෙන කෙනෙකුට මේ ටික හොදටම ඇති. වැටිච්ච තැනින් නැගිටින්න. කර්මයට අභියෝග කරන්න. ගොඩක් අය අද අපේ බණ ඇහුවට අපි කල කැපකිරීම් දශමයක්වත් දන්නෙ නැහැ.

ගලිගමුවේ ඤාණදීප හිමි.උපුටා ගැනීමක්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XMMCEk
පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් යනු අප රටේ පහලවූ චිරප්‍රසිද්ධ ධර්ම කථික ධර්ම දේශකයන් වහන්සේ නමකි. රජ මැදුරේ සිට හැම දෙනාටම දහම් දෙසූ හිමිනමකි.
පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් රෝගීව සිටින වීඩියෝපටයක් ඊයේ මා දුටුවෙමි. උන්වහන්සේට අගෞරවයක් වේ යන අදහසින් මා එය අපගේ පේජ් එකේ නොදැමුවත් මේ වන විට එය සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී. එය දුටු විගස උන්වහන්සේ පිලිබද සොයාබලා කල හැකි යමක් කිරීමට මා ද කිහිප දෙනෙකුට දැන්වුයෙමි.

සැබවින්ම එම වීඩියෝ පටය දැක මා ද අතිශයින් කම්පනයට පත්වුනෙමි. අප අප්‍රමාදීව කුසල් වැඩිය යුතුම ය. එක මොහොතකින් කෙනෙකු අසරණ විය හැක.
ලෙඩවීම කාටත් පොදු ධර්ම තාවයකි. අද උන්වහන්සේට හෙට මට ද ඔය ඉරනම අත්විය හැක.

අප කල යුත්තේ හැකිවිගස වගකිවයුතු අය ඉදිරිපත්ව උන්වහන්සේව විදේශ රටක හෝ දක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරීමය.

මෙය අපගේ වෛද්‍ය වරැන් අවතක්සේරු කිරීමක් නොව අප රටට වඩා ඉතා දියුණු වෙද්‍ය උපකරණ වටිනා ඖෂධ දියුණු රට වල ඇත. අප රටේ බොහෝ දනය ඇති දේශපාලකයන් පවා ජනාධිපති අරමුදලෙන් මුදල් ගෙන සිංගප්පූරු ප්‍රතිකාර ලබන අයුරු ඔබ දැක ඇත. ඔලුවට වෙඩි කිහිපයක් වැදුණු පුද්ගලයන් පවා අද සිංගප්පූරු රෝහලේ ප්‍රථිකාර ලබා සුවවී සිටිති. උන්වහන්සේගේ ඔලුවේ සිදු කල ශල්‍යකර්මය පිලිබඳ මා කිසිවක් නොදන්නා නිසා ඒ පිලිබද බුද්ධශාසන අමාත්‍යාංශයට හෝ මැදිහත්ව කල හැකි වැඩිදුර ප්‍රථිකාර පිලිබඳ සොයාබලන මෙන් කාරැණිකව දන්වමි.

මොකද ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාට වගකීම ගෙන ප්‍රථිකාර පිණිස යමෙකු ඉදිරිපත් වීමට භියක් දක්වයි. එය මම ද අත්දැක ඇත. “ප්‍රසිද්ධ අයට බෙහෙත් දීම ලොකු අවදානමක්. කවුරු හරි වෛද්‍ය වරයාගේ අත්වැරැද්දක් කියල කීවොත් අපේ ජීවිතත් අනතුරේ” කියල. සමහර හිතවත් වෙද්‍යවරු අපසමග ඇතැම් අවස්ථා වල පවසා ඇත.
ඇතැම් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ගිලන් අවස්ථා වල උන්වහන්සේලාට අවංකව ප්‍රථිකාර කිරීමට ඉදිරිපත් වූ හිතවත් දායකයන්ට පවා පසුව චෝදනා ලබන්නට සිදුවූ අත් දැකීම් අපරටේ දැනුවත්ව ඇත. එම නිසා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා. වගකිවයුතු නිකායේ මහානායක හිමිවරුන්. දායකසභාවල පිංවතුන් සමග සාකච්ඡා කොට බලධාරීන් ලවා සුදුසු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමුකරන මෙන් වගකිවයුත්තන් ගෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.

අප ද කල පිං බලයෙන්. තුණුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන්. බක්කුල මහ රහතන්වහන්සේගේ අනන්ත ගුණ බලයෙන්. බක්කුල මහ සෑ සමිදු පිහිටෙන් නිදුක් නීරෝඝී දීර්ඝායුෂ ලැබේවා !!!….

—-
විචිත්‍ර ධර්ම කථික ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ.