Monthly Archives: July 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KaneRa
තෙරුවන් සරණයි !

පිංවත් මිතුරනි,

පන්නිපිටිය, බෝධිචිත්තෝපකාර විවේක සෙනසුනෙහි අප පිංවත් කඩවත සමින්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත මනරම් චෛත්‍යයක් සහ ධාතු මන්දිරයක් (ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේලා, අස්ථි ධාතූන් වහන්සේලා සහ මහ රහතන් වහන්සේලා 16 නමකගේ ධාතූන් වහන්සේලා මෙහි තැන්පත් කරනු ලැබේ.) ධර්ම ශාලා ගොඩනැගිලෙහි ඉහළ මාලයේ ඉදිකිරීම සදහා මේවන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේවන විට ඉහල මාලයේ ස්ලැබ් එකේ කොටසක් සකස් කර ඇතිඅතර ඉතිරි වැඩකටයුතු සදහා පිංවත් මිතුරන් හට හැකි අයුරින් දායකත්වය ලබා දිය හැක.

මේ දුලබ පිංකම සදහා දළ වශයෙන් අවශ්‍ය වන භාණ්ඩ ලැයිස්තුව මෙසේය :-

සිමෙන්ති කොට්ට 650
ගල් කියුබ් 14
වැලි කියුබ් 36
3/4 ගල් ක්‍යුබ් 32
1/4 කම්බි 350
12mm කම්බි 480
16mm කම්බි 156
2″×2″ දැල් 72

දල වශයෙන් 2019.07.01 දිනට ද්‍රව්‍යය මිල ගනන් මෙසේය :-

සිමෙන්ති කොට්ටයක්= රු.1,100/=
ගල් කියුබ් 01= රු.7,000/=
වැලි කියුබ් 01= රු.18,000/=
1/4 කම්බි 01= රු.160/=
12mm කම්බි 01= රු.750/=
16mm කම්බි 01= රු.1,450/=
2×2 දැලක්= රු. 4,500/=

මේ දුලබ පිංකම සදහා පිං කැමති මිතුරන් හට තම තමන්ට හැකි අයුරින් දායකත්වය ලබා දිය හැක.

විමසීම් :- 0777316471 , 761271885 , 718998206

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZjJwq3
🌼 නටුවෙන් ගිලිහීගිය මල් අටක් පූජා කිරීමෙන් ලද සැපත 🌼

මේ මහා භද්‍ර කල්පයෙහි අප ගෞතම බුදු රජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණමය චෛත්‍යයක් කළහ. ඒ චෛත්‍යට පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝද දනව් වැස්සෝ ද නිතිපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය.

එක් දවසක් උපාසකයෙක් මල් සොයන පිණිස මාලාකාර වීදියේ ඇවිද ඒත් කහවණුකට එක බැගිනුදු මල් සොයාගත නොහැකිව කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේ ය. ඔහු එහි ගොස් “මේ කහවණු අට ට මල් අටක් හෝ දෙවයි” කීහ. “මල් සියල්ල නෙලා දී දැන් අවසන් ය” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයාගන්නෙමි “යි කී ය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යෑයි මල්කරු කීය.

උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නටයි කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙන් ය. ඒ නිසා මේවට මම මුදලක් නොගනිමි” මල්කරු කීය.

“මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමියි” කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් සිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව උපයන. තුන්කෝටි හැට ලක්ෂයක් අවුරුදු ආයුෂ ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේය. මෙසේ නැවත නැවත දෙව්ලොව ම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.

දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක් මහත් වූ ස්වේත හස්තිරාජයෙකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳමෙන් හිරු මෙන් දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහසේ ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ.

දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිනම් කුසලයකින් දැයි විචාළසේ ක. එ කල්හි දෙව්පුත් –

“හිමියනි මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට නටුවෙන් ගිලිහී වැටුණු මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇති වූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජන ආදී වස්තූන් මට ඒ පිනෙන් පහළ වන්නා හ.” යි කීය.

(විමාන වත්ථු අටුවාවෙනි)

රේරුකානේ චන්දවිමල චන්ද්‍රවිමල හිමියන්ගේ පුණ්‍යෝපදේශය පොතෙන් උපුටා ගැණුනි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32Vd6Eo
කවුරුන් ද මේ නාගයෝ…?

අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව‍්‍ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන යෝධ ශරීරයන් ඇති සත්වයන් ගැන යම් යම් අවස්ථාවන්වල වාර්ථා වී තිබුණි.

සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි.

වරෙක ප‍්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු මේ සත්වයාගේ ඡායාරූපයක් ගන්නට සමත් වූහ. මහ සයුර මැද ගල්වැටියකට බර දී සිටි දැවැන්ත සත්වයා දෙස දුරදක්නයෙන් බැලූ ඔවුහු ගොඩබිම වෙසෙනා නාගයෙකුගේ ස්වරූපය ම සහිත පළල් වූ පෙන ගොබය, දිදුලන නෙත් සඟල, ලා රතුවන් මුඛය, තියුණු උල් දත්, සහ කළු සුදුවන් විශාල සිරුර පැහැදිලි ව දැක ගත්හ. අඩක් පමණ ජලයෙහි ගිලී ගත් සිරුරේ දිග අඩි සියය ඉක්මවන්නට ඇති බව ඔවුන්ගේ නිගමනය විය.

සබ්මැරීන උපකාරයෙන් මරියානා ආගාධය අසල ගවේෂණයක නියැළුන තවත් පිරිසක් කැමරා තුළින් දුටුවේ සාගර පත්ලෙහි අඩි 200 -250ක් පමණ වූ ආලෝක ධාරා විහිදුවන උරගයෙකු සිටින බව ය. සැණෙකින් එම ආලෝකය නිවී ගිය අතර සාගර පතුලේ මහා කැළඹීමක් ඇති කරවමින් උරගයා සැණින් නො පෙනී ගියේ ය.

මෙවන් වූ වාර්ථා ගණනාවක් නිසා විද්‍යාඥයින් සරණ ගිය වත්මන් ලෝකය අවසානයේ පැමිණි නිගමනය වූයේ මේ සත්වයා කිසිසේත් ම මිනිස් ග‍්‍රහණයට හසු කර ගත නො හැකි, පියවි ඇසට පෙනුන ද මොහොතින් නො පෙනී යන, මහ සයුරේ සිරස් සහ තිරස් අතට සැණෙකින් කිමිදිය හැකි, ශබ්දයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කරන අද්භූත ජීවියෙකු බව ය.

ලොවට අබිරහසක් වූ මේ මුහුදු නාගයන් අපට සිහිපත් කළේ දෙදහස් හයසිය වසරකට එපිට ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ ඉස්මතු වූ, අප නො දකිනා ලොවෙහි අසිරිමත් හෙළිදරව්වයි.

බුදු සසුනට නාගයන් යනු ආගන්තුක ජීවි කොටසක් නම් නො වේ.

‘‘ආකාසට්ඨා ච භුම්මට්ටා – දේවා නාගා මහිද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං”

මෙලෙසින් අහසේ ද පොළවේ ද වෙසෙන්නා වූ දෙවියන්ටත්, නාගයන්ටත් පුණ්‍යානුමෝදනා කොට සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සුරක්ෂිත කරවන්නට යැයි පැවසීම ඇරඹුණේ ද මෑතක දී නො වේ. සම්බුදු සසුන හා සබැඳි දේව පිරිසක් සේ ම නාග පිරිසක් ද වෙසෙන බව අපි දන්නෙමු. එසේ ම සම්බුදු සසුනට නම් නාගයන් යනු හුදු සංකල්පයක් හෝ මනුෂ්‍ය ගෝත‍්‍රයක් හෝ නො වේ.

පෙනෙනා නාගයෝ සහ දන්නා නාගයෝ…

අප පියවි ඇසින් දකින්නේ උරග ගණයට අයත්, උග‍්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැලකෙන නාගයන් ය. පියවි ඇසට පෙනෙනා මේ නාගයන් හැරුණු කොට අප දන්නා නාගයන් සියල්ලන් ම අපට හමු වන්නේ බුදු දහම තුළ ය.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අපි අසා ඇත්තෙමු. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යන වග පැවසුවේ ලූ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ඉක්ම ගිය සයවන සතිය මුචලින්ද නාග දරණය තුළ ගත කළ බව ද අපි අසා ඇත්තෙමු. මහා වර්ෂාවන්ගෙන් සහ සුළෙඟන් ද මැසි මදුරුවන්ගෙන් ද සර්පයන්ගෙන් ද තථාගතයන් වහන්සේට උවදුරක් නො වනු පිණිස මුචලින්ද නා රජු සම්බුදු සිරුර වටා දරණ ගසා සම්බුදු ශීර්ෂයට ඉහළින් පෙන ගොබය නගාගෙන සතිය පුරාවට ම රැඳී සිටියේ ය. සතිය අවසන දරණ පට ලෙහා දමා සුන්දර වූ ශරීරයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මිනිස් වේශයෙන් පෙනී සිටියේ ය.

(ඛුද්දක නිකාය – උදාන පාලි)

භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළ වී දැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට උපක‍්‍රමයක් ලෙස සිය අභිරූමත් දියණියට ගීයක් උගන්වා අඩ මසකට වරක් උපෝසථ දිනයේ බරණැස ගංගා නදිය අසල තම පෙන ගොබය මත මිනිස් වෙසින් ඇය හිඳුවා ඇගේ ගීයට ප‍්‍රතිගීයක් ගයන්නෙකුට මහත් වස්තුව ද සමඟ ඇයව සරණපාවා දෙන බව ප‍්‍රසිද්ධ කළේ ඒරකපත‍්‍ර නා රජු ය. අවසන ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියේ ය.

තවත් අප දන්නා නාගයෙකු වන්නේ ඍද්ධිමත් වූ නන්දෝපනන්ද ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන දෙව්ලොවට වැඩි මොහොතේ පා දුවිලි වැටීම නිසා කිපී මහාමේරු පර්වතය සිය පෙන ගොබයෙන් වසා ගත් ඒ නා රජු දමනය කළේ මහා ඍද්ධි ඇත්තා වූ බුද්ධ පුත‍්‍ර මොග්ගල්ලානයන් වහන්සේ ය.

වරෙක අනුරුද්ධ මහ රහතන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට පිළියම් ලෙස අනවතප්ත විලෙන් පැන් ගෙන ඒමට වැඩි සත් හැවිරිදි වූ සුමන සාමණේරයන් වහන්සේට පැන් ගනු නො හැකි වන ලෙස විල වසා පෙණගොබය නගා ගත්තේ පන්ථක නා රජු ය. නමුත් සාමණේරයෝ පෙනය ඉවත් කර පැන් රැගෙන වැඩි සේක.

ශ‍්‍රද්ධාවන්ත වූ නාගයෙකු මිනිස් වෙස් ගෙන බුදු සසුනෙහි පැවිදි වූ බවත්, නින්දේ දී සැබෑ නාග ස්වරූපය මතු වීම නිසා ස්වාමීන් වහන්සේලා මේ බැව් දැන තථාගතයන් වහන්සේට දැනුම් දුන් බවත්, ඉන් අනතුරු ව නාගයන් පැවිදි කිරීම තහනම් කොට විනය නීතියක් පැනවුණු බවත් විනය පිටකයේ සඳහන් ය.

එසේ ම නර්මදා නදිය අසබඩ සහසක් සක් ලකුණින් පිරී ගත් උතුම් ශී‍්‍ර පාද සටහනක් භාග්‍යවතුන් වහන්සේ තබා වදාළේ නා රජෙකුගේ ඉල්ලීම මත බව කියැ වේ.

එපමණක් නො ව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු කෙරුණේ නාගයන් දෙපිරිසක් අතර සිදු කෙරෙන්නට ගිය යුද්ධයක් නවතා යහපත සලසා දෙන්නට ය. තෙවන වරට භාග්‍යවතුන් වහන්සේ අප රටට වැඩම කළේ නාගදීපයට වැඩි ගමනේ දී මණිඅක්ඛික නා රජු කළ ආරාධනාවකට අනුව ය.

මහා බෝධි ශාඛාව අප රටට වැඩම කරවූ මොහොතේ බෝධි ශාඛාව ඔවුන් සතු කර ගන්නට තැත් දැරූ නාගයන් සංඝමිත්තා රහත් තෙරණියෝ අනුකම්පාව මත සතියක් පුරාවට මහා බෝධි ශාඛාව නා ලොව වඩා හිඳුවා පූජෝපහාර දක්වා ඇත. දැනුදු අප ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ කියා ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට වන්දනා කරන්නේ එබැවිනි.

ස්වර්ණමාලී මහා සෑයේ පිහිටවූ ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා නා ලොව සිට ඍද්ධි බලයෙන් රැගෙන ආවේ සෝණුත්තර රහතන් වහන්සේ ය. ඒ මහා සෑය තනවන්නට නාගයන් බොහෝ සෙයින් උපකාර කළ බව ද වංශ කථාවල සඳහන් ය.

සෝමාවතිය සෑ රජුන් තුළ නිධන් ව ඇත්තේ ද නා ලොව සිට වැඩම කරවූ දක්ෂිණ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ය.

අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරන සමයේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අතුල නම් නාග රාජයෙකු ව ඉපිද සිටිය දී ය.

මෙලෙස සසුන හා සබැඳුණ නාගයන් කවර සත්ව කොට්ඨාසයකට අයත් ද? නාගදීපයේ ද කැලණියේ ද වාසය කළා වූ නාගයන් කවුරුන් ද? ඒ මනුෂ්‍ය ගෝත‍්‍රයක් ය කියා පැවසිය හැකි ද? පෙනෙන නාග ලෝකය හා නො පෙනෙන නාග ලෝකය අප කවර අයුරකින් විග‍්‍රහ කරන්න ද?

කවරහු ද මේ නාගයෝ…?

අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද?

බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය.

මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප‍්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය.

තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත‍්‍රය තුළ ඒ බැව් ප‍්‍රකාශ කෙරේ.

ආටානාටිය සූත‍්‍රය තුළ වෛශ‍්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප‍්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප‍්‍රකාශ කොට ඇත.

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක‍්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක‍්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අප අමතක නො කළ යුතු ය

.

‘‘මහා සක්වළ වසන්නා වූ සියලූ ලෝ වැසි නාගයෝ සපිරිවර සහ එක්ව සැදැහෙන් රකිනු මැන ලොව සෙත් පතා..”

ආටානාටිය සූත‍්‍රයේ දී නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පැටවෙක් හෝ නාග පැටවියක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසට අයත් කෙනෙක් හෝ නාග සේවකයෙක් හෝ සිව්වනක් පිරිසට දුෂ්ට, නපුරු සිතින් යුතු ව උවදුරු කිරීමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලි ව ප‍්‍රකාශ කෙරේ. ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ආටානාටිය ආරක්ෂාව සේ ම ඛන්ධ පිරිත ද එක සේ ම උපකාරී වේ.

භාග්‍යවතුන් වහන්සේ ඛන්ධ පිරිත දේශනා කරන්නට යෙදුණේ සර්පයෙකු දෂ්ට කිරීම නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවක ය. විරූපාක්ෂ, ඒරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හාගෝතමක යන සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීමෙන් ඇරඹෙන ඛන්ධ පිරිත නුහුගුණයන්ගෙන් පිරි තිරශ්චීනයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනන්ත ගුණයන්ගෙන් පිරී ගත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය සලසා දෙන උතුම් සුතුරකි. මේ සූත‍්‍ර සජ්ඣායනය කිරීමෙන් හා අපමණ මෙත් සිත ම පැතිරවීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඩ පවත්වන්නට හැකි ය.

එසේ ම පින් අනුමෝදන් කිරීමේ දී ‘සසුනෙහි පැහැදුණු සිත් ඇත්තා වූ නාගයන්’ කෙරෙහි පමණක් පුණ්‍යානුමෝදනා කිරීම ප‍්‍රමාණවත් බව පැවසිය යුතු ය. ඒ සැදැහැති නාගයන් සම්බුදු සසුන සුරකින්නට හැකි පමණින් ඇප කැප වනු ඇත.

දිවි පුදා සිල් රැකි බෝසත් නාගයෝ…

අප මහ බෝසතාණන් වහන්සේ නා ලොව උපත ලබා සිටිය දී පවා සිල් ගුණ දම් වර්ධනය කළ ආකාරය ජාතක කථා කිහිපයකින් ම හෙළිදරව් වේ.

වරෙක බෝසතාණන් වහන්සේ භූරිදත්ත නමින් නා ලොව උපන් සේක. පිය රජු සමඟ විරූපාක්ෂ වරම් මහ රජුගේ උපස්ථානයට චාතුම්මහාරාජික දෙව් ලොවට ගොස් එහි වූ දිව්‍ය සම්පත් දැක, මණ්ඩුකයන් අනුභව කෙරෙනා මේ නාග යෝනියෙන් කවර ඵලයක් ද යැයි සිතූ භූරිදත්ත නා රජු මිනිස් ලොවට විත් තුඹසක් මත්තේ දරණ වැල ලාගෙන පෙහෙවස් රැක්කේ ය. අහිකුණ්ටිකයෙකු ඒ නා රජු අල්වාගෙන තලා පෙළා හිංසා කරද්දී පවා ‘‘මා කිපුණේ නම් මොහු සුණු විසුණු වන්නේ ය. එයින් මාගේ ශීලයට හානි වන්නේ ය.” යැයි සිතා නො කිපී ම සිටි නා රජු දිවි දෙවැනි කොට ශීලය රැක ගත්තේ ය.

මෙලෙස ම වරෙක චම්පෙය්‍යය නමින් නා ලොව උපන් බෝසතාණන් වහන්සේ නාග සම්පත් කෙරෙහි ලොබ නො වී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි සුගති උපතක් ලබන්නට සිතා මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රැක්කේ ය. එවර ද අහිකුණ්ඨිකයෙකු කළ හිංසා පීඩා විඳ දරාගෙන සිල් ආරක්ෂා කළේ එක විෂ ධූමයක් පිට කර නගරය ම අළු කළ හැකිව තිබිය දී ය.

තවද මේ ජාතක කථාවන්ගෙන් හෙළිවන සුවිශේෂී කරුණක් වන්නේ නාගයන් පෙණ ගොබ ගණනාවක් මවා පෑමේ සෘද්ධි බලයකින් යුතු බව යි. පෙණ ගොබ පහක්, හතක්, නවයක් හෝ වැඩි ගණනක් සහිත වූ නාගයන්ගේ ලාංඡන පුරාණ හෙළ කලාකරුවන් අතින් පණ ලබන්නට ඇත්තේ මේ බැව් ඔවුන් මැනැවින් දැන සිටි නිසා විය යුතු ය. එය බල සම්පන්න නාගයන් සතු වූ සෘද්ධියකි.

නාගයන් සතු මහානුභාව සම්පන්න බව නිසා ඇතමුන් නාග උපත ප‍්‍රාර්ථනා කරති. කවර ආකාරයකින් උපත ලැබුව ද කවර ලෙසින් බලසම්පන්න වූව ද කවර අයුරක සම්පත් ලැබූව ද නාග උපත යනු තිරිසන් උපතක් ම ය. එවන් තිරිසන් යෝනියක උපතකින් කවර සැපතක් ද?

චම්පෙය්‍යය ජාතකයේ දී උග්ගසේන නම් රජු විසින් චම්පෙය්‍යය නා රජු නිදහස් කරවූ පසු නා රජු ප‍්‍රත්‍යුපකාරයක් ලෙස උග්ගසේන රජුව නා ලොවට රැගෙනවිත් මහත් හරසරින් යුතුව සංග‍්‍රහ කළේ ය. නා ලොව පවත්නා ශී‍්‍ර විභූතිය දුටු උග්ගසේන රජු, නා රජුගෙන් විමසුවේ මෙතරම් සැපවත් දිවි පෙවතක් හැර දමා කුමක් නිසා මනු ලොව විත් උපෝසථ ආරක්ෂා කරන්නේ ද කියා ය. එවිට නා රජු පැවසුවේ, ඉන්ද්‍රිය දමනය කොට කෙලෙස් සතුරන් පරදවා ජරා, මරණයෙන් මිදී නිවන් සාදා ගනු කැමැත්තෙන් මෙසේ කරන බව යි. තිරිසන් යෝනියේ හිඳීමෙන් ඒ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන බව දන්නා නිසා ඔවුහු සුගතිය පතා සිල් ගුණ දම් රැකියහ.

ඉදින් අප ද කළ යුත්තේ ලද මේ සුගතිගාමී උපතින් ඵල ලබා මේ ගෞතම බුදු සසුන තුළ ම කෙලෙස් සතුරන් පරදවාලීම නො වේ ද?

ගෞතම සසුනෙහි සිත පහදවා ගත් සියලූ දෙව් බඹුන් ද මිනිසුන් ද නාගයන් ද වහ වහා කෙලෙස් සතුරන් පරදවා අම නිවන සාක්ෂාත් කර ගනිත්වා!

මිණි කැට වන් ඇස් ඇති නා රජුනේ

අනුමෝදන් වේවා මේ පින්!!!

සම්බුදු සසුන කෙරෙහි මහත් වූ ප‍්‍රසාද චිත්තයකින් යුතු ව සසුනේ චිරස්ථිතිය උදෙසා කැප වන්නා වූ නාග රාජයන් අතුරෙන් මණිඅක්ඛිත නා රජුන්ට හිමි වන්නේ අග‍්‍ර ස්ථානයකි. හෙතෙමේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ අවස්ථාවේ දී ය. උතුම් තිසරණ සරණෙහි පිහිටි, මිණි කැට වන් ඇස් ඇති හෙයින් මණිඅක්ඛිත නම් වූ ඒ නා රජු තමන්ගේ රාජධානිය වෙත වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට මහත් සැදැහැයෙන් ආරාධනා කිරීමේ මහඟු ප‍්‍රතිඵලය වූයේ ඒ උතුම් සම්බුදු පා කමල් ස්පර්ශයෙන් තෙවන වරටත් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වීම යි.

නා ලොව නාගයෙකු ව ඉපිද මිනිස් වෙස් ගෙන ලක්දිව කැලණි නදිය අසබඩ රාජධානිය ගොඩ නගා ගත් මණිඅක්ඛිත නා රජුන්ට පුණ්‍යානුමෝදනා වන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි සොඳුරු මැණික් ආසනය නිදන් කොට තැනවූ කැලණි සෑ රජුන් දැනුදු අපි මහත් බුදු බැතියෙන් වන්දනා කරන්නෙමු.

එසේ ම පැන් පහසු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සිවුරු ගලවා තැන්පත් කොට තැබූ, ඒ භාග්‍යවත් අරහත් ධජයේ සුපින්බර පහස ලැබුවා වූ ‘සිවුරු ගල’ ද අපි වන්දනා කරන්නෙමු.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ ‘ජල සාටිකා ධාතූන් වහන්සේ’ වැඩ සිටිනා එගොඩ කැලණිය සෑ රජුන්ව ද අපි වන්දනා කරන්නෙමු.

ඒ පාරිභෝගික ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ, බුදු සිරි පා සිප ගත්තා වූ, ඒ පරම පූජනීය බුද්ධ භූමිය අපගේ වන්දනාමානයට පාත‍්‍ර වන වාරයක් වාරයක් පාසා මණිඅක්ඛිත නා රජුගේ ජීවිතයට පුණ්‍ය ගඟුලක් ගලා යන බව නිසැක ය. මහ සයුර යට පිහිටි නාග භවනේ සිට සුවඳැති කඩුපුල් මල් නෙළා ගෙනවිත් කැලණි නදියෙන් ගොඩ වී දැනුදු ඒ සුපින්වත් නා රජු තම ශාස්තෘන් වහන්සේ වැඩ සිටි පින්බිම පුද දෙනවා විය යුතු ය.

පින්වත් නා රජුනේ, ඔබ, අප සරණ ගියා වූ ඒ ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ උදෙසා අප සිදු කරන ආමිෂ, ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වන්නා වූ සියලූ කුසල ධර්මයන් එක සේ ම ඔබට ද අනුමෝදන් වේවා!

තිරශ්චීන උපතින් නිදහස් ව සුගතිගාමී උපතක් ලබා මේ ගෞතම බුදු සසුනේ දී ම සදාතන පිළිසරණ සලසා ගැනීමට ඔබට ද මේ සම්බුදු සසුන් කෙතෙහි හිත පහදවා ගත් අනෙකුත් සියලූ නාගයන්ට ද වාසනාව උදා වේවා!

නාග සටහන- විශ්වනාත් දේවප‍්‍රිය

උපුටාගැනීම – මහාමේඝ පුවත් සඟරාව -වියළී මියැදෙන්නට පෙර, ඔබ තෙමා සුරකිනු පිණිස

සබැඳි ලිපිය-https://ift.tt/2Kd8CQR

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JZrxQj
‘බෝධිගුත්තාදීහි පරිපාලිතා’ යනුවෙන් අදහස් කරන්නේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ භාරව සිටි බෝධි ආරක්ෂක කුලයන් විසින් බෝධීන් වහන්සේ ව රැකබලාගෙන සිටියේ පුත්‍ර ප්‍රේමයෙන්ය යන කරුණයි.
ඒ කෙසේ ද යත්?

මේ රටෙහි ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ පිහිටුවා අවුරුදු සීයක් ඉක්ම ගිය කාලයක ‘මහලෙ විදුරිඳුනාවො’ (ලේකම් අමාත්‍ය වජිරේන්ද්‍ර නායක) නමින් කෙනෙක් සිටියා. දවසක් මොහු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට ධාතූන් වහන්සේලා වන්දනා කිරීම පිණිස ථූපාරාමය දෙසට පිටත් වුනා. එසේ යද්දී සිවුරු පොරොවාගත් පුරුෂයෙකුත් සිවුරු පොරොවාගත් ස්ත්‍රියකුත් මහමෙව්නා උයනෙහි මෛථූන සේවනය කරමින් සිටින ආකාරය මොහුට දකින්නට ලැබුනා. එය දුටු කල ‘අහෝ අපගේ කුලදේවතාවුන් වහන්සේලාගේ වැරැද්දක් දැක්කා නොවැ; මොවුන් කෙරෙහි සිත අපැහැදීම නිසා අපටත් අපාගත වෙන්ට වෙනවා; මෙවැනි දෙයක් දකින්ට ලැබුනේ මගේ මේ දෑස තිබුන නිසා නොවැ’ කියා වැලි රැගෙන දෑසට ගසාගෙන මිරිකා දෑස් අන්ධ කරගත්තා.

එතකොට එතුමාගේ උපස්ථායකයන් පැමිණ ඒ කළ දෙය ගැන මහත් සේ හඬා වැලපී එතුමා ව නිවසට රැගෙන ගියා. එතුමාගේ නිවසෙහි අධිගෘහිත රාක්ෂසයෙක් එතුමා මහත් දුකකින් පීඩිතව සිටින බව දැක්කා. දැකලා ‘එවුන් කළ කර්මය එවුන්ට පලදේවි. ඒ ගැන ඔබවහන්සේ මෙපමණ දුක් ගත්තේ කුමකටද?’ කියා ඇසුවා. එවිට එතුමා ‘තොපට ඒ කාරණාව කිව්වේ කවුරුද?’ කියා විමසුවා. ‘මම් ම ඒ බව දැනගත්තා’ යි රකුසා පිළිතුරු දුන්නා. කාටවත් නොකී ඒ කරුණ රකුසාත් දැනගත් බව දැන ‘තොප මෙතනින් යනු. මෙහි වාසය නොකළ යුත්තේයැ’ යි කෝපයෙන් පැවසුවා.

එවිට රකුසා ‘මේ මහා පුරුෂයාගේ ගුණ තුන් ලොවට ම ප්‍රකට කරන්නට ඕනෑ’ යයි සිතා අහසට පැන නැග අම්බස්ථලයෙහි සිට තුන් වතාවක් මහ හඬින් කාලඝෝෂා කළා. එතකොට ලක්දිව සිටි සියලු නාගයින් ද සියලු යක්ෂයින් ද එතැනට රැස්වුනා. ඒ රැස්වූ පිරිසට රාක්ෂසයා මහලෙ විදුරිඳුනාවන් කළ දෙය කියා සිටියා. එවේලෙහි මහකෙළ නාගරාජයා තමන් ගෙන ආ කඩුපුල් මලක් ‘මෙය එතුමාට දෙන්නැ’ යි රකුසාට දුන්නා.

රකුසු තෙමේ එය ගෙන ගොස් ‘මා කී කරුණ සුදුසු නෑ. එයට මට දඬුවම් වශයෙන් මේ මල ගත මැනවැ’ යි මහලෙ විදුරිඳුනාවන්ට මල දුන්නා. එතකොට එතුමා ඒ දිව්‍ය කඩුපුල් මලෙන් හැමූ මිහිරි සුවඳින් සතුටුව ‘අනේ අපගේ ඇස් තිබුනා නම් අප පුතණුවන් වහන්සේට (බෝධීන් වහන්සේට) පළඳවා බල බලා හිඳින්ට තිබුනා නොවැ’ කියා කියවුනා. ඒ සමග ම අන්ධකාරයෙහි සතර රියනක් තැන වැටුනු තල ඇටය පවා අහුලාගන්නට හැකි පරිදි එතුමාට දිවැස් පහළ වුනා. ඒ මොහොතේ ම එතුමා කඩුපුල් මල රැගෙන ගිහින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පැළැන්දුවා. ඒ කඩුපුල් මල නොමැරී නොපරවී අවුරුදු තුන් සීයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පිණිස තිබුනා. දවසක් ඒ වංශයේ ම උපන් කෙනෙක් සුරා බී මත්ව උඬගු සිතින් පැමිණ ඒ මල අතින් ඇල්ලුවා. එකෙණෙහි ම ඒ මලේ පෙති ගැලවී පොළොව මත වැටුනා.

(ධර්මප්‍රදීපිකාව – ගුරුළුගෝමී මහපඬිතුමා)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YnxV85
== බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය ==

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැරිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.

This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.

සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.

= මේ PDF සංස්කරණයේ විශේෂත්වය =

දැනට පවතින බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයේ ත්‍රිපිටක මුද්‍රණයේ සහ ආතාපි අඩවිය විසින් සිදුකල PDF පිටපතේ අකුරුවල පැහැදිලිතාවය අඩු මට්ටමක පවතී. ත, න සහ ති, තී වැනි අකුරුවල වෙනස්කම්ද, footnotes අකුරුද හඳුනාගැනීම අපහසුය. පහත රූප සටහනේ දැක්වෙන පරිදි අප විසින් සකස්කළ පිටපතේ මේ අකුරු වඩා පැහැදිලිය.
https://ift.tt/2JX4Jzr

දැනට පවතින ත්‍රිපිටක මුද්‍රණයෙන් ද, ආතාපි PDF පිටපතෙන් ද ඉවත් කර ඇති ශුද්ධි පත්‍ර මේ පොතට ඇතුළු කර ඇත. පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ පැවති එකදු පිටුවක් වත් අප විසින් ඉවත්කර නොමැති අතර අලුතෙන් එක් පිටුවක් හෝ එකතුකර ද නොමැත.

පොතේ පටුනේ සඳහන් සුත්‍ර/මාතෘකා ඇසුරෙන් bookmarks සකස් කර ඒ ඒ PDF එකට එකතු කර ඇත. මේ bookmarks මත click කිරීමෙන් ඉතා පහසුවෙන් අදාළ සූත්‍රය වෙත පිවිසිය හැකිය.
https://ift.tt/2Yq8Rgz

පොතේ පිටුවල අන්තර්ගතයට අමතර කිසිම වචනක් හෝ links පිටුවලට එකතු කර නොමැත.

= විශේෂ පුන්‍යාණුමෝදනාව =

ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තාකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.

නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට

පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana)** path.nirvana@gmail.com**
අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.

පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.

= භාගත කිරීම =
1) https://ift.tt/2K3LofY
2) https://ift.tt/2XWU4yF
3) https://ift.tt/2JWZKib

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2GxNlk2
වැඩ කටයුතු බහුල කරගන්න එක කරදරයි. හිස් කථාවෙන් කල්ගෙවන මිනිසුන්ගෙන් වෙන් වෙන එකයි හොඳ. සිවුපසය පිණිස උත්සහ කළ යුතු නෑ. රසට ගිජුවෙලා සිවුපසයට උත්සහ කළොත් ඒ භික්ෂුවට නම් ලෝකෝත්තර සැප ලබන්ට පුළුවන් වන්නේ නෑ.

ඇත්තෙන්ම බුද්ධිමතුන් සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් දැක්කේ මඩ වගුරක් වගේ. මේ ලාභ සත්කාරයට ඇලීම කියන්නෙ උදුරා දමන්ට දුෂ්කර සියුම් උලක්. හැබැයි අසත්පුරුෂයා නම් අතහරින්නෙ නැත්තෙත් ලාභ සත්කාර ම යි.

“පව්” කියන ජාතිය අනුන් ලවා වත් කළ යුතු නෑ. තමන් කළ යුතුත් නෑ. මං එහෙම කියන්නෙ මේ සත්වයන් ඥාතියා කරගෙන ඉන්නෙ කර්මය නිසා.

තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් වන්නේ නෑ. ඒ වගේම තවත් කෙනෙකුගේ වචනයකින් තවත් කෙනෙක් මුනිවරයෙක් වන්නේ නෑ. තමන් ගැන තමන් දන්න පරිද්දෙන්ම දෙවියොත් එයා ගැන දන්නවා.

අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මෝඩයා හිතන්නේ නෑ. තමනුත් මැරෙන බව හිතනවා නම් මේ කල කෝලහල ඔක්කොම සන්සිඳෙනවා.

බුද්ධිමත් කෙනා දේපල වස්තුවෙන්. පිරිහිලා ගියත් එයා ඇත්තෙන්ම ජීවත් වෙනවා. එහෙත් දේපල වස්තුව කොච්චර තිබුනත් බුද්ධිය ලබාගෙන නැත්නම් එයා ගත කරන්නේ ජීවිතයක් නෙමෙයි.

හැම දෙයක්ම කණින් ඇහුවත්, හැම දෙයක්ම ඇහෙන් දැක්කත්, දකින අසන ඔක්කොම දේවල් අතහරින්න හෝ ගන්නට බුද්ධිමත් කෙනා ලෑස්ති නෑ.

ඒ නිසා නොබැලිය යුතු දේ ඉදිරියේ එයාට ඇස් තිබුනත් අන්ධයෙක් වගෙයි. නොඇසිය යුතු දේ ඉදිරියේ එයාට කණ් තිබුනත් බිහිරෙක් වගෙයි. නොදැනගත යුතු දේ ඉදිරියේ එයාට නුවණ තිබුනත් මෝඩයෙක් වගෙයි. නොකළ යුතු දේ ඉදිරියේ එයා බලවතෙක් වුණත් මෝඩයෙක් වගෙයි. අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයා ඉන්නේ ඇඳක දාපු මළ කඳක් වගෙයි.

මේ වනාහී ආයුෂ්මත් මහාකච්චායන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Yq0H7P
ධර්ම විනිශ්චය – 90

බෝධිසත්ව මාතාව ගේ මරණය සිදු වූයේ බෝසතාණන් වහන්සේ ගේ ඉපදීම නිසා ද?

“ධම්මතා එසා භික්ඛවෙ, සත්තාහජාතෙ බොධි සත්තෙ බෝධිසත්තමාතා කාලං කරොති. තුසිතං කායං උපපජ්ජති අයමෙත්ථ ධම්මතා” යනුවෙන් මහ බෝසතාණන් ඉපද සත් දිනකින් බෝධිසත්ව මාතාව කලුරිය කොට තුෂිත දිව්‍යලෝකයෙහි ඉපදීම ධර්මතාවකැයි මහාපදාන සූත්‍රයෙහි වදාරා තිබේ. සියලු ම බෝධිසත්ත්වයන් වහන්සේලා මව්කුස පිළිසිඳ ගන්නේ මව ගේ ආයුඃප්‍ර‍මාණය බලා දසමස් සත් දිනකට ආයු ඇති මවක ගේ කුසයෙහි ය. මහාමායා දේවියට ආයුෂ තුබුණේ එපමණකි. මහ බෝසතාණන් ගේ ඉපදීම වූවත් නුවූවත් එදින ඈ කාලක්‍රියා කරන්නී ය. මේ කාරණය මහාපදාන සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.

“කාලංකරොතී ති න විජාතපච්චයා ආයුපරික්ඛයෙ නෙව. බොධිසත්තානං වසිතට්ඨානං හි චෙතියකුටිසදිසං හොති, අඤ්ඤෙසං අපරිභොගාරහං, න ච සක්කා බොධිසත්තමාතරං අපනෙත්වා අඤ්ඤං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙතුන්ති තත්තකං යෙව බොධිසත්තමාතු ආයුප්පමාණං හොති, තස්මා තදා කාලං කරොති. කතරස්මිං පන වයෙ කාලංකරොතීති? මජ්ඣිමෙ වයෙ. පඨමවයස්මිං හි සත්තානං අත්තභාවෙ ඡන්දරාගො බලවා හොති, තෙන තදා සඤ්ජාතගම්භා ඉත්ථි ගබ්භං අනුරක්ඛිතුං න සක්කොති. ගබ්භො බව්හාබාධො හොති. මජ්ඣිමවයස්ස පන ද්වෙ කොට්ඨාසෙ අතික්කම්මෙ තතියෙ කොට්ඨාසෙ වත්ථු විසදං හොති. විසදෙ වත්ථුම්හි නිබ්බන්තා දාරකා අරොගා හොන්ති. තස්මා බොධි සත්තමාතාපි පඨමවයෙ සම්පත්තිං අනුභවිත්වා මජ්ඣිම වයස්ස තතියෙ කොට්ඨාසෙ විජායිත්වා කාලං කරොන්ති. අයමෙත්ථ ධම්මතා.

එහි තේරුම මෙසේ ය.

කලුරිය කරනවාය යනු ප්‍ර‍සූතිය නිසා නොව ආයුෂ ගෙවීමෙන් ය. බෝධිසත්ත්වයන් විසූ තැන චෙතිය කුටියක් වැනි ය. අන්‍යයන්ට පරිභෝග කිරීමට නුසුදුසු ය. බෝධිසත්ත්ව මාතාව පහකොට අනික් තැනැත්තියක් අගමෙහෙසුන් තන්හි ද නො තැබිය හැකි ය. බෝධි සත්ත්ව මාතාව ගේ ආයුඃප්‍ර‍මාණය එතෙක් ම ය. ඒ නිසා කලුරිය කරන්නී ය. කවර වයසක දී කලුරිය කරන්නී ද? මධ්‍යම වයසෙහි දී ය. සත්ත්වයාට ප්‍ර‍ථම වයසේ දී ආත්මභාවය ගැන ඡන්දරාගය බලවත් ය. එබැවින් ඒ වයසෙහි ගැබ්ගත් ස්ත්‍රී තොමෝ ගැබ රක්නට නො සමත් වන්නී ය. දරුවා ආබාධ බහුලයෙක් වන්නේ ය. මධ්‍යම වයසින් දෙකොටසක් ඉක්ම තුන් වන කොටසෙහි වස්තුව පිරිසිදු ය. පිරිසිදු වස්තුවෙහි උපන් දරුවෝ නීරෝග වන්නාහ. එබැවින් බෝධිසත්ත්ව මාතාව පළමු වියෙහි සම්පත් වළඳා මැදුම් වියේ තුන් වන කොටසෙහි දී ප්‍ර‍සූත කොට කලුරිය කරන්නී ය.

ධර්ම දානය පිනිස share කරන්න.