Monthly Archives: July 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BpAroL
මෘත ශරීරය මෙන් ජීවත්වන ශරීරය ද අසුභ ම වේ
ඒ මෙසේයි:

1. “යථා පි පුප්ඵිතං දිස්වා – සිඞ්ගාලො කිංසුකං වනෙ
මංසරුක්ඛො මයා ලද්ධො – ඉති ගන්ත්වාන වෙගසා.”

2. “පතිතං පතිතං පුප්ඵං – ඩංසිත්වා අතිලොලුපො
නයිදං මංසං අදුං මංසං – යං රුක්ඛස්මින්ති ගණ්හති.”

මස් කෑමට සිවලා ඉතා ගිජු ය. එය ඌට ඉතා ප්‍රිය වූ රුචි වූ ආහාරයක් වූ බැවිනි. සිංහල අවුරුදු කාලය ලංවන විට කැලෑවේ තිබෙන එරබදු ගස්වල හැම අත්තකම වාගේ රතුපාට මල්, පොකුරු පොකුරු පිපෙති. එල්ලෙමින් තිබෙන ඒ රතු මල් පොකුරු දුටු සිවලා, මේ එල්ලෙමින් තිබෙන්නේ මස් පිඬු ය – මස් වැදලි ය – මස් පෙති ය යි වරදවා සිතා ගෙන මාංසයට ඉතා ගිජුවූ ඒ හිවලා ඉක්මනින් ඒ ගස ළඟට ගොස්, උඩ බලා කට ඇරගෙන සිටින විට වැටෙන වැටෙන එරබදු මල් හෝ මල් පෙති කටින් ඩැහැගෙන හපා “හෝ! හෝ! මෙය මස් නොවේ. අර ගසේ එල්ලෙමින් තිබෙන්නේ මස් ය” යි වරදවා සිතා නැවත ත් උඩ බලා කට ඇර ගෙන සිටින්නාක් මෙන්

3. “කොට්ඨාසං පතිතං යෙව – අසුභන්ති තථා බුධො
අග්ගහෙත්වාන ගණ්හෙය්‍ය – සරීරට්ඨම්පි නං තථා.”

ශරීරය මල කුණක් සේ අසුභ වස්තුවක් ය යි මෙනෙහි කරන ඤාණවන්ත යෝගී පුද්ගල තෙමේ ශරීරයෙන් පිටතට වැටෙන කෙළ, සෙම්, සොටු, අසුචි, මලමුත්‍ර කොටස් පමණක් නොව ශරීරයෙහි ඉතිරි ව තිබෙන කෙස්, ලොම් ආදී කොටස් සියල්ල ම පිළිකුල් මල කුණු සේ වටහා ගන්නේය.

කය සුභය යි සිතාගතහොත් අපාය දුකින් නො මිදෙයි.

4. “ඉමඤ්හි සුභතො කායං – ගහෙත්වා තත්ථ මුච්ඡිතා
බාලා කරොන්තා පාපානි – දුක්ඛා න පරිමුච්චරෙ.”

5. “තස්මා පස්සෙය්‍ය මෙධාවී – ජීවතො වා මතස්ස වා
සභාවං පූතිකායස්ස – සුභභාවෙන වජ්ජිතං.”

මේ කුණු කය සුභ වස්තුවක් ය යි මෝහයෙන් මුළා වී මෙන් තණ්හා, දිට්ඨි, මානයන්ගෙන් මෙය මම ය මාගේ ය, ඉතා සුභ ය යි තදින් අල්වාගෙන තෘෂ්ණාවෙන් මූර්ඡාවට පැමිණ පව්කරන බාලයෝ සසර දුකින් හා අපාය දුකිනුත් නො මිදෙන්නෝ ය.

එහෙයින් ජීවත්වන්නා වූ හෝ මැරුණා හෝ සුභ භාවයක් නැති මේ කුණු කයේ පවත්නා පිළිකුල් ස්වභාවය ඤාණවන්ත යෝගී තෙමේ සිහි නුවණින් බලන්නේ ය.

6. “දුග්ගන්ධො අසුචි කායො – කුණපො උක්කරූපමො
නින්දිතො චක්ඛු භූතෙහි – කායො බාලාභිනන්දිතො.”

මේ කය දුර්ගන්ධ ය. අසුචියක් ය. මල කුණක් වැනි ය. කසල ගොඩක් හෝ මල මුත්‍ර පිරුනු වැසිකිළියක් බඳු ය. ඥාණවන්තයන් විසින් නින්දා කරන ලද්දක්ය. එහෙත් අඥාන – අන්ධ බාල – මෝඩයන් විසින් මෙය ඉතා සුභ වස්තුවක් ය යි වැළඳ ගෙන ආස්වාද කරනු ලැබේ.

7. “අල්ලචම්ම පටිච්ඡන්නො – නවද්වාරො මහාවණො
සමන්තතො පග්ඝරති – අසුචි පූතිගන්ධියො.”

මේ කය තෙත් සමකින් වැසී පවතින්නේ ය. අසුචි වෑහෙන දොරටු නවයක් මෙහි ඇත්තේ ය. මෙය කුණු වූ මහ වණයක් වැනි ය. මේ කයින් කුණු ගඳ හමන අසුචි වැගිරෙන්නේ ය.

8. “සචෙ ඉමස්ස කායස්ස – අන්තො බාහිර කො සියා
දණ්ඩං නූන ගහෙත්වාන – කාකෙ සොණෙ නිවාරයෙති.”

මේ කය ඉතා පිළිකුල් නිසා ම මෙහි ඇතුළු පැත්ත පිටි පැත්තට හැරී තිබේ නම් ඒකාන්තයෙන් ම දඬු මුගුරු ගෙන කපුටන් බල්ලන් ආදී සතුන් එළවා දමන්ට සිදු වන්නේ ය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3eNz1Sz
“** පිණ්ඩපාතය සැහැල්ලුය, සරලය, දුප්පත්ය, එහෙත් ඒ පිණ්ඩපාතය තුල අප්‍රමාදී බවද සැඟවිලාය. කුසගින්න නොදැනෙන, පිපාසය නොදැනෙන, මනුෂ්‍ය ධර්මයන් ඉක්මවාගිය, උතුම් තැනයි භික්‍ෂුත්වය.
** මම උදේම පාත්‍රය අරගෙන, කුටියෙන් එලියට බහින්නේ රොඩී පවුලක දරුවෙක් පොල්කට්ටක් අරගෙන, සිඟමන් යදින්න රොඩී රැහෙන් එලියට බහිනවා වගේ කියලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක් සිංහනාද කරනවා. ඒ උතුම් පරපුරේ, ආත්ම ගරුත්වය අපි රකින්න ඕනේ, දායක පින්වතුන්ලගෙන් අපි කැමති දෙය ඉල්ලලා නොව, ලැබෙන දෙය වලදලායි.”

අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WJIKDq
පදෙන් පදේ අරුත් දැන පිරිත් සජ්ඣායනා කරන්නට පහත මෘදුකාංග ලබා ගන්න
https://ift.tt/2J304fn
අන්තර්ජාලය අනවශ්‍ය ජංගම දුරකථනයේ ක්‍රියාත්මක කළ හැකි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් ද ඇත.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZKeaLS
පදයෙන් පදය පාලි සහ සිංහල අර්ථය සමග නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් පිරිත් 43 ක්. අර්ථය මෙනෙහි කරමින් හැකිතාක් සජ්ඣායනා කරන්න.

Web -> https://ift.tt/2w6WxtO
Android -> https://ift.tt/36yNj5F

අපි අපේ සෑම සාමාජික මහත්මයෙකුගෙන් ම සහ සාමාජික මහත්මියකගෙන් ම ඉතා ඕනෑකමින් හා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ:
1. ඔබට දිනකට හැකි වතාවක් “රතන සූත්‍රය” මුලු හදවතින් ම සජ්ඣායානා කරන ලෙස, හා/හෝ
1. ඔබගේ ජංගම දුරකතනයේ / උපාංගයේ / නිවසේ / පරිගණකයේ / … ආදියෙහි, ඔබට දිනකට හැකි වතාවක් “රතන සූත්‍රය” බාහිරට ඇසීමට සලස්වන ලෙස, හා/හෝ
1. ඔබේ යහළුවන් / හිතවතුන් / නෑයන් / කණ්ඩායම් / වැඩපොළවල් / පන්සල් / … ආදී ඔබට හැකි සෑම කොටසක්/ආයතනයක් ම ඒ සඳහා පොළඹවන/දිරි ගන්වන ලෙස යි

(සිතින් සජ්ඣායානා කිරීමේ සිට (ඝෝෂාකාරී නොවන ලෙස) ශබ්ද විකාශක යොදා ගැනීම දක්වා ඔබට ප්‍රායෝගික විය හැක.)

[ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සබැඳියක් සහ වෙබ් අඩවි සබැඳියක් යෝජනා කොට ඇත.]
මෙම මෘදුකාංගයේ ඕනෑ ම පිරිතක් නැවත නැවත සජ්ජායනා කරවීමේ (Repeat) පහසුකම සලසා අත.

උපදෙස් සහිත වීඩියෝ එක https://www.youtube.com/watch?v=XFpYqlgT-a0

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3jkLpNB
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 196 💙💚💜

🌸🌼 ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට

කහවණු ලක්‍ෂයක් වටිනා රන් භාජනයද මෙතැකැයි මිළ නියම කල නොහැකි දෙවුන් බඹුන් හා එක්ව කල කිරි පිඩුද පුජා කරන ලද සුජාතාව අති මහත් වූ චිතප්‍රිතියෙන් යුතුව නිකම ගියේ තමන්ගේ සියලු ප්‍රර්ථනා සඵල වීමෙන්. සුජාතාව නොපෙනී යනතෙක් එහිම රැඳුන අප මහා බෝසතාණන් වහන්සේ ඉන්අනතුරුව වැඩ හුන් තැනින් නැගිට ගස පැදකුණු කොට පාත්‍රයද රැගෙන නේරංජනා ගං තෙරට වැඩම කරනු ලැබුවා. ඒ මුළු පෙදෙසම වෙනදා දක්නට නොලැබුණු බොහෝ පුෂ්පයන්ගෙන් පිරී ගොස්. නේරංජනා නදියද ගලා බැස්සේ වෙනදා වගේ නෙවයි. ජලකදෙන් මවනු ලැබූ දිව්‍යමය විනාවක හඬ නංවමින් මහත් වූ ආඩම්බරයෙන්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. නොයෙක් ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට නේරංජනා නදියට අයත් නිසා. සුදු වැලි තලාවද නිල් දියදහරද, දියපහරේ රිද්මයට නැගෙන ජල කඳේ දිව්‍යමය ස්වරයද බලා සිටියේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගන්නට නොවසිලිමත්ව.

🌼 මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය එක් දිනක් සේ දැනුණ කාලනාගරාජයා

එහි ඉවුරෙහි වූ ගල් තලාවේ පාත්‍රය තබා දියට බැස ස්නානය කරනු ලැබූ බෝසතාණන් වහන්සේ නායෙක් ශතසහස්‍ර සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේලාගේ චීවරය වූ අරහත් ධජය පොරවා පෙරදිගට අභිමුඛව වැඩහිඳුනු ලැබුවා. ඉන් පසු ඒ බෝසතාණන් වහන්සේලා මෙන්ම එක තල් ඇටයක් පමණ වන පරිදි එකුන් පනස් පිඩක් කොට ඒ මධුර පායාසය එහි සිටම වළඳනු ලැබුවා. එම ආහාරය ම උන් වහන්සේට බුද්ධත්වයටත්, ඉන්පසුත් සත් සතියක් බෝ මැඩ වැඩ විසීමට ආහාරයක් වුන බව කියනවා. ඒ කාලය තුළ වෙනත් ආහාරයක් ගැනීම සිදුනොවෙනවා. ඉන්පසු උන්වහන්සේ ධ්‍යාන සුවයෙන් හා මගඵල සුවයෙන් කල් ගත කළා. ඒ කිරිබත් ආහාරය වැළඳූ බෝසතාණන් වහන්සේ ඒ පාත්‍රය ගෙන “මම අද බුද්ධත්වයට පත් වන්නේ නම් මේ පාත්‍රය උඩුගං දහර අනුව යේවා. නොහැකි වන්නේ නම් ගඟ දිය පහර අනුව යේවා” යැයි සිතා දිය මත පත්‍රය තැබුවා. හරිම පුදුමයි. ඒ පාත්‍රය ද ගඟ සැඩපහර සිඳිමින් ගඟ මැදට ගොස් ජවසම්පන්න අශ්වයකු මෙන් ගඟ මැදින්ම අසූ රියනක් පමණ උඩුගං බලා ගොස් දිය සුළියකට හසු වූ කලෙක මෙන් ගිලී කාල නාරජුගේ භවනට ගොස් මීට පෙර තුන් බුදුරජුන්ගේ පරිත්‍යාග කළ පාත්‍රයන් වෙතට ගොස් කිටි කිටි ශබ්දය නඟමින් ඒ පාත්‍ර තුනට යටින් පිහිටා සිටියා. කාල නාගරාජයා ඒ ශබ්දය අසා “පළමුදා එක් බුදුරජාණන් වහන්සේ නමකි, ඊයේ එක් බුදුරජාණන් වහන්සේ නමකි. අද තව බුදුරජාණන් වහන්සේ නමක් උපන්හ” යැයි නොයෙක් පද සිය ගණනින් යුතු තුටු ගී ගයමින් ප්‍රීතිවුනා. ඔහුට මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය අද හෝ ඊයේ හා සමාන වෙයි. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත යැ’යි ස්ථිර වශයෙන්ම සිතාගත්තා. බෝසතාණන් වහන්සේ ගඟ අසබඩ මලින් ගැවසුණු සල් වනයෙහි මෙලෙස දහවල් කාලය ගතකොට සවස මල් නටුවෙන් බිඳෙන කාලයෙහි දෙවියන් විසින් සරසන ලද අට ඉස්බක් පමණ පැතිරී ගිය මාර්ගයේ පියනගමින් සිංහයකු මෙන් අභීතව ඇසතු බෝ රුක වෙත වැඩම කළා.

තුසිත රාජපක්ෂ ප්‍රංශය
01-07-2020
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර –

ජාතක අට්ඨකතා 01

❤💚💛 පුණ්‍යානුමෝදනාව – ත්‍රිපිටකාචාර්ය දිගන සුගතවංශ ස්ථවිරයන් වහන්සේට, රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, සහ Path to Nirvana හි පින්වත් ජනකට. මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛