Monthly Archives: September 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mkx23b
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 59 🧡💛

🌷 සුජාත බුදුහාමුදුරුවෝ 01 🌷

සුමේධ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑවායින් පසුව නැවතත් බුද්ධ ශූන්‍ය කාලයක් ඇති වුණා. ආයුෂ අවුරුදු දහය දක්වා පිරිහී ගොස් නැවතත් අසංඛ්‍ය දක්වා දක්වා වැඩි වුණා . අප්‍රමාණ ආයු ඇති සත්වයන් අනුක්‍රමයෙන් පිරිහී පිරිහී ගොස් අනූ දහසක් අවුරුදු ආයුශ මේ දක්වා පැමිණි කල කළ මනා රූපකායෙන් හෙබි පිරිසිදු වූ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේත් මේ සසරෙහි පෙරුම් පුරමින් පැමිණ තුසිත පුරේ ඉපද ඉන් චුතවී සුමංගල නුවර උග්ගත නම් රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසිය කුස පිළිසිද දසමස් ඇවෑමෙන් මව්කුසින් මෙලොවට බිහි වුණා. උන් වහන්සේ මෙලොව ඉපදීමෙන් පසුව මුළු දඹදිව පුරවරයට ම මහත් සැප සම්පත් භවභෝග ලැබුණේ හෙයින් නම් තබන දිනයේ ඔහුට සුජාත කියා නම් තබනු ලැබුවා . උන්වහන්සේටත් අනෙකුත් බෝධිසත්වයන් වහන්සේලාට වගේම සිරි උපසිරි නන්ද යනුවෙන් ප්‍රාසාද තුනක් හිමි වුණා. සිරිනන්දා දේවිය ප්‍රමුඛ විසි තුන් දහසක් ස්ත්‍රීහු දිවා රාත්‍රියේ උවටැන් කරනු ලැබුවා. උන්වහන්සේ අවුරුදු නවදහසක් ඒ අනේක වූ සැප සම්පත් විඳිමින් ගිහිගෙයි වාසය කළා.

උන්වහන්සේ ඒ වන විටත් සතර පෙර නිමිති දැක සසර කළකිරීමට පත්වෙලයි සිටියේ. ඒ අතරතුර තමයි සිරි නන්දා දේවි උපසේන නම් පුතු මෙලොවට බිහි කළේ. එදිනම උන්වහන්සේ ගිහි ගෙයින් නික්ම සදා විමුක්තිය සොයා යන්නට තීරණය කළා. උන්වහන්සේ ගිහිගෙයින් නික්මුනේ ඉතා අලංකාර වූ අශ්ව රථයකින් හා කෝටියක් පමණ තම පිරිවර සමගින්. උන්වහන්සේ සමඟ ඒ කෝටියක් පිරිවර ද පැවිදි දිවියට ඇතුළත් වුණා . ඉන් අනතුරුව උන් වහන්සේ ඔවුන් පිරිවරා මාස තුනක්ම ප්‍රධාන වීර්යය වැඩුවා. අවසානයේ කල්ප ගණනක් පිරූ පාරමිතා මල්ඵල ගැන්වෙන දිනයද උදා වුණා. ඒ උන්වහන්සේට විතරක් නෙමේ. මුළු ලෝක සත්වයාටම. එදත් වෙසක් පුන් පොහෝ දිනයක්. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු වුනේ සිරි නන්දන නුවර . සිරි නන්දන නුවර සිරිනන්දන සිටු දියණියත් මේ දිනය සඳහා කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ තිබුණේ . ඇයි විසින් සාදනු ලැබූ පරම මධුර මී කිරිබත් වළඳා සල් වනයෙහි දිවා විහාර කොට සවස සුනන්දා ජීවක දුන් අට තන මිට ගෙන උණ බෝධිය කරා පැමිණ එහි තිස්රියන් පළලැති තන අතුරා හිරු තිබියදීම මරු සහිත මර බල බිඳ සම්මා සම්බෝධිය අවබෝධ කොට සියලු බුදුන්ට ආවේණික ප්‍රීති උදාන වාක්‍යය වදාරමින් උදම් ඇනුවා. පෙර පරිදිම දෙතිස් පෙළහර ලොව විද්‍යාමාන වුනා. සිත් පිත් නැති මහා පොළවද කම්පා වුනා.

ඉන් අනතුරුව බෝමැඩ සමීපයෙහි ම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයා විසින් කළ ආරාධනය පිළිගෙන තම බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත කුමරු ද සිව්සස් අවබෝධ කිරීමට සමත් බව දැන අහසින් වැඩම කරවා සුමංගල නුවර අසළ වූ සුමංගල උයන්හි බැස උයන් පාලක ලවා සිය සොහොයුරු සමඟ පුරෝහිත පුතුද කැඳවා සපිරිවර ඔවුන් මැද වැඩහිඳ දම්සක් දේශනා කරනු ලැබුවා

එහිදී අසූ කෝටියක ධර්මාවබෝධය වුණා වුණා මේ ප්‍රථම ධර්මාභිසමය යි. යම් දාක භාග්‍යවතුන් වහන්සේ සුදසුන් උයන් දොර මහාසාල මූලයෙහි යමක ප්‍රාතිහාර්ය කොට තව්තිසා දෙව්ලොව වස් විසූ සේක් ද එකල තිස්හත්දහසකට ධර්මවබෝධය වුණා. මේ දෙවැනි ධර්මාභිසමයයි. යම් කලක සුජාත දසබලයන් වහන්සේ පියාණන් වෙත වැඩි සේක් ද එකල සැටලක්ෂයකට ධර්මාවබෝධය වුණා මේ තෙවැනි ධර්මාභිසමය යි .

එම මණ්ඩ කල්පයෙහි සිංහයෙකුගේ හනුවකට බඳු හනු ඇති, දෙටු ගවයකුගේ කඳට බඳු සමට වටවූ කඳ ඇති, අපමණ තෙද ඇති, කිසිම සතුරෙකුට ළංවිය නොහැකි, සඳ මෙන් නිමල වූ , හිරු මෙන් ප්‍රභාශ්වර වූ බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මුළු මහත් දඹදිවූ තලය පුරාම ප්‍රචලිත වන්නට වුනා.

අපේ බෝධිසත්වයන් වහන්සේ එකල මහා සක්විති රජ කෙනෙක්. සුජාත බුදුන්ගේ ලොව පහළවීම අහසින් ලොව සිසාරා යමින් සිටි උන්වහන්සේගේ කනවැටිමටත් වැඩිකල කරමින් නැහැ. ඒ ඇසූ සැණින්ම උන්වහන්සේ සුජාත බුදුරජාණන් වහන්සේ වෙතට පැමිනියේ සසර පුරුද්දටමයි. ඇවිත් බණ අහන්නට වුණා .ඉන් අනතුරුව ඒ කෝටි ගණනක් වූ භික්ෂු සංඝයා හට සත් රත්න සමග දන් දෙන්නට වුණා . ලොව ඉහළම තනතුරු වූ සක්විති රජකම හැර දා උන්වහන්සේත් සුජාත බුදුරජාණන් වහන්සේ අබියස මහණ දිවියට ඇතුළත් වුණා .

ඒ රාජධානිය රජකුගෙන් තොර වූවත් සියලු මහජනතාව රජයට හිමි අය බදු රැස් කරමින් බුදුන් ප්‍රමුඛ සංඝයා සිටිනතාක් කල් දන් දෙමින් පුද සත්කාර කරනු ලැබුවා .

මේ සියල්ල අවසානයේ සුජාත බුදුරජාණන් වහන්සේ පුණ්‍යානු මෝදනා කරන්නට වුනා. එවිට අප මහා බෝධිසත්වයන් වහන්සේ මතු ගෞතම නමින් බුදුසසුණ බබළවන සම්මා සම්බුදුවරයෙකු වන බව දැන “ඔබ මතු බුදුවන බව” දේශණා කරමින් නියත විවරණ දී වදාරනු ලැබුවා.

අප බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් අනතුරුව පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන් භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.

කෝටි සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසගේ සාදු කාර නදට දෙවියන් හා බ්‍රහ්මයන්ගේ සාදු නදද එකතු වුනා. ඒ නාදය සක්වලින් සක්වලට පතුරුණා. නැවතත් මදාරා මල් දසත විහිදුනා. වර්තමානයේ ඔබ අප වෙනුවෙන් මෙලෙස බුද්ධාන්කුරයක් තව දුරටත් දළුලමින් පැවතිය.

සාදු සාදු සාදු !!!

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
31-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2nNedpr
-පිං පොතක් ලිවීමේ වාසි-

නොයෙක් ආගම් වල නොයෙක් පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි.

මේ අකාරයට බෞද්ධ ඔබ එසේ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ පොතක ලියන තරමට පිං කුසල් තව තවත් යෙදීමට කැමැත්තක් ඇතිවෙනවා. එවිට තමන්ටත් නොදැනීම පිං කුසල් වලින් පිං පොත් පිරෙනවා. ඒක තමන්ට පමණක් නොව අනික් අයටත් යහපත් ආදර්ශයක්. ඒක දකින පුංචි ළමයි පවා පිං කුසල් වල යෙදීමට උනන්දු වෙනවා.

තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නෙ දැන් නෙවෙයි. වයසට ගියාමයි, ලෙඩ ඇඳේ ඉන්නකොටයි, මරණාසන්න වෙනකොටයි. එතකොට පිං පොත කියවලා මතකයන් අලුත් කරගෙන සුගතියෙ හිත පිහිටුවන්න ලේසියි. වයසට ගියාම මැරෙන්න ලං වෙලා ආයෙ අමුතුවෙන් පිංකම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. අද කාලෙ ආච්චිලා සීයලා තරුණ කාලේ පිංකම් පිලිබඳව නොසිතා වයසට ගිහින් පිංකම් කිරීමට උනන්දුවක් දැක් වුවත් ශරීරයේ ඇති විවිධ දුබලතා නිසා එසේ කිරීමට අපහසුවේ. ඒ නිසා ලමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිංකුසල් වල යෙදී ඒ කල පිං කුසල් වෙනම පොතක ලියා සටහන් කර තබන්න. කාලයාගේ ඇවෑමෙන් වයසට යෑමෙන් හෝ ලෙඩ ඇඳේ සිට හෝ කල පිං කුසල් සිහි කර ගත්තා නම් කිසිම අපහසුතාවයකින් තොරව පිං වලින් හිත පුරවගන්න පුලුවන්.ඒ වගේම සුගතියේ හිත පිහිටුවා ගන්න පුලුවන්.
“උපාදාන පච්චයා භවෝ” එනම් උපාදානය නිසා භවය හට ගන්නවා කියලා පටිච්ච සමුප්පාද විවරණයේදී පැහැදිලි කරන්නෙ ඒ නිසයි.
එසේනම් අපි පිනක් කුසලයක් අරමුණු කරගෙන මියගියහොත් තමයි යහපත් තැනක ඉපදෙන්නෙ.
දුටුගැමුණු රජු හොඳම උදාහරණයක්.
කොතරම් පිං කලත් මරණාසන්න වෙනකොට කල පිං අමතක වෙනවා.ඒ නිසා තමන්ට කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් ඥාතියෙක් ලවා හෝ පිං පොත කියවාගන්න හැකියාව ලැබෙනවා.
ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කල පිං කුසල් වෙනම පොතක ලියන්න.

තෙරුවන් සරණයි!!

අනෙක් අයටත් මේ පණිවිඩය යවන්න.

Dushyantha Chiraj Bandara

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mJXAel
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 58 🧡💛

🌷 සුමේධ බුදුහාමුදුරුවෝ 03 🌷

🌺 ශ්‍රාවක සන්නිපාත

සුමේධ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා . යම් කලෙක ජිනරාජයන් වහන්සේ ’’සුදස්සන’’ නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූනා. ඒ පළමු පළමු සන්නපාතය වුනා.

ඒ කාලයෙහි නැවත “දේව කූට” නම් පර්වතයේ භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී අනූ කෝටියක් රහත් භික්‍ෂූන්ගේ දෙවැනි සන්නිපාතය වුනා.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ චාරිකා කරන සමයේ තෙවන සමාගම අසූ කෝටියක් වුනා.

🌺නියත විවරණ

ඒ කාලේ අපගේ බෝසතාණන් වහන්සේ සියලු දෙනාටම උතුම් උත්තර නම් මානවකයෙක්ව සිටියා. ඔහුගේ නිවසෙහි නිදන් කිරීම සඳහා අසූ කෝටියක් ධනය රැස්කොට තිබුණා. අප මහා බෝසතාණෝ ඒ සියලු ධනස්කන්ධය වියදම් කොට බුදුපාමොක් බික්සඟන ට මහ දන් පිරිකර පුදා උන්වහන්සේගේ බණ අසා සරණෙහි පිහිටා ගිහිගෙයින් නික්ම පැවිදි වුණා . ඒ දානය අවසානයේ දී ශාස්තෘන් වහන්සේ පුණ්‍යානුමෝදනා කරමින් ඔබ මින් මතු කල්ප තිස්දහසක් ගිය කල ගෞතම නමින් බුදු වන්නේ යැ යි නියත විවරණ දී වදාරනු ලැබුවා. දෙවියන් බඹුන් ගේ සාධුකාර නාදය ද ද දෙතිස් පෙළහර ද එකවර ඇති වුණා . ඒ විවරණය පිළිබඳව බොහෝ කරුණු අන්තර්ගත වී නැතත් කල්ප කාලාන්තරයක් තිස්සේ පැමිණ තවත් අධිෂ්ඨානයක් තවත් සම්මා සම්බුදුවරයෙකු හමුවේ මෙලෙස මල්ඵල ගැන් වුණා. අප මහා බෝසතාණෝ නොපමාව වෙහෙසෙමින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන්ගේ පරතෙරට ගොස් මෙලොවින් සමුගෙන තවත් කල්ප ගණනකට බඹලොව ඉපදුණා.

🍂 ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා.🍂

මහර්ෂීවූ ඒ සුමේධ බුදුරදුන්ගේ (උපන්) නුවර ’’සුදස්සන’’ නම්. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුදත්තා’’ නම් වූවාය.

අවුරුදු නව දහසක් ඒ (සුමේධ) බුදුරජතෙම (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසිී. ’’සුචන්‍ද’’ය, ’’කඤ්චන’’ ය, ’’සිරිවඩ්ඪ’’ ය යන උතුම් ප්‍රාසාද රත්න තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතළිස් අට දහසෙකි. ඒ (ප්‍රසිද්‍ධවූ) බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’සුමිත්ත’’ නම් වී.

(සුමෙධ) ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ සුමෙධ නම් ලෝනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුදස්සන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සරණ’’ ද, ’’සබ්බකාමී’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සාගර’’ නම් වී.

’’රාමා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මිදෙල්ල (හෝ නොහොත් කොළොම්) ගස යයි කියනු ලැබේ.

’’උරුවෙල’’ ද, ’’යසව්’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’යසොධරා’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

(සුමෙධ) මහමුනිඳු තෙම අසූ අට රියනක් උස්වී. තරු අතරෙහි සඳ මෙන් සියලු දිගුන් හෙබවී.

සක්විති රජුගේ මැණික යම්සේ යොදුනක් තැන් බබලවාද, එසේම ඒ (සුමෙධ) බුදුරදුන්ගේ ශරීර රත්නයේ කාන්තිය හාත්පස යොදුනක් තැන් පැතිරෙයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ත්‍රිවිද්‍යාවෙන් හා ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, තාදී ගුණයෙන් යුත් යහපත් රහතුන්ගෙන් මේ ශාසනය ගැවසී ගත්තේ වී.

ඒ සියල්ලෝද අපමණ පිරිවර ඇත්තෝය. කෙලෙසුන්ගෙන් මිදුනෝය. උපධි රහිතයෝය. මහා යසස් ඇති උන්වහන්සේලා ඤාණාලෝකය දක්වා පිරිනිවියහ.

සිව්සස් අවබෝධ කළ සුමෙධ ජිනවර තෙම ’’මෙධ’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
28-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mHILcd
ලොවේ පහළ වන සෑම බුදුරජාණන් වහන්සේ නමක් ම පිරිනිවන් පා, ශී‍්‍ර දේහය ආදාහනය කිරීමෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේලා බිඳී විසිරී යනවා. මේ උතුම් ධාතූන් වහන්සේලා මිනිසුන්ට වන්දනා කිරීම පිණිස බොහෝ කාලයක් පවතින්නේ නැහැ. දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා සම්බුදු කෘත්‍ය අවසන් ව පිරිනිවන් පාද්දී ධාතූන් වහන්සේලා ඒකඝනව පිහිටවන්නට අධිෂ්ඨාන කරනවා. එනම්, ශ්‍රී දේහයේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා රන් තැටියක් සේ, රන් පැහැයට, එක කැටියක රන් දෙන තුළ පිහිටනවා. මේ නිසා දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා එකම චෛත්‍යයක තැන්පත් කරනවා.

හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පෑමෙන් පසුව සක්විති රජ කෙනෙක් ආදාහනය කරන සේ ශ්‍රී දේහය ආදාහනය කෙරෙනවා. මුලින්ම අලුත් සිවුරකින් ඔතලා, කපු පුළුන් පටලයක් එයට උඩින් ඔතා, නැවත අලුත් සිවුරක්, කපු පුළුන් පටලයක් ආදී ලෙස සිවුරු පන්සියයකින් , කපු පුළුන් පටල පන්සියයකින් ශ්‍රී දේහය ඔතා රනින් සකස් කළ දෙනක තැන්පත් කරනවා. මේ රන් දෙන, සඳුන් දර වලින් සකස් කළ චිතකය මත නංවා ගිනි දල්වනවා. ශ්‍රී දේහය ආදාහනය කරද්දී රන් දෙන පිළිස්සෙන්නේ නැතිව එහි ඇති සිදුරු අතුරින් ගිනි දැල් පැමිණ කපු පුළුන් පටලත්, සිවුරුත් පිළිස්සී යනවා. හැබැයි, පළවෙනියට ඔතන සිවුරත්, පන්සියවෙනියට ඔතන සිවුරත් පිළිසෙන්නේ නැහැ. මේවා බුද්ධ අධිෂ්ඨාන.

ශී‍්‍ර දේහය ආදාහනය වී ආසන්න වෙද්දී අවට ඇති සල්ගස්වල අතු චිතකය දෙසට නැමී , පොළොවෙන් උරාගත් ජල ධාරාවන් චිතකයට විහිදී යනවා, වැස්ස වළාහක දෙවිවරු චිතකයට පමණක් වැසි ඇද හැලෙන්න සලස්වා, චිතකයේ ගිනි දැල් නිවා දමනවා. අවසානයේ රන් දෙන පිටින් ම ඇතෙක් මත තැන්පත් කර, පෙරහරකින් නගරය වටාම ප්‍රදක්ෂිණා කර, ධාතූන් වහන්සේ බෙදා දීම පිණිස අසිරිමත් මණ්ඩපයක් මත රන් දෙන වඩම්වනවා.

මුලින්ම රන් දෙන විවර කරද්දී අසිරිමත් සිදුවීමක් ඇති වුණා.

ශ්‍රී දේහය ආදාහනය වෙද්දී, තවත් අසිරිමත් දේ රැසක් සිදු වෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගෝල නමක් වන සරභූ මහ රහතන් වහන්සේ තේජෝ කසිණයට සමවැදී ගිනි දැල් අතුරෙන් චිතකයට වැඩම කර, බුදුන් වහන්සේගේ ශි‍්‍රවා ධාතූන් වහන්සේ අතට ගෙන අහසින් ම පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ ලංකා භූමියට වැඩම කර, සුමන සමන් දෙවියන් කේශ ධාතු තැන්පත් කර ඉදිකළ මහියංගණ චෛත්‍යයේ ධාතු ගර්භය තුළ ග්‍රී‍්‍රිවා ධාතූන් වහන්සේ තැන්පත් කළ බව ඉතිහාස තොරතුරුවල සඳහන් වෙනවා. එසේම සැරියුත් මහ රහතන් වහන්සේගේ තවත් ඍද්ධිි බල භික්ෂුවක් වන්නේ ඛේම මහ රහතන් වහන්සේ යි. උන් වහන්සේ ගිනි දැල් අතුරෙන් ම චිතකයට ඇතුළුව, බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ ඍද්ධියෙන් අතට ගෙන එදා කළිඟු රට රජකළ බ්‍රහ්මදත්ත රජතුමාට පැවරුවා. මෙලෙස පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන පැමිණි ඒ උතුම් වාම යටි දළදා වහන්සේ දන්ත කුමරු, හේමමාලා අත ආරක්ෂාව පිණිස ලංකාවට වැඩමවූවා. එය අපේ රටේ මුදුන් මල් කඩක් බඳු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපමණ පුදු පූජා ලබමින් වැඩ සිටීම ඉමහත් භාග්‍යයක් වෙනවා. මේ ධාතූන් වහන්සේලා දෙනම චිතකය ආදාහනය වෙද්දී ඍද්ධියෙන් මහ රහතන් වහන්සේලා විසින් එළියට වැඩමවූවා. අනෙක් සියලුම ධාතූන් වහන්සේලා රන්දෙනේ එලෙසම ඉතිරි වූවා. මේ ධාතූන් වහන්සේ බෙදා දෙද්දී බුදුන් වහන්සේගේ නළල් තලය( ලලාට ධාතූන් වහන්සේ) විශාලම ධාතූන් වහන්සේ, හිස් කබල ඉදිරිපස පිහිිටි අසිරිමත් ම ධාතූන් වහන්සේ ලැබුණේ මල්ල රජ දරුවන්ගේ ධාතූන් වහන්සේලාගේ කොටසින්. එදා උපවර්තන සාල වමෝද්‍යානයේ ධාතූන් වහන්සේලා බෙදන අවස්ථාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටියා. උන් වහන්සේ ඒ මොහොතේ මල්ල රජදරුවන් සහ ද්‍රෝණ බමුණා දැනුවත් කර, රජදරුවනි, බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ලලාට ධාතූන් වහන්සේ ලංකා භූමියේ පිහිටන වගට මෙවන් විස්තරයක් කර තිබෙනවා යැ’යි ඉතිහාසයේ බුදුන් වහන්සේ සඟ පිරිස අතරේ දේශනා කළ කතාවක් වදාළා.

ලංකා භූමියේ මහවැලි ගඟ අසබඩ වරාහොඬ නමින් හඳුන්වන සේරු නම් නුවරක අනාගතයේ කාවන්තිස්ස නම් රජකෙනෙක් මහා සෑයක් කර, රන් බුද්ධ ප්‍රතිමාවක නළල් තලයේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර, බොහෝ දෙව් මිනිසුන්ගේ වන්දනා පිණිස අනාගතයේ පිහිටන බවට ශී‍්‍ර මුඛයෙන් දේශනා කළ බව, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මල්ල රජදරුවන් ට දැනුම් දී ලලාට ධාතූන් වහන්සේ ඉල්ලා ගත්තා

මෙලෙස පරම්පරාවෙන් පරම්පරාවට ලලාට ධාතූන් වහන්සේ ආරක්ෂා කරගෙන නියමිත කාලයේ දී ලංකා භූමියට ලැබෙන්න සැලැස්වූවා. මේ උතුම් ලලාට ධාතූන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගෙන , උන් වහන්සේගේ බොහොම ඍද්ධි බල සම්පන්න ගෝල ශිෂ්‍ය නමකට පවරා, එය ආරක්ෂා කරගෙන නියමිත කාලයේ ලංකාවට ලැබෙන්න සලස්වන්නැ’යි වදාළා. උන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ රැගෙන අහසින් ම වැඩම කර, විශාලා මහනුවර කූටාගාර ශාලාවේ පිහිටි බුදුන් වහන්සේගේ ගන්ධ කුටියේ තැන්පත් කර දෙව් මිනිසුන්ට වන්දනා මාන කරන්න සැලැසූවා.

උන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව තවත් ගෝල නමක්වන ඍද්ධි බල සම්පන්න මහ රහතන් වහන්සේ නමකට ලලාට ධාතූන් වහන්සේ ආරක්ෂා කරන්න පැවරුවා. උන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ රැගෙන අහසින් ම වැඩම කර, සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ එනම්, එදා අනාථ පිණ්ඩික සිටුතුමා පූජා කළ වහළ හතකින් යුක්ත සත් මහල් සුගන්ධ කුටියේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර, ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම ආරක්ෂා කළා. ඉන්පසුව උන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වන තවත් රහතන් වහන්සේ නමකට පවරා, බුදුන් වහන්සේ වැඩ සිටිය ඉසිපතන මිගදායේ මුලගන්ධ කුටි විහාරය තුළ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර , බොහෝ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ඒ ස්වාමීන් වහන්සේ ද පිරිනිවන් පාන තෙක්ම රැක ගත්තා. උන් වහන්සේගෙන් පසුව තවත් ගෝල නමක් වූ ඍද්ධි බලමහ රහතන් වහන්සේනමකට ලලාට ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පැවරුවා . ඒ රහතන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ රැගෙන කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයට වැඩම කර, බුදුන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියේ තැන්පත් කර, පුද පූජාවන් පැවැත්වූවා. මෙලෙස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරා පහක් ලලාට ධාතූන් වහන්සේ ආරක්ෂා කරගෙන පැමිණ, ඝෝෂිතාරාමයේ සිට අහසින් නියමිත කාලය වෙද්දී ලංකා භූමියට වැඩම කරවූවා.

මේ උතුම් ලලාට ධාතූන් වහන්සේ ලංකා භූමියේ රජවරු ගණනාවක් යටතේ පුද පූජා ලබමින් ආරක්ෂිත ව අවසානයේ කාවන්තිස්ස රජතුමා එනම් මතු බුදු වන මෛත්‍රී බුදුන්වහන්සේගේ පියාණන්, සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ,මහ රහතන් වහන්සේලාගේ උපදෙසින් ඉදිකර, ජීවමාන බුදු රුවක් විලසින් නිර්මිත රන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරද්දී තවත් අසිරියක් සිදු වුණා. ලලාට ධාතූන් වහන්සේ අහසට පැන නැග, අහසේ පෙළහර පා රන් බුද්ධ ප්‍රතිමාවේ නළල් තළයේ පිහිටියා. මහ පොළොව කම්පිත ව දස දහසක් ලෝක ධාතු සිසාරා ආලෝක ධාරාවන් පැන නැඟුණු බව ධර්මයේ සඳහන් වෙනවා. එසේම ඍද්ධිබල සම්පන්න මහ රහතන් වහන්සේ නමක් නාග ලෝකයට වැඩම කර , එහි තිබූ කේශ ධාතූන් වහන්සේ නමක් වඩම්මවා විහාරමහා දේවියගේ දෝතින් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත තැන්පත් කළා. මෙවන් අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ සේරුවිල මංගල මහා සෑයේ තැන්පත් වුණා.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lM88ZQ
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 57 🧡💛

🌷 සුමේධ බුදුහාමුදුරුවෝ 02 🌷

🌼 කුම්භකර්ණ යක්ෂ දමණය 🌼

සුමේධ බුදුරජාණන් වහන්සේ අසූ අට රියනක් උස දේහධාරී දෙව්ලොව තැනූ රන් තොරණක් මෙන් බබළන විශේෂිත වූ මනුෂ්‍යරත්නයක් බව මින් ඉහත ලිපියේ දී පැවසුවා . එවන් ප්‍රභාෂ්වර පුද්ගලයෙක් හමුවේ ඕනෑම පුද්ගලයෙකු දමනයවිම රහසක් නොවේ. එහෙත් ඒ මනුෂ්‍යත්වයට උත්තරීතර බුද්ධත්වයත් එකතු වූ කල ඇති වන අසීමිත බලය ශක්තිය හමු වේ මුළු විශ්වයම හිස නමනවා . එහෙත් එවන් උත්තරීතර මනුෂ්‍යත්වය කටත් හිස නොනමනා බිහිසුණු යක්ෂ සේනාධිපතියන් ඒ කාලෙත් හිටියා . මේ කියන්න යන්නේ එවැනි බිහිසුණු යක්ෂයෙක් ගැන. හරියට ම ඔබ අසා ඇති සුරංගනා කතාවක් වගේ. බුදු කෙනෙකුගේ දේශනාවක් නොවේ නම් ඇත්තෙන් ම මෙය සුරංගනා කතාවක් ලෙසයි අපට හැඟෙන්නේ .

මේ අති භයංකාර යක්ෂයා ගේ නම කුම්බකරණ. ඔහු මහානුභාව සම්පන්නයි. ඔහු ජීවත්වුණේ මිනිසුන් ආහාරයට ගනිමින්. ඒ ඒ ජනපදවල රාජ්‍යය පාලනය කරනු ලැබූ රජවරුන් කළේ ඔහුට ආහාරය සඳහා අවශ්‍ය මිනිසුන් සහ අනිකුත් ද්‍රව්‍ය විටින් විට සැපයීමයි. එදින ද පෙර මෙන් ම මහා යාගයක් පවත්වන දවසක් . රාජ කුමාරයෙකු ඇතුළු ගැල් පිරූ බත්ද අනෙකුත් භෝජනද ඒ වන විට සැකසෙමින් තිබුණා. සුමේධ බුදුරජාණන් වහන්සේ එදින පාන්දර යාමයේ මහා කරුණා සමාපත්තියට සමවැදී ඉන් නැගී ලොව බලන විට අද දිනයේදී මේ සිදුවන්නට යන මහා යාගය දුටුවා . උන් වහන්සේ ඒ මොහොතේම මහත් වූ කරුණාවෙන් ඒ යක්ෂ භවනට වැඩම කොට යක්ෂයා ගේ සිරි යහනේ සමාධිමත් හිතෙන් වැඩසිටින්නට වුණා.

දණ්ඩෙන් ගැසූ ඝෝර විෂ සහිත සර්පයකු මෙන් කිපුණු ඒ යක්ෂයා ද දසබලයන් වහන්සේ ට හිංසා කරනු කැමැති ව තම ආත්මභාවය ඝෝරතර කොට හිස පර්වතයක් මෙන් කොට ඇස් හිරු මඬල මෙන් කොට නඟුලිස් බදු දික්මහත් තියුණු දළ මවා එල්බෙන කළු මහත් උසම උදරයක් ඇතිව තල්කඳක් මෙන් සා බාහු ඇති විරූප වූ වක් නාසා ඇති පර්වත කුහරයක් බඳු මහා රතු කටක් ඇති මහත් පිඟුවන් රළු පරුෂ කෙහෙ ඇති අතිබිහිසුණු දැකුම් ඇතිව සුමේධ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවවිත් දිළියෙමින් පාෂාණ පර්වත අග්නි ජාලා මඩ අලු ආයුධ අඟුරු වැලි බඳු නව ආකාර මහා වැසි වස්වන්නට වුනා. එහෙත් ඒ සියල්ලගෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ රෝමාග්‍රයක් හෝ සෙලවිය නොහැකිව මහ හඬින් ගිගුම් දෙන්නට වුණා. අවසානයේ යක්ෂයාට තේරුම් ගියා එවැනි දෙයින් භාග්‍යවතුන් වහන්සේට කෙසේවත් හානියක් කල නොහැකි බව.

ඔහුගේ ඊළඟ පියවර වුණේ ආලවක යක්ෂයා වගේ ප්‍රශ්න ඇසීමෙන් පසු මරණයට පත් කිරීමයි. ඔහු ඇසූ සියලු ප්‍රශ්න වලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නා . ඒ පිළිතුරු වලින්ම ඒ මහා භයානක යක්ෂයාව කෙමෙන් කෙමෙන් හික්මවන්නට වුණා. අවසානයේ තවදුරටත් කළ දෙයක් නොහැකිව ඒ මහා යක්ෂ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරමින් උන්වහන්සේ ඉදිරියේ දමනය වුණා. පසු දින උදෑසන මහජනතාව ගැල් පිරූ බත්ද, රාජ කුමාරයා ද සමග සමග ගෙනවිත් යක්ෂයා හට පුද කලා. එවිට ඒ යක්ෂයා රාජ කුමාරයා ව බුදුරජාණන් වහන්සේට පූජ කරනු ලැබුවා. මේ වන විටත් මේ යුද්ධය බලන්න භික්ෂූන් වහන්සේලා ඇතුළු අනූ කෙලක් ප්‍රානීන්ගෙන් ඒ මුළු වනයම පිරි පැවතුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ යක්ෂ සමාගමේ සිටිමින්ම යක්ෂයාගේ මනසට වැටහෙන පරිදි ධර්මය දේශනා කරනු ලැබුවා. ඒ බුද්ධානුභාවයෙන් යක්ෂයාට පමණක් නෙවෙයි අනූකෙළක් වූ මහජනතාවටද ඒ ධර්මය එකවර ශ්‍රවණය කරන්නට හැකි වුණා. එයින් ඒ රැස්ව සිටි සියලු ජනී ජනයා හට දහම් ඇස පහළ වුණා . එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය ද වුණා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
27-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2o1hx0F
කඳු වළල්ලකින්ද, ඇද හැලෙන සුනිල දිය දහරාවන්ගෙන් ද සමන්විත වූ සුන්දර ගම්මානයක මිතුරන් සිවු දෙනෙක් වාසය කළහ. ඔවුහු බ්‍රාහ්මණ පුත්‍රයෝය. කුඩා කල පටන්ම එකිනෙකාට ඉතා මිත්‍රශීලීව වාසය කළ එකට කා බී, එකට කෙළි සෙල්ලම්කොට, එකට ශිල්ප හැදෑරූ මේ මිතුරෝ තිදෙනෙක් සකල ශාස්ත්‍ර ඥානයෙන් පරිපුර්ණ වූහ. අවාසනාවකට වගේ සතර වැන්නාට කිසියම් වූ ශිල්පයක් ඉගෙන ගන්නට නොහැකි විය. නමුත් සිවු දෙනාගේ මිත්‍රත්වයට නම් එයින් බාධාවක් වුණේ නැත. දිනක් මිතුරෝ සිවු දෙනා එකට එකතු වී මෙසේ කතිකා කර ගත්හ.

“අපි බොහොම උගත් අය …නමුත් අපි අපේ උගත්කමින් නියම ප්‍රයෝජන ගන්නවාද?” “ඇත්තටම ඔව්. අපි නිකරුණේ කාලය ගත කරනවා. අපිට අපේ ශීල්පීය දැනුමෙන් මොනතරම් විස්මිත දේ කරන්න පුළුවන්ද? ඒත් මේ රටේ ඉඳගෙන නම් පලක් ඇති වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ.”

“මේ රටේ බැරිනම් අපි ඈත රටකට ගොහින් රාජ්‍ය සේවයට බැඳිලා ධනය උපයා ගනිමු. ඔව් අපි අද හෙටම පිටත් වෙමු.”

මෙසේ කතිකා කරගත් මිතුරෝ සිවුදෙනා ටික දිනකට පසු ඈත රටක් බලා යන්නට ගමන් ආරම්භ කළහ.

එසේ ටික දුරක් යන විට උගත් මිතුරන් තිදෙනාගෙන් එක් අයෙක් අනෙක් දෙදෙනාට රහසින් මෙසේ කීය.

“අපි හතරදෙනාගෙන් හතරවැන්නා බුද්ධිමත් තමයි. නමුත් ඔහු නූගතෙක්. කිසිම ශාස්ත්‍රයක් විද්‍යාවක් ඔහු හදාරලා නෑ. ඉතින් ඔහු කොහොමද රජුන් ළඟ සේවය කරන්නේ. අපට වෙන්නේ අපේ ඥානයෙන් උපයා ගන්නා ධනයෙන් කොටසක් ඔහුට දෙන්නයි. ඒ නිසා ඔහුව ආපසු ගමට අරිමු “.

ඒත් අනෙක් මිතුරන් දෙදෙනා සිය නූගත් මිතුරාට අනුකම්පා කළහ.

“කමක් නැහැ. ඔහු කුඩා කාලයේ ඉඳන්ම අපිත් එක්ක එකටයි හිටියෙ. ඒ නිසා ඔහුත් එක්ක යමු. අපි උපයන දෙයින් සුළුවෙන් යමක් ඔහුටත් දෙමු “

මෙසේ කතිකා කරගෙන ගමන් ඇරඹූ මිතුරන් සිවුදෙනා බොහෝ දුර ගෙවමින් පැමිණ සන්ධ්‍යා කාලය වෙද්දී මහ වනයකට පැමිණියහ.

“හප්පේ හරිම මහන්සියි. අඳුර වැටීගෙනත් එනවා. අද අපි ගමන ‍ෙමතනින් නතර කරලා රෑට නතර වෙන්න තැනක් පිළියෙල කරගමු “

“ඔව් ….ඔව්.ඔය ඕන තරම් රූස්ස ගස් තියෙන්නෙ.එයින් එකක් යට ශුද්ධ පවිත්‍ර කර ගමු”

මෙසේ කතා කොට රාත්‍රිය ගත කිරීම සඳහා සුවිසල් ගසක් යට පවිත්‍ර කරන අතරේ ගස මුල තිබූ ඇට කටු ගොඩක් ඔවුන්ට පෙනිණ.

“ඒයි මෙන්න ඇට කටු ගොඩක්, මට නම් දැනෙන හැටියට මේ සිංහයෙකුගෙ ඇටකටු. එහෙම නේද මිතුරනි.

අනෙක් මිතුරෝ හිස සලා එය අනුමත කළා. ඒ අතර එක් උගත් මිතුරෙක් කතා කළා. “ මිතුරනි මට කදිම අදහසක් පහළ වුණා. රජුන්ගෙන් සේවයට යන්නට කලින් මෙන්න අපේ දැනුම උරගා බලන්නට අවස්ථාවක්, අපි එයින් ප්‍රයෝජන ගමු. අපි මේ ඇට කටු ගොඩ අපේ ශාස්ත්‍රඥානයේ මහිමයෙන් සැබෑ සිංහයෙක් බවට පත් කරමු. අනෙක් උගත් මිතුරන් දෙදෙනා අත්පොළොසන් දී ඒ අදහස අනුමත කළත් නූගත් මිතුරා එයට අකමැති වුණා.

“මිත්‍රවරුන්, ටිකක් හිතන්න. මේ මහා වනයේ අපි ළඟම සිංහයෙක් ඇති වෙනවා කියන්නෙ මොන තරම් භයානක දෙයක්ද? ඇරත් අපි අතේ ආයුධයක්වත් නෑ. ඔය වැඩේ නම් කරන්න එපා අපි අපේ ගමන යමු.”

“මෝඩ කතා කියන්න එපා අප තිදෙනාගේ ශාස්ත්‍රඥානය පිළිබඳ නුඹ අගෞරව කරනවාද? නෑ යාළුවේ අපි මේ සිංහයාට පණ දෙනවාමයි.”

නූගත් මිතුරා නිහඬ වුණා. උගත් මිතුරන් තිදෙනා ඒ භයානක කාර්යය ආරම්භ කළා.

පළමුවැන්නා තම ශාස්ත්‍රඥානයෙන් ඇට කැබලි සියල්ල නිරීක්ෂණ කොට ඉතා සියුම් ලෙස සිංහ ඇට සැකිල්ලක් නිර්මාණය කළා. ඉන් පසු දෙවැන්නා තම ලත් සකල විද්‍යාවන් උපයෝගී කොට සිංහ ඇට සැකිල්ල සම්, මස්,ලේ, නහර , අතුනු බහන් ආදියෙන් පුරවා පෝෂණය කළා. දැන් ඒ විසල් රුක් සෙවණේ දැවැන්ත සිංහයෙකුගේ මළ සිරුරක් දර්ශනය වුණා. තුන්වැනි උගත් මිතුරා ඉදිරියට ආවා. “මිතුරනි, නුඹලා දෙදෙනාගේ ශිල්ප ඥානය ඉතා ශ්‍රේෂ්ඨයි. මුලින් තිබූ ඇට කටු ගොඩ දැන් සිංහයෙකුගේ මළ සිරුරක් බවට පත් වෙලා. දැන් මගේ වාරයයි. මගේ විද්‍යා දැනුමේ බල මහිම නුඹලාට දැන් බලා ගත හැකිවේවි.”

නූගත් මිතුරා ඒ අවස්ථාවේදීත් ඔහු වළකන්නට උත්සහ දැරුවා.

“එපා එපා…යාළුවේ ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා…නුඹලාට , මෙහි ඇති අනතුර ගැන වැටහීමක් නැත්තේ ඇයි?”

තුන්වැනි මිතුරා කෝපයට පත් වුණා. “ බයගුල්ලා , නුඹ කියන්නේ මට මගේ ශාස්ත්‍ර ඥානය පෙන්වන්න එපා කියලද, ඔය තරම් බය නම් ගසකට නැඟ ගනින්. මම මූට පණ දෙනවාමයි “

නූගත් මිතුරා කල්පනා කළා.

“මේ තුන්දෙනාට මෙහි ඇති බරපතළකම නොතේරෙන හැටි කමක් නෑ. ඒ අය කැමැත්තක් කර ගත්තාවෙ. කොහොම වුණත් මගේ බේරිල්ලට මං ගහකටවත් නැග ගන්නවා.” යාළුවේ එහෙනම් පොඩ්ඩක් ඉන්න මං මේ ගහට නගිනතුරු…”

නූගත් මිතුරා සුවිසල් ගසක මුදුන් අත්තටම නැග ගත්තා.

තුන් වෙනි උගත් මිතුරා තමා දත් සකල ශාස්ත්‍ර ඥානයන් එක්කොට මළ සිංහයාට ප්‍රාණ වායුව පිම්බා, වනය දෙදරවමින් ගර්ජනා කොට නැගිට ගත් ප්‍රාණය ලැබූ සිංහයා මිතුරන් තිදෙනාට හැරෙන්නටවත් ඉඩ නොතබා ඔවුන් මතට පැන මරා දැම්මා. බොහෝ කුස ගින්නේ සිටි සිංහයා මිතුරන් තිදෙනාගේ ශේෂයක්වත් ඉතිරි නොකොට ගිල දමා තෘප්තිමත් ලෙස තොල කට ලෙවකමින් ඈත වනයට ඇදී ගියා.

ගස උඩ සිට බියෙන් වෙවුලමින් මේ සියල්ල බලා සිටි නූගත් මිතුරා තැනට සුදුසු නුවණින් ක්‍රියා කොට ගසට නැග ගත් නිසා තමා බේරුණු අන්දමත්, අවිචාරයෙන් ක්‍රියා කොට තම මිතුරන් විපතට පත් වු අන්දමත් මෙනෙහි කරමින් ගසින් බැස ආපසු සිය ගම්මානය බලා යන්නට ගියා.

ආදර්ශය :-

කොතෙක් ශාස්ත්‍රඥානය ලැබූවත් වේද වේදාන්තයන්හි කෙළ පැමිණියත් බුද්ධි හීන වූවෝ උපද්‍රව වලට නිරතුරුවම ගොදුරු වෙති. පොත පත දැනුම නොලැබූවත් ස්ථානෝචිත ප්‍රඥාව ඇති තැනැත්තෝ බොහෝ උපද්‍රව වලින් ගැලවී ජිවත් වෙති.

පංචතන්ත්‍රය ඇසුරෙනි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2nMznEx
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 56 🧡💛

🌷 සුමේධ බුදුහාමුදුරුවෝ 01🌷

පදුමුත්තර බුද්ධ වංශ කතාව අවසාන කරනකොට ඒ අටුවාචාරීන් වහන්සේලා මෙහෙම කතාවක් කියනවා.

“මෙතැන් පටන් පාරමී පරිමාදියෙහි නැවත නැවත ආ අරුත් හකුළුවා විශේෂ අර්ථ පමණක් දක්වමින් යමි. ඉදින් කී දේ ම පුන පුනා කියන්නම් ද එවිට කවදානම් මේ අර්ථ වර්ණනය නිම වන්නේ ද ?”

ඉන් අදහස් වෙන්නේ මින් පෙර කරනු ලැබූ අර්ථ වර්ණනා නැවත නැවතත් නොකරන බවයි. ඊට හේතුව බුදුවරුන්ගේ අර්ථ වරුණ නම් කියා නිම කළ නොහැකි බවමයි.

පියුමතුරා බුදුන් පිරිනිවී උන්වහන්සේගේ සසුනද අතුරුදහන් වූ පසු සැත්තෑකප් ලක්ෂයක් බුදුවරු ලොව පහල උනේ නැහැ . මෙතැන් පටන් තිස්කප් ලක්ෂයකින් මතු එක් කපෙක සුමේධ සුජාත නම් බුදුවර වරු දෙනමක් ලොව පහළ වුණා . එහි ප්‍රඥාධික සුමේධ නම් බෝසතාණෝ පෙරුම්පුරා තුසී පුර ඉපිද එයින් චුතව සුදස්සන නුවර සුදත්ත නම් රජුගේ අගමෙහෙසිය සුදත්තා නම් දේවියගේ කුස පිළිසිඳ දසමස් ගෙවීමෙන් සුදුසුන් නුවර වලා විවර ගත තරුණ හිරු මෙන් මවුකුසින් මෙලොවට බිහි වුණා. උන්වහන්සේ අවුරුදු නව දහසක් ගිහිගෙයි ගත කළා . උන්වහන්සේට සුචන්‍දක, කොඤච හා සිරිවඩ්ඪ නම් රමණීය ප්‍රසාද තුනක් වුනා. සුමනා දේවිය ප්‍රමුඛ හතලිස් අට දහසක් ස්ත්‍රින් උන් වහන්සේට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරනු ලැබුවා .

උන්වහන්සේගේ මහා තේජසින් පිරි රූප රූපශ්‍රීය පිළිබඳව ගාථා කිහිපයකින් විශේෂ වර්ණනාවක් කර තිබෙනවා. අට්ට කතා ආචාර්ය වරු ඒ ගාථා මෙලෙස අරුත් ගන්වනවා.

උන්වහන්සේ මහත් තේජස් සම්පන්න යි . උන්වහන්සේගේ දෙනෙත් සෝදා ඔප දමා තිබූ මිණි ගුලියක් වැනි නුවන් යුගලක් කියලයි කියන්නේ . ඒ නේත්‍රා මුදු සිනිදු නිල් පැහැති සියුම් පිහාටුවෙන් වට වී අතිශයින් දීප්තිමත්ව බැබළුණා. පිරිපුන් සරා සඳ වන් මුහුණක් ඇති අසූ අටරියන් පමණ උස වූ පිරිපුන් සිරුර අන් අයට නැති දේහධාරී ස්වභාවයකින් යුක්ත වූ බව කියනවා . බ්‍රහ්මර්ජුගාත්‍ර ඇති සෘජුව උස් වූ ශරීරයක් ඇති දෙව්නුවර ක තැනූ රන්තොරණක් වැනි ප්‍රභාෂ්වර වූ දේහය නිරන්තරයෙන්ම බැබළුණ බවත් ඒ ගාථා වලින් කියනවා. ඒ වර්ණනවා එතැනින් නිමයි.

සුමනා දේවියට පුනබ්බසුමිත්ත නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුනා. උන්වහන්සේ අනුව යමින් සිය කෝටියක් මිනිස්සු පැවිදි වූනා. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින නකුල නිගමෙහි නකුල සිටු දියණිය දුන් පරම මධුර මිකිරිබත් වළඳා සල්උයන්හි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන මිදෙල්ල (කොළොම්) බෝමුල තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විසි රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල නසා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි භව්‍ය පුද්ගලයන් බලන සේක් තම බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද ඇතුළු තමන් සමග පැවිදි වූ කෙළ සියයක් වූ පිරිස ද සිවුසස් අවබෝධයට සමත් බව දැක අහසින් වැඩ සුදස්සන නුවර අසල සුදසුන් උයනෙහි බැස ධම්සක් දෙශනා කරනු ලැබුවා . එහිදී කෙළ ලක්‍ෂයක සත්වයන්ට ධර්මාවබෝධය වුණා . එය සුමේධ බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ධර්‍මාභිසමය ලෙස ඉතිහාසයට එක් වුණා .

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
23-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lsW2ES
මේ ලෝකයේ කාරණා දහයක් ඉතා දුර්ලභයි. නමුත් ඒ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දේවල් කවුරුත් ලබන්න කැමතියි. නමුත් දුර්ලභයි. සුළු පිරිසකට තමයි ලැබෙන්නේ. ඒ තමයි,

1. භව භෝග
2. සොඳුරු පැහැපත් බව
3. නිරෝගීකම
4. සිල්වත් බව
5. බඹසර
6. කල්‍යාණ මිත්‍ර ඇසුර
7. බොහෝ දැන උගත් බව
8. ප්‍රඥාව
9. ධර්මය
10. සුගතිය.

මේ කාරණා දහය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ, නමුත් දුර්ලභ දේවල්. කැමතියි, ඒත් ලැබෙන්නේ සුළු පිරිසකට. අන්න ඒ අතර සීලය තිබෙනවා. පන්සිල්, අටසිල්, දසසිල් රකිනවා කියන එක ලේසි නෑ. දුර්ලභයි. සුළු පිරිසක් මේක කරන්නේ. ඒ වගේ ම යි බඹසර. බඹසර වෙනම කරුණක් විදිහට තියෙනවා. එයින් අදහස් වන්නේ පන්සිල් ආදිය රකින කෙනෙකුට වුණත් බඹසර රකින එක දුර්ලභ කාරණයක් බවයි. ඒ අනුව යමෙක් බඹසර රකිත් ද ඔහු දුෂ්කර දෙයක් කළා වෙනවා. හැබැයි එය ඉෂ්ට කාන්ත මනාප දෙයක්. දුර්ලභ පිරිසකට හිමිවන දෙයක්. මොහොතක් ඔබ සිතා බැලුවොත්, විදේශිකයන්ට බඹසර කොච්චර දුර්ලභ ද යත් බඹසර ගැන දන්නේවත් නැහැ. කියතොත් අසනීපයක් සේ සිතනු ඇති. බටහිර රටවලට බඹසර අනන්තයේ ඇති දෙයක්. ලංකාවෙත් සිල් ගුණදම් රකින්නට උත්සාහ ගන්න අයයි මේ ගැන හොයන්නේ, අහන්නේ, පුරුදු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණය සත්‍යයක් ම යි. මේ උතුම් බඹසර දුර්ලභ දෙයක් ම යි.

අංගුත්තර නිකායේ ඉට්ඨධම්ම සූත්‍රයේ තමයි ඔය කාරණය තියෙන්නේ. ඒ වගේ ම විස්තර කරනවා බඹසරට පළිබෝධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ බඹසර රැකගන්න බැරි හේතුවක් තියෙනවා කියලා. ඒ තමයි ඉන්ද්‍රිය අසංවරය. “ඉන්ද්‍රියාසංවරෝ බ්‍රහ්මචරියස්ස පරිපන්ථෝ” ඉන්ද්‍රිය අසංවරය බඹසරට උවදුරක්. ඇත්තටම බඹසර රකින්න කැමති කෙනා ඉන්ද්‍රිය සංවරය යි කළ යුත්තේ. නමුත් සිල් රකින්න කැමති අය “අනේ මගේ බඹසර කැඩෙනවා” කියනවා මිසක්, ඒ ගැන බලනවා මිසක් ඉඳුරන් සංවර කර ගැනීම ගැන කිසිම අවධානයක් නොමැතිවීම අභාග්‍යයක් ම යි. බඹසරට ආසා කරන්නන් ඉන්ද්‍රිය සංවරය ගැන සිතත්වා!

කුමක් ද මේ ඉන්ද්‍රිය සංවරය? ඇසෙන් රූප බලලා හිත ඇවිස්සෙනවා නම් ඒ රූප නොබලා ඉන්නවා. කනෙන් ශබ්දයක් අසද්දී, නාසයෙන් ගඳ සුවඳ විඳිද්දී, දිවෙන් රස විඳිද්දී, කයෙන් පහස විඳිද්දී, සිතෙන් සිත සිතා ඉඳිද්දී සිත ඇවිස්සෙනවා නම් ඒ අරමුණු නොගෙන ඉන්නවා. බලන්න කොච්චර ඇත්තක් ද කියා. යමෙකුගේ බඹසරට හානි සිදු වේ නම් අනිවාර්යෙන් ම මේ ඉඳුරන් මගින් ගත් අරමුණක් හිත ඇවිස්සෙන විදිහට නැවත නැවත මනසිකාර කරලා ම යි. බඹසර ඉබේ නම් කැඩෙන්නේ නැහැ. ඒ නිසා හිත ඇවිස්සෙන අරමුණුවලින් ඇස, කන, නාසය, දිව, කය, මනස රැකගන්න එක හරිම හපන්කමක්.

කණ්ඨක සූත්‍රයේ තිබෙනවා “ඉන්ද්‍රියේසු ගුත්තද්වාරස්ස විසූකදස්සනං කණ්ඨකෝ” කියලා. “ඉන්ද්‍රිය සංවරයට විසූකදස්සන කටුවකි.” විසූකදස්සන කියන්නේ හිත ඇවිස්සෙන, මුළා කරන විගඩම්වලට. විහිළු තහළු, නාටක, රාගික දර්ශන, කතා, සාද, උත්සව මේ ඔක්කොම විකාර දර්ශන. මේවා තුළ ඉඳගෙන ඉඳුරන් දමනය කරන්නේ කොහොමද? දුරට යා යුතු නැහැ. ඔබගේ ජංගම දුරකථනය ම මෙයට සාක්ෂියයි. ජංගම දුරකථනයේ අන්තර්ජාලය ඔස්සේ තනිකර ම විසූක දර්ශන පෙළ ගස්වා දෙයි. ඉඳුරන් අසංවර වෙයි. බඹසරට වෙච්ච දෙයක් නැහැ.

ඒ සූත්‍රයේ ම තියෙනවා, “බ්‍රහ්මචරියස්ස මාතුගාම උපවිචාරෝ කණ්ඨකෝ” “බඹසර රකින කෙනාට කාන්තාවක් ළඟ ගැවසීම කටුවකි.” ජංගම දුරකථනය තමා ළඟ සිටින ගැහැනියකැයි දුක් කියන්නෝ කියත්. ස්ත්‍රීන් සමඟ ඇඟෑලුම්කම් පාමින්, අල්ලාප සල්ලාපයේ යෙදෙමින් පිරිසිදු බඹසරක් රකින එක ලේසි නැහැ. මේවා තේරුම් ගන්නට ඤාණයක් ඕන. මෝඩ තොඳොල් චරිත සුලි සුළඟට අසු වුණා වගේ කැරකී යනවා. නුවණ තියෙන වීර්යවන්තයා ම මේ කෙලෙස් දාහය සන්සිඳුවා ගන්නවා.

බඹසරට ප්‍රශංසා කරන්නෝ සත්පුරුෂයෝ ම යි. බොහෝ දෙනා අඩුලුහුඬුකම් ම සොයනවා. “අද කාලේ ඕවා කොහෙද කරන්නේ?” කියා කියනවා.“අමුතු සිල්…” කියා අපහාස කරනවා. බටහිර දාර්ශනිකයෝ ලියූ පොත්වල බඹසර රැකිය නොහැකි යැයි කියූ කතා උපුටා දක්වනවා. ඒ අතර අහිංසක ව බඹසර රකින්නෝ ද සිටිනවා. ඒත් හැඟීම් පාලනය කරන්න ගිහින් මානසික රෝග වැළඳේ යැයි බඹසරට ම කොඩිවින කරන කට්ටඩි පිරිසක් ද සිටිනවා. ඇත්තෙන් ම සුළු කලයි තිබෙන්නේ. මේ උතුම් බ්‍රහ්මචාරී සීලය රකින පිරිසෙන් මිහි මඬල හිස් ව යනු ඇති. පොඩි එකාගේ පටන් නැගෙන කාම දාහය සීලය දවාලනු ඇති. මහවුන් ඒවා දැක දැක “අද කාලේ ඕවා සාමාන්‍ය දේවල්” යැයි පිදුරු දමනු ඇති. මේවා සිදුවෙමින් පවතිනවා. ගුරු ඇසුරක් නැති බව, අහෝ ! අවාසනාවක මහත.

ගැටළු එන්නේ රකින කෙනාට යි. ඔහු ටික ටික නැගිටිනු ඇති. ඒ සඳහා සත්පුරුෂ ඔවදන් විටින් විට ලැබෙනවා. හිත ඇවිස්සෙන උපකරණ අමාරුවෙන් හරි අයින්කර ගත්තොත් හරි. නරක කතා කියන අසත්පුරුෂ ඇසුර දුරු කරන්ට ඕන. සත්පුරුෂයෝ ඇසුරු කරන්ට ඕන. ශෝක නොකර, පසුතැවෙන්නේ නැතිව ප්‍රතිපදාව පුරුදු කරන්න ඕන. කුමක්ද ප්‍රතිපදාව?

විකාර දර්ශන බලන එක නතර කරන කොට ඉන්ද්‍රිය සංවරය ඇතිවෙනවා. ඉඳුරන් සංවර කරන කොට බඹසර රැකෙනවා. බඹසර රකින කොට ඔහු දුර්ලභ සීලයක් රකින කෙනෙක් වෙනවා. හැබැයි මේකට යාළුවන්ගෙන්, හිතවතුන්ගෙන් අනුබලයක් ලැබෙයි කියලා හිතන්න ම එපා. තනියෙන් ම යි පුරුදු කරන්න ඕන. පම්පෝරි ගසන්න නම් එපා. ඒ තමයි ඊ ළඟ අනතුර. බඹසර රකිනවාටත් වඩා අමාරුයි අල්පේච්ඡ බව. ඒ කියන්නේ ඒ ගුණය සඟවා ගැනීම. දහම් කරුණක් වශයෙන් දහමින් බඹසර ගැන ඕනතරම් කතා කළ හැකියි. නමුත්, “මම රකිනවා, මම මෙහෙමයි” කියලා කොඩිය ඔසවා ගැනීම සතුරන් බිහි කරනවා. මේ ලෝකයේ අසනීපයක් තියෙනවා, තමන්ට කළ නොහැකි දේ තවත් කෙනෙක් කරනකොට ඉරිසියා කරනවා. ඊට පස්සේ එයා ව වට්ටන්න හදනවා. මේක පෙනෙන – නොපෙනෙන පැති දෙකෙන් ම සිදුවෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය වගේ ම කටේ සංවරයත් ඕන. මේ බුද්ධ ශාසනයේ පහළ වූ උතුම් පුරුෂයන් හික්මුණු ඒ පවිත්‍ර සීලයන් ඔබටත් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි