Monthly Archives: December 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3o40wwC
අති පූජ්‍ය මාතර සිරි ඥානාරාමාභිධාන මහා ස්වාමීන් ගැන මතක සටහනක්….

දිනක් අළුයම 5.30ට පමණ මා උන්වහන්සේ වෙත ගියේ කිසියම් කාලීන කරුණක් ගැන සාකච්ඡා කිරීමටය. උන්වහන්සේ එවෙලේ ලුණු කැඳ වළඳමින් සිටියහ. අසල බඳුනක හකුරු තිබුණු නමුත් උන්වහන්සේ තනිකර කැඳ වැළඳුවා මිස හකුරු වැළඳුවේ නැත. පසුව මම ඒ ගැන උන්වහන්සේගෙන් විමසීමි

පුරෙ පටිග්ගහිතං ව – සත්තාහං යාවජීවිකං, සෙසකාලික සම්මිස්සං- පාචිත්ති පරිභුඤ්ජතො – ( ඛුද්ද සික්ඛා-111 ගාථාව )

“කලින් පිළිගන්නා ලද සත්තාහකාලික හෝ යාවකාලික දෙයක් සෙසු යාවකාලික-යාමකාලිකයන් සමඟ වළඳන්නා හට පචිති ඇවැත් වේ” යන මේ විනය නීතිය අනුව කලින් පිළිගෙන තුබූ සත්තාහකාලික වූ හකුරැ සමග කැඳ වැළඳීමෙන් ඇවැත් සිදු වන බව උන්වහන්යස් පැහැදිලි කළ යස්ක. “අනමත්තේසු වජ්ජේසු භයදස්සාවී (ඉතා සුළු වරදහි පවා ආතප්පනසීලි ) ගුණය අනුව උන්වහන් ස් ග් ආජීව පාරිශුද්ධිය කෙබඳු වීදැයි සිහි කළ යුතු.

කඩවැද්දුයේ ශ්‍රී ජීනවංශ මාහිමිපාණන් විසිනි.

අමා බින්දු – මාතර ඥානාරාම හිමි ගුණසමුරු –
පොත කියවන්න (PDF) = https://ift.tt/2MpsOEd
පොත ශ්‍රවණය කරන්න (Audio) = https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3GzZwLcJ4Omo7vFGiZFZ4ofp

(මහ තෙරුණ්ගේ පින්තූරය වර්ණගන්වන ලද්දකි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/34NUBEF
විනය ධර්ම ග්‍රන්ථ මෙතනින් කියවමු

ශාසනාවතරණය
PDF- https://ift.tt/2VO2vbV
HTML-https://ift.tt/37TKWOF
Audio-https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3Gy-IAgBftUrrf_-R3qXtCcA

උපසම්පදා ශීලය
PDF-https://ift.tt/34PTwfv
HTML-https://ift.tt/38QqzQe

සිත පැවිදි කිරීමය කියනුයේ සත්ත්වයන්ගේ සිත්වල ප්‍ර‍කෘතියෙන් පිහිටා ඇති තෘෂ්ණා – මාන – දෘෂ්ටි – ද්වේෂ – ඊර්‍ෂ්‍යා – මාත්සර්‍ය්‍යාදි පාපධර්මයන් සිතින් බැහැර කොට ඒවාට සිතෙහි රජකම් කරන්නට නො හැකි වන පරිදි, මෛත්‍රී – කරුණා – ශ්‍ර‍ද්ධා – ප්‍ර‍ඥා – අල්පේච්ඡතා – සන්තුෂ්ටිතා – භාවනාරාමතාදි ශ්‍ර‍මණ ගුණවලින් සිත පොහොසත් කර ගැනීම ය. සිත සකස් කර ගැනීම ය. පැවිදි සිත යයි කියනුයේ එසේ සකස් කළ සිත ය. පැවිදි සිත ඇති තැනැත්තාහට පැවිද්ද මිහිරි ය. සැප ය. සිල් රැකීම ඔහුට මිහිරි ය. තුනුරුවන් වැඳීම – වත් පිළිවෙත් කිරීම – භාවනා කිරීම ධර්මය උගෙනීම ඔහුට මිහිරි ය. එබැවින් ඔහු ඉතා කැමැත්තෙන් සිල් රකී. අන්‍ය ශ්‍ර‍මණ කෘත්‍යයන්හි ද කැමැත්තෙන් ම යෙදෙයි. ඔහු ඒවායේ යෙදවීමට නීති වුවමනා නැත. කංකානම්වරු වුවමනා නැත. ඔහුට කරදරයක් වශයෙන් වැටහෙන්නේ ඒවාට බාධා පැමිණීම ය.

(මහ තෙරුණ්ගේ මෙම පැරණි ඡායාරූපය වර්ණ ගන්වන ලද්දකි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/38Dy9ir
වත්මන් බෞද්ධයන්ට අමතකව ගිය විශ්ව කර්ම දිව්‍යරාජයාණන් වහන්සේ ……

විශ්ව කර්ම දෙවියන් යනු දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියාය.ඒ දෙවියන් දිව්‍ය ලෝකයට අධිපති සක් දෙව් රජුන්ගේ නියෝගයෙන් විවිධ නිර්මාණ බිහි කරයි. එතුමා සැබවින්ම තෙරුවන් සරණ ගිය බෞද්ධ දෙවියෙකි.මහානුභාව සම්පන්නය.
ලක්දිවට සිළුමිණ වන් ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ තැනීමට සේම අප සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිදන්ව සේරුවාවිල ඉදිවූ මංගල මහාසෑය සඳහාද අවශ්‍යව තිබූ ගඩොල් මැවීම සිදු කරන ලද්දේද මෙතුමාය.බුදුරජාණන් වහන්සේ සුනාපරන්ත ජනපදයට වැඩීමට සූදානම් වූ විට කූටාගාර පන්සියයක් (ගගන යාත්‍රා) මැවීම කළේද මෙතුමාය.සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවී ගිය කළ චිතකය රමණීය ආකාරයෙන් සැරසීම කළේද මෙතුමාය.සක් දෙව් රජුන්ගේ නියෝගයෙන් කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තැන්පත් කිරීමට රමණීය කූටාගාරයක් මැවූ බැව් සදහන්ය.
මේ ආකාරයෙන් බුදු සසුනට අදාළ තව බොහෝ කටයුතු වලට මේ දෙව්රජුගේ දායකත්වය ලැබී අැත. එසේ වුවද වර්තමානයේ මේ සාක් මහානුභාව සම්පන්න දෙව් රජු සම්පූර්ණයෙන්ම පමණ අමතක කොට ඇති බව පෙනේ.
රූප මාලාවට අනුව මේ දෙව් රජුගෙ හිස් පහෙන් සහ දෑත් දහයෙන් සංකේතවත් වන්නෙ
එක අතක – පුස්කොළ පොත
එක අතක- පන්හිඳ
එක අතක – කඩුව
එක අතක- දෙළුම් ඵලය
එක අතක- පැන් කෙණ්ඩිය
එක අතක- නාගයෙක්
එක අතක- පුන්කලස
එක අතක- නවගුණ වැල
එක අතක- ලඹය
එක අතක- බෙදුම් කටුව යන මේවාය.

වාහනය සුදු ගවයෙකි.
තවුතිසා දිව්‍ය භවනේ වැඩ සිටින මෙතුමා බුදු සසුනේ චිර පැවැත්මට ඇවසි බොහෝ දේ මේ වන විටත් සිදු කර තිබේ.
ලක්දිව බෞද්ධයක්ට මෙලෙස මේ දෙව් රජු අමතකව ගියත් දඹදිව වැසියන් විශ්වකර්ම දිනය නමින් දිනයක් සැප්තැම්බර් මාසයේ වෙන්කොට ගනිමින් මෙතුමාගේ ගුණ සමරනු දැක ගත හැකිය..
බුදු සසුනේ මහත් වැඩ රාශියක් සිදු කරමින් බොදුණුවන්ට සමීප වූ මේ මහානුභාව දිව්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ විමසා දැන ගෙන සිටීම බොදුනුවන් ගෙන් අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි…

-නිසල-

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3roC8rT
දඹදිව කතිකාවත – දෙවැනි පියවර 27-12-2020 Zoom ඔස්සේ
සහභාගීවීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ ජංගම දුරකතනයෙන් හෝ පරිඝනකයෙන් පැමිණෙන්න.
කරුණාකර ශ්‍රි ලංකාවේ වේලාවෙන් පස්වරු6.45 වනවිට සම්බන්ධ වී සිටින්න. අදාළ මාතෘකා පිළිබඳව ඇති ප්‍රශ්ණ ගැටළු පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.
kalanaworld@gmail.com
Join Zoom Meeting

https://ift.tt/2K8VtfO…

Meeting ID: 871 2387 4345

Password: 757575

New at Little Bit


from Path to Nirvana https://ift.tt/34KI18Z
1.) චත්තාළීස දන්තො- සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුනට දත් දෙතිසක් වුවද, තිසක් වුවද, විසිඅටක් වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපුර්ණ බැවින් එක් එක් හනුවක දත් විස්ස බැගින් දත් සතළිසක් ඇත්තේ ය.

2.) සමදන්තො- සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්ව ද නො සම ලෙස පිහිටා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සමසතළිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ.

3.) අව්වරදන්තො- බොහෝ දෙනාගේ දත් එකිනෙක බැඳි පිහිටා නැත්තේ ය. ආහාර ගන්නා කල්හි දත් අතර අහර රැඳේ. එවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේ ගේ දන්තයෝ එකින් එක බැඳි පිහිටා සිටිති. ආහාරවලට රැඳී සීටිමට තැනක් උන් වහන්සේගේ දන්තයන් අතර නැත්තේ ය.

4.) සුසුක්ක දාඨො- දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතර ය. ඇතැමුන්ගේ දාඨාවෝ විවර්‍ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුව සේ ඉතා සුදු ය. උන් වහන්සේ සිනාසෙන කල්හී ඒවායින් සුදු රැස් විහිදෙන්නේ ය. (දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රය)

තව මේවාගේ ධර්ම කරුණු රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ සූවිසි මහ ගුණය තුලින් දැන ගෙන ශ්‍රද්ධාව උපදවා ගමු.

පොත කියවන්න (HTML) : https://ift.tt/34HpRoF
(PDF) : https://ift.tt/2WXcmfG
පොත ශ්‍රවණය කරන්න : https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3Gza8pym2OlwQe833hgyH9DV

(පැරණි පින්තූර අනුව උපකල්පනය කර අඳින ලද චිත්‍රයක් හෙයින් සැබෑ වර්ණ මීට වෙන්සය. වඩාත් සත්‍ය දර්ශනය නැරඹීමට නියම කළු සුදු රූප ඇසුරු කරන්න. කළු සුදු පින්තූර වල අයිතිය අපි සතු නැත. බෝහෝ වෙහෙස මන්සිවී අතීත්යේ පින්තූර ගත් කලාකරුවන්ටද ඒවා අන්තර්ජාලයේ විවිධ ස්ථාන වල සංරක්ෂනය කරන අයටද මේ සියලු පින අත්වේවා.)