Monthly Archives: August 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BYk16g
“භික්ඛුනං පන පසන්නචිත්තෙන පියචක්ඛුහි දස්සනමුලකෙනා පි පුඤ්ඤෙන අනෙකානි ජාති සහස්සානි චක්ඛුමිභි රොගො වා පිළිකා වා වාතපිත්තාදිදොසො වා න හොති. විපස්සන්නපඤ්චවණ්ණ සස්සිරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානෙ උග්ඝාටිත මණිකවාටසදිසානි, සතසහස්ස කප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති.

සරල අර්ථය –

භික්ෂුන් වහන්සේලා දෙස ප්‍රසන්න හැඟීමෙන් බැලීම් මාත්‍රයෙන් ලබන පිනෙන් ම නොයෙක් දහස් ගණන් ජාතීන්හි ඇස්වල රෝගයක්, පිළිකාවක්, වා පිත් ආදී දෝෂයක් නම් නොවන්නේ ම ය.. ප්‍රසන්න වූ පඤ්චවර්ණයෙන් සශ්‍රීක වන්නේ ය. දැක බලා තුටු පහටු වූ ඇස් පවා මැණික් විමාණයක හටගත් මැණික් මෙන් වන්නේ ය.. නොයෙක් දහස් ගණන් කල්ප වල දිව්‍ය මනුස්ස භවයන් මෙන් ම සියලු සම්පත්තියම ලබන්නේ ය..
— මංගල සූත්‍ර අට්ඨකථාව..
Kirulapana Dhammawijaya Himi