Monthly Archives: December 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MBEyAD
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 112 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 07

🌼කලිඟු රටේ දුර්භික්‍ෂය

මෙලෙස සෙමින් සෙමින් කාලය ගතවුනා. මහාසත්වයෝ එක්මසකට සයවාරයක් අලංකාර කළ පච්චය ඇතා පිට නැගී රාජධානිය පුරා පිහිටවනු ලැබූ දානශාලා හය බලන්නට යාම පුරුද්දක් කරගත්තා. ඒ කාලේම ඊට අසළ පිහිටා තිබූ කලිගුරටෙහි නියගයක් ඇතිවුනා. ගංගා ඇළදොළ සිඳී භවබෝග ඇතුළු ශස්‍යන්ගෙන් පිරිහී මහත් දුර්භික්ෂයක් රට තුල පැන නැග්ගා. මිනිස්සු ජීවත්වීමට නොහැකිව සොරකම් කරන්නට පටන්ගත්තා. දුර්භික්ෂයෙන් පීඩාවට පත්වූ ජනපදිකයෝ රාජන්ගනයේ රැස්වී අහසටත් පොළවටත් රජතුමාටත් රාජ්‍යය පාලනයටත් දෝෂාරෝපණය කරන්ට වුනා. ඒ අසා රජතුමා “කිම,දරුවෙනියි” කියා අසුකල්හි ඒ බව ජනතාව දන්වා සිටියා පමණක් නොව අසල රාජ්‍යයේ වෙස්සන්තර රජ දැහැමින් සිල්වත්ව රට පාලනය කරනා අයුරුත් දන්වා සිටියා. ඒ ඇසු රජ “දරුවෙනි, යහපති, මම වැසි වස්සන්නේමියි” කියා ඔවුන් පිටත්කර යවා සමාදන් වූ සිල් ඇතිව උපෝසථය සමාදන් වී වැසි වස්වන්නට බොහෝ උත්සාහ කලත් වැසිවස්සනට අපොහොසත් වුනා. ඔහු යලිත් නුවරවැසියන් කැදවා “මම සමාදන් වූ සිල් ඇත්තෙමි, දවස් හතක්ම ගත්කළ නමුත් වැසි වස්සන්නට නොහැකි වුයෙමි.” දැන් ඉතින් කුමක් කළයුතුදැයි විචාරන්නට වුනා. එවිට රජුගේ උපදේශකයන් ” දේවයන් වහන්ස වැසි වැස්සවිය හැකි උපක්‍රමයක් තිබෙනවා. අප අසල පිහිටිරාජධානියට අයත් වෙළද නගරයේ සංජය රාජපුත්‍රයා වූ වෙස්සන්තර රජතුමාසියලු දේ දන්දෙන්නටම ප්‍රිය කෙනෙක්. ඒ නිසාම ඔහුට දෙවුලොවින් ලැබුන සම්පුර්ණයෙන් ශ්වේතවර්ණ මංගල හස්තිරාජයෙක් සිටිනවා. ඒ ඇතා මහා බලවත්. ඒ ඇත් රාජයා ඉන්නා රාජ්‍යය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. නිසි කලට වැසි ලැබෙනවා. ගිය ගිය තැන වර්ෂාව වසිනවා. එමනිසා බ්‍රාහ්මණයන් යවා ඒ ඇතාව ඉල්වාගෙන එන්නයි ඇවිටිලි කරන්නට වුනා. රජතුමා යහපතැයි පිළිගෙන බ්‍රාහ්මණයන් රැස්කරවා ඔවුනතුරෙන් අටදෙනෙක් තෝරගෙන ඔවුන්ට වියදම් දී, ඒ වෙස්සන්තර රජුගෙන් හස්තියා ඉල්වාගෙන එන්නැයි අණ කරනු ලැබුවා.

🌼වෙස්සන්තර රජු ඇතා දන්දීම.

රාජ අණ පිළිපදිමින් ඒ බ්‍රාහ්මණයන් අනුපිළිවෙලින් වෙළද නගරයට ගොස් දන්ශාලාවේ ආහාර වළදා තමන්ගේ ශරීරය දූවිලි තැවරුණු කිලිටි වැකුණු දෑත එකක්කොට පසළොස්වක දිනයේ රජුගෙන් ඇතා ඉල්වනු කැමති ව රජු දන්ශාලාවට එනතෙක් පෙරදිග දොරටුවට අසළ රැඳී සිටියා. එදින රජුද “දන්හල දකිනු කැමැත්තෙමියි” උදෑසනම සුවදපැන් සොළොස් කළයක් නා අනුභවකොට සැරසී අලංකාර කළ ඇතාපිට නැගී පෙරදිග දොරටුව වෙත පැමිණියා. මහජනයා පොරකමින් ඒ අවට සිටි නිසා එම මාර්ගය අසල සිටි බ්‍රාහ්මණයන් හට තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබ ගියා. ඉන්පසුව දකුණු දොරටුව වෙත ගොස් උස්තැනක සිට රජුගේ පැදුම් දොරටුවේ දානය බලා දකුණු දොරටුව වෙත එනකල්හි අත් දිගහැර “වෙස්සන්තර පින්වතාණෙනි! ජයවේවා” යි කෑ ගසනු ලැබුවා.

එවිට අප මහා බෝසතාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන් දෙස බලා ඇතාව ඔවුන් සිටි තැනට යවා ඇතාපිට සියම පළමු ගාථාව කීය.

දිග්වූ කිහිලි ලොම්, නිය, සිරුරේ ලොම් ඇති, කිළිටි දත් ඇති ධුලි වැකුණු කෙහෙඇති බමුණෝ දකුණත නගා මා අතින් කුමක් ඉල්වත් ද?

එය අසා බ්‍රාහ්මණයෝ මෙසේ පවසන්නට වුනා.

සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ, කවර රුවනක් ද? රියහිස් බදු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත්රුවන දුන මැනවි

එවිට අප මහා බෝසතාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන් දෙස බලා ඇතාව ඔවුන් සිටි තැනට යවා ඇතාපිට සියම පළමු ගාථාව කීය.

දිග්වූ කිහිලි ලොම්, නිය,සිරුරේ ලොම් ඇති,කිළිටි දත් ඇති ධුලි වැකුණු කෙහෙඇති බමුණෝ දකුණත නගා මා අතින් කුමක් ඉල්වත් ද?

එය අසා බ්‍රාහ්මණයෝ මෙසේ පවසන්නට වුනා.
මම ඇස් හිස් මස් ලේ ආදීකොට ඇති අභ්‍යන්තර වස්තූන් දානයක් ලෙස දෙනු කැමැත්තෙන් සිටියත් මොවුන් ඉල්ලන්නේම භාහිර දේමයි. මොවුන් බාහිර දෙයක්ම ඉල්ලන නිසා මේ අවස්ථාවේ මොවුන්ගේ මනදොළ පුරවන්නේමියි යයි සිතා ඇතාගේ පිට මතට නැග මෙලෙස සිතන්නට වුනා.

“බමුණො මා අතින් යමක් ඉල්වත්ද එය දෙමි. කම්පිත නොවෙමි. මා වෙත ඇති වස්තු නොසඟවමි. මගේ සිත දන් දීමෙහිම ඇලෙයි. යාචකයෙකු පැමිණි
කල ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවේ. ගිලියෙන මද ඇති මනා දළ ඇති රාජවාහනය වූ උතුම් අත්රජුහු දන්දෙමි. කම්පිත එලෙස පිළිගෙන, සිවිරට වඩන වෙසතුරු මහරජ, ත්‍යාගයෙහි පිහිටි සිත් ඇතිව ඇත් කදින් බිමට බසිනු ලැබුවා.

බලන්න දානයෙහි ඇලුණු උත්තම පුරුෂයන්ගේ තරම. එතරම් වටිනා වස්තුවක් හිඟන්නන් ලෙස පැමිණි ඒ බ්‍රාහ්මණයන්ට නිකම්ම දෙන්න සැලසුනේ නැහැ. ඔහු කලේ ප්‍රථමයෙන්ම ඇතා මතින් බිමට බැස ඔහු වටා ගමන් කිරීමයි. එලෙස ගමන්කරමින් ඇතාගේ යම් නොසැරසු තැනක් ඇද්දැයි සුපරීක්ෂාකාරීව බලන්නට වුනා. එහෙත් කිසිම එවැනි තැනක් නොලැබූ නිසා මල් මිශ්‍ර සුවඳ දිය පිරි රන් කෙණ්ඩියක් රැගෙන “පින්වත්නි මෙහි එවූ” යැයි පවසා අලංකාර කරන ලද රිදී දමක් වැනි ඇත් සොඬ ඔවුන්ගේ අතෙහි තබා දිය වත්කොට අලංකාර කළ ඇතා දන් දෙනු ලැබුවා.

🌼 මහපොළව දෙවැනි වරටත් කම්පාවීම.

ඒ නිකම්ම නෙවෙයි ඔහුව සරසා තිබු ලක්ෂ විසිහතරක් වූ අභාරණද සමගින්
1.සේසතෙහි මත්තෙහි වූ මාණික්‍යය,
2.සිළුමිණ ද
3.මුතුහර ද
4. මිණි අංකුසය ද, (මැණික් හෙන්ඩුව)
5. ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහර ද
6. අත්කුඹෙහි මාණික්‍ය ද යන වටිනා වස්තු හයද ඒ සමගින් ඇතාද ඇතුළු අනර්ඝ වස්තු හතක් ඒ මොහොතේම දන් දෙනු ලැබුවා. ඒ සියලුම වස්තු මිළ කල හැකි වුවත් ඒ රදළ හස්ති රාජයාව කෙලස නම් මිල කරන්නද. එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් හා ඇත්ගොව්වන් ද සමග ඉහත දක්වන ආකාරයට බ්‍රහ්මනයනට ලබා දුන්නා. ඔබ හිතන්නේ ස්වභාව ධර්මයෙන් ත්‍යාග කරනු ලැබූ වස්තුවක් දන් දෙන කල ස්වභාව ධර්මය කම්පා නොවී තිබෙයිද? නැහැමෙවැනි අත්හැරීමක් කරන කල්හි ස්වභාධර්මයත් කම්පා වුනා.

ඒ කාරණය දේශනාකරන ශාස්තෘාන් වහන්සේ මෙසේ වදාරන්නට වුනා. ඒ උතුම් ඇත්රජු දුන්කල්හි මහපොළොව කම්පා විය. එකල්හි යම් බිහිසුණු බවක් වීද එසද ලොමුදැහැගැන්ම විය. ඇත්රජු දුන්කල්හි මුළු නුවරම කැළබින. එදා යම් හිංසනයක් විද ඒසද ලොමුදැහැ ගැන්ම විය. සිවිරටවඩන ඇත්රජු දුන්කල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂාවක් ද විය.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
28-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MEeyES
නව වසරට පිවිසෙන ඔබ

ගෞතම බුදු රජුන් සරණ යත්වා…
ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා…
සීලයෙන් වැඩෙත්වා…
දහම් දැනුමින් වැඩෙත්වා…
ත්‍යාගයෙන් වැඩෙත්වා…
ප්‍රඥාවෙන් වැඩෙත්වා…
දීර්ඝායු ලබත්වා…
කළණ මිතුරන් හඳුනා ගනිත්වා…
පවිටු මිතුරන් බැහැර කරත්වා…
අනුන්ට නින්දා අපහාස නොකරත්වා…
සිහි නුවණ දියුණු කර ගනිත්වා…
පිනට හානි නොකර ගනිත්වා…
තව තවත් පින් රැස් කර ගනිත්වා…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/36hgGu1
මෙවැනි පිංඇති උතුමන් ලක් බුදු සසුන තුළ තව තවත් පහල වේවා !!!….
නිදුක් නීරෝගීව සසුන් කෙත බොහෝ කලක් බබලවන්නට වාසනාව ලැබේවා ……
දෙව් මිනිස් ලෝකයා තුලම, බුදු ගුණ වර්ණනාව දසදහසක් ලෝකධාතුව පුරා රැව් දිදී සාදු නද පැතිරේවා…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2swvKFl
“පණ්ඩු පලාසොව දානිසි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී එක් ගවඝාතකයකු ගේ පුත්‍රයෙකු නිමිති කරගෙන දෙසුහ.

සැවැත් නුවර එක් ගවඝාතකයෙක් ගවයන්ට වධ දී මරමින් රසවත් මාංශ ගෙන උයවා අඹුදරුවන් සමග වාඩිවී මස් කන්නේය. ඉතිරි මස් මිලකොට විකුණයි. ඔහු මෙලෙස අවුරුදු පනස් පහක් ගවඝාතනය කරමින් අසල විහාරස්ථානයේ බුදුරදුන් සිටියදී එක දිනක් හෝ හැන්දක් පමණවත් කැඳවත් නොදුනි. ඔහු මස් නොමැතිව බත් අනුභව නොකරයි.

ඔහු එක් දිනක් දවල්කල මස් විකුනා තම ප්‍රයෝජනය සඳහා පිසීම සඳහා මස් කැබැල්ලක් බිරිඳට දී නාන්නට ගියේය. මේ අතර සහායකයෙක් ගෙට පැමිණ බිරිඳට මෙසේ කීවේය. විකිණීමට ඇති මස්වලින් ටිකක් මට දෙන්න. මගේ ගෙට ප්‍රමාණවත් පමණි ලැබෙන්නේ. විකිණීමට මස් නැත. ඔබේ සහායකයා මස් විකුණා දැන් නෑමට ගියේය. මට එසේ නොකරන්න මස් කුඩක් තිබේනම් එය මට දෙන්න. ඔබේ සහායකයාට තබන ලද මස් හැර වෙනත් මස් නැත. මස් නොමැතිව ඔහු ආහාර ගනේන්ද නැත. ඒ මස්ටික නොදෙමියි කීවිට ඒ මස් ටික සම්පූර්ණයෙන් ඔහු විසින්ම රැගෙන ගියේය. ගෝතකයාද නා ගෙන ආවේ ඇය විසින් පිසින ලද කොළ සමග ඔහුගේ බත බෙදා දුන්විට මස් කොයිදැයි විමසුවේය. ස්වාමීනි නැත. මම ඉවීම සඳහා මස් දී ගියා නොවේද? ඔබේ මිතුරා පැමිණ තුටු පඬුරකට විකිණිය යුතු මස් තිබේ නම් දෙන්නැයි ඉල්ලා සිටියේය. මස් නැති බවත් ඔබට පිසීම සඳහා දුන් මස් ටික පමණක් ඇති බවත් මස් නොමැතිව ඔබ නොකළ නිසා එය දෙන්නට නොහැකි බවත් පැවසුවිට. ඔබ දුන් මස් ටික ඔහු විසින් බලහත් කාරයෙන්ම රැගෙන ගියේ යයි පැවසුවාය. මස් නොමැතිව “මම බත් නොකමියි” එය ගෙන එන්න. ස්වාමීනි කෙසේ කරන්නද මේ බත් කන්නැයි කීවාය. මම නොකමියි ඒ බත් බැහැර කොට ආයුධයක් ගෙන ගේ පසුපස සිටි ගොනා සමීපයට ගොස් කට තුළට අත දමා දිව

දිව මුලින්ම කපා ගෙන ගොස් ගිනි අඟරුවල පුළුස්සා බත් පතටත තබා එක බත් පිඬුවක් අනුභව කොට එක මස් කැබැල්ලක් කටේ තැබුවේය. එකෙනෙහිම ඔහුගේ දිව කැඩී බත් පතට වැටුනි. එකෙනෙහිම කළ කර්මයට සමාන විපාකයක් ලැබුනි. ඔහු ගොනා මෙන් ලේ ධාරා මුවෙන් ගලමින් ගෙතුළට පිවිසියේ දණින් වැටී දණගාමින් මහහඬ තැලුවේය. මෙවිට ඒ ගෝඝාතකයාගේ පුතු පියා දෙස බලමින් ආසන්නයේ සිටියේය. මෙවිට මව මෙසේ කීවාය. බලන්න පුත මේ තැනැත්තා ගොනෙකු මෙන් දණගාමින් මහඬින් විලාප කියයි. මේ දුක ඔබ මතද වැටෙන්නේය. මා ගැන ද නොබලා තම යහපත කරගනිමින් පළායන්න. ඔහු මරණ බියෙන් තැතිගත් මවට වැඳ පළා ගියේය. එසේ පළාගොස් තක්ෂිලාවට පැන ගියේය. ගවඝාතකයා ද එසේ හඩතලමින් මැද දණගා ඇවිදිමින් සිට මැරි අවිචියෙහි උපනි. ගොනාද මැරුණි. ගවඝාතකගේ පුතු තක්ෂිලාවට ගොස් රන්කරු කර්මාන්තය උගත්තේය. අනතුරුව ඔහුගේ ගුරුවරයා ගමනක් යද්දී මෙබඳු අලංකාර ආභරණයක් කරන්නැයි කියා ගියේය. ඔහුද එබඳු අලංකාරයක් කළේය. අනතුරුව ඔවුන්ගේ ගුරුවරයා එය දැක මොහු කොහේ හිටියත් ජීවත් වීමට සමතෙක් වෙතැයි වැඩිවියට පත්වීසිටි තම දියණියන් ආවාහ කොට දුන්නේය ඔහු දූ පුතුන් සමග වැඩුනි.

අනතුරුව ඔහුගේ පුත් වැඩී ශිල්ප හදාරා පසුකලෙක සැවැත් නුවරට ගොස් එහි ගෙයි වසමින් සිටින්නේ ශ්‍රද්ධාවත් පැහැදුන කෙනෙක් විය. පියා ද තක්ෂිලාවේදී කිසිදු කුශලයක් නොකරම ජරාවට පත්විය. එහිදී ඔහුගේ පුතු මගේ පියා දැන් මහළුයයි තමන්ගේ ළගට කැඳවා පියා වෙනුවෙන් දනක් දෙන්නෙමියි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කළහ. දෙවැනි දවසේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වාඩි කරවා මැනවින් වළඳවා බත්කිස අවසන බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි අප විසින් මේ ජීවදානය දෙන ලදී. පියාට අනුමෝදනා කරන්න. බුදුහු ඔහු අමතා උපාසකය ඔබ මහළු වු මුහුකුරාගිය පඩරැලන්සේ වු ශරිර ඇත්තෙකි. ඔබගේ පරලොව ගමන සඳහා කුශල් රැස් කිරීමක් නැත. තමා පිහිටකොට ගන්න. නුවණැත්තෙක් වන්න. බාලයෙක් නොවන්නැයි පවසා අනුමෝදනා කරන්නේ මේ ගාථාව පැවසුහ

ගැළ වී වැටෙන්නට ළං වුණු ඉදී වැටී

කොළයක් ලෙසට ඔබ මරණය ළගම සිටී

හරණට ගිමන් එහි යන විට තැනක වැටී

නිවසක් නොමැත, මග උවරණ ගැනුම වටී.

තමනට තමන්මය කරගෙන නිති පිහිට

දන්නා බණදහම් නුවණැත්තකු ලෙසට

යළි ඉපදුම, ජරා විය. මරණය කුමට

මග උපකරන ගෙන යනු මැන බඹ ලොවට

දැන් පණ්ඩුපලාස වැන්න යමපුරිසයෝ ද එළඹ සිටිති. පරලොව යැම සඳහා මාර්ගෝපකරණ ද දැන් ඔබට නැත. තමන්ට තමන් පහනක් කරගන්න මහා උත්සාහයෙන් නැණවතෙක් වන්න කෙලෙස් රහිතව මල රහිතව ආර්ය භූමියට පත්වන්න.

පණ්ඩුපලාස නම් – උපාසකය ඔබ දැන් බිඳී බිම පතිතවූ වියළි කොළයක් වැන්න. යමපුරිසා – යමදුතයෝයි මෙය මරණය සඳහා කියන ලදී. ඔබට මරණය ළගාවී ඇත. උයොගමුඛෙති – පරිහානි මුඛෙ පරිහානියට ලංවි සිටී. පාථෙය්‍ය නම් ගමනක යෙදෙන්නට සහල් ආදිය මාර්ග උපකරණ අවශ්‍ය වනසේ පරලොව යන විට කුශල්මය වූ මාර්ග උපකරණ නැත යන අර්ථයි. සො කරොහි – ඔබ මහසයුරේ නැවක් බිඳුන විටදී දිවයිනක් සොයන්නාසේ තමන්ට කුශල ප්‍රතිෂ්ඨා කරගන්න. වහා උත්සාහ කරන්න වහවහා විර්ය කරන්න තමන්ට කුශල් කර ගැනීමේ දක්‍ෂව නුවණැත්තෙක් වන්න. කුශල් නොකරන බාලයෙක් නොවන්න. දිබ්බං අරිය භූමි යනු මෙසේ වීර්යය කරන්නේ රාගාදි කිළිටි නොමැති හෙයින් නැතිවු කෙලෙස් ඇත්තේ පඤ්චවිධ සුද්ධාවාස භූමියට පැමිණේ යන අරුතයි.

දේශනය අවසානයේ උපාසක තෙමේ සෝවාන් ඵලයට පත්විය. පැමිණියවුන්ට ද දේශනා සාර්ථක විය. ඔවුහු දෙවන දවස් හිද බුදුන්ට ආරාධනාකර දන්දී බත්කිස අවසන බුදුන්ට අනුමෝදනය කරනවිට කීවාහුය. ස්වාමීනි මෙය ද අපගේ පියාගේ ජීව දානයයි. මොහුටම අනුමෝදනා කරනුමැනව. බුදුහු ඔහුට අනුමෝදනා කරන්නේ ගාථා දෙකක් පැවසුහ.

ඔබ දැන් ඉක්ම ගිය කල් වයස් ඇත්තේය. මරණයට සමීප වී සිටී. පරලොව යන අයට අතරමග නැවතීමක් නැත. ඔබට මග වියදම් ද නැත.
ඒ ඔබ තමන්ට පිහිටක් කරගන්න. නුවණැත්තෙක් වී මහා වෑයම් කරන්න. කෙලෙස් නැත්තෙක්ව නැවත ඉපදීමට හෝ ජරාවට පත් නොවීමට වෑයම් කරන්න.

එහි උපනීතවය නම් උපාති නිපාත පදයකි. ගතවු වයස් ඇත්තේ ඉක්මගිය වයස ඇත්තේ ඔබ දැන් තුන් වයසට ඉක්මවා ඇත. මරණ දොරටුවට එළඹ ඇත. සම්පයාතොසි යමස්ස සන්තිකං මරණ මුඛයට යාමට පැහැදුන කෙනෙක් ලෙසට සිටින්න යන අරුතයි. වාසොපි ච තෙ නත්ථි අන්තරායාති යම්සේ මඟට යන්නෝ ඒ ඒ කෘත්‍ය කරන්නේ අතරමග පරලොව යන අයට නවතින්න ටික දිනක් මෙහි නැවතී දන්දීම ධර්මය ඇසීම ආදිය කිරිමට නො හැකිය. පාථෙය්‍යං උපාසකයාට දැඩි ලෙස අදහස් ඇතිකරලීම සඳහා දෙවරක් පවසන ලදී. රජු තමන්ගේ මුව පමණට කබලිඬ්කාර ආහාර ගත්විට එම කුමරු ඔහුගේ මුවට සරිලන සේ ගනී. මෙලෙස බුදුන් උපරිම වශයෙන් ධර්මය දේශනා කරන විට උපාසක තමගේ උපනිශ්‍රය බලයෙන් යට සෝවාන් ඵලයට පත්ව මෙම අනුශාසනය අවසානයේ අනාගාමී ඵලයට පැමිණියේය. අනෙක් පිරිසට ද දේශනය ප්‍රයෝජනවත් වීය.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!