Monthly Archives: August 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HAGBCt
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 28 🧡💛

☀ දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ ☀

කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ පිරිනිවුනායින් පසුව අවුරුදු ලක්ෂයක් ඒ සසුන සුරැකුනා. බුද්ධ අනුබුද්ධ ශ්‍රාවකයන්ගේ අතුරුදන් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වුනා. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට පස්සේ එක් අසංඛ්‍යයක් ඉක්මවා එකම එක කපෙක බුදුවරු සතර නමක් පහළ වුනා. බුදුවරු සතරනමක් පහළවෙන කල්පය හදුන්වන්නේ “සාරමණ්ඩ කල්පය” කියන නමින්. ඒ බුදුවරුන් තමයි මංගල, සුමන, රේවත, ශෝභිත, යන බුදුරජාණන් වහන්සේලා. දැන් මේ කියන්න යන්නේ ඒ සාරමණ්ඩ කල්පයේ පහළවී අපේ බුදුරජාණන් වහන්සේට නියත විවිරණ ලබාදුන් පලවෙනි බුදුරජාණන් වහන්සේ ගැන සහ අප බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසු ලබාගත් තුන්වැනි නියත විවිරණය ගැන.

බෝසතාණන් වහන්සේලා හට බුද්ධත්වය සදහා දේව ආරාධනය දෙවු ලොවෙන් චුත වීම, දෙතිස් පෙර නිමිති පහළවීම සත්පියුම් මත ඇවිදීම, සතර පෙර නිමිති දැකීම අභිනිෂ්ක්‍රමණය දුෂ්කරක්‍රියා කිරීම, බුදුවීම, සත්සතිය, සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනය වැනි දේ විශ්ව ධර්මතා බැවින් සෑම බුදුවරයෙකුටම සමානයි. ඒ නිසා ලිපිය කෙටිකර ගැනීමට ඒ පොදු ධර්මතා අතහැර විශේෂ කරුණු විතරක් සඳහන් කරනවා.

🌹 මංගල බෝසතුන් මෙලොව ඉපදීම 🌹

ඒ මංගල ලෝකනයකයාණෝ කල්ප ලක්ෂයකට අධික සොළසාසංඛ්‍යයක් පාරමී පුරා තුසීපුර ඉපිද එහි අයුතාක් සිට තුසීපුරෙන් චුත ව හැම නුවරට ම උතුරින් වූ උත්තර නම් නුවර අනුත්තර උතුරු නම් රජ කුලයෙහි අනුත්තර උත්තර නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව උතුරු නම් මෙහෙසියගේ කුසයෙහි උපන්නා. එදා නානාවිධි දෙතිස් පෙළහර පහල වුනා. ඒ ගැන දීපංකර බුද්ධ වංශයේ සඳහන් කළා.

🌹 මංගල බෝසතුන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ කුසයෙන් විහිදුන අසාමාන්‍ය ආලෝකය 🌹

මේ බෝසතාණන් වහන්සේගේ අන් බුදුවරුනට නැති විශේෂත්වයක් වුනා. ඒ ශරිරාලෝකය. උන්වහන්සේ මවු කුසේ පිළිසිඳ ගත දා පටන් කුසේ සිටි බෝසත් ළදරුවාගේ ශරිරාලෝකය අසුරියනක් පමණ දුරට පැතිර ගියා. ඒ ආලෝකය කොතරම් ප්‍රබලද කිවොතින් සඳට හිරුට පවා මැඩීමට නොහැකි වුනා. ඒ මෑණියන් වහන්සේටත් බෝසත් කුමරා තම කුසතුල සිටි කාල පරිච්චයේදී මාළිගාවේ පහන්දැල්වීමේ අවශ්‍යතාවයක් මතුවුනේ නැහැ. එතුමියත් වෙනයම් ආලෝකයක් හෝ නොමැතිව ශරිරාලෝකයෙන්ම අඳුරු දුරු කොට අටසැටක් කිරිමවුවරුන් ගේ උවැටන් ලබමින් වාසය කරනු ලැබුවා.

🌹 නම් තැබීම 🌹
දසමසක් අවෑමෙන් මෙලොව බිහුවුණු ඒ බෝසත් කුමරා උපන්කෙණෙහිම උත්තර දිශාභිමුඛය බල සත් පියවරක් ගොස් අභිතනාද කලා. ඒ සැණින්ම දස දහසක් ලෝකවාසි දෙවියෝ දෘශ්‍යමාන සිරුරින් දිවමල් ආදියෙන් සැරසී එහි සිට මඟුල් තුති වදන් පවත්වන්නට වුනා. දෙතිස් පෙළහරද පෙර කි පරිදිම සිදුවුවා. උන් වහන්සේට නම තබන දින නම් තබන පඬිවරු දේහ ලක්ෂණ බලා සියලූම මඟුල් දේහ සම්පත් ඇති බව පවසා මංගල කුමාර නමින්ම නම් කරනු ලැබුවා.

🌹 මංගල බෝසතාණන් හට ඉදි වූ යසවා, සුචිමා හා සිරිමා ප්‍රසාද සහ තිස්දහසක් නලගනෝ 🌹

උන්වහන්සේ හට නිසිවිය පැමිණිකල යසවතී නම් දේවියක් හා විවාහ වුවා. අපේ බුදුහාමුදුරුවන්ට වගේම උන්වහන්සේටත් යසවා, සුචිමා හා සිරිමා නම් රමණීය ප්‍රසාදත්‍රයක් වුනා. උන්වහන්සේව ගිහිගෙදර රඳවා ගැනීමට යසවතී අග බිසව ප්‍රමුඛ දෙවගණන් මෙන් රූමත් තිස්දහසක් නලගනන්ද හිටියා. ඔවුන් දිවා රෑ මංගල බෝසතාණන් වහන්සේව සතුටු කළා.

🌹 මංගල බෝසතාණන් සසර කලකිරි ගිහිගෙයින් නික්මීම සහ බුද්ධත්වයට පැමිණීම 🌹

ඒ බෝසතාණන් වහන්සේ එම අතිසුන්දර මාළිගාවේ දෙවුසැප බඳු සැපවිඳිමින් සිටියත් අගමෙහෙසියගේ කුසතුල සීලව නම් පුත්‍ර රත්නය ද ලැබී සතර පෙරනිමිති දැකීමෙන් සසර කලකිරි පඪෙර නම් අශ්වරාජයගේ පිටමතින් ඒ මහත් වූ සැප සම්පත් අතහැර වනගත වී පැවිදි වුනා. පැවිදි වූ උන්වහන්සේ අනුව යමින් මිනිස්සු තුන් කෙළක් පැවිදි වුනා. අට මසක් වීර්යය කොට වෙසක් පොහෝදින උත්තරගම උත්තර සිටුහුගේ දුව වූ උත්තරා සිටුදූ දුන් දිවඕජා බහාලු පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි උත්තර නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන නාබෝධිය තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා වහන්සේ සමග පැවිදි වූ තුන් කෙළක් පිරිස දැක පා සිවුරු ගෙන හංස රාජයකු මෙන් අහසින් වැඩ සිරිවඩ්ඪන නුවර ලඟ සිරිවනගහණයෙහි බැස ධම්සක් දෙසනු ලැබුවා. එහිදී තිස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය වුවා.

මතු සම්බන්ධයි
මතු සම්බන්ධ කරුණු . – දස දහසක් සක්වළ පැතිරුණු මංගල බුදුරජාණන් වහන්සේගේ ආලෝකය. එවැනි රශ්මිධාරාවක් ලැබීමට උන්වහන්සේ විසින් කරනු ලැබූ කුසල කර්ම. මංගල බෝසතාණන් වහන්සේගේ දරුවන් වෙස්සන්තර බඳු ආත්ම භාවයේදී යක්ෂයකු විසින් නෙලුම් අල මිටියක් එකට බැඳ කන සේ කා දැමීම, සුනන්ද සක්විති රජ, එකල අපේ බුදුහාමුදුරුවෝ සුරුචි නම් බමුණුගම සුරුචි නම් බමුණුව දුන් අසදෘෂ දානය.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

28-06-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32fVn9t
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 27 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 10

ඉහතින් සුළු වශයෙන් සක්විති රජ කෙනෙකුගේ මහේශාක්‍යභාවය විස්තර කෙරුණා. ඒ සියලුම තේජාන්විත බල පරාක්‍රමයෙන් යුතු විජිතාවී සක්විති රජ නොහොත් අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තවත් බෝසත් උපතක් ලබා උතුම් රාජ රාජ මැති අමාත්‍යවරුන් පිරිවරා චන්ද්‍රවතී නුවර සිට අපමණ රුවන් දරන මේ මේ මහා සයුරද මුළු මහත් මහ පොළවද දැහැමෙන් සෙමෙන් කිසිම දඬුවමකින් තොරව අශසත්‍රයෙන් ( ආයුධවලින් තොරව ) පාලනය කරනු ලැබුවා.

ඒ කාලේ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ කෙළ ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරා ජනපද චාරිකාවේ යෙදෙන අතර චන්ද්‍රවතී නුවරටත් වැඩම කරනු ලැබුවා.

ඒ විජිතවී සක්විති රජු මේ බව අසා ඉතාමත් සතුටු සිතින් පෙර ගමන්කොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ බැහැදැක ඒ කෙළ ලක්ෂයක් භික්ෂු සංඝයා හට අවාස ලැහැස්ති කරනු ලැබුවා විතරක් නෙවෙයි පසුදින කොණ්ඩඤ්ඤ බුදුපියාණන් වහන්සේ ඇතුළු ඒ මහා සඟරුවනට දනටද ආරාධනය කරනු ලැබුවා. එයින් නොනැවතුණු අප මහා බෝසතාණන් වහන්සේ සසරේ පුරුදු පුහුණු කල දාන පාරමිතාවේ අනුහසින් තවත් තුන්මසක් මෙහිම වැඩ සිටිනා ලෙස කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන් ඇතුලු පිරිසට ආරාධනය කරනු ලැබුවා. එය උන් වහන්සේ විසින් ඉවසා වදාරනු ලැබුවා. ඒ අසදෘශ දානය ට තුන්මසක් පිරූ අවසානයේ ඒ මහා කාරුණිකයන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේට දෙවැනි නියත වරණය ලබා දී මතු ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටුවනු බව පවසමින් සත්ධර්මය දේශනා කරනු ලැබුවා. දස දහසක් සක්වළ දෙවුන් ඹබුන් සාදු නාද දුන්නා. ප්‍රීති ඝෝසා පැවැත්වුවා. මෙය අසා ඉතාමත් පැහැදුණු ඒ විජිතාවී සක්විති රජ අවසානයේ සක්විති රජකම අතහැර මහණවී තුන්පිටකයම හදාරා අටසමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් යුතුව ඹබලොව උපන්නා.

මිට පෙර ලියන්න අමතක වූ විශේෂ කරුණක් තිබ්බා. ඒ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයට සෙවන දුන් බෝධි වෘක්ෂය වන සල්කලණ රුක්‍ෂය ගැන. ඒ සල්කලණ වෘක්‍ෂය හටගන්නේ බුදුවරයෙකු හෝ සක්විති රජ කෙනෙකු පහළ වූ කාලයක පමණයි කියලයි පෙළේ සඳහන් වන්නේ. වෙනත් කාලයක දකින්නට ලැබෙන්නේ නැහැ. එහි තවත් විශේෂත්වයක් වන්නේ එක් දිනකින්ම නැගී සිටීමයි.

කොණ්ඩඤ්ඤ බුදුරජණන්වහන්සේගේ කාලයේ පිරිනිවෙන භික්ෂුන් වහන්සේලා අහසට නැග නිල්වලා චිවරගත විදුලියක් මෙන් හාත්පස බුබුළුවා තේජෝ ධාතුවට සමවැද උපාදාන රහිතව ගිනිසිළු නිවී යන්නාක් මෙන් නිවී පිරිනිවන් පෑම සුලභ දසුනක් වුනා.

කොණ්ඩඤ්ඤ බුදුරජණන් වහන්සේත් සියලු බුදුකිස නිමවා, ලක්‍ෂයක් අවුරුදු ආයු වළදා චද්‍රාරාමයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේත් දීර්ඝායුෂ්ක බුදුවරයකු බැවින් ධාතු විසුරුනේ නැහැ. ඒකඝනවම රන් පිළිමයක් සේ පැවතුනා. මිනිසුන් සහ දෙවියන් එකතුව ඒ ධාතු නිධන් කෙරු චෛත්‍යය සත්යොදුනක් උසට කරවනු ලැබුවා.

🌹 කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශය 🌹

නගරය – රම්මවතී නුවර
ගෝත්‍රය – කොණ්ඩඤ්ඤ
ජාතිය – ක්‍ෂත්‍රීය
පියා – සුනන්‍ද ක්‍ෂත්‍රීය රජතුමා
මව – සුජාතා දේවිය
ප්‍රාසාදත්‍රය – 1. සුචි 2. සුරුචි 3. සුභ
අග්‍රමහේෂී – රුචිදේවි දේවිය
පුත්‍රයා – විජිතසේන කුමරු
අගාරවාස – අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය – ආජඤ්ඤ රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය – මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු – යසෝධරා සිටුදූ
කුස තණ – සුනන්‍ද ආජීවක
බෝධිය – සල්කලණ
ධම්සක් දෙසීම – අමරවති නුවර දේව වනයෙහි
ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් – භද්‍ර තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් – සුභද්‍ර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – තිස්සා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් – උපතිස්සා තෙරණිය
අග්‍ර උපස්ථායක – අනුරුද්ධ භික්‍ෂුව
උපස්ථායකයෝ – සෝන, උපසෝන
උපස්ථායිකාවෝ – නන්‍දා, සිරිමා
ආයු ප්‍රමාණය – අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය – චද්‍රාමයෙහි
බෝසතාණෝ – විජිතාවි නම් සක්විති රජව විවරණ ලැබීය

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
24-06-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2L9jVeN
සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණ

1. බුදුන් වහන්සේ ගැන නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තයි.

2. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තයි.

3. ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තයි.

4. නොකැඩුණාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, නිදහස් වූ, නුවණ ඇත්තන් විසින් ප්‍ර‍ශංසා කරන ලද්දා වූ, තෘෂ්ණා දෘෂ්ඨීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දා වූ සමාධිය පිණිස පවතින්නා වූ ආර්යන් වහන්සේලා කැමති ආර්‍ය කාන්ත ශීලයෙන් යුක්තයි.

5. නිරයේ/අපායේ නොවැටේ. තිරිසන් යෝනියෙන් මිදුනේ වෙයි. ප්රේත යෝනියෙන් මිදුනේ වෙයි.

6. රහත් බව නියත කොටත්, රහත් බව පිහිට කොටත්, නිවන පිහිට කොටත් ඇත.

7. සෝතාපත්ති අංග 4 න් යුක්තයි.

• සත් පුරුෂයන් ඇසුරු කිරීම
• සද්ධර්මය ශ‍්‍වණය කිරීම
• නුවණින් මෙනෙහි කිරීම
• එම ධර්මය පිළිපැදීම

මහත්ව වඩන ලද මෙම ධර්ම 4 , ප්‍රඥාවගේ ලැබීම පිණිස පවතී. ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතී.

8. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්තයි.

9. පහවූ මසුරු මල ඇත. (ත‍‍්‍යාගශීලි බව)

10. කායික පැවැත්ම තුන් ආකාරයකට පිරිසිදු කර ගනී.

• තමා ප්රාණඝාතයෙන් වෙන් වේ.
• අනුන් ප්රාණඝාතයෙන් වෙන් වීමේ සමාදන් කරවයි
• ප්රාණඝාතයෙන් වෙන් වීමේ ගුණ කියයි

• තමා සොරකමින් වෙන් වේ.
• අනුන් සොරකමින් වෙන් වීමේ සමාදන් කරවයි
• සොරකමින් වෙන් වීමේ ගුණ කියයි

• තමා කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වේ.
• අනුන් කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වීමේ සමාදන් කරවයි
• කාමයේ වරදවා හැසිරීමේ වෙන් වීමේ ගුණ කියයි

11. වචනයේ පැවැත්ම තුන් ආකාරයකට පිරිසිදු කර ගනී

• තමා බොරු කීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වෙන් වේ.
• අනුන් ද වෙන් වීමේ සමාදන් කරවයි
• වෙන් වීමේ ගුණ කියයි

12. ත්‍රිවිධ සංයෝජන දුරු කර ඇත. (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස)

13. ධම්මාදාස ධර්ම ක‍්‍රමයෙන් යුක්තයි

14. උදය ගාමිණී පටිපදාවෙන් යුක්තයි.

15. භය 5 ක් හා වෛර 5 ක් සංසිඳී ඇත. (පංච ශීලය කඩ නොකරන නිසා)

16. පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධය (ආර්‍ය න්‍යාය ප‍්‍රඥාවෙන් මනා කොට දකියි/ මනා කොට අවබෝධ කරන ලද්දේ වෙයි)

17. ආයුෂ, වර්ණය, සැපය, බලය, අධිපතිභාවයෙන් යුක්තයි.

18. නුවණැති වෙයි. උතුම් වූ තියුණු අවබෝධයෙන් යුක්තව මනා කොට සියළු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇති වීම නැති වීම දක්නා නුවණින් යුක්ත වේ. (උදය වැය)

19. අප්‍රමාදීව වාසය කරයි

• ප්‍රමාදය නිසා සතුට නැත.
• සතුට නැති නිසා ප්‍රීතිය නැත.
• ප්‍රීතිය නැති නිසා සංසිඳීම නැත.
• සංසිඳීම නැති නිසා දුක ඇත.
• දුක ඇති නිසා සිත එකඟ නැත.
• සිත එකඟ නැති නිසා සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙති.

එවිට ප්‍රමාදයෙන් විසීමට සිදු වේ.

20. පංචඋපාදානස්කන්ධයේ (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ),

• හට ගැනීම
• විනාශ වීම
• ආශ්වාදය
• ආදීනවය
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

21. පංචේන්ද්‍රියේ (සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය)

• ඉපදීම,
• බිඳීම,
• ආශ්වාදය,
• ආදීනවය,
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

22. ෂඩ් ඉන්ද්‍රියයන්ගේ (චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන),

• ඉපදීම,
• බිඳීම,
• ආශ්වාදය,
• ආදීනවය,
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

23. පංචේන්ද්‍රියේ (සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය)

• ඉපදීම,
• බිඳීම,
• ආශ්වාදය,
• ආදීනවය,
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

24. ශීලයේ පරිපූරකයි.

25. හිරිධනය (පව්කිරීමට ලජ්ජාවීම) හා ඔත්තප්ප ධනය (පව් කිරීමට භය වීම) ඇත.

(මූලාශ්‍ර – සෝතාපත්ති සංයුත්තය, රාධ සංයුත්තය, ඉන්ද්රි්ය සංයුත්තය, සුප්පබුද්ධ කුට්ඨි සූත්ර ය, Pitaka.lk)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32cxEHf
කොතරම් පව්කාරයකු වුවද නිවන් මඟ දකින්නට තරම් වාසනාවක් ඇති කොලු පැටියාගේ හඬ එවේලෙහි පිඬුසිඟා වැඩම කළ ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේට ශ්‍රවණය කරන්නට ලැබිණි. එය ඇසීමෙන් ඔහු කෙරේ මෙත් සිත පහළ කළ උන්වහන්සේ දරුවා අසලට වැඩම කොට ඔහුගෙන් තොරතුරු විචාළ සේක.

යවුල් දහසක් එක විට උදරය පලා යන්නාක් වැනි වේදනාව අමාරුවෙන් ඉවසා ගත් කුඩා දරුවා දෑත මිටි කොට උදරය තදකර ගනිමින්ම නුග සෙවණේ තණ බිස්ස මත වාඩි විය. නුග සෙවණ යට සිසිල ය. එහෙත් දරුවාගේ ඉහින් කනින් දාදිය වැගිරේ. ඔහුගේ වත දුක්බරය. ගත අපිරිසුදුය. නහරවැල් වියළී ඇට පෑදී ඇත. උපන්දා සිටම කුස පිරෙන්නට අහරක් නොලත්, කිසිවෙකුගේ සෙනෙහසක් නොලැබූ හේ දැන් ඇත්තෙන්ම පිසාචයෙකු බඳුය.

අවාසනාවන්ත කාලකණ්ණියෙකැයි, කුලයෙන්ද, ගමෙන්ද,, දෙමාපිය නෑ සියන්ගෙන්ද පිටමං කරනු ලැබූවෙන් තැන තැන සිඟා කා යන්තම් පණ නළ රැක ගන්නට තරම් වූ බත්තුලු කීපයකින් ජීවිතය ගැට ගසා ගන්නට ඔහුට සිදුවුයෙන් කුසෙහි ගිනි ජාලාව නම් කිසිදින නිවුනේ නැත.

‘අනේ මගේ කාලකණ්ණිකම… අනේ අම්මා…. අම්මා ළඟට වෙලාවත් මට ඉන්න තිබුණනම්…. ඒත් මං වගේ පව්කාරයෙක් තියාගෙන අම්මත් මොනවා කරන්නද? අනේ මට සිද්ධ වුණු දේ….’

දරුවා කඳුළු සලමින් ඉකිබිඳ බිඳ වැළපෙන්නට වූයේ යටපත් ව තිබූ අතීතයද සිහිපත් කරමිනි.

මේ තිලොවට තිලක වූ ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයයි. හඬා වැළපෙන මේ දරුවා උපන්නේ කොසොල් රාජ්‍යයේ යි. කොසොල් රටේ කුඩා ධීවර ගමක උපත ලද කොලු පැටියා ගේ අවාසනාවට ඔහු මවුකුස පිළිසිඳගත් දින සිටම ඒ ගමට යහපතක් නම් වූයේ නැත. ගමේ සියලු ගංගා, තටාකවල මාළු හිඟවී ගියේය. කෑමට තියා බීමටවත් යමක් සොයා ගත නොහැකි විය. උන්හිටි ගමන් ඇවිළ ගිය ගින්නකින් සත්වාරයක්ම ගමෙහි විසූවන්ගේ සියලු දේපොළ විනාශ විය. කිසිදු හේතුවක් නැතිව නිකරුණේ් රජයට දඩ ගෙවන්නද සිදුවිය. හිටි ගමන් සිදුවූ මේ ව්‍යසනය පිළිබඳව ගම් නායකයා සියලු ගැමියන් රැස්කොට සාකච්ඡා කළේය.

‘මීට කලින් මේ ගමට මෙහෙම කරුමයක් වුණේ නෑ කවදාවත්. මේකට හේතුවක් තියෙන්න ඕන. අපි අතරට කවුරු හරි කාලකණ්ණියෙක් එකතු වෙලා තියෙනවා. ඒ පව්කාරයව අඳුනගෙන අපෙන් ඈත් කරන්න ඕන….’

මෙසේ කතිකා කළ ඔවුහු කණ්ඩායම් දෙකකට බෙදී වාසය කළෝය…. ඒ අතරතුර එක් කණ්ඩායමකට මහත් විපත් සිදුවන්නට වූයෙන් ඔවුන්ද දෙකට බෙදුණි. මෙසේ කිහිප වාරයක් කණ්ඩායම් බෙදෙමින් ගතකළ ඉක්බිති එක් ගර්භනී මවක් අවාසනාවන්ත යැයි හඳුනාගෙන ඇයට තලා ගමෙන් එළවා දැමීය.

ඒ අසරණ මවද බොහෝ දුක් විඳ පණ ගැට ගසා ගන්නී පුතෙකු වැදුවාය. කෙසේ හෝ පුතු රක්ෂා කරන ඇයටද අනේක විධ විපත්තීන් පැමිණුනෙන් දරුවාට පියවර තබා ඇවිදින්නට පුළුවන් වූ හැටියේම ඔහු අතට තැටි කබලක් දී…’පුතේ ගෙයින් ගෙය සිඟමනේ ගොස් ජීවත් වෙන්නේ යැයි පවසා ඔහුගෙන් වෙන්ව පලා ගියාය… එතැන් පටන් ඉතා අසරණ කටුක දිවියක් උරුම වූ කුඩා කොලු පැටියා කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව හරිහැටි කෑමක් බීමක් නොමැතිව වස්ත්‍රයක් නැතිව තැන තැන ඇවිදිනුයේ සැවැත්නුවරට පැමිණ අතු පතර විහිද ගිය නුග සෙවණක් යට මෙසේ වැතිර දුක කියා හූල්ලමින් හඬන්නට පටන් ගති…

‘අනේ් මට කාගෙවත් පිහිටක් නෑ…. බඩ පිරෙන්න කාපු දවසක් මතක නෑ. මේ දුකෙන් ගොඩ වෙන්න විදිහක් ඇත්තෙම නැද්ද….’

කොතරම් පව්කාරයකු වුවද නිවන් මඟ දකින්නට තරම් වාසනාවක් ඇති කොලු පැටියාගේ හඬ එවේලෙහි පිඬුසිඟා වැඩම කළ ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේට ශ්‍රවණය කරන්නට ලැබිණි. එය ඇසීමෙන් ඔහු කෙරේ මෙත් සිත පහළ කළ උන්වහන්සේ දරුවා අසලට වැඩම කොට ඔහුගෙන් තොරතුරු විචාළ සේක.

‘අනේ ස්වාමිනී… මම උපන්දා ඉඳන්ම අපේ ගමට වගතුවක් නැතිලු…. මං මහා පව්කාරයෙක් කියලා ගමේ අය මගේ අම්මා තාත්තාවත් ගමෙන් පිටමං කළා. ඒ දෙන්නටත් මං එක්ක ඉන්නකම් ගිය ගිය තැනින් කරදර සිද්ධ වුණා. හැමදේම නැතිවුණා. විනාශ වුණා. ඊට පස්සේ ඒ දෙන්නත් මාව දාලා ගියා….’

ගඟක් ගලන්නාක් මෙන් ඒ ශෝකී වදන් කොලු පැටියාගේ මුවින් ගිලිහෙන්නට පටන් ගත්තේ සැරියුත් තෙරුවන් වහන්සේගේ කරුණාබරිත මෛත්‍රී සහගත ප්‍රසන්න වදන් ඇසීමෙනි.

‘එසේනම් දරුව…. නුඹ මහණ වන්නට කැමතිද?’

‘අනේ ස්වාමීන් වහන්ස, මං වගේ කාලකණ්ණියෙක් මහණ කරන්නේ කවුද?’

‘මම නුඹව පැවිදි කරන්නම්. මේ සියලු දුක් කරදර ඉවරයක් දකින්නට දිනෙක නුඹට හැකිවේ…’

එදා එසේ මහරහත් සැරියුත් මාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ ඒ දරුවා විසි වයස් ගතවෙද්දී උපසම්පදාවද ලබා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වූ සේක…. උන්වහන්සේ වීර්ය සම්පන්නය. නුවණැත්තෝය. එසේ හෙයින්ම මහත් වූ වීර්යයෙන් යුතුව විදසුන් වඩා අර්හත් භාවයට පැමිණි සේක. එහෙත් පෙර කරන ලද අකුසලයන් තවම ගෙවී ගිය නැති නිසාදෝ උතුම් වූ අරහත් බව ලබා සිටියද උන් වහන්සේට කිසි දිනක කුස පුරා වළඳන්නට දන් ටිකක් ලැබුණේ නැත. යම් කිසිවෙකු දන් හැන්දක් පාත්‍රයට බෙදූ විට ඔහුට පෙනෙන්නේ පාත්‍රය මුළුමනින්ම පිරී ඉතිරී ඇති බවකි. ඒ නිසා ඔහු නැවතත් උන්වහන්සේට දන් පිළිගන්වන්නේ නැත. විටෙක උන්වහන්සේ වළඳන්නට පෙර පාත්‍රයේ දන් ටික අතුරුදන් වී යයි. මේ නිසා කුඩා කලදී මෙන්ම යන්තම් ජීවිතය ගැටගසා ගන්නට මිසක කුස පිරෙන්නට අහරක් ගත් දිනක් උන් වහන්සේට මතක නැත.

මෙසේ කාලය සෙමෙන් සෙමෙන් ගත වී ගියේය. ධර්මාවබෝධයෙන් සියලු දුක් පීඩා උසුලන්නට සමත් වූ ලෝසක තෙරුන් වහන්සේගේ ආයුෂ කෙමෙන් ගෙවී ගොස් පිරිනිවන් පානා දිනයද පැමිණියේය. මේ බව වටහාගත් සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ සිතූ සේක.

‘ලෝසක ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අදවත් උන්වහන්සේට කුස පුරා ගන්නට අහරක් මා විසින් සපයා දිය යුතුය.

මෙසේ සිතූ සැරියුත් හිමි, ලෝසක තෙරුන් වහන්සේද කැටුව සැවැත් නුවර පුරා පිඬු සිඟා වැඩම කළ නමුදු දන් හැන්දක් තබා වැඳුමක් පිදුමක්වත් නොලැබූහ. මේ අයුරින් මගේ අභිප්‍රාය සපල කොටගත නොහැක’ යනුවෙන් සිතූ සැරියුත් හිමියෝ ලෝසක තෙරුන් වහන්සේට ආපසු විහාරයට වඩින්නට යැයි පවසා තනිවම පිඬුසිඟා ගොස් පාත්‍රය දනින් පුරවා ඉක්මනින් දෙන්නට යැයි කියා දන් පාත්‍රය එක් මිනිසෙකුට දුන්නේය. අවාසනාවක තරම….ටික දුරක් යද්දී තමාට පැවරූ රාජකාරිය අමතකව ගිය ඒ මිනිසා පාත්‍රයේ ආහාර මගදී කෑමට ගෙන යන්නට ගියේය. සැරියුත් රහතන් වහන්සේ ආපසු විහාරයට වැඩම කළ විට ලෝසක හිමියෝ පැමිණ උන්වහන්සේට නමස්කාර කළෝය.

‘ඇවැත්නි … කෙසේද…? අප එවූ ආහාර වැළඳුවාද?’

‘නැත ස්වාමිනී… කිසිවෙකු මා හට දානය ගෙනවිත් දුන්නේ නැත…’

ඉමහත් සංවේගයට පත් සැරියුත් හිමියෝ දන් වේලාව පසු වී තිබුණෙන් වෙනතක නොගොස් කොසොල් රාජ මාළිගයට වැඩමවා පිඬු පිණිස පාත්‍රය පුරා චතුමධුර ලබා ආපසු පැමිණ ලෝසක තෙරුන් වහන්සේට මෙසේ කී සේක.

‘ඇවැත්නි… තොප අතින් ඇල්ලුවහොත් මෙහි ඇති ආහාර අතුරුදන්ව යන්නට පුළුවනි. ඒ නිසා මා අතේ තිබියදීම මේ චතුමධුර කුස පුරා වළඳන්න.’

උපන්දා සිට යන්තම් අහරකින් දිවිරැක ගත් ලෝසක තෙරුන් වහන්සේ සැරියුත් හිමියන්ගේ දෑතෙහි තිබූ පාත්‍රයෙන් කුසපුරා චතුමධුර වළඳා එදිනම පිරිනිවන් පා වදාළ සේක. පසු දිනෙක භික්ෂූන් වහන්සේලා අතර මෙබඳු කතා බහක් ඇතිවිය.

‘ධර්මාවබෝධය ලබා උතුම් වූ නිවන් මඟ දකින්නට තරම් පින් කර තිබූ ලෝසක තිස්ස හිමියන්ට කුස පුරා අහරක් නොලැබ කුසගින්නේ සිටින්නට සිදුවූයේ කුමන අකුසලයක් නිසාද?

සංඝයා අතර ඇතිවූ මේ සැකය ශ්‍රවණය කළ බුදුන් වහන්සේ, ලෝසක තිස්ස හිමියන් විසින් කරන ලද අකුසල කර්මය පිළිබඳ මෙසේ වදාළ සේක.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේ එක් ගමක් ආසන්නයේ වන සෙනසුනක භාවනානුයෝගීව කල් ගත කරන්නේ අසල ගමක සැදැහැති කුල පුත්‍රයෙක් දානාදියෙන් සංග්‍රහ කරන්නේය.

දිනක් ආගන්තුක තෙරුන් වහන්සේ නමක් ඒ ගමට වැඩම කොට එකී කුල පුත්‍රයාගේ ආරාධනයෙන් පෙර කී වන සෙනසුනට වැඩම කළෝය…. කුල පුත්‍රයා සන්ධ්‍යාවෙහි වන සෙනසුනට පැමිණ මල් පහන් පුදා දෙදෙනා වහන්සේටම පසු දින දානයට ආරාධනා කොට ගියේය. නේවාසික තෙරුන්වහන්සේ මෙසේ සිතූහ.

‘මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ දිගටම මෙතැන වැඩ සිටියහොත් මේ කුල පුත්‍රයා මා ගණන් නොගනීවි. මට දෙන ලාබයද අඩුවන්නේ ය. ඒ නිසා උන් වහන්සේට මෙහි ඉඳීම එපා කරවිය යුතුය…’

එසේ සිතූ නේවාසික තෙරණුවෝ එදින දානය සඳහා ආගන්තුක තෙරුන් වහන්සේට නොදන්වාම වැඩම කළහ…. කුල පුත්‍රයා ආගන්තුක තෙරණුවන් ගැන විමසූ විට ‘පෙරදා තොප පිළිගැන්වූ ප්‍රණීත බොජුන් වළඳා දිරවාගන්නට බැරිව උන්වහන්සේ තවම නින්දේ පසු වේ’ යැයි පැවසූහ. කුල පුත්‍රයාද නේවාසික තෙරුන් වහන්සේට දානාදියෙන් සංග්‍රහ කොට ගිතෙල්, මී සර්කරා පිර වූ පාත්‍රයක් ඒ ආගන්තුක තෙරුන් වහන්සේට දෙන්නට යැයි නේවාසික තෙරුන් වහන්සේට දුන්නේය. එය රැගෙන යන නේවාසික තෙරුන් වහන්සේ මෙසේ සිතයි. ‘ඒ ආගන්තුක තෙරණුවෝ මේ ආහාර වැළඳූ විට බෙල්ලෙන් අල්වා එළියට දැමුවත් යන එකක් නැහැ. මේවා කාටවත් නොපෙනෙන්නට විසිකර දැමිය යුතුය’ මෙසේ සිතූ තෙරණුවෝ ඒ ආහාර පාත්‍රය එක් කුඹුරක ඇවිළෙන ගිනි ගොඩක් දැක එයට විසිකර දමා විහාරයට වැඩම කළහ. මේ අතර නේවාසික තෙරුන් වහන්සේ ගේ මේ අකුසල සිතිවිලි ධ්‍යාන වඩා සිටි ආගන්තුක තෙරුන් වහන්සේ විසින් දන්නා ලදහ. එසේ හෙයින් උන්වහන්සේ පාත්‍රා සිවුරු ආදිය ගෙන වෙනත් තැනකට වැඩම කළ සේක. දන් පාත්‍රය ගින්නට විසි කළ නේවාසික තෙරණුවෝ විහාරයට වැඩම කළද උන්වහන්සේට ආගන්තුක තෙරණුවෝ එහි නැති බව පෙනිණි. ඒකත් එකටම ඒ ආගන්තුක තෙරණුවෝ ධ්‍යාන වැඩූ කෙනෙක්. මගේ අදහස දැන වෙනත් තැනකට වඩින්නට ඇති. අනේ මා විසින් කළේ බලවත් අකුසල කර්මයක්….’

එතැන් පටන් ඒ නේවාසික තෙරණුවෝ ඒ ගැන සිත සිතා දොම්නසින් කල් ගෙවූයේ මියගොස් කල්ප කාලයක් නිරයෙහි පැසී ඉන්පසු මනුෂ්‍ය තිරිසන්, පේ‍්‍රත ආත්ම භාව වල ඉපදී මෙසේම කුසපුරා අහරක් නොලැබ බොහෝ දුක් වින්දේය. අන් කෙනෙකුගේ ආහාර ලාභයට අකුල් හෙලා එසේ දුක් අනුභව කළඳ එකල භාවනානුයෝගීව විදසුන් වැඩූ කුසලයෙන් මෙකල ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ධර්මාවබෝධය ලැබ නිවන් මග පසක් කොට ගත්තෝ ය. යනුවෙන් වදාරා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝසක ජාතකය නිමාකළ සේක…

( ලෝසක ජාතකය ඇසුරිනි )

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MIX0bY
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 26 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 09

🌷 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ ඌර්ණ රෝමකූප ධාතුව

විජිතාවී සක්විති රජ තුමා ගැන බොහෝ විස්තර මට ත්‍රිපිටකයේ හමුවුනේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ අනෙකුත් සක්විති රජවරුන් ගැන ලියලා තියෙන පොදු කරුණු බොහෝ තැන් වලින් උපුටා ගත්තා. ඒ දීඝනිකාය » මහාවග්ගපාළි » මහා සුදස්සන සූත්‍රය, ඒ වගේම දීඝනිකාය » පාථිකවග්ගපාළි » චක්කවත්ති සීහනාද සූත්‍රය සහ එහි අටුවාවන් ඒ වගේම බුද්ධවංශ අට්ටකතා අටුවාව යන ග්‍රන්ථ වලින්. ඔබට මා ලීවාට වඩා ඉතාමත් රසවත් විස්තර මේ සුත්‍ර කියවීමෙන් ලබාගන්න පුළුවන්.

සක්විති කිරුළ කියන්නේ මේ පෘථිවි තලයේ ලෞව්කික මිනිසෙකුට පැමිණිය හැකි ඉහළම කිරුළ විතරක් නෙවෙයි පෘථිවි තලය මත ලැබිය හැකි උපරිම සැප වගේම බලය ලබන පදවිය. ඒ වගේම පෘථිවි තලය මත ලැබිය හැකි ඉහළම ලෝකෝත්තර කිරුළ තමයි බුද්ධත්වය. මේ පදවි යුගලයම ලැබෙන්නේ උත්තරීතර මනුෂ්‍යරත්නයකට. ඒ නිසාම උපතදීම මෙවන් උත්තරීතර මනුශ්‍යරත්නයකට පිහිටන විශේෂ දේහලක්ෂණ තිස්දෙකක් වෙනවා. ඒවා දේහ ලක්ෂණ විද්‍යාවේදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වශයෙන් හඳුන්වනවා.

බුදුවරයෙකුට හා සමානවම සක්විති රජතුමෙකුටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක හා සමානව පිහිටනවා. එහෙත් එකම එක වෙනසක් තියනවා. ඒ දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස නොහොත් ඌර්ණ රෝම කූපයයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියනවා.
එමෙන්ම එය යම් තැන්වල භුරිද්ත්ත නාගරාජයා තුඹස මත දරණ ලා සිටින අකාරය ට සමාන කරන අතර නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි. මේ සියල්ල බුදුහාමුදුරුවන්ට පිහිටි ඌර්ණ රෝම කුපයේ ලක්ෂණයි. එහෙත් සක්විති රජතුමාගේ මේ රෝමකුපය රත්රන් පාටින් යුක්ත වෙනවා වගේම එය වමට කැරකී අග කොටස පහතට බර වී තිබෙනවා. එය පමණයි ඇති එකම වෙනස.

🌷 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරනවා නම් එය සතර අකාරයකට විස්තර කරන්න ඕනේ බව නාඋයනේ අරියධම්ම මහා නායක හාමුදුරුවන්ගේ දේශනාවකින් ඇහුවා. ඒ මේ ආකාරයට

1. ඒ එක් එක් මහා පුරුෂ ලක්ෂණ සඳහා කර තිබු කුසල කර්මය.
2. ඒ මහා පුරුෂ ලක්ෂණයට උපමාව
3. මහා රූප ලක්ෂණය
4. එහි වර්තමාන ආනිසංස

ඒ ආකාරයට විස්තර කරන්න තරම් මා හට කාලය මදි. එහෙත් “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” කියා youtube හි සෙවීමෙන් ඒ අතිපුජණිය නාඋයනේ අරියධම්ම මහා නායක හාමුදුරුවන්ගේ දේශනයට ඇහුම්කම් දෙන්නට පුළුවන්.
දෙතිස් මහා පුරුෂ ලක්ෂනත් මම ලියන්නේ නැහැ. එය පහසුවෙන්ම සොයාගත හැකි නිසා.

අප මහා කරුනිකයාණන් වහන්සේට අද වගේම එදාත් ඒ මහා දෙතිස්පුරුෂ ලක්ෂණ තිබුනා.

ඒ වගේම සක්විති රජකෙනෙකුට පමණක් විශේෂ වූ ඍද්ධි සතරක් තියනවා කියලා මහා සුදස්සන සුත්‍රයේ කියනවා. එය මෙලෙසයි.

🌷 සක්විති රජුන්ගේ සතර ඍද්ධි

1. සක්විති රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප සොභා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙනදෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත වෙනවා.

2. රජු සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත්වන්නෙක් වෙනවා වගේම දීර්ඝායු ඇත්තෙක් වනවා.

3. සක්විති රජු අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් වනවා. . රොග අඩු කෙනෙක් විය. ඉතා මඳද නොවූ වැඩිද නොවූ, සමව ආහාර දිරවන
ගින්නෙන් යුක්ත වනවා.

4. එලෙසම සියලු රටවැසියන්ට වගේම ගෘහපතීන්ටද බ්‍රාහ්මණ ගෘහපතීනටද ප්‍රියවනවා, මනාපවනවා. හරියටම යම්සේ පුත්‍රයන්ට පියා ප්‍රියවේද, මනාප වේද එමෙන්ම සක්විති රජද ගෘහපතින්ටද, බ්‍රාහ්මණ ගෘහපතීන්ට ප්‍රියවනවා. මනාපවනවා. ඒ නිසාම රජතුමා අශ්වරතයේ නැග විති සංචාරය කරන අවස්ථාවේ සෙමින් රථය පදවන ලෙස ඔවුන් වැඳ වැටි ඉල්ලා සිටිනවා. ඒ වෙනකක් නිසා නෙවෙයි වැඩි වෙලාවක් දැක ගැනීමට. අප මහා බෝසතාණන් වහන්සේද මේ මහා සතර වැදෑරුම් ඍද්ධියෙන් යුක්ත වුනා.

මේ සියල්ලම සඳහන් කලේ සක්විති කිරුළත් එහි පාරිශුද්ධ භාවයත් එහි අසම සම බලයත් එහෙත් අවසානයේදී ඔබ අප වෙනුවෙන් ලොවෙහි ඒ ශ්‍රේෂ්ඨ වූ කුරුළද බෝසත්වරයන් විසින් අතහරින බව පැවසීමට.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
20-06-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2UbZmkw
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 25 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 08

සක්විති කිරුළ සඳහා පිරිය යුතු සක්විතිවත්.

සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාථිකවග්ගපාළියට අයත් “චක්කවත්ති – සීහනාද” සූත්‍රයෙහි යි. එහි සඳහන් කර ඇති අන්දමට ඉහත කියූ සත් රුවන් පහළ වීමෙන් සක්විති රජකමට පත් වන්නේ මේ දස සක්විති වත් වලින් සමන්විත රජකෙනෙක් පමණයි. ඒ විතරක් නෙවෙයි ඒ සක්විති රජකම සුරැකෙන්නෙත් ඒ සක්විති වත් රකිනතාක් කල් පමණයි. ඒ නිසා මුලදී රැක පසුව නොරැක ඉන්නත් බැහැ. එහෙම වුනොත් චක්‍ර රත්නය අතුරුදහන් වෙනවා. ඒ සමගම දින හතකින් සක්විති රජකමත් අහිමිවෙනවා. ඒ සක්විතිවත් දැනගැනීම සක්විති නොවුනත් අපේ පාලකයන්ටත් වැදගත්වේවි. ඒ නිසා එයත් කෙටියෙන් සඳහන් කරන්න හිතුනා.

[1] ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මධ්වජයක්ව ධර්මකෙතුවක්ව ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.
[2] බල සෙනඟද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.
[3] ක්ෂත්‍රියයන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.
[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂාව පිළියෙළ කිරීම.
[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම.
[6] මහණ බමුණන්ද රැක ගැනීම.
[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කිරීම.
[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කිරීම.
[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට කෑම බීම ධනය මෙන්ම අවශ්‍ය සියලුම රුචි අරුචි වලින් සංග්‍රහ කිරීම.
[10] සිය රටෙහි ලෞකික ආශා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනයකළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. මේ සියල්ල නිවැරදි සක්විතිවත් ලෙස හඳුන්වනවා.

අපේ බෝසතාණෝ මේ සියලු වත් පිළිවෙත් ඒ ආකාරයෙන්ම පිළිපැද තුබුණා.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
19-06-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Zu01mG
ආනාපානාසති විදර්ශනාව

අපි මුලින් ම ඉගෙන ගන්න ඕන විදර්ශනා කියන වචනෙ තේරුම. විදර්ශනා කියන වචනෙ තියෙනවා තේරුම් කීපයක්. විශේෂ දර්ශනය – විශේෂයෙන් දැකීම මේ වගේ තේරුම් තමයි විදර්ශනාව කියන වචනෙ තියෙන්නේ. විදර්ශනාව කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය පෘථග්ජනයා ලෝකය දිහා බලන ක්‍රමයෙන් තොර ව ලෝකය දෙස බලන ආකාරය යි. සාමාන්‍ය මිනිස්සු ලෝකය දිහා බලන්නේ, වරදවා ගත්ත හඳුනා ගැනීමකින් යුක්තව යි. ඒ කියන්නේ ලෝකේ තියෙන අනිත්‍ය දේවල් දෙස පෘථග්ජන අය බලන්නේ නිත්‍ය යි කියන හැගීමෙන් යුතු ව. ලෝකේ තියෙන දුකට අයිති දේවල් දෙස පෘථග්ජන අය බලන්නේ සැපයට අයිති කියන හැගීමෙන් යුතුව. මේ ලෝකේ තියෙන තමන් කැමති විදිහට පවත්වන්න බැරි අනාත්ම දේවල් දෙස පෘථග්ජනයා බලන්නේ, තමන් කැමති විදියට පවත්වන්න පුළුවන් කියන හැගීමෙන් යුක්තවයි. මෙන්න මේක තමයි වරදවා ගත්තු හඳුනාගැනීම. මේ වරදවා ගත්තු හඳුනාගැනීම අතහැරලා නිවැරදි ආකාරයට විමසන්නට පුරුදු වීම තමයි විදර්ශනා කියන්නේ.

ඒ කියන්නෙ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන් ම බැලීමට පුරුදු වීම. දුකට අයිති දේවල් දුකට අයිති දේවල් වශයෙන් ම බැලීමට පුරුදු වීම. තමා කැමති ලෙස පවත්වන්න බැරි, අනාත්ම දේවල් අනාත්ම දේවල් වශයෙන් ම බැලීමට පුරුදු වීම. අසුභ දේවල් අසුභ දේවල් වශයෙන් ම බැලීමට පුරුදු වීමයි.

දැන් අපි ආනාපාන සතිය මුල් කර ගෙන විදර්ශනා වඩන හැටි ඉගෙන ගනිමු. ආනාපාන සතිය මුල් කර ගෙන විදර්ශනාව වඩන්නේ හුස්ම රැල්ලේ තියෙන ඇත්ත තත්වය එහෙමත් නැත්නම් යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස යි. යථාර්ථය අවබෝධ කර ගන්න ආවට ගියාට බෑ. යථාර්ථය අවබෝධ කර ගන්න කැමති කෙනෙක් තමන්ගෙ හිත තුළ යම් කිසි සංසිඳිමක් මුලින් ම ඇති කර ගන්න ඕන. ඒ කියන්නේ ආනාපාන සතිය වඩලා එක්කො ධ්‍යාන මට්ටමට හිත දියුණු කර ගන්න ඕන. එහෙමත් නැත්නම් යම් පමණකට හෝ තමන්ගේ හිත තුළ සමාධියක් ඇති කර ගන්නට ඕන. සමාධියක් ඇති කර ගන්නවා කියන්නෙ බොහෝ වේලාවක් වෙනත් අරමුණකට හිත යන්න නොදී හුස්ම ගැනීමත්, හුස්ම හෙළීමත් තුළ සිහිය පිහිටුවන්නට හැකියාව තමා තුළ ඇති කරගැනීමයි.

ඒ හැකියාව ඇති කර ගත්ත කෙනා ඊළගට කළ යුතු දේ තමයි හුස්ම රැල්ලේ සමුදය-වය දෙක විමසන්න පුරුදු වීම. සමුදය කියලා කියන්නේ හට ගැනීම. වය කියලා කියන්නෙ වැනසීම. ඊළගට එයා හට ගැනීමත් වැනසීමත් දෙකම විමසන්නත් පුරුදු වෙන්න ඕන.

අපි හොඳට තේරුම් ගන්න ඕන හුස්ම රැල්ල කියන්නේ මොකක් ද? කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නල දීල තියෙනවා, හුස්ම රැල්ල තුළ පවතින ලක්ෂණ පහක්. හුස්ම රැල්ල කියන්නේ වායෝ ධාතුව ක්. ඒ කියන්නේ හමා යන ස්වභාවයෙන් යුතු දෙයක්. හමා යන ස්වභාවයෙන් යුතු මේ හුස්ම රැල්ල තුළ ලක්ෂණ පහක් දක්නට ලැඛෙනවා. පළවෙනි ලක්ෂණය තමයි හුස්ම රැල්ල පවතින්නේ තමා තුළ. ඒකට කියනවා අජ්ඣත්තං කියලා. ඊළගට හුස්ම රැල්ල කියන්නේ තමාගේ කියල සලකන තමාගේ කියල සම්මත දෙයක්. ඒකට පාලියෙන් කියන්නේ පච්චත්ත කියලා. ඊළගට හුස්ම රැල්ල සුළගක්, හමා ගෙන යන දෙයක්. ඒකට කියනවා වායෝ කියලා. ඊළගට හුස්ම රැල්ල කියන්නේ හමා ගෙන යන ස්වභාවයෙන් යුතු දෙයක්. වායෝ ගතං. පෘඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් තමයි හුස්ම රැල්ල සකස් වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ හුස්ම රැල්ල තුල තද ගතියෙන් යුතු ගොරෝසු ස්වභාවයෙන් යුතු ලක්ෂණ දකින්නට පුළුවන් ඒක පඨවි ධාතුව ඊළගට හුස්ම රැල්ල තුළ වැගිරිලා යන ස්වභාවයක් දැක ගන්නට පුළුවන්. ඒක ආපෝ ධාතුව. හුස්ම රැල්ල තුළ උෂ්ණත්වයක් පවතිනවා ඒක තේජෝ ධාතුව. ඊළගට හුස්ම රැල්ල හමා යන ස්වභාවයෙන් යුක්තයි. ඒක වායෝ ධාතුව. මේ කියන හතර ම සංයෝග වීමෙන් තමයි හුස්ම රැල්ලක් හට අරගෙන තියෙන්නෙ. මෙන්න මේ කියපු ලක්ෂණ පහ හුස්ම රැල්ල තුළ තියෙන බව ආනාපාන සති විදර්ශනාව වඩන්න කැමති කෙනා මුලින් ම තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන ඒ ලක්ෂණ ප්‍රකට වෙන විදිහට ඒ පිළිබඳ අවධානය යොමු කරලා ටික කාලයක් ඒ ලක්ෂණ තේරුම් ගන්න ගන්න මහන්සි ගන්නවා නම් එකත් බොහොම හොඳයි.

සිත සංසිඳුනාට පස්සේ එයා හුස්ම ගන්න කොට අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වෙන්ව. ඊළගට හුස්ම හෙළන කොට අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වෙනවා.
හුස්ම රැල්ල දෙස අවධානය යොමු කර ගෙනඉන්න කොට ඔබට තේරෙනවා හුස්ම රැල්ල පටන් ගන්න හැටි. ඊළගට හුස්ම රැල්ල නැතිවෙලා යන හැටි ඔබට තේරෙනවා. හුස්ම රැල්ලේ පටන් ගැනීමකුත් නැති වීමකුත් දකින්නට තියෙනවා. ඒක තමයි අනිත්‍ය බව කියලා කියන්නේ. අන්න ඒ පවතින අනිත්‍ය බවට හිත යොමු කරනවා. මුලින්ම ඒ අනිත්‍ය බවට හිත යොමු කරල ඒක හිතින් දකිමින් හුස්ම ගන්න කොට අනිත්‍යයි කියල හිතනවා. මේ විදිහට වෙන කිසිම දේකට හිත යා නොදී ආශ්වාස-ප්‍රශ්වාස අනිත්‍ය වශයෙන් බලමින් ඉන්න කොට සමාධි භාවනාවක් වඩපු කෙනෙක්ගෙ හිත සමාධි ගත වෙනවා වගේ හුස්ම රැල්ල අනිත්‍ය වශයෙන් දකිමින් ඉන්න කොටත් ඔහුගේ හිත සමාධි ගත වෙනවා. ඒ සමාධිගත වීම නිසා කයත් සැහැල්ලූ වෙලා සිතටත් මනසික සැපයක් දැනෙන්නට ගන්නව. මේ විදියට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල අනිත්‍ය වශයෙන් දකිමින් භාවනා කරල ඒ තුළින් ඇතිවන සමාධියට කියන්නෙ විදර්ශනා සමාධිය කියලා.

විදර්ශනා සමාධිය ඇති කර ගත්ත කෙනෙකුට හුස්ම රැල්ල ඇතිවන ආකාරයත් නැතිවෙන ආකාරයත් යම් පමණකට ප්‍රකට වෙන්න ගන්නවා. ඒකට කියන්නෙ සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති හට ගැනීම තේරුම් ගනිමින් එයා කායානුපස්සනාව වඩනව. ඊළගට වය ධම්මානුපස්සී වා කායස්මිං විහරති හුස්ම රැල්ල නැති වී යන ආකාරය තේරුම් ගනිමින් එයා කායානුපස්සනාව වඩනව.

මේ විදිහට විදර්ශනා වඩන්න පුරුදු වෙච්ච කෙනාට ඒ විදර්ශනාව වැඩීම නිසා ලබා ගත හැකි ප්‍රතිඵල කීපයක් පිළිබඳව මහා සතිපට්ඨාන සුත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ පෙන්වල දෙනවා. අත‍ථී කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති ඔය කියපු විදිහට ආනාපානසතිය මුල් කරගෙන සමථ විදර්ශනා දෙක දියුණු කළොත් සතර මහා ධාතුන්ගෙන් හට ගත්ත ආශ්වාස ප්‍රශ්වාස නැමති කයක් තියෙනවා කියල එයාට සිහිය පිහිටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හුස්ම රැල්ලේ යථාර්ථය අරමුණු කරගෙන එයාගෙ සිහිය පිහිටුවන්න පටන් ගන්නව. ඒ විදිහට සිහිට පිහිටුවීම අවබෝධ ඥාණය ඇතිවීම පිණිස උපකාර වෙනව. ඒ කියන්නේ චතුරාර්්‍ය සත්‍යය අවබෝධයට උපකාර වෙනව. අනාපාන සති විදර්ශනාව හොඳින් පුරුදු කළහම ආනාපාන සතිය තුළ මේ මොහොතේ පවතින අනිත්‍ය බව ප්‍රකට වෙන්න පටන් ගන්නව.

පූජ්‍යපාද
දොළොස්වල උදිතධීර ස්වාමීන් වහන්සේ

ශ්‍රී සම්බෝධි සගරාවේ පළවූ ලිපියකි