Monthly Archives: January 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2u7zIVx
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 127🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 22

🌺🌸🌼 ජූජක බමුණාට රැවටුණු වෙසතුරු කුමරුගේ ආරක්ෂක නිලධාරියා.

ඒ කුලී හේවායා ජූතක බමුණාගේ වහසිබස් වලට රැවටී ඔහුව විශ්වාස කරනු ලැබුවා. ඇත්තෙන්ම ඔහු සිතුවේ ඔහු දෙමාපියන්ගේ පණිවිඩ කරුවෙකු කියායි. ඉතාමත් දුකට පත්වී සිටින මහලු රජ තුමා සහ දේවිය ගැන අනුකම්පාවෙන් වෙසතුරු කුමරුහට කරුණු පැහැදිලි කොට ආපසු රැගෙනයාමට පැමිණි ඔහුගේ පැරණි ගුරුදේවය කියලයි හිතුවේ. ඔහු එම නිසාම ඔහුව විශ්වාස කරනු ලැබුවා.

🌺🌸🌼 වෙසතුරු රජ සිටිනා තැන පිලිබඳ විස්තර ජූජක බමුණාහට ලබාදීම.
” මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගත්කරන්නයයි පලාපල අදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නේ අත දිගුකර මෙසේ ගන්දමාන පර්වතය අසල ඇති මුචලින්ද විලත්, එහි අවට පරිසරයත්, එහි අසිරියත්, කුරුළු සිවුපා මල්වැල් ගහකොළ ඇතුළු සියලු විස්තර ඔහුට මෙලෙස එකිනෙක විස්තර කලේ ලස්සන සිතුවමක් මවමින්.

බමුණ,යම්තැනක වෙසතුරු රජදරුවන් ඇතුළු ඔහුගේ අඹුදරුවන් වාසය කරයිද, අර පෙනෙන පර්වතය ගන්ධමාදන නම් වේ. ඔහු තාපස විලාශයද දෙහෙටිල්ලද, ගිණිපුදන හැන්දද, දළමඩුළුද, දරනුයේ අදුන්දිවිසම් දරනුයේ බිම හොවී ගිනිදෙවිය පුදයි. එහි නිල්වන් වූ නොයෙක් පළ දරණ වෘක්ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අදුන්කුළු මෙන්
පැනෙති.

🌺🌸🌼 හෙළගිරිකිල්ල මල් පිපෙණ නිල්වන් කැළෑ හීතණ.

දැව, අසුය, කිහිරිය, සල්ය, කොළොම්ය, මාළුවාය යන වෘක්ෂයෝ එක්වරක් පානය කල සුරාසොඩුන් මෙන් පවනින් වෙව්ලති. රුක් අතු මත්තේ පක්ෂීන්ගේ රාවය දේවගීතිකා මෙන් ඇසෙයි. විලිකුළු ගණන හා කෙවිලි ගණන ගසින් ගසට පනිති. යම්තැනක වෙසතුරු රජ දරුවන් හා සමග වෙසේද එහි පවනින් සැලෙන ගසේ පත්‍ර තමා පියා දරුවන් කැදවන්නවුන් වැනිය. තමා කරා එන්නාහු සතුටු කරනුවන් වන්නාය. නිරන්තරයෙන් වාසය කරන ජනයා තුටු කරනුවහ. රජ එහි තවුස් වෙස්ද පළවැල නෙළන කෙක්කද ගිණිපුදන හැන්දද දළමඩුළුද දරනුයේ අදුන්දිවිසම් හැදගෙන බිම සයනය කරයි. ගිණි දෙවියාද පුදයි. ඒ වනයේ සිත්කළු බිම්පෙදස්හි පැතිර සිටි හෙළගිරිකිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්වන් ය. ඒ බිම ධුලි නොනැගෙන්නේය.ගිරිතිල්ල මල් වියනකින් හා නිල් තණයෙන් නීල වර්ණ වූ ඒ ස්ථානයෙහි අල්ප වුද දුවිල්ලක් නොනගී.

මොනරකර බදු වූ හිඹුල් පුළුන් ස්පර්ශය සමාන උපමා ඇති, ස්පර්ශයෙන් පුළුන් හා ස්පර්ශවීම සමානය. තෘණයෝ හාත්පසින් සතරගුල් ඉක්ම නොවැඩේ. ඒ භූමියේ ඇති මොණර ග්‍රීවාව වැනි වර්ණ ඇති නිල් තණ හාත්පසින් අගල් සතරක් පමනක්ව පවතී. අඹ දඔ ගිවුළුද මිටි රුක්හි විලිකුන් දිබුල් ද ඇත.නොයෙක් පරිභෝග වෘක්ෂයන්ගෙන් ඒ වනය ඇලුම් වඩවයි.

🌺🌸🌼 සිව්රැස් පොකුණ
නොයෙක් ඵලයන්ගෙන් යුතු පරිභෝග වෘක්ෂවලින් හා වනරොදෙහි වන්කගිරියෙහි කුඩා ගංගාවලින් ගලාබස්නා ජලය පවතී මස්කැලන් විසින් නිරන්තරයෙන් සෙවුනා ලද වෙරළුමිණිවන් පැහැ ඇති පිරිසිදු සුවද සිලිල් ඇති දියදහර ඒ වනරොදෙහි ගලාබසියි. එයට නුදුරුව මනරම් බිම්පෙදෙසක දෙවියන්ගේ නදුන් උයනෙහි මෙන් පියුමින් හා උපුලින් සැදි පොකුණක් ඇත. බමුණ ,ඒ සිව්රැස් පොකුණෙහි උපුල් වර්ග තුනක් ඇත.එක් වර්ගයක් නිල්පාටය එක් වර්ගයක් සුදුය. එක් වර්ගයක් ලේ පාටය. මේ තුන් ආකාර උප්ලිවලින් ඒ විල විසිතුරුය. සරසන ලද මුදුන් මල්කඩක් මෙන් බබලයි. ඒ පොකුණ විසිතුරුය. මෙසේ සිව්රැස් පොකුණ වර්ණනා කර නැවත මුචලින්ද විල වර්නන කරමින් මෙසේ කියන්නට වුනා.

🌺🌸🌼 මුචලින්ද විල
ඒ වන ලැහැබෙහි විලක් ද ඇත. ඒ විලෙහි හෙලපියුම්, හෙළපිලි අතුරනලද තැනක් බදුය. හෙළපුළින් හා හෙල්මැල්ලෙන් ද දියකුරයෙන්ද ගැවසුනේය. ඒ විල මුචලින්ද නම් වේ. තවද ඒ මුචලින්ද විලෙහි පියුම් කෙළවරක් නැත්තා සේ පෙනෙති. ඇතිරිල්ලක් ඇතුරුවාසේ හාත්පසම පනේ. ගිම්හාන, හේමන්ත සෘතුවල පිපුණු පියුම් දණක් පමණ ගැබුරු දියෙහි පැතිරී සිටිති. විසතුරු මල් සතර අත සුවද පතුරුවයි. බඔරු මලසුවදින් හාත්පසම අභිනාද කරයි. වෙසතුරු රජුනු, තොප සතුටු වේවයි කියන නන්දික ලිහිණියෝ ද, දරුවන් සමග සැරදෙවයි කියන ජිවපුත්ත ලිහිණියෝද, තොප ද තොප ප්‍රිය දරුවෝද සරදේවයි කියන ලිහිණියෝ ද තොපිද තුටුව තොප දරුවෝද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද මුළු පොකුණම නිවාස කොට ඇත්හ. යම්තැනක වෙස්සන්තර රජුන් දරුවන් සමග සිටීද ඒ වනහිස් නන්පැහැ වූ මලින් නිපුණයින් විසින් ගෙතූ මල්දම් ලෙසින් සොබනේය.තවද බමුණ ඒ විල්දිය කෙළවර වෘක්ෂයෝ වෙත්.සුපිපි කොළොම් රුක්ය. පළොල් රුක්ය. මල් පිපී ගිය කොබොලීල රුක්ය. අගුණ රුක්ය,වැල්කිණිහිරිය, කරගස් නාගස් යන මේ වෘක්‍ෂයෝ මුචලින්ද විල වටා පීපී සිටියි.

🌺🌸🌼 මුචලින්ද පොකුණ වටකොට ඇති ගස් වර්ග

මහරිය, හෙළපළුය , පියුමගස්ය, යන මේ ගස් වලින් මනා සුවද හමයි. මහනිකද,සුළුනිකද ගස්ද පියාරුක්ද එහි පීපී තිබේ. පගුරුය, මුහුළුය, සල්ය, මුරුංගාය යන මේ රුක් පීපී සිටී. දුනුකේ ගස්ද කිණිහිරි ගස්ද කණේරු ගස්ද පීපී තිබේ. මහා කුබුක්ද සුළු කුබුක්ද මහඋක්ද මල්මල් පීපී සිටී. මානව පිපුණු අගති කැල ගස් දිළිසෙන අගුරු මෙන් සිටී. ඇත්දෙමටය, රුක්අත්තනය, කදලය, වනුක්ය, දුනුවලලා ය තිටිගය යන රුක්මලින් ඇට්ටර හා වරණ රුකින්ද ඒ වනය හෙබුනා. අසුගස්ද තෙලබු රුක්ද හින්සල්රුක්ද පිපීවනම සිටී. හෙළවසුරුක් හා තුවරලාද මැසිගස්ද උපුල්කොළ ද කළුවර ගස්ද ඇත. තවද ඒ විලෙහි උදකාන්තයෙහි බහුලව හටගත් දඔලද ඇත. සිහින් මුගු ද මහමෑ ද කටුකොහොවිල ද බොහෝය. තවද ඒ විලමියර ඇත්තේය. වාතයෙන් අලළන ලද්දේ වෙයි. නද දෙන මීමැස්සන්ගෙන් යුක්ත මල් පිපුණු හුගු ගස් හා රත්කරව් ගස් අතියේය. සුළු අංගෙන්ද මහ අංගෙන්ද හුරුකලන්ද ගස් ද මෙහි බොහෝය.

🌺🌸🌼 මල් වර්ග සහ එහි සුවඳ

බමුණ, හෙළ කලවැලින් ගැවසීගත් වෘක්ෂ ඇත. සත් දවසක් මුළුල්ලෙහි රදා සිටින ඒ මල්වල සුවද නොසිදේ. ඒ මුචලින්ද විල දෙපස ශෝභමාන මල් ඇත. එරහැන්ද ගස්වලින් යුතු ඒ වනය හොබනේය. අඩමසක් මුළුල්ලෙහි දරනු ලබන ඒ එරහැන්ද ආදී මල්වල සුවද නොසිදේ.පිපියා වූ දියමෙරලිය සේතවාරි,නිල්කටරොළු ද ඇත.ඒ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුනේය. ඒ වනය මල්අත්තෙන් පවත්නා සුවදින් පැමිණි අයව මත් කරවයි.මල් සුවදින් හාත්පසම නද දෙන බඔරු වෙති. බමුණ,ඒ විල අසල කැකිරි වර්ග තුනකි.එක් වර්ගයක් කළයක් පමණය.වර්ග දෙකක් මිහිගු බෙර දෙකක තරම් වෙයි. තවද ඒ අසපුව ඉදිරියේ අබ ද හරිතායුත යනාදිය යන ලුහුණු බොහෝය.ඉදිගස් තල්රුක් මෙන් සිටී. මිටින් සිදලිය හැකි රන් එරහැදී බොහෝය.ගැහැවි සුවද වත් සමන් වැල්ද හිරිවැල්ද කෑලිය ද මිහිගෙදි ද හෝපලු ද නීතුල ද ලබුකොමඩු ද හිගිනි රුක් ද කටුකරඩු, අනෝජා ද පීපී ඇත.නාලියද හිරමුසු වලද ගස්නාග පිපිවනම සිටී. රන්කටුකරඩු ද වෑකොද විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද හොයොඔු ද ගදඇබුලු ද යන වෘක්ෂයන්ගෙන් ඒ වනය හොබනේය. මීපැණි සමාන සුවද ඇති මධුගන්දිය, පළොල් ද සූරිදුගස් ද කිණිහිරි ගස්ද පිපියාහු රුසිරැ ගිනිසළු වැනිය. එළන ලද රන්දැල් මෙන් පෙනේ. දියගොඩ උපදනා හටගන්නා යම්කිසි කුසුමයෙක් ඇද්ද ඒ සියළුම පුෂ්පයන් ඒ විලේ පෙනෙයි.මහා දියකද දරන මුචලින්ද විල මෙසේ රමණිය වේ.

🌺🌸🌼 මුචලින්ද විලේ දිවිගෙවන මත්ස්‍ය වර්ග සහ විල අවට ඇති සිවුපාවුන්

විශාල ජලකදක් දරා සිටින මුචලින්ද විලේ දිය ඇසුරු කොට සිටින්නාවූ රෙහෙ මස්හුද ඉස්සෝද සුගුමස්හුද කිඔුලෝද මෝරුද සුංසුමාරයෝද බොහෝ වෙති. මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවගු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලොලුපද තුවරලාය,තුංගවණ්ටකය, පද්මකය නරදය කුට්ඨය කධාමකය හරෙණුකය යන සුවද රුක් බොහෝය. තවද ඒ වනයේ සිංහයෝද ව්‍යඝ්‍රයෝද වෙළෙඔ, මුව පක්ෂීහුද ඇතුන්ද ඒණිමුවන් ද පසද මුවන්ද රෙහෙ මුවන්ද සරභ මුවන්ද කැනහිලුන් කොක් නහවෝත් ගිජු නහවෝත් පිය බළලුන් ද රුක් නහවෝද සෙමරහුද තිත්මුවෝද වාමුවෝද මහකළු වදුරෝද හැලිවදුරන්ද රිලා වදුරන්ද ගොණහුද හගමොරලියෝද වලස්සුද දඩගෝන්නුද බොහෝ වෙති. කගවෙහෙණුවෝ ද හූරෝ ද මුගටියෝද කලවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති.

🌺🌸🌼 කියා නිමකළ නොහැකි හිමවතෙහි තව බොහෝ විස්තර.

එයින් මතුද ආශ්‍රමය වර්ණනා කරමින් මෙසේ කියයි. අඹ ද ගිවුළුද පනාද සල්ද දඹද බුළුද අරළුද නෙල්ලිද ඇසතුද ඩෙබරද එහි රන්තිඹිරි රුක්ද නුගද හෙලකිදි ඇසතු ද ඇත මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පලද ඇති කිරිපළුද එල්ගෙදද මී වෑහෙන මිදිද ඇත. ඒ වෙනෙහි නිවසි මී තුමු මැ ගෙන බුදති. ඒ වනයෙහි සමහර අඔ රුක් කෙතෙක් මල් පිපී තිබේ. ඇතැම් අඹරුක් අමුපලද විලිකුන් පලද ඇතිව සිටිති .ඒ අමු විලිකුන් පළ දෙවර්ගයම මැඩියන් වැන්න. තවද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම වර්ණ ගන්ධ රසයෙන උතුම් වූ අමු අඔද විලිකුන් අඔද නෙලා ගනී. මට මෙය ඉතාම අසිරිය. මට විශ්මය වැ වැටහෙයි. දෙවියනට නිවාස වූ නදුනුයනු මෙන් හොබී. ඉදුරුකින් සැදි මහවනයෙහි තල් රුක්ද නෙරළු රුක්ද ඇත. සුපිපි වෘක්ෂයෝ ගෙතු මල්දම් සෙයින් සිටිති. ධ්වජාග්‍රයන් මෙන් පෙනෙයි. නන්පැහැ මලින් තරුවලින් සැදි අහස මෙනි. සළුකෙලිද උපුල්කොළද තුවරලාද පළොල් රුක්ද පිපී සිටී. දොඹරුක් ද මහදොඹ රුක්ද කොබෝලීල රුක්ද පිපී සිටී. එහි එරහැන්ද ද සොමරුක් ද ඇගිල්රුක් ද බදුලුරුක් ද බොහෝය. අවරිද සුලුකුඹුක් ද පියාරුක් ද පිපී සිටී. එහි මහකෙලිද ද සළල රුක් ද බක්මී රුක්ද කොසඹ රුක්ද දෙල් රුක්ද දැවරැක්ද සල්රුක්ද පිපී සිටී. පිදුරු කලවිටි වැන්න. ඒ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසක දෙවියන්ගේ නදුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි පොකුණෙක් ඇත .තවද එහි පොකුරු මී රසින් මත වූ මියුරු හඩ ඇති කුරවි කෙවිල්ලෝ සෘතු සමයෙහි පිපි රුක්වල හිද මහවනය වෙසෙසින් හඩවති. මලින් බස්නා මුවරදින් පොකුරු පත මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණු දෙසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් ඒ අසපුව ගැවසී ගත්තේ වෙයි. ඒ පොකුණෙහි මහවිල්කටු හා ස්වයංජාත හුරු හැල්ද එයින් සැදුනු හාල් ද ඇත. රැහැබැද ඇවිදින මස්කැස්බෝ ද ඇත .එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙලූඹු අලයෙන් මී වෑහෙයි. නෙලූඹු වලින් වෑහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න. සෑම වූ ගන්දයෙන් වැහුණු ඒ වනය සුවද හමයි. පුෂ්පයන්ගෙන් වහනය වන්නාවූ සුවදින් ඒ වනයට පැමිණෙන දනන් මත් කරන්නේය. බඔරු මල් සුවදින් හාත්පසම නද දෙයි. තවද ඒ වනයෙහි ලිහිණියෝ සිටිති. නේක වර්ණයෙන් යුතු ලිහිණියෝ ඔවුන්නොවුන් කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙයි.

මෙලෙස කුලී හේවායා විසින් කරනු ලැබූ දීර්ඝ විස්තරය එය අසා සතුටු වූ බමුණා තම සතු වූ මීපැනින් සාදන ලද බත චේත පුත්‍රයා වෙත පිළිගැන්නුවා. එවිට චේත පුත්‍රයා මාර්ගෝපකරණ තොපටම වේවා. මම තොපගේ මාර්ගෝපකරණ නොකැමැත්තෙමි. යනුවෙන් එම තුටු පඬුරු ප්‍රතික්ෂේප කරනු ලැබුවා. බමුණ මතැනින් දැන් යන්න. සැපසේ යන්න. මෙලෙස ඉදිරියට යනවිට අඩිපාරක් හමුවෙයි. එය අසපුවට ඉදුරාම යයි. ඒ මාර්ගයේ මැලියම් බැදුණු දත් ඇති දුවිලි වැනි හිස් ඇති අච්‍යුක නම් තපසයෙක්ද වෙයි. ඔහු තාපස විලාශය ද පල්පල නෙලන අංකුශයද ගිණිපුදන හැන්දද දළමඩුලු දරනුයේ බිම නිදන්නේය. ගිණි දෙවියෝ පුදයි. ඔබ ගොස් ඔහුගෙන් පාර අසන්න. ඔහු ඔබට නිවැරදි මග කියන්නේය. බමුණා මෙය අසා චෙත වැසියන්ට පැදකුණු කොට අච්‍යුත තවුස් යාමතැනකද ඒ වෙත ඔදවැඩි සිතින්ම පිටත්ව ගියා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
30-01-2020

from Path to Nirvana https://ift.tt/2uNvx13
වෙස් වලාගත් කොටි

කඳුකරයේ ගෝත්‍රික මිනිස්සු ටික දෙනෙක් හැරෙන්නට කිසිවෙක් නගරබදට ගොස් නැත. ඔවුහු භික්ෂූන් වහන්සේලා දැක නැත. මෙම කඳුකරයේ ගමෙන් හැතැක්ම 1-2 දුරින් පිහිටි වනාන්තරයේ ආචාර්ය මන් සහ භික්ෂු පිරිස වාසය කරති. ගස් යට කුඩා මැසිවල ලැගුම් ගනිති. අළුයම පිඬු පිණිස ගමට ගිය විට “ඇයි ආවේ?” යැයි අසති. දානය පිණිස පැමිණි බව ආචාර්ය මන් සැළකළහ. ඔවුන් පුදුමයෙන් බලා සිටියහ. එවිට පින්ඩපාතය යනු කුමක්දැයි ආචාර්ය මන් කියා දුන්හ. “ඔබට ඕනෑ උයපු ආහාරද? වියලි ආහාරදැයි ඇසූහ.” “උයාපු ආහාර” යැයි කී විට ඉතා ස්වල්ප ප්‍රමාණයක් පාත්‍රවලට දැමූහ. එම භික්ෂූන් දෙනම කුටියට පැමිණ එම බත් වැළඳූහ. ව්‍යංජන කිසිවක් නැත.

මුල සිටම ගෝත්‍රික මිනිස්සු ශ්‍රද්ධා බුද්ධියක් නැති බැවින් දාන මානාදිය නොදනිති. භික්ෂූන් පිළිබද සැක පහළ කරති. එදින සවස ගම්මුලාදෑනියා බම්බු ටකය නාද කර මුළු ගම එක් රැස් කළහ. ආචාර්ය මන් සහ අනිත් භික්ෂුව ගැන කථා කරමින් “යම් කිසි කොටි වර්ගයක් වෙස් වලාගෙන ඇවිත් කැලෑවේ සිටිති. කුමන ගෝත්‍රය දැයි නොදනිති. එහෙත් විශ්වාස කල නොහැකියැ’යි කීහ.”
“එම කැලයට දර පිණිස හෝ හැහැණු සහ ළමයි නො යා යුතුයි.
එම කොටි දැඩි ප්‍රහාරයක් එල්ල කල හැකිය.”
යනාදී වශයෙනි

මෙම කථාව කරන වේලාවේ ආචාර්ය මන් සමාධියට පත් වී සිටියහ. එබැවින් සියල්ල දනිති. ඇසෙති. දකිති. නමුත් ඒ පිළිබද කෝපයට පත් නොවුණි. අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, අනුකම්පාවක් මේ මිනිසුන් කෙරේ හට ගති. උන්වහන්සේ දුක් වූයේ මේ පිරිස මෙවැනි බොරු භයක්, සැකයක් නිසා බොහෝ අකුසල් රැස්කර සසර දුක් විදීම ගැනය. මැරී ගොස් කොටි යෝනියේ උපදී. පසුදා උදෑසන තම ශිෂ්‍යයාට මේ සියල්ල දැන්වූහ.

“ඊයේ හවස ගම්මුලාදෑනියා මුළු ගමම කැඳවා අපි කොටි වර්ගයක්, භික්ෂූන් මෙන් වෙස්වලාගෙන සිටිති. ඒ අය අපගේ අඩවිය අයත් කර ගනිති. අප විනාශ කරති. ” ආදී වශයෙන් කීවා. අප මේ ගම හැර ගියොත් මේ මිනිස්සු ඇත්තෙන්ම භයානක පවු සිදුකර ගනිති. ශ්‍රද්ධාව නැති බැවින් අප කෙරෙහි පව්කාර අදහස් ඇතිකරගෙන අකුසල කර්ම සිදු කරති. මේ අයට අනුකම්පාවෙන් අපි මෙහේම රැඳී සිටිමු. මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. මේ අයගේ වැරදි දෘෂ්ටිය බිඳෙනතුරු මෙහි සිටිය යුතුයි.

ගම්මු උන්වහන්සේලා සැක කලා පමණක් නොව දෙතුන් දෙනා කණ්ඩායම් වශයෙන් නොයෙක් අවි ආයුධ රැගෙන මුර කරති. සමහරවිට උන්වහන්සේලා සක්මන් කරනවා ඈතින් බලා සිටිති. ආචාර්ය මන් සමීපයට සමහර විට පැමිණෙති. සක්මන් කොන් ළඟ හෝ මැද්දේ බලා සිටිති. විනාදි 10-15 සක්මන් මැද සිට වටපිට බලමින් පරීක්ෂා කරති. මෙම මුර කිරීම, දැඩි පරීක්ෂාව දිනපතා සති ගණනක් කරති.

මෙම භික්ෂූන් වහන්සේලාගේ සැපදුක් ගැන ගම්මු කිසි හැඟීමක් නැත. කෑම බීම ලැබෙනවාදැයි කිසි සැළකිල්ලක් නැත. ජීවත් වෙන්නේ කෙසේදැයි නොසිතති. මෙසේ ජීවත්වීම ඉතාම දුෂ්කර විය. තම්බපු බත් පමණක් ලැබේ. ඒ වුවද සමහර විට නොලැබේ. ලැබුනු ප්‍රමාණය නොසෑහේ. වැඩිපුර ජලය බී සැනසේ.

ගල්ගුහා හෝ ගිරි හෙල් ආදී කිසි ආවරනයක් නැති බැවින් ගස් යට රෑ දවල් ගත කිරීමට සිදුවිය. වැසි කාලය ඉතා දුෂ්කරය. මුළු දවස ධාරානිපාත වැසි කඩා හැලේ. වැස්ස නැවතී ටිකක් වියලී ගිය විට වහලයකට සුදුසු තණකොළ වියලි කොළ සොයමින් ගොස් යාන්තම් නොතෙමී සිටින්නට පියස්සක් තනා ගත්හ. අවම වශයෙන් දවස ගතකිරීමට පමණක් එය සෑහේ. තද වර්ශාව මැඩපැවැත්වීමට රෙදි වලින් මැසූ වට ආවරණයක් ඇත. එහි තුල එක්කෙනෙකුට පමණක් හිඳිය හැක. එය කූඩාරමක් වැනි කූඩයට සවිකර තිබේ. මෙයින් යම්කිසි ආවරනයක් ලැබේ. නිතරම කඳු මුදුන් වලින් එන සුළඟ චන්ඩ මාරුතයකි. කූඩාරම කැඩී ඉගිලී යයි. සිවුරු පිරිකර තෙත බරිත වේ. දවල් කාලයේ නම් යම් පිළියමක් සෙවිය හැකිය. එහෙත් රාත්‍රී කාලය නම් කිය නොහැකි තරම් විනාශයකි. පුදුම අසහනයකි.

ශීත සැඩ සුළං ගස් අතු ඉති ගෙන යති. භයංකර ශබ්දය සිත කම්පා කරයි. කොයි මොහොතේ මරණයට පත්වේදැයි නොදනී. වැස්ස, සුළඟ, ශීතල, රාත්‍රිය, ඝන අඳුර ඇත. කැඩී බිදී යන සුන්බුක් කැබලි ඒ මේ අත හමායයි. කුසගින්න, පිපාසයද බලවත්ය. උෂ්න කාලයද එතරම් දුෂ්කරය. මේ සියල්ල ඉවසුවේ ගමේ මිනිස්සුන්ගේ සැක බිය දුරු කිරීමටය. බොන වතුර කේතලය පුරවා ගැනීම බොහෝ ඈත කඳු පාමුලට යා යුතුය. මේ සියලු දුක් මධ්‍යයේ ගමේ මිනිස්සු කිසි සැලකිල්ලක් නොදක්වති.

ආචාර්ය මන්ගේ භාවනා බලය හා අවබෝධය නිසා කිසිම සැලීමක් හෝ කළකිරීමක් නැත. වන මෘගයන්ගේ කෑ ගැසීම උන්වහන්සේට සතුට එලවයි. කුල්මත් කරයි. රෑ කාලයේ ගස් යට භාවනා කරන විට ළඟ පාත කොටි ගොරවන ශබ්දය ඇසේ. මේ විශාල සත්තු පුදුමයකට මෙන් ආචාර්ය මන් සමීපයට නොපැමිනෙත්. කලාතුරකින් කොටියෙක් අවුත් කූඩාරම තුළට හොම්බ දමා ඉව කර ගොදුරු සොයති. උන්වහන්සේ යන්තම් සෙලවුනු විගස ඌ කඩාපැන දුවයි. නැවත පැමිණෙන්නේ නැත.

සෑමදාම මිනිස්සු තුන් දෙනෙක් අවුත් විපරම් කරති. උන්වහන්සේ දෙස බලා පහත් හඩින් යම් යම් දේ කියති. ආචාර්ය මන් කිසි වගක් නැත. ඔවුන්ගේ සිත් දකී. ඒ බව ඔවුන් නොදනිත්. ඔවුන් කථා කරන දේ ඇසේ. දිබ්බ චක්ඛු, දිබ්බ සෝතයෙනි. යමෙක් ඒ අයගේ කථා බහ දනී යන්න නොදන්නා හෙයින් කිසි අවහිරයක් නැතිව කථා කරත්. ඒ අය යම්කිසි වැරැද්දක් සොයති. ආචාර්ය මන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන්ට අසීමිත කරුණාවකිනි. ගමේ වැඩි සංඛ්‍යාවක් ටික දෙනෙකුගේ දූෂිත පාලනයට ලක්වී ඇති බව උන් වහන්සේ දැන ගත්හ. මෙම අඩවියේ ආචාර්ය මන් මාස කීපයක් විසූහ. තවමත් මෙම මිනිස්සු උන්වහන්සේගේ සුළු ප්‍රමාද දෝශයක් හෝ සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් ගත් වැරදි නිගමනය කෙසේ හෝ හරි නිගමනයක් ලෙස ඔප්පු කිරීමටය. එහෙත් උන්වහන්සේ පළවා හැරීමට තැත් නොකළහ. වරින් වර ඔත්තු සෙවීමේ යෙදෙති. මාස ගණනාවක් ඔවුන් වෙහෙසට පත් වුවද එකම වැරැද්දක් නොදකිති.

එක් සන්ද්‍යාවක උන්වහන්සේ සමාධි සුවයෙන් සිටින විට ගම්මු එක් රැස් වී තමන් වහන්සේ ගැන සාකච්ඡා පවත්වන බව දැනුණි. ගම්මුලාදෑනියා අනෙකුත් අයගෙන් තමන්ගේ ඔත්තු පරීක්ෂණවල ප්‍රතිඵල ඇසූහ. මේ භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කිසිම දෝෂයක් සොයා ගැනීමට නොහැකි බව ඔවුන් එක හෙලා දැන්වූහ. ඔවුන්ගේ සැකය නිසා බොහෝ නරක විපාක ඇතැයි කීවාහ.

“ඔබ එසේ කියන්නේ ඇයි”

“ඇයි යන හැමවිටම දකින්නට ලැබෙන්නේ උන්වහන්සේලා ඇස් පියාගෙන ඉඳගෙන ඉන්නවා නොසෙල්වී ගස් ගල් වගේ නැත්නම් ඇවිදිනවා ඉදිරියට-ආපසු උඩ බිම වටපිට බලන්නේ නෑ. මේ අය කොටි වර්ගයක් නම් වටපිට බලමින් කුරුමානම් අල්ලති. එවැන්නක් නැත. මෙතෙක් කල් ඒ අයගේ හැසිරීම් වරදට හසුකල නොහැකිය. එසේ වරදක් වූයේ නම් අපට අසුවෙති. අපි මෙවැනි අපරාධ හොද අයට කිරීමෙන් මහා විපත්තියකට පත්විය හැක. දැන් කරන්නට ඇත්තේ මේ අය සමඟ කථා කර අරමුණ පැහැදිලි කර ගැනීමයි.

හොඳ භික්ෂූන් වහන්සේලා සොයා ගන්න බැහැ. හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලාට අපි ගෞරව දැක්විය යුතුයි. මේ භික්ෂූන් ව්‍යාජ, වංක, ද්‍රෝහී පුද්ගලයන් ලෙස චෝදනා කලයුතු නැත. මෙය විසඳීමට අප ගිහින් ප්‍රශ්න කරමු. ඇයි ඔබ ඇස්පියාගෙන ඉන්නේ? ඇයි ඔබ ඉස්සරහට ඇවිදින්නේ? ආපසු හැරී ඇවිදින්නේ? මොනවද හොයන්නේ?

මේ රැස්වීමේදී ඔවුහු යම් නියෝජිතයෙක් යවා ප්‍රශ්න කිරීමට තීරණය ගති. පසුදා උදෑසන ආචාර්ය මන් අනිත් භික්ෂුව අමතා “ගමේ මිනිස්සුන්ගේ ලොකු පරිවර්තනයක් වී ඇත. ඊයේ රාත්‍රියේ රැස්වීමක් පැවැත්වූවා අපදෙදෙනා පිළිබඳ. අද උදේ යම් නියෝජිතයෙක් එනවා අපගෙන් විමසීමට ඒ අයගේ සැක බිය දුරුකිරීම පිණිස”

ඒ අනුව එදින සවස ගමේ නියෝජිතයා පැමිණියේය. “ඔබ මොනවාද ඇස් පියාගෙන හොයන්නේ? ඒ මේ අත ඇවිදිමින්?”

ආචාර්ය මන් පිළිතුරු දෙමින් “මගේ බුද්ධො නැතිවෙලා මම බුද්ධො සොයමින් රෑ දවල් ඇස් පියාගෙන ඒ මේ අත ඇවිදිමින් සොයනවා”

“බුද්ධො යනු කුමක්ද? එය සොයාගැනීමට අපට හැකිවේද?”

බුද්ධො යනු තුන් ලෝකයේ ඉතාම වටිනා මැණික. ඒ මැණික තුළින් මුළු තුන් ලෝකයම දකිනවා. ඔබට පුළුවන්නම් එය සොයා දෙන්ට බොහොම හොඳයි. එවිට අපි සියලු දෙනාට ඉක්මණින් පහසුවෙන් බුද්ධො සොයාගත හැකියි.

“ඔබේ බුද්ධො නැතිවෙලා බොහෝ කල්ද?”

නෑ එතරම් කාලයක් නෑ ඔබ උදව් කරනවා නම් අපට ඉක්මණින් සොයාගත හැකියි.

බුද්ධො ලොකු දෙයක්ද?

ලොකුත් නැහැ පොඩිත් නැහැ. නියම ප්‍රමාණය අපට සෑහෙන. බුද්ධො සොයාගත් කෙනෙක් උතුම් පුද්ගලයෙක් වෙනවා. ඔහුට ඕනෑම දෙයක් පේනවා.

දේව ලෝකයයි අපායයි දකින්න පුළුවන්ද?

ඇත්තෙන්ම පුළුවනි නැත්නම් උතුම් පුද්ගලයෙක් වෙනවාද?

අපේ මළගිය දරුවන් දකින්නට පුළුවන්ද? අපේ මළගිය බිරිඳ දකින්නට පුළුවන්ද?

ඔබට ඕනෑ දෙයක් දකින්නට පුළුවන් බුද්ධො ලබාගත්තොත්.

එය බොහෝ ආලෝකමත්ද?

ඉරු සියක් දාහකටත් වඩා ආලෝකමත්. ඉරට බැහැ දේවලෝක අපාය ලෝක වලට ආලෝකය දෙන්ට. නමුත් උද්ධොට පුළුවන් හැම තැනම ආලෝකය යවන්ට.

අපේ ගැහැණු අයට හා දරුවන්ට පුළුවන්ද මෙය සොයන්ට?

හැමෝටම පුළුවනි. ගැහැණු මිනිස්සු බාල මහලු සැමට පුළුවනි මෙය සොයන්ට උදව් දෙන්ට.

මේ උතුම් බුද්ධොට පුළුවන්ද අප අවතාර හොල්මන් වලින් ආරක්ෂා කරන්ට?

බුද්ධො ට පුළුවන් දේ අනන්තයි. තුන් ලෝකයටම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ තුන් ලෝකයේ සත්ත්වයෝ බුද්ධො වඳිනවා.පුදනවා. ගෞරව කරනවා. වෙන කිසිම කෙනෙක් බුද්ධො තරම් උසස් නැහැ. හොල්මන් අවතාර නොහෝම භයයි. බුද්ධො ට නැමිලා දිගාවෙලා වඳිනවා. හොල්මන් අවතාර භයයි බුද්ධො ව සොයන අයට පවා. සොයා ගන්ට බැරි වුණත්, සොයන අයට පවා බයයි.

මේ බුද්ධ රත්ණය මොන පාටද?

එය නොයෙක් පාටින් දිස්නෙ ගහනවා. බුද්ධො යනු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශක්තියක්. දිලිසෙන ප්‍රඥා ස්කන්ධයක් එය ද්‍රව්‍යමය දෙයක් නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට පරිත්‍යාග කළ වටිනා මැණිකක් දැන් බොහෝ කාලයක් ගතවුනා නැතිවෙලා ඉතින් අප සොයනවා. කොහේ සිට වුනත් සොයන්නට පුළුවනි. අවශ්‍ය වන්නේ හිඳිමින් හෝ ඇවිඳිමින් සිතන්න. “බුද්ධො, බුද්ධො, බුද්ධො” තම සිතින් සිතන්න. තම ශරීරය දෙස සිතින් බලමින් වෙන මොන දෙයක්වත් සිතන්නේ නැතිව බුද්ධො බුද්ධො බුද්ධො සිතන්න. මේ වචන ගැන පමණක් සිතන්න. ඔබට මෙය කරන්නට පුළුවනි නම් මට ඉස්සෙල්ලා වුවත් සොයන්නට හැකිවේවි.

කෙතරම් කාලයක් හිඳිමින් ඇවිඳිමින් හොයන්නට ඕනෑද?

පටන් ගන්න විට විනාඩි 10-15 පමණ වරකට ඇති. බුද්ධො බොහෝ වේලා සොයන්ට කියන්නේ නැහැ. මුලින් පටන් ගන්න විට ඔබ වෙහෙසට පත් වී සෙවීම අත හරින නිසා. උද්‍යෝගය නැති වුනොත් සෙවීම අතපසු කරනවා. එවිට කවරදාවත් සොයන්නට බැහැ. මේ කාලය ඇති, මුල් අවස්ථාවේදී තව කීවොත් ඔබට තේරුම් ගන්ට බැහැ. එවිට “බුද්ධො” හමුවන්නේ නැහැ.

මේ සියල්ල අසා සිතේ දරාගෙන ගැමියා යන්ට ගියේය. ආචාර්ය මන් කෙරෙහි කිසි ගෞරවයක් දැක්වූයේ නැත. ඒ ගෝත්‍රිකයන්ගේ පුරුද්දයි. දැන් යන්ට හොද කාලය යැයි සිතුන විට නැහිට යයි. අවසර ගැනීමක් නැත. සමුගැනීමක් නැත. ඔහු ගමට ගිය විගස බොහෝ ගැමි ජනයා දුව ඇවිත් විස්තර ඇසූහ. “ආචාර්ය මන් නිශ්චලව සිටිමින් ඇස් පියාගෙන ඉන්නේ, එහේ මෙහේ සක්මන් කරන්නේ බුද්ධො නම් වටිනා මැණික සොයා ගැනීමට. උන්වහන්සේ අපි සිතූ අන්දමට වෙස්වලාගත් කොටියෙක් නොවේ.” ඔහු උන්වහන්සේ කල සියලු විස්තර කියාදුන්හ. ගැමියෝ, මුලාදෑනියාගේ සිට කුඩා දරුවන් පවා “බුද්ධො” සොයන්නට පටන් ගත්හ. එනම් ඇසිපියාගෙන “බුද්ධො, බුද්ධො” යන වචනය භාවනා කිරීමයි.

දින කීපයකට පසු මහත් ආශ්චර්‍යමත් සිද්ධියක් විය. එක් ගැමියෙකුගේ මනසේ ධර්මය අවබෝධ විය. ආචාර්ය මන් කී පරිදි ඔහු රෑ දවල් නිරන්තරයෙන් “බුද්ධො” භාවනා කළහ. එවිට ඔහුගේ සිත සමාධිගත විය. ඔහුගේ සතුට, ප්‍රීතිය, සුඛ ඒකඟතාවය නිම් හිම් නැත. ඉන් ටික දිනකට ප්‍රථම ඔහු සිහිනයක් දුටුවේය. ආචාර්ය මන් ඔහුගේ හිස් මුදුනේ දැල්වෙන විශාල ඉටිපන්දමක් තැබුවේය. එය නිසා තම ගත, සිත ආලෝකමත් විය. අවට පරිසරය ආලෝකමත් විය.

ඔහු ආචාර්ය මන් වෙත ගොස් තමා දුටු අත්භූත සිහිනය ගැන තම සිතේ ඇති ප්‍රීති සුඛ එකඟතාවය පිළිබඳ කීහ. ආචාර්ය මන් ඔහුට ධ්‍යාන කිරීමට තව තවත් උපදෙස් දුනි. ඔහුගේ දියුණුව ඉතා ඉක්මණින් වැඩී ගියේය. ඔහුට පරචිත්ත විජානනය පහළ විය. ඔහු එය තම ගැමි භාෂාවෙන් කියා සිටියහ. තමා ලැබූ තත්වය ගැන පැහැදිළි නැත.

ටික දිනකට පසු ඔහු ආචාර්ය මන් ගේ සිත දුටුවේය. විහිළුවට මෙන් ආචාර්ය මන් “ඔබ එහි අකුසල් දැක්කාද?” යි ඇසීය. “ඔබවහන්සේගේ සිත කිසි අරමුණක් නොගනී. එහි ඇත්තේ දීප්තිමත් ආලෝකයක් පමණි. ඔබ වහන්සේ වැනි කෙනෙක් මෙලොව ඇත්තේ නැත. ඔබ වහන්සේ මෙහි අවුරුද්දක් පමන රැඳී සිටියහ. ඇයි මට මේ ස්වභාවය කලින් නොකීවේ? මම කෙසේ කියම්ද? ඔබ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත. උන් වහන්සේ පිළිතුරු දුණි.

ඔබ වහන්සේ අග්‍රගණ්‍යයේ ආචාර්යවරයෙක් බව මම දැන නොසිටියෙමි. දැන් අප සියලු දෙනාම දන්නවා ඔබ වහන්සේ ඉතාම දක්ෂයෙක් බව. අප ඔබවහන්සේගෙන් ඇසූ විට ඇයි මෙසේ ඇස් පියාගෙන ඉන්නේ? ඇයි මෙසේ සක්මන් කරන්නේ ? ඔබවහන්සේ කීවා වටිනා මැණිකක් නැතිවෙලා එය සොයනවා. ඒ “බුද්ධො” නම් මැණික සොයා ගන්න උදව් කරන්න කියා. එය ඉතාමත් දීප්තිමත් විහිදී අයන ආලෝකයක් කීවා. ඇත්තෙන්ම එය තමයි ඔබවහන්සේගේ සිතේ ඇත්තේ. “බුද්ධො” නැතිවුනා කීවෙ අපව ප්‍රයෝගයෙන් භාවනා කිරීමට යොමු කිරීමට. එවිට අපේ සිතෙත් එම ආලෝකය විහිදුවන්න. ඔබ වහන්සේ මහා වීරයෙක්. නුවණැත්තෙක්. ඔබවහන්සේගේ එකම අරමුණ අපට ධර්මය බෙදා දීම. අපේ සිතේ “බුද්ධො” පහළ කිරීම.

මෙම මිනිසාගේ සිත තුළ ධර්මය පහළවීම පිළිබඳ පුවත ඉක්මණින් මුලු ගම පුරා පැතිරී ගියේය. සියලු දෙනාම “බුද්ධො” භාවනාව කලහ. කුඩා දරු දැරියන් පවා කලහ. ආචාර්ය මන් කෙරෙහි ශ්‍රද්ධාව ඉමහත් විය. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ගෞරව කලහ. කිසිවෙක් වෙස්වලාගත් කොටි ගැන නැවත කථා නොකලහ. මින් පසු එම මිනිසා ආචාර්ය මන්ගේ පාත්‍රය පිණ්ඩාපාතයෙන් පසු දිනපතා එම ආරණ්‍ය සේනාසනයට රැගෙන ගියේය. දානයෙන් පසු ඔහු භාවනා කමටහන් ගත්තේය. යම් දිනෙක ඔහුට වැඩ ඇත්නම් තමන්ට එන්ට බැරිබව කියා පණිවිඩයක් එවයි. එම ගෝත්‍රික මිනිසුන් අතරෙන් සෑහෙන දෙනෙක් භාවනාවට හුරු වුනි. එහෙත් ඒ ප්‍රථම පුද්ගලයා මෙන් සාර්ථක නොවීය.

මිනිසා තෘප්තිමත් වූ විට සියලු දෙයක්ම නිසි ආකාරයෙන් සිදුවේ. විශාල පරිවර්තනයක් වේ. උදාහරණලෙස මුල් කාලයේ මේ මිනිස්සු ආචාර්ය මන් හට කිසි සැළකිල්ලක් නොදැක්වූහ. උන්වහන්සේ කෑවාද? නිදාගත්තාද? හුන්නාද? මළාදැයි වගක් නැත. දැන් ශ්‍රද්ධාව ඇතිවී මුලදී ඉතා දුර්ලභ සියලු දේ දැන් වැඩි වැඩියෙන් ගලා එයි. කිසිවක් නොඅසාම උදව් උපකාර කරත්. ගමේ මිනිස්සු එකතු වී සක්මන් මළුවක් තැනූහ. පැලක් ඉඳිකලහ. ආහාර වැළඳීමට මැස්සක් සෑදූහ. උදව් කිරීමට ආ අය වාද කලහ. අවමන් කළහ. ප්‍රශ්න කලහ. කථා බහ කළහ.

“අර සක්මන් මළුව බලන්න. තණකොළ වල් පැළෑටි වලින් වැසී ඇත. එම කැලෑවේ ඇවිදින්නේ වල් ඌරෙක් විය යුතුයි ඔබ එනමුත් එහිම ඇවිදියි. ඔය මළුව කුමකටදැයි ඇසූ විට නැති වූ “බුද්ධො” සෙවීමට යැයි පවසති. ඔබ ඇස් පියාගෙන ඉන්නේ ඇයිදැයි ඇසූ විට – නැති වූ “බුද්ධො” සොයමියි කියයි. ඔබවහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙකි. එහෙත් ඒ බව නොකියන්නේ ඇයි?. ඔබ අමුතු පුද්ගලයෙක්. ඒ වුනත් ඒ ගතිගුණ අපි අගේ කරනවා. ඔබ වහන්සේ නිදාගන්නේ පුස්කාපු වියළි කොළරොඩු වලින් සෑදූ මැස්සක. ඔබවහන්සේ මෙහි මාස දහයක් පමන මෙසේ දුක් විඳින්නේ ඇයි? මෙය ඌරුකොටුවක් වගේ. මෙය දකින විට අපට ඉතා දුක් ඇතිවී අඬන්න හිතෙනවා. අපි මහා මෝඩ රැලක්. අපි සියලු දෙනාම මෝඩ වුනා. ඔබ වහන්සේ මේ තරම් වටිනා පුද්ගලයෙක් බව අපි දන්නේ නෑ. සමහරු චෝදනා කලා නොයෙක් මත අනුව. සියලු දෙනාම ඒ නිසා පොළඹවා ගත්තා. අපි සැක කලා. අප්‍රිය කලා. නමුත් දැන් අපිට හොදට විශ්වාසයි. අපි ගරු කරනවා. මේ කඳුකර ගෝත්‍රික මිනිස්සු යමෙක් විශ්වාස කරන විට එය උපරිම වශයෙන් සිදුකරයි. හදවතින්ම භක්තිය පුද කරයි. ඒ අයගේ හිතවත්කම් අසීමිතය. තම ජීවිතය පරදුවට තබා පරිත්‍යාග කරත්. තමන් හදවතේ දරාගත් දේ වෙනස් නොකරත්. ටිකින් ටික ආචාර්ය මන් ඔවුන්ගේ භාවනාව දියුණු කිරීමට උපදෙස් දුණි.

උන්වහන්සේ මෙහි වර්ශයකට අධික කාළයක් විසූහ. පෙබරවාරියේ සිට ඊලඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා, ඉන්පසු වෙනත් තැනකට වැඩියහ. ඔවුන් හට තිබූ බලවත් කරුණාව නිසා ඔවුන් හැර යාම දුෂ්කර විය. ඔව්හු උන්වහන්සේගේ යාම පිළිබඳ විරෝධය පළ කළහ. උන්වහන්සේ මරණය තෙක් සිටිනවානම් මුළු ගමම එකතු වී අවමංගල උත්සවය සිදුකරන බව කීහ. ඒ අයට අවබෝධයෙන් ම ප්‍රතිඵල ගැන විශ්වාස ඇත. ඒ නිසා හටගත් ශ්‍රද්ධාව භක්තිය වැරදි ලෙස දුටහ. උන් වහන්සේගේ ගුණ හඳුනාගත් පසු ඇත්තෙන්ම පසුතැවිළි වී සමාව අයැද සිටියහ. උන්වහන්සේ ඔවුන්ට සමාව දුනි. මේ බව පසු කාලයකදී තම ශිෂ්‍යයන්ට උන්වහන්සේ සැළකළහ. ඒ නිසා ඔවුන් ණයගැති නොවේ. තමන් වහන්සේලා දෙනමට දැන් නිකම් යා හැකිය.

නමුත් ඔවුන්ගෙන් වෙන් වී යාම ලෙහෙසි වූයේ නැත. ඔවුන් කන්නලව්, ලතෝනි දෙමින් හඬා වැලපීම බලා සිටින්නට බැරි තරම් විය. උන් වහන්සේගේ ගමන් වැළැක්වීමට මුළු ගමම අවුත් මහ හඬින් විලාප දුනි. එය කැලෑව දෙදරා ගියේය. මැරුණා හා සමානව හැඬූහ. තමන් වහන්සේගේ අරමුණ පැහැදිළි කරමින් ඔවුන් අස්වැස්සූ නමුත් ඉන් ඵලක් වූයේ නැත. තම හැඟීම් හෙලි කිරීම වැරදි බව ධර්මයට අනුව පෙන්වා දුනි. මඟ අවුරා සිටියහ.

තරමක් සන්සුන් වූ විට උන්වහන්සේ පිටත් වීමට සූදානම් විය. එවිට පුදුම එලවන දෙයක් සිදුවුණි. මුළු ගමේ මිනිස්සු ගෑණු දරු දැරියෝ උන්වහන්සේ පසුපස දිව ආහ. වටකරගෙන් එකෙක් උන්වහන්සේගේ පිරිකර උදුරාගති. එකෙක් පාත්‍රය ගති. එකෙක් කූඩය, වතුර කේතලය, ආදී වශයෙනි. අනිත් අය සිවුරේ එල්ලී ඇදගෙන සිටියහ. අතින්ද ඇද්දහ. කකුළෙන්ද අල්ලා ගති. හඬමින් වැලපෙමින් කුඩා දරුවන් මෙන් හැසිරුණහ. යන්නට දෙන්නේ නැතැයි කීහ.

කීප විටක් ආචාර්ය මන් ඉවසීමෙන් කරුණු පැහැදිලි කලහ. එවිට ඔවුහු මඳක් සන්සුන් වූහ. උන්වහන්සේ යන්නට නික්මුණ විට නැවතත් ඒ ආකාරයෙන්ම දුව ඇවිත් අල්ලා ගත්හ. මෙසේ පැය ගණනක් ගතවිය. මුළු කැලයේම ශබ්දය දෝංකාර දුනි. මානසික ආබාධිතයන් මෙන්ද කෝල සන්නියක් මෙන්ද ඔවුන්ගේ වැළපීම බලා සිටින්නට මහත් දුකකි. වෙස් වලාගත් කොටි ගැන මතකයක්වත් නැත. ඇත්තේ හද පත්ලෙන් පැන නගින ආදර භක්තියකි. අති උත්තම පුරුෂයෙකුට කරණ පූජා උපහාරයකි. මහ මිනිස්සු පවා හඬා වැළපුනහ. ක්‍රමයෙන් හඬ වැඩී ගොස් මහා ශබ්දයෙන් සියල්ල එකවිට කෑ ගසා “යන්ට එපා” යයි කීහ. “අපේ පපුව පැළී මැරේවි” “ඉවසන්ට බෑ” අන්තිමේ දී එහෙනම් ඉක්මණින් ගිහින් එන්න යැයි කීහ.

මෙසේ ආචාර්ය මන් කරුණු පැහැදිළි කර දුන්හ. නොහෝ සැක බිය ඇතිව සිටි අය දැන් ආදර භක්තියෙන් හඬා වැලපෙති. උන් වහන්සේ මහත් විපර්යාසයක් සිදුකර ඇත. එය බුද්ධ ශ්‍රාවකයන්ගේ සුවච ගුණය වේ. සාමීචි ගුණය වේ. බුද්ධ ශ්‍රාවකයෝ පළිගැනීම් නොකරති. අනුන්ට නො ගරහති. යමෙක් තමන් කෙරෙහි අප්‍රසන්න තාවය ඇතොත් ඔහුට කරුණාව, මෛත්‍රිය උපදවති. අනුන්ගේ වැරදි, නොමනා හැසිරීම් නිසා උරණ නොවෙති. එකට එක කිරීමක් නැත. තම හදවතේ ඇති කරුණා, මෛත්‍රී ගුණය නිසා අනුන්ගේ කෙළෙස් ගිනි නිවී ශ්‍රද්ධාව හට ගනී. ආර්ය සංඝ රත්නය මිනිසාගේ සරණ වෙති. මෙවැනි උසස් චින්තනයක් මෙලොව කොහේවත් නැත.

(ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙනි.)

නමෝ ගෞතම පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය කුසලයට ඔබත් දායක් වන්න…

තෙරුවන් සරණයි!!!

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2UdaGPL
උන්වහන්සේගේ පරිනිර්වානය තෙක් අමනුෂ්‍යයන්ට ධර්මය දේශනා කිරීම විශාල වගකීමක් විය. උන්වහන්සේ වාසය කරන හැම ප්‍රදේශයකම අමනුෂ්‍යයන් සමග සම්බන්ධීකරනය තිබුනි. ප්‍රේත කොට්ඨාශ තම නෑයින්ගේ පිං බලාපොරොත්තු වෙමින් උන්වහන්සේගෙන් උපකාර ඉල්ලති. ඔවුන් මැරී කොපමන කාලයක් ගත වූයේ දැයි කිව නොහැක. ඔවුන්ගේ ජීවත්ව සිටින ඥාතීන් කවුරුදැයි නොදනිති. ඔවුන් ආචාර්ය මන් වෙත පැමිණ ජීවත්ව සිටින ඥාතීන් සොයා දෙන්නට යැයි ඉල්ලති. ඔවුන් දාන දී පිං පමුණුවන්නට යැයි ඉල්ලති. තම ජීවිතය ඉතාමත් දුක්ඛිත බැවින් ඉන් මිදීමට පිං ඉල්ලති. බොහොමයක් අපාය දුක් විද මහත් ලෙස පීඩා විඳ ඇත. මිනිස් වර්ශ අනුව ඒ අය අපායේ සිටි කාලය කොපනමදැයි ගණන් කල නොහැකිය. ඔවුන් අපායෙන් මිදී නැවතත් දුක්ඛිත ප්‍රේත ආත්මයක කිව නොහැකි තරම් දුක් විදිති. එම අකුසල විපාක නොනවත්වාම දුක් පමුණුවයි. ඉන් මිදීමක් නැත. සිරගෙයි සිටින තාක් කල් සිර දඬුවම් විදීමට සිදුවනවාක් මෙනි.

ප්‍රේත නිකායේ අය අවුත් තව කොතරම් කාලයක් මේ දුක් විඳිය යුතු දැයි අසති. ඔවුන් බැගෑපත්ව ආයාචනා කරන්නේ තමන්ගේ ඥාතීන්ට දන්වා තමන් වෙත පිං පමුණුවන ලෙසිනි. උන්වහන්සේ ඒ ඥාතීන් ගැන විමසූ විට වෙන නාඳුනන ලෝකයක් ගැන කියති. අපායේ බොහෝකල් අනන්ත දුක් විඳි කාලය අවුරුදු දස දහසක් හෝ සියක් දහසක් විය හැකිය. ඉන් මිඳී මේ ප්‍රේත ආත්මයේ ඉපදී ඇත. මේ ආත්මයේ අවුරුදු 500 දාහක් පමන කල් ගෙවී ඇත. මේ අයගේ ඥාතීන් සෙවීමට නොහැක. ඒ අයගේ එම බලවත් කර්ම විඳ දැන් සිටින්නේ යම් පිනක් ලබාගත හැකි තැනක නමුත් ඥාතීන් සෙවීමට නොහැකිය. එබැවින් තම දුක විඳීම හැර වෙන කිසිවක් කල නොහැකිය. බලු, බළල් ආදී කිසිවෙකුට අයිති නැති සතුන් මෙනි. ඉතා අසරණ වී ඇත.

සමහර ප්‍රේතයන්ට තරමක් උපකාර කල හැක. ඔවුන් මියගොසින් වැඩි කාලයක් ගතවී නොමැත. ඔවුන්ගේ පාප කර්ම එතරම් බලවත් නොවේ. ඥාතීන් පවරන පිං ඒ අයට ලැබිය හැකිය. තම ජීවතුන් අතර සිටින ඥාතීන්ගේ නම් ගම් ලිපිනය මතක් කරති. ආචාර්ය මන් එවැනි අය ලඟ පාත සිටී නම් මේ විස්තර කියා පිං ලබාගැනීමට සලස්වති. ඒ ඥාතීන් නොයෙක් පිංකම් කිරීමටද භික්ෂූන් වහන්සේලාට දන් දීමටද යොමුකර ඒ පිං පමුණුවති. සමහර ප්‍රේතයින්ට ඕනෑම කෙනෙකුගේ පිං අනුමෝදන් විය හැකිය. ඒ පින ඒ අයටම පවරා නැති වුවද පිං ලබාගනිති. ඒ අයගේ කර්ම විපාක අනුව සමහර ප්‍රේතයින්ට කාගෙන් වුවද පිං ලබාගත හැකිය. එහෙත් සමහරු තම ඥාතීන්ගෙන් ඒ අයට පැවරූ පිං පමනක් ලබාගත හැකිවේ.

ආචාර්ය මන් හට මේ ප්‍රේත ආත්ම ගැන බොහෝ අත්දැකීම් ඇත. ඔවුහු නිතරම කරදර කරති. අමනුෂ්‍යයන් අතරින් ප්‍රේතයෝ වඩාත්ම කරදර කරති. තමා විසින් කළ කිසිම කුසල කර්මයක් නැති බැවින් නිතරම අනුන්ගෙන් ඉල්ලති. අනුන්ගෙන් නොලැබුනොත් ඒ අයට ජීවත් විය නොහැක. ඉතාමත් බැගෑපත් අසරණ පිරිසකි.

පරිත්‍යාගය සහ කුසල් කිරීමේ විපාක වශයෙන් තමාගේ ස්වාධීනත්වය හිම්වේ. ජාති, ජාති මෙසේ තමන්ට අවශ්‍ය සියලු දේ ලැබෙන බැවින් තෘප්තිමත් ජීවිත ගතකරති. සියලු සත්ත්වයෝ කර්මය දායාද කොට සිටිති. ඒ විපාක විඳීමට හේතුව තමන්ගේම කර්ම බව සිතිය යුතුය. අන් කිසිවෙකුට තමාගේ කර්ම විපාක නොලැබේ. එසේම අන් කිසිවෙකුගේ කර්ම විපාක තමා වෙත නොපැමිණේ. තමාට ලැබෙන සැප දුක් තමාගේ කුසල් අකුසල් කර්මවල විපාක වේ.

ආචාර්ය මන් ට මේ නොයෙකුත් ආත්ම ගැන සුවිශේෂ දැනුමක් ඇති නමුත් ඒ බව අඟවන්නේ කලාතුරකිනි. ප්‍රේත, දේව, බ්‍රහ්ම, යක්ෂ, නාග, ගරුඬ ආදී ආත්මවල අය නිතරම කථා බහ කරති. මිනිසාගේ ඉන්ද්‍රියන්ට අගෝචර බොහෝ දේ උන්වහන්සේට අවබෝධ වේ. අමනුෂ්‍යයන් පිළිබඳ කථා ඇසීමට පවා බිය උපදවයි. “මිනිසාට වතුර, ගින්න වැනි ප්‍රකෘති ඇසට පෙනෙන අන්දමට කර්ම විපාක දකින්නට හැකිනම් කිසිවෙක් පාප කර්ම නොකරති. එය මහා ගිනි ගොඩකට පනින්නාක් මෙනි. ඒ වෙනුවට හැකිතරම් හොඳ දේ කිරීමට පෙළබෙති. එහි ඉතා සිසිල් ගුණයක් ඇත. ලෝකයේ තිබෙන සියලුම කරදර අතුරුදහන් වනවා නියතයි.” වරෙක ආචාර්ය මන් ගේ වැඩිහිටි ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය. ” මිනිසාට ප්‍රේත, දේව, ගරුඬ, නාග ආදීන් ගැන නොදන්නා බැවින් තමන්ගේ කර්ම විපාක ගැන සිතිය නොහැකිය. එබැවින් ඔබ වහන්සේ මේ දන්නා දේ මිනිසුන්ට කියාදීම වැදගත් වේ” බුදුන් රහතුන් වැනි උතුම් අය තමා දන්නා දේ අනුන්ට කියා දුන්නා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වුන අපි ඔබවහන්සේගේ ඒ විශ්මජනක ශක්තිය අගය කරන්නාක් මෙන් ලෝකයා අගය කරති. ආචාර්ය මන් ඔහු නිශ්ප්‍රභා කළහ. ඔබ කියන දේ කළවිට අපි දෙගොල්ලෝම අනාථ වෙති. මෙවැනි දේ ප්‍රසිද්ධව කථා කිරීම සුදුසු නැත. එසේ කී කළ මම සහ අනෙකුත් භික්ෂූහු පිස්සන් වෙති. එවිට මෙය පිස්සු ආශ්‍රමයක් වෙයි. බුද්ධ ශාසනය ප්‍රඥාව පෙරදැරි කොට ඇත. එය තමා විසින් අවබෝධ කළ යුත්තකි. ඔබ වහන්සේ කියන දේ ප්‍රඥා ගෝචරද නැතහොත් මෝහය ඇසුරු කරත්ද? මෙවැනි දේ සිතීම පවා පිස්සුවකි. කීම ගැන කියනු කුම? මිනිස්සු මෙවැනි දේ ඇසුවත් අපගේ කීම නිසා අපි විනාශ වෙමු.

අප අවට ඇති පරිසරය ඉන්ද්‍රිය ගෝචර බැවින් මිනිසාට සම්මුති සත්‍යයෙන් වටහා ගත හැකිය. එහෙත් ධර්මය ප්‍රඥා ගෝචරය. පරමාර්ථ සත්‍ය ඇසුරු කරයි. එබැවින් සමාජයට මේ ධර්මය දෙන විට එයින් සතුට, සමාදානය, සහජීවනය ඇතිවිය යුතුයි. පරමාර්ථ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ නුවණ මෙහෙයවා ක්‍රමාණුකූලවය. අසා සිටින අයට ගෝචර වන ආකාරයටය. සත්‍ය වුවත් එය කීමේ අවස්ථාවක් ඇත. එය පොදුවේ කීම වරදකි. ඒ මිනිසුන් වරදවා ග්‍රහණය කරන බැවිනි.

පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේ ගැන කථා කිරීමට හැක්කේ යම් අවබෝධයක් තුළිනි. එවැනි දේ ගැන අවබෝධයක් නැතිව පොත පතේ දැනුමෙන් හෝ අන් කිසි කෙනෙකුගේ දැනුමෙන් කථා කිරීම අස්වාභාවිකය. එබැවින් මිනිසාට නොතේරේ. මේ යමක් විවේචනය කිරීමක් නොව එවැනි අතීන්ද්‍රිය දැනුම ඇති අය වුවද ඉතා සුපරික්ෂාකාරීව එම දැනුම ඉදිරිපත් කළ යුතු බවකි. අපේ විස්මිත දැනුම සත්‍යක් වුවද ඒ අසා සිටින අය සිහි විකල් විය හැකිය. ඒ අය ධර්මය කියා ග්‍රහණය කරන්නේ මෙවැනි ආශ්චර්ය අත්භූත දේවල්ය. ඒ අය තරමක මානසික විකෘති ඇති අය වෙති. එබැවින් එවැනි දේ තුළින් මිනිසාගේ සිත කුල්මත් කිරීම නුසුදුසුය. බුදුරජාණන් වහන්සේ එවැනි විශ්මිත දේ ලෝකයා හමුවේ තැබුවේ යම් යම් අයට බුද්ධි ගෝචර විධියටය. එබැවින් අපි ඉතා සුපරික්ෂාකාරීව ධර්මය දේශනා කළ යුතුයි.

මම මෙසේ ප්‍රශ්න කරමි. ඔබ සතු මුදල් සම්භාරයක් ඇත. එය ඔබ නුවණ ඇත්තෙක් නම් ප්‍රයෝජනයට ගත හැකිය. නුවණ නැත්නම් මේ ධනය ඔබගේ පරිහානිය වේ. මහා සේනාවක් මැද්දට යනවිට ඔබ මේ මුදල ආරක්ෂා කරගන්නේ කෙසේද?

එම ජ්‍යෂ්ඨ ශිෂ්‍යයා මෙසේ කීය. “මම හැකිතාක් එය ප්‍රවේසම් කරමි.”

ඔබ ආරක්ෂා කරන්නේ කෙසේද?

එම මුදල් වියදම් කරන විට අවශ්‍ය ප්‍රමාණය පමණක් එලියට ගෙන මුළු මුදල නොපෙන්වා සඟවමි.

එසේ නම් ඔබට අතීන්ද්‍රීය දැනුමක් ඇත. දෙවියන්, භූතයන්, ප්‍රේතයන් පිළිබද අත්දැකීම් ඇත. එය අනුන්ට කියන්නේ කෙසේද? ඉන් ඇති ඵලයක් නිසා නින්දා, අප්‍රශංසා, හිංසා, පීඩා තමන්ටත් අනුන්ටත් පැනවීමටද?

මම එම මිල මුදල් පරිහරණය කරන පිළිවෙත අනුගමනය කරමි. දැන් මොහොතකට පෙර ඔබ කීවා වැනි මෙවැනි ආශ්චර්ය අද්භූත දේ ලෝකයාට දැනුම් දියයුතු බව. ඇයි ඒ? මගේ පිළිගැනීම අනුව ඔබ කී දේ සාමාන්‍ය කෙනෙක් වත් නොකියන විධියේ බහුභූත කථාවකි. ඔබට සාමාන්‍ය දැනුමක් වත් නොමැති බැවින් ඔබ මිනිසුන්ගේ ඇගැයීමක් ලබන්නේ කෙසේද? ඔබගේ සිතුවිලි විකෘතිය. ඔබට යමෙක් දොස් පැවරුව හොත් ඔබ නිදහසට ඉදිරිපත් කරන්නේ කුමක්ද? මේ ගැන සිතා බලනු මැනවි. ලෝකයේ වැඩිපුර ඉන්නේ ප්‍රඥාව ඇති අයද? මෝහයෙන් මුලා වූ අයද? එවැනි අයට ඔබ කී විධියට කළ විට මේ ශාසනය පවතීද?

(ආචාර්ය මන් භූරිදත්ත අරිහතුන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙණි.)

යුනිකෝඩ් අකුරු විකෘතිවීමේ දෝශයෙන් වන අපහසුතාවයට සමාවුව මැනවි!

නමෝ ගෞතම පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය කුසලයට ඔබත් දායක වන්න. තෙරුවණ් සරණයි!!!

New at Little Bit

from Path to Nirvana https://ift.tt/316FmmX
තෙරුවන් සරණයි…!

මේ ගැන කතා කරන්න හිතුනේ මේ දවස්වල මේ කොරෝනා වෛරසය හා බුදුරජාණන්වහන්සේ විසින් උපසපන් භික්ෂූ/භික්ෂුණීන් වහන්සේලාට නොවැලදිය යුතු යැයි විනය සිකපද පැනවූ මස් වර්ග 10 ගැන බොහෝ සාකච්ඡා ඇති වී තිබෙන නිසයි.

මෙහි බොහෝ දෙනා බුදුරජාණන්වහන්සේ මේ වගේ ලෙඩ නිසයි එවැනි විනය සිකපද පැනවුයේ ලෙස කියා මේ ධර්මය හා බුදුරජාණන්වහන්සේ කොතරම් වටිනවාද යන්න කීමට උත්සහ කර ඇත.

බුදුරජාණන්වහන්සේ,ධර්මය හා සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය වෙන කිසිම දේකට වඩා වටින බව අමුතුවෙන් කීමට අවශ්‍ය නෑ. ඒ ගැන රතන සූත්‍රය ආදී බොහෝ සූත්‍ර වල පැහැදිලිව සදහන් වෙලා තියෙනවා.

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං,
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේසරණං වරං,
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

කියා තිසරණය එකම සරණ කරගත් බෞද්ධයෙක්‍ට එහි වටිනාකම කීමට වෙනත් කිසිත් අවශ්‍ය නොවේ.

ඒත් මේ වගේ දේකින් බුදුරජාණන්වහන්සේ හා බුදු දහම අනවශ්‍ය ලෙස ඉලිප්පීමට යෑමෙන් එහි වටිනාකමට හානියක් විය හැකි බවයි මගේ අදහස. ඒක වෙන්නේ කොහොමද කියලා මෙතන ඉදන් සරලව කියන්නම් කියවලා බලන්න.

මුලින්ම මෙයට අදාල බුදුරජාණන්වහන්සේ භික්ෂූ විනයට අනුව භික්ෂු/භික්ෂුණීන් වහන්සේලාට වැලදීමට අකැප යැයි විනය සිකපද පැනවූ මස් වර්ග 10 බලමු.

1) මිනී මස් (මනුස්ස මංසං)

2) ඇත් මස් (හත්ථි මංසං)

3) අශ්ව මස් (අස්ස මංසං)

4) බලු මස් (සුනඛ මංසං)

5) සර්ප මස් (අහි මංසං)

6) සිංහ මස් (සීහ මංසං)

7) කොටි මස් (ව්‍යාග්ඝ මංසං)

8) දිවි මස් (දීපි මංසං)

9) වලස් මස් (අච්ඡ මංසං)

10) කරබානා වලස් මස් (තරච්ඡ මංසං)

සමහර මේ ගැන කතා කරපු ලිපිවලත් මේ මස් වර්ග10 ගැන වැරදියට දක්වලා තිබ්බා. මං මේක නිවරදිවම පිලිවෙලටම ලිව්වේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ විනය පිටකයේ මහා වග්ග පාලියේ භේසජ්ජක්ඛන්‌ධකයෙන්
ඒ ත්‍රිපිටක යොමුව පහතින් දක්වන්නම් කියවා බලන්න.
👇👇👇
https://ift.tt/2U5QYFi

බුද්ධ ජයන්ති ත්‍රිපිටක pdf ගොනුව
👇👇👇
https://ift.tt/38Qqzjc

දැන් මේ මස් වර්ග 10 ගැන අපි දන්නවා. දැන් බලමු මේ මස් වර්ග 10 නොවැළදිය යුතු බවට බුදුරජාණන්වහන්සේ විනය සික පද පනවන්න හේතු උන කරුණු.

ඊටත් කලින් විනය සිකපද පැනවීම ගැන පොඩ්ඩක් බලමු. එතකොට මේක තේරුම් ගන්න පහසුයි.

විනය නීති පැනවීම සිදුවූයේ බුදුරජාණන්වහන්සේගේ පහළවීමෙන් හා භික්ෂු සමාජය පිහිටුවීමෙන් ද විසි වසරක් ඇවෑමෙන් යැයි අටුවාවේ සඳහන් වේ.

“ විනයෝ නාම සාසනස්ස ආයු”
(ශාසනයේ ආයුෂ විනයයි) “
විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති”
(විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ විනය කොතරම් මේ ශාසනයේ පැවැත්මට වැදගත්ද කියන එකයි.

විනය පිටකය ප්‍රධාන ලෙස කොටස් 5කට බෙදා දක්වා ඇත. එනම්,

01.පරාජිකා පාළි,

02.පාචිත්ති පාළි,

03.මහා වග්ග පාළී,

04.චුල්ලවග්ග පාළී,

05.පරිවාර පාළි.

උපසපන් භික්ෂූන් වහන්සේලාට විනයෙහි පරාජිකා හතර හැර අන් කුමන අවැත සිදු වුවද භික්ෂූත්වය අහිමි වෙන්නේ නැත. පරාජිකා වූ භික්ෂුව හිස කදින් වෙන් වූ කෙනෙක් ලෙසද හදුන්වනවා. ඒ කියන්නේ නැවත කෙසේවත් භික්ෂුත්වය ලැබිය නොහැකියි.

ඒත් අනිකුත් ඇවැත් ආදිය භුක්ෂූන් වහන්සේලා අතින් උවද නැවත එය සකසා ගන්නා ක්‍රම ඇවැත් දෙසා පිරිසිදු වීම් ආදිය විනයෙහිම දක්වා ඇත. ඒවා එක් එක් ඇවැත අනුව වෙනම වෙනම ඇවැත් දෙසා පිරිසිදු විය හැකි ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත.

භික්ෂු විනය ගැන වැඩි විස්තර දැනගැනීමට පහත යොමුවෙන් ගොස් අතිපූජණීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ උපසම්පදා ශීලය පොත කියවා බලන්න.
👇👇👇
https://ift.tt/38QqzQe

බුදුරජාණන්වහන්සේ විනය සිකපද පැනවීම සිදුකරන්නේ බුද්ධ ශාසනය පිහිටුවීමෙන් අවුරුදු 20කට පසුවයි. එයට හේතුව බුදුරජාණන්වහන්සේ විනය සිකපද දේශනා කරන්නේ යම් ස්ථිර හේතුවක් ඇතුවම වීමයි. විනය පිටකයේ සිකපද සියල්ලම කිසියම් නිශ්චිත කාරණයක් ඉලක්ක කොට ගෙනම පනවා ඇත.

සාමාන්‍යයෙන් එසේ භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් අතින් මුලින්ම යම් වරදක් සිදුවූ විට ඒ භික්ෂූව හෝ භික්ෂුණිය ඒ වරදෙන් නිදහස් වේ. ඉන් පසුව බුදුරජාණන්වහන්සේ විනය නීතිය පැනවූවාට පසු ඒ වරද කරන භික්ෂූන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට තමයි ඒ සිකපදය අදාල වෙන්නේ. ඒ ආකාරයට තමයි බුදුරජාණන්වහන්සේ විනය සිකපද පැනවුයේ. තවත් අවස්ථාවල ස්වාමීන්වහන්සේලා යම් යම් ප්‍රශ්න ලෙස මේ දේ කල හැකිද, නොහැකිද කියා බුදුරජාණන්වහන්සේගෙන් විමසූ අවස්ථාවල එයට අදාලවද එය නොකල යුතු බවට හෝ කල යුතු බවට විනය සිකපද පැනවූ අවස්ථා විනය පිටකයේ දක්නට ලැබේ.

මේ අයුරින් මූලිකව මෙහි මා කීමට උත්සහ කරේ බුදුරජාණන්වහන්සේ විනය සිකපද පැනවීම කර ඇත්තේ නිශ්චිත වූ හේතුවක් නිසාමය. ඒ අනුව අපි බලමු. බුදුරජාණන්වහන්සේ උපසපන් භික්ෂූන් වහන්සේලාට හා උපසපන් භික්ෂුණීන් වහන්සේලාට මේ නොවැළදිය යුතු මස් වර්ග 10 ගැන සිකපද පැනවූ හේතූ.

මේ මස් වර්ග 10ම අකැප බව කීමට බුදුරජාණන්වහන්සේ විසින් දේශිත කරුණු 10ක් වෙන වෙනම විනය පිටකයේ මහා වග්ග පාලියේ භේසජ්ජක්ඛන්‌ධකයෙ දක්වා තිබෙනවා. ඒ යොමුව පහතින් දක්වන්නම් කියවා බලන්න.
https://ift.tt/2U5QYFi

මේ ගැන පිටකයේ ටිකක් දිග විස්තරයක් සදහන් ඒ සම්පූර්ණ කතාවම මෙහි නොදා එහි වැදගත් කොටස් මම සරලව කියන්නම්. මූලික අවබෝධයට ඔබ ඒක තේරුම් අරන් වෙලාවක ඉහත ත්‍රිපිටක යොමුවෙන් ගොස් ඒ කතාව අනිවාර්යයෙන් කියවන්න.

මිනී මස් වැළදීමට අකැප බවට බුදුරජාණන්වහන්සේ දේශනා කල හේතුව

බරණැස් නුවර සුප්පියඋපාසක හා සුප්පියා උපාසිකා කියලා යුවලක් හිටියා. මේ දෙන්නා ධර්මයට බොහෝ ලැදි දෙදෙනෙක්. ඒ නිසාම දාන ආදියට නිතරම ස්වාමීන්වහන්සේලාට ආරධනා කරනවා. ඒ වගේ දවසක් මේ සුප්පියා උපාසිකාව එක් පන්සලකට ගොස් ස්වාමීන්වහන්සේලාගෙන් මොනාද අවශ්‍ය යැයි විමසූ විට, එක් ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ රෝගයකට සත්ව මාංශයක් අවශ්‍ය වී තිබෙනවා. එම නිසා මේ ගැන විමසූ නිසා එම අවශ්‍යතාව කියා තිබෙනවා.

පසුව ඒ උපාසිකාව එය භාරගෙන සේවකයෙක් කඩේට යවනවා මස් ගේන්න ඒත් ඒ වන විට කඩේ හෝ ඒ නගරයේ කිසිම තැනක මස් සොයාගන්න ඒ සේවකයට හැකි වෙන්නේ නෑ.අන්තිමට සුප්පියා උපාසිකාවට මේක කියනවා.

මේක ඇහුවම සුප්පියා උපාසිකාව දුක් වෙනවා තමා මස් ගේන්න පොරොන්දු වූ නිසා,එය ඉටු නොකරොත් එය වරදක් ලෙස හිතා ඒ නිසාම කල්පනා කරලා අවසානයේ තමන්ගේම කකුලේ කලවයෙන් කොටසක් කපලා දානය ලෙස සකසන්න සේවකයන්ට දිලා, ඒ ටික පිලියෙල කර පන්සලට යවන්න කියනවා. පසුව ඒක පන්සලට යැව්වම ඒ අදාල භික්ෂූන් වහන්සේත් ඒක වලදනවා.මොකද ඒ වන විට මස් මාංශ වැලදීම ගැන කිසිම සිකපදයක් බුදුරජාණන්වහන්සේ පනවා නොතිබූ නිසා.

පස්සේ හවස සුප්පිය උපාසක තුමා ගෙදර ඇවිත් උපාසිකාව හොයනකොට මේ වගේ තුවාලයක් හැදිලා කියලා දැනගෙන ඒ ඇයි කියලා අහලා පසුව මේ විස්තරය දැනගෙන බොහෝ සතුටු වෙනවා සුප්පිය උපාසිකාවගේ ශ්‍රද්ධාව ගැන, ඒ සතුටින්ම බුදුරජාණන්වහන්සේ හමුවට ගිහින් හෙට දානයට බුදුරජාණන්වහන්සේට ආරධනා කරනවා බුදුරජාණන්වහන්සේත් නිෂ්ශබ්දව ඒක පිලිගන්නවා.

ඉන් පසු ඊලග දිනයේ බුදුරජාණන්වහන්සේ අනිකුත් භික්ෂූන් වහන්සේලාද සමග ඒ නිවසට දානයට වැඩම කරනවා. ඉන්පසු බුදුරජාණන්වහන්සේ සුප්පිය උපාසිකාව නොමැති නිසා උපාසකතුමාගෙන් ඒ ගැන විමසනවා. උපාසක තුමා කියනවා ඇය ලෙඩ වෙලා එන්න බැරි බව, එහෙත් කෙසේ හෝ එක්කර එන්න කියලා බුදුරජාණන්වහන්සේ කියනවා. පසුව සුප්පියා උපාසිකාව ඔසවාගෙන එනකොට බුදුරජාණන්වහන්සේව දුටු සැනින් උපාසිකාවගේ ඒ තුවාලේ හොද වූ බව ධර්මයේ සදහන්.අවසන බුදුරජාණන්වහන්සේ දානය වලදා දැහැමි කතා කොට ඒ දෙපල සනසා බුදුරජාණන්වහන්සේ නැවත ආරාමයට වඩිනවා.

ඉන්පසු බුදුරජාණන්වහන්සේ ආරාමයට වැඩලා මේ කරුණ ගැන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා. කව්ද මේ වගේ දෙයක් ඉල්ලුව භික්ෂුව කියලා, පසුව ඒ ස්වාමීන්වහන්සේ ඒ උන්වහන්සේ බව කී විට, මෝඝ පුරුෂය, හිස් පුරුෂය කියලා බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූවට ගරහලා ඒ ඔබ වළදා ඇත්තේ මනුස්ස මසක් බවත් පහදා දී, ඔබවහන්සේ වලදන්න කලින් විමසුවේ නැද්ද මේ මස මොනාද කියලා අහනවා. එවිට ඒ භික්ෂූව එසේ නෑ කිව් විට,

මෙය ‍නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණස හෝ නො වේ” යි ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්‍රද්ධාවත් වූ ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්‍ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

ලෙස බුදුරජාණන්වහන්සේ විසින් මේ විනය සිකපද පනවන ලද්දේය.

මේකයි මේ මනුස්ස මාංශ අකැප බවට පනවන්න හේතු වූ නිදාන කතාව.
ඒ වගේම එක්තරා ලිපියක මම දැක්කා මේ ගැන නොදැන බුදුරජාණන්වහන්සේට මිනී මස් පිලිගැන්වුයේ එකල ගෝත්‍රික සමාජයක් තිබුන නිසා බව කියා තිබුනා.එය මේ විනය සිකපද ගැන නොදන්නා කමට ලියන ලද කතාවක්.

දැන් පලමු මස් වර්ගය ඇකැප වෙන්න හේතුව මේකයි. දැන් අනික් මස් වර්ග ටිකත් අකැප වන හේතු බලමු.

ඇත් මස් (හත්ථි මංසං) හා අශ්ව මස් (අස්ස මංසං) යන මස් වර්ග දෙකම වැලදීම අකැප යැයි බුදුරජාණන්වහන්සේ දේශනා කරේ දුර්භික්ෂ වගේ කාල වල මේ සත්තු මැරුනම මිනිස්සු ඒ මස් කන්න ගත්තා පසුව ඒ මස් භික්ෂූන් වහන්සේලාටද පුජා කරා. භික්ෂූන්වහන්සේලාද මුල් කාලේ ඒවා වැළදුවා අකැප බවක් නැති නිසා,
පසුව බුදුරජාණන්වහන්සේ මේ මස් වර්ග දෙකම අකැප බව දේශනා කරා.

මොකද මේ සතුන් දෙදෙනාම එකල රජුගේ සේනාවේ හිටිය සතුන් දෙදෙනෙක් නිසා රජතුමා මේ ගැන දැන ගත්තොත් නොසතුටු වෙලා අවමන් කරලා,දොස් නගන්න පුලුවන් ඒකෙන් ශාසනයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ආදිය නොලැබෙන්න පුලුවන්, ඒ නිසයි මේ මාංස අකැප බව දේශනා කරේ.

ඊලඟට බලු මස් (සුනඛ මංසං) මේ ගැන සදහන් ත්‍රිපිටක යොමුවෙන් උපුටාගෙන දක්වන්නම් පහතින්.

එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට බලුමස් දෙත්. භික්‍ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

ඒ අයුරින් තමයි බලුමස් අකැප යයි දේශනා උනේ.

ඉන්පසු සර්ප මස් (අහි මංසං) මේකත් පෙර වගේම දුර්භික්ෂ කාලවලදී මිනිස්සු කරපු වැඩක් ඒ වගේම මේක සුඵස්ස කියන නාරජු බුදුරජාණන්වහන්සේගෙන් කල ඉල්ලීමක්. එයට අනුව මෙලෙස ඒ කතාව දක්වන්නම්.

සුඵස්ස නාරජ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්‍රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා සර්‍පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සර්‍පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

මෙයට පසු සදහන් අනිකුත් සිංහ මස් (සීහ මංසං),කොටි මස් (ව්‍යාග්ඝ මංසං), දිවි මස් (දීපි මංසං),වලස් මස් (අච්ඡ මංසං),කරබානා වලස් මස් (තරච්ඡ මංසං) ආදී ඒ මස් වර්ග 05 බුදුරජාණන්වහන්සේ විසින් නොවැලදිය යුතු බව දේශනා කරේ මේ මස් වළඳා වනයට වඩින භුක්ෂුවට සිංහයන්,කොටි‍යන්,දිවියන්,වළසුන් ආදී ඒ ඒ සතුන්ගෙන් අනතුරක් විය හැකි නිසයි. ඒකට අදාල එක ත්‍රිපිටක උපුටාගැනීමක් පහතින් දක්වන්නම්. අනික් කොටස් ටිකත් මේ හා සමානයි ත්‍රිපිටක යොමුවෙන් ගොස් කියවා බලන්න.

එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සිංහමස් දෙත්. භික්‍ෂූහු සිංහමස් වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

සම්පූර්ණ ත්‍රිපිටක යොමුව සදහා
👇👇👇
https://ift.tt/2U5QYFi

මේ ආකාරයට බුදුරජාණන්වහන්සේ මේ මස් වර්ග 10 උපසපන් භික්ෂූ/භික්ෂුණීන් වහන්සේලාට අකැප බව දේශනා කල හේතූ පැහැදිලි කරගත හැකියි.

දැන් අපේ ප්‍රශ්නයේ කොරෝනා වෛරසය හා සම්බන්ඳ කොටසට එමු.

මේ කොරෝනා වෛරසය හා බුදුරජාණන්වහන්සේ දේශනා කල විනය කරුණු එකට යොදාගන්න බොහෝ අය යොදාගත් කරුණ නම් මේ වෛරසය සර්ප මස් කෑම මගින් මිනිස්සුන්ට බෝ උනා කියන මතය, මේක නිවරදිවම තහවුරු නොවුනත් බොහෝ අය ඒ මතේ ඉදගෙනයි මේක සම්බන්ඳ කරේ.

ඒත් මේ පිලිබද විවිධ මත පල උනත් කොරෝනා වෛරසය බෝවන්නේ ක්ෂීරපායි සතුන් ගෙන් බව එක් වෛද්‍යවරයෙක් තබා තිබූ සටහනක මා දුටුවා. ඒ කොටස පහතින් දක්වන්නම්.

කොරෝනා වෛරසය කියන්නේ මොකද්ද? ඒක අලුත් දෙයක්ද?

කොරෝනා වෛරසය කියන්නේ ක්ෂීරපායී සතුන්ගේ දකින්නට ලැබෙන වෛරස පවුලක්. මේ අතරින් වර්ග 6ක් මේ වන විට මිනිස්සුගෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් වෛරස 2ක් මීට වසර ගණනාවකට කලින් වසංගත තත්වයෙන් ලෝ‍කයේ පැතිර ගොස් තිබෙනවා.

1. Middle East Respiratory Syndrome (MERS) : 2012 දී ඔටුවන් හරහා
2. Severe Acute Respiratory Syndrome (SARS) : 2002 දී මුගටියන් වර්ගයක් (Civet Cat) හරහා

අලුත්‍ කොරෝනා‍ වෛරසය මොකද්ද?

අලුත් කොරෝනා වෛරසයෙන් ආසාදනයවූ මුල්ම මනුෂ්‍යයා සොයා ගැනුනේ 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නුවරින්. ඒ වෛරස වර්ගය මීට පෙර මිනිසුන්ගෙන් වාර්තා වෙලා ති‍බුනේ නෑ. එබැවින් එය 2019 Novel Coronavirus (2019-nCoV) ලෙස නම් කළා.

ඒක කොහෙන්ද ආවේ?

මේ ගැන විවිධාකාර මත ගොඩනැගුනා. සාමාන්‍යයෙන් චීන ජනයා විවිධාකාර සතුන් ආහාරයට ගන්නා නිසා ඒ හරහා පැමිණි බව‍ට සැක කෙරුණා. නමුත් මේ වන විට අදාළ වෛරසයේ මුලු ජීනෝමය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
(https://ift.tt/2TQ4X1X)
ඒ අනුව මෙම වෛරසය වවුලන්ගෙන් පැමිණි කොරෝනා වෛරසයකට වැඩි නෑකමක් කියන බව ඔප්පු වී තිබෙනවා.

නවතම තොරතුරු සඳහා : https://www.who.int/…/novel-coronavirus-2…/situation-reports
https://www.cdc.gov/…/2019-n…/locations-confirmed-cases.html

මූලාශ්‍ර:
https://ift.tt/2Ry0Oye
https://ift.tt/2QR5Vt7
https://www.thelancet.com/…/PIIS0140-6736(20)30183…/fulltext

වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS) | 26-01-2020

මේ ලිපියේ තව බොහෝ විස්තර තියෙනවා. මම දැම්මේ අවශ්‍ය ටික විතරයි. සම්පුර්ණ ලිපිය කියවා බලන්න පහත යොමුවෙන්.
👇👇👇
https://ift.tt/37MzzW4

මේ අනුව දැන් ප්‍රශ්නයක් එනවා, බුදුරජාණන්වහන්සේ වවුල් මස් හෝ ඒ ආශ්‍රිත දෙයක් ගැන කියලා නෑ කියලා. මෙන්න මේකයි මං කිව්වේ මේ වගේ දෙයක් බුදුරජාණන්වහන්සේ දේශනා කල කරුණු සමඟ ගලපන්න යෑමෙන් උතුම් බුදුරජාණන්වහන්සේට හා ඒ උතුම් ධර්මයට හානියක් විය හැකි බව.

දැන් කෙනෙක් තර්ක කරොත් කෝ බුදුරජාණන්වහන්සේ වවුල් මස් ගැන දේශනා කරලා නෑනේ. උන්වහන්සේ ඒක දැක්කේ නැද්ද කියලා?? මේ කරුණු එකට සම්බන්ද කරන්න උත්සහ ගත්ත අයටමයි ඒවාට පිලිතුරු දෙන්න වෙන්නේ.

අනික් කරුණ මේ අකැප බව දේශනා කල මස් වර්ග 10 අදාල වෙන්නේ උපසපන් භික්ෂූන් වහන්සේලාට හා භික්ෂුණීන් වහන්සේලාට විතරයි. ගිහි අය ගැන කිසිම සදහනක් මෙහි නෑ. ඒ අනුවත් කෙනෙක් තර්ක කරොත් ඇයි බුදුරජාණන්වහන්සේ පැවිදි අයට විතරක් මේක දේශනා කරේ ලෙඩ හැදෙනවා නම් ගිහි අයවත් මේකෙන් වලක්වන්න තිබ්බානේ කියලා,
ඒකටත් පිලිතුරු දෙන්න වෙන්නේ මේවා එකට සම්බන්ද කරන්න උත්සහ කරන අයටම තමයි.

ඒ නිසා හරියට මේ ධර්මය නොදැන මේ විනය පැනවීමට හේතු නොදැන මේ කාරණා හරහා මේ දහම උලුප්පන්න යන අය කරන්නේ ධර්මයට මහා අපහාසයක්. මොකද බුදුරජාණන්වහන්සේ මේ විනය කරුණු හා එයට හේතු වෙනම දේශනා කරලා තියෙනවා. ඊට පරිභාහිරව වෙන වෙන දේවල් අපි හිතාගෙන මේ කරුණු වැරදියට උඩට ගන්න එක නම් අනුමත කල නොහැකියි.

බුදුරජාණන්වහන්සේ නමක් දේශනා කරන්නේ මේ සංසාරෙන් එතර වෙන උතුම් දහමක්. උන්වහන්සේගේ දේශනාවට අනුව මේ ශරීරය කියන්නේ රෝග වල නවාතැනක්, උන්වහන්සේ කිව්වේ ඒක දැනගෙන මේ සංසාරෙන් මිදෙන්න උත්සහ වෙන්න කියන එකයි.

ඒ වගේම බුදුරජාණන්වහන්සේ රෝග සූත්‍රයේදී දේශනා කරනවා රෝග වර්ග දෙකක් ගැන එනම් කායික රෝග හා මානසික රෝග ඒකෙන් බුදුරජාණන්වහන්සේ අගය කරේ මොන රෝගෙන් මිදෙන්න උත්සහ කරන අයද දන්නවද??
සූත්‍රයෙන්ම උපුටා දක්වන්නම්
👇👇👇

මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.

’’කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන,
වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
සත්ත්‍වයන් දකිත්.

’’යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන්(රහතන්වහන්සේලා) හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.

රෝග සූත්‍රයේ ත්‍රිපිටකය යොමු
👇👇👇
බුද්ධ ජයන්ති ත්‍රිපිටක යොමුව
https://ift.tt/318kMTh

සරල සිංහල සොයිසා පරිවර්තන ත්‍රිපිටක යොමුව
https://ift.tt/3aSXh4Y

මේකෙන් කියන් නෑ බුදුරජාණන්වහන්සේ කායික රෝග ගැන හිතන්න එපා කිව්වා කියලා මොකද

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බානං පරමං සුඛං

ලෙස ධම්ම පදයේ දේශනා කලේද අප සරණ ගිය බුදුරජාණන්වහන්සේමය එම නිසා ආරොග්‍යය කියන දේ බුදුරජාණන්වහන්සේගේ දේශනාවට අනුව කායික හා මානසික ලෙස දෙපසින්ම තිබිය යුතුය. සතුට යන පරම ධනය ලැබීමට නම් අනිවාර්යයෙන් මානසිකව නිරෝගී විය යුතුය.

ඒ නිසා බුදුරජාණන්වහන්සේ මේ කායික හා මානසික ලෙඩ රෝග හැදෙන ආකාරය හා එයින් මිදෙන ආකාරය වෙන වෙනම දේශනා කර තිබේ. ඒත් අපේ අය ඒ කරුණු නොදක්වා මේ උඩට අරං තියෙන්නේ වැරදි කරුණක් බවයි මාගේ අදහස.

මොකද මේ විනය සිකපද පැනවීම බුදුරජාණන්වහන්සේ කර ඇත්තේ හේතු සහිතවමය. උතුම් වූ සර්වඥතා ඥාණයෙන් මේ කරුණුද උන්වහන්සේ දැන සිටින්නට ඇත. එය නිසකය. නමුත් මේ කරුණේදී බුදුරජාණන්වහන්සේ මෙයට පැහැදිලිව හේතු දක්වා තිබෙන නිසා අප ඒවාට මුල් තැන දී ඒවා පිලිගත යුතුය කියායි මගේ අදහස.

කෙනෙක්ට අවශ්‍ය නම් බුදුරජාණන්වහන්සේ රෝගී නොවීමට කලයුතු දේ හා රෝගී උනාම කලයුතු දේත් වෙන වෙනම සූත්‍ර දේශනා වල දක්වා ඇති අතර එවැනි දේශනාවක් මෙයට ගලපාගත හැකි නම් එය නිවරදිය.

එයට උදාහරණයක් ලෙස අවශ්‍ය නම් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ එන සූත්‍ර දේශනා යොදාගත හැකිය. තව ආහාරයේ පමණ දැන වැලදීම, සප්පාය ආහාර හා අසප්පාය ආහාර ගැනද බුද්ධ දේශනාවේ වෙන වෙනම දක්වා ඇති අතර මේ කරුණ අරභයා කෙනෙක්ට අවශ්‍ය නම් ඒ දේශනා ඇසුරෙන් යමක් කිව හැකිය.

එසේ නොකර මේ විනය සිකපද මෙයට ගැලපීමට යෑම මට දැනෙන හැටියට නම් නොගැලපෙන දෙයකි.

අවසාන වශයෙන් මෙය ධර්මානූකූලව මගේ දහම් දැනුම් මට්ටමේ හැටියට කරන ලද විග්‍රහයකි. අවවාද,උපදෙස්,දොෂාරෝපණ,ප්‍රශංසා සියල්ල සමසිතින් දරාගන්නට උත්සහ කරන නිසා ඔබට කැමති දෙයක් කිව හැකිය.

තෙරුවන් සරණයි…!

© Yohan sewwandika ~ Path To Nirvana දම්සභා මණ්ඩපයෙහි සම්පත් දායක

from Path to Nirvana https://ift.tt/2GudGiu
== සෙත් පිරිත් මෘදුකාංගය සහ වෙබ් අඩවිය ==
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව Android app එකක් ලෙස ලබා ගන්න.
https://ift.tt/36yNj5F

පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.

පදයෙන් පදය අර්ථ විග්‍රහය සිදුකර ඇත්තේ පළමු පිරිත් 17 ට පමණක් බව කරුණාවෙන් සලකන්න. ඉදිරියේදී ඉතිරි පිරිත්ද එසේ සැකසීමට බලාපොරොත්තු වෙමු.

ඔබට වැදගත් පිරිත් ඉදිරියෙන් තරු ලකුණක් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තුවක් සකසා ගත හැකිය. උඩු අතට සහ යටි අතට ඇති ඊතල මගින් පිරිත් අනුපිලිවෙල වෙනස් කරගත හැකිය.

https://ift.tt/2NkD7pB අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/37yvo03
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 126🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 21

🌺 ජූජක බමුණා දරුවන් ලබාගැනීමට වෙස්සන්තර රජ සොයමින් පිටත්වීම.

මෙසේ මා ආපසු එනතෙක් පරිස්සම් වන්නැයි අවවාද දී මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව දෙසට හැරී අවසන් වතාවට ඇය දෙස බලා කදුළින් පිරුණු දෙනෙතින් යුතුව වෙසතුරු රජු මිට පෙර විසූ ජයතුරා නුවරට දසිදාසියන් සොයමින් ජූජක බමුණා පිටත්ව ගියා. ඔහු ඒ වනවිටත් දැන සිටියේ නැහැ රජතුමා සියල්ල අතහැර වනගත වී සිටිබව. ඒ කෙසේවෙතත් මේ සියල්ල මෙසේ සිදුවන්නේ දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් බෝසතාණන් වහන්සේ හට අවසාන පාරමිතා පුර්ණය සඳහා බව අට්ට කතාවන්හි සඳහන් කාරණා අනුව මැනැවින් පැහැදිළි වෙනෙවා.

🌺 ජයතුර නගර වැසියන් ජූජක බමුණාට ගල් ගසා පැන්නීම.

ඔහු ජයතුරා නගරයට ගොස් රැස්ව සිටිය ජනයාගෙන් වෙස්සන්තර රජු කොහේදැයි විමසුවා. එවිට සිදුවුනේ ඔහු හීනෙකින්වත් නොසිතු දෙයක්. ඒ වනවිටත් වෙසතුරු රජුව අධික ලෙස දන්දීමේ හේතුවෙන් ඔහුගේ සියලු දේ ඉල්ලාගත් බමුණන් කෙරෙහි රටේ සාමාන්‍ය මහජනතාව මහත් කෝපයකින් සිටියේ. එවිට වැසියෝ බමුණ, රජතෙම අඹුදරුවන් ගෙනගොස් වංකගිරියේ වාසය කරයි. තොපවිසින් අධික දානයෙන් පෙළන ලද රජ සියරටින් නෙරපන ලද්දේ වංකගිරිය පර්වතයේ වාසය කරයි. මෙසේ අපගේ රජතුමාව විනාශකොට නැවතද ආවාහු ඔහොම හිටු කියා” ගල්මුගුරු ගස් අතැතිව බමුණාව ලුහුබැන්නට වුනා. ඔහු දේවතාවන් විසින් මෙහෙය වූ නිසාම එයින් මිදී වංකගිරියට යන මාර්ගයට නිරුපද්‍රිතව පිවිසියා.

🌺 මහා වනයේ අතරමංවූ ජූජක බමුණා දඩයම් බල්ලන් විසින් වටකරනු ලැබීම.

කාමයෙහි ගිජු වූ ඒ බමුණා බැමිණිය විසින් චෝදනා කරන ලද නිසා වනමුර්ගයන් ගැවසීගත් කගවෙහෙනුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයක වින්දයුතු යම් දුකක් ඇත්ද ඒ දුක විඳිමින් වෙසතුරු රජු සොයමින් ඉදිරියටම පියමැන්නා. මෙලෙස ඒ බමුණා බේලුව සැරයටියද ගිණිපුදන කෙනෙස්සද කමඩලාවද ගෙන වෙසතුරු රජ වෙසෙතැයි අසා දැනගත් ඒ මහා අරණ්‍යට ද පිවිසියා. එහෙත් ඒ වනවිටත් මිට ඉහත කි පරිදී මිත්‍ර රජවරුන් විසින් වෙසතුරු රජුගේ ආරක්ෂාව පිණිස ඔහුටත් හොරෙන් ඉතා පළපුරුදු දක්ෂ විශ්වාසවන්ත කුලී හේවායෙක් යොදවා තිබුණ. ඔහු හිටියේ දඩයම් බල්ලෝ රෑනක් පිරිවරාගෙන. ඒ බල්ලන්ට හොරෙන් කාටවත් ඒ ප්‍රදේශයට ඇතුළු වන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.

ඒ වනවිටත් අන්ත අසරණ වී සිටි ජූජක බමුණා මහාහඩින් හඬන්නට වුනා. මම මංමුළා වුනා. හරිමගින් දුරුව ගියා. භෝග සම්පතින් ගිජු වූ සංයමයක් නැති ඒ බමුණ වංකගිරියට යන මග මුළා වුණා. මහජනයා විසින් පසුපස ඒමේ දුකද, වනයට පිවිසීමේ දුකද, නිවැරදි මග සොයාගැනීමට නොහැකි වූ දුකද නිසා ඔහු තව තවත් හඬන්නට වුනා. මෙසේ වනයේ අතරමංව දසත ඇවිදිමින් සිටින අතරතුර ආරක්ෂාව පිණිස සිටි සේවක පුරුෂයාගේ සුනඛයෝ ඔහුව වටකරගත්ත. වහාම ආරක්ෂාව පිණිස අසළ තිබූ ගහකට නැගගත් ඔහු සුනඛයින් විසින් පිරිවරන ලදුව ගසේ සිටිමින් මෙලෙස ගාථාවෙන් කියන්නට වුනා.

රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජයගන්නාවූ අපරාජිත වූ බිහි අභය දෙන්නාවූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නේද?

හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ කොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බදු වෙසතුරු මහරජු හු කවරෙක් මට දැන් කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මග මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග ඇති මනරම් ඇසතු රුකක් යම්සෙස් නම්, එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහෙදැයි කවරෙක් මට දැන කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්ගයේ ක්ලාන්ත වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගි මනරම් නුගරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහිදැයි කවරෙක් මට කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගිමනරම් අඔරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජු කොහේදැයි කවරෙක් මට දන්වන්නේද?

විඩාපත් ජනයාගේ වෙහෙස හරණ වූ මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවන ඇති මහමග නැගී මනරම් සල්රුකක් යම්සේ එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහේදැයි කවරෙක් මට දන කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමග වෙහෙසට පත් වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගී මනරම් රුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු රජු කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද?

මහා වනයේ මංමුළා වූ මෙසේ වැලපෙන මට යමක් “මම දනීමි යි කීනම් හේ මට සොම්නස් දනවන්නේය.

මහවනයේ මංමුළා වූ මෙසේ වැළපෙනා මට යමෙක් මම දනිමියි කි නම් හේ වදනින් බොහෝ පින් රැස් කරන්නේය.

ඔහුගේ ඒ වැළපීම් හඩ අසා ආරක්ෂාව පිණිස තබන ලද දඩයක්කාරයකු ලෙස වනයෙහි ඇවිදිමින් සිටි සේවකයා මෙලෙස සිතුවා.

🌺 වෙසතුරු රජුගේ ආරක්ෂාවට යොදවා තිබූ කුලී හේවායා ජූජක බමුණාව මැරීමට අදහස් කිරීම.

“මේ බ්‍රාහ්මණය වෙස්සන්තර රජු වසන තැන සදහා වැළපෙයි. මොහු වනාහි හොද දෙයකට පැමිණි කෙනෙකු විය නොහැකියි. මොහු නියත වශයෙන්ම එන්නට් ඇත්තේ මද්‍රි දේවිය හෝ දරුවන් ඉල්ලීමටයි. ඔහුව මෙහිම මරා දැමිය යුතයි.” යනුවෙන් ඔහුගේ සමීපයට ගොස් බ්‍රාහ්මණය තට ජීවිතය නොදෙමි කියා දුන්න ඇද තර්ජනය කරනු ලැබුවා.

ඔහු තව දුරටත් මෙසේ කිවා.

බමුණ තොප විසින් අතිදානයෙන් පෙළන ලද රජතෙම සියරටින් නෙරපන ලද්දේ වංකගිරියේ වාසය කරයි. බමුණ තොප විසින් අධික දානයෙන් මඩනා ලද වෙසතුරු රජ අඔුදරුවන්ගෙන ගොස් වංකගිරියේ වසයි. නුවණ නැති නොකටයුතු කරනසුලු තොප දියෙහි මත්සයකු සොයන කෙනෙකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි. බමුණා තා මරා තාගේ හිස සිද අක්මා සහිත හදමස් කපාගෙන තාගේ මසින් මාර්ග දේවතාවන්ට පන්තසකුල නම් බිලිපුජාවක් කරමි. බමුණ, තාගේ හදවස් කපාගෙන තාගේ මසිනුදු මස් තෙල්වලින් හිස්මොලවලින් ද හෝම කරන්නෙමි. බමුණ ම විසින් තාගේ මසින් කරන ලද ඒ මානව යාගකරණ ලද මනාව පුදන ලද කවර හේතුවක් නිසාද? ඒ හේතුවෙන් තොප රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නොගෙන යන්නේය.

🌺 ජූජක බමුණාගේ වහසිබස් හමුවේ රැවටුන ආරක්ෂක කුලී හේවායා.

හෙතෙම ඔහුගේ වචනය අසා මරණභයින් තැතිගත්තේ බොරු ගොතමින් මෙසේ කියන්නට වුනා. චේත පුත්‍රය ! මාගේ බස් අසව, බමුණාද දුතයාවද නොමැරිය යුතු වෙයි. ඒ කරුණෙන් දුතයා නොමරති. මේ සනාතන ධර්මයකි. හැම සිවීහු සන්හිදුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසිවෙයි. ඔහුගේ මවද දුබලය. නොබෝ කලකින්ම ඇගේ ඇස් පිරිහෙයි. මම ඔවුන් විසින් මෙහෙයන ලදුවෙමි. චේත පුත්‍රය, මාගේ බස් අසව වෙසතුරු රජපුතු ගෙන යමි. ඉදින් දනීනම් මට කියව.

මෙය ඇසු කුලී හේවායා මොහු වෙස්සන්තර රජුව නැවත රැගෙන යන්නේයැයි සොම්නසට පත්ව සුනඛයින් බැද තබා බ්‍රාහ්මණයාව බස්සවා අතු අතෙරේ හිදුවා මෙසේ කිවා. බමුණ මාගේ ප්‍රිය වෙසතුරු රජ හට ඔබ ප්‍රිය දුතයෙකි. තට තුටුපඩුරු කොට මේ මී පුරවන ලද ලබුකබල ද මුවකලවෙද දෙමි.කැමති සැපත් දෙන වෙසතුරු රජු යම්තැනක වෙසේද එදෙස තට කියමි.

27-01-2020