Monthly Archives: January 2021

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Ynlbkf
අද වැනි දුරුතු පුන් පොහෝ දිනක බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවිය. යුද්ධයකට සැරසී සිටි යක්ෂ සේනාවක් දමනය කළ බුදුරජාණන්වහන්සේ අනතුරුව රැස්ව සිටි සුමන සමන් දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක. බණ අසා සෝවාන් ඵලයට පත් වූ සුමන සමන් දිව්‍යරාජ්‍යාට පුජා පිණිස දුන් කේශ ධාතු තැන්පත්කොට ඔහු විසින් සත් රියනක් උසින් මහියංගණය සෑය ඉදි කළේය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සරභූ නම් රහතන්වහන්සේ ග්‍රීවා ධාතුන්වහන්සේ වැඩමවා මහියංගණ දාගැබේ නිදන් කොට සෑය දොළොස් රියන් කළ සේක. ඉන්පසු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ධ චූලාභය කුමරු විසින් මහියංගණ සෑය තිස් රියන් කොට බැඳවිය.

අනුරාධපුරය ජය ගැනීමට සටනට පිවිසි දුටුගැමුණු රජතුමා විසින් නැවත සෑය අසුරියන් කොට පුජා සත්කාර කරන ලදී. ඉන්පසුව විවිධ රාජධානි යුගවලදී මානවම්ම, මහා විජයබාහු, හයවෙනි පරාක්‍රමබාහු, කීර්තී ශ්‍රී රාජසිංහ ආදී රජවරු ගණනාවක් මහියංගණ සෑය ප්‍රතිසංස්කරණය කළේය. යටත්විජිත යුගයේදී නටබුන් වුණු මහියංගණ සෑය බෞද්ධ දානපතියන්ගේ ආධාර මත ප්‍රතිසංස්කරණය කිරීම 1953 දී ආරම්භ වුණු අතර 1961 දී කොත්වහන්සේ පැළඳීම සිදුවිය.

(පැරණි රූප සටහන වර්ණ ගන්වන ලදී)