New at Little Bit


from Path to Nirvana https://ift.tt/2oH8Mcc
👉 උතුම් මනුශ්‍ය ජීවිතය පිලිබඳව

මේ ලැබූ උතුම් මනුශ්‍ය ජීවිතය කෙතරම් නම් වටිනවාද, මොනතරම් නම් උතුම් ද, එහි ප්‍රමාණය කිව නොහැකිය. බොහෝ බෞද්ධයින් මනුශ්‍ය ලෝකයට පැමිණියේ දිව්‍ය ලෝකවල සිටයි. ඒ වෙනත් කාරණයකට නොව පිං කුසල් කර ගැනීමටයි. මනුශ්‍ය ලෝකය කියන කොට කොයිතරම් නම් මේ ලෝකයේ මිනිසුන් සිටීද. ලංකාව විතරක් නොව ලෝකයේ සියලුම රටවල් සුගතියයි. නමුත් පිංකිරීමට හැකි රටවල් ඇත්තේ බොහොම සීමිතවයි. ඒ නිසා බොහෝ දිව්‍ය ලෝකවල ප්‍රඥ්ඥාවන්ත දෙවිවරු නැවතත් මනුශ්‍ය ලෝකෙ ඉපදීමට ප්‍රදේශයක් සොයයි.ඔවුන් සොයන්නේ සැප නොවේ. ඔවුන් සොයන්නේ කුසල් කිරීමට අවශ්‍ය පරිසරයක් ඇති රටකි.වෙනත් මිත්‍යා දුශ්ථික රටවල ඉපදීමට අකමැතිවේ. වෙනත් රටක ඉපදුනොත් අවු. 60ක් 70 ක් සැප විදියි. නමුත් කුසල් කිරීමට ඇති නොහැකියාව නිසා මියගොස් කල්ප කාලයක් සතර අපායේ ගතකිරීමට සිදුවේ.ලංකාවේ වගේ දුප්පත් රටක අනෙක් රටවල තරම් සැප නැතත් පිං කුසල් කිරීමට හැකියාව ඇත. අවු.60ක් 70 ක් දුක් විදිමින් කුසල් කර සුගති ලෝකවල කල්ප ගනන් ඉපදීමට හැකියාව ඇත. භාග්‍යවතුන් වහන්සේ නිතරම දේශනා කලේ “සුලු සැපය අතහරින්න,දීර්ඝ සැපය උදෙසා ” යන්නයි. මේ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට මේ දේශනාව සියල්ලෝම අසත්වා!
👉 https://youtu.be/bRbfG3tjfUs

👉 සම්‍යක් දුශ්ථික වූයේ කෙසේද?

මේ ආකාරයේ බෞද්ධයෙක් නැතිනම් සම්මා දිට්ථික මිනිසෙක් වී ඉපදීමට සසරේ මොනතරම් නම් කුසල් වැයවී ඇද්ද? මිනිස්සු හැමෝම සංසාරේ පිංකරපු අයයි.එයට ආගම් ජාති බේදයක් නොමැත. අපි සියලු දෙනාම මිනිසුන් ලෙස ඉපදුනේ පිං කිරීමෙනි.
නමුත් මේ මිනිසුන් සියල්ල සම්මාදිට්ථික වෙලා ඉපදුනේ නෑ. හැමෝම කර්ම කර්මපල පිලිගෙන නෑ. හැමෝම තුනුරුවන්ට ගරුකරන්නේ නෑ. හරියටම තුනුරුවන් සරණගිය කෙනා සම්මාදිට්ථිකයෙකි. හරියටම තුනුරුවන් සරණගිය අය බෞද්ධයෙක් වේ.
මිනිස්සු අතර එවන් සම්මාදිට්ථිකයෙකු වී ඉපදීමට අනෙක් මිත්‍යා දුශ්ථිකයෙකු වී ඉපදීමට වඩා විශාල වශයෙන් පිං අවශ්‍යයි. ඒ නිසා ඒ අයට වඩා පිං විශාල ලෙස වැය කර අවසන් වී ඉපදී ඇත. අන්න ඒ නිසා අනෙක් ජාතීන්ට සහ
අනෙක් රටවල් වල ඉපදීමට එතරම් පිං වැය වෙන්නෙ නෑ. ඒ නිසා ඒ අයට බොහෝ පිං ඉතිරි වෙනවා. ඒ ඉතිරිවන පිං වලින් තමයි එයාලා දියුණු රටවල පොහොසත් වෙලා සැප විදින්නෙ.
නමුත් බොහෝ බෞද්ධ අයගේ පිං සම්මා දිට්ථි මිනිසත් භාවය වෙනුවෙන් වැය වූ නිසා දුප්පත් රටක දුප්පත් වී ඉපදේ.මෙය බොහෝ බෞද්ධ රටවල් එසේමය. නමුත් බෞද්ධයෝ යනු මේ ලෝකේ සියල්ලන්ටම වඩා ප්‍රඥ්ඥාවෙන් පොහොසත් අයයි.
අනෙක් මිත්‍යාදුශ්ටික රටවල අය වියදම් නොකල පිං භෞතික සැප සම්පත් වෙනුවෙන් භාවිතා කරයි.
මේ පිලිබඳ වැඩිපුර දැන ගැනීම සඳහා මේ දේශනාව සියල්ලෝම අසත්වා!!!
👉 https://youtu.be/hHwV0sGPN0k

👉 හොඳට පිං කරන අයටම ඇයි මේ කරදර

හොඳ වැඩ කරන අයටමයි කරදර සිදුවෙන්නේ, පවු කාර අයටම ඇයි මේ සැප ලැබෙන්නෙ.
සමහර පුද්ගලයෝ ඉන්නවා අකුසල්ම කරනවා. පංච දුශ්චරිතයේම යෙදනවා. නමුත් මේ පුද්ගලයින් ඉදහිට හෝ පිනක් කරනවා. තමාගේ නම රැක ගැනීමේ අදහසින් හෝ තමාගේ ආයතනයේ නම පැතිරීමේ අදහසින් හෝ මේ අය පිං කරනවා. අපි හිතමු මේ පුද්ගලයාගේ ජීවිතෙන් 90% ක්ම තිබෙන්නේ පවුකම් කියලා. එනම් සම්පූර්ණයෙන්ම පවෙන් පිරුණු පවු කාරයෙක් කීවොත් නිවැරදියි. නමුත් පුංචි පිනකුත් ජීවිතයේ කරගෙන තියනවා. අපි එය 10%. ලෙස සිතමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පව බලවත් කෙනා මිය ගියහොත් වැඩි වශයෙන් අවස්ථාව තියෙන්නේ සතර අපායේ ඉපදීමටයි. බොහෝවිට අකුසල් බලවත් කෙනා ඇදී යන්නේ මහා නිරයටයි.
එවැනි පුද්ගලයෙක් නිරයේ ඉපදුනහොත් අකුසල් විපාක ගෙවා අවසන් වන තෙක් නිරයෙන් නිරයට මාරුවෙමින් බොහෝ කාලයක් දුක් විඳ අකුසල් ගෙවී අවසන් වූ පසු ඔහුගේ අකුසල් වල ශක්තිය අවම වේ. එවිට ඉතිරිව තිබූ පිං වල බලය ඉස් මතු වීමට පටන් ගනී. නැවතත් ඔහු මනුශ්‍ය ජීවිතයක් ලැබුවහොත් ඔහුගේ ඉතිරි වූ පිං බලවත් වේ. එම පිං වල විපාක ලැබීමට පටං ගනී.එම පුද්ගලයා සමහර විට කෝටි පතියෙක් හෝ වෙනත් සැප ඇති තැනක ඉපදී අර පිං විපාක අවසන් වන තුරු සැපවත් ජීවිතයක් ගතකරයි. බොහෝ විට කිසිම බලවේගයකට ඔහුව පැරදවීමට නොහැකි වේ. එහෙම අය ඕනතරම් ලංකාවේද දැක ගත හැක. දුරාචාර මොනදේ කලත් ඔහුට කිසිම බලපෑමක් ඇති නොවේ. නමුත් ඔහු අකුසලයට බර නිසා නැවතත් සතර අපායට යෑමට හිත සකස් වේ.
ඔය වගේම කුසල් කරන අයට මේ සිද්ධියේ අනික් පැත්තට විපාක දීම සිදුවේ. දුප්පත් වී ඉපදුනත් ඔහුගේ හිත සුගතියටම පිහිටයි. බඩට කෑම නැතත් පංසලට දානය අරගෙන ගොස් පූජා කරයි. පවු කිරීමට ලැජ්ජා බය ඇතිවේ.
සිල් රකියි. ධාර්මික ජීවිතයක් ගත කරයි. නමුත් කරදර වලින් අඩුවක් නැත. කරන හැම වැඩේම අසාර්ථකවෙයි. ඒ වගේම ලෙඩ රෝග වලින් පවා පීඩා විදියි. අපි හිතමු මේ වගේ පුද්ගලයෙක් 90% ක් පමණ ජීවිතයේ පිං කුසල් කලා කියලා. 10% ක් පමණ ජීවිතයේ පවු රැස් කරගත්තා කියලා. නමුත් කල කුසල් බලවත් නිසා ඔහුගේ හිත නිතර සුගතියට නැඹුරුවේ. මරණින් මතු බොහෝ දුරට දිව්‍යලෝක වල ඉපදීමට ඉඩ කඩ ඇත. එලෙස කුසල් බලවත් නිසා කුසල් විපාක අවසන් වන තුරු සැප සම්පත් විඳ කුසල් බලය අවම වූ පසු ඔහුගේ අකුසල් බලවත් වීමට පටං ගනී. නැවත මනුශ්‍ය ජීවිතයක් ලැබුව හොත් කරදර වලට මුහුණ පෑමට සිදුවේ. ඒ අකුසල් වල බලවත් කම නිසයි.
මේ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට පහත දේශනාව සියල්ලෝම අසත්වා!!
👉 https://youtu.be/kd3KM1MIqcY

ලිපිය සකස් කලේ,
දුෂ්‍යන්ත බණ්ඩාර