New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Oq49y2
🌷💛 අපේ බුදුහාමුදුරුවෝ 65 🧡🌷

පියදස්සි බුදුහාමුදුරුවෝ 05

🌼 ප්‍රථම සන්නිපාතය

පියදස්සී බුදුහාමුදුරුවෝ දෝනමුඛ හස්ති රාජයා දමනය කරපු වෙලාවේ අසූ කෙළක් මිනිස්සුන්ට ධර්මාවබෝධ වුණා කියලා මීට ඉහත කීවා. ඒ සියලුම දෙනා ඊට පස්සේ මහණ වෙලා රහත් වුණා. පියදස්සී බුදුහාමුදුරුවෝ ඉන්පසු දිගටම ධර්ම චාරිකාවේ යෙදුනේ ඒ අසූ අසූකෙළක් වූ මහරහතන් වහන්සේලා සමග. ඒ අතරතුර තවත් විශේෂ සිද්ධියක් වුණා. සුමංගල නුවර පාලි නම් රජතුමාගේ රාජ පුත්‍රයා ද එම රජතුමාගේම පුරෝහිතයා ගේ පුත්‍රයාද හොඳම යාලුවො. ඒ අයත් පියදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ දී තම නුවරට වැඩි බව අසා කෙළ ලක්ෂයක් පිරිවර සමඟ පෙර ගමන්කර උන්වහන්සේලා හමුවට පැමිනුනා. ඉන් පසුව ඔවුන් පියදස්සී බුදුරජාණන් වහන්සේගෙන් දින හතක් පුරා ම බණ අහන්නට වුනේ සංසාර පුරුද්දටම වෙන්න ඇති. බණ අසා ඉමහත් ශ්‍රද්ධාවට පත් ඔවුන් බුදුරජාණන් වහන්සේ ඇතුළු කෝටි ගණනක් වූ මහරහතන් වහන්සේලාට විශාල දානයක් පිරිනැමුවා. දානයෙන් පස්සේ ඒ කෙළ ලක්ෂයක් වූ රාජ කුමාරවරු ඇතුළු පිරිස මහණ වී අර්හත්වයට පැමිනුනා . ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස සහ උන්වහන්සේ හා වැඩි රහතුන් වහන්සේලා පිරිස පිරිවරා පාමොක් දේශනා කළා. එය පියදස්සී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සන්නිපාතය නමින් හඳුන්වනවා.

🌼 දෙවන සන්නිපාතය
ඊට පසු කාලෙක සුදස්සන දේවරාජ සභාවේ අනු කෙළක් රහත් වුනා . එදා භාග්‍යවතුන් වහන්සේ උන් වහන්සේලා පිරිවරාගෙන පාමොක් දේශනා කළා. එය දෙවැනි සන්නිපාතය වුනා .

🌼 තෙවන සන්නිපාතය
නැවත මීට ඉහත සදහන් කල දෝණමුඛ හස්ති දමනයෙන් පසු බණ අසා රහත් වූ අසූකෙළක් මහ රහතන් වහන්සේලා පිරිවරා ඔවුන් මැද පාමොක් දේශනා කළා . එය උන්වහන්සේගේ උන් වහන්සේගේ තෙවන සන්නිපාතයද වුණා.

🌼 අප මහා බෝසතාණෝ තෙළෙස්වන නියත විවරණ ලැබීම.

ඒ කාලෙ අප මහා බෝසතානෝ ත්‍රිවේදයෙහි කෙල පැමිණුනි බමුණු තරුණයෙක්ව වාසය කළා . ඒ වගේම ඔහු මහා ධනවතෙක් . ඔහු ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බණ අසා තිසරණයේ පිහිටියා . ඉන් අනතුරුව කෝටි ගණනක් වූ රහතන් වහන්සේලාට කෙළ ලක්ෂයක් පරිත්‍යාගයෙන් පරම රමණීය සංඝාරාමයක් කරවා පූජා කරනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහු මතු ගෞතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා .

නැවතත් දෙවියන්ගේ සාදු කාර හඬ සහ අත්පොළසන් හඬ සක්වළ පුරා පතුරුනා. අප මහා බෝසතාණෝ තවත් බුදුවරයෙකු දැක නිවන අතහැර ඔබ සහ අප වෙනුවෙන් මේ රුදුරු සසරේම නැවතුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
08-09-2019