New at Little Bit


from Path to Nirvana https://ift.tt/36j0fMP
පින්වත් කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ගැන ලෝකයා නොදත් තතු මා දැනගත්තේ මේ ලිපිය මා උන්වහන්සේ අභියස දින 10 ක නේවාසික භාවනාවකට උපාසක කුටියේ නතර වූ දින කිහිපය තුළදී ය…

උන්වහන්සේ අභියසට එවකට මා මුහුණු පොතේ හිතමිතුරු රංඟ දේශප්‍රිය Ranga Deshapriya මල්ලි සමඟ කුටි දෙකක දේවාලේගම එවකට ස්වාමීන්වහන්සේ පහන් කණුව අරණ්‍යයේ වැඩවාසය කරන කාලයේ දී භාවනාවට නතර වීමු. මා එම කුටිය තුළට වී හොඳින් භාවනා කළෙමි. නමුත් තුන්වැනි සිව් වැනි දින එක ම එක වැටහෙන දේ එපා වී, ස්වාමීන්වහන්සේ සහ කමටහන ද එපා වී පසු දා මා උදේ කමටහන් වේලාවේ ස්වාමීන්වහන්සේ මුණගැසීමට ගියේ ආපසු ගෙදර යාමේ අදහසිනි.

නමුත්..
උන්වහන්සේ වැඩසිටින කන්ද මුදුණට මා නැග එන පෙරමඟ පිණ්ඩපාතෙ වැඩම කළ හිමි උන්වහන්සේගේ දානය ගෙන එළිමහනේ මා එනතුරු වැඩසිටියාක් මෙනි සිනහ මුහුණින් සිටි සේක. එන්න එන්න මහත්තයා. ඊයෙ රෑ මොකද වුණේ කියා සිනාවෙන් මදෙස බලා උන්වහන්සේ ම නැවත මට කියා සිටිනවා ඔතන දී තමයි ගුරුවරයා යෝගාවචරයා ගැන සැලකිලිමත් වෙන්න ඕනැ තැන. යෝගාවචරයාට භාවනාව එපා වෙලා ගුරුවරයත් එපා වෙලා ⁣ගෙදර යන්න යනව. නමුත් යෝගාවචරයා දන්නවා ගෙදර ගියත් සංසාරෙන් ගැලවෙන එකට උත්තරයක් නෑ කියල. ඉතිං උන්වහන්සේ තුන් පාරක් ම ඒක කියන කොට තේරුම් ගියා මගෙ හිතේ ඊයෙ රෑ වෙච්ච චිත්ත පෙරලිය. මේ හාමුදුරුවෝ දන්නෙ නෑ මෙතනින් එහා. මෙතන ඉඳල වැඩක් නෑ. භාවනාවෙ දි දකින්නෙ එක ම දේ මේකමයි කියල. ඉතිං උන්වහන්සේට හංගන්න බෑ මගෙ හිත කියල මට තේරුණ නිසා සමාවෙන්න ස්වාමීන්වහන්ස, මට වුණේ ඔය ටික තමයි. මට එපා වෙලා මේ කියල යන්නයි ඔබවහන්සේට ආවෙ මම කීවා.

උන්වහන්සේගෙ කුඩා කාමරයට නැගිට ගිය උන්වහන්සේ අතින් ම ලියූ කුඩා කොළ කැබැල්ලක් ගෙන මහත්තයා ඊයෙ රෑ ඔය සිදුවිම වෙද් දී මම මේක ලිව්වෙ. නිබ්බිදාව අවස්ථාව. මහත්තයා මෙන්න මෙතනයි දැන් ඉන්නෙ. ඒ නිසා ඔතන දී දක්ෂ ගුරුවරයා තමන්ගෙ යෝගාවචරයා ගැන අවධානයෙන් ඉන්න ඕනැ තැනක්. භාවනාවත් එපා වෙලා සළුව ගසා දාල යන වෙලාව මේක. ඉන් අනතුරුව මට සතුටක් ආවේ මේ දක්වා කළ දියුණුවක් බව පෙන්වූ නිසාවෙනි. ඉන්අනතුරුව උන්වහන්සේගෙන් අලුත්කමටහනක් ලබාදෙන මෙන් ඉල්ලීමි. ඔය එපා වෙච්ච එක ම කරන්න. ඒ එපා වීමට හේතුව හම්බ වෙයි මහත්තයා. උන්වහන්සේ දුන්න උපදේශය කනගාටුවෙන් පිළිගෙන ගෙදර යාමේ අදහස පසෙකලා නැවත කුටියට වී තව දින දෙකක් භාවනා කළෙමි. දෙවැනි දිනයේ පාන්දර සිට භාවනාවේ දී ශරීරයට පුදුම ප්‍රීති සුවයක් ගෙන දුන් අතර, හිත ද විසිරෙනු වෙනුවට අරමුණු ද පැමිණ යයි. උදෑසන දානයෙන් පසුව නැවත කමටහන් දීමට යන පෙරවරු 10.30 අතර කාලයේ දී වේගයෙන් එන යන අරමුණු ද දැන් නැත. ඒවා ද ප්‍රකට වීම අල්ප ය. සිත ප්‍රභාශ්වර තත්ත්වය නිසා ගත හරි ම සැහැල්ලු ය.

උන්වහන්සේ අභියසට ගොස් මේ බව කියන්න උන්වහන්සේ ඉදිරිපිට බිම පැදුර හෙලා වාඩි වෙන කොට ම ස්වාමීන්වහන්සේ පවසනවා, මහත්තයා සමහර රටවල පැයට සැතපුම් 300 වේගයෙන් යන සැප පහසු කෝච්චි තියෙනවා. ඒ කෝච්චියක යනව වගේ නේද මහත්තයත් දැන්. නෙළුම්කොළයට වතුර වැටෙනවා. රැඳෙන්නෙ නෑ නෙ. දැන් ඒ කෝච්චියෙ යන කොට වාඩි වෙලා හරි ම සැප පහසුයි. ඒ වගේ මහත්තයගෙ ශරීරයත් දැනෙන්නෙ නෑ. නිකම් පුළුන් උඩ වාගෙ. අර කෝච්චිවල යද්දි වේගය නිසා ගෙවල් දොරවල්, ගහකොළ හඳුනන්නෙ නෑ. මොනව ද පහු වෙනව. මහත්තයට ඒව බලන්න වුවමනාත් නෑ. ඒවායෙ රැඳෙන්නෙත් නෑ. කියල මෙන්න මෙතනයි කියල මට අවබෝධ වෙච්ච වෙලාවෙලු සංඛාර උපේක්ඛා ඤාණය යටින් නිල් පෑනෙන් ලකුණු ක⁣ළේ කී උන්වහන්සේ මේ කොළය මා අතට පත් කළා. ඊළඟට ඕක ම දිගට කරන්න උත්සාහයෙන්. හැබැයි ජීවිත බිය නිසා ගොඩ දෙනෙක් මෙතනින් පැන්නෙ නෑ. මහත්තයත් උත්සාහ කරල බලන්න කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ මට උපදෙස් දුන්නත් මට එහි සිටි සත්ත්ව විශේෂයක් (හොහපුටු) නිසා මුළු ශරීරය ම කසන්නට වීම හේතුවෙන් නව වැනි දින උන්වහන්සේට වැඳ එන මොහොතේ උන්වහන්සේ මට කීවේ මහත්තයට පුළුවන් කර ගන්න. ඉඩ තියෙන වෙලාවක ආයෙ මෙහෙ එන්න යන්න යි. උන්වහන්සේගේ මූලික ම කමටහන වචනය “සුවපත් වෙත්වා” විදර්ශනාවෙන් දියුණු වෙදිදී ඒ වචනය සුවපත් වා කියල කරන්න.

අන්තිමට වා වා කිව්වත් කමක් නෑ. ඒ අකුරත් ඊට පස්සෙ අත්හැරෙයි. මට එදා දුන්න උපදෙස. නිවන් දුටු, පිරිනිවන් පා වදාළ හිමිට නැවත නිවන් දකිත්වා යි කීමට මා අඥාන වන්ත නොවෙමි. කළයුතු අප්‍රමාදව උන්වහන්සේගේ දහම මේ ඉන්ටනෙට් එකෙන් හරි අසා සසරින් මිදීමට යුහුසුළු වීමයි. මේ මඟ යන හිමි වරු තව නම් එක්කෙනයි මට හමු වුණේ. ඒ නිසා සම්බුද්ධ ශාසනයේ තත්ත්වය මේකයි. ආයෙ මේ රෑ යන අන්තිම බස් එකයි. යුහුසුළු වන්න.

උපුටා ගැනීම :- Vijitha panagoda

පිංවත් ඔබත් අප්‍රමාදි ව මේ සද්ධර්මයෙන් සැනසෙන්න

අතිපූජනීය කටුකුරුන්⁣දේ ඥානානන්ද මහා ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏