New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bWnobU
මෛත්‍රී භාවනාව..

අහං අ‍වේරෝ හෝමී – මම වෛර නැත්තෙක් වෙම්වා !
අබ්‍යාපජ්ජෝ හෝමී – තරහ නැත්තෙක් වෙම්වා !
අනීඝෝ හෝමී – ඉරිසියා නැත්තෙක් වෙම්වා !
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා !

අහං විය මය්හං – මා මෙන්ම මාගේ
ආචරි උප්ජ්ඣායා ‍- ආචාර්ය උපාධ්‍යායෝ ද
මාතා පිතරෝ – මව් පියවරුද
හිත සත්තා – හිතවත් සත්වයෝ ද
මජ්ඣත්තික සත්තා – ‍මධ්‍යස්ථ සත්වයෝ ද
වෙරී සත්තා – වෛරී සත්වයෝ ද
අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා !
අබ්‍යාපජ්ජා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා !
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා !
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා !
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත මිදෙත්වා !
යථාලද්ධ සම්පත්තිතෝ – ලද සම්පතින්
මා විගච්ඡන්තු – නො පිරිහෙත්වා !
කම්මස්සකා – කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය.

ඉමස්මිං විහාරේ – ‍මේ විහාරයේ සිටින
ඉමස්මිං ගෝචරගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින
ඉමස්මිං නගරේ – මේ නගරයෙහි සිටින
ඉමස්මිං ලංකාදීපේ – ‍ මේ ලක්දිවෙහි සිටින
ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිවෙහි සිටින
ඉමස්මිං චක්කවාලේ – මේ සක්වලෙහි සිටින
ඉස්සර ජනා – ඉසුරුමත් ජනතාව ද
සීමට්ඨක දේවතා – සීමාවෙහි සිටින දෙවියෝ ද
සබ්බේ සත්තා – සියලු සත්වයෝ ද
අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා !
අබ්‍යාපජ්ජා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා !
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා !
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා !
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත මිදෙත්වා !
යථාලද්ධ සම්පත්තියෝ – ලද සම්පතින්
මා විගච්ඡන්තු – නො පිරිහෙත්වා !
කම්මස්සකා – කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිසාවෙහි සිටින
දක්ඛිණාය දිසාය – දකුණු දිසාවෙහි සිටින
පච්ඡිමාය දිසාය – බටහිර දිසාවෙහි සිටින
උත්තරාය දිසාය – උතුරු දිසාවෙහි සිටින
පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිසාවෙහි සිටින
දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිසාවෙහි සිටින
පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිසාවෙහි සිටින
උත්තරාය අනුදිසාය – උතුරු අනුදිසාවෙහි සිටින
හෙට්ඨිමාය දිසාය – යට දිසාවෙහි සිටින
උපරිමාය දිසාය – උඩ දිසාවෙහි සිටින
සබ්බේ සත්තා – සියලු සත්වයෝ ද
සබ්බේ පාණා – සියලු ප්‍රාණීහු ද
සබ්බේ භූතා – හටගත් සියලු සත්වයෝ ද
සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ ද
සබ්බේ අත්තභාව පරියාපන්නා – ආත්මභාව පරියන කරන සියලු සත්වයෝ ද
සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීහු ද
සබ්බේ පුරියා – සියලු පුරුෂයෝ ද
සබ්බේ අරියා – සියලු ආර්යයෝ ද
සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ ද
සබ්බේ දේවා – සියලු දෙවියෝ ද
සබ්බේ මනුස්සා – සියලු මනුස්සයෝ ද
සබ්බේ අමනුස්සා – සියලු අමනුස්සයෝ ද
සබ්බේ විනිපාතිකා – සියලු විනිපාතිකයෝ ද (විනිපාතික අපායික සත්වයන්)

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා !
අබ්‍යාපප්ජා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා !
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා !
සුඛී අත්තානං පරිහරන්තු- සුවසේ ජීවත් වෙත්වා !
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත මිදෙත්වා !
යථාලද්ධ සම්පත්තියෝ – ලද සම්පතින්
මා විගච්ඡන්තු – නො පිරිහෙත්වා !
කම්මස්සකා – කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය.

සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු…..(සියලු සත්වයෝ සුවපත් වෙත්වා !)
සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු…..(සියලු සත්වයෝ සුවපත් වෙත්වා !)
සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු…..(සියලු සත්වයෝ සුවපත් වෙත්වා !)