Monthly Archives: December 2015

New photo from Facebook December 15, 2015 at 09:10AM

ස්ත්‍රීන්ට ස්ත්‍රීභාවයෙන් මිදීම සඳහා පතිවත රැකීම හා බ්‍රහ්මචරියාව යන ක්‍රියාකාරකම් (ශිලයන්) ඉවහල් වනු ඇත.
බ්‍රහ්මචරියාව යනු සියලු ලිංගික කටයුතු වලින් බැහැරව ඒ පිළිබඳ සිතේ ඇල්ම ද අඩු කරගෙන ජීවිතය ගත කිරීමයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 12, 2015 at 09:16AM

බුදු දහමේ අතිශෝක්තිය කොහෙත්ම නැහැ. මේ සසරෙහි අත්පා කැපීමෙන් ගලාගිය රුධිරය…
මේ දුඛිත චක්‍රයෙන් ගැලවෙන්නට එකම පිළිසරණ ධර්මය පමණයි. අදම එක්වන්න -> http://sudassana.org via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 11, 2015 at 12:00PM

මෙත්තානිසංස සූත්‍රය

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.

2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?

3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.

4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.

5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

▬▬▬▬▬▬▬▬▬▬▬

මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය

එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.

කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.

භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.

මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.

මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.

මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.

අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.

ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.

ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.

ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.

යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.

කවර එකොළොසක්ද යත්?

1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.

▬▬▬▬▬▬▬▬▬▬▬ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 11, 2015 at 09:07AM

සසරෙහි බියකරු බව නිතරම මට සිහිවේවා..
ප්‍රමාදී බව කුසීත බව ටික ටික අඩුවේවා…
බුදුන්ගේ දහම් පණිවිඩය මට සිහිවේවා…
අජරාමර නිවනම මට වැටහේවා… via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 10, 2015 at 12:00PM

සිඟාලෝවාද සූත්‍රය -> http://ift.tt/1NdatAx

“ගෘහපති පුත්‍රය, නැගෙනහිර දිසාවවූ මව්පියෝ පුත්‍රයා විසින් කරුණු පසකින් උපස්ථාන කටයුතු වෙත්. මව්පියන් විසින් පොෂණය කරන ලද මම ඒ මව්පියන් පොෂ්‍ය කරන්නෙමි, ඒ මව්පියන්ගේ කටයුතු කරන්නෙමි. කුල පරම්පරාව පිහිටුවන්නෙමි. දායාදය පිළිපදිමි. (මව්පියන් සතු වස්තුව රැකගනිමි) තවද මිය පරලොව ගිය මව්පියන්ට දක්ෂිණාව දෙන්නෙමි. (පින් අනුමෝදන් කරවන්නෙමි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරනලද නැගෙනහිර දිසාවවූ මව්පියෝ දරුවන්ට කරුණු පසකින් අනුකම්පා කරත්. පවින් වළක්වත්. යහපතෙහි යොදවත්. සිල්ප ශාස්ත්‍රය උගන්වත්, සුදුසුවූ භාර්‍ය්‍යාවක් හා යොදවත්. සුදුසු කාලයෙහි දායාදය (මව්පියන් සතු වස්තුව) පාවා දෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරනලද නැගෙනහිර දිසාවවූ මව්පියෝ මේ කරුණු පසින් පුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ ඒ පුත්‍රයා විසින් මේ නැගෙනහිර දිසාව වසන (රකින) ලද්දී නිර්භය වූවා වන්නීය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 10, 2015 at 09:10AM

බලය ගැන වදාළ දෙසුම -> http://ift.tt/1NWv1k1

මහණෙනි, මේ (ලෝකයෙහි) බල අටෙක් වෙත්. කවර අටෙක්ද යත්? මහණෙනි, ළදරුවෝ හැඬීම බලයකොට වසන්නාහ. ස්ත්‍රීවරු ක්‍රෝධය බලයකොට වසන්නාහ. සොරු ආවුධ බලයකොට වසන්නාහ. රජවරු ඓශ්චර්‍ය්‍යය බලයකොට වසන්නාහ. අඥානයෝ උසස්ව ඝෝෂා කොට අවඥා කිරීම බලයකොට වසන්නාහ. පණ්ඩිතයෝ ඉවසීම හෝ යුතු අයුතු පරීක්‍ෂණය බලයකොට වසන්නාහ. ධර්ම ශාස්ත්‍රයන් උගත්තාහු (ඒ අනුව) නුවණින් මෙනෙහි කිරීම බලයකොට වසන්නාහ. නික්ලේශී උත්තමයෝද, පැවිදි උතුමෝද, ඉවසීම බලයකොට වසන්නාහ. මහණෙනි, මේ අට බල (ධර්ම) යෝ වෙත්. via Facebook Pages http://ift.tt/1GMS4Lf