Monthly Archives: April 2016

New photo from Facebook April 13, 2016 at 12:00PM

එක් කාලයක දිසාපාමොක් ඇඳුරුතුමෙක් මතක බතක් දෙන්නෙමි යැ යි එළුවෙකු මැරීමට සුදානම් වී, අත වැසියා හට එළුවා නහවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොට ගෙන එන ලෙස දැන්වී ය. එළුවා නහවා තැබූ විට එළුවාට පෙර ඉපිද සිටි ආකාරය බැලිය හැකි ජාතිස්මරණ ඥාණයක් පහළ විය. පසුව එළුවා එකවර ම සිනාසී නැවත ඇඬු හ. මෙය දුටු ශිෂ්‍යයාට එළුවා හා කථා කිරීමට දත් බැවින් ඔහු මෙය එළුවාගෙන් ඇසූ කල ආචාරීන් වහන්සේ ඉදිරිපිට සියල්ල පැවසී ය. තමා පෙර මෙසේ ම දිශාවන්ට ප‍්‍රධාන ගුරු උතුමෙක්ව සිටිය දී මතක බතක් දීමට එක් එළුවෙකු මරා එකක් අඩු පන්සිය වතාවක් ආත්ම වල දී හිස සිඳලීමට ලක් වූ බව ද, මෙය අවසන් වාරය බව දැක සිනාසුන බව ද පැවසූ හ. අඬන්න හේතුව නම් දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳීමට සිදු වූ ලෙස බමුණාට ද සිදුවන බව කල්පනාවට ආ හේතූවෙනි. පසුව ඇඳුරුතුමා එළුවා නො මැරුවේ නමුදු හෙණ පහරක් ගල් තලාවකට වැදී ගල් පතුරක් ගැල වී විත් එළුවා ගේ බෙල්ලේ වැදී හිස වෙන්ව එළුවා මැරුණු බව දැක්වේ. එබැවින් සත්ව ඝාතනයෙන් වැළකෙත්වා.

(ජාතක අට්ඨකාථාවේ මතක ගත්ත ජාතකය 149 පිට)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

පෙර ලිපි : http://goo.gl/GSpvB9

#PathtoNirvana #Karma #Buddhism via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 13, 2016 at 09:49AM

සියලු ලංකා වාසීන්ට, ලෝභ ද්වේශ මෝහ තුනී වන, සිහිය හා ප්‍රඥාව දියුණු වන, පිනෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා.

නව වසරේ මුලටම මේ දිවියෙදීම නිවනට මග කියන ධර්ම දේශනයකට සවන් දෙන්න http://sudassana.org via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 10, 2016 at 12:00PM

පතිවත රැකීමේ ආනිසංසයෙන් දෙව් සැප ලත් දිව්යාංගනාව

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි්්රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්රතා ධර්මය ආරක්ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්රයෝජන ගැනීමට තරම් සුපරීක්ෂාකාරී වූවා ය. රත්නත්රය කෙරෙහි ශ්රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.

ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.

මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්රත්යක්ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්ය ස්ත්රීන්, විසිතුරු දිව්ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය. ඔබගේ විධානය පක්ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්යකර්මයක් නිසාද?

ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්ෂා කළ පතිව්රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්රතාව ආරක්ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.

එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.

ආදරණිය දියණිවරුනි ,මව්වරුනි ඔබත් සිතා බලන්න .පතිව්රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය.

තෙරුවන් සරණයි
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න.

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය ) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 10, 2016 at 09:00AM

ඔබ භාවනාවට කැමතිද?
පහත සදහන් ලිපිනයන්හි අැති භාවනා මධ්‍යස්ථාන වෙත ගොස් භාවනාව වැඩසටහන් වලට සහබාගි ඒ පළිබද මනා අවබෝධයක් ලබා ගෙන භාවනාව ඔබගේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් කර ගන්න උත්සහවත් වන්න. තෙරුවන් සරණයි!!

* කදුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
Address:
Kanduboda Siyane International
Insight Meditation Center,
Kanduboda,
Delgoda,
Sri Lanka.
Tel :
+94 11 240 2306
+94 11 493 1808
Email:
siyanevipassana@yahoo.com

* මිතිරිගල නිස්සරණ වනය
Meetirigala Nissarana Vanaya
Meetirigala – 11742
Sri Lanka
Telephone : (+94) 33 333 9193, (+94) 33 333 9193,
(+94) 77 722 2338
Mobile: (+94) 77 722 6211, (+94) 77 722 3468
Email : nissaranavanaya@gmail.com

* ගල්දූව ආරණ්‍ය සේනාසනය (ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය)
ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, (ගල්දූව ආරණ්‍ය සේනාසනය),
ගල්දූව,කහව
දුරකථන අංකය : 912256013

* රත්මල්කන්ද භාවනා මධ්‍යස්ථානය
RATHMALKANDA HERMITAGE,
Meditation Centre
Kithal Ella, Ella. SRI LANKA.
Tel: 0094-572050234
Mobile: +94773681065
E-mail: madawala8@gmail.com
madawala8@gmail.com

* සුමතිපාල නා හිමි සෙනසුන් අරණ භාවනා මධ්‍යස්ථානය
Sumantiphāla Nahimi Senasun Arana,.
Heelbatgala Rd, Kanduboda, Delgoda, Sri Lanka
Tel: +9411-2402805, +94113058486.
E-mail: senasunarana@gmail.com
http://ift.tt/1URDnfi

* නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය
Centre Address:
Nilambe Buddhist Meditation Centre
Nilambe
Sri Lanka
Email: info@nilambe.net

* දෙවනපෑතිස් භාවනා මධ්‍යස්ථානය
Devenapathis Samatha Vipassana Meditation Centre,
Pallekelle,
Kundasale
Telephone number (033-948-) 12420050
alternately if you so desire, you may contact me
charlesperera@hotmail.com
or
perera.charles@gmail.com

* ඉසිපතන අාරණ්‍යය භාවනා මධ්‍යස්ථානය
Isipathana Aranya Senasana
Wembilywattha Paranapattiy,
kandy.
(+94) 81 3998657

Isipathana Aranya Senasana
Dharmaraja Avenue,
Kandy.
(+94) 81 4993329
(+94) 77 6530056 / (+94) 77 4306437

Isipathana Aranya Senasana
Nariyamulla halpe,
Merigama.
(+94) 77 0402902

Isipathana Aranya Senasana
Siripagama paragala,
Kuruwita.
(+94) 71 2142662

Isipathana Aranya Senasana
Dimalla road,
Gunadaha galagedara.
(+94) 71 8283317

Isipathana Aranya Senasana
Pannipitiya pelenwatta,
Piliyandala.
(+94) 81 3847889

Isipathana Aranya Senasana
School road,
Ketawala leula.
(+94) 72 6659501

Ketawala Isipathana Meheni Aramaya
Ketawala. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 09, 2016 at 12:00PM

බුද්ධං ජිවිත පර්යන්තං – සරණං ගච්ඡාමි
යේච බුද්ධා අතීතාච – යේච බුද්ධා අනාගතා
පච්චුප්පන්නාචයේ බුද්ධා – අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං – බුද්ධො මේ සණං වරං.
ඒතේන සච්ච වජ්ජේන – හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං – පාදපංසුවරුත්තමං
බුද්ධියෝ ඛලිතෝදෝසො – බුද්ධෝ ඛමතුතං මමං

(මම) ජිවිතාන්ත ය දක්වා ඒ බුඳුන් සරණ යමි. පසු කාලවල බුදුව වැඩසිටි , මතුකාලවල බුදු බව ලබන, මේ කාලයේ බුදු බව ලැබු සියලු බුදු වරුන් මම හැම කල්හි වදිමි.
මට බුදුන් හැර වෙන පිහිටක් නැත. බුදුන් වහන්සේ මාගේ උතුම්ම පිහිටය. මේ සත්‍ය වචනය බලයෙන් මට ජය මංගල්‍යයක් වේවා!
ඒ බුදුන් වහන්සේ ගේ උතුම් පා දුහුවිල්ලද , පය තිබු තැන වු පසද, හිස නමා වදිමි.
බුදුන් වහන්සේ ට මගෙන් සිදු වු යම් වරදක් වේ නම් උන් වහන්සේ මට සමාව දෙන සේක්වා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 08, 2016 at 12:00PM

බුදුදහමෙහි ‘සාමුක්කංසික දේශනා’ නමින් හැඳින්වෙන චතුරාර්ය සත්‍යයට ඇතුළත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කෙරෙන්නේ ජාති, ජරා, ව්‍යාධි,මරණ ආදි විවිධ දුක්වලට සත්ත්වයා ගොදුරු වන්නේ කුමක් හේතු කොටගෙනද යන්නයි. බුදුදහම අනුව දුක නැවැත ඇතිවන්නේ කිසි හේතුවක් නැතිව ඉබේම නොවේ. එම දුක කිසියම් සර්ව බලධාරි දෙවි කෙනෙකු විසින් ඇති කරනු ලබන්නක්ද නොවේ. දුක වශයෙන් හැඳීන්වෙන උපාදානස්කන්ධ තුළම දුක ඇතිවීමේ සැබෑ හේතුවද ඇතුළත්ව තිබේ. එය හැඳින්වෙන්නේ ‘තණ්හා’ නමින්ය. කඳින් පැළවෙන ගසක මුලට හානියක් වී නැත්නම් එම ගස කපා දැමුවත් නැවැත ලියලයි. එමෙන්ම තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි’ බුදුරාජණන් වහන්සේ දේශනා කර ඇත.

ශරීරය අබල දුබල වීම අතපය වාරු නැති වීම, ගිලන්වීම ආදි දුක් කරදරවලට අප භාජනය වන්නේ ජාතිය හෙවත් ඉපදීම නිසාය. නැවැත නැවැත ඉපදීමක් නැත්නම් නැවත නැවැත ජරා මරණ ආදි දුක්වලට පත් නොවේ. නැවැත නැවැත උපදින්නේ තණ්හාව නිසාය. එබැවින් එය පෝනෝභවික තණ්හා නමින් දැක්වෙයි. පුනර්භවයට හෙවත් සසර නැවැත නැවත ඉපදීම සිදුවීමට මූලික වන බැවින්ද මෙලොවදීම විවිධ දුක් කරදර හිරිහැරවලට හේතුවන බැවින්ද තණ්හාව දුක් ඉපදවීමේ සැබෑ හේතුව ලෙස බුදුදහමෙහි ඉගැන්වේ.

පුද්ගලයා තුළ විවිධ ස්වරූපයෙන් තණ්හාව ඇති වෙයි.රූපාදිය ඇසුරෙන් ඇස ආදි ඉඳුරන් පිනවීමේ ආශාව වශයෙන් පහළවීම එක් ස්වරූපකි. රූප ශබ්ද ආදියට කාමවස්තුයැයි කියනු ලැබේ. කාමය නම් රාගය හෙවත් ඇලීමයි. ඒ ඇලීම වන්නේ රූප ශබ්ද ආදි අරමුණුවල නිසාය. ඒවා කාම වස්තු ලෙස හැඳින්වෙන්නේ ඇසට හමුවන රූප පදනම් කරගෙන ලැබෙන ආශ්වාදය නිසා අපි ඒවාට ආශා කරමු. නැවැත නැවැත එබඳු රූප දැකීමට, ලබා ගැනීමට කැමැති වෙමු. එය රූප තණ්හාවයි. කනට ඇසෙන ශබ්දවලින් ලැබෙන සතුට නිසා යළි යළිත් එබඳු ශබ්ද ඇසීමට ආශා කරමු. එය ශබ්ද තණ්හාවයි .එසේම නාසයට ගන්ධයත්, දිවට රසයත් ශරීරයට ස්පර්ශයත් ලැබෙන විට දැනෙන ආස්වාදය නිසා ඒවා නැවැත නැවැතත් ලබා ගැනීමට ආශාව ඇතිවේ. ඒවා පිළිවෙළින් හැඳින්වෙන්නේ ගන්ධ, තණ්හා රස තණ්හා සහ පොට්ඨබ්බ තණ්හා කියායි. ඇස කන ආදි ඉන්ද්‍රියයන්ට ගොදුරු නොවන සිතට පමණක් ගොදුරු වන අරමුණු ධම්ම නමින් හැඳින්වෙයි. අප පිළිගත් යම් යම් දෘෂ්ටි ආදියද ඊට ඇතුළත් වෙයි. ඒවාට ආශා කිරීම ධම්ම තණ්හාවයි. රූප ශබ්ද ආදි සියලු අරමුණුවලින් ලැබෙන ආස්වාදය නිසා ඒවා යළි යළිත් ලබා ගැනීමට ආශාව ඇතිවෙයි. එසේ ඒ කැමැති අරමුණු ලබා ගැනීමට ඇති අශාව හෙවත් කාමයට ඇති ආශාව කාම තණ්හාවයි.

කාමයන්ගෙන් තෘප්තිය මෙලොව ජීවත්වන කාලය තුළ පමණක් නොව භවගාමීව නැවැත නැවැත ඉපදෙමින් සදාකාලිකව ලැබීමට ආශාව ඇති වෙයි. එය තණ්හාව පහළවීමේ තවත් ස්වරූපයකි. එසේ පහළවන තණ්හාව හඳුන්වා තිබෙන්නේ භව තණ්හා යනුවෙන්ය. ශාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූ තෘෂ්ණාව ලෙස හැඳින්වෙන්නේ මෙම භව තණ්හාවයි.

පරලොවක් පිළිබඳ විශ්වාස නොකරන නැවැත නැවැත ඉපදෙමින් මැරෙමින් ඇදී යන සාංසාරික ජීවිතයක් ඇතැයි නොපිළිගන්නා අය තුළ වෙනත් ස්වරූපයකට තණ්හාව ඇති වෙයි. එවැන්නන්ගේ පිළිගැනීම මෙම ජීවිතය මරණයෙන් කෙළවර වූ පසු නැවැත ඉපදීමක් නැති බවයි. එම නිසා ඔවුන්ට ආශාව ඇතිවන්නේ මරණය පැමිණෙන තුරු හැකිතාක් කාම වස්තුන්ගෙන් ආස්වාදය ලබා ගැනීමටයි. ඉන්ද්‍රියයන් පිනවීමටයි. නැවැත භවයක් පිළිබඳ බලාපොරෙත්තු නොතබා මේ ජීවිතයේ වඩ වඩා කම්සැප සෙවීමට ඇති එම ආශාව හැදින්වෙන්නේ විභව තණ්හා නමිනි. උච්ඡෙද දෘෂ්ටියෙන් මිශ්‍ර වූ තණ්හාව ලෙසද මෙය හැඳීන්වේ.

ඉහත සඳහන් කාම, භව, විභව යන තුන් වැදෑරුම් තෘෂ්ණාවම ඇතිවන්නේ රූප ආදී කාම වස්තුන්ගෙන් ලැබෙන ආස්වාදය පදනම් කරගෙනය. නැවැත ඉපදීම ගැන හෝ නවැත නො ඉපදීම ගැන හෝ නොසිතා රූපවලින් ලැබෙන ආස්වාදයට යළි යළිත් ආශා කිරීම රූපය පිළිබඳ කාම තණ්හාවයි. රූපයෙන් ලැබෙන ආස්වාදය නැවැත නැවැත ඉපදෙමින් ලැබීමට ඇතිවන ආශාව රූපය පිළිබඳ භව තණ්හාවයි. නැවැත උපතක් නැත. එබැවින් මැරෙන තුරු රූපවලින් ආස්වාදය ලැබිය යුතුයයි ඇති වන ආශාව රූපය පිළිබඳ විභව තණ්හාවයි. මේ ආකාරයටම ශබ්දය රසය ආදි කාම වස්තුන් පිළිබඳවද, තණ්හාව ඇති වෙයි. තෘෂ්ණාව විවිධ ස්වරූපයෙන් හට ගන්නා ආකාරය මේ අනුව තේරුම් ගත හැකිය.

කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදයට ඇති කැමැත්ත නිසා ඒවා තමා සතු කර ගැනීමට පුද්ගලයා උත්සාහ කරයි. ආස්වාදය නොලැබෙන දේ බැහැර කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා හොඳ දේ මෙන්ම නරක දේ ද කරයි. ආස්වාදය ලබාදෙන අරමුණු ලබා ගැනීමට හා රැක ගැනීමට බාධක පැමිණෙන විට නරක දේ කිරීමට යොමුවෙයි. එයින් පව් රැස් කර ගනී. යහපත් දෙයක් පවා කරන්නේ වඩ වඩා කාමාස්වාදය ලැබීමේ ආශාවෙන් නම් එබඳු අයට සසරින් මිඳීමක් නැත. තෘෂ්ණාව නැවැත නැවැත දුක උපදවන හේතුව ලෙස දැක්වෙන්නේ එබැවිනි.

තණ්හාව නිසා වර්තමාන ජීවිත කාලය තුළදීම අපි විවිධ දුක් කරදර හිරිහැරවලට භාජන වෙමු. අප දැඩි ලෙස ඇලුම් කරන දෙයක් හදිසියේ විනාශ වුවහොත් හෝ පැහැර ගනු ලැබුවහොත් හෝ අපි බලවත් දුකට කම්පාවට පත්වෙමු. එහි පි‍්‍රය විප්‍රයෝග දුක මෙන්ම සෝක දුකද ඇතුළත් වෙයි.

විනාශ වූ හෝ පැහැරගනු ලැබූ හෝ වස්තුව කෙරෙහි කිසිම බැඳීමක් නොවූ තැනැත්තෙකුට එම වස්තු විනාශය නිසා කිසිදු දුකක් වේදනාවක් ඇති නොවෙයි. එකම වස්තුව විනාශ වු විට අයකුට දුකක් ඇතිවීමටත් අයකුට දුකක් නැති වීමටත් හේතු වූයේ කුමක්ද? පළමු තැනැත්තා තුළ අදාළ වස්තුව කෙරෙහි ආසාවක් පැවැතිණි. ඒ නිසා ඔහුට දුකක් වේදනාවක් ඇතිවිණි. එම වස්තුව පිළිබඳ ආශාවක් නොවුණු නිසා දෙවැන්නාට දුකක් වේදනාවක් ඇති නොවිණි. තෘෂ්ණාව නිසා පුද්ගලයා දුක්වලට ගොදුරුවන ආකාරය එයින් පැහැදිලි කරගත හැකිය. මේ ජීවිත කාලය තුළදිත් සාංසාරිකවත් අප දුකට භාජනය වන්නේ තණ්හාව නිසා නම් දුකින් මිඳීම සඳහා අප කළ යුතු වන්නේ තෘෂ්ණාව අනුක්‍රමයෙන් තුනීකර සම්පූර්ණයෙන් ප්‍රහීණ කරන වැඩ පිළිවෙළකට ධෛර්යයෙන් සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව බැස ගැනීමයි. තණ්හාව පහාතබ්බ ධර්මතාවක් ලෙස දැක්වෙන්නේ එබැවිනි.

තෙරුවන් සරණයි!

ගන්තුනේ අස්සජි හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය : Path to Nirvana via Facebook Pages http://ift.tt/1GMS4Lf