Monthly Archives: July 2016

New photo from Facebook July 12, 2016 at 09:00PM

ඤාය යනු නිවනට නමෙකි. නිවන පිණිස නිවනට අනුව ඒකාන්තයෙන් නිවනට පමුණුවන අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඤායපටිපන්න නම් වෙති.

ලෝකයෙහි ඇති සෑම දෙයක්ම උපදවා ගැනීමට ලබා ගැනිමට කළ යුතු ඒ ඒ දෙය ලැබීමට නිසි, වෙන් වෙන් වූ වැඩ ඇත්තේ ය. වැලි මිරිකා තෙල් ලැබිය නො හෙන්නාක් මෙන් යම් කිසිවක් ලැබීමට අනිසි දෙයක් කිරිමෙන් ඒ දෙය නො ලැබිය හැකිය. කිනම් දෙයක් හෝ කිරිමෙන් කිනම් ප්‍රතිපත්තියක් හෝ පිරීමෙන් නිවන් නො ලැබිය හැකිය. නිවන් ලැබීමට නිවන් ලබා දෙන එයට නිසි ප්‍රතිපත්තියක් ඇත්තේ ය. එය පිරිමෙන් මිස අන් ක්‍රමයකින් නිවන් නො ලැබිය හැකිය.

කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානූයෝගය නිවන් ලැබීමට නිසි ප්‍රතිපත්ති නො වන බැවින් නිවන් නො ලැබිය හැකිය. නිවන් ලැබිමට නිසි නිවන් ලැබිමේ ප්‍රතිපත්තිය තේරුම් ගත හැකි වීමට නිවන හා සංසාරප්‍රවෘත්තියේ හේතු ද සාමාන්‍යයෙන් දත යුතුය. සත්ත්වයා මරණින් කෙළවර වන්නේ නො වේ. මැරෙන සත්ත්වයන් අන් තැනක උපදී. එතැන ද මැරී අන් තැනක උපදී. එතැන ද මැරී තවත් තැනක අපදී. මෙසේ නැවත නැවත ඉපදීම මැරීම් වශයෙන් ස්කන්ධ පරම්පරාව පැවැත්ම මහත් වූ දුඃඛයෙකි. “නිවනය”යි කියනුයේ දුඃඛස්කන්ධයක් වන ඒ ස්කන්ධය පරම්පරාවේ නැවැත්මය, නිවීමය. සන්සිඳීමය. ඒ සන්සිඳීම වූ නිවන ලැබිය හැක්කේ එයට පැමිණිය හැක්කේ, යම් හේතුවකින් ස්කන්ධය පරම්පරාව නො සිඳ දිගින් දිගට යේ ද ඒ හේතුව නැති කිරිමෙනි. ස්කන්ධපරම්පරාවේ නො සිඳී පැවැත්මට හේතුව සත්කායදෘෂ්ටිය-අවිද්‍යාව-තෘෂ්ණාව යන මොවුන්ගේ පැවැත්මය. ඒ ධර්ම පවත්නා තුරු සංසාරප්‍රවෘත්තිය නො නවති. යම් ප්‍රතිපත්තියකින් ඒ ධර්මයන් ප්‍රහාණය කළ හැකි වේ නම් ඒ ප්‍රතිපත්තිය නිවන් ලැබිමේ මාර්ගය ය. ඒ ප්‍රතිපත්තිය නම් අධිශීල – අධීචිත්ත – අධිප්‍රඥා යන ශික්ෂාත්‍රය ය. තවත් ක්‍රමයකින් කියත හොත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් ලැබිම සඳහා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට දක්වා ඇත්තේ ඒ ප්‍රතිපත්තිය ය. ඒ ප්‍රතිපත්තිය ඒකාන්තයෙන් නිවනට පමුණුවන නිවනට ගැලපෙන ප්‍රතිපත්තියක් වන බැවින් සක්දෙව්රජු විසින් ද මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ය.

‘සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා, සංසන්දති නිබ්බානං චෙව පටිපදා ච, සෙය්‍යථාපි නාම ගංගොදකං යමුනොදකෙන සංසන්දති, සමෙති. එවමෙව සුපඤ්ඤත්තා තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනීපටිපදා සංසන්දති, නිබ්බානං පටිපදා ච”
(මහාගොවින්ද සුත්‍රය)

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය දක්වන ලද්දේ ය. යම් සේ ගංගෝදකය යමුනෝදනය හා සැසඳෙන්නේ ද, එමෙන් නිර්වාණය හා ප්‍රතිපත්තිය සැසඳෙන්නේ ය” යනු එහි අදහස ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සෙගේ ශ්‍රාවකයෝ ඒ අනුකූල ප්‍රතිපත්තිය පුරා නිවන් ලබන්නාහ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/3Z3uWk

#Buddhism #PathToNirvana via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 11, 2016 at 09:00PM

කාමසුඛල්ලිකානු යෝගය අත්තකිලමථානු යෝගය යන වැරදි මාර්ග දෙක නො ගෙන කෙලින්ම නිවනට වැටෙන අෂ්ඨාංගිකමාර්ග සංඛ්‍යාත සෘජුමාර්ගයෙහි පිළිපන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ උජුපටින්න නම් වෙති. නිවනට වැටෙන ඍජුමාර්ගය ගෙන පිළිපැදීම උජුපටිපන්න ගුණය ය.

“ද්වේ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතේන න සෙවිතබ්බා, යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනන්ථසංහිතො”

යනුවෙන් කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගය යන අත්ත, පැවිද්දන් විසින් නො ගත යුතුය’යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. එබැවින් තථාගත ශ්‍රාවකයෝ ඒ ලාමක අන්ත දෙක ලාමක මාර්ග දෙක නො ගනිති. බුදුරදුන් ලොව පහළ වී දහම් දෙසීමට පෙර ලෝකයෙහි මිනිසුන් විසින් ගෙන සිටියේ ඒ මාර්ග දෙකය. බොහෝ දෙනෙකුන් ගෙන සිටියේ කාමසුඛල්ලිකානුයෝගය යි. කාමසුඛල්ලිකානුයෝගයෙහි ලාමක බව දැනගත් ටික දෙනෙක් ගතයුතු නියම මඟ නො දත් බැවින් අත්තකිලමථානුයෝගය ගෙන එයට බැස සිටියේ ය.

කාමසුඛල්ලිකානු යෝගය යනු “ජිවිතයෙහි පරමාර්ථය පස්කම් සැප විඳීමය’යි සිතා අධර්මයෙන් වුව ද ධනය උපයා හැකිතාක් පස්කම් සැප විඳීමය. ප්‍රාණවාධාදි නොයෙක් පව්කම් කරමින් එසේ කාමයන්හි ඇලි ගැලී සිට බොහෝ සත්වයෝ මරණින් මතු අපාගත වන්නාහ.

අත්තකිලමථානු යෝගය යනු පරණපව් ගෙවීමටය කියා නොයෙක් උපක්‍රමයෙන් ශරීරයට දුක්දීමය. එය නිඝණ්ඨප්‍රතිපත්තිය ය. ඔවුහු “සත්ත්වයනට යම් සැපක් හෝ දුකක් වේ නම් ඒ සියල්ල සිදුවන්නේ අතීත කර්මයෙනැයි වරදවා තේරුම් ගෙන කයට දුක් දී අතීත අකුශල කර්මවලට විපාක විඳ අවසන් කොට අලූත් අකුසලද නො කර සිටියහොත් දුකින් මිදිය හැකිය’ යි සිතා අතීත පව් ගෙවාලීම පිණිස අව්වෙහි සිටිම, මධ්‍යාහ්නයෙහි සතරදිගින් ගිනි ගොඩවල් ගසා මැදට වී සිටිම, ශීත කාලයෙහි එළිමහණෙහි විසිම, දියට බැසීම, වැස්සට තෙමීම, ඇණ මත හිඳීම, වැතිර සිටිම යනාදිය කරති. ඒ අත්තකිලමථානුයෝගය ය. ශරීරයට පීඩාකර ගැනීමෙන් අතීත අකුසල් නැති නොකළ හැකිය. ශරීරයට කොතෙක් දුක් දුන්න ද සත්ත්වයන් අපායෙහි උපදවන අකුශලය, එය කළ පුද්ගලයා අපායෙහි උපදවන්නේ ම ය. පව් යටපත් කළ හැක්කේ ද නැසිය හැක්කේ ද කුශලයෙනි. ලෞකික කුසලයෙන් පව් යටපත් කල හැකිය. පස් පනස් වසක් මිනිසුන් මැරූ චෝරඝාතකයාහට තව්තිසා දෙව්ලොව ඉපිද හැකි වූයේ ද, පනස් වසක් මසුන් මැරූ දමිලදෝවාරිකයාට දෙව්ලොව ඉපදිය හැකි වූයේ ද කුශලයෙන් අකුශලය යටපත් කිරිමෙනි. සෝවාන් මාර්ගය නමැති ලෝකෝත්තර කුශලයෙන් මතු අපායට පැමිණවිය හැකි අකුශලකර්ම සියල්ල ම නැසේ. අතීතයෙහි කළ කොතෙක් අකුශලකර්ම ඇත ද ඒවා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා අපායට යැවීමට සමත් නොවේ. කයට දුක් දීමෙන් දුකින් මිදිය හැකිය යනු මිත්‍යාදෘෂ්ටියකි. මිත්‍යාදෘෂ්ටිය අපායෝත්පත්තියට හේතුවකි.
“එතෙ තෙ භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.”

යනුවෙන් දැක්වෙන ඒ ලාමක අන්ත දෙකට නො බැස තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ප්‍රඥාචක්ෂුස ඇති කරන්නා වූ කෙලෙස් සන්සිඳවන්නා වූ චතුස්සත්‍යාවබෝධයට හේතුවන නිවන් ලැබිමට හේතුවන මජ්ක්‍ධිම පටිපදා නම් වූ ප්‍රතිපත්ති ක්‍රමයක් ඇත්තේය. එය නිවනට පමුණුවන ඍජුමාර්ගය ය. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒ ඍජුමාර්ගය ගෙන පිළිපදින්නෝ ය. ඒ ඍජුමාර්ගය නම්:-

“කතමා ච සා හික්ඛවෙ, මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඬිගිකො මග්ගො, සෙය්‍යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි”

යනුවෙන් දක්වා වදාරා ඇති අෂ්ටාංගිකමාර්ගය ය.

“කින්නු ඛො හො ගොතම, සො කෙරෙති සො පටිසංවෙදියතීති? සො කරොති සො පටිසංවෙදියතීති ඛො බ්‍රාහ්මණ අයමෙකො අන්තො, කිම්පන භො ගොතම අඤ්ඤා කරොති අඤ්ඤා පටිසංවෙදියතීති? අඤ්ඤා කරොති අඤ්ඤා පටිසංවෙදියතීති ඛො බ්‍රාහ්මණ අයං දුතියො අන්තො.
එතෙ තෙ බ්‍රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති, අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චාය ඵස්සො, ඵස්ස පච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භව පච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙස විරාගනිරොධා සංඛාර නිරොධො, සංඛාරනිරොධා විඤ්ඤාණ නිරොධො, විඤ්ඤාණ නිරොධො නාමරූපතිනිරොධො, නාමරූප නිරොධා සළායතන නිරොධො, සළායතන නිරෝධො ඵස්ස නිරොධා වේදනා නිරොධා, වේදනා නිරෝධා තණ්හා නිරෝධා, තණ්හා නිරෝධා උපදාන නිරොදා, උපාදාන නිරොධා භව නිරොධා, භව නිරොධා ජාති නිරොධා, ජාති නිරොධා ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ක්‍ධන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී තී”
(සංයුත්ත නිකාය)

මේ සුත්‍රයේ වදාරා ඇති පරිදි ද අන්ත දෙකක් ඇත්තේ ය. පින්පව් කරන්නා ම ඒවායේ විපාක විඳිය යන ශාශ්වතදෘස්ටිය එක් අන්තයෙකි. අනිකෙක් පින්පව් කෙරේය, අනිකෙක් ඒවායේ විපාක විඳීය යන උච්ජේද දෘෂ්ටිය එක් අන්තයෙකි. ලෝකයෙහි වෙසෙන සාමාන්‍ය ජනයා මේ අන්ත දෙකින් එක් අන්තයක් ගෙන සිටිති. ඒ අන්ත දෙකම වැරදි බැවින් ඉන් කිනම් අන්තයක් හෝ ගෙන සිටින්නහුට දුකින් නොමිදිය හැකිය. නිවන් නො ලැබිය හැකිය. “පින්පව් කරන්නේ ම ඒවායේ විපාක විඳීය” යන ශාශ්වත දෘෂ්ටිය නිවනට පැමිණිමට මිස ස්වර්ගසම්පත්තිය ලැබිමට බාධාවක් නොවේ. ඒ දෘෂ්ටියෙහි පිහිටා පින් කොට දෙව්මිනිස් සැප ලැබිය හැකිය. තථාගතයන් වහන්සේ ඒ අන්ත දෙකටම නො පැමිණ අවිද්‍යාදී හේතුන් නිසා සංස්කාරාදී ඵල ධර්ම ඇති වීමෙන් ස්කන්ධපරම්පාව නො සීඳ පවත්නා සැටිත්, අවිද්‍යා දීන්නේ නිරෝධයෙන් ස්කන්ධපරම්පරාවේ නිරෝධය වන බවත්, සත්වයනට දුකින් මිදීමට ඇත්තා වූ එකම මාර්ගය අවිද්‍යාදීන්ගේ නිරෝධය පිණිස පිළිපැදීම බවත් දැන වදාරා එය පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසූ සේක. ඒ ධර්මමාර්ගය ඒ ප්‍රතිපත්තික්‍රමය නිවනට පැමිණෙන සෘජු මාර්ගය ය. ඒ මාර්ගය ගෙන පිළිපදින බැවින් ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති.
තවද කායවංක – වචීවංක – මනෝවංකයන් ප්‍රහාණය කිරිම සඳහා පිළිපන් බැවින් ද ශ්‍රාවකසංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති. කායවංශ නම් කායදුෂ්චරිතයෝය. වචීවංක නම් වාක්දුෂ්චරිතයෝ ය. මනෝවංක නම් මනෝදුශ්චරිතයෝය. තථාගතයන් වහන්සේ කායවංකාදිය ප්‍රහාණය සඳහා ශ්‍රාවකයනට දහම් දෙසති.

බෝසතානන් වහන්සේ අතීතයේ රියකරුවකු වී පචේත නම් රජකුට රිය සක් දෙකක් තැනුහ. ඉන් එක් රෝදයක් තැනුයේ සදිනකින් අඩු සමසකිනි, එක් රෝදයක් තැනුයේ සදිනකිනි. සමාන්‍ය පෙනීමට ඒ රෝද දෙක බලා වෙනසක් නො දැක, “මේ රෝද දෙක්හි ඇති වෙනස කිම දැ’යි බෝසතාණන්ගෙන් ඇසීය. එකල්හි බෝසතාණෝ සදිනකින් තැනු රෝදය ගෙන වේගයේ බිම පෙරළා යැවුහ. එය වේගය ඇතිතාක් ඉදිරියට ගොස් වේගය සන්සිදීමෙන් පසු බිම අද වැටිණී. ඉක්බිති සමසකින් කල රෝදය පෙරළා යැවුහ. එය වේගය ඇතිතාක් ඉදිරියට ගොස් එසේ ම නැවතිණ. බිම ඇඳ නොවැටිණ. එසේ විමට හේතුව රජු විමසූ කල්හි සදිනකින් කළ රෝදයෙහි නොයෙක් තැන් වල ඇද ඇති බැවින් එය ඇද වැටුණ බවත් සමසකින් කළ රෝදයෙහි දොස් නැති බැවින් නො වැටී සිටි බවත් බෝසතාණෝ පැවසුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ගෙන හැර දක්වා ශ්‍රාවකයනට මෙසේ අනුශාසනය කළ සේක.

“එතරහි ඛො පනාහං භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො කුසලො කායවංකානං කායදොසානං කායකසාවානං, කුසලො විචීවංකානං වචීදොසානං වචිකසාවානං, කුසලො මනොවංකානං මනොදොසානං මනොකසාවානං, යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකො අප්පභීනො කායදොසො කායකසාවො, වචීවංකො අප්පහීනො වචීදොසො වචීකසාවො, මනොවංකො අප්පහීනො මනො දොසො මනොකසාවො, එවං පපතිතා තෙ භික්ඛවෙ, ඉමස්මා ධම්මවිනයා, සෙය්‍යථාපි තං චක්කං ඡහි දිවසෙහි නිට්ඨිතං, යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකො පහීනො කායදොසො කායකසාවො, වචීවංකො පහීනො මනොදෙසො මනොකසාවො, එවං පතිට්ඨිතා තෙ භික්ඛවෙ ඉමස්මින් ධම්මවිනයෙ, සෙය්‍යථාපි තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං ඡාහි මාසෙහි නිට්ඨිතං ඡාරන්තුනෙහි, තස්මා තිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං, කායවංකං පජහිස්සාම කායදොසං කායකසාවං, වචීවංකං පජහිස්සාම වචීදොසං වචීකසාවං, මනොවංකං පජහිස්සාම මනොදොසං මනොකසාවන්ති, එවං භි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.”
(අංගුත්තරනිකාය 67)

තේරුම:-

මහණෙනි, දැන් මම අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. කායවංක කායදෝස කායකසාවයන් මැනවින් දන්නේ වෙමි. වචීවංක වචීදෝස වචීකසාවයන් මැනවින් දන්නේ වෙමි. මනොවංක මනෝදෝස මනෝකසාවයන් මැනවින් දන්නේ වෙමි. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ කායවංක කායදෝස කායකසාවයන් අප්‍රහීණ ද, වචීවංක වචීදෝස වචීකසාවයන් අප්‍රහීණ ද, මනෝවංක මනෝදෝස මනෝකසාවයන් අප්‍රහිණ ද, මහණෙනි, ඔවුහු සදිනකින් කළ රියසක ඇද වැටුණාක් මෙන් මේ ධර්ම විනයෙහි වැටුණාහූ වෙති. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ කායවංක කායදෝස කායකසාවයන් ප්‍රහීණ ද, වචීවංක වචිදෝස වචිකසාවයන් ප්‍රහීණ ද , මනොවංක මනෝදෝස මනෝකසාවයන් ප්‍රහීණ ද, ඔවුහු සදිනකින් අඩු සමසකින් කළ රියසක මෙන් මේ ධර්ම විනයෙහි පිහිටියාහු වෙති. මහණෙනි, එබැවින් තොප විසින් මෙසේ හික්මිය යුතුය. කායවංක කායදෝස කායකසාවයන් දුරු කරන්නෙමුය. වචීවංක වචීදෝස වචීකසාවයන් දුරු කරන්නෙමු ය. මනෝවංක මනෝදෝස මනෝකසාවයන් දුරු කරන්නෙමු ය කියා මෙසේ තොප විසින් හික්මිය යුතුය.

තථාගතය් වහන්සේගේ ශ්‍රාවකයන් පුරන අධිශීල අධිචිත්ත අධිප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය කායවංකාදින් දුරු කොට කාය වාචා චිත්තයන් පිරිසිදු කරන ඍජු කරන ප්‍රතිපත්තියකි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/3Z3uWk

#Buddhism #PathToNirvana via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 11, 2016 at 12:00PM

කිංදද සූත්‍රය -> http://ift.tt/1JWBS6i

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

’’කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක්
දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 10, 2016 at 12:00PM

ගහක් මහපොළොවේ සාරය උරාගෙන වැඩිලා, පස්සේ දිරලා පොළොවටම එකතුවෙනවා වගේ, මේ ශරීරයත් ආහාරයේ සාරයෙන් වැඩිලා පසුව ස්වාභාවිකවම දිරලා යන එකක්.
එහෙව් මේ ශරීරය ‘මම’ කියලා ආත්ම වශයෙන් සළකන එක විශාල මෝඩකමක්. ඒ මෝඩකම නිසාමයි දුක ඇවිල්ලා තියෙන්නේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 09, 2016 at 12:00PM

පව යනු දුකට නමකි.
පින යනු සැපයට නමකි.

සුළු වූ හෝ පාපයක් නොකරන මට්ටමට සිත සකස් කර ගැනීමට නිතරම කුසල මනසිකාරයන් පවත්වන්න. ඔබ කුසල සිතිවිලිම බෙහෙවින් භාවිතා කරයි නම් පව් සිදු නොකර සිටීම ඉතා පහසු ලෙස හැඟෙනු ඇත. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 08, 2016 at 12:00PM

දැක සංවේගය උපදවා ගත යුතු ස්ථාන වලින් එකක්.
තුන් ලෝකයේ අති ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේද ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මතාවයට ගොදුරු වුයේ අද දකින්නට නොලැබේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 08, 2016 at 08:57AM

අසත්පුරුෂ ගති ඇති, පංච දුශ්චරිතයේ යෙදෙන, අධාර්මික පුද්ගලයින් පාලකයින් ලෙස පත්කර ගැනීමෙන් වළකිමු.
සත්පුරුෂ ගති ඇති, පංච සුචරිතයේ යෙදෙන, ධාර්මික පුද්ගලයින් පාලකයින් ලෙස පත් වීමෙන්ම රට වැසියෝ ප්‍රීතියෙන් කල් ගෙවති. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 07, 2016 at 06:00PM

මරණයෙන් පසුවට ගෙනයා හැකි දේ එකතු කිරීමට අප්‍රමාදී වෙමු.
මරණය කොයි මොහොතේ එයි දැයි කිව නොහැක.
තරුණ වියේදීම ධර්මයට යොමු වෙමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 06, 2016 at 12:00PM

අපිත් මානය සම්පුර්ණයෙන්ම දුරලා තුන් සිතින්ම බුදුන් සරණ යමු – බුද්ධං සරණං ගච්ඡාමි.
බුදුරජාණන් වහන්සේගේ පිහිට එකම පිහිට කරගෙන වාසය කරමු. එනම් බුද්ධ වචනයට අනුව අපගේ ජීවිතය හැඩ ගසා ගනිමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf