Monthly Archives: August 2018

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2MsMNAL
සක්මන් භාවනාවේ මූලික කරුණු

භාවනාව සම්බන්ධයෙන් බොහෝ දෙනකු සිතා සිටින්නේ එය හිඳගෙන ම කළ යුත්තක් වශයෙනි. එහෙත් සැබැවින් ම භාවනාව හිඳගැනීම, සිටගෙන සිටීම, ඇවිදීම, සයනය යන සිව් ඉරියවුවෙන් ම කළ හැක්කකි. මේ සිව් ඉරියවු අතරින් ඇවිදිමින් කරන භාවනාව හෙවත් සක්මන් භාවනාව සුවිශේෂ භාවනාවකි. මෙය අප විසින් පුරුදු පුහුණු කරගන්නට ම වටී.

අප ඇතැම් විට කුමන හෝ භාවනා අරමුණක් ගෙන හිඳගෙන භාවනා කරන්නට සූදානම් වූ ඇතැම් විටක එය සාර්ථක වේ; ඇතැම් විටක එය අසාර්ථක වේ. හිඳගෙන සිටිමින් සිත සමාධිගත කරගැනුමට, විදර්ශනා නුවණ පවත්වාගැනීමට කොතරම් උත්සාහ කළ ද එය අසාර්ථක වන අවස්ථා ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථාවකදී තමන් ඒ හිඳගෙන සිටිනා ඉරියවුව වෙනස් කොට නැඟී සිට, අවම වශයෙන් විනාඩි පහළොවක් හෝ තිහක් වත් සක්මන් කිරීම ඉතා වටී. විශේෂයෙන් මේ වන විට කම්මැළිකම, සිතේ විසිරීම පවතී නම් එම නීවරණ දුරු කරගැනීමට හොඳ ම ක්‍රමයකි මේ සක්මන් භාවනාව.

සක්මන් භාවනාව ශ්‍රේෂ්ඨ භාවනා ක්‍රමයක් වශයෙන් හඳුනාගත හැකි ය. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා පවා සිය ජීවිත කාලය පුරා මෙම භාවනාව සිදු කොට ඇත. විශේෂයෙන් ඵල සමවත්වලට හා ධ්‍යාන සුවයන්ට සමවැදී ඉන් නැගී සිටි ඒ උතුමන් විසින් මෙම භාවනාව සිදු කොට ඇත. අප විසින් මෙතරම් වර්ණනයට ලක් කරනු ලබන මෙම භාවනාව සෝවාන් වීමට උත්සාහ කරන පුද්ගලයාගේ පටන් අර්හත්වයට පත් වූ උතුමා දක්වා සෑම කෙනකු විසින් ම පුරුදු පුහුණු කළ යුතු සහ කරන සුවිශේෂ භාවනාවකි.

සමථ හා විදර්ශනා යන දෙවිධියට ම පුහුණු කරගත හැකි මෙම භාවනාව මුලින් ම සිතේ එකඟ බවක් අපේක්‍ෂා කරන්නවුන් විසින් පුරුදු කරගත යුත්තේ සමථ ක්‍රමයක් වශයෙනි; එනම්; සක්මන් භාවනාවෙන් සිතේ එකඟ බවක් හෙවත් සමාධියක් ඇති වන ආකාරයට ය. සිතේ එකඟ බවක් ලැබූ, දියුණු වූ භාවනා ඥානයක් ඇති අයට විදර්ශනා වශයෙන් මේ භාවනාව වැඩිය හැකි ය. ඒ අතර ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයෙන් හෙවත් ධර්ම කරුණු නුවණින් මෙනෙහි කරමින් විදර්ශනා කිරීම එක් ක්‍රමයකි.

අනිත්‍ය බවට, දුක් බවට මේ ආකාරයට විදසුන් නුවණට අදාළ ධර්ම අරමුණක් මෙනෙහි කරමින් ඒ භාවනාව වැඩිය හැකි ය. තව ද වෙනත් විදර්ශනා මෙනෙහි කිරීමක් කරමින් හෝ නාමරූපපරිච්ඡේදඤාණය, පච්චයපරිග්ගණ ඤාණය, උදයව්‍යය ඤාණය, භඞ්ග ඤාණය, ආදීනව ඤාණය, භයතුපට්ඨාන ඤාණය යනුවෙන් දැක්වෙන විදර්ශනා ඤාණ රාශියෙන් කුමන හෝ ඤාණයකට සිත මෙහෙයවමින් මෙම සක්මන කළ හැකි ය.

අප දන්නා තරමින් තායිලන්තය වැනි රටවල ද ලංකාවේ ද බොහෝ භාවනානුයෝගී හිමිවරුන් විසින් සම්භාවිත හා සංවර්ණිත භාවනා ක්‍රමයක් වශයෙන් මෙම භාවනා ක්‍රමය එදා සේ ම අදටත් හඳුන්වා දිය හැකි ය.

මෙම භාවනා ක්‍රමය ඉක්මන් සමාධියකට හේතු වන බැවින් හිඳගෙන භාවනා කිරීමට ප්‍රථමයෙන් ම වුව යම් කාල සීමාවක් සක්මනට යොදාගැනීමට පුරුදු-පුහුණු විය යුතු ය. බොහෝ දෙනකු විසින් මෙම භාවනා ක්‍රමය වැඩි අවධානයකට ලක් කොට නොමැති බැවින් පැයක භාවනාවක් නම් එම සම්පූර්ණ පැය ම හිඳගෙන සිටීමට ම බොහෝ දෙන යොමු වෙති. උදේ වරුවේදී භාවනාවට වෙන් කරගත් කාලය පැය නම් විනාඩි පහළොවක් පමණ සක්මන් කොට ඉතිරි විනාඩි හතළිස්පහක කාලය හිඳගෙන භාවනා කළ හැකි ය. මෙහිදී වැදගත් වන්නේ භාවනාවට ගන්නා ඉරියවුව නො ව, භාවනාව වැඩීම කුමන ආකාරයකින් හෝ ඉක්මන් කරගැනීම හා හොඳින් කරගැනීම යි.

සක්මන් භාවනාව කරන ක්‍රම රාශියක් ඇත. ඒ අතරින් ඉතා සරල හා ප්‍රාථමික ක්‍රමයක් වශයෙන් “බුද්ධෝ”, “බුද්ධෝ” යනුවෙන් මෙනෙහි කරමින් පය එසැවීම හා තැබීම පෙන්වා දිය හැකි ය. මේ “බුද්ධෝ”, “බුද්ධෝ” යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කිරීමත් දෙවිධියකට කළ හැකි ය. ඉන් සරල ක්‍රමය වන්නේ පය ඔසවන විට හා තබන විට “බුද්ධෝ”, “බුද්ධෝ” යනුවෙන් එම වචනය පමණක් එහි අර්ථ කිසිවක් සිහි නොකරමින් මෙනෙහි කිරීම යි. මෙලෙස සක්මනෙහි යෙදෙන විට “බුද්ධෝ” යන වචනයෙහි සිත එකඟ වෙයි; තැන්පත් වෙයි. දෙවන ක්‍රමය නම් එම වචනය අර්ථ සහිත ව, අර්ථත් සිහියට නංවමින් ම මෙනෙහි කිරීම යි. තමාට වැටහෙන, තමා දන්නා අර්ථයක් සිහිපත් කරමින් මෙය කළ හැකි ය.

බුද්ධෝ යන වචනයට නොයෙක් අර්ථ ඇත. ඉන් එකක් නම් බුදු රජාණන් වහන්සේ මේ තුන් ලෝක ධාතුව ම ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් අවබෝධ කළ නිසා බුද්ධ වන බව යි. එහිදී බුදු රජාණන් වහන්සේ ස්කන්ධ වශයෙන් හෙවත් රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන පඤ්චස්ඛන්ධ වශයෙන් ලෝකය අවබෝධ කරගත්තේ කෙසේ ද? රූපය යනු කුමක් ද? වේදනාව යනු කුමක් ද? මෙය අවබෝධ කරගන්නේ කෙසේ ද? මෙලෙසින් මේ බුද්ධෝ යන බුදු ගුණ මනසිකාරය ගැඹුරින් කළ හැකි ය.

පඤ්චස්ඛන්ධ වශයෙන් පමණක් නො ව, ධාතු ආයතන වශයෙන් ද අවබෝධය ඇති වන ආකාරය සක්මනෙහිදී ම දැකගත හැකි ය. සක්මන් කරන විට ශබ්දයක් ඇසෙයි. ඒ ශබ්දය හඳුනාගත් විට මේ සංඥා ස්කන්ධය බව වටහාගනියි. ඒ පිළිබඳ වන චේතනා සම්බන්ධයෙන් මේ සඞ්ඛාර ස්කන්ධය බව වටහාගනියි. තව ද තම ශරීරය රූපස්කන්ධය බව හා ඉහත දැක්වූ නාම ධර්ම නාම කොටසට අයත් බව වටහාගනියි. මෙලෙස ක්‍රමයෙන් සියල්ල ස්කන්ධවලට බෙදීමටත්, නාම- රූපවලට බෙදීමටත් පුරුදු පුහුණු වෙයි.

තව ද බුදු රජාණන් වහන්සේ ධාතු වශයෙන් ලෝකය අවබෝධ කරගත්තේ කෙසේ ද? යන්න මෙනෙහි කිරීමත් විශේෂ යි. මේ භාවනාවෙහි නිරත වූ සමහර අය අපට පවසා ඇති අන්දමට ධාතු වශයෙන් මෙනෙහි කරමින් පැය දෙක-තුනක් වුව ශාරීරික වේදනාවකින්, අපහසුතාවකින් තොර ව සක්මන් කළ හැකි ය. මේ ධාතු වශයෙන් බලමින් විනාඩි තිහ-හතළිහක් පමණ සක්මනෙහි නිරත වන විට බොහෝ දුරට සිත හොඳින් සමාධිගත වී ශරීරය නොදැනෙන මට්ටමට පත් වෙයි. ඉන් පසු ව පැය ගණනක් වුව මෙම භාවනාව කරන බොහෝ දෙනෙක් අද වන විට සිටිති. මෙතෙක් කරුණු දැක්වූයේ “බුද්ධෝ” බුදු ගුණය මෙනෙහි කරමින් සක්මන් කිරීම සම්බන්ධයෙනි.

ඉහත දැක්වූ ක්‍රමයටත් වඩා සරල හා ප්‍රාථමික ක්‍රමයක් නම් පය ඔසවන විට “ඔසවනවා, ඔසවනවා” යනුවෙන් මෙනෙහි කිරීමත්, පය තබන විට “තබනවා, තබනවා” යනුවෙන් මෙනෙහි කිරීමත් ය. මෙසේ පියවර කිහිපයක් සිහියෙන් ගමන් කොට නැවත ආපස්සට හැරෙන විට “හැරෙනවා, හැරෙනවා” යනුවෙන් මෙනෙහි කරයි. එසේ හැරී නැවතත් ගමන් කරන විට “ඔසවනවා, ඔසවනවා” යන සිහියත්, “තබනවා, තබනවා” යන සිහියත් පවත්වයි. මෙලෙස කෙමෙන් කෙමෙන් සිත එක්තැන් වන විට මෙයට තවත් මනසිකාරයක් එක් කරගත හැකි ය. එනම් “ඔසවනවා”, “තබනවා” යන දෙකට මැද්දෙන් “පය ගෙනයනවා, ගෙන යනවා” යන මනසිකාරය යි. මෙලෙස සක්මනේදී ඇවිදීමේ ක්‍රියාවලිය පිළිබඳ ව හොඳ හැටි සිහිය පිහිටුවාගැනීමට පුරුදු-පුහුණු විය හැකි ය.

ඉහතින් දැක්වූ “බුද්ධෝ” යන මනසිකාරයත්, පය ගෙන යෑමේ ක්‍රියාවලිය පිළිබඳ මනසිකාරයත් යන දෙකට ම වඩා සරල ක්‍රමයක් නම් “වම, දකුණ, වම, දකුණ” යනුවෙන් මෙනෙහි කිරීම යි. මේ කුමන ක්‍රමයකින් වුව සක්මන් කිරීම සිහිය පිහිටුවාගැනීමට උපකාරී වේ; හේතු වේ. මෙතෙක් ඉදිරිපත් කළේ සක්මන් භාවනාව සම්බන්ධ සරල කරුණු කිහිපයකි.

Taken from Namaskaara magazine

Posted by jayantha colombage at 10:08 PM
https://ift.tt/2N8yygZ

from Path to Nirvana https://ift.tt/2nWPpZ5
මෙවැනි මදුරු දැල් වනාන්තරයේ වාසය කරන භික්ෂූන් වහන්සේලාට මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට ඉතා උපකාරී වේ.
අවශ්‍ය දේ සොයා බලා දන්දෙන්න

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2MBOhrD
පින්වතුනේ බුදු කෙනෙක් ගැන අල්පමාත්‍රයක් හරි සිතේ ප්‍රසාදයක් ඇති කර ගත්තොත් ඒක පුංචි දෙයක් නෙවෙයි එය අපේ ජීවිතයට ලොකු ජයග්‍රහණයක්. පින්වතුනි ඒකට තිරිසන් සතුන්ටත් කලාතුරකින් වාසනාව ලැබෙනවා. හැබැයි පුදුමයි සමහරු මිනිසුන් වෙලත් ඒ වාසනාව නෑ.ඉතින් බුදු රජාණන් වහන්සේ දැකලා සිතේ සතුටක් ඇති කර ගත් දියකාවෙක් ගැන කතාවක් තමයි දැන් කියලා දෙන්නේ.

පින්වතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප අනූදෙකකට කලින් ඒ කාලේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියා ” තිස්ස” නමින්. ඉතින් තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා දෙව් මිනිසුන් කෙළෙස් ගිනි නිවා ගත්තා. ගත වෙලා ගිය සුන්දර කාල පරිච්ඡේදයක්. ඒ තිස්ස නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු.

මේ කාලයේ දී පින්වතුනි එක්තරා විලක් තිබුණා හරිම ලස්සනයි නොයෙක් ජලජ පුෂ්පයන්ගෙන් පිරිලා තිබුණා ඒ වගේම ජලයේ ජීවත් වන නොයෙක් මසුන් ඇතුළු සතුන්ගේ හොඳ වාසස්ථානයක් වෙලා තිබුණා. ඒ වගේම ආහාර සොයා එන පක්ෂීන් ඇතුළු සතුන්ගේ ප්‍රියතම ස්ථානයක් වුණා. පින්වතුනි එක්තරා දවසක බුදු රජාණන් වහන්සේ මේ විල දෙසට අහසින් වඩිනවා විලේ හිටපු දියකාවෙක් දැක්කා. මේ දියකාවට හරි පුදුමයි.මීට කලින් අහසින් යන සතුන් ඕන තරම් දැකල තියෙනවා. නමුත් මේ තැනැත්තා එහෙම නෙවෙයි හරිම වෙනස් කලබලයෙන් අත් තටු සලමින් ඉගිලෙන කෙනෙක් නෙවෙයි. කුඩා ශරීරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. නපුරු පෙනුමක් ඇති කෙනෙකුත් නෙවෙයි. කාටවත් හිරිහැරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. හරිම ලස්සනයි බබලනවා.තමන්ට උදව් කරන්න එන කරුණාවන්ත කෙනෙක් විය යුතුයි කියලා මේ දියකාවට හිතුනා. ඉතින් පින්වත්නි හරිම ආශ්චර්යක් වෙන කවදාවත් නැති විදියට මේ සතාගේ සිත බුදු රජාණන් වහන්සේ නිසා ප්‍රීතියට පත් වෙලා. මේ දියකාවා පීනගෙන ගිහිල්ලා තමාගේ තුඩින් නෙලුම් මලක් කඩා ගෙන ගිහින් බුදු රජාණන් වහන්සේට යොමු කෙරුවා පූජා කෙරුවා. බලන්න පින්වතුනි බුද්ධ පූජාවක අසිරිය කෙතරම්ද? ඊටපස්සේ මේ දියකාවා මරණින් මත්තෙහි ඒ පිනෙන් දෙව්ලොව ඉපදුනා. ගෞතම බුද්ධ ශාසනය තෙක් අපායේ ගියේ නෑ. මෙයින් හැත්තෑතුන් වන කල්පයේ මනුස්ස ලෝකයේ සක්විති රජ වුණා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි” නළිනකෙසරිය” මහ රහතන්වහන්සේ. පින්වතුනේ උන්වහන්සේ තම අතීත සංසාරයේ කරපු පින්කම් පිළිබඳව විමසන විට තමයි මේ දියකාවෙක් වෙලා කරපු පින්කම දැක්කේ.ඉතින් පින්වතුනි අපි මෙහිදී කල්පනා කර බැලිය යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ නේද කියලා කියන්නට උපතින්ම අප ලද වාසනාව කෙතරම්ද? අනේ මේ පැහැදීම ස්ථීර කර ගන්නට ඇත්නම් ( සෝතාපන්න වීමට) කෙතරම් අගනේද? එයට අපිට ඇති බාධක මොනවාද? කියලයි. පින්වතුනි අනාගත ලොකය ධර්මයේ හැසිරෙන්නට සුදුසු තැනක් නොවේ.ඉතින් ඒ අනාගත බිය දැකලා අප්‍රමාදීව කුසල් වැඩීමයි කළ යුත්තේ. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි!