Monthly Archives: August 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HrXjnE
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 24 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 07

7.පරිණායක රත්නය,

හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’. මිට පෙර සඳහන් කල ගහපති රත්නය පහල වූවායින් පස්සේ සක්විති රජකෙනෙකුගේ සියලු කෘත්‍ය සම්පාදනය කිරීමේ සමර්ථ පරිනායක රත්නයක් පහළ වෙනවා. ඒ තමයි රජතුමාගේ වැඩිමහල් පුත්‍ර රත්නය. සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන බව සඳහන්. බොහෝ විට ධර්මයේ සඳහන් වන්නේ පරිණායක රත්නය වැඩිමහල් පුත්‍ර රත්නය බවයි. සක්විති රජතුමාගේ ඇවෑමෙන් ඊළඟ සක්විති රජකම හා රාජ්‍ය ලබා ගන්නේ මේ පරිණායක රත්නයයි.

ස්වභාවයෙන්ම ඔහු පඬිවරයෙක්. ව්‍යක්තයෙක්. නුවණැත්තෙක්. ඔහු රජතුමාට වෙහෙසෙන්නට දෙන්නේ නැහැ වගේම රජතුමාත් පෞද්ගලික අත්‍යාවශ්‍යතාවයන් සහ රාජ්‍යය පරිපාලනය සඳහා අවශ්‍යය සියලුම කටයුතු පවරන්නේ ඔහුට. රජතුමාගේ පින්වත්කම නිසාත් ඔහුගේ කර්මානුභාවයෙනුත් ඔහු ඉපදෙන්නේ අනුන්ගේ සිත් දැනගන්නා ඥාණය ද සමගින්. ඔහුට පුළුවන් යොදුන් දොළහක් ඇතුළත රජ පිරිසේ සිත් හැසිරෙන අකාරය ගැන දැන රජතුමාව දැනුවත් කරන්න. ඒ මගින් රජුට හිතවත් වගේම අහිතවත් අයවත් වෙන් කර හඳුනාගන්න සමත් වෙනවා.

මේ අයුරින් කිසිම මැති ඇමතියෙකුට පරිණායක රත්නයට හොරා සතරකන් මන්ත්‍රණයක් වත් කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසාම රාජ්‍යය ඉතාමත් දැහැමින් සෙමින් සමගි සම්පන්නව පාළනය වෙනවා. විජිතාවී සක්විති රජතුමා නොහොත් අපේ බෝසතාණන් වහන්සේටත් එවැනි ලොකු පුතෙක් හිටය. ඇත්තෙන්ම අපි හැමෝටමත් ලොකු පුත්තු ඉන්නවා. ඒ අයට ඉහතින් කියූ සෘද්ධි බල නැතත් අපගේ දුක සැප හොයා බලනකොට අපිට දැන්නේ පරිණායක රත්නයක් වගේ නෙවෙයි. සක්විති රත්නයක් විදිහටයි.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
17-06-2019
මතු සම්බන්ධයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HqiXsn
විශඝොර සර්පයා දැක නෑර මෝඩයා …
ඔබත් අකුසලය කරගත්තා ද ?

විශඝෝර සර්පයා දැක නොහැර මෝඩයා …
මේ වචනය අප බොහෝ දෙනෙකු අසා ඇත , මා කුඩා කල මගේ ගමේ වැඩිහිටියන් … දරැණු විශ ඇති සරපයෙකු දුටු විට ..
විශඝෝර සරපයා දැක නෑර මෝඩයා කියා පලමුව ඒ සතා මරණයට පත්කරන අයුරැද ..පසුව මෙය කල යුතුම දෙයක් ලෙසත් සර්පයා නොමරා යැව්වා නම් මෝඩ කමක් යැයි පවසනු ද මා දැක ඇත්තෙමි ..

සැබැවින් ම මේ කියමන කුමක් ද ?

දෙරණ මත තුඹස. යා
තුඹස තුල. නාගයා
විශඝෝර. සර්පයා
දැක නොහැර මෝඩයා

යනුවෙන් බෞද්ධ දහම් පදයක් ඇත.. බොහෝ දෙනා මෙය සම්පූරණ ලෙස දන්නේ නැත.. අවසාන දෙපදයෙහි යෙදෙන විශඝෝර සර්පයකු දැක නොමරා අත් නොහල යුතු යැයි පටු සිතිවිලි වලින් පර පණ නැසීම නම් අකුසලය හිතා මතා ම කරගනිති…

එසේනම් අරැත කුමක් ද ???

මෙහි ලා දෙරණ නම් අප ශරීරයයි , අප සිරැර වනාහී පස්වැදෑරැම් ස්කන්ධයන් ගෙන් සැදුම්
ලද්දේ වෙයි …( රෑප , වේදනා , සඤ්ඤා , සංඛාර , විංඤාණ ) මෙම පස්වැදෑරැම් තුඹස තුල සිටින නාගයා තෘෂ්ණා ව නම් වේ ..

මේ අප තුල සිටින තෘෂ්ණා නම් නාගයා නසා සිඳ බිඳ නොදමන්නා උපදානය නම් දැඩිව බැදීයාමට හසු වී පටිච්චසමුප්පන්නව නැවත උපත් කරා ගොස් .. සසර මග දුගතිය.. දුකට පතවි පත්වී ගතකරයි ..

අප සෑම දෙනාම මෙතුවක් සසර දිගුකරගත්තේ ද මේ සර්පයාව ඇති දැඩි කල නිසාවෙනි ….

ඔව් අප විශඝෝර සර්පයාව නැසිය යුතුය .. ඒ ධර්මානුකූලවය ….😊
මේ පටිච්චසමුප්පාද පිලිවෙල හඳුනා නොගන්නා කෙනා මෝඩයා යැයි කියනු ලබත් …

ඒසේ නැතිව අහිංසක සතකු මැරීමට බොදු ජනවහර කිසි දිනක උපමා ලබා නොදෙන බවද අප හොදින් මතක තබා ගත යුතු ය

කාවින්ද රණසිංහ

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zlcvyh
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 23 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 06

6. ගෘහපතිරත්නය,

අද කියන්න යන්නේ විජිතාවී සක්විති රජ්ජුරුවන්ගේ සත් රුවනේ සයවැන්න වන ගෘහපතිරත්නය ගැනයි. ගෘහපතිරත්නය කියන්නේ සක්විති රජතුමාගේ සියලු ධනය වස්තුව පහසුවෙන් පැවැත්වීම සඳහා පහළවෙන උත්තමයෙකුට. ඔහු උපදින්නේත් මහත් සම්පත් ඇති මහත් භවභෝග ඇති උසස් සිටු කුලයක සිටුවරයෙකු ලෙස. ඔහු රජතුමාගේ ධනය වස්තුව පාලනය කරනවා පමණක් නොවෙයි. රජ්ජුරුවන්ට ධනය රැස්කර දෙන ගහපති සිටුවරයාද වෙනවා. ඔහුට උපතින්ම ලැබෙන විශේෂ ලාභයක තියෙනවා. ඒ තමයි දිවැස්. එය ලැබෙන්නේ ඔහු පෙර භවයන්හි කල කුසල කර්ම විපාකයන්හි ප්‍රතිඵලයක් ලෙසත් සත් රුවනේ ආණුභාවය නිසාමත්මයි. ඒ දිවැස ඔහුට පෘථිවිතලය මත සාගරය තුල හෝ පොළොව යට හෝ යොදුනක් පමණ දුර ඇති නිධාන පෙනෙනවා. හිමිකරුවන් නැති නිධාන වෙතොත් එය රහ්හුරුවන්ට පෙන්වා හිමි කරදෙනු ලබනවා.

මේ ගැන ලස්සන විස්තරයක් දීඝ නිකායේ මහා සුදස්සන සුත්‍රයේ තියෙනව. මේ එහි දැක්වෙන අයුරුයි.

“නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළවිය. යමකින් අයිතිකාරයන් ඇතිවූද, නැතිවූද නිධාන දකීද එබඳු දිවැසකි. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දෙවයන් වහන්ස, උත්සාහ නොකළ මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි” ධනයෙන් පැවරීය. ආනන්දය පෙරවූවක් කියමි. මහා සුදර්ශන රජ ඒ ගෘහපති රත්නය විමසනු පිණිස නැවකට නැගී ගංගානම් ගඟ මැද දිය පාරට පැමිණ ගෘහපති රත්නයට මෙසේ කීය ‘ගෘහපතිය, මට රත්රනින් ප්‍රයෝජන ඇත්තේය’ යනුයි ‘මහ රජාණෙනි, එහෙනම් නැව එක් ගොඩකට (තෙරකට) පමුණුවනු මැනවැයි’ කීය. ‘ගෘහපතිය, මට මෙහිදීම රන් රුවනින් ප්‍රයෝජන ඇත්තේය’යි කීය.
“ආනන්දය, එවිට ඒ ගෘහපතිරත්නය දෝතින් දියදෙබෑ කොට රන්රුවනින් පිරි ඇති නිධිකුම්භයක් (නිධාන කළයක්) ඔසවා මහා සුදර්ශන රජුට මෙසේ කීය. ‘මහ රජාණෙනි, මෙපමණකින් ප්‍රමාණද, මහ රජාණෙනි, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේද, මහරජාණෙනි, මෙපමණකින් (ඔබවහන්සේ) පුදන ලද්දේදැයි’ ඇසීය. මහාසුදර්ශන රජ තෙමේ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය, ගෘහපතිය, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේය. ගෘහපතිය, මෙපමණකින් පුදන ලද්දේයයි’ කීය ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළ වූයේය.

ඒ විජිතාවී සක්විති රජතුමාටත් එවැනිම ගෘහපතිරත්නයක් හිටියා.
මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
17-06-2019
මතු සම්බන්ධයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30vfAb6
උතුම් දිවියෙන් බිඳක්
ගරු ආචාරියා මන් භූරිදත්ත තෙරුන් කියලා කියන්නේ මෑත කාලයේ පහල වූ උත්තරීතර අරිහතුන් වහන්සේ කෙනෙක්! උන්වහන්සේ වැඩ වාසය කලේ තායිලන්තයේයි. 1870 වර්ෂයේ උපත ලැබූ උන්වහන්සේ පිරිණිවන් පා තිබෙන්නේ 1949 වර්ෂයේදීයි. ඉතින් අපි බොහෝමයක් අහලා තියෙනවානේ සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ කාලයේ වැඩ වාසය කල මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පිළිබදව. උන්වහන්සේ තමයි ධූතාංගදාරී භික්ෂූණ්වහන්සේලා අතරින් අග්‍ර කොට සැලකූ අරිහතුන්වහන්සේ. ඉතින් ආචාරියා මන් භූරිදත්ත අරිහතුන්වහන්සේත් අන්න ඒ වගේ ඒ ධූතාංගදාරී භික්ෂූ පරපුර අනුගමනය කරපු මහා වීර්යයක් ධෛර්යක් ඇති භික්ෂූන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අරිහත්වයෙන් පසු වසර 60ක පමණ කාලයක් ගත කොට තිබෙනවා… ඒ වසර කීපය තුල උන්වහන්සේගේ මග පෙන්වීමෙන් ධර්මය පාදා ගෙන අරිහත්වයට පත්වූ භික්ෂූන්වහන්සේලා බොහෝ පිරිසක් සිටිනවා.

ආචාර්යා මන් භූරිදත්ත තෙරුන්ගේ ගිහි අවධිය පිළිබදව කෙටි සටහනක් තබනවා නම් උන්වහන්සේ උපත ලබා තිබෙන්නේ 1870 ජනවාරි මස 20 වනදින බ්‍රහස්පතින්දා දිනයකයි. දරුවන් අට දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමලා ලෙසින් තමයි උපත ලබා තිබෙන්නේ. ඒ වුණත් උන්වහන්සේ පිරිනිවන් පාන විට උන්වහන්සේට වඩා වයසින් බාල ඒ සහෝදර පිරිස අතරින් දෙදෙනෙකු පමණයි ජීවත් වෙලා ඉදලා තියෙන්නෙත්. වයස අවුරුදු 15දී තමයි උන්වහන්සේ මුලින්ම චීවරය දරාගෙන සසුන්ගත වී තිබෙන්නේ. ඉන් වසර 2කට පමණ පසු ඔහුගේ පියාගේ ඉල්ලීම වෙලා තිබෙන්නේ සිවුරු අතහැර විත් ගිහි වැඩකටයුතු වලට තමාට උපකාර කරන ලෙසයි. උන්වහන්සේ සසුන්ගතවීමට තිබූ දැඩි කැමැත්ත ඇල්ම නිසාම නැවතත් චීවරය දරාගන්නවාමයි යන බලාපොරොත්තුව දැඩි අධිශ්ඨානය ඇතිව තමයි නැවතත් ගිහි පරිසරයට යොමුවුනේ.

1893 වර්ෂයේ ජුනි 12 වන දින නැවතත් උන්වහන්සේ සසුන්ගත වූනේ අවුරුදු 22දීය. උන්වහන්සේට සසුන්ගත විමට තිබූ දැඩි අධිශ්ඨානය දෙමව්පියන් දැන සිටි නිසාම මෙවර සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කොට උන්වහන්සේට ඒ අවස්ථාව ලබාදීමට දෙමව්පියන් කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව උන්වහන්සේට සසුන්ගත නම ලෙසින් “භූරිදත්ත” යන නාමය ලැබී තිබෙනවා. ආචාරියා සාඕ තෙරුන් සමග තමයි ඉන්පසුව උන්වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුනේ. උන්වහන්සේ ගැන කරුණු මට නැවත නැවතත් ලියන්නට අවශ්‍ය නොවෙන්නේ උන්වහන්සේ පිළිබදව සවිස්තරව ලියැවුණු ග්‍රන්ථ මෙන්ම වෙබ් අඩවිත් බොහෝමයක් තිබීම නිසයි.

උන්වහන්සේ ගැන උන්වහන්සේ අනුගමනය කරපු ක්‍රම රටාව පිළිබදව බොහෝම අපූරුවට උන්වහන්සේගේ ගෝල හිමිනමක් විසින්ම ලියන ලද ග්‍රන්ථයක් තිබෙනවා. ආචාරියා මහා බෝවා නම් ඒ හිමි නමත් පසුකලක අරිහත්වයට පත්වූ උත්තරීතර හිමි නමක්. ඉතින් එම සුවිශේෂී ග්‍රන්ථය මේ වන විට සිංහලයට පරිවර්ථනය වී තිබීමත් ඉංග්‍රිසී භාෂාවට එතරම් හුරුවක් නැති ඔබට වැදගත් මෙන්ම සතුටුදායක ආරංචියක් යැයි සිතමි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Nw9IdK
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 22 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 05

5. දිව්‍යමය ස්ත්‍රීරත්නය

💜 මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්‍ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදුරජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකයි. එසේත් නැතහොත් පුණ්‍ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු ලබන්නියක් විය හැකයි.

💜 ඕතොමෝ මනා රූ ඇත්තීයකි. දකින්නන් වසඟයට පත්වේ. ඒ නිසාම තම තමන් නිරත වූ කාර්යයන් පසෙක ලා දුටුවන් දෙනෙත් නොපියා ඇය දෙස බලා සිටි. උතුම්වූ වර්ණ සංකලනයක් වගේ සෞන්දර්යාත්මකයි. ගොඩක් උසත් නැහැ. ගොඩක් මිටිත් නැහැ. ඉතා කෙට්ටුත් නැහැ. ඒ වගේම ඉතා මහතත් නැහැ. ඉතා කළුත් නැහැ, ඉතා සුදුත් නැහැ, රන්වන් පාටයි.

💜 සාමාන්‍යයෙන් මිනිසුන්ගේ වර්ණාලෝකය පිටතට පෙනෙන්නේ නැහැ. එත් දෙවියන්ගේ දොළොස් රියනක් පමණ දුරට විහිදෙනවා. එහෙත් ඇයගේ වර්ණය මිනිස් වර්ණය ඉක්මවූ එහෙත් දිව්‍ය වර්ණයට නොපැමිණියාවූ (දෙවඟනක් සමාන) ඒ දෙකට අතර වූ ප්‍රභාශ්වර බවක්.

💜 ඇයගේ සිරුරේ ස්පශයද විශේෂයි. එය මෙවැන්නක්. ඉඹුල්පුළුන්වල හෝ කපු පුළුන්වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක්. ඒ විතරක් නොවෙයි, ශීත කාලයේ ඒ ස්ත්‍රී රත්නයගේ ශරීරය උණුසුම් වෙනවා. එයින් රජතුමාට යහනේදී උණුසුම ලැබෙනවා. ඒ වගේම උණුසුම් කාලයේදී ඇයගේ වත සිත වනවා. එයින් උණුසුම අධික අවස්ථාවල ඇයගේ පහස සිසිලස ගෙන එනවා.

💜 ඒ ස්ත්‍රී රත්නයයේ ශරීරයෙන් සඳුන් සුවඳ නිරන්තරයෙන්ම විහිදෙනවා. මුව විවර කරන සෑම වතාවකම නිල් උපුල් මල්සුවඳ හමනවා..

💜 ඇය රජු දුටු විගස ගින්නෙන් දැවුනාක් මෙන් පළමුව හුන් අසුණින් නැගි සිටිනවා. ඒ වගේම රජු අවදිවීමට කලින් අවදිවී සැරසී සිටිනවා. ඒ වගේම රජු හිඳගත් විට තල්වැටින් පවන් සැලීම අදියකොට රජු සැතපුන පසුව නින්දට යනවා.

💜 “දේවයනි කුමක් කරම්ද? ඔබ හට අවශ්‍ය යමක් ඇත්ද?” යනාදී ප්‍රිය තෙපුල් තෙපලමින් වචනයෙන් පවා කීකරු බව දක්වමින් දාසියක් මෙන් හැසිරෙනවා. ප්‍රිය මනාපව හැසිරෙනවා. යමක් රජු ප්‍රිය නම් ඒ දේම කියනවා. අකමැති දේ කතා කරන්නේ නැහැ. කරන්නේත් නැහැ. මේ සියල්ලම පාරිශුද්ධ වූ ආචාරශිලත්වයේ උපරිමය නිසාම වන අතර කපටි කෛරාටික බව නිසා නොවන බවත් මතක තියාගන්න ඕනේ.

💜 ඇය කිසි කලෙක රජු ඉක්මවා නොහැසිරෙයි. බොහෝ සිල්වත් වෙයි. රාගාදී කෙලෙස් තුනී වුවෙක් වෙයි. ඒ නිසාම අනාචාරයේ නොහැසිරෙන පතිවෘතාව දිවිහිමියෙන්ම රකින තැනැත්තියක් වෙයි. ඒ නිසාම රජු හැර අන් පුරුෂයෙක් සිතෙන්වත් නොපතයි. එසේනම් කයෙන් කියනුම කවරේද?

💜 මෙය කියවන ඔබ ස්ත්‍රියක් නම් ඔබටත් එවැනිම ස්ත්‍රී රත්නයක් විය හැකියි. මෙය කියවන ඔබ පුරුෂයෙකුනම් ඔබටත් සක්විති රජකම හිමි කරගත හැකියි.. අවශ්‍ය වන්නේ දාන සීල පාරමිතා පිරිම පමණි.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
15-06-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zls20V
යො ච ගාථාසතං භාසෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ කුණ්ඩලකේශී අරභයා දේශනා කරනලදි.

රජගහනුවර සොළොස් හැවිරිදි පමණවූ දුටුවන් පහදවන ප්‍ර‍සාදජනක අභිරූපීවූ එක් සිටුදියණියක් සිටියාය. ඒ වයසෙහිම සිටි ස්ත්‍රීහු පුරුෂයන් පිළිබඳ වූ සිතින් ඇය කෙරෙහි ලොල්ව සිටියාහුය. ඉන්පසු ඒ සිටුදුවණියගේ මවුපියෝ සත්මහල් පහයක උඩම ඇති මහලේ සිරියහන් ගබඩාවක දුවණිය වාසය කරවාලූහ. එකම එක දාසියක් ඇගේ ඇපඋපස්ථානය සඳහා යෙදවූහ.

එක් සොරකම් කළ තරුණයෙක් අල්වාගෙන දෙඅත් පිටුපසට තබා බැඳගෙන කස සතරකින් තළතළා වධකාගාරයට ගෙන ගියාහ. ඒ සිටුදුව මහාජනයාගේ කෝලාහලය අසා මෙ කිමෙක්දැයි විමසා ප්‍රාසාදතලයෙහි සිට බලන්නී ඔහු දැක ඔහු හා පිළිබඳ සිත් ඇතිකරගෙන ඔහු ප්‍රාර්ථනා කරමින් ආහාර නොගෙන ඇඳෙහි වැදහෙවී සිටියාය. ඉන්පසු මව්පියෝ, දුව මේ කුමක්දැයි ඇසූහ. ඉදින් මේ සොරෙකියි ගෙන යන පුරුෂයා ලදොත් ජීවත්වෙමි. ඔහු නොලැබුණොත් මගේ ජීවිතයක් නැත. මැරෙන්නෙමියි කීවාය. දුව එසේ නොකරන්න. අපේ ජාති ගෝත්‍ර‍ වත්කම් ආදියට සැසඳෙන අනිත් සැමියෙක් ලබා දෙන්නෙමුයයි කීවාහුය.

මට වෙන එකෙකුගෙන් වැඩක් නැත. මොහු නොලැබුණොත් මැරෙන්නෙමියි කීවාය. දුව සනසාගත නොහැකිව සිටුවරයාට දන්වනලදි. ඔහුද ඈ සනසාගත නොහැකිව කුමක් කළහැකිදැයි සිතා ඒ සොරා ගෙන යන රජයේ නිලධාරීන්ට මිල දහසක් යැවීය. මේ මිල රැගෙන මේ සොරා මා වෙත එවව්. හෙතෙම යහපතැයි කහවණු රැගෙන ඔහු මුදා හැර වෙන එකෙක් මරා දේවයන්වහන්ස, සොරු මැරුවෙමියි රජුට දැන්වීය. සිටුවරයා තම දුවණිය ඔහුට පාවා දුන්නේය. ඈ එතැන් පටන් සැමියා සතුටු කරන්නෙමියි සව්බරණින් සැරසී තම අතින්ම කැඳ ආදිය පිළියෙල කළාය. සොරා කීප දිනකින්, කවදා නම් මම මෑ මරා මැගේ ආබරණ ගෙන විකුණා එක් සුරා සැලකට ගොස් කාබී සිටින්ට ලබම්දෝයි සිතුවේය. මෙසේ සිතූ ඔහු එක් උපායක් ඇතැයි සිතා ආහාර ගැනීම ප්‍ර‍තික්ෂේප කොට ඇඳේ නිදාගත්තේය.

ඉන්පසු සිටුදුව ඔහු වෙත පැමිණ ස්වාමීනි, ඇති අමාරුව කුමක්දැයි ඇසුවාය. සොඳුර, කිසිවක් නැතැයි හේ කීවේය. කිම මගේ මවුපියෝ ඔබ හා අමනාපද? සොඳුර අමනාප නැත. එසේනම් මේ හැටියට ඉන්නේ ඇයි? සොඳුර, එදා මා බැඳගෙන යන අතර චොරප්‍ර‍පාතයෙහි (සොරුන් මැරීම සඳහා පහතට දමන හෙල) අධිගෘහිත දෙවියන්ට බිල්ලක් (පූජාවක්) දෙන්නෙමියි පොරොන්දුවී ජීවිතය ලදිමි. ඔබත් මට ලැබුණේ ඒ ආනුභාවයෙනි. මම තවමත් ඒ බාරය ඔප්පු නොකෙළෙමි සොඳුරයයි ඔහු කීවේය. ස්වාමීනි, ඒ ගැන නොසිතන්න. බාරය අපි ඔප්පු කරමු. ඒ සඳහා අවශ්‍ය දේ කියන්න. දියනුමුසු කිරිබත් හා ලදපස්මල් අවශ්‍යයි. සැමියාණනි, මැනවි. මම ඒවා පිළියෙල කරන්නෙමියි කී ඈ සියලු බාරවස්තු පිළියෙල කොට ස්වාමීනි, එන්න, යමුයයි කීවාය. එසේනම් සොඳුර ඔබේ නෑදෑයන් නවතා ඔබ අගනා වස්ත්‍රාභරණවලින් සැරසී එන්න. එවිට අපි සිනාසෙමින් සෙල්ලම් කරමින් මනාප ලෙසින් යන්නෙමු. ඈ එසේ කළාය. ඉන්පසු ඈ පර්වත පාමුලට ගියකල්හි සොරා ඈ අමතා සොඳුර, මෙතැන් සිට අපි දෙදෙනා පමණක් යමු. සෙසු ජනයා යානාවත් සමග මෙහි නවත්වා බලිකර්මයට අවශ්‍ය භාජන ඔබම ගන්න. ඈ එසේ කළාය. සොරා ඈත් සමග චෝරප්‍ර‍පාත පර්වතයට නැංගේය.

ඒ පර්වතයට මිනිස්සු එක් පැත්තකින් පමණක් නගිති. අනික් පැත්ත ප්‍ර‍පාතයක් සේ ඇති නිසා පර්වත මුදුනේ සිට, සොරුන් ඒ පැත්තෙන් හෙළා දමති. ඒ වැටෙන හොරු කෑලි කෑලිවලට කැඩී බිමට වැටෙත්. ඒ නිසාම මේ පර්වතය චෝරප්‍ර‍පාත නමින් හඳුන්වති. සිටුදුව පර්වත මුදුනේ සිට ස්වාමීනි, බලිකර්මය කරන්නැයි කීවාය. හොරා නිහඬ විය. නැවත ඈ ස්වාමීනි, තුෂ්ණීම්භූතව සිටින්නේ ඇයිදැයි ඇසුවාය. ඉන්පසු ඔහු මෙසේ කීවේය.

මට බලිකර්ම කිරීමෙන් වැඩක් නැත. ඔබ මෙහි ගෙන ආවේ රවටාගෙනයයි හෙතෙම කීවේය. ස්වාමීනි, ඒ කුමක් සඳහාද? නුඹ මරා නුඹේ ආභරණ රැගෙන පලායාම සඳහායි. මරණභයට පැමිණි ඈ මෙසේ කීවාය. ස්වාමීනි, මාත් මේ ආභරණත් ඔබ සතුය. ඉතින් මෙසේ කියන්නේ ඇයිද? ඈ එසේ නොකරවයි නැවත නැවතත් ඉල්ලා සිටිනමුත් තී මරන්නෙමි යන්නම ඔහු කීවේය. එය එසේනම් මා මැරීමෙන් ඔබට ප්‍රයෝජනයක් නැත. මේ ආභරණ රැගෙන මට ජීවිතදානය කරන්න. මෙතැන් පටන් මා ඔබගේ අම්මායයි හෝ දාසියක් වශයෙන් හෝ ඔබට අවශ්‍ය සේවය කරන්නෙමියි කියා මේ ගාථාවද කීවාය.

මේ අඟු පළඳනා

විදුරුමිණි වළළුද හැම

ගනු මැනවි හිමියනි

මමත් දැස්සක් වන්නෙමි

ඒ ඇසූ සොරා ඔබ කියන ආකාරයට වැඩ කළොත් ඔබ ගොස් මවුපියන්ට දන්වන්නෙහිය. ඔබ මහ හඬින් විලාප තියා හැඬුවත් මරන්නෙමියි කියා මේ ගාථාවද කීවේය.

හැඬුවත් වැළපෙමින්

එයින් කම් නැත බඳුව බඩු රැස

ඔබට දිවියක් නැත

සියලු බඩුරැස අපිම ගන්නෙමු

ඈ මෙසේ සිතුවාය. අහෝ මේ සිදුවන දෙයක ඇති බරපතළකම. නුවණ නම් උයාපිහා කන්නට නෙවෙයි. විචාරයෙන් කටයුතු කිරීමටය. මොහුට කළයුතුදේ දන්නෙමියි සැමියා අමතා, ස්වාමීනි, යම්දවසක ඔබ සොරෙකියි අල්වාගෙන ගෙනාවේද, එදා මම ඔබට හිතවත්ව මවුපියන්ට කීවෙමි, ඔවුහු දහසක් වියදම් කොට ඔබ ගෙනවුත් අපේ ගෙදර නැවැත්වූහ. එදා පටන් මම ඔබට පක්ෂපාතීව සිටියෙමි. අද මට හොඳින් ඔබ දෙස බලා වැඳගන්ට අවසර දෙනුමැනවි.

හෙතෙම යහපත සොඳුර, හොඳින් දැක බලාගෙන වැඳගනුවයි කියා පර්වත කෙළවර හිඳගත්තේය. ඉන්පසු ඈ ඔහු තෙවරක් පැදකුණු කොට සතර තැනක සිට වැඳ ස්වාමීනි මේ ඔබේ අවසාන දැකුමයි. ඔබට මා හෝ මා ඔබට හෝ මින්පසු දැකීමක් නැතැයි කියා ඉදිරි පසිනුත් පිටිපසිනුත් වැළඳගෙන මඳක් නැවතී සිට පර්වතප්‍රාන්තයෙහි පිටිපසින් සිට එක් අතකින් කඳත් අනිත් අතින් පිටිකරත් ගෙන පර්වතප්‍ර‍පාතයට තල්ලු කළාය. හෙතෙම පර්වත කුහරයෙහි වැදිවැදි කෑලිකෑලිවී බිම වැටුණේය. චෝර ප්‍ර‍පාතමුදුනේ අධිගෘහීත දේවතාවා ඒ දෙදෙනාගේම ක්‍රියා දැක ඒ ස්ත්‍රියගේ ක්‍රියාවට සාධුකාර දී මේ ගාථාව කීවේය.

හැම තැනම මිනිසා

නුවණ ඇත්තෙක් නොම වේ

ඒ ඒ තැන විචක්ෂණ

ගැහැණිය ද නුවණැති වෙයි

ඈ මෙසේ සිතුවාය. සොරා ප්‍ර‍පාතයට හෙළා, මා ගෙදර ගියොත් ඔබේ සැමියා කොහිදැයි අසන්නාහුය. එසේ විට ඔහු මා විසින් මරා දමන ලද්දේයයි කිය යුතුය. ‘අවිනීත එකිය, කහවණු දහසක් ගෙවා ඔහු ගෙන්වාගෙන මේ හැටියට ඔහු මරා දැම්මෙහිය’ ආදි වාග්ප්‍ර‍හාරවලින් මට හිරිහැර කරන්නාහුය. මගේ ආභරණවලට ආශාවෙන් ඔහු මා මරනු කැමති වූයේයයි කීවත් නොඅදහන්නාහ. මට ගෙයින් කම් නැතැයි ආභරණ සියල්ල එතැනම දමා කැලයට වැදී ඇවිදිමින් ගොස් එක් පරිව්‍රාජිකා ආශ්‍ර‍මයකට පැමිණ වැඳ, ස්වාමීනි, ඔබ ළඟ මට පැවිද්ද දෙන්නැයි ඉල්ලා සිටියාය. ඉන්පසු ඔවුහු ඈ පැවිදි කළහ.

ඈ පැවිදිවී, ස්වාමීනි, ඔබවහන්සේලාගේ පැවිද්දේ උතුම් පරමාර්ථ මොනවාදැයි ඇසුවාය. සොඳුර දසකසිණභාවනා කොට ධ්‍යාන ලබාගත යුතුය. අපට ආවේණික ප්‍ර‍ශ්න වාද හෝ උගත යුතුය. මේ අපගේ පැවිද්දේ උතුම් පරමාර්ථයෝයි. ධ්‍යාන උපදවා ගැනීමට මට අපහසුය. ආර්යයෙනි, මම වාදදහස ඉගෙන ගන්නෙමියි කීවාය. ඉන්පසු පරිව්‍රාජිකාවෝ ඈට වාද දහස උගන්වා, ඔබ දැන් ශිල්ප උගත්තෙහිය. දැන් ඔබ දඹදිව ඇවිදිමින් තමන් සමග වාදකරන්ට සමර්ථයෙක් ඇද්දැයි පරීක්‍ෂා කර බලන්නැයි ඇගේ අතට දඹ අත්තක් දී පිටත් කළහ. සොඳුර යව. ඉදින් කිසියම් ගිහියෙක් ඔබ හා වාද කරන්ට සමර්ථ වුවහොත් ඔහුගේ පාදපරිචාරිකා බවට පත් වෙව. ඉදින් පැවිද්දෙක් නම් ඔහු ළඟ පැවිදිවෙන්නැයි අවවාද දුන්හ.

ඈ ජම්බුපරිව්‍රාජිකා නමින් ප්‍ර‍කටව එතැනින් නික්ම දකින දකින අයගෙන් ප්‍ර‍ශ්නකරමින් ඇවිදියි. ඈ සමග වාදකරන්ට සමතෙක් නොවීය. මේ පෙදෙසට ජම්බුපරිව්‍රාජිකාව එන්නීයයි ඇසූ පමණනින්ම මිනිස්සු පලා ගියහ. ඈ ගමකට හෝ නියම්ගමකට පිඬුපිණිස එනවිට ගම්දොරටුවෙහි වැලිගොඩක් ගසා එහි දඹඅත්ත සිටුවා මා සමග වාද කරනු සමතෙක් ඇත්නම් මේ ජම්බු අත්ත අල්ලනුයයි කියා යන්නීය. එතැනට යාමටවත් කිසිවෙක් සමත් නොවූහ. ඒ දඹඅත්ත වියළීගිය පසු ඈ වෙනත් අත්තක් ගත්තාය. මේ ආකාරයෙන් ඇවිදින ඈ සැවත්නුවරට පැමිණ ගම්දොරටුවේ වැලිගොඩක් ගසා අත්ත එහි පිහිටුවා යටකී පරිදිම කියා පිඬුපිණිස ගියාය. බොහෝ ගැමිදරුවෝ දඹඅත්ත වටා රොක්වූහ.

සැරියුත් තෙරණුවෝ පිඬු පිණිස හැසිරී බත්කිස නිමවා නගරයෙන් නික්මෙන විට, ඒ අත්ත පිරිවරා සිටි ගම්දරුවන් දැක මේ කුමක්දැයි ඇසූහ. දරුවෝ තෙරණුවන්ට එපුවත දන්වා සිටියහ. එසේ නම් දරුවනි, ඔබ අත්ත මැඩපියවයි කීහ. ස්වාමීනි, අපි ඊට භයය දරුවෝ කීහ. මම ප්‍ර‍ශ්න විසඳමි. එය මැඩලවයි තෙරණුවෝ කීහ. දරුවෝ තෙරුන්ගේ වචනයෙන් ඔදවැඩී එය ගළවා පොඩි කරමින් නටා දූවිලි ඇවිස්සූහ. ජම්බුපරිව්‍රාජිකාව එහි පැමිණ දරුවන්ට බැණ දොඩා, තොප හා මා හා ප්‍ර‍ශ්න විසඳීමක් නැත. ඉතින් කුමක් නිසා මගේ අත්ත මැඩලූවාහුදැයි ඇසුවාය. අපේ ආර්යයන්වහන්සේ අප ලවා එය මැඩලූහයි දරුවෝ කීහ.

පරිව්‍රාජිකාව, ස්වාමීනි මෙය ගලවාලන ලද්දේ ඔබවහන්සේ විසින්ද? නැගණිය එසේය. එසේ නම් මගේ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙන්නෙහිද? එසේය පිළිතුරු දෙන්නෙමි. ඈ සවස්වේලෙහි ප්‍ර‍ශ්න ඇසීම සඳහා තෙරුන් සමීපයට ගියාය. මුළු නගරය කැළඹී ගියේය. පඬිවරුන් දෙදෙනාගේ කතා අසන්නෙමු යයි නුවරවැස්සෝ ඈ සමගම ගොස් තෙරුන් වැඳ එකත්පසක හුන්නාහුය.

පරිව්‍රාජිකාව, ස්වාමීනි, ප්‍ර‍ශ්න අහන්ටද? නැගණිය අසව. ඈ වාද දහසම ඇසුවාය. ඇසූ ඇසූ ප්‍ර‍ශ්නය තෙරණුවෝ විසඳූහ. ඉන්පසු තෙරණුවෝ ඔබේ ප්‍ර‍ශ්න මෙපමණද? තවත් ඇද්දැයි ඇසූහ. ස්වාමීනි, මෙපමණයි. ඔබ බොහෝ ප්‍ර‍ශ්න ඇසුවෙහිය. මාත් එකක් අහන්ට එය විසඳිය හැකිද? ස්වාමීනි, අසනු මැනවි.

තෙරණුවෝ එක නම් කුමක්දැයි ඇසූහ. ඈ තමා විසින් විසඳිය යුත්තේ කුමක්දැයි නොදැන ස්වාමීනි, ඒ කුමක්දැයි ඇසුවාය. නැගණිය මෙය බුදුන්ගේ ප්‍ර‍ශ්නයකි. ස්වාමීනි, මටත් එය දෙනුමැනවැයි ඉල්ලා සිටියාය. ඉදින් මා වගේ වන්නෙහි නම් දෙන්නෙමි. එසේනම් මා පැවිදි කරනු මැනවි. තෙරණුවෝ භික්‍ෂුණීන්ට භාරකොට ඈ පැවිදි කරවාලූහ.

ඈ පැවිදි වී උපසම්පදාවත් ලබා කුණ්ඩලකේසී ස්ථවිරි යන නමද ලබා කීප දිනකින්ම පිළිසිඹියාපත් රහත්තෙරණියක වූවාය. ධර්මසභාවෙහි රැස්වූ භික්‍ෂූන්වහන්සේලා කුණ්ඩලකේසී තෙරණිය බොහෝ බණ ඇසුවාය. එහෙත් ඇගේ පැවිදිකිස මුදුන් පැමිණියේය. එක් සොරකු සමග මහ යුද්ධයක් කොට දිනා මෙහි පැමිණියාහයි කථාවක් ඉපදවූහ.

බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා මා එන විට කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විමසා, මෙනම් කතාවකිනුයි කීකල්හි, මහණෙනි, මා දෙසූ ධර්මය, ටිකක්ය බොහෝයයි නොමනිව්. අර්ථයක් නැති බොහෝ කථා කිරීම ශ්‍රේෂ්ඨ නොවේ. අර්ථ සහිත එකම දහම්පදය ඊට වඩා ශ්‍රේෂ්ඨය. අවශේෂ සොරුන් දිනීමෙන් ජයක් නොලැබේ. ආධ්‍යාත්මික කෙලෙස් සොරුන් දිනීම සැබෑ ජයග්‍ර‍හණයයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාද වදාළසේක:

සියක් ගාථා කීවත්

අරුතක් නොමැති නම් එහි

වැදගත්කමක් නොපැනේ

යමක් අසා සැනසේ නම්

ඒ දම්පදය වැදගති

මිනිසුන් දහස් ගණනින්

යමෙක් දිනුවත් යුද කොට

තමන් දිනුමයි වැදගත්

එයම උතුම් වේ

එහි ගාථාසතං යනු යම් පුද්ගලයෙක් සිය ගණනින් බොහෝ ගාථා කියන නමුත් යන අර්ථයි. අනත්ථපදසංහිතා යනු ආකාශ වන වර්ණනාදි වශයෙන් අර්ථයක් නැති පදවලින් යුතු ධම්මපදං යනු අර්ථගෙනදෙන ස්කන්ධාදි වශයෙන් අර්ථ සමූහයයි. පරිව්‍රාජිකාවනි, මේ ධර්මපදයෝ සිව්දෙනෙකි. ඒ කවරහුද? පරිව්‍රාජිකාවනි, විසමලෝභයක් නැතිවීම ‘අනභිජ්ඣා’ ධර්මපදයකි. අව්‍යාපාද යනු ධර්මපදයකි. සම්මාසතිය ධර්මපදයකි. සම්මාසමාධි යනු ධර්මපදයකි. මෙසේ කියන මේ සතරෙන් කුමක්වුවද ධම්මපදයකි. එය ශ්‍රේෂ්ඨයි. යො සහස්සං සහස්සෙන යනු යම් එක් සංග්‍රාම යෝධයෙක් දහසින් වැඩිකළ දහස් ගණන් මිනිසුන් එකම යුද්ධයකදී පරදවා ජය ගන්නේද, ලක්‍ෂයක් මිනිසුන් මරා ජය ගන්නේද, එසේ කළත් යුද්ධ ජයගන්නා අය අතර උතුම් දිනුමක් නම් නොවේ. එකං ච ජෙය්‍යමත්තානං යනු යමෙක් රාත්‍රි වසන තැන් දවල් වසන තැන්වලදී ආධ්‍යාත්මික කමටහන් සම්මර්ෂණා (සිහිකිරීම) කරමින් තමන් තුළ ඇති ලෝභාදි කෙලෙස්ජයෙන් තමන් දිනන්නේද? ස වෙ සංගාමජුත්තමො යනු ඒ පුද්ගලයා යුද ජය ගැනීම් අතර උතුම් සංග්‍රාමයෙහි ප්‍ර‍ධාන යෝධයෙක් වෙයි. දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZfhjV8
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 21 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04

4.දිව්‍යමය මාණික්‍ය රත්නය.

අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත හැරුනා. මෙසේ පහළ වන සත් රුවන් අතර සතරවැනි රුවන් තමයි දිව්‍යමය මාණික්‍ය රත්නය. මාණික්‍යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන ආලෝකය විහිදෙන මැණිකක්. මුළු මහත් රාජධානියම රාත්‍රියට හිරුමෙන් අලෝකවත් කරන්නත් එයට පුළුවන්. රියන් හතරක් පමණ විශාල දෙකළවර පියුම් කෙමියෙක කෙළවර මෙන් වෙළෙන ලද පිරිසිදු මුතු කලාපවලින් රන් පියුමෙන් අලංකාර කළ අසූහාර දහසක් මැණික් පිරිවරද සහිත තරු පිරුවරු සඳ මෙන් බබළන මහා මිණිරුවණක් වේපුල්ල පර්වතයෙන් මතුව එනු ලබනවා. මෙම මාණික්‍යය රත්නය උණ ලි ආධාරයෙන් රියන් හැටක් පමණ එසවීමෙන් රාත්‍රී භාගයෙහි හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි එලිය පැතිරෙනවා. හරියටම මෙකල රාත්‍රී ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගන එළිය කරනවා වගේ. ක්‍රීඩාංගන එලිය කරන්නේ අධි බලැති විදිලි බුබුලු දහස් ගණනකින්. මෙය එක් මැණිකකින්. එකයි දිව්‍යමය මාණික්ක රත්නයක් කියන්නේ. එය හිරු නැගි කලක් මෙන් ප්‍රභාශ්වරයි. එයින් ගොවියෝ කෘෂිකර්මය, වෙළෙන්දෝ ආපන වැඩ සහ වෙළදාම, ඒ ඒ ශිල්පින් ඒ ඒ කර්මාන්වල යෙදෙන්නේ හරියටම දහවල දී වාගේමයි. අපේ බුදුහාමුදුරුවන්ට බෝසත්වියේදී මේ සියල්ලම පහළ වුනා පමණක් නෙවෙයි ඔබ අප වෙනුවෙන් ඒ සියල්ලමත් අත්හරිනු ලැබුවා.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-06-2019
මතු සම්බන්ධයි