Monthly Archives: June 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2UaSntG
හිස ගිනි ඇවිල ගත්තකු මෙන් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය දුරු කිරීම පිණිස සිහි ඇතිව වසන්නේ ය. – සත්තී සූත්‍රය

21. සැවැත්නුවර –

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි මේ ගාථාව කී ය:

සැතෙකින් පහර ලද්දෙකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.

[භගවත්හු:]
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද මහණ තෙමේ සත්කායදෘෂ්ටි ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.

https://ift.tt/2XC0XDy

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Mrcuzd
උපන් සත්වයාට ඇත්තේ ඇත්තේ තමාගේම පිහිට පමණි. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ එලෙසිනි. “අත්තාහි අත්තනො නාථො” . නමුත් තමාගේ පිහිට තමා විසින්ම සලසාගන්නට මඟ පෙන්වන්නෝ සිටිති. උපන්දා සිට හැදූ වැඩූ දෙමාපියන්, ගුරුවරුන්, මිතුරන්, නෑදෑයන් ආදී අයයි.. නමුත් ඒ අයගෙන් අපට ලැබෙන පිහිට බොහෝ විට එක ජිවීතයකට පමණක් සීමා වෙයි. ඔබේ ගිය ආත්මයේ අම්මාට පැමිණ දැන් ඔබට පිහිට විය නොහැක.
එසේ නමුත් නිවන් දක්නා තෙක් ගමන් ගන්නා සංසාර ගමන් පුරාවටම අපට පිහිට, රැකවරණය සලසාදෙන්නට සමත් තිදෙනෙක් වෙති. එනම් බුදු රජාණන් වහන්සේට, උන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට, සහ උන් වහන්සේගේ සංඝ රත්නයටයි. මේවා අප හඳුන්වන්නේ “ත්‍රිවිධ රත්නයන්”, “තෙරුවන්” යන ලෙසින් සම්මුති වචන මාත්‍රයෙන් හැකි උසස්ම ගෞරවය ලබා දෙමින්ය. එතරම්ම සරණක්, පිහිටක්, රැකවරණයක් එම උතුම් රත්නයන් තුනෙන් සත්වයන්ට ලැබෙන බැවිනි.

අපගේ ප්‍රඥාවට ගෝචර සීමාවද ඉක්මවා යන කාල සීමාවක් පුරාවටම පාරමිතා පූරණය කරමින්, බුද්ධත්වය සාක්ෂාත් කරන ලද සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීමෙන් සත්වයනට ලැබූ පිහිට, රැකවරණය අනන්තය..අප්‍රමාණය…වචනාර්ථය ඉක්මවා යන තරම්ය…
උන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය තුළින් සත්වයාට ලැබෙන අප්‍රමාණ සරණද එලෙසින්මය..
බුදුවරයාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සත්වයා තම ගුරු තනතුරේ තබා ගත යුත්තේ උන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම රත්නයය.

සත්වයාට පිහිට, රැකවරණය සලසාදෙන අනෙක් රත්නය නම් තථාගත ශ්‍රාවක සංඝ රත්නයයි. එදා හැට දෙනමක් වහන්සේලාගෙන් ඇරඹි ඒ සංඝ රත්නය අමතා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ, “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතා ය, බහුජන සුඛාය – අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං” ලෙසිනි..
එනම් “මහණෙනි දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස සදහම් චාරිකාවේ නියැලෙන්න. දෙදෙනෙක් එක මඟ නොයන්න” ලෙසිනි. එම පාඨය තුළම උන් වහන්සේගේ මහා කරුණාව ගැබ්ව තිබේ. දිනකට පැය දෙකක් පමණක් සැතපී සෙසු බුද්ධ ජීවීතයම ලෝක සත්වයා වෙනුවෙන් කැප කළ එබඳු කාරුණිකයන් වහන්සේගේ එම වදනට අනුව, එදා එලෙසින් අරඹුණු ධම්ම චාරිකාව අදටත් අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ අප මහා සංඝ රත්නයයි.. බොහෝ සත්වයන්ට බුදු කෙනෙකුගෙන්ම ධර්මය අසා පැහැදී නිවන් යන්නට තරම් පුණ්‍ය සම්පත්තියක් නැත. එය හිමිවන්නේ ඉතාමත්ම අතළොස්සක් වූ භාග්‍යවන්තයන්ටය.. සෙසු සියළු සත්වයන් ධර්මය ගැන පහදින්නේ, නිවන් මඟ පවත්වාගන්නේ සංඝ රත්නයට පින් සිදු වන්නටය.. එසේ වූ සරණක්,පිහිටක් ලබා දෙන තෙවැනි රත්නය නම්, සංඝයා වහන්සේලායි.

බුදු රජාණන් වහන්සේ විසින් සර්වඥතා ඥාණයෙන් අනුදැන වඳාළ මේ ත්‍රිවිධ රත්නයන් කෙරෙහි යමෙක් සිත පහදවා ගනීද, ඔහුට අයත් වන ලාභය අතිමහත්ය. එම ලාභය වූ කලී ලෝකෝත්තර ලාභයකි. එසේ නමුත් ලෞකික ලාභයක්ද නිරායාසයෙන්ම හිමිවේ.

එදා සැරියුත්, මුගලන්, කාෂ්‍යප ආදී නික්ලේශී රහතන් වහන්සේලාගෙන් පිරී පැවතුණු සංඝ රත්නය අද වන විට එවැනි උතුමන්ගේන් ක්‍රමයෙන් පිරිහීමට ලක් වූවද….එවැනි නික්ලේශි උතුමන් අදටද මේ සංඝ රත්නය තුළ වැඩ සිටිති. එය ඒකාන්ත සත්‍යක්මය.. එදා බුදුරජාණන් වහන්සේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මංචකයේදී වැඩ සිටින කල්හි, මෙත් කරුණා දයා සිතින් උන් වහන්සේ විමසා සිටියේ,
” මහණෙනි මෙතන සිටින කවරකුට හෝ මේ ධර්මය ගැන හෝ යම දෙයක් ගැන විමසීමට තවත් දෙයක්, සැකයක් ඇත්නම් දැන් ඒ විමසීමට සුදුසු අවසාන අවස්ථාව ” ලෙසිනි. නමුත් කිසිඳු කෙනෙක්ගෙන් එවැන්නක් ඉදිරිපත් නොවුණි. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මෙතන සිටින සෑම දෙනෙක්ම අවම සෝවාන් ඵලයෙන් හෝ නිවී සැනහී සිටින බැවින් ඔවුනට සැකයන් නොමැති බවය. එදා වැඩ සිටි සංඝ රත්නයේ ස්වභාවය එසේය.

එපමණක් නොව එදා වැඩ සිටි ගිහියන්ගේ ස්වභාවයද ඊට නොදෙවෙනිය..
සංඛ්‍යාත්මකව දක්වීමට නොහැකි වූවද එකල ගම් දනව් පිටින් වූයේ සෝවාන්, සකදාගාමි, අනාගාමී ආදි ලෙසින් නිවනින් සැනසුණු ගිහි උතුමන්ය. එකල සිට රජවරුන් ත්‍රිවිධ රත්නය සරණ ගිය අයය. ඇතැමුන් සෝවාන් වූ අයය. එදා සිටි රජවරුන්, සිටුවරුන් ශ්‍රද්ධාවෙන් අග්‍රය. ඔවුන් රාජ්‍ය පාලනයට උපදෙස් ගත්තේ බුදුරජාණන් වහන්සේගෙනි. දස රාජ ධර්මයෙන් තම රාජ්‍ය පාලනය කිරීමට හැකිවූයේ එබැවිනි.
අජාසත්ත වැනි රජවරුන්ගේ ශ්‍රද්ධාව කොතෙක් වීද යත්, ඔහුගේ කළ්‍යාණ මිත්‍රයාණන් වූයේ ගෞතම බුදු පියාණන් වහන්සේය. බුදු රජාණන් වහන්සේ පිරිනිවුණු බව රජුට දන්වන්නට නොහැකිව රජුගේ ඇමතිවරුන්, වෛද්‍යතුමන් ලතවූයේ රජු ශෝකයෙන් ළය පැළී මිය යන බියෙනි. කටයුතු සූක්ෂම ලෙසින් සංවිධානය කොට, බෙහෙත් ඔරු තුළ රජු බස්සවා එම පණිවිඩය රජුට දැන්වූවද , එය දරාගත නොහී රජු තෙවරක් සිහිසුන් විය. අජාසත්ත රජුගේ ශ්‍රද්ධාව දුටු සක් දෙවිඳුන් ප්‍රකාශ කලේ මෙකල්හි වසන පෘථග්ජනයන් අතරින්, අජාසත්ත රජු සතු ශ්‍රද්ධාව පැරදවිය හැකි කෙනෙක් මේ විශ්වය තුළ නොදක්නා බවයි. එසේ බැලූ කල්හි එකල රජවරුන්,සිටුවරුන් පොහොසත් වූයේ ධනයෙන් බලයෙන් පමණක් නොව..ශ්‍රද්ධාවෙනි..!

ගම් දනව් පිටින් දස දහසක් දෙනා මාර්ගඵල ලාභීන් වන්නටත්, තිසරණය සරණ යන්නටත්, අවම පංච සීලයෙන් හික්මී දැහැමි ලෙසින් දිවි ගෙවීමත් බුද්ධානුභාවයේ ආශ්චර්‍යක්මය..
බුදු රජාණන් වහන්සේ තම ශාසනයේ විසූ සංඝයාගෙන් කළ ඉල්ලීම වූයේ,
” ශාසනයේ අවසාන පුරුෂයා ” නොවන ලෙසටය.. එනම් තමන් පමණක් ධර්මය අවබෝධ කොට ,තමන් පමණක් සැනසී නොසිට, ලෝක සත්වයාගේ හිත සුව පිණිසද කටයුතු කරන ලෙසටයි. තව එක් අයකුට හෝ මේ ශාසනයේ ඵල නෙලා ගැනීමට අත දෙන ලෙසටයි. උන් වහන්සේ සතු කරුණාව එලෙසිනි..

විනය යනු ශාසනයේ කොදු නාරටිය වැනිය. නව කෝටියකට වඩා වූ සික්ෂා පද පැනවූයේ ශාසනයේ ඉදිරි පැවත්ම වෙනුවෙන්මය.
එදා එලෙසින් ඇරභි බුද්ධ ශාසනය අනේක විද බාධා, දුක් කම්කටොළු, සතුරු ආක්‍රමණ හමුවේ අද දක්වා මෙපමණකට හෝ සුරැකිව පැමිණියේ කෙලෙසින්ද යන්න ඔබ මොහොතකට සිතුවාද ?

කුසට අහරක් තබා, පිපාසයට වතුර පොදක් නැතිවී යන තරම්, සතා සිව්පාවුන්ගේ මළ මිණී හැර අන් දෙයක් දක්නට නොමැතී වූ තරම් වූ දැඩි සාගත, නියඟයන් හමුවේ ජීවිතය අතහැර ධර්මය රැක්කේ කවුද ?
අද බොහෝ ගිහියන් පොඩ්ඩ වැරදුණ තැන , බිම පෙරළාගෙන නින්දා කිරීමට බලාගෙන සිටින්නේ එසේ වූ මහා සංඝ රත්නයටමය. ඔබ සිතන්නේ මේ ශාසන වගකීම ඇත්තේ උන් වහන්සේලාට පමණක් බවද ?
ගිහියන්ට කැමති පරිදි ජීවත් වීමට, සික්ෂා පද කැඩීමට නිදහස ඇති බවත්, ස්වාමින් වහන්සේලා පමණක් අකුරටම සිටිය යුතු බවත් යන වැරදි මතය ඔබ තුළ ඇති තාක් කල් මේ ශාසනය දිනෙන් දින පිරිහෙනවා මිස, අන් දෙයක් නම් නොවන්නේමය. පොදුවේ ගත් කළ එදා වැඩ සිටි සංඝ රත්නය තුළ සතුවූ ගුණයන් ක්‍රමයෙන් පරිහාණියට පත්වී ඇති බව සත්‍යයකි. නමුත් එදා සිටි ගිහියන් සතු ගුණාත්මක බාවයද දැන් නැත. ශාසනය යනු ගිහි – පැවිදි දෙපිරිසමය. ඔබ සංඝයා දෙසට ඇඟිල්ලක් දිගු කිරීමට පෙර තමන් අතින් වූ යුතුකම්ද එලෙසින්ම ඉටුවී ඇත්දැයි දහස්වර සිතා බැලිය යුතුය. මේ ධර්මයද, ශාසනයද අනිත්‍ය වී යනු ස්ථිරය..එය ස්වභාවයය. නමුත් මෙලෙසින් සංඝයා කෙරෙහි අපහැඳී උඩ බලාගෙන කෙළ ගැසීමෙන් එය ඉක්මන් වීම හැර අන් දෙයක් නොවන්නේමය.
ධර්මයම යනු අනුන් සෑදීම නොව තමන්ගේ සිත තනා ගැනීමය..ඔබ මේ ජීවීතයේ , ධර්මය තුළට පැමිණියේ, බණ පදයක් ඇසූවේ කාගෙන්ද..ඒ මහා සංඝ රත්නයෙන්ය..

ඔබට සංසාර විමුක්තියේ දොර හැර දෙන්නට එකම එක දහම් පදයකින් හෝ, තම ප්‍රඥාවේ හැකියාවේ පමණට පිහිට වූ ඒ උතුම් සංඝ රත්නයට නින්දා කිරීමට ඔබට හැකි නම්, ඔබට නිවන තව බොහෝ දුර වනු ඇත..

අද මේ කාල වකවානුවේ තරම් සංඝයා කෙරෙහි බෞද්ධයන් දෝෂාරෝපණය කරනු අප දැක නැත. කිසිඳු බියක්, හික්මීමක් නැතිව උන් වහන්සේලා කෙරෙහි දොස් එල්ල කිරීමටත්, ඇතැම් අය වචනයෙන් නොකීවද සිතින් ගැටෙමින් අකුසල් කර ගැනීමටත් පෙළගැසී සිටිති.

එම වරද නොකරන්න. සිල්වත් වූවද, දුසිල්වත් වූවද කිසිදිනෙක ස්වාමින් වහන්සේලා කෙරෙහි අපහැදීමක් ඇති කර නොගන්න..පවට බිය ඇති කරගන්න. යම් කෙනෙක් මේ උතුම් චීවරය දරාගත් යම් දිනක් වේ නම්, ඒ උතුමන් නියෝජනය කරන්නේ පුද්ගල නාමයක් නොව, උතුම් සංඝ රත්නයමය. මෙය දෙපැත්තටම එක සේ බලපාන දෙයකි. යම් ස්වාමින් වහන්සේ නමක් දුසිල්වත් නම්, එහි විපාකය උන් වහන්සේටය. නමුත් එම ස්වාමින් වහන්සේට අත දිගු කරන ඔබ අත දිගු කරන්නේ එක් නමකට නොව, මුළු මහත් සංඝ සමාජයටමය. එය අති ප්‍රබල කර්මයකි.

අදටත් මේ දෙරණ තුළ නික්ලේශි සංඝ රත්නය වැඩ සිටිති..එය ඒකාන්ත සත්‍යකි. මේ රටට මේ තරම් දෙව් බඹුගේ රැකවරණය ලැබෙන්නේ පංච සීලයවත් නොරකින ගිහියන් නිසා නොව, එවැනි උතුමන් නිසාය. සිල්වතුන් නිසාය. එක් එක් අයගේ කර්ම විපාකයන් නැවැත්වීමට දෙවි බඹුන්ට තබා බුදු රජාණන් වහන්සේටවත් නොහැකිය.

ඇතැම් අය මුළු සංඝ රත්නයම පහත් කොට කතා කරද්දී, සංඝයා කෙරෙහි අත ඔසවා පහර දෙන්නට තරම් ගිහියන් පෙරමුණට එද්දී ඔබේ ලේ රත්වී එම පුද්ගලයන්ට දොස් නඟා පලක් නැත. ප්‍රමාද වැඩිය. උඩ බලාගෙන කෙළ ගසා ඇත්තේ අපමය.. සංඝ රත්නයට තැන් තැන් වල සිට කළ කුඩා කුඩා විවේචනයන් අද මිනිසුන් මෙලෙසින් ප්‍රසිද්ධියේ මුළු සංඝ සමාජයම පහත් කොට කතා කිරීමට හේතු වී ඇත.
යමක් එක් වර සිදු නොවේ. බින්දුවෙන් බිංදුව එකතු වී කළය පිරෙන්නාක් මෙනි.

ධර්මය යමෙක් හදවතින් දුටුවාද, ශ්‍රද්ධාව ස්ථිරව හදවතේ පිහිටියාද එවැනි කෙනෙක් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව යළි කිසිඳු මාරයකුටවත් සෙලවිය හැකි නොවේ. ඔහුට යළි සංඝයාගේ අඩු පාඩු සොයමින්, විවේචනය කරමින් පව් පුරවාගන්නට අවස්ථාවන් පවා නොසෑදේ. එය ධර්මයේ ආශ්චර්යයකි.
ශ්‍රද්ධාව ගිලිහී යන කරුණකදී පවා මහාමේරූ පර්වතය මෙන් නොසෙල්වෙන ශ්‍රද්ධාවක් එවැනි අයකුගේ සිත තුළ පිහිටයි, එය අන්ධ ශ්‍රද්ධාවක්, භක්තියක් නොවේ, ධර්මය දැකීමෙන්ම උපදින, යතාර්ථය දැකීමෙන්ම උපදින ශ්‍රද්ධාවකි. ඔබ සිත තුළ පවතින්නේ අන්ධ ශ්‍රද්ධාවක් නම් ඉතා සුළු කරුණකදී වුව එය දෙදරා යනු ඇත.

“ශ්‍රද්ධා තරථී ඕඝං”, කෙලෙස් ඕඝයන් තරණය කරන්නේ ශ්‍රද්ධාව නැමැති ගුණයෙනි.. “ශ්‍රද්ධා බීජං” ,ශ්‍රද්ධාව බීජය විය යුතුය.
පොළොව ආශ්‍රය කරගෙන යම්තාක් කර්මාන්ත පවතින්නාක් මෙන්, මේ නිවන් මාර්ගයද ශ්‍රද්ධාව මූලික කරගෙනම පවතී. මේවා බුද්ධ වචනය.

ඕන වැරද්දක් කරන්නට ඉඩ නොදිය හැකැයි ගිහි ඔබ අවි අතට නොගන්න.. සංඝයාගේ ක්‍රියාවන් කෙරෙහි ගැටෙන්නට ඒවා ශෝධනය කරන්නට ගිහියන්ට අවසරයක් නැත. අවශ්‍ය නම් ඔබට ගරු නොකොට, දානය නොදී සිටිය හැක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එපමණකි.. සංඝයා නිවැරදි කිරීම සංඝ රත්නයට අයත් කාර්යයකි.

ඔබ කර්මය කෙරෙහි දැනුවත් වන්න.
ඔබ සංඝයා කෙරෙහි ඇඟිල්ලක් දිගු කරද්දී, සංඝයාට එරෙහිව වචනයක් පිට කරද්දී, ඒ ඔබ සිදු කරන්නේ නිලේශි සංඝ රත්නය කෙරෙහිම බව බරපතලයෙන් සිතට ගන්න. දානයක් දුන් විට පමණක් සාංඝික වී පින ප්‍රබල වන්නෙ නැත..පවක් වූවද එලෙසිනි..
ඔබේ පුද්ගලික මතයට වඩා විරුද්ධ අදහසක් දරණ ස්වාමින් වහන්සේලා කෙරෙහි නොගැටෙන්න.
උන් වහන්සේලාගේ නිවන් මග උන් වහන්සේලා බලා ගන්නවා ඇත..
අප ගැන වගකීම අපටය..
“වෛශ්‍යාව” ලෙසින් භික්ෂුණින් වහන්සේ නමකට ආමන්ත්‍රණය කොට කල්ප ගණන් නිරයේ පැසී, උපදින ආත්මයක් පාසා වෛශ්‍යාවක් වී ඉපිද අනේක දුක් විඳ, අවසානයේ රහත් වන ආත්මයේදීත් ශේෂ කර්ම විඳින්නට වූ අම්බපාලී රහත් තෙරණියද, ” පිස්සා” යැයි ආමන්ත්‍රණය කොට සසර පුරා උන්මත්තක භාවයට පත් වූ අයද මේ සංසාරය පුරා අනන්තය, අප්‍රමාණය.. අද වීරයන් ලෙස සංඝයා වහන්සේට නිගරු කරන, සමච්චලයට ලක් කරන බොහෝ දෙනා, කර්මයන් විපාක දෙන කල්හි එල්ලෙන්නට විය ගහක් වත් නොමැතිව අසරණ වන බව නොදන්නවා විය හැක. කර්මය යනු මේ ජීවීතයේ පමණක් විපාක දෙන්නක් නොව, ගොනා පසුපස එන රියසක මෙන් සසර පුරා පසුපස පැමිණෙමින් විපාක දෙන දෙයකි.

චීවරය නොමැති දිනට, කසාය කංඨක කෙනෙක් වත් නොමැති දිනට ඔබට අද වැඩ සිටින සංඝ රත්නයේ අගය වැටහෙනු ඇත..
දහම් පදයක් අසන්නට නොහැකි වූ සසර ගමනක් ඔබ තනිවූ දිනෙක, මිථ්‍යා දෘෂ්ටිකයන් මැද ඔබ තනිවූ සංසාර ගමනේ දිනෙක, අද මේ සිටින සංඝ රත්නයේ ගුණ ඔබ දකිනු ඇත..

මොහොතක් සිතන්න…
බුදු රජාණන් වහන්සේ සිහියට නැඟෙන, මේ බුද්ධ චීවරයේ මේ ලෝකයෙන් තුරන් වී ගිය දිනෙක… මේ ධර්මය තුරන් වී ගිය දිනෙක.. ඔබටත් මටත් සැනසෙන්නට දෙයක් තිබේද..!!!
සංඝයා හදන්නට පෙර ඔබ ධර්මය පිළිබඳ ඉගෙන ගන්න. උන් වහන්සේලා රකින ශීලය කුමක්දැයි අවබෝධ කරගන්න. පස් කම් සැප විඳිමින්, උපසම්පදා ශීලයක් රකින ස්වාමින් වහන්සේ නමකට ඇඟිල්ල දිගු කිරීමේ පාපය ගැන ඔබ දැනගන්නවා ඇත..!!

ඔබට ගින්දර සමඟ සෙල්ලම් කළ හැක..
නමුත් අත පුච්චා ගත් පසු පසුතැවිලි නොවන්න..

ත්‍රිවිධ රත්නයට ගරු කරන්න..!!!
ඔබට වරදින්නේ නැත..!!!

(මෙය ලියූ මා ගිහියෙකි..)

අමා සුව

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gLhFrL
පඨවි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය.

“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ මහ පොළොව ඩෙබර ඇට ඩෙබර ඇට පමණ ගුළිකොට, “මේ මාගේ පියාය, මේ ඔහුගේ පියායයි” කියා එක් තැනක තබන්නේ වේද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියවරුන්ගේ පියවරු කෙළවරට නොපැමිණෙත්. එහෙත් මේ මහ පොළොව කෙළවරවීමට, අවසානවීමට යන්නේය. ඊට හේතුව කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී.

“මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(දෙවෙනි පඨවි ධාතු සූත්‍රය නිමි.)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Av5NcI
කෙසෙල් කඳක් මෙන් හරයක් නැති සංස්කාර උපාදානස්කන්ධය. – ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය

යම්සේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතියේ හර සොයනුයේ හර සෙවීමෙහි සරනුයේ තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙනුයේ ද, හේ එහි ඇද නැති අලුත් නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කඳක් දක්නේ යැ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ යැ. මුල සිඳ අග සිඳින්නේ යැ. අග සිඳ, පත්වැටි ගලවන්නේ යැ. හේ එහි පත්වැටි ගලවනුයේ ඵලය ද නො ලබන්නේ ය. හර කොයින් ද? ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් විමසන්නේ යැ. දකින, සිතන, නුවණින් විමසන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යි. කිම, මහණෙනි, කෙසෙල් කඳෙහි හරයක් වන්නේ ද?

මහණෙනි, එසේයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංස්කාර කෙනෙක් ඇද්ද, දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙකුත් ඇද්ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙන්නේ යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි සංස්කාරයන්හි කුමන හරයෙක් වන්නේ ද?

https://ift.tt/2ZQ7gVI