Monthly Archives: November 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/35KAMin
💚💜 අපේ බුදුහාමුදුරුවෝ 260 (සන්තිකේ නිධානය) 💙💚💜

🌺 සත්සතිය 04

🌺 රුවන් ගෙයි වැඩ සිටීම සහ අවබෝධකොටගත් අතිවිශාල ධර්ම සාගරය මෙනෙහි කිරීම.

ඉන්පසු දෙවියන් විසින් ඒ ශ්‍රී මහා බෝධියට වායඛ්‍ය කෝණ යෙහි රුවන් ගෙයක් බුදුරජාණන් වහන්සේට මවනු ලැබුවා. අප බුදුපියාණන් වහන්සේ තුන්වන සතියෙහි රුවන් සක්මනින් මෙලෙස දින සතක් පසුකොට සතරවන සතියෙහි දෙවියන් මැවු රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දාවූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා එහි ඇති නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්‍රවර්තීන් වහන්සේ ද බුද්ධරාජ්‍යය ලදින් සද්ධර්ම නමැති රන් සමූහයන් සද්දවසක් මුළුල්ලෙහි විශේෂයෙන් වෙන වෙන බලා වදාරනු ලැබුවා. කෙසේ බැලූ සේක් ද යත්:-

🌺 තුන්පිටකය සම්මර්ශනය කිරීම
මම බුද්ධරාජ්‍යය ලදින් පන්සාලිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්‍රී විඳිමි යි, මාගේ ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිර ප්‍රධාන අසීති මහා ශ්‍රාවකදි කෝටිගණන් භික්ෂුණයා චන්ද්‍ර සූර්ය දිව්‍ය පුත්‍රයන් සේ ශෝභාමත් ව සසුන් බබුළුවති යි, මාගේ මේ ශාසන ය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවත්ති, මාගේ හික්ෂූන්ට අනුශාසනා පිණිස විනය පිටකය දේශනා කෙරෙමි යි, විනෙයජනයන් නිසා සූත්‍ර පිටකය දේශනා කෙරෙමි යි, මාගේ ප්‍රඥාවගේ සාර ය දක්වා දිව්‍ය බ්‍රහ්මයන්ට විජම්පිටකය දේශනා කෙරෙමි යි, මෙසේ සංක්ෂේපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරීක්ෂාකරන්නා වූ මාගේ ස්වාමිදරුවෝ:

🌺 විනය පිටකය සම්මර්ශනය

තවද: විනය පරිජි නම් මෙයය, (පාරාජිකාපාළිය) වින ය පවිති නම් මෙයය, (පාචිත්තපාළිය) විනය මහ වග නම් මෙයය, (මහාවග්ගපාළිය) විනය සුළුවග නම් මෙයය, (චුල්ලවග්ගපාලිය)

🌺 විනයපිටක අටුවා සම්මර්ශනය
විනය පරිවාර නම් මෙයය, ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මෙයය, සාරාර්ථදීපනි නම් වූ විනයටීකා නම් මේ ය යි මෙසේ ඒ විනය පිටකය මුඛ පාළි හා අටුවා ටීකා වසයෙන් නව අනූදහස් දෙසිය පනස් ග්‍රන්ථසංඛ්‍යාවකැයි බලා දැක.

🌺 සුත්‍ර පිටක සම්මර්ශනය

දීඝ නිකා සම්මර්ශනය
ඉන්පසු සුත‍්‍රපිටකය මෙනෙහි කොට එහි පමසඟියක් දැක, පළමු වන දික්සඟියෙහි ශීලස්කන්ධවර්ග ය නම් මේ ය, මහාවර්ගය නම්
මේය, පාථික වර්ගය නම් මේ යි තුන්වර්ගයක් දකින ලදී.

🌺 මජ්‌ඣිම නිකා සම්මර්ශනය
තව ද දෙවන මධ්‍යම සඟයෙහි මූලපණ්ණාස නම් මේ ය, මජ්ජිම පණාස නම් මේ ය, උපරිම පණ්ණාස නම් මේ ය යි තුණාසයක් දකිනු ලැබුවා.

🌺 සංයුත්‌ත නිකා සම්මර්ශනය
තව ද තුන් වන සංයුක්සඟියෙහි සගාථව ය නම් මේ ය, නිදාන වර්ගය නම් මේ ය, ස්කන්ධ වර්ග ය නම් මේ ය, සළායතන වර්ග ය නම් මේ ය, මහා වර්ග ය නම් මේ ය යි පමහා වර්ගයක් දැක;

🌺 අංගුත්තර නිකා සම්මර්ශනය
තවද සතරවනවූ අංගුත්තර සඟියෙහි එක-වික තිකනිපාත නම් මේ ය, චතුක්ක නිපාත නම් මේ ය, පකනිපාත නම් මේ ය, ඡ-සත්තක නිපාත නම් මේ ය, අය-නවක නිපාත නම් මේ ය, දසකාදස නිපාත නම් මේ ය යි ෂට්කාරයක් දැක,

🌺 ඛුද්දක නිකා සම්මර්ශනය
තවද පනක්ෂුද්‍ර ග්‍රන්ථ නම් සංගීතියෙහි වන චූලනිදෙශ නම් මේ ය, මහානිදෙශ නම් මේ ය, ප්‍රතිසම්භිදා නම් මේ ය, මහාව නම් මේ ය, ජාතකපාඨ නම් මේ ය, නෙත්පවුරුණු නම් මේ ය යි ෂට්කාරයක් සම්මර්ශනය කරනු ලැබුවා.

🌺 අටුවා සම්මර්ශනය
තව ද සුමඞ්ගල විලාසිනි නවූ සූත්‍ර අටුවා මේ ය, පපඤ්චසූදනී. නවු සුත්‍ර අටුවා මේ ය, සාරාර්ථප්‍රකාශනී නම් වූ සුත්‍ර අටුවා මේය, මනොරථ පූරණී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සද්ධර්ම ජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය, ප්‍රතිසභිදා නම් වූ සූත්‍ර අටුවා මේ ය, පරමාර්ථ ජොතිකා නම් වූ සුත්‍ර අටුවා මේ ය, උදාන නවූ සුත්‍ර අටුවා මේ ය, විමානවස්තු නම් වූ සුත්‍ර අටුවා මේ ය, ප්‍රේත වස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය, ථෙරගාථා නම් වූ සුත්‍ර අටුවා මේ ය, ථෙරිගාථා නම් වූ සුත්‍රය අටුවා මේ ය, චර්යයාපිටක නවූ සූත්‍ර අටුවා මේ ය, බුද්ධ වංශ නම් වූ සූත්‍ර අටුවා මේ ය, ධම්පියා නම් වූ සූත්‍ර අටුවා මේ ය, පන්සිය පනස් ජාතක නම් වූ සුත්‍ර අටුවා මේ ය. විශුද්ධිමාර්ග නම් වූ සූත්‍ර අටුවා මේ ය, මනෙත් පවුරුණු නම් වූ සූත්‍ර අටුවා මේ ය යි මෙසේ සූත්‍ර පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාරන පාළි හා අටුවා කථා සාරල : එකොළොස් දහස් පන්සියයක් ග්‍රන්ථයෙන් සම්පූර්ණ වී යයි මෙසේ සූත්‍ර පිටකය ම සම්මර්ශනය කරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ – පුජාවලිය

විශේෂ පුණ්‍යානුමෝදනාව – ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද පූජ්‍යපාද දිගන සුගතවංශ හිමිපාණන් වහන්සේහට, මෙහි බොහෝ ගැටළු සහගත තැන් නිරවුල් කරදීම සඳහා මා හට අනුශාසනා කළා වූ රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි හිමිපාණන් වහන්සේට, රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බෞද්ධ ජනයා අතර බෙදා හැරීමට පියවරගත් අපගේ කල්‍යාණ මිත්‍ර Path to Nirvana වෙබ් පිටුව නිර්මාතෘ පින්වත් ජනක මහතාට, ඇතුළු මෙය අන්තර් ජාලය තුල බෙදාහරින පින්වත් ඔබ සැමට.
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
19-11-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2UxMhD9
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
ධුරන්දර
මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත අවසර අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටුකළ අපරිමිත මෙහෙවරෙහි කුසල ශක්තියෙන් මතු නුදුරු භවයකදී ම පතන්නා වූ බෝධියකින් අජරාමර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගනිත්වා යැයි පුණ්‍යානුමෝදනා කරමු.. !!

මහා නායක ස්වාමීන් වහන්සේ පිළිබඳ තොරතුරු සහිත ලිපියකි👇👇

https://ift.tt/3f5UwQk

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3ntnNaC
අද පාලි භාෂාවේ පද ගැන දැනගනිමු.

පාලි භාෂාවේ පද

පාලි භාෂාවේ භාවිත වන පද ප්‍රධාන කොටස් 4 ක් වේ.
1. නාමපද
2. ක්‍රියාපද
3. නිපාතපද
4. උපසර්ග
නාමපද
කිසියම් පුද්ගලයෙක්, සතෙක් හෝ ද්‍රව්‍යයක් හැඳින්වීමට යොදන පද විශේෂය නාමපද නම් වේ.
උදා:
බුද්ධ (බුදුරජාණන් වහන්සේ)
ධම්ම (ධර්මරත්නය)
සංඝ (සංඝරත්නය)
පුරිස (පුරුෂයා)
රුක්ඛ (වෘක්ෂයæ
දෙව (දෙවියා)
මේවා ආකාර 4 කි.
1. නාම නාම: කිසියම් පුද්ගලයෙක් හෝ වස්තුවක් හඳුන්වන පොදු නාමපද. උදා: රුක්ඛ
2. සංඥා නාම: කිසියම් පුද්ගලයෙක් හෝ වස්තුවක් විශේෂයෙන් හැඳින්වීමට යොදන නම්. උදා: ආනන්ද
3. සර්ව නාම: පොදුවේ නාමපද වෙනුවට යොදන නාමපද. උදා: සො (හෙතෙමේ)
4. සමාස නාම: නාමපද කිහිපයක් එකතු කරමින් සංක්ෂේප කිරීම පිණිස සකසාගන්නා නාමපද. උදා: නීලං+උප්පලං = නීලුප්පලං (නිලුපුල්)
5. තද්ධිත නාම: නාමපදයකට ප්‍රත්‍යයක් එකතු වීමෙන් සාදාගන්නා පද. උදා: මගධ+ණික = මාගධික (මගධයේ වැසි/මගධයට අයත්)
6. කිතක නාම: ධාතුවකට ප්‍රත්‍යයක් එකතු වී සෑදෙන නාමපද. උදා: √භූ+තබ්බ = භවිතබ්බං (විය යුතු)

මෙම නාමපද වාක්‍යයක යෙදෙන අවස්ථාව අනුව විභක්ති 9 ක වරනැගීම සිදු වේ. ඉහත බුද්ධ ශබ්දයේ නොයෙක් රූප ලෙස හඳුන්වා දෙන ලද්දේ එම වර නැගෙන ආකාර 7 ක් වේ.

1. පඨමා විභක්තිය – වාක්‍යයක උක්තය ලෙස.
උදා: ‘මිනිසා ගස කපයි’ යන වාක්‍යයේ ‘මිනිසා’ යනු උක්තයයි.

2. දුතියා විභක්තිය – වාක්‍යයක කර්මය ලෙස.
උදා: ‘මිනිසා ගස කපයි’ යන වාක්‍යයේ ‘ගස’ යනු කර්මයයි.

3. තතියා/කරණ විභක්තිය – ‘විසින් / කරණ කොටගෙන’ යන අර්ථයේ.
උදා: ‘මිනිසා පොරොවෙන් ගස කපයි’ යන වාක්‍යයේ ‘පොරොවෙන්’ යනු කරණයයි.

4. චතුත්ථි විභක්තිය – යමක් ‘ලබන්නා’ ලෙස (සම්ප්‍රදානය).
උදා: ‘මව පුතාට පොතක් දෙයි’ යන වාක්‍යයේ ‘පුතාට’ යනු සම්ප්‍රදානයයි.

5. පඤ්චමී විභක්තිය – ‘යමකින්’ වෙන් වීමේ අර්ථයේ (අපාදානය).
උදා: ‘ළමයා ගසින් වැටෙයි’ යන වාක්‍යයේ ‘ගසින්’ යනු අපාදානයයි.

6. ඡට්ඨි විභක්තිය – ‘අයිතිය’ හැඟවීමේ අර්ථයේ (ස්වාමි).
උදා: ‘ළමයාගේ අත’ යන වාක්‍යයේ ‘ළමයාගේ’ යනු ස්වාමි අර්ථයයි.

7. සත්තමී විභක්තිය – ‘යමක් කෙරෙහි’ යන අර්ථයේ (ආධාරාර්ථය).
උදා: ‘කයෙහි ඇති රෝග’ යැයි කියන විට ‘කයෙහි’ යනු ආධාර අර්ථයයි.

මීට අමතරව ආලපන විභක්තිය යනුවෙන් ද විභක්තියක් ඇත. එනම් යම් කෙනෙක් ආමන්ත්‍රණය කිරීමයි.
උදා: භික්ඛවෙ (මහණෙනි)

එබැවින් පාලි වාක්‍යයක නාමපද නොයෙක් ආකාරයෙන් වර නැගී ඇති ආකාරය හඳුනාගත යුතු වේ.

අභ්‍යාසය 8

පහත සූත්‍රපාඨයේ ඇති නාමපද හඳුනාගන්න. ඒවා වරනැගී ඇති ආකාරය සිංහල පරිවර්තනය ඇසුරෙන් හඳුනාගන්න.

එවං මෙ සුතං, එකං සමයං භගවා අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාළන්‌දං අද්‌ධානමග්‌ගප්‌පටිපන්‌නො හොති මහතා භික්‌ඛුසඞ්‌ඝෙන සද්‌ධිං පඤ්‌චමත්‌තෙහි භික්‌ඛුසතෙහි. සුප්‌පියොපි ඛො පරිබ්‌බාජකො අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාළන්‌දං අද්‌ධානමග්‌ගප්‌පටිපන්‌නො හොති සද්‌ධිං අන්‌තෙවාසිනා බ්‍රහ්‌මදත්‌තෙන මාණවෙන. තත්‍ර සුදං සුප්‌පියො පරිබ්‌බාජකො අනෙකපරියායෙන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති, ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති, සඞ්‌ඝස්‌ස අවණ්‌ණං භාසති; සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තෙවාසී බ්‍රහ්‌මදත්‌තො මාණවො අනෙකපරියායෙන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති, ධම්‌මස්‌ස වණ්‌ණං භාසති, සඞ්‌ඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්‌තෙවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා භගවන්‌තං පිට්‌ඨිතො පිට්‌ඨිතො අනුබන්‌ධා හොන්‌ති භික්‌ඛුසඞ්‌ඝඤ්‌ච.

සිංහල පරිවර්තනය

මා විසින් මෙසේ අසන ලදී . එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික‍ෂුසංඝයා සමඟ රජගහනුවරටත් නාළන්දා නුවරටත් අතර දීර්ඝමාර්ගයට පිළිපන් සේක . සුප්පිය නම් පිරිවැජියා ද බ්‍රහ්මදත්ත නම් තරුණ අතවැසියා සමඟ රජගහනුවරටත් නාළන්දා නුවරටත් අතර දීර්ඝමාර්ගයට පිළිපන්නේ වෙයි . එහි දී සුප්පිය පිරිවැජිතෙමේ නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි . එහෙත් සුප්පිය පිරිවැජියාගේ අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට ගුණ කියයි, ධර්මයට ගුණ කියයි, සඝයාට ගුණ කියයි . මෙසේ ඒ ඇදුරු අතවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් භික‍ෂුසංඝයාත් අනුව පිටුපසින් පිටුපසින් ගියාහු වෙත්.
(දීඝනිකාය, බ්‍රහ්‌මජාලසුත්‌තං)

සා මාගධී මූලභාසා පිටුවෙන්

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3lByZBw

from Path to Nirvana https://ift.tt/3lufcUv
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කරගත් ජීවිතයක්‌ ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇතිකරගන්න කෙනෙක්‌ වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්‌ක කෙනෙක්‌. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්‌තිය සරණගිය කෙනෙක්‌. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක්‌ කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්‌තිය සරණගිය පිංවතා, පිංවතිය අනුනගේ මුහුණ බලමින් කාගෙන් මට සරණක්‌ පිහිටක්‌ ලැබෙයිද සොයමින් නොයන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමාගේ පෞරුෂත්වයෙන් බුදුරජාණන් වහන්සේගේ ශක්‌තිය පසුපසින් ඔහු නැගී සිටිනවා. නිරතුරුව සුගතිය දකිමින් ජීවත්වන නිසා මොහුට බියක්‌ දැනෙන්නේ නැහැ.

තෙරුවන් කෙරෙහි ශද්ධාවෙන් බැහැරව ගිය කාට වුවද බිය සකස්‌ වෙනවා. එහෙම කෙනාමයි දකින දකින මනුෂ්‍යයාගේ දකින දකින දේව රූපයන්ගේ මුහුණ බලමින් කාගෙන් මට පිහිටක්‌ ලැබෙයිද සොයමින් පිහිට සොයා යන්නේ. පිංවත් කළ්‍යාණ මිත්‍රයෙක්‌ ඇසුරු කරමින් ධර්මය දෙස බලමින් ජීවත් වෙන්න. මෙතනදී ධර්මය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයයි. කාගේ මුහුණ බැලුවත් ඔබට පෙනෙන්නේ ඔච්චරයි. ඔබ තුළ සකස්‌ වෙන්නේද ඔච්චරයි. ඒ නිසා අනුනගේ මුහුණ බැලීම නවතා දමා අනුනගේ මුහුණ බලන්න කියල අණ කරන ඔබේ සිත දෙස බලන්න. එවිට ඔබට දැනේවි තමාගේ මුහුණවත් ඔබට අයිති නැති බව. එහෙම එකේ අනුනගේ මුහුණ බලලා මොනවා අයිති කරගන්නද…?

භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටියේ නුදුරුගමේ උපාසිකාවක්‌ සිටිනවා. ඇය වයෝවෘද්ධ කාන්තාවක්‌ ඇය තමයි ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. පසළොස්‌වක පොහොය දවසට සිල්සමාදන් වුණා. පිරිසට මුද්‍රිත කොළවල ඇති බුදුගුණ භාවනාව ශබ්ද නගල කියාදෙන්නේ ඇයමයි. පසුගිය දිනයක ඇය දැඩි ලෙස රෝගාතුරවෙලා රෝහලේ නවත්තලා. රෝහලේදී ඇයට ගොඩාක්‌ අසාධ්‍ය වෙලා ඇයට හුස්‌ම ගැනීමේ අපහසුව ඇති වෙලා. ඇය හිතලා තිබෙන්නේ ඇය මැරෙන්නයි යන්නේ කියල. ඒ තරමට ඇය අසාධ්‍යවෙලා. නමුත් කොහොමහරි ඇය මිය ගියේ නැහැ. නියමිත දිනයේදී භික්‍ෂුව ඇයගේ නිවසට පිංඩපාතයට වඩිනවිට ඇය කියනවා හාමුදුරුවනේ මැරෙනවාය කියන කාරණය මේ තරම් වේදනාත්මක දෙයක්‌ කියල තමා හිතුවේ නැහැය කියලා. මැරෙන්න යන වෙලාවේ තමන්ට ආපු බය මට කියාගන්න බැහැය කියල. ඇයට එම අසාධ්‍ය අවස්‌ථාවේදී තමා කරපු පිංකමක්‌ මතක්‌වෙලා නැහැ. ලෞකික බැදීම්මයි මතකයට ඇවිත් තිබෙන්නේ. ඒවා දමල යන්න බැහැය කියන බියමයි සකස්‌වෙලා තිබෙන්නේ.

බලන්න ඇය ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. අනුනට බුදුගුණ කියාදුන්නත් තමා අමූලිකා ශද්ධාව තුළයි ඉඳල තිබෙන්නේ. ඒ කියන්නේ කොළයක්‌ බලාගෙන බුදුගුණ ප්‍රකාශ කළත් බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ සැබෑ ගුණයත්, ඥාණයත් කෙරෙහි විශ්වාසය සකස්‌වෙලා නැහැ. ඒ නිසාම ශීලයෙන් පරිපූර්ණත්වයට පත්වෙලා නැහැ. මේ හේතු දෙක නිසාමයි මරණ වෙලාවේ බිය සකස්‌වෙන්නේ. පිංවත් ඔබ අනුනගේ මුහුණු බලමින් යන්න එපා. තෙරුවන්ගේ ගුණයන් දෙස බලමින් ඉන් සකස්‌කොට ගන්නා ශක්‌තියෙන් මරණ බිය පරාජයකර දමන්න. මරණ බිය ඔබෙන් බැහැර කරන්නේ දොස්‌තර මහත්තයාවත් ඖෂධවත් නොව තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාව විසින්මයි.

භික්‍ෂුව වැඩසිටිය කුටියේ සිට ගමට වඩින බොරළු සහිත ගුරුපාරේ වඩිනවිට පාපැදි දෙකකින් තරුණ යුවළක්‌ භික්‍ෂුව සොයා පැමිණියා. එම දෙපළ මීට කිලෝමීටර් 7ක්‌ පමණ එහා ගමක බව ප්‍රකාශ කළා. දැඩි අව්රශ්මියෙන් සහ තෙහෙට්‌ටුවෙන් පීඩා විඳිමින් සිටි මේ දෙපළ මාර්ගය අසල ඇති දියකඩිත්තකින් දෑත් දෙපා දෝවනය කරගෙන වහ වහා පැමිණ බොරළු පොළව මත පසඟ පිහිටුවා දීර්ඝ ගාථා පෙළක්‌ කියමින් භික්‍ෂුවට වන්දනා කළා. එය එසේ මෙසේ වන්දනාවක්‌ නොව. හදවතින්ම කළ වන්දනාවකි. අවංකව භික්‍ෂුව ඔවුන් ප්‍රකාශ කළ ගාථා පෙළ කට පාඩමින් කියන්න දන්නෙ නැහැ. මහ අව්කාශ්ඨකයේ බොරළු ගුරු පාර මත නළල බිම තබා පසඟ පිහිටුවා එම තරුණ දෙපළ වන්දනා කරනවිට භික්‍ෂුව සිතුවේ මොවුන් දෙදෙනා මොනතරම් ගෞරවයෙන්ද මේ වන්දනා කරන්නේ කියලා. මොවුන් දෙදෙනා භික්‍ෂුව කෙරෙහි යම් විශ්වාසයක්‌ පෙරදැරිවයි මේ වන්දනා කරන්නේ. ඔවුන් විශ්වාස කරන්නාවු ඒ ගුණය භික්‍ෂුව තුළ නොතිබ්බා නම් ඒ වන්දනාව ලබන විටම භික්‍ෂුවගේ හිස පුපුරාවි කියල භික්‍ෂුවට සිතුනා.

අපි සිතමු ඒ දෙපළ විශ්වාස කළා භික්‍ෂුව ශීලයෙන් පරිපූර්ණ කෙනෙක්‌ය කියල. එහෙම සිතල ඒ අය කරන ගෞරවණීය වන්දනාව ලබන භික්‍ෂූව ශීලයෙන් පරිපූර්ණ නැතිනම් ඒ ගෞරවණිය වන්දනාව ඉදිරියේ භික්‍ෂුවගේ හිස පුපුරා යාවි. මෙතනදි භික්‍ෂුවගේ හිස පුපුරනවාය කියන්නේ හිස කෑලි කෑලිවලට කැඩී යනවා නොවේ හිස මානසික වශයෙන් අවුලෙන් අවුලටම පත්වෙනවා. ඊටපස්‌සේ තමා කරන්නේ මොනවාද කියල තමා දන්නේ නැහැ. කතා කළ යුතු දෙය කතා කරන්නේ නැහැ. කතා නොකළ යුතු දෙය කතා කරනවා. කොටින්ම ඔහු මානසිකව අවුල් භාවයට පත් වෙනවා.

පිප්ඵලී කියන බමුණු තරුණයා සියතින්ම සිවුරු පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්‌ථානය සොයාගෙන යනවා. ඔහුට ඈතින් පෙනෙනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා. මින් පෙර බුදුරජාණන් වහන්සේ දැක නොතිබුණ පිප්ඵලී තරුණයා තමා සොයන උතුම් ශාස්‌තෘන් වහන්සේ ප්‍රථම දැක්‌මෙන්ම හඳුනා ගන්නවා. ඒ හඳුනාගත් මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේ උදෙසාම මගේ පැවිද්ද වේවා කියල සියතින් පැවිදි භාවයට පත්වී සිටි තරුණයා බිම දිගාවී දොහොත් මුදුන් තබා මහපොළව මත පසඟ පිහිටුවා වන්දනා කරමින්මයි බුදුරජාණන් සමීපයට පැමිණෙන්නේ. එසේ පැමිණ පිප්ඵලී තරුණයා බුදුරජාණන් වහන්සේට දක්‌වන ගෞරවය දැකපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිප්ඵලී තරුණයා කරන ලද ගෞරවණීය වන්දනාව මා සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකොට ලැබුවානම් මගේ හිස සත් කඩකට පුපුරා යාවි කියල. යම් භික්‍ෂුවක්‌ තමා තුළින් ඇතිකර ගත්තාවු ගුණයන් එම ගුණයන් උදෙසා ගිහි පිංවතුන් විශ්වාසයෙන් කරන්නාවූ වන්දනාවන් පූජනීය දෙයක්‌. ඒ වගේමයි අපි මේ කාරණා දෙක වරදවා ගතහොත් එය ඒ තරමටම භයානක දෙයක්‌ වෙනවා.

අපිට වන්දනා කරන පිංවතුන් බලාපොරොත්තුවන ගුණයන් අපි ළඟ නොමැතිනම් වැඳුම් ලබාගැනීමේදී අපි පරිස්‌සම් වෙන්න ඕනේ. අපි හැකිතාක්‌ ශීලයෙන් ශක්‌තිමත් වෙමින් සුදානම් විය යුතුයි, ලෝකයාගෙන් ලබන ගෞරවණීය වන්දනාවන් දරාගැනීමේ ශක්‌තිය ඇතිකර ගැනීමට. එසේ නොවුණහොත් අපේ හිස අවුල්වේවි. එවැනි ගෞරවණීය වන්දනාවක්‌ ලබන මොහොතේදීවත් දස දිසාවට මෛත්‍රීය පතුරුවමින් ඒ අයට ආශීර්වාද කරන්න අපි දක්‍ෂවෙමු. එවිට අපට පුළුවන් අවදානමින් යම් පමණකට මිදෙන්න. වන්දනා කිරීමත්, වැඳුම් ලබාගැනීමත් ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව නුවණින් මෙනෙහි කරමු.

ඒ වගේමයි සමහර පිංවතුන්ලා සිටිනවා සිටගෙන වඳිනවා, තවත් සමහර පිංවතුන්ලා සිටිනවා දෙකට නැවිලා වඳිනවා. ස්‌වාමීන් වහන්සේ නමකට නොවැඳම සිටිනවාට වඩා එහෙම වන්දනා කරන එකත් හොඳයි. නමුත් මේ සියලු කාරණා සිද්ධවෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තවම සකස්‌ නොවීමේ හේතුවයි. නමුත් වර්තමානයේ ගොඩාක්‌ පිංවතුන්ලා ස්‌වාමීන් වහන්සේලාට පසඟ පිහිටුවලා වන්දනා කරනවා. පිංවතුන්ලා ඒ වන්දනා කරන්නේ ඔබ තුළ ඇතිකරගත් උතුම් ගුණයන්ටමයි. ඔබ ඔබටම කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයක්‌ එම වන්දනාවන් තුළ සැඟවිලා තිබෙනවා…!!!

තෙරුවන් සරණයි …!!!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් “අතහැරීම 06” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න