Monthly Archives: January 2021

New at Little Bit


from Path to Nirvana https://ift.tt/35QNL1s
ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛනිකායික ආරණ්‍යවාසී ගිලන් භික්ශූන් වහන්සේලා සදහා ඉදිකෙරෙන ගිලන් භික්ශු උපස්ථාන මධ්‍යස්ථානය සදහා දැන් ඔබටත් දායක විය හැක.

ලංකාවේ ආරණ්‍යවාසී ගිලන් භික්ශූන් වහන්සේලාට සිය අවසාන කාලයේ භාවනා යෝගීව ගතකරමින් උපස්ථාන ලැබීමට සුදුසු විධිමත් ස්තානයක් නොමැත. එයට විසදුමක් ලෙස ඇත්දලගල ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජණීය කරන්දෙනියේ ඥානවීර හිමියන්ගේ ගෞරවනීය අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ ආරණ්‍යවාසී ගිලන්භික්ශූ උපස්ථාන මධ්‍යස්ථානයක් මෑතකදී අපවත්වී වදාල අතිපූජණීය ඩෙන්මාර්ක් ජාතික ඥානදීප හිමියන් අවසන් කාලයේ වැඩසිටි ඇත්දලගල ආරණ්‍යයේ ඉදිකිරීමට යෝජිතය.

මෙම ගිලන්භික්ශූ උපස්ථාන මධ්‍යස්ථානය තුල ස්වාමින්වහන්සේලා 4 නමකට සක්මන් මලු සමග කුටි පහසුකම් , පොදු දාන ශාලාවක් හා මුලුතැන්ගෙයක් අන්තර්ගතය.

මේ සදහා ඇස්තමේන්තුගත මුළු වියදම දළ වශයෙන් රුපියල් මිලියන 19ක් පමණ වන අතර එයින් 35%ක් පමණ ශ්‍රමය සදහා වැය වන බව ගණන් බලා ඇත.

එයට අවශය ශ්‍රම දායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විටත් ඉදිරිපත් වී ඇත.

දැරීමට ඇති අනෙකුත් වියදම් සදහා පින් කැමති ඔබගේ නොමසුරු දායකත්වය අපි බලාපොරොත්තු වන්නෙමු.

මේ සදහා ඔබගේ ආධාර පහත සදහන් බැංකු ගිණුමට තැන්පත් කළ හැකි බව කරුනාවෙන් සිහිපත් කරමු.

බැංකුව – Bank of Ceylon
ශාඛාව – Meegalewa
ගිණුමේ නම – ATDALAGALA ARANYA BIKSHU GILANOPASTHANA ARANYA SENASANAYA WEDINIGAMA
ගිණුම් අංකය – 6767830
Swift අංකය –

මේ පිළිබද වැඩිදුර තොරතුරු ඔබට ඇත්දලගල ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජණීය කරන්දෙනියේ ඥානවීර හිමියන් හා සම්බන්ධවීමෙන් ලබාගත හැක.
0779372530
0718616712
0765863699 – Whatsapp
මෙම ප්‍රදේශයට දුරකතන සංඥා අවම බැවින් ස්වාමින්වහන්සේගේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වුවහොත් SMS පණිවුඩයක් මගින් ඔබේ පණිවිඩය ලබා දීමට කාරුණික වන්න.

හැකිනම් මෙය Share කර සහයෝගයක් දක්වන්න.

තෙරුවන් සරණයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XSchLh
බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නා හිමි වැනි සමකාලීන ධර්මධරයන් අතරින් ගෞරවයට පාත්‍ර වුණ චතුරාර්‍ය්‍ය සත්‍යය වැනි නිවන ඉලක්ක කර ගත් මෙවැනි තවත් පොත් නැවත නැවත පස් හය වතාවක් වත් කියවමු.

—කියවන්න (HTML)—
1) චතුරාර්‍ය්‍ය සත්‍යය පොත
https://tipitaka.lk/library/470/download#_Toc459407547දුඃඛස්කන්ධයෙන්
2) දුකින් මිදීමේ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය (පටිච්ච සමුප්පාද විවරණය පොත)
https://ift.tt/3nUmf9p
3) විදර්ශනාව (විදර්ශනා භාවනා ක්‍රමය පොත)
https://ift.tt/3p11URa

—ශ්‍රවණය කරන්න(Audio)—-
1) චතුරාර්‍ය්‍ය සත්‍යය

2) පටිච්ච සමුප්පාද විවරණය

3) විදර්ශනා භාවනා ක්‍රමය

(මහ තෙරුණ්ගේ මෙම පැරණි ඡායාරූපය වර්ණ ගන්වන ලද්දකි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3qs1kwe
🌺🌺 බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

මේ සටහන ලියන්න ගත්තේ 2021 ජනවාරි 12 වෙනිදා. පසුගිය දවසක රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක මහත්මයා හිරිවඩුන්න පන්සලට ගියාම පොඩි කලබලයක් ඇතිවුනා කියලා දැක්ක නිසයි ලියන්න හිතුනේ. මම අවුරුදු 20ක්ම ආණ්ඩුවේ රස්සාවක් කරලා දැනට නම් පදිංචිව ඉන්නේ කැනඩාවේ. මේ ලියුමේ තියෙන හිරිවඩුන්න ගැන අත්දැකීම කැනඩාවේදී මට ලැබුනත්, තොරතුරු රාශියක්ම තියෙන නිසා ලිපිය ටිකක් දිග වුනත්, අවසානයටම කියෙවුවොත් ඔබ හුඟක් දෙනෙකුට හිරිවඩුන්න ගැන අලුත් රසවත් කතාවක් දැනගන්න පුලුවන් වෙයි.

☘☘ හිටපු හිරිවඩුන්න අරණ්‍ය සේනාසනාධිපති මුණගැසීම

අවුරුදු දෙකකට ඉස්සර වෙලා කැනඩාවේ අපේ පන්සලේ වස් වැසීමට නායක හාමුදුරුවන් වහන්සේ නමක් වැඩම කලා. ඒ ස්වාමීන්වහන්සේ මීට පෙර හිරිවඩුන්න පංසල (සුදුබෝධිය) කියන හිරිවඩුන්න ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩවාසය කරපු ඉන්පස්සේ දඹුල්ල වෑවලවල පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිපති, අස්ගිරි නිකායේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවිය හෙබවූ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය නාලන්දේ ජිනාරාම ස්වාමීන් වහන්සේයි. හිරිවඩුන්න ගැන කතාබහක් ඇතිවුන වෙලාවක මම “හාමුදුරුවනේ බුද්ධගයාව කියන්නේ හිරිවඩුන්නටද” කියලා උන්වන්සේගෙන් විමසුවා. උන්වහන්සේ පොඩි සිනාවක් පහල කරලා පහත සඳහන් බොහොම රසවත් විස්තරේ මට කිව්වා. අහන්නකෝ උන්වහන්සේගේම වචන වලින්.

☘☘ වසභ රජතුමා විසින් කරවන ලද වැව

හිරිවඩුන්න කියන්නේ වසභ රජතුමා කරවපු වැවක් තියෙන පුරාණ ගමක්. වසභ රජතුමා ක්‍රිස්තු වර්ෂ 67 සිට 111 දක්වා අවුරුදු 44 ක්ම රජකම් කරලා තියෙනවා. හිරිවඩුන්න තියෙන්නේ හබරණ හන්දියට කි.මි. 5 ක් පමන දුරින්. මේ ගමේ තියෙන විහාරස්ථානයත් බොහොම පැරණියි කියන්න පුලුවන් සාධක බොහොම තියෙනවා. වසභ රජතුමාගේ කාලයට සම්බන්ධ විය හැකියි.

☘☘ සුදු බෝධිය

විහාරස්ථානයේ බෝධියත් බොහොම පැරණියි. මම ඒ විහාරස්ථානයේ ඉන්න කාලේ බෝධියේ මුල ආශ්‍රිතව සුදුපාට කොල 10 ක් පමණ තියෙන කුඩා අත්තක් හැදුනා. මේ නිසා බෝධිය “සුදු බෝධිය” කියලා ප්‍රසිද්ධ වුනා. අපි මේ සුදු අත්ත ගැන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිලධාරීන් දැනුවත් කලා. ඒ අය පරීක්ශා කරලා බලලා කිවුවා මේක ජාණ විකෘතියක් නිසා ඇතිවුන සාමාන්‍ය ස්වභාවික සිදුවීමක් කියලා. ටික දවසකින් මේ අත්ත මැරිලා ගියා. ආයිත් සැරයක් එතනම සුදුපාට අත්තක් හැදුනා. ඒකත් මැරිලා ගියා. ඊට පස්සේ තවම එතන සුදුපාට අත්තක් හැදුනේ නැහැ. ඒ දවස්වල මට මතකයි මීවනපලානේ කියලා නම පටන්ගන්න වයසක සාමනේර උන්නන්සේ කෙනෙකුත් ඇවිත් මේ සුදුපාට අත්ත බලල ගියා.

☘☘ නේරංජනා නදිය සෑදුන සැටි සහ පහන්බණ්ඩාර යක්ෂයා

වසභ රජතුමා හදුපු වැවේ කන්ඩිය 1956 ඇතිවුන ගංවතුරේදී කැඩිලා ගිහින් කුඩා දිය පාරක් හැදුනා. ඒ දියපාර තවමත් එතන තියෙනවා. දැන් වැවේ වාන්වතුර යන්නේ එතනින්. හිරිවඩුන්න ආශ්‍රිත ගම්වල උදවියගේ පැරණි කාලේ ඉඳලා සිරිතක් තියෙනවා පලවෙනි වී අස්වැන්න ලැබුනාට පස්සේ “පහන් බණ්ඩාර” කියන යක්ශයෙකුට, සමහරු දෙවිකෙනෙක් කියලාත් කියනවා, කිරිබත් පූජාවක් පවත්වන්න. මේ කිරිබත් පූජාකරණ ගල් මේසය “කිරිබත්දෙන ගල” කියලා ඉස්සර ඉඳලාම ප්‍රසිද්ධයි.

☘☘ සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජා කරනු ලැබුවා යැයි සැලැකෙන ගල්මේසය නිර්මාණය කිරීම

ටික කාලෙකට පස්සේ ආරංචියක් ආවා, අර මීවනපලාන නම තියන සාමනේර උන්නන්සේ අපේ විහාරස්ථානයට ඇවිත් ගියාට පස්සේ කියලා තියෙනවාලු අර කුඩා දියපාර නේරංජනා නදියයි කියලා. අර පහන් බණ්ඩාරට කිරිබත් දෙන ගල් මේසය පෙන්නලා කියලා තියෙනවා මෙතන තමයි සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජාකරපු තැන කියලා. මේ වගේ හිතට එන එන දේවල් කියන්නේ ඇයි කියලා හිතන්න අමාරුයි. මානසික ආබාධයක් නැතිනම් යටි අදහසක් ඇති කියලා හිතෙනවා.

☘☘ අරණ්‍ය සේනාසනයෙහි නිසල බවට බාධා පැමිණීම

ඔය කියන දියපාරයි, බොධියයි තියෙන්නේ බොහොම ලඟින්, මීටර් 50 ක් 60 ක් පමන දුරින්.නමුත් දේශණාවේ හැටියට ශ්‍රී මහා බෝධියත් නේරංජනා ගඟත් අතර සෑහෙන දුරක් තිබිය යතුයි. හිරිවඩුන්නට බුදුරජාණන් වහන්සේ වැඩිය බවකට නම් කිසිම සාධකයක් නැහැ. මේ නිසා මං විහාරාධිපති කාලයේදී දායක සභාවත් සමග සාකච්ඡා කරලා මේ විහාරස්ථානයට ඇතුලුවෙන තැන බෝඩ් එකක් සවිකලා “මෙතැන බුද්ධත්වය ලැබූ බෝධිගයාව නොවේ” කියලා. දැන්නම් ඒ බෝඩ් එක තියෙනවාද දන්නේ නැහැ.

☘☘ කුසතණ පඳුර නිර්මාණය

මෙතැන “කුසතණ” පඳුරක් ගැන බොහොම රසවත් කතාවකුත් තියෙනවා. අපේ විහාරස්ථානයට නිතර යන එන බොහොම උදවු කරන උපාසක මහත්මයෙක් මේ ගමේ ඉන්නවා. ඒ උපාසක මහත්මයාගේ නම නම් මගේ මතකයට එන්නේ නහැ. මම විහිලුවට ඒ උපාසක මහත්මයාට කියන්නේ “සොත්තිය බමුණා” කියලායි. ඒ උපාසක මහත්මයා දවසක් විහාරස්ථානයට ඇවිත් කිවුවා, සති දෙකකට විතර “තලාගොඩ” කියන ගමේ ඉන්න දුවගේ ගෙදරට යනවා කියලා, ගෙපලක් කපලා අත්තිවාරමක් දමන්න උදවු වෙන්න. ආපහු එනකොට, මේ උපාසක මහත්මයා ගෙපල කපපු තැන තිබූනා කියලා පොඩි “කුසතණ” පැලයක් ගෙනැල්ලා විහාරයේ පරවුන මල් දාන තැන කිට්ටුව පැලකලා. මේ පැලයත් බොහොම සරුවට හැදුනා. මේ කුසතණ පඳුර තමයි ඔය මිත්‍යදෘශ්ඨිකයෝ කියන විදියට දැනට අවුරුදු 2600 කට පෙර සොත්තිය බමුණා බුදුරජාණන් වහන්සේට පූජාකරපු කුසතණ 8 මිටක් ගත්තු පඳුර.

☘☘ වජ්‍රාසනය නිර්මාණය කිරීම

විහාරස්ථානයේ පැරණි බෝධිය තියෙන තැන මල් පූජා කරන ගල් ආසනයක් තියෙනවා. දැන් කියනවාලු ඒක තමයි “වජ්‍රාසනය” කියලා. වජ්‍රාසනය කියන තෙරුමවත් මේ අය දන්නේ නහැ. ගල් ආසනයක් ගැන නම් දේශණාවේ කිසිම තැනක සඳහන්වන්නේ නැහැ. මේවා තමතමන්ගේ හිතට එන විහිලු කතා.

බුද්ධගයාව ආශ්‍රිතව තව බොහෝ ස්ථාන ගැන දේශනාවේ සඳහන් වනවා. බෝධිසත්වන් වහන්සේ දුශ්කර ක්‍රියා කරපු ස්ථානය, සුජාතා සිටුදේවියගේ ගම වූ “සේනානි ගම” ආදී තැන් දැන් ඉන්දියාවට යන අයට බලාගන්න පුලුවනි. දුශ්කරක්‍රියා කරපු ස්ථානය දනට “දුර්ගේශ්වරී” කියලා හඳුන්වනවා. මේ ස්ථානය තියෙන්නේ බුද්ධගයාවට කි.මි. 10 ක් 12 ක් පමන දුරින්. සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජාකරපු ස්ථානයේ අශෝක අධිරාජයා කරවපු විශාල චෛත්‍යයක කොටසකුත් දැකගන්න පුලුවනි. ඒ වගේම මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩවාසය කලා කියලා සඳහන්වන “පිප්පලී ගුහාවත්” බුද්ධගයාවට කි.මි. 30 ක් 40 ක් දුරින් ගිරි දුර්ගයක තියෙනවා. බිම්බිසාර රජතුමාගේ මාලිගාවේ නටබුන්, ගිජ්ජකූට පර්වතය ආදියත් ඉන්දියාවේ බුද්ධගයාවට තරමක් දුරින් තියෙනවා. බුද්ධගයාව ලංකාවට වඩම්මවන්න දඟලන මේ මිත්‍යදෘශ්ටික උදවිය බුද්ධචරිතය සම්බන්ධ අනිකුත් ස්ථානත් ලංකාවට ගෙනෙයිද දන්නේ නැහැ. හැබැයි හැමදාමත් මිනිස්සුන්ව රවට්ටන්න බහැ.

ඔන්න ඔහොම තමයි අතිපූජ්‍ය ජිනාලංකාර ස්වාමීන්වහන්සේ කතාව අවසන් කෙරුවේ. බලන්න කොතරම් කාලෝචිත, රසවත් සත්‍ය තොරතුරුද කියලා

17-01-2021
Daya Sarathchandra, Ph.D.
Precise Surveys & Geomatics.
CANADA.

සාසන ඉතිහාසය පිලිබඳ සත්‍ය තොරතුරු මෙතැනින් දැනගන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/38LtgVM
දැනගියොත් කතරගම නොදැන ගියොත් අතරමග!

කතරගම වන්දනාවේ යන අය බුදුරජාණන්වහන්සේ රහතන්වහන්සෙලා සමග වැඩසිටි පින්බිමද උන්වහන්සේගේසර්වඥ කේෂධාතු මෙන්ම සිද්ධාර්ථ බොසාතාණාන් කේෂච්ජේදනය කල මගුල් කඩුවද තැන්පත් ඇති කිරිවෙහෙර වන්දනා කොට මහත් පින්රැස් කර එම භුමියේ වැඩ වසන මහාඝොෂ දේවියන් ඇතුලු සම්‍යක්දුශ්ටික දෙවියන්ට ඒ පින් අනුමොදන් කර ඔවුන්ගේ රැකවරණය ලබා ගැනීමේ අවස්ථාව නැති කර ගන්න එපා!

කතරගම බෙෘද්ධයන්ට පුජනීය වන්නේ අප භාග්‍යවත් අරහත් ගෙෘතම බුදුරජාණන්වහන්සේ තුන්වෙනිවරට ලංකාවට වැඩි ගමනේදි පන්සියයක් රහතන්වහන්සෙලා සමග සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් වු නිසාත් පසුව එම ස්ථානයේම සර්වඥ කේෂධාතු මෙන්ම සිද්ධාර්ථ කුමරැ කේෂච්ජේදනය කල මගුල් කඩුවද තැන්පත් ඇති කිරි වෙහෙර ඉදිවුනු නිසාත්ය.
තුන්වෙනිවරට බුදුරජාණන්වහන්සේ ලංකාවේ වැඩි ගමනේදි ලංකාවේ අනාගතයේ උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් සෑරජාණන් වහන්සේලා ඉදිකරන ස්ථාන සලකුණු කරමින් ඒ ස්ථානවල පන්සියයක් රහතන්වහන්සෙලා සමග සමවත් සුවයෙන් වැඩ සිටියහ .එලෙස කතරගම කිරි වෙහෙර ඉදිවන භුමියෙත් සමවත් සුවයෙන් වැඩ සිට බුදුරජාණන්වහන්සේ ඒ ස්ථානයෙන් වැඩම යන්ට පෙර කිරි වෙහෙර ඉදිවනතෙක්ද ඉදිවි ධාතු තැන්පත්ව ධාතු පරිනිර්වාණය තෙක්ම අධිගෘහත වැඩ වසන්න මහාඝොස නම් දෙවියෙකුට බාර කලේය.

මේ විස්තර ධාතු වංශය,ථුපවංශය හා මහා වංශයේද සදහන්වෙි.
බුදුරජාණන්වහන්සේ මහාඝෝෂ දේවියන්ට කතරගම කිරි වෙහෙර භුමිය ආරක්ෂා භාරදුන් පසු එදා සිට තෙදවත්ව වාසය කල මහාඝෝෂ දෙවියන් දුටුගැමුණු රජුට පවා උදව් උපකාර කලේය.

නමුත් පසු කලේක එ් පලාතේ සිටි ද්‍රවිඩ ජාතිකයන් විසින් කිරිවෙහෙරට ආසන්නව ස්කන්ධ කුමාර නම් ද්‍රවිඩ දේවි කෙනෙකු උදේසා දේවාලයක් තනා පුජා කටයුතු කරන්ට විය.
ඹවුන් විසින් ස්කන්ධ දෙවියන්ව කද සුරිදු යනුවෙන් හදුන්වා දෙමින් සිංහලයන් අතරද ඒ දෙවියන්ව ප්‍රචලිත කලේය.එය කොතරම් හොදින් එය කලාද කිවහොත් අද වන විට කතරගම නම කිවු පමණින් ⁣සමහර බෙෘද්ධයන්ටද මතක වන්නේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි භුමියවත් ,බුදුරජාණන්වහන්සේ කේෂධාතු හා මගුල් කඩුවත්⁣ තැන්පත් ඇති කිරිවෙහරවත් මහාඝෝෂ දේවියන්වත් නොව කද සුරිදු නමින් හැදින්වෙන දේවියන්වය.
අද බොහෝ දේනා කතරගම දෙවියන්යැයි කියා රැවටි සිටින්නේද ස්කන්ධ කුමාර නොහොත් කද සුරිදු කියන දේවියන්ට උවත් සැබැ කතරගම දේවියන් යනු බුදුරජාණන්වහන්සේගේ බුදු අනින් කිරි වෙහෙර භුමිය අධිපතිව වැඩ වසන තීසරණ සරණ ගිය ධාතු පරිණිර්වාණය තෙක් කිරිවෙහෙර ආරක්ෂා කරමින් පින් අනුමොදන්වෙමින් වැඩ වසන තෙද බල ඇති මහාඝොශ දේවියන්ය.

සුරේන්ද්‍ර ජයරත්න

උපුටා ගැනීමකි

(පැරණි රූප සටහන වර්ණ ගන්වන ලදී)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/35D86aE
සිරි දේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේ

හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වන දින, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, බරණැස ඉසිපතනාරාමයේ දී සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි. විවිධ බාධක මැද බරණැස මූලගන්ධ කුටි විහාරය ඉදිකොට එය බෞද්ධ ලෝකයාට පැවරුවේ 1931 නොවැම්බර් 11 වන දායි. වර්ෂ 1933 ජනවාරි 15 දින උපසම්පදාව ලත් සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් ක්‍රමයෙන් රෝගාතුර වන්නට පටන් ගත්තා. ශරීර ශක්තිය දුර්වල වූ නමුත් ආගමික වතාවත් වල නිරතුරුවම යෙදුණු උන් වහන්සේ, 1933 අප්‍රේල් 29 දා ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරයේදී අපවත් වුනා. ඒවනවිට උන් වහන්සේ තම ජිවිත ගමනේ 69 වෙනි විය ගෙවමින් සිටියා.

උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ධර්ම දූත මෙහෙවර

1. බ්‍රහ්මචාරිවීමෙන් මුළු ජිවිතයම රට ජාතිය ආගම සඳහා පරිත්‍යාග කිරීම
2. බුද්ධගයාවට ගොස් එය හින්දු පුජකයින්ගෙන් බේරා ගැනීමට ක්‍රියාකිරීම 3. සාරානාත්හි ඉසිපතනයේ “මූලගන්ධකුටි“ නමින් විහාරයක් තැනවීම
4. බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කිරීම.
5. කොළඹ ආනන්ද බාලිකා , පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය පිහිටුවිම
6. මහනුවර මේරි පෝස්ටර් සාමණේර ආයතනයේ ධර්ම දුත භික්ෂුන් පුහුණු කිරිම

(රූප සටහන වර්ණ ගන්වන ලදී)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/39u1Enn
💚💜 අපේ බුදුහාමුදුරුවෝ 270 (සන්තිකේ නිධානය) 💙💚💜

🌺 සත්සතිය 08

☘ අටවන සතිය – සාම්පතී මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝකසත්වයා වෙනුවෙන් ධර්මය දේශණා කිරීමට ආරාධනය කිරීම

භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යලිත් අජපාල නුගරුක වෙත වැඩම කරනු ලැබුවා. ඒ රුක්මුලැ ඉන්නා උන් වහන්සේට මෙලෙස කලපනාවක් පහලවුණා. ඒ පිළිබඳව බුද්ධ දේශණාවෙන්ම “අරියපරියෙසන සූත්‍රය” ඇසුරෙන් මෙලෙස පළකරන්නට සිතුනා.

“ මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.

“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබෝධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.

“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.

“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබෝධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මෝහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබෝධ කර නොගන්නාහ.”

“මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට නැමෙයිද දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හි සහම්පතී නම් බ්‍රහ්මයාහට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. යම් ලොවක සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකය තෙම විනාශ වන්නේය’ යනුවෙනි

“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලනලද අතක් දික් කරන්නේද දික් කරනලද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මාගේ ඉදිරියෙහි පහළ විය. “මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පොරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔව්හු ධර්මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්මය දැනගන්නෝ ඇත්තාහුය.’

“මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහිද කරුණාවෙන් බුදු ඇසින් ලෝකය බැලීමි. මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්ත්වයන් දුටිමි.

“යම්සේ නම් උපුල් විලක හෝ හෙළ උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සමව සිටියාහුද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතුවී දියෙහි නොවැදී සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදු ඇසින් ලෝකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්ත්වයන් දුටිමි.
“මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.

“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”

“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව පිණිස කරනලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුකොට එහිම අතුරුදන් විය.

මේ කතාව මෙලෙස කියවන බඔබගේ සිතෙහි මෙලෙස ප්‍රශ්ණයක් පැන නැගෙන්නට ඇතෙයි කියල මට සිතුනේ මටත් ඒ ප්‍රශ්ණයම පැන නැගුණ නිසාමයි. ඒ නිසාම මෙම කොටස නොලියා මග හරින්නටත් සිතුණා. එහෙත් භාග්‍යයකට වගේ මිලින්ද ප්‍රශ්ණේ මිලින්ද රජතුමාටත් ඒ ප්‍රශ්නෙම හිතේ නැගිලා තිබුනා. ඒ සදහා නාගසේන මහරහතන් වහන්සේ දුන්න පිළිතුරින් මමත් සැහීමකට පත්වුණා. ඒ නිසා ඒ ප්‍රශ්ණය සහ පිළිතුර ලියාම මේ කොටස අවසන් කිරීමට සිතුණා .

47. බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය

මිලිඳු රජු –
ස්වාමීනි, බුදුපියාණෝ සියලු දෙවි මිනිසුන්ගේ යහපත උදෙසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවු සේක. එසේනම් අජපාල නුගරුක මුලදී බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වූයේ ඇයි?

නාගසේන තෙරණුවෝ –
මහරජ, ධර්මය ගැඹුරුය. සියුම්‍ ය. කෙලෙස් භරිත සත්වයන්ට අවබෝධ කිරීම දුෂ්කරය. කිඹුලා කටින් ඩැහැගත් දෙයක් ගලවාගත (නැවත ගත) නොහැකි සේ මිනිසුන් තුළ මුල් බැස පවතින සත්ව පුද්ගල හැඟීම දුරු කිරීම අපහසු නිසා මෙසේ බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී විය. මහරජ, බුදුපියාණෝ “මා අවබෝධ කළ සිවුසස් දහම හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය දුකසේ දැකිය යුතුය. අවබෝධ කිරීම දුෂ්කරය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් දැනගත නොහැකිය. නුවණැතියන් විසින්ම දත හැකිය. රාග, ද්වේෂ, මෝහ සහිත වූ අයට මෙය අවබෝධ කළ නොහැකිය. කෙසේ මොවුන්ට ධර්මය දේශනා කරම්ද?” යයි ධර්මයේ ගැඹුරු බව නිසා පසුබට වූ සේක. දක්ෂ වෛද්‍යවරයෙක් රෝගී මනුෂ්‍යයෙක් කරා එලඹ කවර උපක්‍රමයකින්, කවර බෙහෙතකින් මොහුගේ රෝගය සුව කරන්නේදැයි සිතන්නාක් මෙනි. එසේම මහරජ, මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව ධර්ම දේශනා කිරීම සියලු බුදුවරයන්ගේ ධර්මතාවයකි. බුදුපියාණන්ට පෙර විසූ අය බ්‍රහ්මයා දේවතා කොට ගරු කොට සැලකූවෝ වූහ. එවන් බ්‍රහ්මයකු බුදුපියාණන්ට වඳිනු දකින විට දෙවියන් ඇතුළු ලෝවැසියෝත් එය නිතැතින්ම අනුගමනය කරමින් බුදුපියාණන්ට නමස්කාර කරති. ඒ අනුව සිතති. යම් මහරජ කෙනෙක් හෝ මහාමාත්‍යයෙක් යම් කෙනෙකුට නමස්කාර කරන විට අන් අයද නමස්කාර කරන්නාක් මෙනි. පූජා සත්කාර කරන්නාක් මෙනි. අජපාල නුගරුක මුලදි බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වෙත්ම පෙනී සිටි මහා බ්‍රහ්මයා වැඳ එකත්පස්ව සිට “ස්වාමීනි, බුදු උපත දුර්ලභය. ඔබවහන්සේ මෙපමණ කලක් දුක් වින්දේ සියලු සතුන් සංසාර සාගරයෙන් එතෙර කිරීම සඳහාය. ඔබවහන්සේ ධර්මය දේශනා කරන්න. එය අවබෝධ කරන්නෝ ඇති වන්නාහ” යයි දහම් දෙසීමට ආරාධනා කළේය. ඔහුගේ ආරාධනාව පිළිගත් බුදුපියාණෝ බුදු ඇසින් ලොව බලන්නේ කෙලෙස් අඩු අය හා වැඩි අයද, දහම් දත හැකි අය හා නොදත හැකි අයද ඇති බව දුටු සේක.

☘ උපකාරක ග්‍රන්ථ -මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය, මිළින්ද ප්‍රශ්නය (47. බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය)

💜💚💛💙 විශේෂ පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බෞද්ධ ජනයා අතර බෙදා හැරීමට පියවරගත් අපගේ කල්‍යාණ මිත්‍ර Path to Nirvana වෙබ් පිටුව නිර්මාතෘ පින්වත් ජනක මහතාට, ඇතුළු මෙය අන්තර් ජාලය තුල බෙදාහරින පින්වත් ඔබ සැමට. 💜💚💛💙

තුසිත රාජපක්ෂ
14-01-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XyIG9y
ඉතිරිව ඇති දේශණා පවත්වන දින සහ වේලාවන්

17-01- 2021 07:00 PM SL TIME
31-01- 2021 07:00 PM SL TIME
07-02-2021 07:00 PM SL TIME

සජීවීව සම්බන්ධවීම සඳහා පහත සඳහන් Zoom ලින්ක් එක භාවතා කරන්න.

https://ift.tt/3nF0hba

Meeting ID: 871 2387 4345
Passcode: 757575

ඔබහට අතපසු වූ පසුගිය දේශණා මෙම ලින්ක් එක ඔස්සේ ශ්‍රවණය කරන්න.