අර්ථය දැනගෙන ගාථා කියමු – ජත්ත මානවක ගාථා යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා…

අර්ථය දැනගෙන ගාථා කියමු – ජත්ත මානවක ගාථා

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී

කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

පාසල් ළමුන්ට දැනගැනීමට බෙදා හරින්න