'නාථකරණ සූත‍්‍රය – 8 කොටස' ප‍්‍රශ්නය : සති නිමිත්තෙ හිත තියාගෙන සමථ කමටහනක් වඩම…

‘නාථකරණ සූත‍්‍රය – 8 කොටස’

ප‍්‍රශ්නය : සති නිමිත්තෙ හිත තියාගෙන සමථ කමටහනක් වඩමින් කෙස්, ලොම්, නිය, දත් කියලා කය ගැන බලමින් ඒ කය ඇසුරු කරගෙන තියෙන හිත නිසා කය සවිඥානක වෙලා තියෙනවා කියලා බලන්න කමටහනක් දුන්නනෙ. ඊට පස්සෙ මොකක්ද කරන්නෙ ස්වාමීන් වහන්ස?

ඊට පස්සේ මුකුත් කරන්න ඕන නෑ. එහෙම දිගටම කරගෙන යන්න. සති නිමිත්ත හොඳට හුරු වෙන්න ඕන තමන්ට හිතලාවත් අතහරින්න බැරි විදියට. කොහොල්ලෑ ගුලියක් ඇලෙව්වා වගේ හිත ඉබේම බැඳිලා තියෙන
තැන දක්වා මේ සිහිය වැඩෙන්න ඕන. අත ඇරෙන්නෙම නෑ. හිතලාවත් අත අරින්න බැරි මට්ටමට එන්න ඕන.

‘සති ආරද්ධො හොති’ හොඳින් සිහිය එළඹ සිටියේ වෙයි. අද ඔය පින්වතුන් සති නිමිත්ත හිතලනේ ගන්නෙ. හැමදාම මේක අමාරු නෑ. ඊට පස්සෙ ඒකෙන් අපිව රැුකෙනවා. අපි එයාව රැුක්කහම එයා අපිව රකිනවා. ඔන්න ඔය තැන දක්වාම සති නිමිත්ත වැඩෙන්න ඕන. එහෙම වැඩුනා නම් ඔය ප‍්‍රශ්නෙ අද මගෙන් අහන්නෙ නෑ. තවම මග හින්දයි ඔය අහන්නෙ. ඊළ`ගට මේ කය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ කුණප කොටස් තිස් දෙකක් තියෙනවා. මේ කය ඇසුරු කරගෙන චිත්ත චෛතසික ටිකක් පවතිනවා කියලා බැලිය යුතුයි. එහෙම බැලූවාම හරියට පෙනෙන තැන දක්වාම ‘අත්ථි කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති’ සත්වයෙක්, පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් එළඹ සිටිනවා.

හිතන්නෙ නැතුවම ඇහින් බලනකොට පුද්ගල භාවය මැකිලා පෙනෙන තැන දක්වා එනවා. ඕක කළාට තවම එතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ හින්දයි මොකක්ද කරන්න ඕන කියලා ඇහුවෙ. ඔය කමටහන තව දුරට යන්න
තියෙනවා, ඉවර නැහැ. තවම ජානතො විතරයි පස්සතො නැහැ. ඒ හින්දා ඔය ටිකම කරගෙන යන්න නීවරණ ධර්ම දුරු වුනහම කළයුත්ත තමන්ටම තේරෙනවා. තව මොකක්ද කරන්න ඕන කියලා මට අහන්න වෙයි ඔය
පින්වතුන්ගෙන්. එච්චරකට තමන්ට පැහැදිලියි.

ඒ මට්ටමට එනකොට පී‍්‍රතිය, සතුට, දැනෙන්නෙ තමන්ටමයි. තමන්ගෙ මනසෙ පෙර – පසු වෙනස දැනෙන්නෙ තමන්ටමයි. කෙලෙස් දුරු වුනා, නීවරණ දුරු වුනා, හිත සමාධි වුනා කියන ටික වෙනවා. එදාට – අපි අහලා තියෙන දර්ශනය බුදුහාමුදුරුවො දේශනා කළා කියලා අදහන දර්ශනය, සුදස්සන හාමුදුරුවො කිව්වයි කියලා අදහන දර්ශනය, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙනවා කියන දර්ශනය, ඒ සමාධිගත මනසට පෙනෙන දවසක් එනවා.

ඇත්තටම අදත් ඒක වෙනවා. අපි ආයතන කුසල නැතිකම තියෙන්නෙ. ආයතන කුසල නෑ කියලා කියන්නෙ, ජවන ප‍්‍රඥාවක් නෑ අපිට. එක ආයතනයක් ඉපදිලා, අතහැරිලා ක්ෂණිකව ඊට සමගාමීව උපදින අනිත් ආයතනය ගැන නුවණ නැති කම අපිට තියෙන්නෙ.

අපි යමක් බලලා පැත්තකට යද්දි හෝ වෙන දෙයක් හිතද්දි හෝ ඊට සමගාමීව උපදිනවා මනෝ විඤ්ඤාණය. සිතටයි අරමුණු වෙන්නෙ. නමුත් අපි දැන් තියෙන්නෙ මනසත් ධම්මාරම්මණත් මනෝ විඤ්ඤාණයත් කියන
තැනකින් උපන්න නිමිත්තක් නේද කියලා දන්නෙ නැති හින්දයි අපිට දැකපු දේ තියෙනවා වගේ දැනෙන්නෙ.

අපිට හරියටම පෙනෙන දේට සමාන්තරව උපදින මනෝ විඤ්ඤාණය තේරුම් ගන්න පුළුවන් නම්, මනෝ විඤ්ඤාණයට අනතුරුව උපදින අනිත් සිත් තේරුම් ගන්න පුළුවන් නම්, ඉබේමයි තේරෙන්නෙ දැකපු දේ සහ දැකපු දේ සිහි කරනවා කියන සිද්ධිය අතර අහසට පොළව වගේ වෙනසක් තියෙන්නෙ කියලා. දැකපු දේ ඇහින් දැක්කොත් ඇරෙන්න කවදාවත්ම ආයෙ දකින්න බෑ කියන නුවණක් එළඹ සිටිනවා.

දැන් අද දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධ වෙනවා. අහපු දේ ඇහීමෙන් පස්සෙ නිරුද්ධ වෙනවා. පංච ආයතනයම හටගෙන නිරුද්ධ වෙද්දි, මනෝ විඤ්ඤාණයෙන් ඇති බවට පුරවලා තියෙන්නෙ. අපි මනසත්,
ධම්මාරම්මණත් මනෝ විඤ්ඤාණයත් ‘තින්නං සංගති ඵස්සො’ කියන තැනට නුවණ නැති වුනාම අපිට හිතෙන්නෙ මේ ඔක්කොම ටික තියෙනවා වගේ. එතකොට ඇති බව කියන එක තියෙන්නෙ හැම වෙලාවෙම කෙලෙස් මත. ආයතන හඳුනන්නෙ නැතිකම මත. අවිද්‍යාව මත. අනිත්‍යය බැලූවත් මේ නිත්‍ය බව නැතිකරන්න බැහැ. ඒකට තියෙන්නෙ අනිත්‍ය වෙන සිද්ධිය නුවණින් දකින්න. නුවණින් දකින්න කියන්නෙ හඳුනගන්න තියෙන්නෙ.

මම ඔය කියන්නෙ කෙනා කෙනාට ටික ටික පරීක්ෂා කරන්න කියලා. ඇහෙන් හොඳට බලාගෙන ඉන්නවා පොත දිහා. තමන්ම හොඳට තීරණය කරනවා දැන් මේ චක්ඛු සම්ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං. නැත්නම් රූප සංඥා හොති. ඉන්පස්සෙ හිතාමතාම ඇස් පියාගෙන ඒ සටහන සිහි කරනවා. සිහි කරනකොට දැන් මේ මනසත් ධර්මාරම්මණත් නිසා උපන් එකක් නේද සිතින්ම මනෝ විතර්කයක් සිහි කරනවා නේද කියලා නැවත නැවත
තහවුරු කරලා මේක මනෝ සම්ඵස්සයක් කියලා බලනවා. ඔහොම කරනකොට ඔය පින්වතුන්ට මනෝ විතර්ක හොඳට පැහැදිලියි. එතකොට ඉබේමයි තේරෙන්නේ දැකපු දේ දැකීමෙන් පස්සෙ ඉවරයි. ආයෙත් ඇහෙන් බැලූවොත් පේනවා. ඒ පේන දේත් ඉතුරු නැතුවම නැති වෙනවා. මනසේ සම්බන්ධතාවය ගැන දැනගත්තත් ආයේ පේනකොට තිබුන දේම පේනවා කියන හැ`ගීමක් තියෙනවා. නමුත් මේ ආයතන දෙක නැවත නැවත වෙන් කරනකොට සමාධියක් එක්ක ‘නෑ, ඒ වුනාට තියෙනවානෙ’ කියන ගතිය ද අතහැරෙනවා.

දැන් අපිට හිතෙන්නෙ යමක් දිහා බැලූවහම ඉතුරු නැතුව නැතිවෙනවා, ආපහු සිහිවෙනකොට ඒ මනසයි කියලා සිහිකෙරුවත්, ඒ වුනාට බැහැර තියෙනවනෙ’ වගේ තැනකින් හැ`ගීමක් තියෙනවා. ඒ හැ`ගීම කියන්නෙ ආශ‍්‍රව. තියෙනවා, තියෙනවා කියලා බොහෝ කාලයක් ඇසුරු කළ හුරුව.

මුලින් ආයතන වෙන් කරන්න නොදන්නාකම තමයි අවිද්‍යාව. ආයතන වෙන් කරන්න දන්නවා දැන් අවිද්‍යාව නෑ. නමුත් ආශ‍්‍රව යෙදෙනවා. බාහිර තියෙනවා කියන හුරුව තියෙනවා. ඕකට කියන්නෙ භවාශ‍්‍රව කියලා. බාහිරේ
තියෙනවාමයි කියන තැනකින් තේරෙන එක. දැකපු අහපු අය පුද්ගලයෝ වස්තු තියෙනවා, ඉන්නවා කියලා තේරෙන එකට කියන්නෙ කාමාශ‍්‍රව කියලා.

ඔය විදියට ආයතන කුසල වුනොත් පංචායතනය වෙනමයි, මනායතනය වෙනමයි හඳුනගන්න පුරුදු කළොත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන එක පුදුමයක් නෙවෙයි.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

අයමපි ධමෙමා නාථ කරණො