දුතීය චේතනා සූත‍්‍රය : 10 කොටස අපි තේරුම් ගන්න ඕනෙ පෙර නොතිබීම හටගෙන ඉතුරු න…

දුතීය චේතනා සූත‍්‍රය : 10 කොටස

අපි තේරුම් ගන්න ඕනෙ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා කිවුවෙ, අවස්ථාවට ආයතනයන්ගෙන් උපද්දලා නම් පෙන්නන්නෙ, ආයතනයන්ට ගෝචර වෙන්න ඉස්සෙල්ලා, ඇස් ඉදිරියට ඒ වස්තුව මහා භූතය පැමිණෙන්න ඉස්සෙල්ලා එබඳු රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් තිබුනා නෙමෙයි. හම්බවෙන වෙලාවට ද, – මජ්ෙඣ මන්තා න ලිප්පති – මැද ද තියෙන දෙයක් හම්බවෙන්න බැහැ. වතමානයෙ ද මෝහය තියෙන්න බැහැ. අතීත අනාගත දෙක අතහැරලා වතමානයක ජීවත්වෙන්න පුළුවන්. අතීතය සිහිකරන්නෙත් නෑ. අනාගතය සිහි කරන්නෙත් නෑ. මිරිඟුව තියෙන තැනක වතුර වළක් තියෙන්නෙ කියලා වතමානයක රැුවටුනොත් හරිද? හරියන්නෙ නෑනෙ.

අතීතය සිහි නොකළත්, අනාගතය සිහි නොකළත් මැද ද තැවරෙන්න බැහැ. වරතමානය ද ‘අහුත්වා සම්භූතං’ පෙර නොතිබීමයි හටගන්නෙ. මේ ඇහෙන් බැලූව නිසාම උපද්දපු රූපෙකුයි පේන්නෙ කියන මට්ටම තියෙන්න ඕන. මේ ආයතනයන්ගෙන් හදලා පෙන්නන රූපයක් කියන එක තියෙන්න ඕන. එහෙම වුනාම ඉබේමයි ඇහැ ඉවතට යනකොට ම දැකපු එක නැතිවෙනවා කියන එක තේරෙන්නෙ.

සම්මා දිට්ඨිය කියනකොට මේ ආරම්මණ හය බාහිරයි කියලා තියෙන්න ඕනෙ. මහා භූත හෝ මහා භූතයන්ගෙ උපාදාය රූපයි කියලා ඒ රූපයන්ගේ ගති ටික තේරෙන්න ඕන.

උපාදාය රූපය කියනකොට ‘දිට්ඨෙ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං’ කියලා. මේ රූපායතනයෙන් දැකීම් කෘත්‍යය විතරමමයි කරන්න පුළුවන්. වෙන කිසිම වැඩක් කරන්න බෑ කියන මට්ටම තියෙන්න ඕන. ජලයට වැටුන ඡුායාරූපය ඇහැට පේනවා විතරමයි වෙන කිසිම දෙයක් කරන්න බැහැ.

කනට ඇහෙන ශබ්දය ඇහීම් කෘත්‍යය විතරමයි, වෙන කිසිම දෙයක් කරන්න බැහැ. නාසයට දැනෙන ගන්ධය, ගඳ සුවඳ දැනීම විතරමයි කරන්න පුළුවන්. දිවට රස දැනීම් කෘත්‍යය විතරමයි. කයට ස්පර්ශ කෘත්‍යය විතරමමයි. සිතට සිතීම් සිතීමක් විතරමමයි වෙන්න ඕන.

අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන හේතු නිසා රූපය හැදෙන බව දකින්න ඕන. බාහිර රූප හැදෙන හේතුව ආධ්‍යාත්මික පැත්තෙන් දකින්න. ඔය පින්වතුන් විශාල ගොඩනැගිල්ලක් උඩට නැගලා ඉන්නකොට ඈත තියෙන දේවල් පේනවා නම් හිතන්නෙ ඈත ඒ දේවල් තියෙන නිසා පේනවා කියලයි. නමුත් හොඳට බැලූවොත් ඒ දේවල් දකින්න හේතුව ගොඩනැගිල්ල උඩට නැගපු එක. හේතු දකින්න ආධ්‍යාත්මික පැත්තෙන්. දැන් ඔය පේන දේවල් නැති කරන්න නම් බාහිර තියෙන ගහකොළ නැති කරන්න ඕන නෑ. තමන් ගොඩනැගිල්ලෙන් බැස්සම පේන දේවල් ඉබේම නැතිවෙයි. ඒ වගේ පෙනිම්, ඇහීම් ඇතිවෙන්න හේතු තියෙන්නෙ ආධ්‍යාත්මික පැත්තෙ. ඒක බාහිරෙන් දකින්න එපා.

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියලා දකින්න. ඔන්න ඔය ටික පෙනෙන මට්ටමට ආවොත්, – හිතනවා නෙවෙයි, පෙනෙන මට්ටම – ජරා මරණ දුක එන්න හේතු නෑ. අ`ඩන්න, වැළපෙන්න, ශෝක කරන්න හේතු නෑ. කෙනෙක්ගෙන් නින්දා අපහාස අහන්න, ඔළුවෙ කැක්කුම්, බඬේ කැක්කුම් වි`දින්න ජීවිතයක් හම්බවෙන්නෙ නෑ. එතකොට කියනවා අහසෙ පාවෙන කොඩියක් වගේ ඒ ජීවිතේ. මුළු ආත්ම භාවයම ඒ පේන අරමුණ විතරයි. සළායතන ටිකෙන් ජීවත්වෙන්නෙ එයා. හටගන්න යම් ආයතනයක් තියෙනවද ඒ ආයතනයේ ගතිය, යථාභූත ස්වභාවය යම්සේද, නුවණ එසේයි. නුවණ යම්සේ ද, ඒ ගතිය එසේයි. පෙර පසු මනස අසීමිත ශුන්‍යතාවයක පවතිනවා.

අපි වගේ ඇහෙන් බලන එකට කනින් අහන ඒවා, කනින් අහන එකට ඇහෙන් බලන ඒවා ආයතන ගැට ගහලා නෑ. එක ජීවිතයක එක ස්කන්ධයකින් හැම වෙලේම ජීවිතේ පවතිනවා. එක ස්පර්ශයයි එතන තියෙන්නෙ. ඒකෙ ද ඇත්ත ඇති හැටියෙ පෙනෙනවා.

ඔය මට්ටමට ගියාමයි විඤ්ඤාණය පිහිටනවා කියන එක නොවෙන්නෙ. මත්තේ කටයුත්තක් නෑ. කළයුත්ත කළා කියන ඥාන දර්ශනය එළඹ සිටිනවා. ඔතෙන්ට කියනවා අවිජ්ජායත්වෙව අසේස විරාග නිරොධො සංඛාර නිරොධා කියලා. අවිද්‍යාව ශේෂයක්වත් නැතිවුනොත් සංඛාර නෑ. නිමිති නෑ. දැකපු දේ ඇතිබවට හිටින්නෙ නෑ. අහපු දේ ඇතිබවට හිටින්නෙ නෑ. ගඳ සුවඳ දැනුන දේ ඇති බවට හිටින්නෙ නෑ. සංඛාර නිරොධො විඤ්ඤාණ නිරොධා, විඤ්ඤාණ නිරොධො නාම රූප නිරොධා. හටගන්න ධර්මයෝ නිරුද්ධයි කියන නුවණ නිසා මේ ඔක්කොම නිරොධයට යනවා.

හැබැයි හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් කර්ම රැුස්වෙන්නෙ නෑ. හිතුවොත් හිතපු එක නිරුද්ධයි කියන නුවණ හිටිනවා මිසක, හිතන්න බැරි නෑ. වචන කතා කරන්න බැරි නෑ. කියන්න පුළුවන්. කියපු දේ කීමෙන් පසු නිරුද්ධයි වෙනවා. යමක් කරන්න පුළුවන්. කරන දේ කිරීමෙන් පස්සෙ නිරුද්ධයි වෙනවා. කර්ම රැුස්වෙන්නෙ කොහොමද? දැන් ඔය පින්වතුන් මොනවා හරි හිතන්නකො. හිතපු එක හිතීමෙන් පස්සෙ ඉවර වෙනවද නැද්ද? ඉවරවෙනවා. නමුත් ඇයි ඒකට කර්ම රැුස්වෙනවා කියන්නෙ. ඇයි ඉවරවුනේ නැතිවෙන්නෙ?

අපි කාට හරි බැන්නා හෝ හොඳ කිවුවා හෝ ඒක ඉවර කරනවනෙ. නමුත් ඇයි වචී සංඛාරය ඉවර වෙන්නෙ නෑ, ඒක රැුස්වෙනවා කියලා කියන්නෙ?

කයින් යම් කි‍්‍රයාවක් කරලා ඒක ඉවර කරනවනෙ. නමුත් ඇයි ඒක නිරුද්ධයි කියන ගණයට යන්නෙ නැත්තෙ? ඔන්න ඔතන හොඳට බලන්න. ඇස් ඉදිරිපිටට එන වස්තුවෙ නිමිත්තට නම් කෝප්පෙ කියලා හිතුවෙ, හිතන සිතිවිල්ල නැතිවුනාට හිතපු නිමිත්ත ඇති තාක් කෝප්පෙ තියෙනවා වගේ තේරෙන්නෙ. කෝප්පෙ ගන්න, කෝප්පෙ දෙන්න කියලා වචන ටිකක් කියලා ඒ වචන අතහැරුනට වචී සංඛාරය අතහැරුනා කියන්නෙ නෑ. ඒ වස්තුව සිහිවෙනකොට අර විස්තර ටික ඒත් එක්ක තියෙයි. කෝප්පෙ පූජා කිරීම හෝ කෝප්පෙ හොරකම් කිරීම කයින් කළොත්, ඒ කි‍්‍රයාව ඉවරවුනාට මේ වස්තුව ඕනෙත් නෑ ඒ හදාගත්ත කර්ම නිමිත්ත තියෙනවා. මරණාසන්න මොහොතෙ ඔය නිමිත්ත සිහිවෙනකොට ඔක්කොම විස්තර ටික ඒකෙ තියෙයි. ඒ හින්දයි කර්ම රැුස්වෙනවා කියලා කියන්නෙ. හිතපු, කියපු, කරපු දේවල් නැතිවෙන්නෙ නෑ අර නිමිත්තට බැඳෙනවා. මරණාසන්න මොහොතෙ සිතීම්, කීම්, කිරීම් රැුස්වෙලා තිබුන දැකපු අහපු රූප ශබ්ද නිමිති ටික ඇස් ඉදිරිපිටට එන එකයි වෙන්නෙ. හිතීම් කිීම් කිරීම් කරන්න උපකාරී වුන ඒ නිමිත්තම හටගෙන නිරුද්ධ වුනොත් කමක්ෂයයි. කර්ම නිරෝධයට යනවා කියලා කියනවා.

එහෙම වෙන්න නම් අරමුණේ විඤ්ඤාණය නොපිහිටන්න ඕන. යථාභූත දශනයට ආවොත් විතරමයි දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි කියලා කියන්නෙ. මෙන්න මේ මට්ටමට අපේ මනස හදාගන්න ඕනෙ. දැන් මම ඔය කිවුව ටික ඔය පින්වතුන්ට ජීවිතේට යොදාගන්න පුළුවන් ද? අමාරුයි නේ. එහෙම බෑ කියන එකෙන් කියනවා තවම අර්හත් මාර්ග ඥානයක් නෑ කියලා. රහත් වෙලා නෑ කියලා. නොපිහිටා ඉන්න නිසා. නමුත් ඒක තවම පෙනෙන්නෙත් ඒ මට්ටමේ ගතිය හිත තිබ්බටවත් හිතාගන්නවත් බෑ. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා කිවුවටවත් ඒක හිතාගන්න බෑ. ඒ කියන්නෙ තාම දිට්ඨි සම්පන්න බව යෙදිලත් නෑ. මම මේ කියන්නෙ දහම. ඔය පින්වතුන් කාටවත් එහෙම නෑ කියන්න හදනවා නෙමෙයි. තේරෙන්නෙ නැතිනම් අපිට තාම එහෙම නුවණක් නෑ. තේරෙනවානම් එහෙම නුවණක් තියෙනවා. තේරෙනවා කියන්නෙ සංකල්පයකින් හිතන එක එහෙම නෙවෙයි.

තමන්ට පුළුවන් වෙන්න ඕන අත පය හතරම නැතිවෙන විදියට මේ දර්ශනයට හිත තබාගන්න. හිත තබන විදියට ම මේ ශරීරය අතුරුදහන් වෙන්න ඕන. කෙලින්ම රූපාරම්මණය විතරයි තියෙන්නෙ. හැබැයි ඒකෙත් මේ ගති ටිකක් තියෙනවා. හොඳට සිහි කරන්න කියන තැනකින් යෙදෙන්න ඕන. එතකොට තමයි තේරෙනවා කියන්නේ. නමුත් එහෙම තැනක් නැත්නම් දැන් තමන් දන්නවා ආරම්මණය අරබයා හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පැවතුනත්, නොහිතුවත්, කල්පනා නොකළත් අනුසය වශයෙන් පවතිනවා නම් ඒකාන්තයෙන් සසර ඉවර නෑ කියලා දන්නවා. අනුසය වශයෙන් නොපවතිනවා කියන්න නම්, ඇහැට රූපයක් පෙනෙන කොට ඒ රූපායතනයෙ ඇත්තම ඇත්ත පෙනෙන ගති ටික අපේ මනසෙ තියෙන්න ඕන.

රුපායතනයෙ ඇත්තම ඇත්ත කියන්නෙ, රූපය බාහිරයි , මහා භූතයන්ගෙ උපාදාය රූපයක්, අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හැදිලා තියෙන්නෙ, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙනවා කියන දැක්ම තමන් ගාව තිබුනොත් මේ රූපායතනය අරබයා, අ`ඩන්න වැළපෙන්න සත්වයො පුද්ගලයො, ජරා, මරණ කිසිවක්ම නැහැ. ධර්මතාවයක් විතරයි. ඔය මට්ටමට තමයි, සම්මා දිට්ඨිය කියන්නෙ. ඒකට මම අර්ථයත් පෙන්නුවා.

රූපය බාහිරයි කිවුවම මේ මට්ටම දැනෙන්න ඕන. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කිවුවෙ ආධ්‍යාත්මික පැත්තෙ හේතු ටික නිසයි, මේ පේන්නෙ කියන එක. බාහිර තියෙන දෙයක් කියලා, පෙනෙන එකට හේතුව හැටියට බාහිරට නැඹුරු වෙන්න එපා කියන එකයි මේකෙන් කියන්නේ කියන කාරණාව පෙන්නුවා. උපාදාය රූපයක් කිවුවම රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් වාසනාව අවාසනාව ගෙනත් දෙන වස්තු නැහැ. වර්ණ සටහන් මාත‍්‍රයක්, චිත‍්‍ර මාත‍්‍රයක් විතරයි තියෙන්නේ කියන එක පෙන්නුවා.

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන එකෙන් තමන්ගෙ ආධ්‍යාත්මයෙන් හදාගත්ත දෙයක් පේන්නේ කියන එක පෙන්නනවා. ඔය ටික අහගත්තත් මනස තවම එතෙන්ට ගන්න බැහැ.

අපිට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ කියලා දැන් පැත්තකට වෙලා ඉන්නද තියෙන්නෙ. නෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පූවභාග ප‍්‍රතිපදාව කියලා කොටසක් පැනෙව්වෙ. සතර සතිපට්ඨානය පැනෙව්වෙ. යථාභූත ස්වභාවය නොපෙනෙන්න හේතුව ආවරණීය ධර්මයෝ මනසේ පිරිලා තිබීම. දැන් ආවරණීය ධර්ම දුරුකර ගන්න ඕන. ඔය දකින මට්ටමට ගන්න අපිට ප‍්‍රතිපදාවක් තියෙනවා. ඒකත් ශිල සමාධි ප‍්‍රඥාම තමයි. ඒක තමයි පූව භාග ප‍්‍රතිපදාව. ඔතෙන්ට තමයි සම්බන්ධ වෙන්නෙ නව මහා විදර්ශනා ඥාන. සප්ත විශුද්ධි, මාර්ග ඥානය පහළ වෙන තැනට ගන්න තියෙන ධර්මතා ටික තමයි මේ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!