
’’මහණෙනි, මේ මල හෙවත් කිලුටු අටක් වෙත්.
’’කවර අටක්ද යත්? මහණෙනි, මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් (පාඩම් නොකීමෙන් හෝ භාවනා නොකිරීමෙන්) මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, (ගෙවල් හෝ ගෘහ වාසීහු) උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවූවාහු මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, කුසීත බව ශරීර වර්ධනයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ප්‍රමාදය ධන සංරක්‍ෂණයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ස්ත්‍රියට දුෂ්චරිතය කිලුට වේ. මහණෙනි, දෙන්නාහට මසුරුකම කිලුට වේ. මහණෙනි, මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වේ. මහණෙනි, ඊටත් වඩා අතිශයින්ම කිලුට වූයේ, තදබල කිලුට වුයේ අවිද්‍යාවයි. මහණෙනි, මේ වනාහි අෂ්ටවිධ මලයෝ වෙත්.
’’මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ගෘහවාසීහු උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ශරීර වර්ණයට කුසීත බව (බාධකවු) කිලුට වේ. ප්‍රමාදය ධන සංරක්‍ෂණයට) බාධකවූ කිලුට වේ. අනාචාරය ස්ත්‍රියට කිලුට වේ. දායකයාහට මසුරුකම කිලුට වේ. මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වෙත්. ඊටත් වඩා අතිශයින්ම තදබල කිලුට වන්නේ අවිද්‍යාවයි.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf