New photo from Facebook November 09, 2016 at 12:00PM

ඵුස්ස බුදු සමයේ දී ඒ පේ‍්‍රතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සඟරුවනට දානය සකසන්නට යෙදිනි. මේ අතර ඔවුන් ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඩන්නට වන්හ. මුල් කාලයේ සඟුන් වළදා අවසන් කල ඉතිරි වූ ආහාර දුන් නමුදු පසු කාලයේ මහ සඟරුවන සඳහා සකස් කරන භෝජනය මහ සඟරුවන වැළදීමට පෙර දරුවන්ට දුන් අතර පසුව සැක බිය අඩු වී ඔවුන් ද අනුභව කරමින් දාන ශාලාවට ද ගිනි තැබු හ. මෙයට සම්බන්ධ සියල්ලෝ ම නිරයෙහි ඉපිද දුක්විඳ ඉන් චුතව පේ‍්‍රතව උපන්නා හ. පසු කාලයක බිම්බිසාර රජු දානයක් දී පින් දී ඔවුන් සැපවත් කලා. බලන්න පින්වත්නි, බුද්ධාන්තර හතක් ම දුක්දුන් කර්මයක හැටි.

සත්පුරුෂයෙනි, තවදැක්විය යුතු බොහෝ කථා ඇතත් මෙහිලා කෙටි කරමි. මසුරුබව හේතුවෙන් පේ‍්‍රතව ඉපිද ඇති කථා බොහෝ ය. එය සමාජයේ කවුරුත් දන්නා කරුණක් බැවින් මෙහි ඇතුලත් නො කළෙමි. පේ‍්‍රත ලෝකයේ දුක් විඳ ඉන් චුත වී සමහරු අසුර ලෝකවල ඉපදේ. සමහරු තිරිසන් යෝනිවල ද ඉපදේ. අසුරයෝද කොටස් පහක් වේ.

මතු සම්බන්ධයි!

පෙර ලිපිය : http://goo.gl/rIJKCT via Facebook Pages http://www.facebook.com/pages/p/509526319114695