New photo from Facebook December 23, 2016 at 12:00PM

මෙම නමස්කාර පාඨය ඇති වූයේ බුදුරදුන් සත්සතිය ගත කරන සමයේයි. බුදුරදුන් බෝ මැඩ වැඩසිටින විට එදා, සතාගිරි නම් යක්ෂයා ඔවුන්ගේ සමාගමට යාමට අහසින් ගමන් කරමින් සිටියහ.ඔහුගේ ගමන් මාර්ගය වැටී තිබුනේ ගයා ශීර්ෂය හරහායි.නමුත් යක්ෂයා හට ශ්‍රීමහ බෝධිය උඩින් යාමට නොහැකි විය.තුන් වතාවක්ම උත්සහ කලද බැරි විය.මන්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටි නිසාය.(තුන් ලොවෙහිම කිසිවකුටත් බුදුරදුන්ගේ ශීර්ෂයට ඉහලින් යාමට නොහැකිය.)
එවිට යක්ෂයා බුදු හිමියන් දැක “නමෝ” කියා වන්දනා කලේය.නරකයෙන්,පාපයෙන් වලකාලන බව ” න” යන්නෙනුත්,මොක් පුරට,නිවන් මගට පමුණුවන බව “මෝ” යන්නෙනුත්,”නමෝ”යන්නට අරුත් ගෙනදෙයි.මෙය බුදුරදුන්ට මුලින්ම වන්දනා කල වචනයයි.
දෙවනුව රාහු අසුරේන්ද්‍රයා “තස්ස”කියා වන්දනා කලේය.පෙරුම් පුරණ කල සිට බුදුවන තෙක්ම සිදුරක් නොමැතිව ලෝසතුන් වෙත පතල මහා කරුණාවෙන් ක්‍රියා කිරීම නිසා පැහැදී ඔහු මෙලෙස වන්දනා කලේය.”තස්ස”යන්නෙහි අරුථ නම් සකල සත්වයන්ටම මෝක්ෂය ලබාදෙන බවයි.
තෙවනුව සතරවරම් දෙව් රජුන් “භගවතෝ”යනුවෙන් වන්දනා කලේය.බුදු රදුන් සියල්ලෙන්ම කෙල පැමිණි හෙයින්ද,සංසාර චක්‍රය සිඳලූ හෙයින්ද,ස්වයන් භූ ඥාණයෙන්ම අවබෝදකල ධර්මය බෙදා වෙන් කර දැක්වීමට සමත් වූ හෙයින්ද,භගවතෝ යන්නට අරුත් වෙයි.මෙයට තවත් අර්ත ඇත.
පුරින්දද හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයා සිව්වනට “අරහතෝ” යනුවෙන් බුදු පියාණන්ට වන්දනා කලේය.”අර” යන්නෙන් කෙලෙස් ද, “හතෝ” යන්නෙන් සිඳීම ද කියවේ.තවද දෙව් බඹ ඇතුලු සියළුම දෙනගේ පුජාවට යෝග්‍යයබවද අදහස් වේ.මෙයටද තවත් බොහෝ අරුත් ඇත.
“සම්මා සම්බුද්දස්ස” යනුවෙන් අවසනට වන්දනා කලේ සහම්පතී මහා භ්‍රහ්මයායි.බුද්වත්වය ලබා හිමියන් බෝ මැඩ සිටින විට මෙසේ සිතුනි.
ලෝකසත්වයා දැඩි සේ කෙලෙස් වලින් ආතුර වී බන්දනය වී සිටිති.මා ධර්මය දේශනා කරම්ද?මා අවබෝධ කල මේ ගාම්භීර දර්ශනය ඔවුන්ට වටහා ගත හැකිද?කියාය.
එවිට් සහම්පති බ්‍රහ්මාය හට මෙය දැනී එකෙනෙහිම හිමි වෙත අවුත්,
ගුරු උපදෙශ රහිතව ස්වයන් භූ ඥානයෙන්ම මේ චතුසත්‍යය අවබෝද කර සිටින ඔබ වහන්සේ ලෝ සතුන් වෙත අනුකම්පාවෙන්,ඔවුන්ගේ යහපත උදෙසා ධර්මය දේශනා කරන සේක්වා කියායි මෙසේ “සම්මා සම්බුද්ධස්ස”කියා වන්දනා කලේ.
බලවතුන් අට දෙනෙකුගේ හඬින් කියන්නට යෙදුන මේ නමස්කාර පාඨය එදා සිට අද දක්වාම මුළු මහත් දෙවි බඹු ඇතුලු සියළු ජනී ජනයාගේ හඬින් සිද්ධි වී විශ්වයේ මහඟු බලවේගයක්ව පවතී.
එනිසා නමස්කාර පාඨය කියන විට ශබ්ද නගා අරුත් සිතට ගෙන දැඩි ශද්ධාවෙන් සජ්ඣායනා කරන්නේනම් ග්‍රහ අපල පවා දුරු වී සිතට සැනසුම උදා කර ගැනීමට හැකි ශක්තියක් එහි වේ.
තෙරුවන් සරණයි .
Nalindra kalupahana. (10.11.2016) via Facebook Pages http://ift.tt/1GMS4Lf