New photo from Facebook January 06, 2017 at 03:00PM

ඔබ සැබෑවටම බෞද්ධ සැමියෙක් හෝ බිරිදක් නම් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් ඔබේ ආදරය කරුණාව සීමා කර යුත්තේ ඔහු හෝ ඇය සමග ජීවත් වෙන මේ අවුරුදු තිහ හතලිහ ගැන හිතලා කටයුතු කරන එක විතරක් නම් නෙමෙයි. මේ ජීවිතේ කොච්චර කාම වස්තුන් ගෙනත් දීලා සතුටු කරත් ඒ වගේම මේ ජීවිතේ ඒ ඇස් වල කදුළු පිසදැම්මට විතරක් මදි. මතුවට කෑගහලා පපුවේ අත් ගගහා අඬන්න තියෙන හේතුව නැති කරන්න උත්සාහ කලේ නැත්නම්, අකුසල ධර්ම සිදු වුනොත් ඒවාට විපාක විඳින්න වෙන සතර ආපා දුකට පිළියම් හොයල දෙන්න උත්සාහ කලේ නැත්නම්, සසරකම විදින්න තියෙන ජරාමරණ වලට හේතුව නැති කරන්න උත්සාහ කලේ නැත්නම් ඔබ සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි. එහෙම නැතිනම් ඔහු ආත්මාර්ථකාමී කෙනෙක්. ඇයි ඒ? තමන් එක්ක ඉන්නකන් විතරයි ඒ ජීවිතේ ගැන හොයල බලල තියෙන නිසා. නියම ආදරවන්තයා නියම බෞද්ධයා එච්චර දුරක් හිතලයි කටයුතු කරන්නේ.

ඉතින් මේ සසර දුක් ගිනි නිවෙන සද්ධර්මයේ පණිවුඩය ඔබ ආදරය කරන අම්මා, තාත්තා, අයියා, අක්කා ආදී සියලුම දෙනාට ලබා දෙන්න. ඒ සදහා අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ මේ දේශනාව ඔබද ශ්‍රවණයකරලා ඔවුන්ටද ශ්‍රවණය කිරීමට සලස්වලා දුකෙන් එතෙර කරවන්නට උත්සාහ කරන්න.ඒකයි නියම සත්පුරුෂකම කියන්නේ.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් දෙසැම්බර් 17 කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත් වූ දේශනාවේ වීඩියෝ පටය

දේශනාවේ හඬ පටය
http://ift.tt/2jb0xgw via Facebook Pages http://ift.tt/1GMS4Lf