New at Little Bit


from Path to Nirvana https://ift.tt/2GJV54n
== නොමිලේ ත්‍රිපිටක කට්ටලයක් ලබා ගැනීමට අවස්ථාවක් ==
අසිරිමත් ස්වර්ණමාලී මහා ස්ථූප පූජා පෙළහර හා සමගාමීව සිදුකෙරෙන උත්තම ත්‍රිපිටක ග්‍රන්ථ 200ක් දුෂ්කර ආරණ්‍යය සේනාසන වලට පූජා කිරීම.

ඔබ ප්‍රදේශයේ තිබෙන දුෂ්කර ආරණ්‍යය සේනාසන වල පංසල් වල පූජනීය ස්ථානයන්හි ත්‍රිපිටක ග්‍රන්ථ වල අවශ්‍යතාව සොයා බලා එම විහාරස්ථාන වල ස්වාමීන්වහන්සේලා මේ පිලිබදව දැනුවත් කොට පිංවත් විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ අනුදැනුම ඇතිව ලිපියක් මගින් ත්‍රිපිටක කට්ටලයක් ඉල්ලුම් කල හැක.

රු. ලක්ෂ 130 කට අධික වටිනාකමකින් යුත් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අවසරය සහිතව ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය මගින් අති විශාල පිංවත් දායක මහත්ම මහත්මීන්ගේ නොමසුරු ධර්ම දානමය දායකත්වය මත අභිනවයෙන් මුද්‍රණය කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටල 200ක් රුවන්වැලිසෑය පූජා පෙළහර හා සම්බන්ධව 2018 මැයි 12 දින පූජා කිරීමට නියමිතය.

ත්‍රිපිටක කට්ටලයක් අවශ්‍ය බවට පිංවත් විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ ලිඛිතව අවසරය සහිත ඉල්ලුම් පත්‍රයක් අප ආරණ්‍යය වෙත එවීමට කාරුණික වන්න.

එදිනට ත්‍රිපිටක කට්ටලය ලබාගැනීමට අදාල ආරණ්‍යය සේනාසනයේ හෝ පංසලේ පූජනීය ස්ථානයෙන් අවම වශයෙන් පිංවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් වැඩම කරන මැනවි.

මේ උතුම් ධර්ම දානමය කුසලය පිංවත් ඔබ හැමදේනාටම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමටම හේතු උපනිශ්‍රය වේවා..!!