New at Little Bit


from Path to Nirvana https://ift.tt/2I9VtsX
මහා සමය සූත්‍රය
331
මාගේ ඇසීම මෙසේය: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත්පුරය සමීපයෙහිවූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂූ සංඝයා සමග වාසය කරනසේක. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.
ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයට ආසන්නවූ මහ වනයෙහි සියල්ල රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා හා වාසය කරති. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජහුන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අපිත් යම් හෙයිකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණෙන්නෙමු නම් පැමිණ බුදුන් හමුයෙහි එකි එකී ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි” කියායි.
332
එවිට ඒ දෙවියෝ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත යම්සේ දිගු කරන්නේද, දිගු කරනලද අත යම්සේ හකුළුවන්නේද එපරිද්දෙන්ම ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූහ.
ඉක්බිති ඒ දෙවියෝ බුදුරජාණන් වහන්සේට නමස්කාරකොට එක්පැත්තක සිටියහ.
[1] එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය.
“මේ මහ වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමූහයෝ රැස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවනලද සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමට ආම්හයි” කියායි.
[2] එවිට අනික් දෙවි කෙනෙක් බුදුරජුන් හමුවෙහි මේ ගාථාව කීය.
“ඒ මහා සමූහයෙහි භික්ෂුහු තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඍජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි” කීය.
[3] එවිට අනික් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
“(කෙලෙස් නමැති) හුල් කපා (කෙලෙසුන් නමැති) පලිඝය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිතවූ පිරිසිදුවූ (කෙලෙස්) කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූ ඒ තරුණ රහත්හු හැසිරෙත්’ යයි කීය.
[4] ඉක්බිති තවත් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියෝද ඒ සත්වයෝ අපායට නොයත්, මිනිස් සිරුර හැර දිව්‍ය ශරීර සම්පූර්ණ කරන්නාහු (දෙවි බවට පැමිණෙත්)” යයි කීය.

ඉතිරිය -> https://ift.tt/2w2c8tN