New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Hj26EU
යහපත් වචනය යනු කුමක් ද? – සුභාසිතවාචා සූත්‍රය

https://ift.tt/2JarO4d

[සැවැත්නිදාන යි]

48. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:

කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි.
සත්‍යභාෂිත ද වෙයි.
ශලක්ෂණභාෂිත ද (සිළුටු වචන) වෙයි.
අර්‍තථසංහිත භාෂිත ද වෙයි.
මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත වචනය සුභාෂිත වෙයි, දුර්භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.