New at Little Bit


from Path to Nirvana https://ift.tt/2z59m8s
ධර්මයට සවන්දීමේ ආනිසංස – ධම්‌මසවණ සූත්‍රය

[සැවැත්නිදානයි]

2. මහණෙනි, ධර්මශ්‍රවණයෙහි මෙ අනුසස් පසෙක කවර පසෙක යත්:

අශ්‍රැතය (නො ඇසූ විරූ දෙය) අසන්නේ ය. ශ්‍රැතය (ඇසූ විරූ දෙය) පිවිතුරු කරන්නේ ය. සැක දුරුකරන්නේ ය. දෘෂ්ටිය සෘජු කරන්නේ ය. ඔහුගේ සිත පහදනේ ය. මහණෙනි, ධර්මශ්‍රවණයෙහි මෙ අනුසස් පස යි.