New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zp4uLy
“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති.ධම්මං සරණං ගතො හොති,සංඝං සරණං ගතො හොති” යි වදාළ පරිදි යමෙක් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සංඝයා සරණ ගියේ වේ ද, එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේ ය.උපාසක යන වචවයේ තේරුම බුද්ධ,ධර්ම,සංඝ යන රත්නත්‍රය කරා ඒළඹෙන,රත්නත්‍රය ඇසුරු කරන තැනැත්තා යනුය.
https://ift.tt/2u8oE7r
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්‍ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, කෝතුහල මඞ්ගල ඇත්තේ වේද, (හෙවත් දුටු ඇසූ ස්පර්‍ශ කළ දෙය මගුල්යයි ගන්නෙක් වේද) මඞ්ගලය පතාද, කර්‍මය නොපතාද, මේ ශාසනයෙන් පිටත්හිද දක්‍ෂිණාවට සුදුස්සෙකු සොයාද, එහිද පළමු දාන මානාදී කටයුතු කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, සිල්වත් වේද, කෝතුහල මඞ්ගල නැත්තෙක් වේද, කර්‍මය බලාපොරොත්තු වේද, මඞ්ගලය බලාපොරොත්තු නොවේද, මේ ශාසනයෙන් පිටත්හි දක්‍ෂිණාවට සුදුස්සෙකු නොසොයාද, මේ ශාසනයෙහිම දාන මානාදී පළමු කටයුතු දෙය කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.