New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pddz20
== අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ ==

ඒ මේ තෙරුන්වහන්සේ පිළිබඳ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පියුමුතුරා නම් බුදුකෙනෙක් පහළවූහ. අවබෝධකළ සර්‍වඥතාඥාන ඇති මහ බෝ පළඟින් නැගීසිටින්නාවූ උන්වහන්සේට මහපොළොවෙහි තැබීමට පා එසවූ කෙණෙහි පාපිළිගැනීම සඳහා මහත් නෙළුම් මලක් පැන නැංගේය. ඒමලේ පෙති රියන් අනූවක් වෙයි. මල් කෙසරැ තිස්රියනකි. කෙමිය දොළොස්රියනකි. පා පිහිටි තැන එකොළොස්රියනකි. ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය අටපනස් රියනක් උස්වූයේය. ඒ මල් කෙමියෙහි දකුණුපස පිහිටන කල්හි මහත් තිඹපමණවූ රේණු නැඟී සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන්වහන්සේගේ සිරුරු පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කළේය. තෙවැනි පය ඔසවන කල්හි පළමුව නැඟුණු පියුම අතුරුදහන් විය. පා පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් පැන නැං‍ඟේය. මේ ක්‍රමයෙන්ම යම්යම් තැනකට යනු කැමැත්තේද පියෙන් පියට මහ පියුමක් නැ‍ඟෙයි. එහෙයින්ම උන්වහන්සේට පියුමුතුරා (පදුමුත්තර) සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ ලොව ඉපිද භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොටඇතිසේක් මහජනයාට සංග්‍රහ පිණිස ගම්නියම් රජදහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු හංසවතී නගරයට සැපැමිණිසේක. ඉක්බිති උන්වහන්සේ පැමිණිබව අසා පියමහරජතෙමේ පෙරගමන්කළේය. ශාසතෘන්වහන්සේ ඔහුට ධර්‍මය ප්‍රකාශකළසේක. දේශනාවසානයෙහි ඇතැම්හු සෝවාන්වූවාහුය. ඇතැම්හු සකෘදාගාමී අනාගාමී භූමීන්ට පැමිණියාහුය. ඇතැම්හු රහත්බවට පත්වූවාහුය. රජතෙමේ හෙට දිනයට බුදුරදුන්ට ආරාධනාකොට දෙවන දිනයෙහි කල් දන්වා භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇති භාග්‍යවතුන්වහන්සේට සියනිවසෙහි මහදන් දුන්නේය.
ශාස්තෘන්වහන්සේ භුත්තානුමොදනාවකොට විහාරයටම වැඩිසේක. එ ක්‍රමයෙන්ම දෙවන දිනයෙහි නුවරුද ඊලඟ දිනයෙහි රජ ද වශයෙන් දිගුකලක් මහදන් දුන්නාහුය. එකල්හි මේ තෙරුන්වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්නේ එක්දිනක් බුදුරදුන් දහම් දෙසනකල්හි, ගඳමල් ආදිය අතැතිව බුදුන්වහන්සේ යම්තැනකද ධර්‍මය යම්තැනකද සංඝයා යම් තැනකද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නාවූ, හංසවතී නුවරවැසියන් දැක ඒ මහජනයා සමඟම දම්දෙසනතැනට ගියේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්‍මය ඇති එක් භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ කුලපුත්‍රයා එකරුණ අසා, මේ භික්‍ෂුව වනාහි ආශ්චර්‍ය්‍යයකි. බුදුන්වහන්සේ හැර මොහුවිසින් පළමුව අවබෝධ කළ ධර්‍මය ඇති අන් භික්‍ෂුවක් නැත. මමද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්‍මය අවබෝධකිරීමෙහි සමත්‍ථ‍ර්‍‍යෙක් වන්නෙනම් අහෝ යෙහෙකැයි සිතා දෙසුම අවසන භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ හෙට මගේ භික්‍ෂාව ගනුමැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන්වහන්සේ ඉවසූසේක. හෙතෙම භාග්‍යවතුන් වැඳ පැදකුණුකොට සිය නිවසට ගොස් සියලු රැය බුදුන් හිඳින තැන ගඳමල්දම් ආදියෙන් සරසා මිහිරි කෑයුතු බිදියයුතු දෙය පිළියෙළ කරවා ඒ රාත්‍රියෙහි අවෑමෙන් සිය නිවසෙහි භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවරනලද භාග්‍යවතුන්වහන්සේට විසිතුරු කැඳ කැවිලි පිරිවරකොට ඇති නොයෙක් රසැති හොදිවැංජන සහිත සුවඳැහැල් බොජුනක්දී බත්කිස අවසන්හි තුන්සිවුරකට පොහෝනා වංගරෙදි තථාගයන්වහන්සේගේ පාමුල තබා සිතුවේය: ‘මම සුළු තනතුරක් සඳහා නොහැසිරෙමි. මහත් තැනක් පතමින් හැසිරෙමි. එක්දිනක් පමණක් දනක්දී ඒ තනතුර පැතීමට නොහැකිය’යි අනුපිළිවෙළික් සත්දිනක් මහදන්දී බත්කිස අවසන්හි රෙදි ගබඩාව විවර කරවා උතුම් සියුම්වතක් බුදුපාමුල තබා භික්‍ෂූන් ලක්‍ෂය තුන් සිවුරෙන් හඳවා තථාගතයන්වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙයින් දිනහතකට මතුයෙහි යම් ඒ භික්‍ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබනලද්දේද මමත් ඒ භික්‍ෂුව මෙන් අනාගතයෙහි උපදින බුදුවරයකුගේ සසුන්හි පැවිදිව පළමුව ධර්‍මය අවබෝධ කිරීමෙහි සමත් වෙම්වා’යි කියා බුදු පාමුල හිස තබා වැද හොත්තේය. ශාස්තෘන් වහන්සේ ඔහුගේ වචනය අසා මේ කුලපුත්‍රයා විසින් මහත් ප්‍රාත්‍ථ‍ර්‍‍නයක් කරනලදී. මොහුගේ මේ ප්‍රාත්‍ථ‍ර්‍‍නාව ඉටුවන්නේද නැද්දැයි අනාගතංසඥනය යොමා ආවර්ජනයකරනසේක් ඉටුවන බව දුටුසේක. අතීතය හෝ අනාගතය හෝ වර්‍තමානය අරභයා ආවර්ජනයකරන්නාවූ බුදුන්වහන්සේලාට වනාහි කඩතුරාවක් නම් නැත. නොයෙක් කල්ප කෝටිලක්‍ෂයක් අතුරෙහිවූද අතීතය හෝ අනාගතය හෝ දහසක් සක්වළ අතුරෙහිවුවද වර්‍තමානය හෝ ආවර්ජනයට පිළිබැඳීයේම මෙනෙහි කිරීමට පිළිබඳීයේම වෙයි. මෙසේ ආපසු නොහැරෙන්නාවූ නුවණින් ඒ භාග්‍යවතුන්වහන්සේ, ‘අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදිති. එකල්හි මොහුගේ පැතුම ඉටුවේය’ යන මෙය දුටුසේක. ඉක්බිති ඔහුට ‘පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් උපදිත්, නුඹ ඒ බුදුන්ගේ පළමු දෙසුම වන පිරිවැටුම් තුනක් ඇති දම්සක් පැවතුම් සුතුර කෙළවර අටළොස් බඹ කෙළක් සමඟ දහසක් නයින් යුතු උතුම් සෝවාන් පෙලෙහි පිහිටන්නේය’යි මෙසේ වදාළසේක. මෙසේ ශාස්තෘන්වහන්සේ කුලපුතුට විවරණදී අසූසාර දහසක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නීර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක.
————–
දෙවැනි කොටස හෙට බලාපොරොත්තු වන්න