New at Little Bit


from Path to Nirvana https://ift.tt/2CjtnIC
==මහා කොට්ඨිත තෙරණුවෝ==

දසවැන්නෙහි පටිසමභිදාප්පත්තානං යන්නෙන් සිවු පිළිසිඹියාවන්ට පත්ව සිටියවුන් අතුරෙන් මහා කොට්ඨිත තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනුලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි තමන්ගේ පිළිසිඹියාවන්හි පුරුදුකළ වසිතාවෙන් ප්‍රකට මහාශ්‍රාවකයන් වෙත එළඹ ප්‍රශ්න අසන්නාහුද භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ ප්‍රශ්න අසන්නාහුද පිළිසිඹියාවන් පිළිබඳවම ප්‍රශ්න අසති. මෙසේ මේ පුරුදුකිරීම් වශයෙන් පිළිසිඹියාපත්වූවන් අතුරෙන් අග්‍රනම් වූයේය. ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි:

මෙතෙමේත් පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරමහ ධනවත් කුලයක උපන්නේ පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මකථා අසන්නේ එක් භික්‍ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරෙන් අග තන්හි තබන්නාවූ බුදුරජාණවහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම දිවිහිමියෙන් කුසල් කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි බමුණු කුලයෙක උපන්නේය. කොට්ඨිත මානවකයයි ඔහුට කළාහුය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම කථාව අසාලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසපන් කාලයෙහි සිට විදර්‍ශනාවට කටයුතු කරන්නේ පිළිසිඹියා සමඟ රහත්බවට පත්ව නිබඳව පිළිසිඹියාවන්හි පුරුදු කරනලද වසිතාවෙන් යුක්තව පැන විමසන්නේ පිළිසිඹියාවන්හිම පැනව විමසයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි මහාවේදල්ල සූත්‍රය අත්‍ථ‍ර්‍ාත්පත්ති කොට තෙරුන් පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අගතැන්හි තැබූසේක.