New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DHrKVA
==සුප්පවාසා කොලියධිතා==

සයවැන්නෙහි පණීතදායිකානං යන්නෙන් මිහිරිරස දෙන උවැසියන් අතුරින් සුප්පවාසා කොලිය දියණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් උවැසියක මිහිරිරස දෙන්නියන් අතුරින් අග තන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි කොලිය නුවරෙහි ක්‍ෂත්‍රිය කුලගෙයක උපන්නාය. ඇයට සුප්පවාසයි නම් කළාහුය. වියපත්වූ ඕ එක් ශාක්‍යකුමරුවකුගේ ගෙට ගියා පළමුදැක්මෙන්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා සෝවාන් පෙලෙහි පිහිටියාය. ඒ මෑත කාලයෙහි සීවලී නමු වූ දරුවෙකු බිහි කළාය. ඔහුගේ කථාවස්තුව යට විස්තරකරන ලද්දේමය. මෝතොමෝ එක් කලෙක බුදුපාමොක් බික් සඟනට නොයෙක් අග්‍රරසයෙන් යුත් ප්‍රණීත භෝජනයක් දුන්නාය. ශාස්තෘන් වහන්සේ කරනලද බත්කිද ඇති සේක් අනුමෝදනාව කරමින් සුප්පවාසාවට මේ ධර්‍මදේශනය කළසේක: ‘සුප්පවාසාවනි, බොජුන් දෙන ආර්යශ්‍රාවිකාව ප්‍රතිග්‍රාහකයන්ට කරණු පසක් දෙයි: ආයුෂ දෙයි. වණර්‍ය දෙයි. සැපය දෙයි. බලය දෙයි. ප්‍රතිභාණය දෙයි. ආයුෂ දී දිව්‍යමයවූ හෝ මානුෂිකවූ හෝ ආයුෂයට කොටස් කාරියක්වෙයි. -පෙ- ප්‍රතිභාණය දී දිව්‍යමයවූ හෝ මානුෂිකවූ හෝ ප්‍රතිභාණයට කොටස්කාරියක් වෙයි.’ යනුවෙනි. මේ කථාවස්තුව මෙසේ නැඟීසිටියේයි. ඉක්බිති පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වැඩහිඳ උවැසියන් තනතුරුවල තබනසේක් සුප්පවාසා කොලිය දියණිය මිහිරිරසවත් බොජුන් දෙන්නියන් අතුරින් අගතැන්හි තැබූසේක.