New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Zx8RRx
කොතරම් යහපත් ලෙසින් දැනුනත්…
උදේ සවස මිත්‍යා දෘෂ්ටික සිත් හමුවීම, අදහස් හුවමාරු වීම, ඇසුරු කිරීම, එවන් සිත් බහුල පෙදෙසක විසීම යනාදී කරුණු සසරින් මිදෙන්න උත්සාහ කරන සිතකට නම් අවමංගල කාරණා ය.

අද සමාජයේ රැකියා ස්ථානයන්හි, මුහුණු පොතේ, පාරතොටේ, ගෙදර හෝ බෝඩිමේ මේ අවමංගල කාරණා යෙදී නැත්තේ ඉතා අතලොස්සක් වූ පිරිසකට පමණයි. මේ අවමඟුල් ඔබට සිදුවී නැත්නම් ඔබ සිතාගන්නවත් බැරිතරම් මහත් පෙර පින් සහිතයි.

එහෙම නම් පෙර ඔබ;
ඉමිනා පුඤ්ඤ කම්මෙන, මාමේ බාල සමාගමෝ, සතං සමාගමෝ හෝති…යනුවෙන් පැතූ මංගල කරුණ ලැබිලා. නමුත් ඔබ අවට නම් තවම අවමගුළක් නේද? මේ වෙනුවෙන්ම පින්කර ඒ සෑම පිනකින්ම මේ ‘බාල සමාගමය’ මගෙන් ඉවත් වේවා කියා සිතා ඊට අවශ්‍ය පියවර දැන්ම අරගන්න පටන් ගන්න.

ඔබට අවිද්‍යාවෙන් තොරව ගමනක් යාමට අවශ්‍ය නම්, සතර අපායට ඇද දමන මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් ඈත් වෙන්න. සම්මා දෘෂ්ටිකයන්, සිල්වතුන්, සැදැහැතියන් සහ ප්‍රඥාවන්තයින් අපමණවත් ඇසුරට ගන්න.

Copied – Kithsiri Samarasinghe