New at Little Bit


from Path to Nirvana https://ift.tt/30fFP8s
එක් භික්ෂුවක් වනයේ සැරි සරමින් තමා ට විසීමට සුදුසු භූමියක් සොයාගති. එය සුසාන භූමියට යාබද බව උන්වහන්සේ නොදැන සිටියහ. මෙම කතා පුවත ආචාර්ය මන් ගෙන් අසා දැන ගතිමු. තමාට නුහුරු ප්‍රදේශයක් බැවින් ගමේ මිනිසුන්ගෙන් අසා මෙහි නැවතුණි. එදින රාත්‍රිය කිසි බියක් නැතිව නැති ව පසු වුණි. පසුදින ගමේ මිනිස්සු මල මළසිරුරක් ඔසවා ගෙන යනු දුටුවේය. උන්වහන්සේගේ කුටිය අසල එම මෘත ශරීරය ආදාහනය කොට ගියහ. උන්වහන්සේට රෑ මුළුල්ලේ දැවෙමින් තිබුණ මළ සිරුර දිස්විය. මෘතදේහය දැකීමෙනුත් චකිතයට පත් පත් වූ නිසා රෑ ගත කිරීමට බිය වි‍ය. දැන් යාමට තැනක් නැත. මළ සිරුර දැවෙන දෙස බලා සිටියේය. ඉන් මහා බියක් හටගති. රෑ වෙන විට හුස්ම ගන්නටවත් නොහැකි ය.

භික්ෂුවක් අවතාරවලින් බිය ගැනීම යනු අනුකම්පා කළ යුතු දෙයකි. මෙම පුවත් ගැන ලියන්නේ ප්‍රේක්ෂක ඔබට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන විට ඇතිවන මානසික විකෘතිය දැන ඉන් පාඩමක් ඉගෙනීම පිණිස ය.

හුදකලාව සිටි උන් වහන්සේට මේ බිය නිසා භාවනා කළ නොහැක. ඇස් පියා ගත් විගස අවතාර ගණනාවක් තමන් දෙස එනු පෙනේ. දැන් උන්වහන්සේ වටකරගෙන මේ පිරිස සිටී. උන් වහන්සේ භයින් ත්‍රස්ත වූහ.

උන්වහන්සේ මහණ වී මෙපමණ කලක් මෙවැනි දේ දැක නැත. මේ නම් මායාකාරී සිතේ ස්වභාවයක් ද? මගේ මනසින් මවා ගත් රූප ද?

ධූතාංග රකින භික්ෂුව මරණභයින් හෝ අවතාර වලින් තැති ගන්නේ නැත. එ බැවින් මෙසේ සිතන්නට විය. “නිර්භයය ධුතාංග භික්ෂුව සියලු දෙනාම අගය කරති. එහෙත් මම දැන් අවතාර නිසා බියට පත් වෙමි. මම සම්පූර්ණ භයින් වැටුණු අසමාර්ථයෙකි. මම මහණ වූයේ හොල්මන් අවතාර වලට භයින් සිටීමට ද? මම ධුතාංග භික්ෂූන්ට නින්දාවකි. මිනිසුන් සිතන්නේ අප කෙලෙස් මාරයන් ජය ගන්නා වීර පුරුෂයන් කියාය. බිය දුරු කළ අය ලෙස ය. මෙයට ඉඩ දෙන්නේ ඇයි?

මෙසේ තමන්ට අවවාද කරමින් තමන්ගේ දුර්වලකම දකිමින් බිය ඉක්මවීමට අධිෂ්ඨාන කොට එයට මුහුණ දීමට සිතුවේය. මෘත දේහය දැවෙමින් ඇත. එහි යා යුතු යැයි උන්වහන්සේ සිතූහ. සිවුරු හැඳ පොරවා එදෙසට ගමන් ගති. අඩි කිහිපයකට පසු කකුල් ගල් ගැසුණි. එතනම සිටියේය. සෙලවීමට බැරිය. හදවතේ ගැස්ම අධිකය. දාඩිය ගලා යයි. මේ අවස්ථාවේ දී කරන්නට දෙයක් නැත. මුළු වීර්ය යොදා එක කකුලක් ඔසවා ඉදිරියෙහි තැබීය. අනික් කකුලත් ඔසවා ඉතා සිහි සිහිබුද්ධිය ඇතිව අඩිය තබා තම ශරීරය එදෙසට ගමන් කර වීය. මරණ බියෙන් මුළු ගත වෙව්ලා යයි. එය නවත්වා ගත නොහැක. එහෙත් ඉදිරියට ගමන් කළේය.

ඉතාම දුකසේ දැවෙන මෘතදේහය ළඟට පැමිණුනි. නමුත් ඉන් කිසිම සැනසුමක් නැත. ක්ලාන්ත ගතියක් ඇත ඔල්මාද වී කරකියා ගන්නට කිසිවක් නැතුව එම දැවෙන මෘත දේහය දෙස බැලුවේය. හිස්කබල සුදු වී සුදු පැහැයක් වී තිබුණි. එය දැක තවත් ක්ලාන්ත විය. මෙ පමණ බිය ඇතත් එතැන වාඩි වී භාවනා කරන්නට පටන් ගති. මළ මිනිය උන්වහන්සේගේ අරමුණ විය භයින් ත්‍රස්ත වූ සිතින් මෙසේ කීවේය. “මම මැරෙන්න යනවා. මේ මළමිනිය වගේ මැරෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මම මැරෙනවා කවදහරි මැරෙනව. බයවී වැඩක් නැහැ.”

මෙසේ භයංකාර වූ සිත මැඩ පවත්වා ගැනීමට මෙම භාවනාව මෙනෙහි කළහ. මළ යකුන් අවතාර සිහිපත් වේ. ඒ මොහොතේ දී ම යම් ශබ්දයක් පසුපසින් ඇසුණි. යමෙක් එන අඩි ශබ්දයකි. ශබ්දය නැවතුණි. නැවත පටන් ගති. හෙමිහිට එන ශබ්දයෙකි කුරුමානම් කර පසුපසින් එකවරම තමන් වෙත පනිති. භීතිය හා මනක්කල්පිත ය කෙතරම්ද යනු කිය නොහැකිය වේගයෙන් උඩ පැන දුව යන්ට වේ. කෑ ගසා විලාප කියා “අවතාර යක්කු” එහෙත් කතා කරන්නට බැරි විය. දුවන්නට බැරි බැරි විය. තම සිත දෙස බලමින් නිශ්චල ව සිටියහ. අඩි ශබ්දය ළඟ ළඟ ඇසේ. වාර දෙක තුනකට දුරින් නැවතුණි. දුවන සිත බලවත් වේ. එවිට වෙනත් ශබ්දයක් ඇසුණි. හප හපා කන ශබ්දයෙකි. “කූරස්,කූරස්” විකන ශබ්දයෙකි. ඒ වන විට මනස විකෘති විය. මොනවද මේ කරන්නේ ඊළඟට මගේ ඔලුව හප හපා කාවි. මහා භයානක රෞද්‍ර යකා පැන මා කා දමාවි මම ඉවරයි.

මෙසේ සිතමින් සිටීමට කොහෙත්ම නොහැකි විය. ඇස් හැර බලන්නට සිතුණි. භයානක දෙයක් නම් දුවන්නට ඕනේ. මේ යකා කනකම් ඉන්නේ මොකටද? මම මරණයෙන් බේරෙමි. මගේ භාවනාව කරගනීමට පෙර ජීවිතේ බේරා ගත යුතුයි. මේ යකාට මාගේ ජීවිතේ පිදීමෙන් ඇති වැඩේ මොකක්ද? මෙසේ සිතා බැහැර පිටුපසඇහැර පිටුපස ශබ්දය දෙස බැලුවේය. වේගයෙන් පැන ගැනීමට දැන් සූදානම්ය. අන්ධකාරයේ බලාසිටියේය. එහි ගමේ සුනඛයෙකි. මිනිස්සු කා තැබූ ආහාර කන බව දුටුවේය. යකුන්ට දුන් පිදේනි වෙති. බඩගින්නේ සිටි සුනඛයා ආහාර සොයමින් ඇවිත් මෙය කන්ට වුනි. තමන් එහි හිඳීම ගැන කිසි වගක් නැත. ඌ කෑම කන ශබ්දය ඇසුණි.

මේ ශබ්දය සුනඛයාගේ බව දැනුණු සැණින් එම භික්ෂූන් වහන්සේ සිනාසුනි. සුනඛයා දෙස බලමින් මෙසේ කීවේය. සුනඛයා මේ කිසිවක් නොදැන ආහාර බුදී. “හා උඹ ද මේ මා බිය ගැන්වූ මහා යකා?” උඹ මා උමතු කලෙහිය. මම ජීවිතයට වැදගත් පාඩමක් ඉගෙන ගතිමි. මේ ආදිය කියමින් තමා කෙතරම් බියසුල්ලෙක්ද? මෝඩයෙක් ද? යන්න ගැන මහත් පුදුමයකට පත්වුණි. මම මහත් උත්සාහයක් දරමින් යුද වදින සෙබලෙක් මෙනි. මගේ මගේ බිය දුරු කරන්ට කරන්නට සිතුවෙමි. එහෙත් මා බියෙන් මූර්ජා වීමට පත්වූයේ මේ සුනඛයා ආහාර බුදින ශබ්දයෙනි. පිස්සු ධුතාංග භික්ෂුවක් පණ එපා කියමින් දිවීමට වෙරදැරූහ. මා මගේ අවසාන මොහොත, තත්පරය ඉවසා සති, ප්‍රඥාවෙන් මේ බය කුමක්දැයි හඳුනා ගතිමි. නැත්නම් මා දුවමින් පිස්සු වැටෙන්ට තිබුණි. හැබෑටම මා මෙතරම් බොළඳ ද? තව ඉදිරියට මේ චීවරය දැරිමට සුදුස්සෙක් ද? මේ කහපාට චීවරය නිර්භය වීමේ සංකේතයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ මගේ නිර්භීත භාවය අසීමිත විය යුතු නොවේද? මෙතරම් දුබල සිතක් ඇති මා පිඬුසිඟා වැළඳීම සුදුසු ද? අහිංසක දායකයෝ ශ්‍රද්ධාවෙන් හා ගරු බුහුමනින් දෙන මේ දානය මා වැළඳිය යුතු ද? මෙතරම් විලිලැජ්ජා නැති විදියේ බියසුල්ලෙක්වූ මම කෙසේ මේ වරදින් මිදෙම්ද? ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වෙන කිසිම ශ්‍රාවකයෙක් මේ තරම් බිය සුළු නොවේ. මා වැනි දුර්වල නිහීන පුද්ගලයෙක් නිසා මුළු සංඝ ශාසනය අශෝභන වී ඇත. මේ වැනි තවත් අය ඇත්නම් සංඝ ශාසනය විනාශ වන්නේ ය. අවතාර ගැන මා තුළ ඇති බිය දුරු කර ගන්නේ කෙසේද? මගේ ලැජ්ජාවේ නිමක් නැත. එක්කෝ අවතාර ගැන ඇති බිය මේ මොහොතේ නැති කරනු! නැත්තම් මැරෙනු! මින් මතු මගේ හදවත පාගා දැමීමට අවතාර වලට ඉඩ නැත. තමන්ට මෙතරම් ලැජ්ජා කර ගන්නා භික්ෂුවක් මේ ලෝකයේ සිටීම යුතු නැත. තම ධර්මය ට, ආගමට මා මහත් ලැජ්ජාවකි.

මෙසේ තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ගරු ගාම්භීර ලෙස බාර වුණි. පොරොන්දු වුණි. මම මේ අවතාර වලට ඇති බය දුරු කර ගන්නා තුරු මේ ආරණ්‍යයේ වාසය කරමි. මැරුනත් කමක් නැහැ මේ බිය නැතිකර ගන්නට නොහැකි නම් මේ ලැජ්ජාව විඳිමින් සිටීමෙන් කම් නැත. අන් අය ද මගේ නරක ආදර්ශය අනුගමනය කරති. එවැන්නෝ ද කිසි වැඩක් නැති නිකමුන් වෙති. එවැන්නෝ සාසනයට බරකි.

අන්තිමේදී උන්වහන්සේ මේ සුසාන භූමියේ රෑ දවල් දෙකේ වාසය කරමින් තම බිය නැති කර ගැනීමට තීරණය කළ හ. තමා ඉදිරියේ ඇති මළ මිනිය දෙස තීක්ෂණව බලමින් තමාගේ ශරීරයත් එබඳු බව වටහා ගත්හ. සතර මහා භූතයන්ගෙන් සැදුම් ලත් සිරුර කි. විඤ්ඤාණය ඇති තාක් කල් මේ සිරුර නොමැරී කුණු නොවී පවතී. එය පහවූ විට සතෙකු හෝ වේවා මිනිසකු හෝ වේවා කුණු වෙති. කැඩී බිඳී වෙන්වී වෙති. මළකුණක් බවට පත්වෙති.

තමා සුනඛයෙක් නිසා මෙතරම් බියට පත්වූ බව නිසැකය. එය සිතා ගැනීමට වත් දුෂ්කරය. මින් මතු අවතාර ගැන නොසිතමි. හොල්මන් වලින් බිය නොවෙමි. තමාගේ සිත තමා රැවටූ බව පැහැදිලිය. මෙවැනි මුලාවක් නිසා විඳි දුක අප්‍රමාණය. ගම් සුනඛයෙක් ආහාර බුදින විට මෙතරම් බියක් බියක් ඇති වන්නේ කෙසේද? ජීවිතයත් මරණයත් අතර සටනක් වූයේ නොවේ ද?

උන් වහන්සේ මෙසේ සිතූහ.

සංඥාව හැමදා ක්‍රියාත්මක වූ නමුත් මේ අවධියේ දී සංඥාව මහත් කැළඹීමකට විනාශයකට මා පත් කළේය. ධර්මයට අනුව සංඥාව යනු ප්‍රබල මුළාවකි. මායාවකි. එහෙත් මේ තාක් එය වැටහුනේ නැත. දැන් මගේ මරණයේ දුර්ගන්ධය මට ම දැනෙයි. මේ කාරණය තේරුම් යයිද? මා හොල්මන් වලට තිබූ බය ද සංඥාවේ රැවටිල්ලකි. මින්මතුවට සංඥාව මා රවටන්නේ නැත. මම මේ සුසානයේ සිටිමින් සංඥාව නැමැති විජ්ජාකාරයා මරා මෙහිම වලලන්නෙමි. මින් මතුවට හොල්මන් සංඥාව මට දුක් නොදේ. ඒ තෙක් මෙහි රැඳී සිටිමි දැන් මගේ වාරය පැමිණ ඇත. සංඥාව නැමැති මායාකාරී රැවටිලිකාරයා මරා පුළුස්සා දැමීමට මට හැකි වේ. මෙහි පැවති කුණු වූ මිනිය පුළුස්සා දමන්නා සේ එය පුළුස්සමි. සංඥාවේ යටි කූට්ටු මායාව මම ජය ගනිමි. මගේ ජීවිතයේ දැන් ඇති එක ම අරමුණ එයයි.

මේ භික්ෂුව සංඥාව සමග සටන් වදී. අවතාරයක් ඇතැයි සංඥාව ලැබූ විගස ඒ දිශාවට ගොස් පරීක්ෂා කරයි. රාත්‍රී කාලයේ නොනිඳා මේ මායාකාරයා පසුපස එළ වීය. අන්තිමේදී සංඥාව දුර්වල වී තමන් යටත් කිරීමට නොහැකි විය. සවස් යාමයේ දී මේ අවතාර සංඥාව තමන්ට වද දුනි. එය ගමේ බල්ලෙකුගේ වේශයෙන් ආවේය. මේ බාහිර සංඥාව මෙසේ මර්දනය කර අභ්‍යන්තර සංඥාව අරමුණු කළේය. එහෙනම් බය, සැක, දුක, ආදී කෙලෙස් ය. රාත්‍රී පුරා මෙම සංඥාවන් හඳුනාගෙන මෙනෙහි කළහ. යම් කිසි බියක්, සැකක්, දුකක්, ආ විගස එම සංඥාව හඳුනා ගෙන පලා හරිති. අවසානයේදී උන්වහන්සේ ඉතාමත් නිර්භීත භික්ෂුව බවට පරිවර්තනය වූ හ. එය විශ්මිත දෙයකි. මෙම සිද්ධිය උන්වහන්සේගේ මුළු ධර්ම මාර්ගය දියුණු කිරීමට විශාල ලෙස බලපෑවේය. හොල්මන් වලට තිබූ බිය ධර්ම පාඩමකි. එය නිවන් පිණිසම විය.

මා මේ කතාව ඇතුළත් කළේ පාඨක ඔබ යම් වටිනා ප්‍රඥාවක් ලබාගනිති යන අදහසිනි. ආචාර්ය මන් ගේ ජීවිත ප්‍රවෘත්තිය ද ඔබට බොහෝ උපකාර වේ යැයි මම සිතමි. මෙම කතාවේ කථාවේ සඳහන් වූ පරිදි ධුතාංග භික්ෂුවකගේ එක් චර්යාවක් නම් මෙසේ සුසානයේ විසීමයි…

(ආචාර්ය මන් භූරිදත්ත මහා රහතන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය නමැති පොතෙන් උපුටා ගන්නා ලදී)

Path To Nirvana පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය පුණ්‍යකර්මයට ඔබත් සහභාගී වන්න!