New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mJXAel
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 58 🧡💛

🌷 සුමේධ බුදුහාමුදුරුවෝ 03 🌷

🌺 ශ්‍රාවක සන්නිපාත

සුමේධ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා . යම් කලෙක ජිනරාජයන් වහන්සේ ’’සුදස්සන’’ නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූනා. ඒ පළමු පළමු සන්නපාතය වුනා.

ඒ කාලයෙහි නැවත “දේව කූට” නම් පර්වතයේ භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී අනූ කෝටියක් රහත් භික්‍ෂූන්ගේ දෙවැනි සන්නිපාතය වුනා.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ චාරිකා කරන සමයේ තෙවන සමාගම අසූ කෝටියක් වුනා.

🌺නියත විවරණ

ඒ කාලේ අපගේ බෝසතාණන් වහන්සේ සියලු දෙනාටම උතුම් උත්තර නම් මානවකයෙක්ව සිටියා. ඔහුගේ නිවසෙහි නිදන් කිරීම සඳහා අසූ කෝටියක් ධනය රැස්කොට තිබුණා. අප මහා බෝසතාණෝ ඒ සියලු ධනස්කන්ධය වියදම් කොට බුදුපාමොක් බික්සඟන ට මහ දන් පිරිකර පුදා උන්වහන්සේගේ බණ අසා සරණෙහි පිහිටා ගිහිගෙයින් නික්ම පැවිදි වුණා . ඒ දානය අවසානයේ දී ශාස්තෘන් වහන්සේ පුණ්‍යානුමෝදනා කරමින් ඔබ මින් මතු කල්ප තිස්දහසක් ගිය කල ගෞතම නමින් බුදු වන්නේ යැ යි නියත විවරණ දී වදාරනු ලැබුවා. දෙවියන් බඹුන් ගේ සාධුකාර නාදය ද ද දෙතිස් පෙළහර ද එකවර ඇති වුණා . ඒ විවරණය පිළිබඳව බොහෝ කරුණු අන්තර්ගත වී නැතත් කල්ප කාලාන්තරයක් තිස්සේ පැමිණ තවත් අධිෂ්ඨානයක් තවත් සම්මා සම්බුදුවරයෙකු හමුවේ මෙලෙස මල්ඵල ගැන් වුණා. අප මහා බෝසතාණෝ නොපමාව වෙහෙසෙමින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන්ගේ පරතෙරට ගොස් මෙලොවින් සමුගෙන තවත් කල්ප ගණනකට බඹලොව ඉපදුණා.

🍂 ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා.🍂

මහර්ෂීවූ ඒ සුමේධ බුදුරදුන්ගේ (උපන්) නුවර ’’සුදස්සන’’ නම්. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුදත්තා’’ නම් වූවාය.

අවුරුදු නව දහසක් ඒ (සුමේධ) බුදුරජතෙම (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසිී. ’’සුචන්‍ද’’ය, ’’කඤ්චන’’ ය, ’’සිරිවඩ්ඪ’’ ය යන උතුම් ප්‍රාසාද රත්න තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතළිස් අට දහසෙකි. ඒ (ප්‍රසිද්‍ධවූ) බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’සුමිත්ත’’ නම් වී.

(සුමෙධ) ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ සුමෙධ නම් ලෝනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුදස්සන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සරණ’’ ද, ’’සබ්බකාමී’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සාගර’’ නම් වී.

’’රාමා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මිදෙල්ල (හෝ නොහොත් කොළොම්) ගස යයි කියනු ලැබේ.

’’උරුවෙල’’ ද, ’’යසව්’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’යසොධරා’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

(සුමෙධ) මහමුනිඳු තෙම අසූ අට රියනක් උස්වී. තරු අතරෙහි සඳ මෙන් සියලු දිගුන් හෙබවී.

සක්විති රජුගේ මැණික යම්සේ යොදුනක් තැන් බබලවාද, එසේම ඒ (සුමෙධ) බුදුරදුන්ගේ ශරීර රත්නයේ කාන්තිය හාත්පස යොදුනක් තැන් පැතිරෙයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ත්‍රිවිද්‍යාවෙන් හා ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, තාදී ගුණයෙන් යුත් යහපත් රහතුන්ගෙන් මේ ශාසනය ගැවසී ගත්තේ වී.

ඒ සියල්ලෝද අපමණ පිරිවර ඇත්තෝය. කෙලෙසුන්ගෙන් මිදුනෝය. උපධි රහිතයෝය. මහා යසස් ඇති උන්වහන්සේලා ඤාණාලෝකය දක්වා පිරිනිවියහ.

සිව්සස් අවබෝධ කළ සුමෙධ ජිනවර තෙම ’’මෙධ’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
28-08-2019