New at Little Bit


from Path to Nirvana https://ift.tt/2yIWpkM
2020-04-24 වන අද දිනට යෙදෙන්නේ මේ මහා ධරණී තලයේ මහා පුණ්‍යවන්තයෙකුගේ 81 වන ජන්ම දිනය යි.
උන්වහන්සේගේ පරමිතා ශක්තියෙන්, සිය ජීවිත කාලය පුරා අන් අයට ආදර්ශයක් වෙමින්, බුදු රජාණන් වහන්සේගේ ධර්මය ම දේශනා කරමින් වාසය කළ සේක.
සිය අභිඥා ශක්තියෙන් බෝධිසත්ව ගුණය දැක, එය ලෝකයට ප්‍රකට නොකොට, ධර්මයට ම මානනය පූජනය කරමින්, ගත කළ ජීවිතය, ලෝවාසී සියලු සංඝයා වහන්සේට ආදර්ශ සම්පන්න ය.
ධර්මාසනයක හිදිමින් තථාගතයන් වහන්සේ වදාළ දේ නොවදාළා යයි කියමින්, නො වදාළ දේ වදාළා යයි කියමි, හැසිරෙන නීච පිරිස් අතර, උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයේ ම මහා සිංහ නාද පැවැත්වූ සේක…!!

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ හිටපු අනු නායක, ශ්‍රී ජිනවංශ වංශාලංකාර, ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රමාධිපති, බෝධිසත්ව ධර්මානුයෝග, අතිපූජනීය අවසර නාඋයනේ අරියධම්ම මහානායක ස්වාමීන් වහන්සේට මතුලොවක පතන්නාවූ සම්බුද්ධ ශාසනාරූඪ කෘත්‍යය පිණිස, සියලු පින් හේතු උපනිශ්‍රය වේවා..!!
සාධු සාධු සාධු ..!!

උපුටා ගැනීම @nanda thero